Showing posts with label අපරාධ. Show all posts
Showing posts with label අපරාධ. Show all posts
Monday, April 29, 2013
අනේ මට කොන්ඳක් දෙන්න....
නිරැවත් වෙලා ලෝකයටම ඇගේ වත...
දෙවියන් පවා බිය වි ඇය ඇතැර ඇත....
වට වී බලා සිටිනා සේ නොම දත්ත....
නොදකින් අපි වගේ කොන්ඳක් නැති හැත්ත...
තිස්තුන් කෝටියක් දෙවිවරු වඩින රටේ...
වංචා දුෂණය බැලු බැලු හතර වටේ...
පෑගෙන එකා පාගාගෙන හැටට හැටේ...
නැගලා පියාබති ලොක්කෝ මොනරු පිටේ....
දුප්පත් එකා මහ උළු ගෙදරට යනවා....
බලේ තියන තැන උන් නිති වැජඹෙනවා...
දෙවියනි කෙසේ නම් අපි තව ඉවසනවා....
රතු ලේ සුදු වෙලා ඇඟතුල නලියනවා....
ඇත්ත දැන දැනම බොරුවට රැවටෙන්න...
ආසාධාරණය දැක දැක තව නිදියන්න....
රට වනසන එවුන් මේ ලෙස අගයන්න...
ඒ වැනි වෙන පවක් නැහැ, බැහැ ඉන් ගැලවෙන්න...
බඩ පොතු ඇලී පිට පොතු එළියට එනවා....
අපි පත්කල එවුන් අපිටම බැට දෙනවා...
අපි කන වේල් තුන එක වේලට කනවා...
අපි කෙට්ටුවට උන් හරහට උස යනවා...
බෙදිලා දෙකට හතරට සහ හය හතට...
ඉන්නා නිසා උන් හරි කැමතියි අපිට...
එකතුව එකා මෙන් දෑතම එකතු කොට...
නැගිටින තුරා නැහැ කිසි සෙත අප රටට...
බලයත් උන්ටමය නිලයත් උන්ගෙමය...
තීරණ උන්ගෙමය උන්හට වාසිමය....
දුරදිග සිතන්නේ බලයට පමණමය....
අපි රට ගැන හිතද්දී උන් හිත උන් ගැනය...
පගා කොමිස් හොර ජාවාරම් හැමත....
නීතිය රකිනෙකා හට මරණය මය නියත...
නියවා විළිස්සා දත්, දිගහැරලා දෙඅත...
එළවා පහර දී එල්ලයි හතර අත...
ඇඳිවත ඉරා පාගාගෙන එකා මෙන....
උරාගෙන ඇගේ සාරය පෙරාගෙන...
කන්නට හදන කල මුන් ඈ මේ ලෙස මරාගෙන..
ඇයි අපි තව තවත් ඉන්නේ බලාගෙන...
ඇස් කන් වසාගෙන හැම දුක ඉවසගෙන...
තව හිටියොතින් නම් නැහැ මරණය මිසක් වෙන...
එකතුව එකා මෙන් එක පෙළ හැදීගෙන....
වරෙව් යමව් මැරෙමුද මුන් මරාගෙන...
Saturday, April 6, 2013
ඇයව එල්ලා දුෂණය කලවුන්ට අපි ඡන්දය දෙමු.....
ඔන්න කාලෙකින් මමත් ආවා බ්ලොගේ පැත්තේ.. එහෙම නම් හැමෝටම මේ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සුභ එකක් වේවා කියලා පතලම වැඩේ ආරම්භ කරන්නම්....
මේ කාලේ එක එක ජාතියේ රැළි තියනවනේ... සමහර ඒවා ජනතා රැළි... එක එක පාට... එක එක පක්ෂ ජනතාව මැදි කරගෙන ඒ ඒ අයගේ මතය සමාජයට ගෙනියන්න උතසහා කරනවා.... ඒ අතරේ කාලයක් වැස්ස වහින්න කියලා පොල් ගහලා ගහලා පොල් මිලත් වැඩි වෙලා තියනකොට දෙන්න පටන් ගත්ත වැස්ස නිසා දැන් ලංකාව පුරමා වැව් පිරිලා ඒවායෙත් රැළි ඇතිවෙලා තියනවා මම ප්‍රවෘත්ති වල දී නම් දැක්කා... ඔය අතරේ හැමදාම වගේ වැස්සත් නොවැස්සත් ගහන රැල්ල මුහුදු රැල්ලත් දැන් සැරයි කියලා තමයි ආරංචිය... හැබැයි අද මේ කථා කරන්න යන්නෙ ඔය කියන එක රැල්ලක් ගැනවත් නෙමෙයි.... දැන් දැන් බුකියේ වගේම වෙනත් සමාජ ජාලා ඔස්සේ ඇදිලා යන තවත් රැල්ලක් ගැන.... ඒ රැල්ලේ හැටියට ඒ රැල්ල මතු කරන උදවිය කියන දේ තමයි දැන් දැන් අන්තර්ජාල දේශපාලණ මත වැහි වැහැලා කියන එක... එහෙමත් නැත්නම් “සමහරැ යුද්ධ කරන්නේ බුකියේ“ කියලත් කියනවා මම දැකලා තියනවා..... ඒ වගේම සමහරැ කියනවා ඔය බුකියේ, බ්ලෝගේ දේශපාලණ පන්ඩිතකං කථා කරලා රට හදන්න බැහැ යි කියලාත්....ඒ එක්කම තව සමහරැ කියනවා මුං බකපණ්ඩිත සයිබර් දේශපාලකයෝ කියලත්....
මේ
දේවල් අහගෙන ඇසි කන් පියාගෙන ඉන්න බැරි නිසා මමත් තීරණය කලා මින් මත්තට
සයිබරේ දේශපාලනේ ගැන කථා නොකරන්න.... ඒ නිසා අද මම කථා කරන්න යන්නේ ආදරය...
විශ්වාසය..... සෙනෙහස.... වගේ දේශපාලනේ නොගෑවිච්ච කාරනා කීපයක්
සම්බන්ධයෙන්....
එහෙම කියලා බැළුවට අද දේශපාළණේ සම්බන්ධ නැති දෙයක් හොයාගන්න එක “කළු ණික“ හොයනවට වැඩිය අමාරුයි....ජීවිතේ හැමදේම අලෙවි වෙන කාලේ කථා කරන්න තියන මාතෘකා බොහොම සීමිතයි ... එක්කෝ දේශපාලනේ.. එහෙම නැත්නම් ආදරේ... ඒ එක්කම ගැටෙන ලිංගිකත්වය.. විකිනෙන් සිරැරු..... ආදරේ හොයගෙන යන ගෑණු...... කෙල්ලට පිහියෙන් අනින පිරිමි..... කුණු වෙච්ච අල.... හොරට විකිනෙන බේහෙත්..... දොස්තරලාගේ වැරදි... හම්බයන්ගේ ගනන්.... හාමුදුරුවන්ගේ චන්ඩිකම්... වගේ එකී නොකී බොහෝ දේ ඇරෙන්න ලංකාවේ වෙන දේවල් ගැන කථා කරන්න තියන මාතෘකා බොහොම අඩුයි... මොන පාට දෙකේ නාලිකා වල ප්‍රවෘත්ති ඔක්කොම එකතු කරලා දෙකෙන් බෙදලා.... පහෙන් වැඩිකරලා.... දහයෙන් බෙදලා තමයි පැහැදිලි විස්තරයක් ගැන දැනගන්න වෙන්නේ....

මොනවා නැතත් අද අද එයි මරැ පිං කරගන්නේ කියලා කියනවා වගේ දැන් දැන් රටේ වැඩි වෙන භීෂණේ වගේම විරුදධවාදීන් නිහඬ කරවීමේ ක්‍රියාවලිය දැක්කමා අපි මේ නැවතත් යන්නේ අතීතෙටද කියලා සැකයක් ඇතිවෙනවා....
අද මැදිවිය පහුකරන අපේ දශකේ බොහෝ තරුණ තරුණියෝ භීෂණ දෙකක් අතිවින්දා... 71 දී භීෂණේ වක්‍රාකාරයෙන් අත්වින්ද 83 දී වාර්වාවාදය අත්වින්ඳා...... අපි 88/89 දී කායික සහ මානසික වශයෙන් භීෂණේ අත්වින්ඳා..... ඒකට මුන දුන්නේ අපේ අම්මලා අමතක කරපු දෙවරක් වින්ඳ භිෂණේ... මිනි කඳු... සිටුවා වෙඩි තැබීම්... දෑස් බැඳ ඝාතනයන්... තුන්වරක් වින්ඳ අපේ පරම්පරාවට තාමත් අමතක වෙලා නැතිව ඇති.... පසුකාලීනව ඇතිවෙච්ච මරාගැනීම් සහ මරාදැමිම් හමුවේ මරණය... භීෂණය සහ ඝාතනය අපිට බොහොම සරළ දෙයක් උනා... හැමදාමත් කියකවා වගේ උන්ගේ 30 අපේ 15 ක්, අපිට 10 ක් ලාභයි කියන මානසික උත්තේජනය හමුවේ අපි බොහෝ තෘප්තියක් ලැබුවා... කණුවක එල්ලෙන සිරුරක්.... ජොනී බට්ටෙක්ගෙන් වෙන් උන කකුලක්..... අපිට ගෙනවා නොදැනුන අප්පිරියාවක් වගේම ප්‍රකාශිත සතුටක්.... කෙනෙක්ගේ මරණය යම් ජාතියට සතුටක් ගෙනදීම රටක ජාතිකමය වශයෙන් කොයිතරම් ඛේදනීය තත්වයද යන්න අපිට තාමත් නොතේරීම යම් ප්‍රශ්නයක්.... ඔය දේවල් එක එක දැකගෙන සිරි නරඹගෙන එකකොට මම දැක්කා බොහොම අපුරු පොස්ට් එකක් අපේ රංජිත් සහෝදරයාගේ... මට දැනුන විදියට මම පිළිගන්න දර්ශණේ අනුව ඒක බොහොම වැදගත් කියලා මට හිතුනා.. මගේ බ්ලෝගේ මල සිට අගටම ගත්තොත් මම පිළිගත්ත, මම අදහපු දර්හණයක් තමයි අපේ රටේ ලිංගිකත්වය ගැන දරන ආකල්පය විවෘත්ත නැහැ කියන එක.... අපි හැමදාම හැදුවේ අනුගමනය කලේ වහලා ගහන දර්ශණයක්.... ඒ ගැන වෙන මොනවත්ම අටුවාටිකා නොකියා උදාහණ දෙන්න පුලුවන් දෙයක් මෑතකදී මම මුණු පොතේ දැක්කා...
ඇත්තටම මේක සත්‍ය සිද්ධියක් නම් අපේ ළමා හෝ තරුණ පරපුර අද ඉන්නේ කොතැනද කියන එක නැවතත් හිතන්න වෙනවා. බොහොම සරළ සහ භෞතික න්‍යායක් වන ගැබ්ගැනීම සම්බන්ධයෙන් අපේ රටේ තරුණ පරපුරගේ දැනුම ගැන නැවතත් අවධානය යොමු කල යුතුයි කියන අදහස මේ තුලින් අතිවෙනවා. පහුගිය වැලන්ටයින් මෙව්වා එකේ දී අර කොළඹ කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් කොන්ඩම් ගැන “වෙළඳ“ ප්‍රචාරණ දැන්වීමක් දැම්මානේ. උන් ඒ ඉංගිරිස් වලින් කියන්න හැදුව දේ කවදාවත් අපේ රටේ බහුතර ග්‍රාමීය ජනතාව අතරට නොයන බවට හොඳම සාක්ෂියක් තමයි මේ කොටස. මම දැකපු විදියට ඒ කොන්ඩම් දැන්වීම හුදෙක්ම සීමා වෙලා තිබුනේ එක්තරා පැලැන්තියතට පමණයි. ඒ අපි උඹලා වගේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අස්සේ හෝ පොලිසියෙන් පනියි කියලා බයේ ආතල් ගන්න තැන් වලට එහා ගිය... බොත්තම මහලා.. කොන්ඩ කට්ට ගහලා පෙම්වතුන්ගේ දිනය සමරණ ආදරවන්තයින්ට නෙමෙයි. උන් කියන්න හදන කථාව ප්‍රධාන බොහොම සරළව විග්‍රහා කලොත් අපේ අම්මා නම් ඉස්සර අපිට කිව්වේ වැස්සේ තෙමෙන්න එපා හෙම්බිරිස්සා උණ හැදෙයි කියලා.... මුන් කියන්න හදන්නේ වැස්සේ තෙමුනට කමක් නැහැ හැබැයි රේන් කෝට් දාලා නම් කියලා... සරළව හිතලා බලන්න අපි හදන්න ඕනේ අකල් වැස්සට තෙමෙන එකද... රේන් කොට් නොදා වැස්සේ තෙමෙන එකද කියලා ගැටළුවක් මට නම් ඇති උනා....
අනෙත් කාරනේ තමයි උන් ඒ දැන්වීම දාන්න තොරගත්ත කාලය.... ඔන්න ඕක “ලෝක ඒඩ්ස් දිනය“ වගේ දිනයකදී ප්‍රචාරය කලා නම් ඒ ගැන යම් එකගතාවයකට එන්න තිබුනා... නමුත් පෙම්වතුන්ගේ දිනයදී ඕක පලකිරීම ගැන නම් නැවත හිතාබලන්න ඕනේ.. ඒක හරියට හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ වැඩක්.... ආදරවන්තයින්ගේ දිනේ දී සංසර්ගේ යෙදෙනවා නම් කොන්ඩම් පාවිච්චි කරන්න වගේ අදහසක් තමයි මට නම් ඇති වෙන්නේ.. අනෙත් අයට වෙනස් වුනාද කියලා මම දන්නේ නැහැ....
ඔන්න ඔය වගේ දේවල් එක එක විදියට ගලාගෙන යනකොට හලාල් ප්‍රශ්ණේ ආවා.... ආණ්ඩුව මත්තලට දින ගනිද්දී අපි කථා කලේ හලාල් ගැන..... ආණ්ඩුවේ නාලිකාවල පලවෙච්ච දැන්වීම් වලට අනුව මත්තල කියන්නේ සිතූ පැතූ සම්පත් ලබාදෙන “කප්රුකක්“ වගේ මෙව්වා එකක්.... එහෙන් ප්ලෙන් බාන කොට මෙහෙන් සල්ලි පැටව් ගහන වගේ දැක්මක් තමයි ඒ දැන්වීම් වල තියෙන්නේ.... දකුනේ ගොයියෝ මත්තල එයාර් පොර්ට් එකට යන පාරවල් අයින් කුරහන් තලප... රොටී.. බඩ ඉරිඟු... කළු දොදොල්.. රැහුණේ මි කිරි තියාගෙන විකුනණ කොට ප්ලෙන් එකෙන් බැහැලා යන සුද්දෝ මගදී ඒවා අරගන්නවා.... උන් ලංකාට බැස්ස ගමන් නිසා උන්ම මෙව්වවායේ ගන්න දන්නේ නැහැ.. එක නිසා කිරි හට්ටිය රුපියල් 1000 දෙදහාට විකුනන් පුලුවන්... ඒවැයින් ගොවියන්ට ලොකු ලාභයක් ලැබෙනවා... ගොයියෝ දවසට කිරි හට්ටි දෙකක් විකුණලා.. එක්ක බඩ ඉරිඟු කරල් පහක් විකුණලා ..... දොදොල් කිලෝ දෙක්ක විකුණලා දවසේ ආදායම හොයාගන්නවා.... ඉතින් රට සංවර්ධනය වෙන එක අහන්නත් දෙයක්ද....?
ඔය අල්ලපනල්ලේ “හලාල්“ හුට පටේ.... මිනිස්සුන්ට මත්තල ඇඩ් බලන්නවත් වෙලාවක් නැහැ වැඩිවෙච්ච ජාත්‍යාලේ පිට කරගන්න විදියක් නැති නිසා.... ඒ නිසා අහුවෙන අහුවෙන තැන් බල බල ඉක්මනට හොල්ලලා දානවා... හැබැයි පැල්ලම් හිටියාම කියන්නේ මගේ ඒවා නෙමෙයි කියලා... ඒකෙත් හැටි.... මේ වගේ ජාතික වීරයෝත් එක්ක යන උන්ට ගහන්න ඕනේ... මුන් ගුණානන්ද හාමුදුරුවන් ව විකුණලා.... සුමංගල හාමුදුරුවන්ව වෙන්දේසි කරනවා.... ඒක හරියට දෙබරටෙ ගල් ගහලා බලා ඉන්නවා වගේ වැඩක්... මොකද උන් ගල් ගැහැව්වේ දෙඹර කූඩෙට මිසක් දෙඹරැන්ට නෙමෙයි නේ.... අපේ මොට්ට මෝල්ලුන්ට තාමත් නොතේරෙන එකම දේ තමයි පාලකයා සහ පාලිතයා අතර වෙනස.... ජනතාවට පාලනය පිළිබඳ ප්‍රශ්ණ අමතක කරන්න හොඳට ආයුධය තමයි ජනතාව බෙදන එක... උන් දෙගොල්ලෝ බෙදිලා “කෙළ“ ගන්නකොට පාලකයෝ “පුකෙන්“ හිනා වෙවී බලාගෙන ඉන්නවා.. පුලුවන් නම් උන් එක එකා මේක අවුලවන්න එක එක ප්‍රකාශ කරනවා.. එකෙක් මිනිස්සුන්ට උඩගෙඩි දෙනකොට අනිකා ඒකට විරුද්ධව කථා කරනවා... එහෙම කරලා ප්‍රසිද්ධියේ කියනවා ඒ අදාල පුද්ගලයාගේ මතය මිස රජයේ මතය නෙමෙයි කියලා... තමන්ගේ නියෝජිතයෝ තමන්ට පාලනය කරන්න බැරි රජයක් රටේ මහජනතාව කොයි තරම් විශ්වාස කරන්න ඕනේද....?
ඔය ඔක්කොම දේවල් අපි ඉවසගෙන ඉන්නේ අපේ රට ආශ්චර්යය කරා වේගයෙන් යන හින්දානේ.... ඒ අතරේ සාපේ ප්‍රතිඵල ඇවිත් සාපේ, කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ තීරණාත්මක කඩඉමක් වගේම අපේ රටේ පවතින අධ්‍යාපන රටාව ගැන මැනිය හැකි තීරණාමත්මක අවස්ථාවක්.... අපි පාසැල් යන කාලේ අපේ පන්තිවල අපිට ඉංග්‍රීසී උගන්නපු ගුරුවරු අපිට ඒක ඉගැන්නුවේ අපිට කවදාවත් ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි වෙන්න.. ඒ තරමට අපිට ඉංග්‍රිසි අප්පිරියා කලා... අපේ රටේ ආශ්චර්යය කියන්නේ අදටත් අපේ රටේ සාපේ ට වාඩි වෙන මුලු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 11,100 ක් වැඩ නවයම අසමත්... 52.22% ඉංග්‍රීසි අසමත්.... ගණිතය විශය 44.65% ක් අසමත්...
හැබැයි අපි තාමත් ආශ්චර්ය්‍ය හොයන්නේ අපේ පාරවල් කොච්චර කාපට් දාලා ද.... උදේට දුවන්න පාක් කීයක් තියනවද.... එයාර් පොර්ට් එකට ප්ලේන් කීයක් බානව ද වගේ සංඛ්‍යාත්මක වටිනාකම් වලින්.... ආශ්චර්ය්‍ය කියන්නේ නයිට් රේස් වත්.... පපුව පැලෙන්න කථා කරලා ඇස් වලට කඳුළු උනන්න පපුවට ගහගන්න එක නෙනෙමයි කියලා අපිට නොතේරනෙ කාත්.... අපිට වෙන්නේ ලිං මැඩියෝ වැගේ ජීවත් වෙන්න.... මට තේරෙන මගේ ජීවිත් කාලේ තුල අත් වින්ඳේ ආණ්ඩු දෙකයි... අපි එදා කෑගැහැව්වේ යූ ඇන් පී කාරයෝ අවුරුදු 17 ක් මේ රට කෑවා කියලා.... එහෙම කියලා උඩ දාලා පත්කරගත්ත මුන් අවුරුදු 18 කට වැඩියි දැන්..... අපේ රටේ ඉතිහාසය අනුව දිර්ඝ කාලීනව පැවතුනු රජයන් පෙරලෙන්න හේතු උනේ ජන අරගල... ඒ වගේම ඒවා මැඩ පැවැත්වුනේ සමුල ඝාතන තුලින්....
(මේක දකින කොට ටිකක් අච්චාරු වගේ ගතියක් දැනෙන්න පුලුවන්.... එහෙම වෙන්න හේතු උනේ එක් එක් කාරනා වලදී මගේ අදහස ලියපු පොස්ට් කිපයක් එකට අමුණපු නිසා..... ඒ නිසා අවසාන කිරීමක් නැත)

Monday, August 27, 2012
සාරිය උස්සන්න කලින්.. සුදු ගව්ම ඉස්සුවේ ඇයි දුවේ..?
(කාරැණක ඉල්ලීමක් කරන්න කැමතියි.... කරුණාකරලා මේ විඩියෝවේ ලින්ක් එක කමෙන්ටු තුල පෝස්ට් නොකරන මෙන් කාරුණකව ඉල්ලා සිටිනවා... එහෙම අවශ්‍ය උනා නම් මට එය පොස්ට් කරන්න හැකියාව තියනවා.....
ඒවගේම විඩියෝවේ ලින්ක් එක ඉල්ලා ඊමේල් පණිවිඩ නොඑවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..මෙම ලිපියේ අරමුණ වෙන්නේ මේ ගැටළුව සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම මිස අදාල විඩියෝවට ප්‍රචාරයක් ලබා දීම හෝ යම් පාසැලක් අපහසුතාවට පත් කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න්න. එමෙන්ම මෙහිදී යම් කණ්ඩායමක් අපහසුතාවට පත්වුවා නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින අතර මින් ඉදිරියට පාසැල සම්බන්ධයෙන් නොව අදාල සිද්ධිය සම්බන්ධයෙන්.. මෙම සමාජ ව්‍යවසනය සම්බන්ධයෙන් අදහස් පලකරන්නේ නැම් මැනවි)

දර්ශණය ඇරඹේ..
නංගී ඉන්නේ යට ගව්ම පිටිනි.....
පසුතලයෙන් මහා හඬින් රේඩියෝවක් ඇසෙයි.....
නංගී යමක් කියයි (පැහැදිලි නැත)... අයියා ජංගම දුරකථනය එහේ මෙහේ කරයි....
නංගී යට සාය උස්සා ගනියි....
ඊලගට නංගී අතට ගන්නේ සුදු ගව්මය.... සුදු ගව්ම කණපිට හරවන ගමන් යමක් කියා (පැහැදිලි නැත) .....
වෙලාව කීයද... නංගී අසයි....
වෙලාව තුනයි... අයියා පිළිතුරු දේ...
නංගී සුදු ගව්ම අඳිමින්...රැළි සාදයි.... පටිය බඳියි....
සාක්කුවේ ඇති යමක් සකසයි...
ගව්ම සකසමින් නංගී යමක් කියයි (පැහැදිලි නැත)...
මාට්ටුවෙනවානේ ගියොත් එහෙම...අයියා පිළිතුරු දේ.....
නංගි ඇඳගෙන සිටින්නේ සුදු පාසැල් නිළ ඇඳුමකි....
අයියා ඉදිරියේ එක ගැලවුනේ ප්‍රායෝගික ක්‍රියාකරකම් නිසාදැයි නොතෙරේ.....
නංගී තවත් යමක් කියයි.....
එහෙම තමයි කියන්න වෙන්නේ... .අයියා උපදෙස් දෙයි....
නංගී යමක් කියයි... (පැහැදිලි නැත)....
වෙන.. අයියා අසයි... මේ අතර නංගී සපත්තු දාගන්නට නැමේ.....
අයියාගේ කැමරාව යොමුවන්නේ නංගීයේ පියයුරු දෙක අතරටය....
නංගී නිරැවත් කල අයියා පියයුරු දෙකේ ක්ලොස්අප් එකක් ගනියි.....
තවත් දේ කථාවෙයි...(පැහැදිලි නැත)
නංගී යමක් කියයි.....
අපි ඉක්මනට යං... අයියා කියයි...
ළමයි කියයි ද දන්නෑ පන්තියේ හිටියේ නැහැ කියලා... නංගී කියයි.....
ඔයා කියන්න පන්තියේ හිටියේ නැහැ, යාළුවත් එක්ක බඩුවක් අරං ගෙදර ගියා කියලා.....අයියා උපදෙස් දේ..... ගෙදර යන්න ඉක්මකට හොරණ යන්නේ නැතිව....
තවත් බොහෝ දේ සිදුවේ.......
සිද්ධිය සැකවින් විග්‍රහ කර බලන කල නංගී හොරණ අවට පාසැලක සිසුවියකි.. නංගී ස්කූල් කට් කර තවත් යාළුවෙක් සමග අයියා සොයා පැමින ඇත.... නංගී පැමිණ ඇත්තේ තනියම නොව ඇයගේ තවත් යෙහෙළියක සමගය.. .ඇය ඇයගේ පෙම්වතා සමග අනෙක් කාමරයේය..... එදා දවස නංගීද යෙහෙළියට පාසැල් ගොස් නොමැති බව පැහැදිලිය.... උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා නංගීට අයියා විසින් මොනාකාරයේ පැඩම් කියා දී ඇත්දැයි නොදනිමි.... කෙසේ හෝ නංගි සහ යෙහෙළිය තුන පසුවී ගෙදර යන්නට සුදානම් වු බව පමනක් දනිමි......
---------------------------------------------
මෙය ගොතන ලද්දක් නොවේ.... මේ ඔබේ දියණිය විය හැකිය... අද අප මේ ගැන පියවර නොගතහොත් හෙට මගේ දියණියට ද මෙවැනි දේ සිදුවිය හැකිය... මෙයට වගකිව යුත්තන් කව්ද.... මෙසේ සිදුවන්නේ කාගේ වරදින්ද....? මෙවැනි දේ වලක්වාලන්නට සාමජයේ වගකීම කෙබඳුද..? යන්න සාකාච්ඡා කිරිම වටී......
අප අද සිටින්නේ කොතැනද..... මම මේ ගැන බලන්නේ තාත්තෙක් හැටියට... මටත් දුවෙක් ඉන්නවා...... මේ දුවගේ තාත්තා අහම්බෙන් හරි මේ දේවල් දැක්කොත් තාත්තකේ හැටියට ඔහු කොයි තරම් අසරණ වෙයිද.... මේ වීඩියෝව මට දකින්න ලැබුනේ අන්තර්ජාලේ තිබිලා..... රේටින් වල 11 + , 11780 ක් මේ විඩියෝව බලලා තියනවා මමත් ඇතුළුව...... මීට දවස් 1301 කට කලින් තමයි මේක පෝස්ට් කරලා තියෙන්නේ... මේ දියණිය අද මාර ජනප්‍රියයි.....
තාත්තෙක් විදියට මම මගේ ජීවිතය වෙහෙසන්නේ මගේ දරුවන්ට ජීවිතේ කියලා දෙන්න... එයාලට අනාගතය හදන්න... මට නොලැබුන දේ ඒ අයට ලබාදෙන්න..... මේ ලෝකේ බහුතරයක් තාත්තලා එහෙමයි... තමන්ට නොලැබුන ලෝකයක් තමන්ගේ දරුවන්ට... තමන් ගේ දරුවෝ තමන් ඉන්න තැනට වඩා ඉහලින් තියන්න හැම තාත්තෙක්ම වෙහෙසෙන්නේ..... විශේෂයෙන්ම තාත්තෙක්ට දුවෙක් තියන්නේ මේ ලෝකේ වටිනාම සම්පතක්...... ඔබ තාත්තෙක් නම්.... ඔබ ඔබේ දුව ගැන මෙවැනි දෙයක් දුටුවොත් ඔබ කොයි තරම් අසරණ වෙයිද..? ඔබ සහෝදරයෙක් නම්... ඔබ ඔබේ අක්කා ගැන නංගි ගැන මෙවැනි දෙයක් දුටුවොත් ඔබ කොයි තරම් අසරණ වෙයිද..... මේ මගේ දුව නම් මගේ තීරණය මගේ දිවි තොර කර ගැනීම....
ඇයි දුවේ වැරදි පාරේ යන්නේ....ඇයි දුවේ ජීවිතේ විනාස කරගන්න හදන්නේ... අපි වටේ ඉන්න ලෝකේ අපි හිතන තරම් සුන්දර නැහැ... සමහර විට ඔබ දන්නේ නැහැ ජීවිතේ ගැන... මේ අයියා කියලා දෙන්න හදනි ජිවිතේ ඇත්ත ජීවිතේ නෙමෙයි....උඹ ලොකු ළමයෙක්.. උඹ උගත් ළමයෙක්.. ඇයි මේ දැන දැන වලවල් වල වැටෙන්නේ.... ජිවිතේ විඳින්න ගිහින් ඇයි විඳවන තැනට වැඩ කරන්නේ... අම්මාගේ තාත්තාගේ ආදරේ මදදි.... සුදු සාරිය ගලවන්න තියන කොට ඇයි සුදු ගවුම ගලවන්න හිතුවේ.... ඇයි උඹේ ජීවිතේ මේ විදියට විනාස කරගන්න තීරණය කලේ..... උඹට අපි කොයි තරම් ආදරෙයිද... උඹව බලාගත්තේ ඇස් දෙක වගේ නේද....
අපිට වැරදිලා....අපි හිතුවට උඹව ඇස් දෙක වගේ බලාගත්තා කියලා ඇත්තටම උඹව අපි බලාගෙන නැහැ... උඹ අපෙන් ඈත් වෙලා.... උඹට ඔන කරන දේ අරගෙන දුන්නට.. උඹට උගන්නන්න මුලු ජිවිත කාලෙම කැපකලාට අපි උඹව බලාගෙන නැහැ කියලා මට හිතෙනවා දුවේ.... උඹ අතට ලැබුන දවසේ මට මම “මල්වර“ උනා.. මම මුලු ජිවිතේම උඹ වෙනුවෙන් කැපකරන්න හිතාගත්තා..... ඒත්.. ඒත් ඇයි උඹ මෙහෙම කලේ අපිට..... උඹ ආදෙර් කියලා හොයාගෙන ගියේ මේකද..... උඹ මනාමාලියෙක් වෙලා යන දවසට මට අඬන්න තිබ්බ කඳුළු ඇයි උඹ නැතිකලේ..... දැන් උඹට මගේ මළගමට අඩන්න කඳුළු නැතිවෙයි මගේ දුවේ.....
මේ දුවගේ තාත්තා මේක දැක්කොත් මෙහෙම කියලා අඬයි කියලා මට හිතුනා......
එදා මම මේ ගැන කථා කලා...... විනය තකා කුමක් කරමුද ? සමහරැ නම් මේ පොස්ට් එක දැකලා කිව්වේ මගේ කුහක කම කියලා....එත් අද වෙලා මොකක්ද අපිට ඇත්වෙලා තියන තත්වය... මේවා ගැන අපි කුමක් කල යුතුද..... අද අපේ දරුවන් කොයි තරම් දුරට ආරක්ෂිතද කියන දේ ගැන නැවතත් අපිට හිතන්න වෙනවා... අද පවතින ජීවින රටාවත් එක්ක දෙමව්පියෝ මහා අරගලයක් නිරත වෙලා ඉන්නේ... තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න... දරුවන්ට හොඳ ජීවිතයක් ලබාදෙන්න.. ඔවුන්ගේ අනාගතය සරි කරන්න නිමා නොවන අරගලයක් නිරත වෙලා ඉන්න දෙමව්පියන්ට නොදැනිම දරුවෝ තමන්ගෙන් ඈත් වෙනවා... ඔවුනට නොදැනීම ඔවුකට නොලැබෙන ආදරෙය හොයාගෙන යනවා... මෙවැනි දේට දෙමව්පියොත් වගකියන්න ඕනේ..... මුලු මහත් සමාජයමත් වගකියන්න ඕනේ....
මහා ලොකුට අපේ සාදාචාරය... හැදිච්චකම.. ඉතිහාසය ඉස්සරහාට දාගෙන උදම් අනන අපි අපේ සාමාජය කොයි තරම් දුරට පිරිහිලාද කියන එක පිලිගන්නේ නැහැ..... දරුවන්ට පාසැල් කාලේ තමන්ගේ ආරක්ෂව තමන් සපයාගන්නේ කොහොමද.. තරුණ කරුණියන්ට අනවශ්‍ය ලිංගික කටයුතු වලින් වලකින්නේ කොහොමද... තමන්ගේ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද කියන එක ගැන කථාකරන්න බයයි.. .අපේ සදාචාරය සභ්‍යත්වය නිසා.... අද අපිට වෙලා තියෙන්නේ මොනවද... අද අන්තර්ජාලේ කොයිතරම් නම් බාලවයස්කාර තරුණයන්ගේ නිරුවත් විඩියෝ සංසරණය වෙනවද..... මේවට කව්ද වගකියන්න ඕනේ......
එක අතකට බොහොමයක් බටහිර රටවල් තරුණ වයසේ ලිංගිකත්වය කෙරෙහි දරණ මතය හොඳයි කියලා හිතෙනවා.... දෙමව්පියෝ දරුවෝ.. ගුරුවරු දරැවෝ අතර ලිංගිකත්වය තරුණ හැඟීම් ගැන සාකච්ඡා වෙනවා.... කොටින්ම වැඩිවිය පැමිනි ගෑණු දරුවන්ට එළියට බහින කොට “කොන්ඩම්“ එක ගත්තද කියලා අහන තරමට දරුවන් දෙමව්පියන් අතර සම්බන්ධතා තියනවා.....
අපි හැමදාම කලේ කොලේ වහලා ගහන එක....පාරක් පාරක් ගානේ සමාජ ශාලා.....කැරොකේ.. මසාජ් සෙන්ටර්... බඩු පොට්... නියට් ක්ලබ්.....තියාගෙන අපි කෑගහනවා අපේ සංස්කෘති... සභ්‍යත්වය කියලා.... හැබැයි බැළුවොත් ස්ත්‍රී දුෂණ... ළමාඅපචාර......මිනිමැරීම්... මංකොල්ලාකෑම් මෙකී නොකී හැම දේම කියන අපි වෙසක් පෝයට පොසොන් පෝයට හතර අතේ බුදු ගුණ ගයනවා... දන්සැල් දෙනවා.... ලොකේ නිර්මල බුදු දහම රැකිලා තියන එකම රට කියලා උදම් අනනවා.....
ඇත්තමට අපිට වැරදිලාද...?
එහෙම නම් අපිට වැරදුනේ කොතැනද...?
නැවතත් හිතන්න කාලය....
(සංවාදට ඉඩ)
Friday, August 17, 2012
මරණ දණ්ඩනය සහ කන්‍යාභාවය...
මෑතක දී ඇති වු ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර හේතුවෙන් දුෂකයින්ට මරණ දඬවම බලාදිය යුතු බවට මතයක් සමාජය තුල මතුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මත පලකරන්නන් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ වැරදිකරුවන් එල්ලා මැරිය යුතු බවයි. නමුත් බොහෝ දෙනා මෙවැනි ප්‍රකාශ කරනු ලබන්නේ හුදු වෛරී ආකල්ප මත මිස ඒ සම්බන්ධයෙන් නිසි වැටහීමක් නොමැතිව බව මාගේ අදහසයි.
දඩුවමකින් අපරාධ මර්ධනය කල හැකි නම් ලෝකයේ බොහෝ රටවල් අද ඉතා සාමකාමී සහ නිදහස් සමාජ වාතාවරනයක් පැවතිය යුතුය. සරළවම කිවහොත් ඉතාමත් කෘර දැඩි දඩුවම් ලබාදෙන අරාබිකරයේ රටවල ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම් වලින් තොර සමාජයක් පැවතිය යුතුය. නමුත් එය එසේ නැත. ඒ රටවල පවා තවමත් ස්ත්‍රී දුෂණ සහ කාමාපරාධ සිදුවෙමින් පවතී. එය හෙටත් සිදුවනු ඇත.
එසේ නම් අප මේ සඳහා කල හැක්කේ කුමක්ද යන ගැටළුව ඔබට මතුවනු ඇත.
අප කලයුතු වන්නේ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දෙන සමාජයක් බිහිකිරීමය.. නීතිගරැක නීතියට ගරුකරන සමාජයක් බිහිකිරීමය... එකිනෙකාගේ අදහස් ගරැකරන එකිනෙකාට ආදරය කරන සමාජයක් බිහිකිරීමය....මෙය නීතියක් සම්මතකර දඩුවම් දැඩි කරනවා තරම් පහසු නැත.. ලංකාවේ නීතිය අනුව මනුෂ්‍ය ඝාතකයන්ට දැඩි දඩුවම් නීතිගත කර තිබේ.. ජනාධිපතිවරයාගේ එක් අත්සනකින් ඔවුන්ගේ මරණ දඬුවම ක්‍රියාක්මක කල හැකිය. මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙකුට දිය හැකි දැඩිම දඩුවම එය වුවත්, අදටත් ලංකාවේ වසරකට මනුෂ්‍ය ඝාතන සම්බන්ධ දත්තයන් පහත දැක්වේ.
මේ වාර්ථා අනුව පෙනි යන්නේ දඬුවමකින් අපරාධ පාලනය කල නොහැකි බව මොනවට පැහැදිලි කරමිනි. මෙයින් ගම්‍යවන්නේ යම් පුද්ගලයෙකු වරදකට පෙළඹෙන්නේ ඒ වරදට ලැබෙන දඩුවම ගැන තැකීමකින් නොව ඒ අවස්ථාවේ දී ඔහුගේ සිතේ හටගන්නා චේතනාව හේතුවෙන් බවයි. එසේනොමැති නම් නීතිමය තත්වයන් ගැන අවබෝධයක් සහිතව කරනු බලන අපරාධ සැලසුම් සහගත අපරාධය. ඒවා සිදුකරනු බලන්නේ නීතියේ ඇති අඩු පාඩු හා හිස්තැන් පිළිබ පැහැදිලි අවබෝධයකින් , ඒවායින් රිංගායාමේ අවස්ථාවන් ගැන මනා දැනුමකින්ය.

පාලකයින්ගේ වගකීම වන්නේ පුරවැසියන් වරදට පෙළඹිය හැකි ආකල්ප බැහැර කල හැකි සමාජයක් බිහිකිරීමයි. නීතියේ ආධිපත්‍ය පිහිටුවීමය. නීතිය ස්වාධින කිරීමයි. නිතියේ හිස්තැන්, හිඩස් පිරවීමය. නිතිය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැංවීමය.
නමුත් අප සමාජයත් පාලකයිනුත් බොහෝ කලක් සිට අනුගනමය කලේද, දැනට අනුගමනය කරන්නේ ද “ඔළුවේ අමාරුවට කොට්ටා මරු කිරීමේ“ සංකල්පයකි. සමාජයක ආකල්ප වෙනස් කිරීම පහසු නැත. සමාජයක් නීතිගරුක කිරීම හෝ නිතියේ ස්වාධිනතිවය ආරක්ෂා කිරීම පහසු නැත. නමුත් පහසවෙන් වසාදැමු අපේ තුවාලය මේවන විට ඔඩු දුවා ඇත. දැන් සිදුවී ඇත්තේ ඉතා දරුණු සැත්කමකට යොමුවීමය.
සමාජයක් මනුෂ්‍යත්වයට ගරු නොකරන්නේ ඇයි.? එසේත් නැත්නම් සමාජයක මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැතිවන්නේ ඇයි.? මේ සියල්ල වසර 30 කට අධික කාලයක් අප මුහුන දුන් කුරිරු යුද්ධයේ අතුරුඵලයන්ය. අද අප යුද්ධය දිනා ඇතැයි අප විශ්වාස කරමු, උදම් අනමු, සව්දිය පුරන්නෙමු. නමුත් අප සැබැ යුද්ධයට අද මුහුන දෙමින් පවතී. අප ආයුධ වලින් කරන යුද්ධය ජයගෙන හමාරය. නමුත් ආකල්පමය වශයෙන් අපි තවමත් සිටින්නේ පශ්චාත් යුධ මානසිකත්වකිනි. රජයද අදටත් විකුනන්නේ යුද්ධයයි. කුමන හෝ ගැටළුවකදී, විරෝධයකදී ඉදිරියට ගෙන එන තර්කය නම් වසර 30 ක යුද්ධය අවසන් කරලිමේ පාරට්ටුවයි.
එදා අපි ප්‍රවෘත්ති නැරඹුවෙමු. එහිදි අපි වඩාත් සතුටු උනේ “ඊයේ සිදුවු ගැටුම් වලින් එල් ටී ටී යේ මිනිමරු ත්‍රස්තවාදීන් 25 මිය ගිය අතර යුධ හමුදා වේ වීර සෙබළුන් 15 ක් දිවි පිදුහ“ කියා ඇසෙන විටය. උන්ගේ 25 කි, අපේ 15 කි, අපට 10 ක් ලාබය. අපිට හරි ජොලිය. එදා අපට මනුස්ස ජීවිතයක් යනු ඉලක්කම්ය. අදත් අපට එය එසේමය. නිතර බලන්නට දකින්න ලැබෙන ප්‍රවෘත්ති වලින් කියැවෙන්නේ අද සිදුවු අනතුරින් 3 ක් මලාය, 5 ක් මලාය ලෙසය. අප නොම්මර ගනන් කරමින් සිටිමු. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැති සමාජයක ගැණියෙකුගේ කන්‍යාභාවය මහා කජ්ජක්දැයි කෙනෙකුට තර්ක කල හැකිය.

අනෙක් කාරනය වන්නේ සමාජයේ සමහරැන් හැසිරෙන්නේ මීට පෙර අපේ රටේ ස්ත්‍රී දුෂණ සිදුනොවනු ගානටය. යුද්ධයේ දී කාන්තාවන් දෑත් බැඳ දමා නිරුවත් මරා දැමීම යුද්ධයේ හැටිය, එසේත් නැති නම් ඒවා හමුදාව කර අපහසුතාවට පත්කරක්නට ගොතන ලද කථා ලෙස අපි බැහැර කලෙමු. අපේ හමුදාව විනය ගරුක හමුදාවක් ලෙස අපි පිළිගනිමු. නමුත් මෙකී සිද්ධීන් ඇත්තටම සිදු වුවා නම් එකී සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් අද සිටින්නේ අප සිවිල් සමාජය තුලය. මොවුනගෙන් සමාජයට යම් තර්ජනයක් නැතැයි සහතිකයක් දිය හැක්කේ කාටද ? පහුගිය වකවානුවේ අප දුටු සිද්ධීන් කීපයක් මතක් කරනු කැමැත්තෙමි. පෙම්වතිය අමනාප වීම නිසා හමුදා සෙබලෙකු විසින් සිය රාජකාරී ගිණි අවියෙන් ඇයව ඝාතනය කලේය. උසස් නිළධාරියෙකු නිවාඩු අනුමත නොකීරීම නිසා ඔහුව වෙඩිතබා ඝාතකය කර ඔහුද සිය දිවි නසාගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිධාරියෙකි. ග්‍රාමාරක්ෂක භටයින් සිය ගිණි අවිය මනුෂ්‍ය ඝාතන, සතුන් දඩයම් කිරීම, මංකොල්ලා කෑම් සහ බිය වැද්දීම වෙනුවෙන භාවිතා කරන ලද අවස්ථා අපට මතකය.
අපේ රටේ වසරකට දල වශයෙන් ස්ත්‍රී දුෂණ 1500 ක් පමන සිදුවන බව පහත දත්තයන් සැලකිමේ දී පෙනීයයි.
අපේ රටේ වසරකට දල වශයෙන් ස්ත්‍රී දුෂණ 1500 ක් පමන සිදුවන බව පහත දත්තයන් සැලකිමේ දී පෙනීයයි.
නමුත් අවාසනාවකට කරුණ වන්නේ වසරකට වාර්ථා වන ප්‍රමාණයෙන් වැරදි කරුවන්ට දඬුවම් කිරීමෙන් අවසන් වන්නේ 0.20 තරම් අඩු සංඛාවක් වීමයි. මෙයින් ගම්‍ය වන කාරනය නම් ස්ත්‍රී දුෂණ හෝ ළමා අපචාර සිද්ධින් හී විමර්ශණ කටයුතු වලදී හෝ නඩු කටයුතු වලදී යම් ප්‍රමාදයක් සිදුවන බවය. මෙවැනි අවස්ථාවන් හිදී වින්දිතයාට මුන පෑමට සිදුවන තත්වයන් පිළිබඳව මාවිසින් මීට පෙර ලියන ලද අකැමැති මතක කියන පොස්ටුවේදිත් මා විසින් අත්දකින ලද සිද්ධියක් පෙන්වා දෙන ලදී. ඒ වගේම ස්ත්‍රී දුෂණ ළමා අපදාර සිද්ධින් සම්බන්ධයෙන් අපේ රටේ නඩු කටයුතු සිද්ධ වෙන ආකාරයි පිළිවඳව මා විසින් ලියන ලද මුන් ඔක්කොම එකතුවෙලා මාව දුෂණය කලා කියලා ලියපු උපහාසාත්මක පොස්ටුවෙදිත් මා පෙන්වා දෙන්න උත්සහා කලේ අපේ රටේ නීති පද්ධතිය සහ එය ක්‍රියාත්මක කරන නිළධාරීන් ගේ යම් යම් අතපසුවීම් සහ අඩුපාඩු පිළිබඳවය.
අද අප සමාජය කෘරත්වය කෙරෙහි දක්වන්නේ මහතා ආකර්ෂණයකි. අනතුරකදී විපතකදී එය නැරඹීම අපට මහත් චුන් ය. අනතුරට පත් පුදගලයා වටා රොක්වන අපි අනේ අපොයි කියන්නෙමු. නමුත් සමාජයක් ලෙස අප සතු වගකීම් ගැන අපට අමතකය. පහුගිය වකවානුවේ සිදුවු ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් දැන් වගක් නැත. අපට දැන් ඒවා අමතකය. චුදිතයින් නැවත ඒ ඒ පුටුවලය. සිද්ධිය උණුහුමේ විකුනාගත් පත්තරද, සටන් පාටද දැන් විකිණි අවසානය.
අපට ද සියල්ල අමතකය...
තවමත් අනතුර අප අවටය....
ඊලඟ ගොදුර
ඔබ..
ඔබේ මව..
ඔබේ බිරිඳ...
දියණිය..
විය හැකිය..
Thursday, May 10, 2012
අම්මලගේ රෙද්ද උස්සන අධ්‍යාපනේ.....
අධ්‍යාපනය යනු රටේ ජීවනාලියයි.... පාසැලක ආරම්භය සිරගෙවල් කීපයක් වසා දැමීම බව ප්‍රකට කථාවකි.... කරැමයක මහත... අතීතයේ සිට අද දක්වා මේ මහා ශ්‍රී ලංකාද්වීපය තුල සිදුවුවේද... දැනට සිදුවන්නේ ද..... ඉදිරියටත් විය හැක්කේද සිරගෙවල් විවෘත වන තත්වයකි..... රටක මතු පරපුරේ අනාතගය තීරණය කරන ප්‍රබලම සාධකය රටේ අධ්‍යාපයනයයි... එයින් තොර සංවර්ධනයක්... බුද්ධිමත් ජාතියක්.. නව නිමැවුමක් ගැන සිතිය නොහැකිය.... අද අපි කොතැනකද ? සරල කාරණා කිහිපයක් ගැන කල්පනා කරමු...
රටේ පාසැල් පද්ධතිය එන්න එන්නම අගාධයය යමින්
පවත්න බව කාටත් නොරහසකි... අද පාසලක් හොඳ හෝ නරකය යන්න තීරනය කරන්නෙ බාහිර සාධක
පදනම් කරගෙනය...පාසැල සතු ගොඩනැගිලි ප්‍රමාණය... ක්‍රීඩා පිට්ටනියේ ප්‍රමානය....
පිහිනුම් තටාක ආදී නොයෙක් වු බාහිර සාධකයන්, තුලින් පාසැලක් මහා, මධ්‍ය හෝ කනිෂ්ඨ
පාසැලක් යන්නට තීරනය කරනු ලබයි....
ගුරැවරැ පඩි වැඩි කරන්නයි උද්ඝෝශනය කරති... අධ්‍යාපන
ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි උපවාස කරති.... ගුරැවරයාගේ මුලික වගකීමද
ප්‍රධාන අරමුණද දරැවාට නිසි අධ්‍යාපනයක් ලබාදීමයි... අමුත් අපේ රටේ නොවන්නේද.....
මෙයමය.... ගුරැවරන්ට ඊට වඩා හිතන්නද බොහෝ දේ ඇත...තමන්ගේ පවුලේ පොෂණය.. දරැවන්
රැකබලා ගැනීම... තමුනගේ අයිතීන් දිනා ගැනීම... තමන්ගේ සේවයට සරිලන වැටුපක් ලබා ගැනීම ආදී මෙකී නොකී බොහෝ දේ ගුරුවරැන් හට කල්පනා කරන්න සිදුවී තිබේ...
මේ සියළු කාරනා හමුවේ නැවතත් දරැවන් පාසැලට ඇතුලත් කරගැනීමේ මහා තරගය බොහොම මෑතකදී ආරම්භ කිරීමට නියමිතව තිබේ... අද දෙමවිපියන් මුහුන දෙන ඉතාමත් බරපතල ගැටළුවක් සම්බන්ධයෙන් යම් විග්‍රහයක නිරත වීම් මෙම ලිපියේ අරමුණ වේ.....
අපේ රටේ සෑම දෙමව්පියෙකුගේම අරමුණ වන්නේ තමන්ගේ පුතා හෝ දුව රටේ යහපත් පුරවැසියෙකු වීම දැකිමයි... ඒ සඳහා ඔවුනට අවශ්‍ය නිසි අධ්‍යාපනය බලා දීම බොහෝ දෙමව්පියන්ගේ ඒකායන පරමාර්ථයයි... ඒ සඳහා ඔවුන් තම දරැවන් ජනප්‍රිය... සුපිරි ජාතික පාසැලකට ඇතුලත් කිරීමට පෙළඹෙන්නේ නිරායාසයෙන්..... තමන්ගේ දරුවා උසස් පාසැලක අධ්‍යාපනය ලබනු දැකීම සෑම දෙමව්පියෙකුගේම සිහිනයක් බවට පත් වී තිබේ... ඒ හෙයින් මේ සඳහා බොහෝ දෙමව්පියෝ අකැමැත්තෙන් හෝ වේවා විවිධ වංචාසහගත උපක්‍රම අනුගමනය කිරීමට පෙලඹිම නොවැලැක්විය හැකි කාරනයකි....දරැවෙකු පාසැලකට ඇතුලත් කිරීමේදී ඒ සඳහා ඒ ඒ සුදුසුකම් මට්ටම මැන බැලීම සඳහා විවිධ ගණ (Category) අධ්‍යාපන අමාත්‍යංශය විසින් හඳුන්වා දී තිබේ....
1. ප්‍රාදේශිය පදනම
2. ආදි ශිෂ්‍ය පදනම
3. සහෝදර පදනම
4. ආරක්ෂක සේවා පදනම
ආදී වශයෙන් මෙම සාධන මට්ටම් ක්‍රියාත්මක වේ......දරුවාගේ උපතේ සිට දෙමවිපියන් උත්සහා කරන්නේ මේ ගණ අතරින් කුමන හෝ ගණයකට තමන්ගේ දරැවා ඇතුලත් කර ජනප්‍රිය පාසැලක අධ්‍යාපනය ලබාදීමටයි... මෙහිදී දෙමව්පියන් විවිධ උපක්‍රම අනගමනය කරනු ලබයි....
ප්‍රාදේශිය පදනම සඳහා සුදුසුකම් ලැබීම උදෙසා විවිධාකාරයේ උපක්‍රම ක්‍රියාත්මක වේ... ඉන් එකක් වනුයේ දරුවා කොළඹ හෝ තදාසන්න රෝහලක් ජාතක කිරීමයි... ඒ සඳහා බොහෝවිට කොලඹ ප්‍රධාන රෝහල් කරා දෙමව්පියන් ඇදෙනු දක්නට ලැබේ... මෙහි අනෙක් කාරණය වන්නේ කොළඹ හෝ ඒ ආසන්න ප්‍රෙද්ශයක ලිපියක් ලබා ගැනීමයි... එය කොළඹ ආසන්න විශේෂයෙන්ම කොල්ළුපිටිය.. බම්බලපිටිය... හා ඒ හා සමාන ප්‍රෙදේශයන් හී පදිංචිකරුවන්ට ජැක්පොට් දිනුමක් ලැබුනා හා සමාන වරප්‍රසාදයකි.... බොහෝ විට විවිධ තැරුව් කරුවන් මාර්ගයෙන් ඔවුන් තමන් පදිංචි ස්ථනයේ ලිපිනය අලෙවි කරනු ලබන අතර අදාල දෙමවිපියන්ගේ නම් ඡන්දනාම ලේඛනය ඇතුලත් කිරීම ඇතුලු අවශ්‍ය සියළු ලිපි ලේඛණ සැකසීම සිදුවේ....ඒ සඳහා බලාපොරොත්තු වෙන් පාසැලේ ජනප්‍රියත්වය අනුව මුදල නියම වේ... එය රු. 50,000 සිට 200,000 හෝ අවශ්‍යතාවය සහ ඉල්ලුම අනුව වැඩි වෙන අවස්ථා ඇත... යමෙක් එසේ නොවන්නේ යැයි තර්ක කල හොත් ඒ සඳහා හොදම උදාහරණය කොළඹ අවට පැසැල් වලට පිට පලාත් වලින් දිනක් තුල එනු ලබන පැසැල් ලමුන් ප්‍රමාහනය කරන වෑන් රථ පිළිබඳව සංඝනනයක් කිරීම මගින් අවබෝධයක් ලබාගත හැකිය.... වෙන්නප්පුව... නිට්ටඹුව... අවිස්සාවේල්ල... කළුතර ආදී, අදාල ප්‍රතිසාදන මට්ටම ඉහවහා ගිය ප්‍රෙදේශ වල සිට පවා කොළඹ පාසැල් සඳහා දිනකට එනු ලබන පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ ප්‍රමාණය ගැන සිතීමේදී පාසැල් වලින් 80% කට වඩා වැඩි ලමුන් සංඛ්‍යාවක් පිට පලාත්වල දරැවන් බව වටහා ගැනීම අපහසු කරැණක් නොවනු ඇත....
ඊට අමතරව විවිධ නිළතල දරන්නන්ද තමන්ගේ නිළ බලය පාවිච්චි කර ලමුන් ජනප්‍රිය පාසැල් සඳහා ඇතුල් කර දීමේ ව්‍යාපාරයක නිරත වේ... එහි වටිනාකමද අදාල පාසැලේ ජනප්‍රියත්වය අනුව රු 200,000 සිට 500,00 හෝ ඊටත් එහා යන අවස්ථාද නැතුවා නොවේ... ඒ වටිනාකම තීරණය වීමට බලය පාවිච්චි කරන පුද්ගලයා සතු බල ප්‍රමාණයද බලපානු ලබයි..බොහෝ දේශපාලඥයින්... අධ්‍යාපන බලධාරීන්..ඇතුළු බලය හා සම්බන්ධ විවිධ පුද්ගලයින් ගේ මුදල් හම්බකරගැනීමේ අවස්ථාව උදා වීමට තව ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකි.... ඒ එළබෙන ජුනි මස මුල 2013 වර්ෂය සඳහා දරුවන් පාසැල්වලට ඇතුලත් කරගැනීම ආරම්භ වන බැවිනි....
මෙහි අනෙක් බොහොම කාළකණ්නි තත්වය වන්නේ ලිංගික අල්ලස් ලබා ගැනීමයි.... අදාල සුදුසුකම් සම්පුර්ණ කර තිබුනද කුමන හෝ කාරණයක් මවා පෙන්වා දෙමව්පියන් බියගන්වා විවිධා කරයෙන් ලිංගික අල්ලස් ලබාගැනීමේ ක්‍රමයක් කාලයක් තිස්සේ ක්‍රියාත්මකව තිබෙන් බව පසුගියදා කොළඹ ප්‍රධාන පැසැලක ඇතිවු සිද්ධියෙන් මොනවට පැහැදිලි වේ... මේ තවත් එක් සිද්ධියක් පමනක් උවද මෙය කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන.. මනා සංවිධානාත්මක කටයුත්තක් බව මොනවට පැහැදිලිය... සාමාන්‍යෙයන් ලංකාවේ අධ්‍යාපන පිළිවෙත අනුව එක් පංතියක සිටිය යුතු උපරිම සිසුන් ප්‍රමාණය 40 කි.. නමුත් බොහෝ පැසැල් වල මෙම 40 හේ සීමාව ඉක්මවා ගොස් පන්තියක ළමුන් 50 දක්වා බඳවා ගන්නා අවස්ථාවන් තිබේ... දේ අමතර ළමුන් 10 දෙනා බොහෝ විට පන්තියට එකතු වන්නේ පාසැල් වාරය ආරම්භ කර මාසයක් හෝ දෙකකින් පසුවය... නැතහොත් පලමු පාසැල් වාරයේ අවසානයේ දීය... පාසැලක් සඳහා ලමුන් බඳවා ගැනීමේ නිශිචිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නම් එසේ පාසැල් වාරය අතරතුර ලමුන් බඳවාගන්නේ කෙසේද යන්න ගැටළුවකි.....රජයේ පාසැලකට ඇතුලත් කරගන්න සියළු සිසුන් පිළිබඳ වාර්ථ අධ්‍යාපන බලධාරීන් හමුවට ඉදිරිපත් කලයුතු බැවින් මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැටළුසහගත තත්වයකි....
තවද දරැවෙකු පාසැලට ඇතුලත් කිරීමේ සිට විවිධ ආකාරයෙන් පාසැලේ විවිධ කටයුතු සඳහා මුදල් එකතුකිරීම් දැකිය හැකිය.. .එය පාසැලේ ඩෙස් බංකු පිංතාරැවෙන් ආරම්භ වෙන අතර.... පොත්පත්..... නඩත්තු කටයුතු..... සනිපාරක්ෂක කටයුතු..... වැසිකිළි කැසිකිළි පහසුකම් පුළුල් කිරීම්.... ආරක්ෂක කටයුතු.....ආගමික කටයුතු.... විවිධ ප්‍රසංග.... විභාග ගාස්තු.... ක්‍රීඩා තරඟ... පාසැල් සංවර්ධන අරමුදල ආදී මෙකී නොකී විවිධ කටයුතු සඳහා දෙමව්පියන්ගෙන් මුදල් අයකරනු ලබයි... මෙවැනි අවස්ථාවදී බොහෝ දෙමවිපියන් අසරණ වන නමුදු තමන්ගේ දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය උදෙසා අමාරුකම් මධ්‍යයේ උවද කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව මුදල් වියදම් කරයි.... මගේ පාසැල් අවධියේ වාර අවසානයේ දී ගුරුවරැනු වෙත බුලත් හුරුල්ලක් දී දණ නමා වැඳ ආචාර කලා මතකය..... එකල හැකිවක් ඇති අයෙකු වෙතොත් බිස්කට් පැකටුටුවක්.. එසේත් නැතිනම් කුඩයක්... සාරියකදී ගුරුවරියට කෘත ගුණ සැලකීමක් වශයෙන් පරිත්‍යාග කලා මතකය... නමුත් අද ක්‍රියාත්මක වන්නේ මාෆියාවක් වැනි තත්වයකි... පලමු වදර හෝ දෙවැනි වසර පන්ති වල දී ගුරුවරියට උදව්වක් වශයෙන් අම්මාකෙනෙකු පන්ති කාමරයේ රඳවා ගැනීමේ ක්‍රමය යටතේ පන්තියට එක්වෙන් අම්මා ගුරුවරිය සමග අතිකරගන්නා වු සුහදත්වය තුල ඇය හා බැඳුනු තවත් ඒ පන්තියේ පිරිසක් වාර අවසානයේ ගුරුවරියට පරිත්‍යාග කරන්නට පෙළඹෙන්නේ මුදල් වවුචරයකි.... පන්තියේ එක් සිසුවෙකු හෝ සිසුවියකගෙන් රු.1000 ක් බැගින් අයකරගන්නා මේ තුටු පඬුරට අමාර්වෙන් හෝ දෙමවිපියන් මුදල් ලබාදෙන්නේ, එසේ මුදල් ලබා නොදුන හොත් තමන්ගේ දරුවාට යම් අසාධාරණයක් වේයැයි ඇති සැකය හේතුවෙනි....
ආදි ශිෂ්‍ය පදනමේ හෙළුව මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.....

Thursday, March 29, 2012
අකැමැති මතක.......
ඒ 2003 වසරයි......... එවකට මා සේ වය කලේ ලංකාවේ පිළිගත්ත මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක... දවසක් මම එක්තරා පලාතක ගමකට ගියා...ගමේ ගම්මලාදෑණියා එක්ක ගමේ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා කරලා නැවත අවසන් වෙලා මමත් මගේ සහයකයත් අවට සැරි සරන කොට දැක්කා කුඩා නිවසක් අසල ගහක් යට කෙසඟ සිරැරකට හිමිකම් කියන පුංචි දියණියක් මාස ගනන් වලින් වයස කියන්න පුලුවන් තරමේ දරැවෙක් අතේ තියාගෙන ඉන්නවා..... මම ඇයට කිට්ටු කලා....
කොහොමද දුව... අම්මා නැති නැද්ද ගෙදර.... දුවද නංගිව බලාගන්නේ.....?
නැහැ මහත්තයෝ මේ මගේ දරැවා..... අම්මා වැඩට ගිහින්.... මේයා අඬනවා... නවත්තන්නෙම නැහැ...
ඒ කථාවත් එක්ක මගේ හචවත මොහොතකට නතර උනා......
ඇයට වයස වැඩිම උනොත් 15 ක් හෝ 16 කි පමන වෙන්න ඇති..... ඇයි මාස කීපයක දරැවෙකුගේ මවක්......
ඇයගෙන් විස්තර ඇහැව්වා....
සිද්ධිය මෙහෙමයි....
බොහොම දුප්පත් පවුලකට දාව ඉපදුනු ඇය, ඇයට අවුරුදු 14 දී පමන මෙහෙකාරියක් විදියට නිවසකට සේවයට ගියා.... ඇයගේ දෙමව්පියන්ගේ තිබුන ආර්ථික තත්වයත්... පවුලේ තිබුන අඟහිඟකම් හේතුවෙන් ඇයගේ දෙමව්පියන්ට ඇයව මෙහෙකාර සේවය සඳහා යවන්න අකමැත්තෙන් උනත් කැමැත්ත දෙන්න සිද්ධ උනා.. ඇයට රැගෙන ගියේ ඇයගේ දෙමව්පියන් වාසය කලේ ගම්මානයේ තිබුන පොලිස් මුරපොලේ සේවය කරපු පොලිස් නිළධාරියෙක් ගේ නිවසකට....... ඒ යනකොට ඇය වැඩිවිය පැමිණිලා මාස කීපයක් විතරයි......
මෙතන ඉඳලා සිද්ධිය ඇයගේම හඬින් අහමු.....
මම එහෙ ගිහින් මුල් දවස් කීයප කිසිම කරදරයක් තිබුනේ නැහැ.... ඒත් පස්සේ මට මට හැමදාම උදේ පාන්දර 4 ට නැගිටින්න උනා.... ඒ උදේ උයන්න ඕන කරන දේවල් ලෑස්ති කරන්න.... නෝනට උයන්න ඕන කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ..... හාල් හෝදලා ගරලා..... ලුණු සුද්ධ කරලා...ඔය වගේ උයන්න ඔන් කරන හැම දෙයක්ම මම ලෑස්ති කරලා තියන්න ඕනේ... ඊට පස්සේ උයලා ඉවර වෙලා නෝනා වැඩට යනවා....... ගෙවල් දොරවල් අස්පස් කරලා..... රෙදි හෝදනන් ඕනේ....... නෝනගේ පුතාව බලාගන්න ඕනේ මහත්තයා එනකම්.... මහත්තයා උදේ 9 ය 10 විතර වෙනකොට එනවා... ඊට පස්සේ මහත්තයාගේ වැඩ......
ඔහොම වැඩ කරගෙන ඉන්න කොට දවසක් හවස මහත්තයා මට කථා කලා කාමරේට..... මම බබත් එක්ක සෙල්ලම් කර කර හිටියේ... මම ගියා මොකද කියලා බලන්න නොන්ලගේ කාමරේට...... කෙල්ලේ මෙහේ වරෙන්.... මහත්තයා මට ලඟට කථා කලා...... මහත්තයා හිටියේ ඇඳේ වාඩි වෙලා......මහත්තයා මාව ලඟට අරගෙන මහත්තයාගේ කකුල් දෙකට හිර කර ගත්තා..... මහත්තයා මගේ ඇඟ අතගාන්න පටන් ගත්තා.... මම දුවන්න ලෑස්ති උනා..... මහත්තයා මාව හිර කරගත්තා..... මම කෑගහන්න හැදුවා.... මහත්තයා මගේ කට වහගත්තා.....
“උඹ කෑගැහැව්වොත් මම උමේ ගෙදර ඉන්න උන් ඔක්කොම මරලා දානවා...... උඹේ අම්මා... තාත්තා.. මල්ලී... නංගී...හැම එකෙක්වම මරලා දානවා....“
මහත්තයා මගේ කනට කරලා කිව්වා..... මට බය හිතුනා.... මහත්තයා මගේ පවුලේ අයව මරලා දායි කියලා... ඒ නිසා මම කෑගැහැව්වේ නැහැ....
මහත්තයා මගේ ගව්ම අස්සෙන් අත දැම්මා.... මාව කිති කැව්නා......මගේ මුලු ඇඟම අත ගෑවා.... එක එක ඇඳුම් ගැලෙව්වා.... මට මොනවද උනා......ඊට පස්සේ............................................... ?
මේ වගේ හැම දාම උනා.... හැමදාම බබාව නිදි කරලා මහත්තයා ගාවට යන්න උනා මට...... මහත්තයා බීලා ඉන්න දවසට මට ගොඩක් වද දුන්නා... මගෙ ඇඟ හැම තැනම හපනවා..... වෙලාවකට මගේ කට රිදෙනවා... කට ඇරගෙන ඉඳලා..... මගේ කොන්ඩේ ගැලවෙන්න තරම් වේදනාවක් එනවා..... ඒත් මම ඉවසගෙන හිටියා... මොකද මම බෑ කියන හැම වෙලාවකම මහත්තයා කිව්වේ මගේ පවුලේ අයව මරලා දානවා කියලා.....
ටික කාලයක් යනකොට මට වෙනසක් දැනෙන් ගත්තා... මට උදේට වමනේ වගේ ආවා... දවසක් නෝනා දැක්කා මම වමනේ දානවා... නොනා මගෙන් විස්තර ඇහැව්වා.... පස්සේ මම කිව්වා මට මහත්තයා කරපුවා.... නෝනා මට හොඳටම ගැහැව්වා.....
එදා නෝනා වැඩට ගියේ නැහැ....... පස්සේ මහත්තයා ආවා... මට ඇහුනා දෙන්නා රණ්ඩු වෙනවා... පස්සේ එදාම මාව ගෙදර ගෙනත් ඇරලුවා... තාත්තට මම වැඩ කරපු කාලෙට පඩිත් දුන්නා......
පස්සේ මහත්තයා අපේ ගමෙන් ගියා..... මට මේ බබා ලැබුනා.......
------------------------------------------------------
මේ සත්‍ය සිදුවීමක්... මේ පොලිස් නිළධාරියෙක් විසින් සිදුකරපු බාලවයස්කාර අපයෝජනයක්..... මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලිස් නිළධාරියෙක්.....ඔහු විසින් මේ බාල වයස්කාර දැරිය නොකඩවා මාස ගනනක් දුෂණය කරලා තියනවා.... අවසනයේ ඇය ගැබ් ගත් වහාම ඔහුත් බිරිදත් එකතු වෙලා මේ දැරියට නිවසට ඇරලා... මේ සම්බන්ධයෙන් මො දරැවගේ දෙමවපියෝ පොලිසියේ පැමිණිල්ලක් කරලා.... නමුත් මේ පොලිස් නිළධාරියත්...අදාල ප්‍රෙදේශයේ පොලිස් අධිකාරී කාර්යාලයෝ සේවය කරපු ඔහුගේ බිරිඳත් මේ සිද්ධිය සම්පුර්ණයෙන්ම යට ගහලා....
මේ ගැන දැන ගතත් වහාම මම ඇතුලු අපේ අනෙකුත් නිළධාරීන් වහාම ක්‍රියාත්මක වෙලා මේ සම්බන්ධයෙන් හොයලා, සිද්ධිය මහේස්ත්‍රාත් අධිකරණයටත්..... ඒ මගින් මහාධිකරණයටත් යොමුකලා...... අදාල නඩුව කැඳවන සෑම අවස්ථාවකදීම මේ දරැවටත් දෙමව්පියන්ටත් අදාල නඩුවට පෙනී හිටින්න එන්න ගමන් ගාස්තු පවා කාර්ය මණඩලයේ පෞදිගලිකව මුදල් ලබා දුන්නා....
අවසානයේ අපි හැමොගෙම උත්සහායෙන් අදාල නිළධාරියාට වසර 7 ක සිර දඬුවමකුත්..මේ දරැවට රු. 50,000.00 ක වන්දියකුත් ලබාදෙන්න මහාධිකරණය තීන්දු කලා..... ඒ වගේම මේ නිළධාරියා සම්බන්ධයෙන් ආයතනික වශයෙන් විනය පරීක්ෂණයකුත් ක්‍රියාත්මක කරන්න පොලිසිය කටයුත් කල බව ආරංචියි......
එදා මානව හිමිකම්කාරයක් විදියට මම කරපු දේ ගැන අදත් මම සතුටු වෙනවා..... කාගෙන්වත් සරණක් නැති...... අසාධාරණයට ලක් වෙච්ච ජනතාවට උදව් කරන්න හැකිවීම සම්බන්ධයෙන්...
ඔබට මොකද හිතෙන්නේ... මානව හිමිකම් කාරයෙක් ගේ සේවය ගැන......
මේ සිද්ධියත් එක්ක ඔබට ඇතිවෙච්ච හැඟීම මොකක්ද....?
මේ දරුවාට සාධාරණය ඉෂ්ඨ කිරීම උදෙසා.. අදාල පොලිස් නිළධාරියාව නිතිය ඉදිරියට ගෙන ඒම රටට ද්‍රෝහි විමක්ද...?
රටේ නීතිය කඩන්නන්ට එරෙහිව නැගී සිටීම රටට ද්‍රෝහි වීමක්ද....?
එහෙමත් නැත්නම් අසරණ දෙමව්පියන්ගේ දියිණියට සාධාරණය ඉටු කිරිම රටට ද්‍රෝහි විමක්ද...?
ඔබම හිතන්න.....
මේ අසරණ උන දැරිය සිංහල කථා කරන දැරියක්ද... දෙමළ කතා කරන දැරියක්දැයි ඔබ තාමත් දන්නේ නැහැ.... ඒත් ඔබේ හිතේ ඇතිවෙච්ච හැඟීම මේ කථා කරන භාෂාව හේතුවෙන් වෙනස් වෙන්න පුලුවන්ද....?
ඇත්තමට ඇය ද්‍රවිඩ දැරියක්... මැදවච්චිය මන්නාරම පාරේ අඩප්පන්කුලම් කියන සරණාගත කඳවුරේ දැරියකට උන සිද්ධියක්.... මෙ නඩුව විභාග උනේ වව්නියාව මහාධිකරණයේ......2003/ 2004 තියන කාල වකවානුවේ......
මතක් කරන්න අකැමැති... ඒත් තවමත් අමතක නොවන... අකැමැති මතක......
Labels:
අත්දැකීම්,
අපරාධ,
අපේ රට,
අයිතිවාසිකම්,
පොලීසිය,
මානව අයිතිවාසිකම්,
සමාජ
Friday, March 23, 2012
ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ?
ආදරයක් නැතිව ළමයි හම්බෙන්න පුලුවන්ද ?
මේක ටික දවසකට කලින් කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයක්.....
මගේ උත්තරේ උනේ “ඇයි බැරි“... කියන එකයි...
ඇත්තටම එහෙම පුලුවන්ද ?
ඇය නැවතත් ඇහැව්වා....
එහෙම නැත්නම් ලංකාවේ දුෂණයි වෙන කාන්තාවන්ට ළමයි හම්බෙන්න හිටින්නේ නැද්ද... ?
එහෙමත් නැත්නම් යෝජිත විවාහන් වලදී පලමු එක්වීමෙන්ම ළමයි හම්බෙන්නේ නැද්ද..?
ඇත්තටම අපි මේ කියන ආදරය එතන තියනවද...?
මේවා ඇත්තටම ප්‍රශ්ණ, ළමයෙක් හම්බෙන්න ඇත්ත වශයෙන්ම අවශ්‍ය මොනවද...? පිරිම ශුක්‍රාණුවක්.. ගැහැණු ඩිම්බයක් සමග සංකෝචනය වීම තුලින් දරුවෙක් හටන්නවා කියන එක සාපේ දී මම ඉගෙන ගත්ත දෙයක්....
එතනදි කිසිම අවස්ථාවක ආදරයක් කියන දේ ගැන කථා කරලා නැහැ.... ඇත්තටම මේ සංසිද්ධිය වෙන්න ආදරයක් අවශ්‍යද..?
සාමාන්‍යෙයන් පුරුෂ ලිංගයක් මොහොතකින් ප්‍රානවත් වෙන් පුලුවන්... ඒ වලේම ස්ත්‍රී යෝණියක් ඒ සඳහා සුදානම් වෙන්න පුලුවන්...... ඒ ඒ අවස්ථාවේ දී උද්දීපනය වන් හැඟීමත් එක්ක.. එතන ආදරයවත්......ගෞරවයවත් ඇතිවෙන්නේ නැහැ... එහෙම වෙනවා නම් අද අපේ රටේ මේ තරම් තාත්තලා නැති දරැවන් බිහිවෙන්නෙත් නැහැ....
එහෙම නම් කෝ ආදරය.....
ඇත්තටම කෝ ආදරය....... ඒක හොයන්න තමයි අමාරැ.... අපි බොහෝ විට මේ දෙක පටල ගන්නවා..... අවශ්‍යතාවය සහ ආදරය.... සාමාන්‍යෙයන් වයස අවුරුදු 16 ක් විතර වෙනකොට ඕනෑම වැඩුනු ගෑණු දරුවෙකුටත් පිරිමි දරුවෙකුටත් ලිංගික හැඟීම පහල වෙනවා... ඒ ඒ අය ජීවත් වෙන පරිසරය අනුව මේ තත්වය එහේ මෙහේ වෙන්න පුලුවන්....
මේකට කියන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය.. මේ සංසිද්ධිය බොහොම පරණයි...ආදම් සහ ඒව දක්වා අතීතයක් තියනවා.... අනිත් අතින් විජය කුවේණි දක්වා අතීතයක් තියනවා......ආදම් සහ ඒව සම්බන්ධතාවයේදී අපිට තහනම් ගහේ ගෙඩි කෑවා කියලා නොකියා කියන්නේ දෙන්නා ලිංගික වශයෙන් එකතු උනා තියන එකයි.. .එහෙමත් නැත්නම් සංසර්ගයේ යෙදුනා කියන එකයි....හැබැයි එතනදී කිසිම අවස්ථාවක කථා වෙන්නේ නැහැ ආදම් ඒ වා සමග පෙමින් වෙළුනා කියලා.. එහෙනම් එතන තියෙන්නේ මොකක්ද... ආකර්ෂණය.... විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය....
ඒ වගේම විජය කුවේණි කථා වෙදී... කුවේණියව දැක්ක ගමන් විජයට ආදරයක් ඇති උනාද.... සරළවම එහෙම ආදරයක් ඇත් වෙන්න පුලුවන්ද...?... කුවේණි ගැබිනියක් උනේ ආදරය හින්දා නෙමෙයි.. .ආකර්ශණය හින්දා.....
අනිත් අතින් ගත්තොත්...ඇයි මේ ජීවයේ පැවැත්මේ මුලිකම අංගය වන සංසර්ගය හැම තිස්සේම වහලා ගහන්න හදන්නේ....
බුද්ධ චරිතයේ ගත්තොත්.... අපි පොඩි කාලේ අහලා තියෙන්නේ සුදු ඇත් පැටියෙක් නෙළුම් මලක් අරගෙන යමහමායා දේවියගේ කුසයට ඇතුල් උනා කියලා... ඒත් සත්‍ය වශයෙන්ම සුද්ධොදන රජතුමා කියන්නේ මනුස්සයෙක් නම්.... මහමායා දේවිය කියන්නේ මනුස්ස දුවක් නම් සරළම සත්‍ය තමයි සුදු ඇත් පැටියෙක් කුසට ඇතුල් උනා කියන හීනයක් හේතුවෙන් ගැබ් ගැනීමක් නොවන බව... මේ වහලා කියන්නේ සුද්ධෝදණ රජතුමා මහමායා දේවිය එක්ක සංසර්ගයේ යෙදුනා කියන එක නෙමෙයිද...?
ජේසුස් වහන්සේගේ ගේ උත්පත්තියේදිත් වෙන්නේ මේ හා සමාන සිද්ධියක්.. මරියා නැමැති තරැණියගේ කුසට ආලෝකයක් මගින් දරු පිළිසිඳ ගනිමක් වෙනවා... මෙතනදිත් ව්‍යංගයෙන් කියන්නේ මරියා සහ ජුසේ කියන සාමාන්‍ය අඹුසැමි යුවලක් සංසර්ගයේ යෙදීම තුලින් දරුවෙක් පිළිසිඳ ගත්තා කියන දේ නෙමෙයිද...?
පොඩි කාලෙදී අපි මේ දෙවල් විශ්වාස කලාට කාලයත් එක්ක වැඩන කොට මේ වගේ දේවල් ගැන තර්ක කරන්න හිතෙනවා....
ඇත්තමට සංසර්ගයට ආදරය අවශ්‍යද..?...සංසර්ගය කියන්නේ මහා පාපයක්ද ?... ජීවීයේ පැවැත්මේ මුලිකම අංගය වෙන සංසර්ගය ඇයි අපි වහලා ගහන්නේ.... මේවා ප්‍රශ්න මට නම්...... මේ කියපු දේ ගැන ආගම්වාදීව නොහිතයි කියලා බලාපොරොත්තු වෙනවා......
සරළ වශයෙන්ම ගත්තොත් මේ තියෙන්නේ පහුගිය අවුරුදු හත තුල ලංකාවේ වෙච්ච ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව... මේ හැම එකකම ආදරය තිබුනද...? එහෙම නම් ඇයි මේවා ස්ත්‍රී දුෂණ වෙන්නේ....
2005 දී - 1540
2006 දී - 1463
2007 දී - 1397
2008 දී - 1582
2009 දී - 1624
2010 දී - 1854
2011 මුල් මාස 3 තුල දී - 471
(මුලාශ්‍ර - ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය)
මේ සංඛ්‍යා ගැන අවධානය යොමු කලොත් අපිට බොහොම පැහැදිලියි දරු ගැබක් හටගන්න හෝ සංසර්ගයේ යෙදෙන්න ආදරය අවශ්‍ය නැහැ කියන එක...
කථාවට නම් අපි තරම් ආගම අදහන... ආගමට ලැදි ජාතියක් මේ ලෝකේ කෙහේවත් නැහැ..... ඒත් අවුරුද්දකට අපේ රටේ කාන්තාවන් 1000 කට වැඩි ගනනක් දුෂණයට ලක්වීම් වාර්ථා වෙනවා...( වාර්ථා නොවෙන් සිද්ධින් කොපමනද ?)
මෙවගේ තත්වයක් තුලත් අපි බොහොම අපුරුවට කාන්තා දින සමරනවා.....
කාට හිනා වෙන්නද මන්දා...?
හිතන්න.......
Tuesday, December 27, 2011
අපි යන්නේ කොයි පාරේ.....
අද හැමදේම ක්ෂණිකය... ක්ෂණික ආප්ප.. ක්ෂණික නුඩ්ල්ස්.. වගේම ක්ෂණික පාරවල්.. ක්ෂණික වාරායවල්.. ක්ෂණික කූඩ, වගේම අධ්‍යාපනයද ක්ෂණිකය....ක්ෂණික වීම හොඳය..... එවිට කාලය අපතේ නොයයි... නමුත් ප්‍රශ්ණය ඇත්තේ ක්ෂණික හැමදේම මග පුස්ය.... පාරවල් හදන්නේ පේන වංගුවටය..... වරාය හදන්නේ නැව් නොඑන්නය... විවෘත කරන වතුර පයිප්යයෙන් වතුර එන්නේ නැත.... විවෘත කරන්නේ ලයිට් කණුය.. විදුලිය නැත..... කූඩය අන්තිමේ ගහන්නේ ජනතාවගේ බඩටය.... විභාග ප්‍රථිපල නිකුත් කරන්නේ ළමයි අන්දුන් කුන්දුන් වෙන්නය... බස් වර්ජනය... තෙල් බාලය... පොල් ගෙනාවොත්.. ඒ බාල පොල්ය....ඒවා බාර කථරගම දෙයියන්ටය.. බිත්තර කියා ගෙන්නේ හුණු බිජුය... හාල් කන්නට පෙර රසායනාගාර පරීක්ෂා කල යුතුය....
මේ එකී නොකී සියලු දේ අවුල්ය... වියවුල්ය... හැබැයි ප්‍රශ්ණය ඇත්තේ මේ හැමදේකින්ම කෙළවෙන් නේ ජනතාවටය... ගල් තිබේ නම් ඒවා කඩන්නට ඇමතිවරැ උදම් අනති.... මලත් කූඩා නැතිව එළවළු පලතුරැ ගේන්නට ඇමතිවරැ උදම් අනති... ප්‍රථිපල අවුල් නම් නැවත සකස් කරන්නට ඇමතිවරැ උදම් අනති.... ඔවුන් බොහොම ලේසියෙන් ඒ ප්‍රකාශ කරන්නේ ඒවාට වියදම් කරන්නේ ඔවුන්ගේ ගෙදරින් ගේන මුදල් වගේය... මේ හැම කෙලියකටම වියදම් කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්ය.... මේවා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ලබාගන්නා ණය ගෙවන්නේ අප නොව අපගේ මතු පරම්පරාවය.... යම් දිනෙක ඔවුන් අපටද අපගේ වලටද සාප කරනු ඇත....
අධ්‍යාපනය අවුල්ය... පාසැලට ඇතුලත් කිරීමේ සිට හැම දේම අවුල්ය.... ගුරැවරැ මහපාරේ සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගති.... මැරයෝ පාසැල් පාලනයේය.... අධ්‍යාපන ඇමතිවරැ රොත්තක් සිටියද ප්‍රථිපල අවුල්ය.... විභාග කොමසාරිස් පිස්සු කෙලිති.... ප්‍රශ්ණකට දෙන්නේ යන්නේ කොහේද මල්ලේ පොල් උත්තරය... දෙමව්පියන් බඩට නොකා හෝ තමන්ගේ දරැවාගේ අධ්‍යාපනයට විදයම් කරන්නේ ඔවුන රටේ උගතුන් වනු දැකීම පරමාරථයෙනි.... දරැවෙකු පාසැලට ඇතුලත් කිරීමේ සිට හැම දේම මුදල්ය.... ඩෙස් බංකු හදන්නට.... තීන්ත ගාන්නට... බුදු පිළිම හදන්නට.. ආරක්ෂාවට... පිට්ටනියට.... මේ හැම දේකටම මුදල්ය.... එතකොට ආණුඩුවෙන් දෙන්නේ පඩි විතරදැයි ප්‍රශ්ණයක් පැන නගී... ඒත් මුන්ට ඒවා හරි ආතල්ය...
කූඩා කෙළියෙන් අවසානයේ බැට කෑවේ ජනතාවය...උත්සව සමය කටේ එළවළු පළතුරැ මිල ඉහල ගියේය ... ජොනී ඇමතිතුමා ප්ලාස්ටික් බඩු කාරයන්නගේ කොන්ත්‍රාත්කාරයෙකු යැයි මම චෝදනා නොකරමි... ජනතාවට පිරිසිඳු... ගුණාත්මක.. පෝෂ්‍යදායි එළවළු පලතුරැ ආහාරයට ගැනීමේ අයිතියක් ඇත... නමුත් ප්‍රධාන කාරණය වන්නේ ඒවා මිලදී ගැනීමට ජනතාවට හැකියාවක් තිබිය යුතුය යුතු වීමය...
අපේ රටේ ජනතාවද අඳින්නට දක්ෂය...අන්ඳන්ට දෙයක් නැත.. අවශ්‍ය ආයිත්තම් දුන් පමනින්ම ඔවුන් ඇඳගනිති....මුණ ලස්සනයි නම් මොන වේසියෙක් උනත් කම් නැත.... වෙන මගුලක් වෙන්නේ කසාදයෙන් පස්සේ නේ යැයි සිතා නිහඬවම ආතල් ගනිති.... අධි වේගයෙන් යනකොට ජනතාවට මාර ආතල්ය... එක් පැත්තකින් අධිවේගී පාර විවෘත කර අනිත් පැත්තෙන් දුප්පත් මිනිහෙක්ට වාහනයක් ගන්නත තියන අවස්ථාවට කෙළියේ නැවතත් වාහන රේගු බද්ද වැඩි කරමිනි.. (සමාවෙන්න පොසත් මිනිහෙක්ට... දුප්පත් මිනිහාගේ වාහන ඔය අධි වේගී පාරවල් වල යන්නට වලංගු නැත)
දියුණුව හොඳය.... නමුත් සමානුපාතික විය යුතුය.... පාරවල් කොන්ක්‍රීට් කල යුතුය... අධි වේගයෙන් යා යුතිය..... වරායන් අවශ්‍යය... බස් හෝල්ට් නැතත්.... ගුවන් තොටු පලවල් ඉදිකල යුතුය..... ඒ ගැන මගේ තර්කයක් නැත.... නමුත් ඒ හැමදේම සාධාරණ විය යුතුය.... මේ හැම දෙනාම පිස්සු කෙළින්නෙ මේ රටේ වැඩකරන ජනාතාවගේ මුදලින් බව සිහිතබා ගත යුතුය...
තෙල් සංස්ථාව ඇනගෙනය... බාල තෙල්.... ගැන වග කියන්නට එකෙක් වත්ම නැත.....යම් වැරැද්දකි සිදුවුවා නම් එය නිවැරදි කරන්නේ වින්ඳිතයන්ට වන්දි ලබා දීමෙනි.... වැරැද්ද කල උන්ට ලැබෙන්නේ උසස්වීම්ය... “යම් පාඩුවක් වෙලා නම් අපි ඒ අයට වන්දි ගෙවනවා..“ ඇමති තුමා කිවේය.... ඒ ගෙනාවේ එතුමගේ ගෙදර සේප්පුවේ තිබුන මුදල් නිසා එතුමාට ගෞරව කල යුතුය....
අද ආණ්ඩුව හැම ප්‍රශ්ණයකයම මුලට දාන්නේ තිස්වසරක යුද්ධය අවසාන කල පාරට්ටුවයි... ඒකේ ආයිත් හෝදන්න දෙයක් නැත... සම්පුර්ණ ගෞරවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමිය.... නමුත් දැන් ඒ කොටස අවසානය... යුද්ධය දිනු පලියට මහජනාතාවගේ මුදලින් පිස්සු කෙළින්නට ඉඩ දිය යුතු නැත.... අපේ ජනාතාවද ඇන්ඳීමේ ලා මහත් දක්ෂයෝය... පපවට ගහගැනීමද... බොහොමත්ම ආවේගශීලීව කථා කිරීමෙන්ද.... ඇස්දෙකට උනන කඳුලු පිසදැමීමෙන්ද... ළමයි වඩාගැනීමෙන්ද... සහ තවත් මේ වගේ බාහිර සාධක වලින්ද ඇන්ඳිය හැක....
බේබිලා පාරට බැස ජනතාව සමග පිස්සු කෙළීමෙන් ද... පාරවල් පුරා මල් බයිසිකල්ද.. සංගීත සංදර්ශණද... කාර් රේස්ද.... පැවැත්වීමෙන් රටේ ජනතාවගේ ප්‍රශ්ණ විසදෙන්නේ නැත..... ජනාතාව සිනි වී සිටීම ද.. පවත්නව හැම ඡන්දයක්ම තමන්ට ඡන්දය දීමද.. හේතුකොට තමන් කරන්නා වු සියලුම දේ ජනාතාව අනුමත කරනවා යැයි සිතා ඔලමොට්ටල ආතල් ගන්නා සියළු දේශපාළුවන්ට මෙසේ කියමි.....
බොරැවද ඇන්දීමද කිසිදින සදාකාලික නොවේ... එය අතීතයේත්, වර්ථමානයේත්.. අනාගතයේති පවතින සත්‍යථාවයකි.... නිශ්චල මුහුද සුනාමියක් වන්නට මහා බලයක් අවශ්‍ය වන්නේ නැත... සුළු තෙරපුමක් කාලය සමග බාධක සියල්ල මුලිනුපුටා දමා අසුවන සියළු දේම විනාශකර නැතිකර දමන බව සිහිතබා ගැනීම වටී.....
Wednesday, November 16, 2011
අපේ නිවටකම සහ පොලීසියේ චණ්ඩිකම.....
බිංගිරිය පොලීසිය තවත් බිල්ලක් අරගෙන...සොරකමකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් තමන් ඇඳ සිටි සරමෙන් ගෙල වැළලාගෙන....මෙහි වගකීම කා සතුද ? පොලිසියේ අත්අඩංගුවට පත්වන පුද්ගලයින් මෙසේ මියයාමට වගකිව යුත්තේ කව්රැන්ද ? මෙහි නීතිමය තත්වය කෙසේද ? මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණ ගැන විශ්වාසයක් තැබිය හැකිද ? පොලිස් කූඩුවක් තුල මියි ගිය අයෙකුගේ මරණ පරීක්ෂණය කොතරම් දුරට අපක්ෂපාතී විය හැකිද ? මරණ පරීක්ෂක වාර්ථාවේ නිගමනය කුමක්ද ? හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිය නිගමනය කරනු ලබන්නේ පොලිසිය විසින් වාර්ථා කරැණු ලබන කරැණු පදනම්කරගෙනද ? විනදිතයන් වෙනුවෙන් පෙනීසිටිනවායැයි කියන.... මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මීට පෙර පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සැකකරැවන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වා තිබේද ? එසේ නම් එම වාර්ථාවන්ට අනුව කරනු ලැබු නිර්දේශයන් මොනවාද ? මේ මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් කොතෙක් දුරට සාධාරණයක් ඉටුවීද ?
මේ කැරකෙන්නේ ඔබේ වාසනා චක්‍රයයි... ඊලඟ වාසනාවන්තයා ඔබ විය හැකිය....
තව මාසකින් මේ වගේ තවත් ලිපියක් ලියන්නට වාසනාව ලැබේවා !!!!
Labels:
අපරාධ,
අපේ රට,
අයිතිවාසිකම්,
පොලිසිය,
මානව අයිතිවාසිකම්,
සමාජ
Friday, October 28, 2011
නොදනී.....
"නොදනී"...... මේ තමයි පොඩි කාලේ ඉඳන් බොහෝ දෙනා මට කථා කරපු නම... පොඩි දවස්වල නම් මට ඒ හැටි ගානක් නැහැ... ඒත් ටික ටික ලොකු වෙනකොට මට තේරැනා ඒ නමේ තේරැම... මම ඒදා ඉඳලා මාව මේ ලෝකෙට ජාතක කරපු තාත්තා කියන පාදඩයට වෛර කරන්න ගත්තා..අම්මට වෛර කරන්න මට හිත දුන්නේ නැහැ. අම්මා බඩ උනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා කියන්න මම දන්නේ නැහැ. මට අහන්න තරම් කාලයක් උන්දෑ ජීවත් උනෙත් නැහැ. අම්මා ගැන තියෙන්නේ බොහොම පොඩි මතකයක්.. මම චුටි කාලේ උන්දෑ මාව ලොකු ගලක් උඩ තියන පංසලක් ලඟ පොඩි අගුවක තියාගෙන රටකජු වික්කා කියලා මතකයක් කියනවා... ලොකු බස් ආවාම මාවත් උස්සගෙන බස් එක වටේ කැරකෙනවා... මට හිතුනේ මට බස් එක පෙන්නවා කියලා.. ඒත් පස්සේ ඒ මතකයන් අවදිකරනකොට මම කොහොමද ඒ අම්මා කරපු දේ විග්‍රහ කරන්නේ.... අම්මා මාව විකුනගෙන කෑවා කියලද ? ඒත් මට එහෙම හිතන්න හිත ඉඩ දෙන්නේ නැහැ..
මගේ අම්මා අසරණ වෙච්ච ගැහැනියක්... අම්මත් මම වගේ ම "නොදනී" ගනයේ... අම්මා මට වැඩිය මේ සමාජෙන් බැට කන්න ඇති කියලා මට අද හිතෙනවා... අඩු ගානේ මගේ උප්පැන්නේ අම්මගේ නම තියනවා... ඒත් අම්මගේ උප්පැන්නේ අම්මා, තාත්තා දෙන්නගෙම නමට ඉස්සරහට තියෙන්න ඇත්තේ "නොදනී" කියලා වෙන්න ඇති.. ඒත් කවදාවත්ම මම අම්මගේ උප්පැන්නයක් දැකලා නැහැ... උප්පැන්න සහතිකේ කියන්නේ ඉපදුනු බවට දෙන සහතිකේට කියලයි මම අහලා තියෙන්නේ... අම්මා ඉපදිලා තියෙන්නේ කොහේද කියලාවත් අම්මා දැනගෙන ඉන්න නැතුව ඇති.. මගේ අම්මව එයාගේ අම්මා පාරේ දාලා ගිහිල්ලා.... පස්සේ අම්මා හැදිලා තියෙන්නේ ළමා නිවාසෙකලු... ටිකක් ලොකු වෙනකොට අම්මා එතනින් පැනලා ඇවිත් බදුල්ල පැත්තේ දී ගෑණු කෙනෙක් හම්බුවෙලා එයාගේ ගෙදර නැවතිලා... පස්සේ එයා අම්මව එක එකාට විකුනලා... කීදෙනෙක්ද කියන්න දන්නේ නැහැ... ඒත් උන්ගෙන් එකෙක් තමයි මගේ තාත්තා වෙන්න ඇත්තෙත්. ඊට පස්සේ තමයි අම්මා දඹුල්ලට පැනලා ගිහින් තියෙන්නේ...අම්මා බොහොම දුක් විඳලා තියනවා... බඩත් උස්සගෙන... අම්මට ඕනෙනම් මාව නැති කරලා දාන්නත් තිබුනා... ඒත් අම්මා එහෙම කලේ නැහැ. මට තියෙන ආදරේ හින්දද දන්නේ නැහැ. ඒත් එහෙම කලේ නැහැ...දඹුල්ලේ පොලීසියේ මහත්තුරැ අම්මට ගොඩක් උදව් කරලා තියනවා.... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා ජීවිතේ ජයගන්න... ඒත් උන් අම්මට ඉන්නම දීලා නැහැ.. තනිවෙච්ච ගෑනියෙක් ගෙන් හැම එකාම ප්‍රයෝජනය ගන්න හදලා... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා.. ඒත් දවසක් එක පාදඩයෙක් මගේ අසරණ අම්මව බෙල්ල කපලා මරලා... මට තේරැමක් නැහැ.... මම දැක්කා අම්මා වැටිලා ඉන්නවා... රතු පාට වතුර ගොඩක් උඩ... අම්මා ඉඳලා තියෙන්නේ ලේ ගොඩක් උඩ.. මම හිතුවා අම්මා තනියම නිදි කියලා... මම කොච්චර කථා කලත් අම්මා නැගිට්ටේ නැහැ....
පොලිසියේ මාමලා මාව අනාථ නිවාසෙට ගෙනාවා.... මගේ පොඩිකාලේ ගෙවුනේ අනාථ නිවාසේ.... එතන ලොකු අයියලා මට එක එක් දේවල් කියලා දුන්නා... රෑට මාව අයියලා මාව තුරැල් කරගෙන නිදයනවා.... අම්මගේ උණුහුම නැති මම තවත් ඒ උණුහුමට ගුලි වුනා...සැරින් සරේ එක එක අයියලා.. .ඒත් මට ඒ උණුහුමට නින්ද යනවා... ඒත් දවසක් මට හරියට රිදුනා.... උදේ උණ ගත්තත් එක්ක...ඊට පස්සේ මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා..මම ගෙදර එනකොට අර අයියලා එතන හිටියේ නැහැ... මට පුදුමාකාර පාළුවක් දැනුනා... මට ආයිත් සැරයක් අම්මගේ උණුහුම නැති උනාවගේ දැනුනා.. අලුත් නැන්දා කෙනෙකුත් හිටියා... එත් එයා හරි වසයි... මම නිසාලු එයාට මෙහෙට එන්න සිද්ධ උනේ කියලා හැම තිස්සේම මට ගැහැව්වා.. ඇයි කියන්න මම දැනේ නැහැ.. හැම තිසසේම මට වද දුන්නා... ඒ නැන්දා තමයි ඉස්ඉස්සල්ලම මට මගේ නම කියලා කථා කලේ..
ඒයි..."නොදනී" මෙහෙ වරෙන්...
මම ඉස්කෝලේ යන්න ගත්තා...ළමා නිවසේ අනිත් අයියලා අක්කලා වගේ... ටීචර් මට වෙනම පුටුවක් මේසයක් දුන්නා වාඩිවෙන්න....මම හිතුවේ මට ආදරේ හින්දා කියලා... පස්සේ තමයි තේරැනේ පන්තියේ ළමයි මගේත් එක්ක වාඩි වෙන්න කැමති නැති නිසා තමයි එහෙම කලේ කියලා.. ළමා නිවාසේ ළමයි මට කථා කලේ "නොදනී" කියලා... ඒක නිසා ඉස්කොලෙත් මට කථා කලේ ඒ නමින්ම තමයි.... මට ඒක ලොකු වෙනසක් තිබුනේ නැහැ... දෙමව්පිය රැස්වීම වලදී අනිත් අම්මලා තාත්තලා ඒ ළමයි එක්ක ඉන්නවා දැක්කාම මට අම්මව මතක් වෙනවා... එ දවසට මම මුලු දවසම පිට්ටනියට වෙලා ඉන්නවා.... අපේ ඉස්කෝලේ පිට්ටනිය පිටිපස්සේ කැළෑව... මම ඒ කැළෑවට පුරැදු උනා.... උදේම ගිහින් කුරැල්ලන්ගේ "කිචි බිචි" සද්දේ අහන්න...ලේන්නු දිහා බලන්න.. මම පුරුදු වුනා.... මම අනිත් ළමයින්ගෙන් අයින්වෙලා හිටියේ... එයාලා මාව කවදාවත් සෙල්ලම් කරන්න ගත්තේ නැහැ... මම එයාලත් එක්ක හිනා උනොත් එයාලා මට රවනවා... මම එයාලගේ ඉස්සරහින් ගියොත් මට "නොදනී" කියලා හිනා වෙනවා... මට මේ දේවල් හුරැ වුනත් ටික ටික ලොකු වෙනකොට මම උන්ට වෛර කරන්න පටන් ගත්තා... උන් මට රැව්වොත් මමත් රවනවා... මට ගැහැව්වොත් මමත් ගැහැව්වා.... මම ඉස්කෝලෙ යන එක අතැරියා.... මම මුලු දවසම හිටියේ කැළෑවේ.... මම සත්තුන්ට ආදරේ කලා... උන් අහිංසකයි.... උන්ගෙන් මට කරදරයක් තිබුනේ නැහැ..මම ඉස්කෝලේ යෑම අතැරියා.... මම පාරට බැස්සා....පාදඩයෙක් උනා...රස්තියාදුකාරයෙක්.. පොකට්කාරයෙක්...ගංජාකරෙයෙක්... කුඩුකාරයෙක්...පස්සේ මංකොල්ලකාරයෙක්......ඒත් අද මම හිරකාරයෙක් වෙලා ජීවිතේ මෙනෙහි කරනවා....
මම මේ මුලු සමාජෙටම වෛර කරනවා... මේ මුලු සමාජ ක්‍රමයටම... හිරේ දී මම ජිවිතේ ඉගෙනගත්තා... ඇයි මට මෙහෙට උනේ...කොතනද මට වැරදුනේ කියලා...කව්ද වැරදි කියලා... ඔබම කියන්න... මම වැරදිදි... මගේ අම්මා... පාදඩ තාත්තා...මට කියලා දෙන්න...
(මේ ලියවිල්ලට මුලික උන පහත ලිංකුවට අදාල සිද්ධිය ඔබගේ අවධානයට යොමුකරමි, මෙහි තෙවැනි ප්‍රවෘත්තිය මෙම ලිපිය හා බැඳේ)
http://www.col3negoriginal.org/watch.php?id=13841
Labels:
අපරාධ,
අපේ රට,
අයිතිවාසිකම්,
උපුටා ගැනීම්,
වගකීම්,
සමාජ
Friday, October 14, 2011
මානව හිමිකම් නාමයෙන් ගල් ගසා මරමු....
මානව හිමිකම් සම්බන්ධයෙන් මීට පෙර ලිපි කීපයකම මා පැහැදිලි කිරීම් කර ඇත. මානව හිමිකම් යනු පුද්ගලයෙකුට “ගරැත්වයක් සහිතව නිදහසේ ජීවත්වීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන්“ ලෙස මා දක්වා ඇත. තමන්ගේ මානව අයිතිවාසිකම් හී සීමාව ඇත්තේ අන් අයගේ මානව අයිතීන් කඩ නොකිරීමේ සීමාව දක්වාය... අන් අයගේ අයිතීන්, නිදහස කඩ වීමක් තුලින් තමන්ගේ අයිතිවාසිකම් සපුරාගත නොහැක... එය නීතිමය වශයෙන් තහනම් මෙන්මසදාචාරාත්මක වශයෙන්ද කල නොහැකිය.... එවැනි දේ ලංකාවේ නිතිය අනුව වරදි වේ... වැරැද්දට දඬුවම් දිය යුතුය... නිසියාකාර පරීක්ෂණයක් පවත්වා... සාධාරණ නඩු විභාගයකින් පසුව, රටේ පවත්න නීති පද්ධතිය යටතේ පුද්ගලයෙකුට දඬුවම් කිරීම කිසිවිටකත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවේ..
වර්ථමානයේ අප රට තුල සංවිධානාත්මක අපරාධ ගනයට එක් වු අලුත්ම කොටස වන්නේ කප්පම් ගැනීමේ අරමුනින් පැහැරගෙන යාම් සහ සංවිධානාත්මක ස්ත්‍රී දුෂණයි... මේ දෙකම අද බොහෝ සුලභව රට තුල සිදුවේ... හෙටද සිදුවනු ඇත... මා මේ ලිපියෙන් කථාකරන්නට අදහස් කරන්නේ මේවැනි සංවිධානාත්මක අපරාධ දෙකක් පිළිබඳවය...
එකක් නම් ඊයකින් පැමිනි තොරතුරකි....මේ තොරතුර කොයිතරම් දුරට සත්‍යදැයි නොදනිතත් මෙවැනි විය හැකි බැවින් සටහන් කරමි.... එක්තරා තරැණියක් කාර්යාල කටයුතු අවසන් කර මාර්ගයට පිවිසියේ ඉක්මනින් සිය නිවස බලා යන්නටය...මොහොතකන් ඇයට දකින්නට ලැබුනේ පදිකවේදිකාවේ කොනක කුඩා කරැවෙකු අඬමින් සිටින ආකාරයයි... මේ කුඩා දරැවා වෙත ඇය මේ කුඩා දරැවගෙන් කාරණය විමසුවේය.... “මං අතරමං වෙලා... අනේ මාව ගෙදර ගෙනියන්න“ දරැවගේ ඉල්ලීම විය....“මේ තියෙන්නේ මගේ ගෙදර තියන තැන“ දරැවා ලිපිනය ලියන ලද කොළ කැබැල්ලක් ඇය අත තැබීය...ගෙදර යාම මදතට කල් දැමු ඇය තරැව සමග අදාල ලිපිනය සොයා ගියාය.... අදාල ස්ථානය පැමින නිවසේ විදුලි සීනුව නාද කරන්නට ඇඟිල්ල තැබීය... ඇයට මතක එපමනකි... සිහිය එනවිට ඇය පාළු නිවසක... නිරැවතින් සිට ඇත.....
අනිත් කාරණය මේ පහත ලිංකුවට සම්බන්ධය... මේ ගැන කියනවාට වඩා ඔබම නරඹා ඒ ගැන දැන ගැනීම යෝග්‍ය යයි සිතමි..
මුන්ව ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුය.....
Subscribe to:
Posts (Atom)