Showing posts with label අයිතිවාසිකම්. Show all posts
Showing posts with label අයිතිවාසිකම්. Show all posts

Thursday, March 29, 2012

අකැමැති මතක.......



ඒ 2003 වසරයි......... එවකට මා සේ වය කලේ ලංකාවේ පිළිගත්ත මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක... දවසක් මම එක්තරා පලාතක ගමකට ගියා...ගමේ ගම්මලාදෑණියා එක්ක ගමේ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා කරලා නැවත අවසන් වෙලා මමත් මගේ සහයකයත් අවට සැරි සරන කොට දැක්කා කුඩා නිවසක් අසල ගහක් යට කෙසඟ සිරැරකට හිමිකම් කියන පුංචි දියණියක් මාස ගනන් වලින් වයස කියන්න පුලුවන් තරමේ දරැවෙක් අතේ තියාගෙන ඉන්නවා..... මම ඇයට කිට්ටු කලා....

කොහොමද දුව... අම්මා නැති නැද්ද ගෙදර.... දුවද නංගිව බලාගන්නේ.....?

නැහැ මහත්තයෝ මේ මගේ දරැවා..... අම්මා වැඩට ගිහින්.... මේයා අඬනවා... නවත්තන්නෙම නැහැ... 

ඒ කථාවත් එක්ක මගේ හචවත මොහොතකට නතර උනා...... 

ඇයට වයස වැඩිම උනොත් 15 ක් හෝ 16 කි පමන වෙන්න ඇති..... ඇයි මාස කීපයක දරැවෙකුගේ මවක්......

ඇයගෙන් විස්තර ඇහැව්වා....

සිද්ධිය මෙහෙමයි....

බොහොම දුප්පත් පවුලකට දාව ඉපදුනු ඇය, ඇයට අවුරුදු 14 දී පමන මෙහෙකාරියක් විදියට නිවසකට සේවයට ගියා.... ඇයගේ දෙමව්පියන්ගේ තිබුන ආර්ථික තත්වයත්... පවුලේ තිබුන අඟහිඟකම් හේතුවෙන් ඇයගේ දෙමව්පියන්ට ඇයව මෙහෙකාර සේවය සඳහා යවන්න අකමැත්තෙන් උනත් කැමැත්ත දෙන්න සිද්ධ උනා.. ඇයට රැගෙන ගියේ ඇයගේ දෙමව්පියන් වාසය කලේ ගම්මානයේ තිබුන පොලිස් මුරපොලේ සේවය කරපු පොලිස් නිළධාරියෙක් ගේ නිවසකට....... ඒ යනකොට ඇය වැඩිවිය පැමිණිලා මාස කීපයක් විතරයි......

මෙතන ඉඳලා සිද්ධිය ඇයගේම හඬින් අහමු.....

මම එහෙ ගිහින් මුල් දවස් කීයප කිසිම කරදරයක් තිබුනේ නැහැ.... ඒත් පස්සේ මට මට හැමදාම උදේ පාන්දර 4 ට නැගිටින්න උනා.... ඒ උදේ උයන්න ඕන කරන දේවල් ලෑස්ති කරන්න.... නෝනට උයන්න ඕන කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ..... හාල් හෝදලා ගරලා..... ලුණු සුද්ධ කරලා...ඔය වගේ උයන්න ඔන් කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ... ඊට පස්සේ උයලා ඉවර වෙලා නෝනා වැඩට යනවා....... ගෙවල් දොරවල් අස්පස් කරලා..... රෙදි හෝදනන් ඕනේ....... නෝනගේ පුතාව බලාගන්න ඕනේ මහත්තයා එනකම්.... මහත්තයා උදේ 9 ය 10 විතර වෙනකොට එනවා... ඊට පස්සේ මහත්තයාගේ වැඩ......  

ඔහොම වැඩ කරගෙන ඉන්න කොට දවසක් හවස මහත්තයා මට කථා කලා කාමරේට..... මම බබත් එක්ක සෙල්ලම් කර කර හිටියේ... මම ගියා මොකද කියලා බලන්න නොන්ලගේ කාමරේට...... කෙල්ලේ මෙහේ වරෙන්.... මහත්තයා මට ලඟට කථා කලා...... මහත්තයා හිටියේ ඇඳේ වාඩි වෙලා......මහත්තයා මාව ලඟට අරගෙන මහත්තයාගේ කකුල් දෙකට හිර කර ගත්තා..... මහත්තයා මගේ ඇඟ අතගාන්න පටන් ගත්තා.... මම දුවන්න ලෑස්ති උනා..... මහත්තයා මාව හිර කරගත්තා..... මම කෑගහන්න හැදුවා.... මහත්තයා මගේ කට වහගත්තා.....

“උඹ කෑගැහැව්වොත් මම උමේ ගෙදර ඉන්න උන් ඔක්කොම මරලා දානවා...... උඹේ අම්මා... තාත්තා.. මල්ලී... නංගී...හැම එකෙක්වම මරලා දානවා....“

මහත්තයා මගේ කනට කරලා කිව්වා..... මට බය හිතුනා.... මහත්තයා මගේ පවුලේ අයව මරලා දායි කියලා... ඒ නිසා මම කෑගැහැව්වේ නැහැ....

මහත්තයා මගේ ගව්ම අස්සෙන් අත දැම්මා.... මාව කිති කැව්නා......මගේ මුලු ඇඟම අත ගෑවා.... එක එක ඇඳුම් ගැලෙව්වා.... මට මොනවද උනා......ඊට පස්සේ............................................... ?

මේ වගේ හැම දාම උනා.... හැමදාම බබාව නිදි කරලා මහත්තයා ගාවට යන්න උනා මට...... මහත්තයා බීලා ඉන්න දවසට මට ගොඩක් වද දුන්නා... මගෙ ඇඟ හැම තැනම හපනවා..... වෙලාවකට මගේ කට රිදෙනවා... කට ඇරගෙන ඉඳලා..... මගේ කොන්ඩේ ගැලවෙන්න තරම් වේදනාවක් එනවා..... ඒත් මම ඉවසගෙන හිටියා... මොකද මම බෑ කියන හැම වෙලාවකම මහත්තයා කිව්වේ මගේ පවුලේ අයව මරලා දානවා කියලා.....

ටික කාලයක් යනකොට මට වෙනසක් දැනෙන් ගත්තා... මට උදේට වමනේ වගේ ආවා... දවසක් නෝනා දැක්කා මම වමනේ දානවා... නොනා මගෙන් විස්තර ඇහැව්වා.... පස්සේ මම කිව්වා මට මහත්තයා කරපුවා.... නෝනා මට හොඳටම ගැහැව්වා.....
එදා නෝනා වැඩට ගියේ නැහැ....... පස්සේ මහත්තයා ආවා... මට ඇහුනා දෙන්නා රණ්ඩු වෙනවා... පස්සේ එදාම මාව ගෙදර ගෙනත් ඇරලුවා... තාත්තට මම වැඩ කරපු කාලෙට පඩිත් දුන්නා......

පස්සේ මහත්තයා අපේ ගමෙන් ගියා..... මට මේ බබා ලැබුනා.......

------------------------------------------------------

මේ සත්‍ය සිදුවීමක්... මේ පොලිස් නිළධාරියෙක් විසින් සිදුකරපු බාලවයස්කාර අපයෝජනයක්..... මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලිස් නිළධාරියෙක්.....ඔහු විසින් මේ බාල වයස්කාර දැරිය නොකඩවා මාස ගනනක් දුෂණය කරලා තියනවා.... අවසනයේ ඇය ගැබ් ගත් වහාම ඔහුත් බිරිදත් එකතු වෙලා මේ දැරියට නිවසට ඇරලා... මේ සම්බන්ධයෙන් මො දරැවගේ දෙමවපියෝ පොලිසියේ පැමිණිල්ලක් කරලා.... නමුත් මේ පොලිස් නිළධාරියත්...අදාල ප්‍රෙදේශයේ පොලිස් අධිකාරී කාර්යාලයෝ සේවය කරපු ඔහුගේ බිරිඳත් මේ සිද්ධිය සම්පුර්ණයෙන්ම යට ගහලා....

මේ ගැන දැන ගතත් වහාම මම ඇතුලු  අපේ අනෙකුත් නිළධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා මේ සම්බන්ධයෙන් හොයලා, සිද්ධිය මහේස්ත්‍රාත් අධිකරණයටත්..... ඒ මගින් මහාධිකරණයටත් යොමුකලා...... අදාල නඩුව කැඳවන සෑම අවස්ථාවකදීම මේ දරැවටත් දෙමව්පියන්ටත් අදාල නඩුවට පෙනී හිටින්න එන්න ගමන් ගාස්තු පවා කාර්ය මණඩලයේ පෞදිගලිකව මුදල් ලබා දුන්නා.... 

අවසානයේ අපි හැමොගෙම උත්සහායෙන් අදාල නිළධාරියාට වසර 7 ක සිර දඬුවමකුත්..මේ දරැවට රු. 50,000.00 ක වන්දියකුත් ලබාදෙන්න මහාධිකරණය තීන්දු කලා..... ඒ වගේම මේ නිළධාරියා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් විනය පරීක්ෂණයකුත් ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුත් කල බව ආරංචියි......

එදා මානව හිමිකම්කාරයක් විදියට මම කරපු දේ ගැන අදත් මම සතුටු වෙනවා..... කාගෙන්වත් සරණක් නැති...... අසාධාරණයට ලක් වෙච්ච ජනතාවට උදව් කරන්න හැකිවීම සම්බන්ධයෙන්...

ඔබට මොකද හිතෙන්නේ... මානව හිමිකම් කාරයෙක් ගේ සේවය ගැන......

මේ සිද්ධියත් එක්ක ඔබට ඇතිවෙච්ච හැඟීම මොකක්ද....?

මේ දරුවාට සාධාරණය ඉෂ්ඨ කිරීම උදෙසා.. අදාල පොලිස් නිළධාරියාව නිතිය ඉදිරියට ගෙන ඒම රටට ද්‍රෝහි විමක්ද...?

රටේ නීතිය කඩන්නන්ට එරෙහිව නැගී සිටීම රටට ද්‍රෝහි වීමක්ද....?

එහෙමත් නැත්නම් අසරණ දෙමව්පියන්ගේ දියිණියට සාධාරණය ඉටු කිරිම රටට ද්‍රෝහි විමක්ද...?

ඔබම හිතන්න.....

මේ අසරණ උන දැරිය සිංහල කථා කරන දැරියක්ද... දෙමළ කතා කරන දැරියක්දැයි ඔබ තාමත් දන්නේ නැහැ.... ඒත් ඔබේ හිතේ ඇතිවෙච්ච හැඟීම මේ කථා කරන භාෂාව හේතුවෙන් වෙනස් වෙන්න පුලුවන්ද....?

ඇත්තමට ඇය ද්‍රවිඩ දැරියක්... මැදවච්චිය මන්නාරම පාරේ අඩප්පන්කුලම් කියන සරණාගත කඳවුරේ දැරියකට උන සිද්ධියක්.... මෙ නඩුව විභාග උනේ වව්නියාව මහාධිකරණයේ......2003/ 2004 තියන කාල වකවානුවේ......

මතක් කරන්න අකැමැති... ඒත් තවමත් අමතක නොවන... අකැමැති මතක......

Wednesday, March 14, 2012

ඩොලර් කාක්කෙන්ගෙන්..... පංචායුදේට........ආදරයෙන්......




ව්බිම දිනවමු.....!!!!.... හා දිනවමු......

වේදිකාවල “මව්බිම දිනවමු“ කියලා වේදිකාවල බෙරිහන් දුන්නට මව්බිම දිනවන්න බෑ සහෝදරයා...
සටන් පාඨ වලින් මව්බිම දිනවන්න පුලුවන් නම් අපිත් එන්නම්..... ඒත් අතීතයේ ඉඳලම සිද්ධ උනේ මේක තමයි....
ඔහේලා අපිට එන්න කිව්වා මව්බිම දිනවන්න... අපිත් ආවා... අන්තිමට ඔහේලා දින්නා.... මව්බිම වගේම අපිත් පරාද උනා.....
ඔහේලා අදත් කියන්නේ ඒකයි.....
කරුමේ කියන්නේ ඔහෙලාගේ සද්දෙට අපි අදත් රැවටෙන එකයි.....
ගිරිය කඩාගෙන කෑගහලා නෙමෙයි....සටන් පාඨ නෙමෙයි....
මානව හිමිකම් චෝදනා කරනවා නම් ඒවට උත්තර දෙන්න... ඒ විදියට... බොරුවට මිනිස්සු එකතු කරගෙන පාරේ කෑගහලා නෙමෙයි....
අන්තර්ජාතික වශයෙන් ඒවාට උත්තර දෙන්න.... කොටි ජාලය ඔවුන්ගේ පැත්තෙන් ගෙනියන වැඩලිළිවෙල හා සමාන වැඩලිළිවෙලක් ගොඩනගන්න....
පඹයෝ පුච්චලා... මාරාන්තික උපවාස කරලා ඔය ප්‍රශ්ණ වලට උත්තර හොයන්න බැහැ....
ඒ වගේ දේවලට ඔය චෝදනා නවත්වන්නත් බැහැ..
ඔහේලා එක සැරයකුත් ඔය තකතීරැ වැඩේ කලා.... මුන්ට චුන් වෙන්න...
ඔහේ මාරාන්තික උපවාසක් කලානේද ?...
මේකද උනේ.....
මුන් දරුස්මාන් වාර්ථාව අකුලගත්තද..... ඔහේ බොරු රඟපෑමක් කරලා පොර වෙන්න හැදුවා.....
ඔහේ එහෙයියෝ ටිකයි... ගොට්ටෝ ටිකයි වට කරගෙන කරන මේ සෙල්ලම දැන්වත් නවත්තන්න...
ඔහේලා අතීතයෙත් කලේ මේ දේ... මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු එක....
71 දී ඔහේලාගේ සටන්පාධ වලට රැවටුන තරුණයෝ කීදාහක් බල්ලෝ බළල්ලු වගේ මරුනද....?
ඒ සිද්ධ උන සමුලඝාතනයෙන් අපේ රටේ බුද්ධිමතුන් කී දාහක් අනිවාර්තේ රටට අහිම් උනාද ?
ඒ ඇතිවෙච්ච බුද්ධි අවපාතය නිසා අපි අවුරුදු කීයක් පීඩා වින්ඳද....
යම්තම් අපි ඒ තත්වයෙන් ගොඩ එන්න හදනකොට ඔහේලා ආයිත් අපිට කිව්වා....
“මව්බිම නැත්නම් මරණය“ කියලා....
අපි ඔහේලා පස්සෙන් වැටුනා.....
ඔහේලගේ මහා ජාතිආලයට අපි රැවටුනා......
අනිත්මට මොකද උනේ......
තවත් වටිනා ජීවිත රැසක් බිල්ලට අරගෙන.... මොල ටික විනාස කරලා.... චින්තකයෝ මරලා.....
ඔහේලා ඔහේලගේ පන්තිය රැකගත්තා.....
අන්තිමට ඔහේ මොකද කරේ..... සටන පාවා දුන්නා... කෝ අද ඔහේගේ විප්ලවේ..... ඕක ඒ කාලෙම කලා නම් අර පාරවල් පාරවල් ගානේ ටයර් සෑ වල පිච්චිච්ච.... හංදිගානේ ලයිට් කණු වල ගැටගහලා හිටපු..... වට රවුම් වල ඔලු එල්ලගෙන හිටපු තරුණ තරුණියේ තාමත් ජීවතුන් අතර..... ඔහේලා මේ සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක බව මතක තියාගන්න.....
අද පාර්ලිමෙන්තුවේ උගත්තු බුද්ධිමත්තු කීදෙනක් ඉන්නවද ?...
චණ්ඩි... කුඩුකාරයෝ.... බුකිකාරයෝ...... හොරු...... බස්කාරෙයෝ... නිළියෝ... ක්‍රීඩකයෝ... නළුවෝ.....
මේ ඔක්කොම එකතු වෙලා රටේ කෝටි දෙකක් වන ජනතාවගේ ජීවිත ගැන තීරණ ගන්නවා....
ඔහේලා අපිට පටි තද කරගන්න කියනවා....
ඔහේලගේ දවල්ට දෙන කෑම එක කීයද...?
අපිට කවදාවත්ම ඒ මුදලට කෑම එකක් කන්න පුලුවන්ද.....
අපි පටි තද කරගන්නකොට ඔහේලා පුස් ඌරෝ වගේ ආරලා... පටි බුරුල් කරගන්නවා......
ඔහේලා කෑ ගහනවා අපේ රටට අත තියන්න එපා කියලා... තව මොනවද තියන්න තියෙන්නේ... දැන් තියලා ඉවරයි.... අපේ කියලා අපිට මොනවද තියෙන්නේ....
මොන රටටද අපි ණය නැත්තේ.....චීනෙට ණයයි... ජපානෙට ණයයි... ඉන්දියාවට... ඉරානෙට.....අන්තර්ජාතික මුල්‍ය අරමුදට ණයයි...මෙකී නොකී බොහෝ රටවල් වලට ණයයි.....
ඔහෙලා මහ උජාරැවට කියනවා පාරක් පාරක් ගානේ සංවර්ධනය කියලා...
ඔව් පාරවල් හැදෙනවා තමයි....
ඒත් තව පරම්පරා ගානකට ඒ පාරවල්වල යන උන්ට ගෙවන්න ණය තියනවා.... කවදා හරි දවසක උන් කියයි මෙහෙම පාරවල් හදලා අපිව ණය කාරයෝ කරලා රටට බිහිකරාට වැඩිය ඒ කාලෙම සරමට හැළුවා නම් කියලා.....
පාරක් හැදුවාම ඔහේගේ සාක්කු පිරෙනවා නේද..... ඔහේලා හිතන්නේ අපි ඒක දන්නේ නැහැ කියලද....
ඔය කරන හැම මහා සංවර්ධන සංග්‍රාමයකින්ම ඔහේලගේ සාක්කු පිරෙනවා කියලා අපි දන්නවා..... ඒකනේ ඔහේල වෙන මොන අඩුපාඩු තිබුනත් කොන්ක්‍රීම් වලටම සල්ලි යට කරන්න හදන්නේ.....
අධි වේගී මාර්ග ඕනේ.... ගුවන් පාලම් ඕනේ...... ඒත් එක්කම .....
මිනිස්සුන්ට ජීවත් වෙන් පුලුවන් වාතාවරණයක් හදන්න.... මනුස්සයෙක්ට මාසේ පඩියක් අරගෙන තමන්ගේ අඹුදරැවෝ එක්ක සතුටින් ඉන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න....
ඉස්කොල වහන්න නෙමයි අරින්න වැඩ කරන්න...... ශිෂ්‍යන්ට ඉගෙනගන්න පුලුවන් පරිසරයක් හදන්න....
ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පාඩුවේ ක්‍රීඩාව කරගෙන යන්න දෙන්න...
ගොවියන්ට වී ටිකට සාධාරණ මිලක් දෙන්න..... ගෙවන්න පුලුවන් විදියේ විදුලි බිලක් දෙන්න......
සරිලන වැටුපක් දෙන්න....... අලි කරදරෙන් දුක් විඳින මිනිස්සුන්ට අපි වැටක් දෙන්න..... ගෙදරින් එළියට ගිය තමන්ගේ දරුවා යහතින් ගෙදරට එන්න පුලුවන් විදි වාහන පදවන නීතිගරුක රියදුරන් පිරිසක් බිහි කරන්න.....
ගුවන් පාලම් නෙමෙයි.... ගඟ හරහා යන්න පාලමක් හදලා දෙන්න
මිනිස්සු ඉල්ලන්නේ ආසියාවේ ලොකුම කුළුණ නෙමෙයි.....
මිනිස්සුන්ට ජීවත් වෙන් පුලුවන් පරිසරයක්......
නාස්තිය අවම කරන්න... ගසා කෑම නවත්වන්න.....
අඩුම ගානේ උත්සහ කරන්න රටේ තියන සම්පත් නිසි පරිදි කළමණාකරණය කරන්න....
වැඩපිළිවෙලක් හදන්න ඇත්පෙනිත්තක්වත් අපේ රටේ හදන්න.... මුලු ලෝකෙම ඉස්සරහට යන්නේ තාක්ෂණයෙන්....
තේ, රබර්, පොල් වලම එල්ලිලා ඉන්නේ නැතිව වෙන දෙයක් භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට රට යොමු කරන්න.....
මිනිස්සු ඡන්දේ දෙන්නේ අතීතයේ කරපු ගොංකං තවත් කරන්න නෙමෙයි....
අන්න එදාට මව් බිම දිනයි.....
අන්න එදාට අපේ අනාගතේ සුභ වෙයි.....!!!!!

Saturday, December 31, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 9 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

 
ඇනෝ කෙනෙක් අපුරැ කමෙන්ටු දෙකක් එවලා තිබුනා මගේ ඊයට... මගේ මෑනියන්වත්... බිරිඳවත් මතක් කරලා... ඒ ඇනෝට මම මෙහෙම කියන්න කැමතියි.... කොන්ඳ කෙළින් තබාගෙන මා විසින් කරන්නා වු විවේචනයන්ට කෙලින් මුන දීමට නොහැකියාව තුලින් එළිවන ඔබ තුල ඇති නපුංසකභාවය ගැන මගේ බලවත් කණගාටුව පල කරමි... 

 -----------------------------------------

මාස දෙකකට ආසන්න කාළයක් මානව හිමිකම් සම්බන්ධයෙන් කථා කරන එක නවත්තලා තිබුනත් නැවතත් ඒ සම්බන්ධයෙන් කථා කරන්න කියලා හිතුනේ ඇනෝ  කරලා තිබුන තර්ජනයත් එක්ක ලද උත්තේජනය නිසා...

මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලිපියක් ලියනවා කියන්නේ ටිකක් අමාරැ වැඩක්... විචාරයක්.. විවේචනයක්, අදහසක් හෝ කවියක් ලියනවාට වඩා යම් මහන්සියක් වෙන්න වෙනවා.... වසර කීපයක් ක්ෂේත්‍රයෙන් ඈත්ව හිටපු නිසා නැවතත් මතකය අලුත් කරගන්න වගේම යම් යම් සංශෝධන ගැනත්.. විස්තර හොයන්න වෙනවා... වැඩි කාළයක් වැය කරන්න සිද්ධ වෙනවා.. ඒ සඳහා කාලය සොයාගැනීමට අපහසුතාවය වගේම ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රතිචාරයක්, පාඨකයන්ගේ උනන්දුවක් නැති නිසයි ඒ ලිපි පෙළ තාවකාලිකව නතර කලේ... නමුත් මේ සිද්ධියත් එක්ක එළිවෙන කාරනේ නම්, මේ ලිය දේට විරැද්ධ එහෙමත් නැත්නම් ජනතාව දැනුවත් වීම තුලින් තමන්ට යම් හානියක් වෙනවා යැයි විශ්වාස කරන කොටසක් අපි අතරම සිටින බවයි.... ඒ නිසා නැවතත් ලියනවා... හැකි නම් නවත්වන්න.....

------------------------------------- 

මෙතනින් එහාට කියනවන්න කලින් මීට පෙර ලියපු ඔබේ අයිතිය හා වගකීම කියන ලිපි පෙළ කියවලා එන්න කියලා ඉල්ලීමක් කරනව... ඒ ලිපි පෙලේ අංක 1, 2, 3, 4, 5, 6, 7, 8 කියන ලිපි කියවීමෙන් පස්සේ ඇවිත් මේක කියවන්න... අපි කථා කරමින් හිටියේ  ශ්‍රී ලංකා අණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පර්ච්ඡේදයේ දැක්වෙන මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්... එහ් දී අපි ඒ එක් එක් අයිතිවාසිකම් වලට අදාල උප වගන්තීන් වෙන වෙනම සාකච්ඡා කලා... මේ වෙනකොට අපි කථා කරමින් ඉන්නේ 13 වන වගන්තියේ (2) වැනි උප වගන්තිය සම්බන්ධයෙන්... අපි අද විමසා බලමු 13 වැනි වගන්තියට අදාල (3) (4) සහ (5) යන උප වගන්තිය ගැන.... එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ මෙයාකරයෙනි..

(3) වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට විරැද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේද ඒ තැනැත්තාට, නිසි අධිකරණක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දී පෞද්ගලිකවම හෝ නිතිඥවරයෙකු මගින් හෝ කරැණු කියා සිටීමට හිමිකම් ඇත්තේය....

(4) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් නියම කරනු ලැබු ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තෙකු මරණිය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම කැනැත්තෙකු බන්ධනාගාරගත කිරීම හෝ නොකල යුත්තේය. එහෙත් යම් විමර්ශණයක් පවත්වන තෙක් හෝ නඩු විභාගයක් පවත්වන තෙක් හෝ යම් තැනැත්තෙකු සිරභාරයට ගැනීම, අත් අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම හෝ අන්‍යාකාරයකින් ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම දඬුවමක් නොවන්නේය...

(5) වරදකරැ යැයි ඔප්පු කරනු බලන තෙක් සෑම තැනැතැතෙකුම නිර්දෝශී යැයි පුර්වානුමාන කල යුත්තේය.  එසේ වුවද විශේෂ සිද්ධීන් ඔප්පු කිරීමේ භාරය චුදිත තැනැත්තෙකු වෙත පවරනු ලැබිය හැක්කේය.

ඉහත වගන්තීන් 3 ම ‍එකිනෙකට බැඳී ඇත.... (3) වැනි වගන්තියන් සරළ අදහස වන්නේ යම් පුද්ගලයෙකුට තමන්ගේ නිදෝස බව වෙනුවෙනු අධිකරණයේ කරැණූ ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති බවය... නීතිඥයෙකු මගින් හෝ පුද්ගලිකවම තමන් වෙනුවෙන් කථා කිරීමේ හැකියාව ඇත.. නමුත් මේ අයිතිය ලංකාවේ උසාවී කීයක ආරක්ධා වෙනවාදැයි ගැටළුවක් පවතී... එසේ තමන් වෙනුවෙන් තමන් විසින් නිදහස කරණු දක්වනවා මා අත්දැක නැත... වරදකරැ යැයි කියා දඩයකින් වැ‍ඩේ බේරගන්නටද නීතිඥයෙකු අවශ්‍යයය...ඒ සම්බන්ධයෙන් කාලයට පෙර “කකා” අපුරැවට පැහැදිලි කර තිබු බව මතකය... නමුත් තමන්ගේ නිර්දෝශීභාවය වෙනුවෙන් තමන්ට පෙනී සීටීමේ අයිතිය මුලික අයිතිවාසිකම් වලින් අපට තහවුරැ කර ඇත.

මෙහි සඳහන් (4) වැනි වගන්තිය ඉතාමත් වැදගත්වේ... පසුගිය සමයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරැවන් කීපදෙනෙකුම මිය ගියා අපට මතකය... ‍මේ මිය යෑම් සිදුවුමේ පුදුම සහගත ආකාරයටම... බොහෝ සැකකරැවන් මියයන්නේ සඟවාතිබු ආයුධ සොයා යන විට පැනයාමට උත්සහ කිරීමේ දීය.. නැතහොත් සඟවා තිබු ආයුධයකින් පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සහා කිරීමේ දී ය... ආයුධ සොයන්නට ගොස් එන අතරමග දී ගඟට වැටීමෙන්ය..එසේ නැතිනම් පොලිස් සිරමැදිරිය තුල එල්ලී සිය දිවි හානිකරගැනීමෙනි. 

මෙහි පුදුම උපදවන කාරනාව වන්නේ මේ සියලු සිද්ධීන් කිසිම ආකාරයකින් සමාජයට ගැටළුවක් නොවීමත් පොලිසිය විසින් ගොනුකරන සියළු කරැණු කාරනා සත්‍යය යන්න පදනම් කරගනිමින් මියගිය පුද්ගලයින් සඳහා මරණ පරීක්ෂණ වාර්ථා නිකුත් වීමත්ය. ඒ මිය ගිය හෝ මරාදමන ලද බොහෝ දෙනා අපරාධකරැවන් ලෙස සමාජය විසින් පිළිගැනීම ‍හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හඬක් නැගුවේද නැත... 

පසුව එය සාමාන්‍ය ජනයා සොයා ආවේය.. මොරටුවේ දී සිය හොර බිරිඳට කොලොප්පම් කල වරදට ඕ අයී සී, තරැණයින් දෙදෙනෙකු පරලොව යැව්වේය... ඒ සිද්ධියට මොරටුවේ ජනතාව එරෙහිවීම හේතුවෙන් අදාල පුද්ගලයින්ට දඬුවම් ලැබුනේය... පසුව එය දොම්පේ පොලිසියට බෝ විය..... ඒඋණුසුමේම බිංගිරිය පොලිසිය තවත් බිල්ලක් ගත්තේය...

මොනයම්ම අපරාධකරැවෙකු හෝ වේවා ඔහුට හෝ ඇයට විරැද්ධව දඬුවම් කිරීමේ බලාධිකාරිය ඇත්තේ ගරැ අධිකරණයට පමනකි... අද නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇත. විවිධ දේශපාලකයින්ද, පොලිසියද, මැරයෝද නිතිය අතට ගෙන ක්‍රියා කරති.. ඇමතිවරැ විසින් නඩු අසා තීන්දු ද ලබා දෙති... සුරා සැල් වසන්නේද... මහජනතාව මස් ආහාරයට ගන්නවා ද නැද්ද යන්න තීරණය කරන්නේද ඇමතිවරැය...‍වඩාත් පුදුම සහගත කාරණය වන්නේ මේ සියල්ල බොහොම ප්‍රසිද්ධියේ සිද්ධ වන්නේ පොලිස් ආරක්ෂාව යටතේ වීමය... නමුත් මුලික අයිතිවාසිකම් හී සඳහන් මේ (4) වැනි වගන්තිය ප්‍රසිද්ධියේ උල්ලංඝනය වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කිරීමකි.

තවද මෙහි සඳන් (5) වැනි වගන්තියෙන් පුද්ගලයෙකු ගේ පුර්ව නිරිදෝශීභාවය ආරක්ෂාකර ඇත... කිසිම පුද්ගලයෙකු නීතියෙන් වැරදිකරැවෙකු කරන තාක් නිර්දෝෂ පුද්ගලයෙකු ලෙස සැක යුතු බව මෙයින් පැහැදිලි කරයි. පොලිසිය බොහෝවිට පහරදෙන්නේ දඬුවමක් වශයෙනි.... නැතහොත් තොරතුරක් ලබා ගැනීමටය..නමත් යමෙකුට දඬුවම් දීමවත්, තොරතුරැ ලබා ගනෑමට පහර දීමවත් පොලිසියේ රාජකාරී පොත්වලට අදාල නැත.. 

එසේ නම් පොලිසියට අයිති රාජකාරීන් එසේත් නැතිනම් යම් අපරාධයකදී පොලිසිය කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් අනෙක් ලබන ව‍සරේ දී ලියන ලිපියෙන් විමසා බලමු..

සාමය සතුට මේ ලොව යලි රජයන්න...
නීතිය යුක්තිය ද හැමටම සම වන්න..
පිඩාවනට පත්වන්නන් මුදවන්න..
මේ නව වසර තුල වත් සිහියට ගන්න...

ඔබ සැමට සුභ නව වසරක් වේවා !!!!

Thursday, December 1, 2011

හේත්තුවයි...සාත්තුවය.... (සුවහසක් ජැක් කරැවන්ට ආදරයෙන් පුදමි...)


ජැක් ගැහීම... බොහොම ජනප්‍රිය වගේම ජනඅප්‍රිය මාතෘතාවක්.... අපේ ජීවිත කාලේ තුල අපි ජැක් ගහලත් තියනවා... අපිට ජැක් වැදිලත් තියනවා... එහෙම නෑ කියනවා නම් ඒක ලෝක බොරැවක්.. සමහර ඒවා අපි දැන්වත්ව... සමහර ඒවා අපි නොදැනුවත්ව..... සමහර විට අහම්බෙන් වෙන දෙයක් පෙළබවීමත් එක්ක ජැක් උනු අවස්ථාත් ඇති.... මේකේ පොඩි ආතල් එකකුත් තියනවා.... සමහර වෙලාට වැස්සේ තෙමීගෙන සිතලේ වේවල වේවුල බස් එකට නැග්ගාම උණුසුමට වදින ජැක් එක හරිම සුන්දරයි වගේම රසයි..... බස්වල කෝච්චි වල ඕන තරම් මේ වගේ සුන්දර ජැක් කථා තියනවා... මම මීට පෙරත් මේ ජැක් පිළිබඳව මගේ කිචිය කුචිය සහ ආතල් කියන පෝස්ට එකේදී කිව්වා... අද මේ වටේ කරකිලා එන්නේ ඒවගේම තවත් අපුරැ ජැක් කථාවක් කියන්න...

මේක සිද්ද උනේ මෙහෙමමයි.....

ඔන්න එක්තරා තරැණ විධායක නිළදාරියෙක්... මොහුගේ කාර්යාල ගමන සිද්ධ උනේ පොදු ප්‍රවාහනේ.. ඒකට මුලිකම හේතුව මෙයා හොඳ ජැකර් කෙනෙක් වීම... බස් එකකට නැග්ග ගමන් බලන්නේ කාටද අද හේත්තු කරන්නේ කියල එක... සාමාන්‍යෙයන් මේ අය ඉඩ තියන බස් වල නගින්නනේ නැහැ... හොඳට හිරවෙන්න පුලුවන් බස් එකක් ඇරෙන්න...

ඔන්න මේ කියන කෙනා දවසක් කාර්යාලෙට යන්න නැග්ගා කොටුවෙන් මොරටුව ෆුල් ලොඩ් බස් එකකට....දැන් වට පිට බලනවා.. කාවද අද අල්ලන්නේ කියලා...දැක්කා බොහොම අපුරැවට ඇදගත්ත ටිකක් මැදි වයසේ කාන්තාවක් ඉන්නවා...දොර කිට්ටුවම තියන සීට් හේත්තුවෙලා මැද තියන පොල්ල අල්ගෙන..... හොඳ පළපුරැද්දක් තියන අපේ මනුස්සයා මුලික අධ්‍යනයෙන්ම දැනගත්තා අද හරි තමයි කියලා.... කිට්ටු උනා ටිකක් සෙනග අතරින් අර කාන්තාව ගාවට..... හිමිහිට කිට්ටු උනා..... දැන් මේ ගොය්යා බස් එක පැද්දෙන විදියට පැද්දෙනවා... ටික ටික කිට්ටු වෙවී..... අර කාන්තාව සැරයක් හැරිලා බාලුවා... මෙයා අහක බලාගෙන.... හැබැයි හැරිලා බැලුවට කාන්තාව ඉන්න තැනින් අඟලක් වත් හෙල්ලුනේ නැහැ... මනුස්සයා ඉවෙන් දැනගත්තා මොකක්ද කියන්නේ කියලා.... තව ටිකක් ලං වුනා..... කාන්වත් හරි බරි ගැහුනා.... දෙන්නාට දෙන්නා තකට තක.... හිරවෙමින් මිරිකෙමින් වැඩේ කරගෙන යනවා.... බස් එකේ අනිත් උන් ගැන වගක් වත් නැතුව...... කාන්තාවත් උපරිම සහයෝගය දෙනවා......

ඔහොම ටික වෙලාවක් ගත උනා..... හදසියේම පියවි සිහියට ආපු මේ විධායක ජනේලෙන් එළිය බැලුවා.... හුටා... තමන් බහින තැන පහුවෙලා හෝල්ට් දෙකක් ගිහින්.... කඩිමුඩියේ බෙල් එක ගහලා.... ආවා දොර කිට්ටුවට.... බහින්න බලාගෙන ඉන්න මෙයාගේ පිටට කව්ද තට්ටු කලා.... හරිලා බලනවත් එක්කම වැදුනා කම්මුල පුපුරන්න.... පාරක් අර කාන්තාවගෙන්..... පස්සේ කාන්තාව මෙහෙම කිව්වා.....

“ඉවර කරන්න බැරි නම්.... පටන් ගන්න එපා“.....

---------------------------------------------

ආතල් එකට පසු සටහනක්.... මෙහි වචනාර්ථය වගේම හරය ගැනත් යමක් හිතන්න කියලා මම ආරාධනා කරනවා.... අපේ ජිවිතේ අපි කොයිතරම් දේවල් අතරමග අතඇරලා තියනවද..... කිසිම සැලැස්මක්.... ඉලක්කයක් නැතිව පටන් ගත්තු දේවල් මග නතර කරලා තියනවද ?.... ඒවායින් අපි කොයිතරම් පාඩු විඳලා තියනව ද ?....දුක් වෙලා තියනවද ?  කියන එකත් කල්පනා කරන්න..... මෙහෙම කියන්න හේතු උනේ මගේ “ඇකේ පුඟිල්ලා“ ලිපිය ගැන බොහෝ දෙනා දැකලා තිබුනේ වචනාර්ථය කියලා හිතුන නිසා... අපි අතර කොයිතරම් ඉන්නවද අනිත් අයට වැරදි විදියට පේන... මහා අප්‍රසන්න... අවිචාර වැඩ කරන... නමුත් තමන් කරන්නේ වැරැද්දක් කියලා තේරැම් නොගන්න උදවිය.... ඔවුන් හිතන්නේ “පුක“ මගේ නම් මම ගහන්නේ මගේ “ඇඟිල්ල“ නම් අනිත් උන්ට මොන බම්බුවද කියලා.... නමුත් ඒ ක්‍රියාව කරන්නේ මුලු මහත් සමාජයක් අපහසුතාවට පත්වෙන... ඔවුන්ගේ ගති පැවතුම් වලට තර්ජනයක් වෙන විදියට නම් මෙවැනි පුද්ගලයින් සමාජයෙන් ඉවත් කිරීම හෝ පුනුරැථාපනය කීරීම සමාජයේ වගකීම බව මතක් කරමි....

Sunday, November 27, 2011

කට කහනවාට කියපු.. කථා දෙකක් සහ තවත් ටිකක්....

 
අපේ තාත්තා ගැහැව්වේ අතට... අපි පටන් ගන්නකොට ගැහැව්වා අතට...පස්සේ ගැහැව්වේ පුටුවට...ඊටත් පස්සේ ගැහැව්වා බුලත් කොලේට.... මුන් සේරම එක්කහුවෙලා ගැහැව්වේ නැතෑ අපේම "බඩට"....
-බස්සා-
-----------------------------------------------------------------------
මරැ පෝස්ට් දෙකක් දැක්කා.. එකක් ඊයේ රෑ... එකක් අද උදේ.... එකකට වැඩිපුර කමෙන්ටු දාලා තිබුනේ පර දෙමළු ටික මරමු කියලා... ඒකට කමෙන්ටුවක් දාන්න හිතාගෙන ආවේ...දැන් හෙව්වට හමුබඋනේ නැහැ... අයින් කරලද මන්දා...අනිත් එකෙන් කියලා තිබුනේ හම්බයෝ ටික නැති කරලා දාමු තියලා... මරැ ඈ.... දැන් තියෙන්නේ ගෙදර කුස්සියේ තියන මන්නා ටිකයි... මාලු කපන පිහි ටිකයි... තව තියෙයි නම් පොරව, කෙටේරි, වගේ තියන ආයුධ අරගෙන පාරට බැහැලා දෙන්න තියෙන්නේ වැ‍ඩේ... එතකොට... මේ අපි අතර ඉන්න උන්ගෙන් පටන් ගමුෂෝයි නේ... බුකියේ... බ්ලොගේ...වගේම ඔය තියන එක එක ගෘප් වල ඉන්න උන්ගෙන් පටන් ගමු...අහුවෙන දෙමළ පැටියගේ, හම්බ පැටියගේ ඉඳලා කපලා මරමු, ...බඩින්ගෑණුන්ගේ බඩවල් පලලා හමුබුවෙන්න ඉන්න උන් මරමු... අපිත් පෙන්නමු උන්ට විතරක් නෙමෙයි අපිටත් පුලුවන් කියලා.... පවුල් පිටින් කැති ගාන්න....උන් විතරක් නෙමෙයි අපිත් ‍ම්ලේච්ඡයෝ කියලා....කාටද ඕනේ පලවෙනි දෙමළට හරි හම්බයට හරි කොටන්න අවස්ථාව...මේක බොහොම දුර්ලභ අවස්ථාවක්... මොකද ඊට පස්සේ අපි විතරයි... මේ සිංහල අපගේ රටයි.. අපි ඉපදෙන මැරෙන රටයි...
-බස්සා-
----------------------------------------------------------------------
අපි මේ ලෝකෙට එන්නේ අත් මිටි මොලවගෙන...එක අතක යුතුකම්, අනිත් අතේ වගකීම්.... අපි යන්නේ දෑත් දිගහැරගෙන....යුතුකම් ඉටුකරන්න....වගකීම් නිදහස් කරන්න.....එවිට නිදහසේ දෑත් දිගහරින්න ලැබෙයි.....

-බස්සා-
------------------------------------------------------------------------
භාරගන්නෙත් නැහැ....ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ.... මේ දෙක අතර තියන අවකාශය කුමක්ද.... මේ කථාව කාලයක් සීනීබෝල මාධ්‍ය කරැවන්ගේ “බයිට්“ එකත් වෙලා තිබුනා... හැබැයි මේ දෙක අතර යමක් තියනවා.... මම ඒක දකින්නේ “ශූන්‍යක්“ විදියට.....ඇත්තටම එහෙම හැඟීමක් තියනවා......

-බස්සා-
 -----------------------------------------------------------------------
“සිකුරා ලබපු කාලෙකට ගෑණු නිකං සෙක්ස් නිකං දුන්නට, නපුරැ සෙනසුරා ලැබුවම ගෙදර ගෑණිගෙන්වත් සෙක්ස් පිනට ලැබෙන්නේ නැති බව මතක තියාගනිං“
අපේ ආදර කථාව - උපුල් ශාන්ත සංන්නස්ගල-

90 දශකයේ මැද භාගෙදී කොන තෙමන උන ගැනුන තරැණයා සන්දියෙදී මුලින්ම කියවපු සන්නස්ගල ශූරීන්ගේ “වස්සානේ සිහිනය“ තුලින් ඔහුට පෙම්බැන්ද මම.... එදා සිට තවමත් ඒ වස්සානයට පෙම් බඳිමි.... ඔහු මගේ ලෝකයේ වීරයාය.... මල්පත්තරකාරයෙකු ලෙස හංවඩුගසා පාගා පොඩිකර දැම්මද.... සිය රැඩිකල් චින්තනයත් අදහස් ප්‍රකශණයත් තුල දහස් සංඛ්‍යාත තරැණ තරැණියන්ගේ ආදරයේ මුල් පොත් ලියන්නට හේතු භූත වු, නිසි ඇගයීමකට ලක් නොවු මගේ ලෝකයේ වීරයාය ඔහුය.....

-බස්සා-
------------------------------------------------------------------------
දැන් ලැබුනු පුවතක්....

ශ්‍රී පාදස්ථාන මහ නාහිමියන් තේරීමේ ඡන්ද විමසීම රත්නපුරයේ දී පැවැත්වුනා..... එය ඉතාමත් සාමකාමී ඡන්ද විමසීමක් වු අතර.... සංඹයා වහන්සේලා දෙත් පිරිත් දේශණා කරමින් ද.... තවත් තැනක මෛත්‍රී භාවනාව වඩමින්ද මෙම ඡන්දය පැවැත්වුනා.... වැඩි ඡන්ද 36 ක් ලබා ගනිමින් තේරෑ පත් වු මහනාහිමියන් පැමින සිටි සියලු හිමිවරැන්ට පිරිත් පැන් බෙදා දී මෙත් වඩා විසිරි ගියහ..... මේ අතර මෙම ස්ථානයට වැඩම කල ආචාර්ය මැරවින් සිල්වා මහතා ... පැමින සිටි සංඝයා වහන්සේලා පංචසීලයේ පිහිටවුවා..... දහවල් දානයද පුජා කලා.... මීට සහය දුන් පොලිස් නිළධාරින් උන්වහන්සේලාව පසඟ පිහිටුවා ආචර කර තම තමන්ගේ විහාරස්ථාන කරා වැඩමකෙරෙව්වා.... අනේ සාදු......

-බස්සා-
-----------------------------------------------------------------------
අනර්කලීට මහ කැ... වැඩක් උනා... අර ලාංකීය අභිමානයේ ගිය ලයිව් ප්‍රෝගෑම් එකක් මේ දැන්... කව්දෝ ගෑණු කෙනෙක් කථා මුලින් මෙහෙම කිව්වා..

අනේ අපි ඔයාට හරිම ආසයි... අර ඔයා ත්‍රීවිල් එකේ ඉඳගෙන කියලු ඒවා නම් මරැ....

පස්සේ අහපි...

මේ අර දුමින්ද සිල්වාට හොඳ වැඩේ නේද උනේ.... ?

අනර්... අපි දැන් මේ සිංදුවට යමු... හික්ස්....

මරැ ලයිව්.....
 -බස්සා-
------------------------------------------------------------------------
“කොටන කුකුළට මොන කොටුවත් එකයි“......

අනේ ...කේ......ඇමතිතුමා කොටන්න යන හැම තැනකම යන්නේ වටේ ඉන්න වන්දිබට්ටයොයි... ගොට්ටොයි එක්කනේ...අමතක වෙලාද...කුරැලු වාහිනියට කොටන්න ගිහින් කෙළවාගත්ත විදිය....හුජ්ජ නෑව හැටි.....මේ කථා දැක්කාම පුකෙන් හිනා......
 -බස්සා-
-----------------------------------------------------------------------
බල්ලොත් එක්ක බෑ...

http://www.lankahotnews.info/?p=4086#more-4086

Wednesday, November 16, 2011

අපේ නිවටකම සහ පොලීසියේ චණ්ඩිකම.....

බිංගිරිය පොලීසිය තවත් බිල්ලක් අරගෙන...සොරකමකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් තමන් ඇඳ සිටි සරමෙන් ගෙල වැළලාගෙන....මෙහි වගකීම කා සතුද ? පොලිසියේ අත්අඩංගුවට පත්වන පුද්ගලයින් මෙසේ මියයාමට වගකිව යුත්තේ කව්රැන්ද ? මෙහි නීතිමය තත්වය කෙසේද ? මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණ ගැන විශ්වාසයක් තැබිය හැකිද ? පොලිස් කූඩුවක් තුල මියි ගිය අයෙකුගේ මරණ පරීක්ෂණය කොතරම් දුරට අපක්ෂපාතී විය හැකිද ? මරණ පරීක්ෂක වාර්ථාවේ නිගමනය කුමක්ද ?  හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිය නිගමනය කරනු ලබන්නේ පොලිසිය විසින්  වාර්ථා කරැණු ලබන කරැණු පදනම්කරගෙනද ? විනදිතයන් වෙනුවෙන් පෙනීසිටිනවායැයි කියන.... මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මීට පෙර පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සැකකරැවන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වා තිබේද ? එසේ නම් එම වාර්ථාවන්ට අනුව කරනු ලැබු නිර්දේශයන් මොනවාද ? මේ මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් කොතෙක් දුරට සාධාරණයක් ඉටුවීද ?

මේ කැරකෙන්නේ ඔබේ වාසනා චක්‍රයයි... ඊලඟ වාසනාවන්තයා ඔබ විය හැකිය....

තව මාසකින් මේ වගේ තවත් ලිපියක් ලියන්නට වාසනාව ලැබේවා !!!!

Thursday, November 10, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 8 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

අපි නැවතත් කථාකරමු මානව හිමිකම් ගැන... මතකයිනේ අපි මාස කීපයක ඉඳලා කථාකරමින් ලංකාවේ අපිට බලපාන ආකාරය සම්බන්ධයෙන්....මේකත් හරියට මොකාගෙද මොකක්ද අල්ල ගත්තා වගේ වැඩක්... පටන් ගත්ත නිසා ඉවර කරන්නම වෙනවා...හැබැයි දැන් අපිට වටේ යන්නේ නැතිව කථා කරන්න පුලුවන්... මොකද අපි මේ කරැණු සම්බන්ධයෙන් ඔබේ අයිතිය සහ වගකීම කියන සීරීස් එකේ..1, 2, 3, 4, 5, 6 සහ 7 කියන පෝස්ට් වලින් දිගමට කථා කරපු නිසා. එහෙම බලලා නැත්තම් පොස්ට් ඔකකොම බලලා එන එක තමයි ‍හොඳ... එහෙම නැත්නම් මේ ගැන නිසි අවබෝධයක් ගන්න අමාරැයි... පහුගිය පෝස්ට් එකේ අපි නැවැත්තුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 13 වන වගන්තිය පලමු උප වගන්තිය ‍ගැන කථාකරන අතරමග. අපි පටන් ගමු 13 වන වගන්තියේ, දෙවැනි උප වගන්තිය ගැන කථා කරන්න.. 

"අත් අඩංගුවේ තබාගනු ලැබු හෝ රඳවා ගනු ලැබු  හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබු හෝ සෑම තැනැත්තෙකුම නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු වන අතර, නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලබන ආඥාව මත සහ අදාල ආඥාව ප්‍රකාර මිස, ඒ තැනැත්තා තව දුරටත් අත් අඩංගුවෙහි තපා ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකල යුතුය"


අපි මේ වගන්තියෙත් සඳහන් කරන "නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය" මොකක්ද කියන එක විමසා බලමු...

මෙහිදී සංඥය වැරදි සහ සංඥය නොවන වැරදි යනුවෙන් කොටස් දෙකක් ගැන අපිට කථා කරන්නට සිද්ධවෙනවා.. සංඥය වරදක දී පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වන අතර සංඥය නොවන වරදකදී වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගත යුතුය.


(සංඥය වරදක්ද? නැද්ද? යන්න 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය, පළමුවන උප‍ලේඛනයේ 3 වන තීරයේ සඳයන් තොරතුරු අනුව තීරණය කරයි.)


සාමාන්‍ය පුද්ගලයකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

අපරාධ නඩු විධාන සංග්‍රහය 35 වගන්තිය
1) තමා ඉදිරිපිටදී සංඥය වරදක් කරන තැනැත්තෙකු
2) වරදකරු ලෙස ප්‍රකාශයට පත්කර ඇති තැනැත්තෙකු
3) පැන දුවන්නා වූද ,සංඥය වරදක් කළ තැනැත්තෙකු යැයි සැකකිරීමට
    සාධාරණ හේතු ඇති අයෙකු

මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හැකි ඉක්මනින්  සාම නිලධාරියෙකු ඉදිරියට නැතහොත් පොලිස් ස්ථානයකට ගෙනයා යුතු වන අතර එහිදී ඒ පුද්ගලයා 32 වන වගන්තියේ විධි විධාන යටතට ගත හැකි පුදිගලයෙකු නම් සාම නිළධාරියා විසින් නැවත සිරභාරයට ගත යැතුය. 
තවද පුද‍්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ යම් වරදක් කරන පුද්ගලයෙකු වැළැක්වීමට කටයුතු කල හැකිය (දණ්ඩ නීති සංග්‍රහය 89 සහ 99 වගන්තිය)


සංඥය නොවන වරදකදී වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි අවස්ථා:-

 අපරාධ නඩු විධාන සංග්‍රහය 33 වගන්තිය
1) එම තැනැත්තා ඔහුගේ නම ,ලිපිනය දීම ප්‍රතික්ෂේප කළවිට හෝ
    අසත්‍ය නමක් ,ලිපිනයක් දෙන බවට හැඟී ගිය අවස්ථාවකදී,
2) එම තැනැත්තා ලංකාවේ ස්ථීර පදිංචියක් නැති අයෙකු හෝ රට  
    හැරයාමට ඉතා ආසන්න බවට හැඟී ගිය අවස්ථාවකදී,

සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගැනීම:-

අපරාධ නඩු විධාන සංග්‍රහය 24,25 වගන්ති අදාල වේ.
අත්අඩංගුවට ගතයුතු කෙනාගේ හෝ වෙනත් අයෙකුගේ යම් ස්ථානයක බාහිර හෝ අභ්‍යන්තර දොරක් කවුළුවක් කඩා එය විවෘතකර ඇතුලු වී සැඟවී සිටින අයෙකු අත්අඩංගුවට ගත හැක.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලිඛිතවීම,අධිකරණ විනිසුරුවරයකු විසින් අත්සන්කර තිබීම අවශ්‍යය.
(අ.න.වි.සං 50 වගන්තිය)
  • අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය.
  • මහේස්ත්‍රාත් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සඳහා එකී කාලය පැය 48ක් නොඉක්මවූ කාලයක් දක්වා දීර්ඝකරවාගත හැක.
(2005 අංක 15 දරණ අ.න.වි.සං(සංශෝධිත)පනත)අදාල වේ.

මේ කාරනා ටිකක් නොතේරෙන ගතියක් තියනවා.. .සම්පුර්ණයෙන්ම පැටලිලි සහගතයි... සාමාන්‍ය පුද්ගලයෙකුට කියවා තේරැම් ගන්නට අපහසුයි.... කීප වරක්ම කියවීම තුලින් තමයි යම් අවබෝධයක් ගන්න පුලුවන්.....ඒකට හේතුව අපේ රටේ නිතිපද්ධතිය හදලා තියෙන්නේ  ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියන් වැඩකරන කොටසක් මගින් වීම... ඒ අය බර වචන දාලා ඉංග්‍රිසියෙන් ලියලා එවන එක ඒ වචන වලට ගැලපෙන සිංහල වචන යොදලා පරිවර්ථනය වීම තුල ‍‍තේරම් ගන්න තියන අපහසුව තමයි...


මෙහිදී කථා කරන්නට යමක් තියනවා... ඒ තමයි "අපරාධ නඩු විධාන සංග්‍රහය 115 වැනි වගන්තිය...අත්අඩංගුවට ගනුලැබූ තැනැත්තෙකු පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත්කළ යුතුය" යන්න. ‍
මෙයින් අදහස් කරන්නේ අත්අඩංගුවේ පැය 24 ක් තියාගන්න පුලුවන් තියන එක නෙමෙයි. තියාගන්න පුලුවන් උපරිම කාලය පැය 24 ක් කියලා.. නමුත් ඊට කලින් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් තරන්න හැකියාවක් තියනවා නම් ඉදිරිපත් කරන්න ‍ඕනේ... එහෙම ඉදිරිපත් නොකිරීම මෙම 13 වැනි වගන්තිය උල්ලඝනය කිරීමක් කියලා ‍ගරැ ශ්‍රේෂ්ධාධිකරණය පිළිඅරගෙන තියනවා. උදාහරණයක් විදියට කෙනෙක් රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා සාධාරණ සැකයක් මත... (මම මේ කියන්නේ සමහර වෙලාවට පාරේ යන ගමන් දාගෙන යන ඒවා ගැන) රෑ 10 ට කියමු.... පොලිසිටය ගෙනියනවා.... කුඩුවට දානවා... දැන් මොහු අත්අඩංගුවේ.... මේ සිද්ධිය අනුව පැය 24 සම්පුර්ණ වෙන්නේ පහුවෙනිදා රෑ 10.00 නමුත් කිසිම අවස්ථාවක මේ පුද්ගලයව ඒ වෙනකම් තියා ගන්න නීතියෙන් ඉඩක් නැහැ... එදා උදේම අධිකරණයට ඉදිරිපත් කල යුතුයි. මොකද පැය 24 ක් රඳවා ගන්න අවස්ථාව දීලා තියෙන් නේ යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව විමර්ශණයන් කරන්න... ප්‍රශ්ණ කරන්න වගේ දේවල් වලට.. මෙහිදී මොහුව අත්අඩංගුවට තියෙන්නේ නිශ්චිත හේතුවක් දක්වන්නේ නැතුව. සමහර වෙලාවට අපි දකිනවා නිවාඩු කියලා සැකකරැවන්ව තියාගන්නවා. ඒක වැරදියි. නිවාඩු දවසට අධිකරණය වහලා උනාට මහේස්ත්‍රාත් නිල නිවසට අරගෙන ගිහින් සැකකරැ ඉදිරිපත් කරන්න පුලුවන්. මහේස්ත්‍රාත්වරයා නැත්නම් අනිවාර්යෙන්ම වැඩබලන මහේස්ත්‍රාත් වරයෙකු සිටිය යුතුයි. කිසිම අවස්ථාවක නිවාඩු හේතු කරගෙන මේ ඉදිරිපත් කිරීම කල්දාන්න බැහැ. මේ හේතුව නිසා බොහෝවිට පොලිසිය කරන්නේ අත්අඩංගුවට ගන්න පුද‍්ගලයින්ව ලියාපදිංචි කරන්නේ නැහැ...එහෙම අවස්ථා අපි දැකලා තියනවා.... අනිත් කාරණය තමයි.. අත්අඩංතුවට ගන්න අවස්ථාවෙදි හෝ ප්‍රශ්ණ කිරීම් වලදී පහරදීම‍ක් හෝ නිශ්චිත කාලයට වඩා රඳවාගෙන තියනවා නම් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ගැනදැනුම් දෙන්න අත්අඩංගුවේ පසුවන සැකකරැට අවස්ථාව තියනවා.. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික තත්වයන් සාකච්ඡා කල හැකියි.. එවැනි සිද්ධින් ඔබ දන්නවා නම් සාකච්ඡාවට ඉඩ තියනවා.

(මූලාශ්‍ර "වීකිපීඩියා")

Friday, October 28, 2011

නොදනී.....


"නොදනී"...... මේ තමයි පොඩි කාලේ ඉඳන් බොහෝ දෙනා මට කථා කරපු නම... පොඩි දවස්වල නම් මට ඒ හැටි ගානක් නැහැ... ඒත් ටික ටික ලොකු වෙනකොට මට තේරැනා ඒ නමේ තේරැම... මම ඒදා ඉඳලා මාව මේ ලෝකෙට ජාතක කරපු තාත්තා කියන පාදඩයට වෛර කරන්න ගත්තා..අම්මට වෛර කරන්න මට හිත දුන්නේ නැහැ. අම්මා බඩ උනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා කියන්න මම දන්නේ නැහැ. මට අහන්න තරම් කාලයක් උන්දෑ ජීවත් උනෙත් නැහැ. අම්මා ගැන තියෙන්නේ බොහොම පොඩි මතකයක්.. මම චුටි කාලේ උන්දෑ මාව ලොකු ගලක් උඩ තියන පංසලක් ලඟ පොඩි අගුවක තියාගෙන රටකජු වික්කා කියලා මතකයක් කියනවා... ලො‍කු බස් ආවාම මාවත් උස්සගෙන බස් එක වටේ කැරකෙනවා... මට හිතුනේ මට බස් එක පෙන්නවා කියලා.. ඒත් පස්සේ ඒ මතකයන් අවදිකරනකොට මම කොහොමද ඒ අම්මා කරපු දේ විග්‍රහ කරන්නේ.... අම්මා මාව විකුනගෙන කෑවා කියලද ? ඒත් මට එහෙම හිතන්න හිත ඉඩ දෙන්නේ නැහැ.. 

මගේ අම්මා අසරණ වෙච්ච ගැහැනියක්... අම්මත් මම වගේ ම "නොදනී" ගනයේ... අම්මා මට වැඩිය මේ සමාජෙන් බැට කන්න ඇති කියලා මට අද හිතෙනවා... අඩු ගානේ මගේ උප්පැන්නේ අම්මගේ නම තියනවා... ඒත් අම්මගේ උප්පැන්නේ අම්මා, තාත්තා දෙන්නගෙම නමට ඉස්සරහට තියෙන්න ඇත්තේ "නොදනී" කියලා වෙන්න ඇති.. ඒත් කවදාවත්ම මම අම්මගේ උප්පැන්නයක් දැකලා නැහැ... උප්පැන්න සහතිකේ කියන්නේ ඉපදුනු බවට දෙන සහතිකේට කියලයි මම අහලා තියෙන්නේ... අම්මා ඉපදිලා තියෙන්නේ කොහේද කියලාවත් අම්මා දැනගෙන ඉන්න නැතුව ඇති.. මගේ අම්මව එයාගේ අම්මා පාරේ දාලා ගිහිල්ලා.... පස්සේ අම්මා හැදිලා තියෙන්නේ ළමා නිවාසෙකලු... ටිකක් ලොකු වෙනකොට අම්මා එතනින් පැනලා ඇවිත් බදුල්ල පැත්තේ දී ගෑණු කෙනෙක් හම්බුවෙලා එයාගේ ගෙදර නැවතිලා... පස්සේ එයා අම්මව එක එකාට විකුනලා... කීදෙනෙක්ද කියන්න දන්නේ නැහැ... ඒත් උන්ගෙන් එකෙක් තමයි මගේ තාත්තා වෙන්න ඇත්තෙත්. ඊට පස්සේ තමයි අම්මා දඹුල්ලට පැනලා ගිහින් තියෙන්නේ...අම්මා බොහොම දුක් විඳලා තියනවා... බඩත් උස්සගෙන... අම්මට ඕනෙනම් මාව නැති කරලා දාන්නත් තිබුනා... ඒත් අම්මා එහෙම කලේ නැහැ. මට තියෙන ආදරේ හින්දද දන්නේ නැහැ. ඒත් එහෙම කලේ නැහැ...දඹුල්ලේ පොලීසියේ මහත්තුරැ අම්මට ගොඩක් උදව් කරලා තියනවා.... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා ජීවිතේ ජයගන්න... ඒත් උන් අම්මට ඉන්නම දීලා නැහැ.. තනිවෙච්ච ගෑනියෙක් ගෙන් හැම එකාම ප්‍රයෝජනය ගන්න හදලා... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා.. ඒත් දවසක් එක පාදඩයෙක් මගේ අසරණ අම්මව බෙල්ල කපලා මරලා... මට තේරැමක් නැහැ.... මම දැක්කා අම්මා වැටිලා ඉන්නවා... රතු පාට වතුර ගොඩක් උඩ... අම්මා ඉඳලා තියෙන්නේ ලේ ගොඩක් උඩ.. මම හිතුවා අම්මා තනියම නිදි කියලා... මම කොච්චර කථා කලත් අම්මා නැගිට්ටේ නැහැ....

පොලිසියේ මාමලා මාව අනාථ නිවාසෙට ගෙනාවා.... මගේ පොඩිකාලේ ගෙවුනේ අනාථ නිවාසේ.... එතන ලොකු අයියලා මට එක එක් දේවල් කියලා දුන්නා... රෑට මාව අයියලා මාව තුරැල් කරගෙන නිදයනවා.... අම්මගේ උණුහුම නැති මම තවත් ඒ උණුහුමට ගුලි වුනා...සැරින් සරේ එක එක අයියලා.. .ඒත් මට ඒ උණුහුමට නින්ද යනවා... ඒත් දවසක් මට හරියට රිදුනා.... උදේ උණ ගත්තත් එක්ක...ඊට පස්සේ මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා..මම ගෙදර එනකොට අර අයියලා එතන හිටියේ නැහැ... මට පුදුමාකාර පාළුවක් දැනුනා... මට ආයිත් සැරයක් අම්මගේ උණුහුම නැති උනාවගේ දැනුනා.. අලුත් නැන්දා කෙනෙකුත් හිටියා... එත් එයා හරි වසයි... මම නිසාලු එයාට මෙහෙට එන්න සිද්ධ උනේ කියලා හැම තිස්සේම මට ගැහැව්වා.. ඇයි කියන්න මම දැනේ නැහැ.. හැම තිසසේම මට වද දුන්නා... ඒ නැන්දා තමයි ඉස්ඉස්සල්ලම මට‍ ‍මගේ නම කියලා කථා කලේ..

ඒයි..."නොදනී" මෙහෙ වරෙන්...

මම ඉස්කො‍්ලේ යන්න ගත්තා...ළමා නිවසේ අනිත් අයියලා අක්කලා වගේ... ටීචර් මට වෙනම පුටුවක් මේසයක් දුන්නා වාඩිවෙන්න....මම හිතුවේ මට ආදරේ හින්දා කියලා... පස්සේ තමයි තේරැනේ පන්තියේ ළමයි මගේත් එක්ක වාඩි වෙන්න කැමති නැති නිසා තමයි එහෙම කලේ කියලා.. ළමා නිවාසේ ළමයි මට කථා කලේ "නොදනී" කියලා... ඒක නිසා ඉස්කොලෙත් ම‍ට කථා කලේ ඒ නමින්ම තමයි.... මට ඒක ලොකු වෙනසක් තිබුනේ නැහැ... දෙමව්පිය රැස්වීම වලදී අනිත් අම්මලා තාත්තලා ඒ ළමයි එක්ක ඉන්නවා දැක්කාම මට අම්මව මතක් වෙනවා... එ දවසට මම මුලු දවසම පිට්ටනියට වෙලා ඉන්නවා.... අපේ ඉස්කෝලේ පිට්ටනිය පිටිපස්සේ කැළෑව... මම ඒ කැළෑවට පුරැදු උනා.... උදේම ගිහින් කුරැල්ලන්ගේ "කිචි බිචි" සද්දේ අහන්න...ලේන්නු දිහා බලන්න.. මම පුරුදු වුනා.... මම අනිත් ළමයින්ගෙන් අයින්වෙලා හිටියේ... එයාලා මාව කවදාවත් සෙල්ලම් කරන්න ගත්තේ නැහැ... මම එයාලත් එක්ක හිනා උනොත් එයාලා මට රවනවා... මම එයාලගේ ඉස්සරහින් ගියොත් මට "නොදනී" කියලා හිනා වෙනවා...  මට මේ දේවල් හුරැ වුනත් ටික ටික ලොකු වෙනකොට මම උන්ට වෛර කරන්න පටන් ගත්තා... උන් මට රැව්වොත් මමත් රවනවා... මට ගැහැව්වොත් මමත් ගැහැව්වා.... මම ඉස්කෝලෙ යන එක අතැරියා.... මම මුලු දවසම හිටියේ කැළෑවේ.... මම සත්තුන්ට ආදරේ කලා... උන් අහිංසකයි.... උන්ගෙන් මට කරදරයක් තිබුනේ නැහැ..මම ඉස්කෝලේ යෑම අතැරියා.... මම පාරට බැස්සා....පාදඩයෙක් උනා...රස්තියාදුකාරයෙක්.. පොකට්කාරයෙක්...ගංජාකරෙයෙක්... කුඩුකාරයෙක්...පස්සේ මංකොල්ලකාරයෙක්......ඒත් අද මම හිරකාරයෙක් වෙලා ජීවිතේ මෙනෙහි කරනවා....

මම මේ මුලු සමාජෙටම වෛර කරනවා... මේ මුලු සමාජ ක්‍රමයටම... හිරේ දී මම ජිවිතේ ඉගෙනගත්තා... ඇයි මට මෙහෙට උනේ...කොතනද මට වැරදුනේ කියලා...කව්ද වැරදි කියලා... ඔබම කියන්න... මම වැරදිදි... මගේ අම්මා... පාදඩ තාත්තා...මට කියලා දෙන්න...

(මේ ලියවිල්ලට මුලික උන පහත ලිංකුවට අදාල සිද්ධිය ඔබගේ අවධානයට යොමුකරමි, මෙහි තෙවැනි ප්‍රවෘත්තිය මෙම ලිපිය හා බැ‍ඳේ)

http://www.col3negoriginal.org/watch.php?id=13841

Sunday, October 23, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 7 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

ටික දවසක් මානව හිමිකම් ගැන කථා නොකරපු හින්දා අමතක වෙලාද මන්දා... ඔන්න අපි ආයිත් කථාකරනවා මානව හිමිකම් ගැන... අද කථා කරන්න යන්නේ අපිට ඉතාමත් වැදගත් වෙන තවත් අයිතිවාසිකමක් ගැන.. මේක හුඟක් වෙලාවට අපේ ජිවිත වලට සම්බන්ධයි.. අපිට අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 13 වන වගන්තිය ගැන අපි අද කථාකරමු.. 13 වැනි වගන්තිය උප වගන්තීන් 7 කින් සමන්විතවේ.. එයින් පලමු වගන්තිය ‍මෙයාකාරයෙන් දැක්වේ. 

1) නීතියෙන් නියමකරනු ලැබු කාර්ය පටිපාටියකට අනුව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකල යුත්තේය, යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද, එම හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.

මෙය වචන කීපයක උප වගන්තියක් වුවද මෙම 13 වැන් වගන්තිය මුලික හරය රැඳී පවතින්නේ මෙම උප වගන්තිය තුලයි. මෙහිදී අපට රමේ පවතින නීතිමය තත්වයන් ගැන දැනීමක් තිබීම වැදගත්වේ. අපි මුලින්ම  බලමු මේ වගන්තියෙන් කියැවෙන "නීතියෙන් නියමකරනු ලැබු කාර්ය පටිපාටිය" කුමක්ද යන්න අපි දැන විමසා බලමු. 

* අත්අඩංගුවට ගැනීමක් යනු කුමක්ද ?  පුද්ගලයෙකුගේ යාම් ඊම් සීමාකිරීමක් හෝ යාම් ඊම් සීමාකර ඇති බව හැඟවීම අත්අඩංගුවට ගැනීමක් ලෙස දැක්විය හැකිය.. මෙහිදී පුද‍්ගලයාට නොදන්වා යාම් ඊම් සීමාකරන්නේද එයද අත්අඩංගුවට ගැනීමක් ලෙස දැක්විය හැකිය.
 
 අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය විධිවිධාන මෙසේය..

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය 

23 වැනි වගන්තිය 
මෙහි සඳහන් වන්නේ වරෙන්තුවක් සහිතව (සංඥය නොවන වැරදි සඳහා)  කරනු ලබන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගතයුත් ආකාරය මෙසේය.
1. අත්අඩංගුවට ගැනීමට එකඟ වුවහොත් ශරීරය සැබැවින්ම ස්පර්ශ කර, වරද පහදා දී අත්අඩංගුවට ගතයුතුය. 
2. අත්අඩංගුවට ගැනීමට ප්‍රතිරෝධය පෑමකදී සාධාරණ ලෙස අවශ්‍ය උපක්‍රම (අවම බලය) යෙදිය යුතුය.  
3. මරණිය දඬුවම දිය නොහැකි වරදකට අත්අඩංගුවට ගැනීමේදී අදාල පුද්ගලයාගේ මරණය සිදුකිරීමේ අයිතිවාසිකම මෙම උපවගන්තියෙන් නොලැබේ. 

28 වැනි වගන්තිය
- අත්අඩංගුවට ගනු ලැබු තැනැත්තෙකු ඔහු පැනයාම වැලැක්වීමෙහි ලා අනවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි මැඩපැවැත්වීමක් නොකල යුතුය.

32 වැනි වගන්තිය
මෙහි සඳහන්වන්නේ මහේස්ත්‍රාත්වරයෙකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් (සංඥය වැරදි සඳහා) සම්බන්ධයෙනි. මෙහි සඳහන් උපවගන්තීන් මෙසේය..
අ.  තමා ඉදිරිපිට සාමය කඩකිරීමක යෙදෙන විට.
ආ.  සාධාරණ පැමිණිල්ලක්, විශ්වසදායී තොරතුරක් හෝ සාධාරණ සැකයක් මත.
ඇ. නීත්‍යානුකූල හේතුවක් නොමැතිව ගෙවල් බිඳින උපකරණයක් ලඟ තබාගැනීම.
ඈ. වරද කරන්නෙකු ලෙස ප්‍රකාශකොට ඇති යම් තැනැත්තෙක්.
ඉ. සොරකම් කරන ලද හෝ වංචනික ලෙස ලබාගන්නා ලදැයි සැක කල හැකි යමක් තමා සන්තකයෙහි තබාගන්නා තැනැත්තෙක්.
ඊ. රාජකාරියෙහි යෙදී සිටින යම් සාම නිළධාරියෙකුට බාධාකරන හෝ නීත්‍යානුකූල අත්අඩංගුවෙන් පැනගිය හෝ පැනයාමට තැත්කරන පුද්ගලයෙක්.
උ. ත්‍රිවිධ හමුදාවෙන් පලා ආ පුද්ගලයන්.
ඌ. තමා සංඥය වරදක් කිරීමේ අදහසින්සිටින බව සැඟවීමට පුර්වෝපාය යොදමින් සිටී යැයි වීශ්වාස කිරීමට හේතු කරවන අවස්ථා යටතේ සැඟවීසිටීමට පුර්වෝපාය යොදමින් සිට අසුවු යම් තැනැත්තෙකු.
එ. ශ්‍රී ලංකාවේදී කරනු ලැබුවහොත් වරදක් වන ක්‍රියාවක් ශ්‍රී ලංකාවෙන් පිටත දී කරන ලද බවට සාධාරණ සැකයක් හෝ පැමිණිල්ලක් ලැබී ඇති තැනැත්තෙක්.
   
තව ඉවර නැහැ.. ඒත් නීතිමය තත්වයන් ගැන කථා කිරීම අදට ‍‍‍අවසන්කරලා අපි බලමු මේ මේ සම්බන්ධයෙන් ප්‍රායොගික තත්වයන් කොහොමද කියලා.


මං අපුරැ කථාවක් කියන්නම්... මේ අපි උඩදී කථා කරපු 32 වැනි වගන්‍තියේ (ඇ) උපවගන්තිය සම්බන්ධ සිද්ධියක්...කථාව මෙහෙමයි... මගේ රාජකාරී කාලයේදී හමුවෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පිටවුන බොහොම තරුණ නිළධාරීන් ඉන්නවා බොහොම දක්ෂයි... දණ්ඩ නිතී සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය...කට පාඩම්... ඔන්න මේ වගේ එස්අයි මහත්තයෙක් වැටුනා රාත්‍රී මුර සංචාරය වලට, ඉතිං මේ මහත්තයයි.. තව රාළහාමි කෙනෙකුයි පාන්දරජාමේ අවිදගෙන යනකොට දුරට දැක්කලු මනුස්සයෙක් බර යමක් උස්සගෙන ඒ පැත්තට එනවා... මේ එස්අයි මහත්තයා විගහට මුවා උනා කණුවකට... ලඟට එනකොටම ඉස්සහරට පැනලා අල්ලගත්තා... මෙහෙමයි දෙබස..


අද අහුවුනා... තෝ තමයි මෙච්චර දවසක් හොය හොය හිටියේ..


අ..අ...ඇ...ඇයි මහත්‍තයෝ.. .මොකද...


මොකද...තෝ හිතන්නේ අපි දන්නේ නැහැ කියලද ? තෝ මේ මහ රෑ අලවංගුවකුත් අරගෙන යන්නේ හොරකමේ කියලා අපි දන්නේ නැහැ කියලද තෝ හිතන්නේ..


අනේ මහත්තයො අද පාන්දර ගෙපැල කපන්න තියන නිසා මස්සිනාගෙන් මේක අරගෙන යන්නේ...


තෝ හිතුවා මදි මාව තම්බන්න... යමන් පොලිසියට...


දැන් මහත්තයා මොනාටද මාව පොලිසියට අර‍ගෙන යන්නේ...


ඇයි උඹ දන්නේ නැද්ද.... රාත්‍රී කාලයේ ගෙවල් බිඳින උපකරණයක් ලඟ තබා ගැනීම අත්අඩංගුවට ගත හැකි වරදක්...

දැන් එතකොට මාව පොලිසියට ගෙනියන්නේ ගෙවල් බිඳින උපකරණයක් ලඟ තියාගත්තටද ?

ඔව්.... ඇයි තෝ මොනා කරන්නද ?

එහෙනම් මහත්තයෝ මං ස්ත්‍රී දුෂණයකට තැත් කරා කියලත් ලියන්න...

හෑ...  තෝ හිතාගෙන හිටියේ ගේකුත් බිඳලා, ස්ත්‍රි දුෂණයකුත් කරන්නද ?

නැහැ මහත්තයෝ ඒ උපකරණයත් මගේ ලඟ තියනවා...

Friday, October 14, 2011

මානව හිමිකම් නාමයෙන් ගල් ගසා මරමු....

මානව හිමිකම් සම්බන්ධයෙන් මීට පෙර ලිපි කීපයකම මා පැහැදිලි කිරීම් කර ඇත. මානව හිමිකම් යනු පුද්ගලයෙකුට “ගරැත්වයක් සහිතව නිදහසේ ජීවත්වීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන්“ ලෙස මා දක්වා ඇත. තමන්ගේ මානව අයිතිවාසිකම් හී සීමාව ඇත්තේ අන් අයගේ මානව අයිතීන් කඩ නොකිරීමේ සීමාව දක්වාය... අන් අයගේ අයිතීන්, නිදහස කඩ වීමක් තුලින් තමන්ගේ අයිතිවාසිකම් සපුරාගත නොහැක... එය නීතිමය වශයෙන් තහනම් මෙන්මසදාචාරාත්මක වශයෙන්ද කල නොහැකිය.... එවැනි දේ ලංකාවේ නිතිය අනුව වරදි වේ... වැරැද්දට දඬුවම් දිය යුතුය... නිසියාකාර පරීක්ෂණයක් පවත්වා... සාධාරණ නඩු විභාගයකින් පසුව, රටේ පවත්න නීති පද්ධතිය යටතේ පුද්ගලයෙකුට දඬුවම් කිරීම කිසිවිටකත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවේ.. 

වර්ථමානයේ අප රට තුල සංවිධානාත්මක අපරාධ ගනයට එක් වු අලුත්ම කොටස වන්නේ කප්පම් ගැනීමේ අරමුනින් පැහැරගෙන යාම් සහ සංවිධානාත්මක ස්ත්‍රී දුෂණයි... මේ දෙකම අද බොහෝ සුලභව රට තුල සිදුවේ... හෙටද සිදුවනු ඇත... මා මේ ලිපියෙන් කථාකරන්නට අදහස් කරන්නේ මේවැනි සංවිධානාත්මක අපරාධ දෙකක් පිළිබඳවය...

එකක් නම් ඊයකින් පැමිනි තොරතුරකි....මේ තොරතුර කොයිතරම් දුරට සත්‍යදැයි නොදනිතත් මෙවැනි විය හැකි බැවින් සටහන් කරමි.... එක්තරා තරැණියක් කාර්යාල කටයුතු අවසන් කර මාර්ගයට පිවිසියේ ඉක්මනින් සිය නිවස බලා යන්නටය...මොහොතකන් ඇයට දකින්නට ලැබුනේ පදිකවේදිකාවේ කොනක කුඩා කරැවෙකු අඬමින් සිටින ආකාරයයි... මේ කුඩා දරැවා වෙත ඇය මේ කුඩා දරැවගෙන් කාරණය විමසුවේය.... “මං අතරමං වෙලා... අනේ මාව ගෙදර ගෙනියන්න“ දරැවගේ ඉල්ලීම විය....“මේ තියෙන්නේ මගේ ගෙදර තියන තැන“ දරැවා ලිපිනය ලියන ලද කොළ කැබැල්ලක් ඇය අත තැබීය...ගෙදර යාම මදතට කල් දැමු ඇය තරැව සමග අදාල ලිපිනය සොයා ගියාය.... අදාල ස්ථානය පැමින නිවසේ විදුලි සීනුව නාද කරන්නට ඇඟිල්ල තැබීය... ඇයට මතක එපමනකි... සිහිය එනවිට ඇය පාළු නිවසක... නිරැවතින් සිට ඇත.....

අනිත් කාරණය මේ පහත ලිංකුවට සම්බන්ධය... මේ ගැන කියනවාට වඩා ඔබම නරඹා ඒ ගැන දැන ගැනීම යෝග්‍ය යයි සිතමි..


මුන්ව ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුය.....

Sunday, October 9, 2011

"උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+

ආදරය සහ රාගය අතර ඇත්තේ කිරි සහ පැණි අතර ඇති තරම් කිට්ටු සම්බන්ධතාවයකි. කිරි සහ පැණි රසවත් වන්නේ ඒ ‍දෙකෙයි මනා සම්මිශ්‍රණයක් ඇතිවුවහොත් පමනි... ආදරයද එසේය.... අපි හැමදෙනම ආශාවන් ඇත්තන් වෙමු... විරැද්ධ ලිංගිකයන් කෙරෙහි අපි හැමගේම ආකර්ෂණයක් ඇත...  එය පොදු ධර්මතාවයකි... මේ සම්බන්ධතාවයට ආදම් සහ ඒව "තහනම් ගහේ ගෙඩි කෑම" දක්වා අතීතයක්ද ඇත... නමුත් අද මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ ආදරය නමින් සිදුකරනු ලබන්නා වු ලිංගික අපයෝජන හා කූට්ඨනය පිළිබඳවය... මෙහි ලිංගික අපයෝජනය ලෙස අදහස් කරන්නේ ලිංගික වශයෙන් සිදුකරන වැරදි භාවිතයයි.... (අප + යෝජනය) යොදාගැනීමයි....හැසිරීමයි.... කුට්ඨනය යනු පෙළඹවීමයි... වැරදි හැසිරවීමයි... මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය..මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු..  අපි මෙතැන සිට ඉතා සරළ තේරෙන භාෂාවෙන් කථාකරමු..

මෙහෙම ලියන්න හිතුවේ මේවා ප්‍රසිද්ධියේ කවුරැවත් කථා නොකරන නමුත් අපේ රටේ ඉතා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවනතාවයක් තියන නිසා.. මේ මෑතකදී මට මගේ "වැල" මිත්‍රයෙක් හරහා මට ආපු ඊයක් තිබුන ලින්ක් එකක් ඔස්සේ ගිය අවස්ථාවක මම දැකපු වීඩියෝ ක්ලිප්ස් ‍"තොගයක්" හේතුවෙන්. කොයි තරම් දැක්කත් කොයි තරම් බලලා තිබුනත්, නැවතත් දැක්කොත් අපි අනිවාර්යෙන්ම බලන, අපේ ඇහැ යන දේවල් තුනක් ලෝකේ තියනවා... එකක් තමයි ගුවන්යානා... කොයිකරම් දැකලා තිබුනත් ගුවන් යානයක සද්දයක් ආපුගමන් අපි නිකම්ම උඩ බලනවා... අනිත් දේ තමයි නැව් එක්කෝ මුහුද කියමු... මුහුද කිට්ටුවකින් යන හැම අවස්ථාවකම අපි නිරායාසයෙන්ම මුහුද දිහා බලනවා.... අනිත් කාරනය තමයි ගෑනියෙකුගේ නිරැවත... 

අද "වැල" නොබලන, නොබලපු කෙනෙක් (ස්ත්‍රී පුරැෂ බේදයකින් තොරව) හම්බුවෙන්නේ අහම්බෙන් තමයි..  ඒ කාලේ අපිට වැලක් බලන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ... අද වගේ පරිඝනක...... ලැප්ටොප්......ජංගම වල... එහෙම නැත්තම් අයිපොඩ්... අයිපෑඩ් වල... ඩීවීඩී... වීසීඩී තිබුනේ නැහැ... එහෙමත් යාලුවෙකගේ ගෙදරක තමයි වීඑච්එස් පටි දාන්න පුලුවන් ප්ලේයර් එකක් තිබුනෙත්... "වැල"ක් හොයාගන්න එකත් ලේසි නැහැ.. අනිත් එක ගෙදර ගෙදරක කව්රැවත් නැති වෙලාවක් හොයාගන්න ඊටත් වඩා අමාරැයි... ඔය හැම දේම තියෙද්දිත් අපි "වැල" බැලුවා... අදත් ලැබුනොත් බලනවා..... අපි හරි ආසයි ලංකාවේ "වැල" බලන්න... ඒ කාලේ හොයාගන්න අමාරැ වුනත් තිබුනා... ඔය සුමනා ගෝමස් වගේ "වැල" නිලියන්ගේ වගේම... අප්‍රසිද්ධ වැල නිළියන්ගෙත් චිත්‍රපටි තිබුනා... ඔය වගේ වැල නිළියෝ බොහොම අතලොස්සක් හිටියා.... 

අද ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්... ඉන්ටනෙට් එ‍ක බැලුවොත් ඕන තරම් "වැල" නිලියෝ හොයාගන්න පුලුවන්... ගොඩක් ඒවා පෞද්ගලික චිත්‍රපටි වගේ... ‍කොල්ලා කෙල්ලව ජංගම දුරකථයෙන් වීඩියෝ කරලා... කෙල්ල නානවා... පිහිදනවා... අනේ අර නංගිලා හිනාවෙනවා.... එක එක pose දෙනවා.... ඒ එක කොටසක්... තව කොටසක් නංගිලා මුලදී වීඩියෝ කරනවට අකමැතිය.... කොල්ලා කරන්නේ ආදරය මුලට දැමීමයි... "අනේ මං ආදරෙයිනේ සුදු".... "ඔයා නැතිව ඉන්නකොට බලන්නනේ රත්තරං"... "ආයි නිවාඩු එනකන් බලන්න තියාගන්නනේ පැටියෝ"... කෙල්ල ගැටේට අසුවේ.... ඒ ඇසිල්ලේ වැඩ පටන්ගන්නා අයියලා තියන ඔක්කොම සෙල්ලම් දමා නංගිව අවුස්සයි... අන්තිමට නංගී සද්දෙට වැඩේ අවසන් කරයි... තවත් කොටසක් ඇත... ඔවුන් කරන්නේ පන්ති දැමීමය... නංගීට උගන්නයි... මේක කරන ආකාරයත් අරක කරන ආකාරයත් කියාදේ... නංගීගේ "‍ෆීල්" එක පරීක්ෂා කරයි... මේ හැම දේම ජංගම දුරකථනයේ සටහන් කරගනියි.... ඔය සියළු ආකාරයට වීඩියෝ කරගන්නා දේ අවසානයේ නතරවෙන්නේ අන්තර්ජාලයේය... 

අපි යෞවනය විඳ ඇත... (අපි කියනවාට වඩා "මම" කියන එක හොඳයි වගේය) ආදරය කර  ඇත (ඒ ආදරයමදැයි දැන් මා ‍මගෙන්නම ප්‍රශ්ණ කරගනිමි) මල්වතුවල.... ෆිල්ම් හොල් වල.... කරක්ගසා ඇත්තෙමි... "විසිල්කාරයෝ" නැති වෙලාවල් බලා ගස් අස්සේ රිංගා ඇත.... මුහුදු වෙරළේ... වැටෙකෙයියා ගාල්වල රිංගා ඇත.... අතුල්ලාගැනීම්... තලාගැනීම් ගැන මටද අත්දැකීම් මෙන්ම කකුල් දැකීම්ද ඇත.. නමුත් අපිට යම් සීමාවක් තිබින.... නංගිලාද එය දැනසිටියේය... සිමාවේදී නංගිලා අනතුරැ අඟවයි.... ලිහලා බලන්නට තියන මල්ල ඔබලා බලන්නට දුන්නද ලිහන්නට අවසර දුන්නේ නැත.... ඒ කාගේ නංගිලාට "ඔර්ජිනල් පැකිං එක" වැදගත්ය... අද වගේ "සිල් එක කඩා එක්ස්පයර්" වන්නට කැමැත්තක් නැත... හොරන් කඩාගත් උන් සිටියද අතලොස්සකි.... එහෙම උන් ඉක්මනින් අයිතිකාරයාට බා‍රදේ... ඒ බොහෝ විට "සීල්" කැඩුනු බව අම්මගේ කනේ තියන නිසාය.. අද සීල් ගැන කථා කරන්නටම දෙයක් නැත.... අද කෙලින්ම යන්නේ කාමරයටය....එකනදී වෙන්න ඕන සියලු දේ සිදුවේ.... අයියලා නංගිලාව එක්කගෙන යන්නේ නිදහසේ කථකරන්නටය..... සිද්ධීය පටන්ගන්නේ එතැන සිටය... මේ එක් වීඩියෝවක ඉන්නේ ළදරැවෙකි... වයස 18 නැති තරම්ය.....නමුත් නංගී පළපුරැදු කාරියක් බව පෙනේ... අපුරැවට හසුරවයි... අයියා ඇයට හොඳට උගන්වා ඇති බව පෙනේ... මෙම වීඩියො ක්ලිප්ස් වල තවත් විශේෂ කරැණක් ඇත... ඒ අයියලාගේ මුන නොපෙන්වීමයි.... දෙදෙනා එකට සිටින්නේ අයියාගේ මුන කැපීයන පරිදිය..බොහෝවිට අයියාගේ මුන පේන්නට නැත....

මේ විඩියෝ ක්ලිප්ස් අන්තර්ජාලය හරහා ලොකයේ හතර කොනේම සිටින අන්තර්ජාල පාවිච්චි කරන්නන් නරඹයි... බාගනියි... ජංගම දුරකථන වලට ඇතුලත් කරයි... ලංකාව තුල දැන් ‍අන්තර්ජාලයෙන් "වැල" බැලීමේ අවස්ථාව නැතිබව ආරංචිය... ඒකට හේතුවුයේ තරැණියනගේ නිරැවත් ඡායාරෑප අන්තර්ජාලයට  මුදාහැරීම බව දැනගන්නට ලැබී ඇත, එයමදැයි හරි හැටි නොදනිතත් හැම දාම වගේ  ආණ්ඩුව කරඇත්තේ ප්‍රශ්ණය උඩින් පැලැස්තරයක් දැමීමය... දැන් ලංකාවේ බලන්ට බැරිය... පිටරටවල උන් බලති..... ලංකාවේද බලන උන් බලති... අපේ ලංකාවේ වැඩ්ඩන්ට ඕක කජ්ජක්තරම් වත් නොවේ... තවමත් අන්තරජාලයට මේවා එකතුවෙමින් පවතියි.... මේවා කිසි දිනක අන්තර්ජාලයෙන් ‍ඉවත්වන්නේ නැත...අතින් අත යමින් තවත් වසර ගනනාවක් පවතිනු ඇත.

මේ අන්තර්ජාලය හරහා ජනප්‍රිය වන්නේ අප කාගේ හෝ දියණියකි... නැගනියකි..... සහෝදරියකි.... ගැහැණිය රැකගතයුතු වස්තුවකි... ඒ හෙට රටට දරැවන් ජාතක කරන්නේ ඇය වන හෙයිනි.... 

ආදරණිය නංගිලාගෙනුත්..... දියණියන්ගෙනුත් පැනයක් අසමි,.. යම් දිනෙක ඔබගේ දරැවෙකු මේ වීඩියෝවක් නැරඹුවහොත් ඔබට ඇතිවන තත්වය කුමක්ද ? ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ?

ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ? ඔබගේ නැගනියගේ වීඩියෝවක් ඔබගේ මිතු‍රෙකු නරඹා ඒ ගැන ඔබට කිව්වොත් ඔබට කුමක් වෙයිද ?

"උස්සන්න කලින් මේ ගැනත් හිතන්න"

Monday, October 3, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 6 (සර්ව සාධාරණත්වයේ අයිතිය)

අපි බලමු අපිට කථාකරන්න තියෙන අනිත් අයිතිවාසිකම මොකක්ද කියලා...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 12 වන වගන්තිය ගැන අපි අද කථාකරමු.. 12 වැනි වගන්තිය උප වගන්තීන් 4 කින් සමන්විතවේ.. එයින් පලමු වගන්තිය ‍මෙයාකාරයෙන් දැක්වේ.


12'    ^1& kS;sh mi|,Su iy l%shd;aul lsrSu o kS;sfha 
      /ljrKh o ir®j idOdrK úh hq;af;ah'


මෙය ඉතා සරළ ලෙස විග්‍රහ කලහොත් අදහස් වන්නේ නීතිය ඉදිරියේ සියළුම දෙනා එක හා සමාන බවයි... වැරැද්ද කවුරැන් විසින කලත් වැරැද්ද, වැරැද්දම බවයි...ඒවගේම  උස් පහත් ජාති, ආගම්, කුළ වැනි කිසිදු බේදයකින්‍ තොරව සියළුම දෙනාට සමානව නීතියේ රැකවරණය හිමිවියයුතු බවයි..මේ වගන්තිය කොය් තරම් දුරට අප රට තුල ආරක්ෂාවනවාදැයි විමසා බැලීට ඔබට බාර කරමි.. කසිප්පු ගොට්ටකට මාස තුනක් හතරක් බන්ධනාගාරගත කරන රටේ... මහාපරිමාන මත්‍ද්‍රව්‍ය ජාවාරම් කාරයන්... කසිප්පු මුදලාලිලා නිසැල්ලේ සිටිති... කුඩුකාරයන් ඇමතිවරැන් සමග පැමින මාධ්‍යට පහරදෙති... ඇමතිවරැ මෙන්ම ලේඛම්වරැද නීතිය අතට ගෙන වැඩකරති.. අපි මේ සියළුදේ දෙස බලාසිටින්නෙමු... ජාතිමාමක ජනතාව එසේය...



^2& lsisu mqrjeisfhl=" jr®.h" wd.u" NdIdj o l=,h" ia;%S mqreI fNaoh" foaYmd,k u;h fyda Wmka ia:dkh  hk fya;= u; fyda bka ljr jQ fya;=jla u; fyda fjkialulg fyda úfYaIhlg fyda Ndck fkdúh hq;af;ah'

tfia jqj o rcfha fiajfha" wêlrK fiajfh"a m<d;a md,k fiajfha ke;fyd;a hï rdcH ixia:djl fiajfha hï fiajd kshqla;sl fyda Oqrhl ldr®h bgq lsrSu i|yd hï ;eke;af;l= hï NdIdjla ms<Sn| m%udKj;a oekSula we;sj isàu idOdrKj wjYH jk wjia:djl ta fiajd kshqla;sh fyda Oqrh i|yd iq¥iqlula jYfhka ta NdIdj ms<sn|j tfia m%udKj;a oekSula idOdrK ld,hla ;=< oS ,nd .; hq;= hehs tjeks ;eke;af;l=g kshu lsrSu kS;Hdkql+, jkafkah'


‍මෙයින් අදහස් වන්නේ කිසියම් වෘත්තියකට හෝ කාර්යක ඇති අවශ්‍යතාවය මත යම් යම් විශේෂතාවයන් දැක්වීම මෙම වගන්තිය කඩකිරීමක් නොවන බවය.. 


tfiau ;j¥rg;a tjeks hï fiajd kshqla;shl fyda Oqrhl fyda lsis¥ lr®;jHla hï NdIdjla ms<sn| oekSu we;af;a kï ñi bgq l< fkdyels jk wjia:djka j, oS" ta fiajd kshqla;shg fyda Oqrhg fyda we;=,;a lr .ekSfï iq¥iqlula jYfhka hï ;eke;af;l=g ta NdIdj ms<sn| m%udKj;a oekSula ;sìh hq;= hhs kshu lsrSu kS;Hdkql+, jkafka h'


උදාහරණයක් ලෙස භාෂාපරිවර්ථක රැකියාවක් සඳහා අයදුම්පත් කැඳවීමේදී ඒ ඒ භාෂාවන්හී නිපුනතාවය සලකා බැලීම මෙම වගන්තිය කඩකිරීමක් නොවන බවය..


^3& jr®.h" wd.u" NdIdj" l=,h fyda ia;%S mqreI fNaoh hk fya;= u; fyda bka ljr jQ fya;=jla u; fyda fj<|ie,a j,g" fmd¥ fNdackd.dr j,g" wdmk Yd,d j,g" fmd¥ úfkdao ia:dk j,g fyda ;u ;udf.a wd.ug wh;a fmd¥ mQckSh ia:dk j,g we;=¨ùu iïnkaOfhka hï wYlakq;djlg" neoSulg" iSud lsrSulg ke;fyd;a fldkafoaishlg lsisu ;eke;af;la hg;a fkjkafka h'


වර්ගය, ආගම, භාෂාව, කුළය හෝ ස්ත‍්‍රී පුරැෂ බේදය යන හේතු මත  විවිධ වු පොදු ස්ථානයන්ට ඇතුල්දීම සීමාකල නොහැකි වුවත් “ආරක්ෂාව” යන කරැණ යටතේ මේ අයිතීන් සීමාකිරීම් කලහැකිය.



^4& ldka;djkaf.a" <uhssskaf.a fyda wn, ;eke;a;kaf.a m%.;sh i|yd kS;sfhka fyda wkq kS;s j,ska fyda úOdhl ls%hd udr®.fhka fyda úfYaI úêúOdk ie,eiaùu fï jHjia:dfjka lsisfia;a wjysr fkdjkafkah'


විවිධ අවස්ථාවනහීදී කාන්තාවන් ළමයින් හෝ දුබල තැනැත්තන් ට විශේෂ වරප්‍රසාද සැලසිම මෙම වගන්තිය කඩකිරීමක් නොවන බව මෙයින් දක්වා ඇත. නමුත් කාන්තාවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම සඳහා දෙනු ලබන වරප්‍රසාද දීමනා මෙම වගන්තියෙන් සාධාරණීකරනය කරන්නේද නැත. 

මේ වගන්තිය සම්බන්ධයෙන් විවිධ මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුවී ඇති අතර ඒ කීපයක් අපි බලමු.


ඩග්ලස් පීරිස් යනු 88/89 භිෂණ සමයේ දී ඉමහත් කථාබහට ලක්වු තරැණ ජීවිත බිලිගත් පොලිස්කාරයෙකි. නමුත් ඔහුටද තමන්ගේ සේවය අත්හිටුවු අවස්ථාවේ දී මුලික අයිතිවාසිකම්  හී පිහිට පැතීමට සිදුවිය.

 


විනය පරීක්ෂණයන් හී දීද මුලික අයිතිවාසිකම් මගින් සහන සැ‍ලසේ.....


තනතුරැ සදහා තෝරාගැනීමේ දී අයදුම් කිරීමේ දී මුලික අයිතිවාසිකම් වැදගත්වේ..


උසස්වීම් ලබාගැනීම සඳහාද මුලික අයිතිවාසිකම් ප්‍රයෝජනවත් වේ..

ජීවි‍තේට පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන  තියනවද ? එහෙනම් ඊලඟ ලිපියත් බලන්න....