ඇත්තටම ජාතියක් විනාශ කරන්න පුලුවන් කොහොමද ? මම දැක්ක කාරනා කීපයක් තිබුනා ඒ සම්බන්ධයෙන් කථා කරන්න වෙන.. අපි බලමු කොහොමද ලේ හලන්නේ නැතුව ජාතියක් විනාශ කරන්නේ කොහොමද කියලා...
පලවෙනි කාරනය තමයි අධ්‍යාපනය අහිමි කිරීම, යම් ජාතියක් නැත්තටම නැති කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් තමයි අධ්‍යාපනය අහිමි කිරීම.. එක පරම්පරාවකට අධ්‍යපනය අහිමි කිරීම තුල දිර්ඝ කාලීනව කොයිතරම් බලපෑමක් ඇතිවිය හැකිද යන්න ගැන ඔබගේ අවධානය යොමුකරන්න... අධ්‍යාපනය අහිමි කිරීම යනු සිතීමේ හැකියාව, නව නිපැයුම් කිරීම, ලෝකයත් සමග ගණුදෙනු කිරීම, දැනුම බෙදාදීම සහ ඒ හා බැඳුනු තවත් බොහො කරණු අහිමිව යනවා. බොහෝ රටවල් ඒ රට වල මුල් අයිතිකරැවන් වඳ වී යන්නේ මේ හේතුව නිසා. අදත් අපි නොදැනුවත්වම සිද්ධවේගෙන යන්නේ මේ කාරනාව..... අද වෙලා තියෙන්නේ මේවා ගැන විවෘතව කථා කරන්නේ නැහැ..... සරවම ගත්තොත් Z ස්කෝර් ප්‍රශ්ණය... රටේ අනාගතය බාරගන්න ඉන්න මොල ටික මානසික වශයෙන් අනාථ කරලා.... තමන්ගේ අනාගතය තීරණය වෙන ප්‍රධානතම කඩ ඉමට රෑ දවල් නොබලා වෙහෙසිලා අන්තිමේ දී ඔවුනට තවත් ඉතුරු වෙලා තියෙන්නේ අවිනිශ්චිතභාවය..... උසස්පෙළ විභාගයට ඒ සාමාර්ථ තුනක් ලබාගෙනත් විශ්ව විද්‍යාල වරම් අහිමි වීම තරම් තවත් අභාග්‍යක් තියනවද....? මුන් මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගතෙත් එක්ක නෙමෙයි ද....? තමන් ගේ අතින් වෙච්ච වැරැද්ද වහගන්න අනුන්ගේ රෙද්ද උස්සන මේ වගේ නරුම ඔලමොට්ටල අධ්‍යාපන බලධාරීන් එන්න රටක් මේක.... මේවා දකින කොට තමයි හිතෙන්නේ සුනිල් පෙරේරාගේ සිංදුව කොයි තරම් තාර්කික ද කියලා..... අධ්‍යාපනයේ හිණිපෙත්තටම නොගියත් සුනිල් පෙරේරා කොයි තරම් දුරදර්ශි ද... කොයි තරම් දේ ගැන වැටහීමක් තියනව ද කියලා....?
“මේ රටේ මිනිස්සු තනිකර කෙළන්නේ පිස්සු.....“
ඇත්තටම මිනිස්සු තමයි බළධාරියෝ පිස්සු කෙලීමේ මුලික වගකීම භරගන්න ඕනේ..මොලයක් නැති මෝඩ මීහරක් රෑනක්ට තමන්ගේ පාලනය පවරලා..... උන් කෙලින පිස්සු පාට පාට කණ්නාඩි වලින් බල බල ඔලමොට්ටලයෝ වගේ ආයිත් සරයක් ගිහින් උන්ටම පාලනය බාරදෙන.... අපි වගේ මෝඩ මිනිස්සු ජාතියක් මේ ලොකේ කිසිම රටක නැතිව ඇති.....
දෙවැනි කාරනය විදියට මම දකින්නේ උපත් පාලනය.... මීට දශක දෙකකට විතර උඩදී ගෙනවා තියරියක් අපි දෙන්නයි දරු දෙන්නයිපුංචි පවුල රත්තරං කියලා... අපේ ආච්චමලා සීයලා ගේ පවුල් ගත්තෝත් සහෝරයෝ 5 දෙනයි සහෝදරියෝ 3 දෙනයි.... ඒත් අද.... එක පවුලේ අම්මයි තාත්තයි එක දරුවයි .. එක්කෝ දෙන්නයි..... මහ උන් කොන්ඩම් ප්‍රෙමාට් කරලා.... එක්කෝ සරු භාවය අහිමි කරලා කෙලවගත්තා....එදා කොහොමද කිව්වේ..... අද මොකද වෙලා තියෙන්නේ... දැන් බෙරිහන් දෙනවා මුස්ලිම් ජනතාව වැඩියි..... එක ගමගට උන් ආවොත් උන් මුලු ගමම අල්ලනවා... එක්කෝ දෙමල්ළු බෝ වෙනවා... උන්ගේ ප්‍රමාණය වැඩියි කියලා... හැබැයි ආපහු හැරිලා බැලුවොත් අපිම තමයි අපිට කෙළවගත්තේ.....
“අපි දෙන්නයි දරු දෙන්නයි... පුංචි පවුල රත්තරං.....“
අනිත් කාරනේ තමයි ආගම් වාදය... ආගමක් කියන්නේ යම් පුද්ගයෙක් දරණු ලබන මාතවාදයක්.. එහෙමත් නැත්නම් කරනු බලන විශ්වාසයක්...
“සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමක් හෝ වැළඳගැනීමේ නිදහස ද, ලබ්දියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය“
මේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි පරිඡ්ඡේදයේ සඳහන් වෙන මුලික අයිතිවාසිකම් හී 10 වෙනි ව්‍යවස්ථාව.....
බොහොම පැහැදිලියිනේ.. මෙයින් ඕනෑම පුරුවැසියෙතුට තමන්ට අයත් ආගමක් ලබ්දියක්.. මතයක් විශ්වාසයත් දැරීමේ අයිතිය තියනවා.... ඒක එහෙම අපේ ආණ්ඩුක්‍රම ව්යයස්ථාවෙන් ආරක්ෂා කරලා තියෙද්දී අපේ උන්දැලා පල්ලි හැදුවාය... කෝවිල් හැදුවාය කියලා මරාගන්න හදනවා.... හැබැයි මේ කෑගහන උන්දැලා ඔවුන් කෑගහන්නේ කුමක් උදෙසාද කියලාවත් දන්නවාද කියලා සැකයි..... පුජා භිමියේ පල්ලි හදන එක පේනවා.... හැබැයි බාර්... සමාජ ශාලා.....ගණිකා මඩම්.... පාසැල් දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන තැන්... ගැන කිසිම කථාවක් නැහැ.....අපිට අමතක දේ තමයි අපි බෙදී වෙන්වෙලා ඉන්න තරමට පාලකයා කොයි තරම් ශක්තිමත් ද කියන එක... අවසානේ අපිට අද මොක ද වෙලා තියෙන්නේ.. කහ සිවුරැ පලගත්ත නිල් පාට.. රතු පාට, කොල පාට හාමුදුරවරැ.... පාට පාට ස්වාමිලා.... ලෙබ්බෙලා... පුජකයෝ...... මිනිස්සුව හය මගට ගන්න ඉන්න කොටස් බෙදිලා වෙන්වෙලා.... ඒ ඒ අයගේ න්‍යාය පත්රයන් ක්‍රියාත්ම කකරන්න උත්සහා කරනවා..... ආගමික ශාස්තෘවරැන් ගේ සැබෑ දේශණාව මෙයද........එක එක පාට කණ්නාඩි වලින් නෙමෙයි අපි පුරවැසියාගේ කණ්නාඩියෙන් මේවා දකිනතාක් අපිට හැමදාමත් වෙන්නේ මේ සංතෑසියම තමයි.......
අනිත් කාරනේ තමයි නීතියේ ආධිප්ය බිඳවැටීම.... නීතිය හෑල්ලුවට ලක්වීම....එහෙමත් නැත්නම් නීතිය කෙරෙහි මහජනයාගේ විශ්වාසය හීන වීම... හිතන්න.. අද අපිට වෙලා තියෙන්නේ ඒක නේද..... මිනිස්සු වැරැද්දට බය නැහැ.... මොකද ඔවුන් දන්නවා මොන වැරැද්ද කලත් නීතියෙන් ගැලවෙන්න පුලුවන් තරමේ හිල් තියනවා කියලා.. අවශ්‍ය දේ බලය සහ මුදල් පමණයි..... අද විභාග ප්‍රතිපල ටිකට පාරට බහින්න සිද්ධවෙලා... ගොවියන්ට වතුර ටිකට පාරට බහින්න සිද්ධ වෙලා.... නිළධාරීන්ගේ පඩිය විතරක් වැඩිකරගෙන... ගෝලයන්ගේ පඩිය වැඩි කරගන්න පාරට බහින්න සිද්ධ වෙලා... ගොවියන්ට වතුර ටිකට පාරට බහින්න සිද්ධ වෙලා.... විනිශ්චයකාරවරුනට, නිතිඥයින්ට නීතියේ ස්වාධිපත්‍ය වෙනුවෙන් පාරට බහින්න සිද්ධ වෙලා... පහුගිය කලේ එක්තරා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ව පැහැරගෙයන යන්න ආපු “සුදු වෑන්“ එකේ හිටියේ හමුදා නිළධාරීන්.. ඔවුන් අත්අඩංගුවට ගත්තා පොලීසියෙන්... කෝ ඒ ගැන පරීක්ෂණ... ගණිකා නිවාසය වැටළුවම ඒ නිළධාරියාව මාරු කරනවා... මිනි මැරීමක් ගැන පරීක්ෂණ සාර්ථකව කරන නිළධාරියාව මාරැකරනවා..... මේ නම් අපේ රටේ නීතිය... කිසිම තර්කයක් නැහැ මිනිස්සු නීතිය අතට ගන්නවා... අද අපිට එවැනි අවස්ථා වාර්ථා වෙනවා... මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින.... පාරවල් හරස් කරලා.. ටයර් පුච්චලා... නිළධාරීන් අත්අඩංගුවට අරගෙන මිනිස්සු පෙන්නන්නේ තමන් ගේ ඇති අවිශ්වාසය..
අනේ කූඹියනේ..
තොපටත් රජෙක් ඉන්නේ...
මොක දෑ කරන්නේ...
අපේ කරුමේ අපට වන්නේ...
රජෙක් ලැබුනොත්නේ....
එදා කිරිබත් කන්නේ....
පෙරහැර කරන්නේ....
සාධු නාදෙන් ගිගුම් දෙන්නේ....
පාට කණ්නාඩි වලින් නෙමයි..
ඇස් දෙකින් බලන්න...
අනේ කූඹියනේ..
තොපටත් රජෙක් ඉන්නේ...
මොක දෑ කරන්නේ...
අපේ කරුමේ අපට වන්නේ...
රජෙක් ලැබුනොත්නේ....
එදා කිරිබත් කන්නේ....
පෙරහැර කරන්නේ....
සාධු නාදෙන් ගිගුම් දෙන්නේ....
පාට කණ්නාඩි වලින් නෙමයි..
ඇස් දෙකින් බලන්න...