ඒ 2003 වසරයි......... එවකට මා සේ වය කලේ ලංකාවේ පිළිගත්ත මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක... දවසක් මම එක්තරා පලාතක ගමකට ගියා...ගමේ ගම්මලාදෑණියා එක්ක ගමේ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා කරලා නැවත අවසන් වෙලා මමත් මගේ සහයකයත් අවට සැරි සරන කොට දැක්කා කුඩා නිවසක් අසල ගහක් යට කෙසඟ සිරැරකට හිමිකම් කියන පුංචි දියණියක් මාස ගනන් වලින් වයස කියන්න පුලුවන් තරමේ දරැවෙක් අතේ තියාගෙන ඉන්නවා..... මම ඇයට කිට්ටු කලා....
කොහොමද දුව... අම්මා නැති නැද්ද ගෙදර.... දුවද නංගිව බලාගන්නේ.....?
නැහැ මහත්තයෝ මේ මගේ දරැවා..... අම්මා වැඩට ගිහින්.... මේයා අඬනවා... නවත්තන්නෙම නැහැ...
ඒ කථාවත් එක්ක මගේ හචවත මොහොතකට නතර උනා......
ඇයට වයස වැඩිම උනොත් 15 ක් හෝ 16 කි පමන වෙන්න ඇති..... ඇයි මාස කීපයක දරැවෙකුගේ මවක්......
ඇයගෙන් විස්තර ඇහැව්වා....
සිද්ධිය මෙහෙමයි....
බොහොම දුප්පත් පවුලකට දාව ඉපදුනු ඇය, ඇයට අවුරුදු 14 දී පමන මෙහෙකාරියක් විදියට නිවසකට සේවයට ගියා.... ඇයගේ දෙමව්පියන්ගේ තිබුන ආර්ථික තත්වයත්... පවුලේ තිබුන අඟහිඟකම් හේතුවෙන් ඇයගේ දෙමව්පියන්ට ඇයව මෙහෙකාර සේවය සඳහා යවන්න අකමැත්තෙන් උනත් කැමැත්ත දෙන්න සිද්ධ උනා.. ඇයට රැගෙන ගියේ ඇයගේ දෙමව්පියන් වාසය කලේ ගම්මානයේ තිබුන පොලිස් මුරපොලේ සේවය කරපු පොලිස් නිළධාරියෙක් ගේ නිවසකට....... ඒ යනකොට ඇය වැඩිවිය පැමිණිලා මාස කීපයක් විතරයි......
මෙතන ඉඳලා සිද්ධිය ඇයගේම හඬින් අහමු.....
මම එහෙ ගිහින් මුල් දවස් කීයප කිසිම කරදරයක් තිබුනේ නැහැ.... ඒත් පස්සේ මට මට හැමදාම උදේ පාන්දර 4 ට නැගිටින්න උනා.... ඒ උදේ උයන්න ඕන කරන දේවල් ලෑස්ති කරන්න.... නෝනට උයන්න ඕන කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ..... හාල් හෝදලා ගරලා..... ලුණු සුද්ධ කරලා...ඔය වගේ උයන්න ඔන් කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ... ඊට පස්සේ උයලා ඉවර වෙලා නෝනා වැඩට යනවා....... ගෙවල් දොරවල් අස්පස් කරලා..... රෙදි හෝදනන් ඕනේ....... නෝනගේ පුතාව බලාගන්න ඕනේ මහත්තයා එනකම්.... මහත්තයා උදේ 9 ය 10 විතර වෙනකොට එනවා... ඊට පස්සේ මහත්තයාගේ වැඩ......
ඔහොම වැඩ කරගෙන ඉන්න කොට දවසක් හවස මහත්තයා මට කථා කලා කාමරේට..... මම බබත් එක්ක සෙල්ලම් කර කර හිටියේ... මම ගියා මොකද කියලා බලන්න නොන්ලගේ කාමරේට...... කෙල්ලේ මෙහේ වරෙන්.... මහත්තයා මට ලඟට කථා කලා...... මහත්තයා හිටියේ ඇඳේ වාඩි වෙලා......මහත්තයා මාව ලඟට අරගෙන මහත්තයාගේ කකුල් දෙකට හිර කර ගත්තා..... මහත්තයා මගේ ඇඟ අතගාන්න පටන් ගත්තා.... මම දුවන්න ලෑස්ති උනා..... මහත්තයා මාව හිර කරගත්තා..... මම කෑගහන්න හැදුවා.... මහත්තයා මගේ කට වහගත්තා.....
“උඹ කෑගැහැව්වොත් මම උමේ ගෙදර ඉන්න උන් ඔක්කොම මරලා දානවා...... උඹේ අම්මා... තාත්තා.. මල්ලී... නංගී...හැම එකෙක්වම මරලා දානවා....“
මහත්තයා මගේ කනට කරලා කිව්වා..... මට බය හිතුනා.... මහත්තයා මගේ පවුලේ අයව මරලා දායි කියලා... ඒ නිසා මම කෑගැහැව්වේ නැහැ....
මහත්තයා මගේ ගව්ම අස්සෙන් අත දැම්මා.... මාව කිති කැව්නා......මගේ මුලු ඇඟම අත ගෑවා.... එක එක ඇඳුම් ගැලෙව්වා.... මට මොනවද උනා......ඊට පස්සේ............................................... ?
මේ වගේ හැම දාම උනා.... හැමදාම බබාව නිදි කරලා මහත්තයා ගාවට යන්න උනා මට...... මහත්තයා බීලා ඉන්න දවසට මට ගොඩක් වද දුන්නා... මගෙ ඇඟ හැම තැනම හපනවා..... වෙලාවකට මගේ කට රිදෙනවා... කට ඇරගෙන ඉඳලා..... මගේ කොන්ඩේ ගැලවෙන්න තරම් වේදනාවක් එනවා..... ඒත් මම ඉවසගෙන හිටියා... මොකද මම බෑ කියන හැම වෙලාවකම මහත්තයා කිව්වේ මගේ පවුලේ අයව මරලා දානවා කියලා.....
ටික කාලයක් යනකොට මට වෙනසක් දැනෙන් ගත්තා... මට උදේට වමනේ වගේ ආවා... දවසක් නෝනා දැක්කා මම වමනේ දානවා... නොනා මගෙන් විස්තර ඇහැව්වා.... පස්සේ මම කිව්වා මට මහත්තයා කරපුවා.... නෝනා මට හොඳටම ගැහැව්වා.....
එදා නෝනා වැඩට ගියේ නැහැ....... පස්සේ මහත්තයා ආවා... මට ඇහුනා දෙන්නා රණ්ඩු වෙනවා... පස්සේ එදාම මාව ගෙදර ගෙනත් ඇරලුවා... තාත්තට මම වැඩ කරපු කාලෙට පඩිත් දුන්නා......
පස්සේ මහත්තයා අපේ ගමෙන් ගියා..... මට මේ බබා ලැබුනා.......
------------------------------------------------------
මේ සත්‍ය සිදුවීමක්... මේ පොලිස් නිළධාරියෙක් විසින් සිදුකරපු බාලවයස්කාර අපයෝජනයක්..... මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලිස් නිළධාරියෙක්.....ඔහු විසින් මේ බාල වයස්කාර දැරිය නොකඩවා මාස ගනනක් දුෂණය කරලා තියනවා.... අවසනයේ ඇය ගැබ් ගත් වහාම ඔහුත් බිරිදත් එකතු වෙලා මේ දැරියට නිවසට ඇරලා... මේ සම්බන්ධයෙන් මො දරැවගේ දෙමවපියෝ පොලිසියේ පැමිණිල්ලක් කරලා.... නමුත් මේ පොලිස් නිළධාරියත්...අදාල ප්‍රෙදේශයේ පොලිස් අධිකාරී කාර්යාලයෝ සේවය කරපු ඔහුගේ බිරිඳත් මේ සිද්ධිය සම්පුර්ණයෙන්ම යට ගහලා....
මේ ගැන දැන ගතත් වහාම මම ඇතුලු අපේ අනෙකුත් නිළධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා මේ සම්බන්ධයෙන් හොයලා, සිද්ධිය මහේස්ත්‍රාත් අධිකරණයටත්..... ඒ මගින් මහාධිකරණයටත් යොමුකලා...... අදාල නඩුව කැඳවන සෑම අවස්ථාවකදීම මේ දරැවටත් දෙමව්පියන්ටත් අදාල නඩුවට පෙනී හිටින්න එන්න ගමන් ගාස්තු පවා කාර්ය මණඩලයේ පෞදිගලිකව මුදල් ලබා දුන්නා....
අවසානයේ අපි හැමොගෙම උත්සහායෙන් අදාල නිළධාරියාට වසර 7 ක සිර දඬුවමකුත්..මේ දරැවට රු. 50,000.00 ක වන්දියකුත් ලබාදෙන්න මහාධිකරණය තීන්දු කලා..... ඒ වගේම මේ නිළධාරියා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් විනය පරීක්ෂණයකුත් ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුත් කල බව ආරංචියි......
එදා මානව හිමිකම්කාරයක් විදියට මම කරපු දේ ගැන අදත් මම සතුටු වෙනවා..... කාගෙන්වත් සරණක් නැති...... අසාධාරණයට ලක් වෙච්ච ජනතාවට උදව් කරන්න හැකිවීම සම්බන්ධයෙන්...
ඔබට මොකද හිතෙන්නේ... මානව හිමිකම් කාරයෙක් ගේ සේවය ගැන......
මේ සිද්ධියත් එක්ක ඔබට ඇතිවෙච්ච හැඟීම මොකක්ද....?
මේ දරුවාට සාධාරණය ඉෂ්ඨ කිරීම උදෙසා.. අදාල පොලිස් නිළධාරියාව නිතිය ඉදිරියට ගෙන ඒම රටට ද්‍රෝහි විමක්ද...?
රටේ නීතිය කඩන්නන්ට එරෙහිව නැගී සිටීම රටට ද්‍රෝහි වීමක්ද....?
එහෙමත් නැත්නම් අසරණ දෙමව්පියන්ගේ දියිණියට සාධාරණය ඉටු කිරිම රටට ද්‍රෝහි විමක්ද...?
ඔබම හිතන්න.....
මේ අසරණ උන දැරිය සිංහල කථා කරන දැරියක්ද... දෙමළ කතා කරන දැරියක්දැයි ඔබ තාමත් දන්නේ නැහැ.... ඒත් ඔබේ හිතේ ඇතිවෙච්ච හැඟීම මේ කථා කරන භාෂාව හේතුවෙන් වෙනස් වෙන්න පුලුවන්ද....?
ඇත්තමට ඇය ද්‍රවිඩ දැරියක්... මැදවච්චිය මන්නාරම පාරේ අඩප්පන්කුලම් කියන සරණාගත කඳවුරේ දැරියකට උන සිද්ධියක්.... මෙ නඩුව විභාග උනේ වව්නියාව මහාධිකරණයේ......2003/ 2004 තියන කාල වකවානුවේ......
මතක් කරන්න අකැමැති... ඒත් තවමත් අමතක නොවන... අකැමැති මතක......


















