Showing posts with label කෙටි කථා. Show all posts
Showing posts with label කෙටි කථා. Show all posts

Saturday, April 6, 2013

ජීවිතය හැරී බලමි - හයවැනි පැටළුම



මේ ලොකේ අමාරුම කාරනේ ජිවිතේ අකුරු කරන එක....
හිමිවෙච්ච ආදෙර්ට වැඩිය අහිමි උන ආදරේ ජීවිතේට වද දෙනවා...
හිමි වෙච්ච ආදරේ ගේන පීඩනය...
අහිමි ආදරේ අහිමි වීම ගැන දුක් වේදනා වැඩි කරනවා...
සමහර විට ඒක...
“එයා හිටියා නම් මෙහෙම වෙන එකක් නැහැ වගේ හැඟීමක්“
ආදරේ හැමදාමත් ගුප්තයි...
විවිධයි.. විෂමයි....
අපි හැමදාම අතරමං වෙන්නේ නොලැබිච්ච ආදරේ ලැබුන දේත් එක්ක සංසන්දනය කරන්න ගියාම... අවුරුදු දෙකකට වැඩි කාලයක් පුරාවට නොලැබුනු ආදරේ ගැන කථා කරන හැම මොහොතකම ලැබුනු ආදරේ ජීවිතේ අතරමං වෙනවා...
ඒ නිසාමයි මේ ගැන කථා නොකරන්න හිතුවේ...
ඒත් ආරම්භයක් ඇතොත් අවසානයක් දැකිය යුතුමයි....
ඒ නිසාමයි නැවතත් “ජීවිතය හැරී බලමි“ කථාවේ තවත් කොටසක් ලියන්න හිතුවේ.... අපි පටන් ගත්තේ මෙතැනින්.... ජීවිතේ හැරී බලමි 1 , 2, 3, 4, 5
                                                 -----------------------------------
“අනු“ ඈතට ඈතට යනවා දැක්කා.... ඇස් දෙක බොඳකර ගෙන මුන පුරා ගලන වැහි වතුර අතරින්..... ඈතට ඈතට යන්න යන්න බොඳ වෙලා යන “අනූ“ දිහා මම බලාගෙන හිටියා....
“ඒයි වරෙන් යන්න“.... සුදු අක්කාගේ මහත්තයා......
ඒ ආරාධනාව පයිසෙකට මායිම් නොකර වේගෙන් ඇදිලා ආපු බස් එකට අතදැම්මා....
සුපුරුදු නවාතැන.....
ජානක මහත්තයා මොකද මේ ලේ හැමතැනම......
කාණුවක වැටුනා බං....
ගල් කාලයි..බියර් එකයි..... කඩල ඩෙවල් එකයි......
ඇස් දෙක බර වෙන කොට ඇස් කෙවෙනි අතරින් කඳුළු බේරුනේ අද “අනු“ ව දකින අවසාන දවස කියලා හිත පිළිගත්ත හින්දා.....
අනිවාර්යෙන්ම “අනු“ හෙට ඉඳලා වැඩට එන්නේ නැහැ......

මල්ලි යා..... තව ගල් කාලක්.......
මුලු ලොකේම කැරකෙන කොට හිත එක තැනක නතර වෙලා.... “අනූ“...... ජීවිතේ පුරාවට දැනුන ආදරේ..... වින්ඳ ආදරේ....
හැමදාම මතක් වෙන සුවඳ ආදරේ......
                                              ------------------------------------------
මම හැමදාම උදේ බත්තරමුල්ලේ අයිටීඑන් හංදියට වෙලා බලාගෙන හිටියේ එක සැරයක් මුන දැකගන්න.....
ඒත් “අනූ“ කවදාවත් අවේ නැහැ... හැමදාම උදේට වැඩය යන්න කලින් බත්තරමුල්ලේ අයිටීඑන් හංදියට යන එක මගේ දිනචරියාවක් බවට පත්උනා.....
කාලේ ගෙවිලා යනවා....
හැමදාමත් වගේ බලාගෙන හිටියා මගේ “අනූ“ එයි කියලා....
 එත්... ඒත්....
එයා කවදාවත් අවේ නැහැ.....

මිස්ටර් ජානක.. මේ වැඩේ කරන්න බැහැ...
බලන්න මේ මාසේට ඔයා දවස් 23 ක් හාෆ්ඩේ... කොහේමද මෙහෙම වැඩ කරන්නේ......
තමන්ගේ පෞද්ගිලක ජීවිතෙයි රස්සාවයි පටගලන්න එපා ජානක....
රස්සවාට මුල් තැන දෙන්න...
දන්නවා නේ රස්සවා නැති උනොත් ජීවිතයක් නැහැ......

මට මේ උලව්වෙන් වැඩක් නැහැ මාලි මිස්....
මගෙ ජීවිතේ නැතිවෙලා ඉවරයි....
අපි හීන මැව්වේ එකට.... එකම හීනෙක ජීවත්වෙන්න....
සමාවෙන්න මාලි මිස්....
“අනූ“ නැතිව ජීවිතයක් ගැන හිතන්න බැහැ මට....

ජානක... තරුණ කාලේ ආදරේ ඔහොම තමයි ළමයෝ... ලංවෙනවා... ඈත් වෙනවා.... ඒ හැටි.... එහෙම තියලා ජීවිතේ වරද්දගන්න එපා.....
මම මෙච්චරවත් ඔයා ගැන වද වෙන්නේ මමත් තරුණ කාලේ ආදරේ කරලා තියන නිසා... ඔයාගේ වේදනාව මට දැනෙන නිසා.....
ඒත් ජානක රස්සාවයි ජීවිතෙය් පටලගන්න එපා...
මේ ඔයාට දෙන අනිත්ම අවවාදේ......
                                                      --------------------------------------
කාලය කියන්නේ හැම දේටම හොඳම විසඳුම... එත් මගේ ජීවිතේට ඇර...... හැමදාමත් වගේ මම උදේ පාන්දර ජයවඩනගම හන්දියට ගියේ “අනූ“ එයි කියන බලාපොරොත්තුවෙන්.... හැමදාම.. හැම උදේම.....
ඒත් “අනූ“ ආවේ නැහැ.. කවදාවත්......

නැවතිච්ච ජීවිතෙන් ගලා යාමක් හොයන්න තරම් මම මෝඩයෙක් අනේ නැහැ.... ඒ වෙනකොට හදවත හැර අනිත් චලනය වෙන හැම දෙයක්ම නැවතිලා තිබුනේ... අතරමං වෙච්ච හීන අතරේ බොඳු උන බලාපොරොත්තු ජීවිතේ ජීවත කරවයි කියපලා මම හීනෙකින් වත් හිතුවේ නැහැ... බොඳ වෙච්ච හීන කටු අතරේ හිර කරගත්ත ඇස්.. වැහෙන වාරයක් පාසා දැනුනේ මහ කටුක වේදනාවක්... ඒත් ඒ වේදනාවට මම ආදරේ කලා....
ඇඟිලි හිල් කරපු ඉඳිකටු තුඩු වලින් ලිව්වේ අනුගේ ආදරේ අකුරු...
සුදු පාට කොල රතු වෙනකම්ම අනු ගේ ආදරේ අකුරු කලා...

මේ දේ කරන්න බැහැ ජානක...
ඔයාට තීරණයක් ගන්න වෙනවා....
මේ විදයට මට මේක පාලනය කරන්න බැහැ...
එක්කෝ ඔයා හැමදේම අමතක කරලා වැඩ කරන්න ඕනේ...
නැත්තන් අකමැත්තනේ උන්ත ඔයාව අස්කරන්න මට සිද්ධ වෙනවා...
උඹ හිතන්නේ මේ රස්සාවට මම ආදරෙයි කියලාද...
පිස්සෙක් ගෙන් ජීවිතේ හොයන්න හදන්න එපා...
මටග් ජීවිතේට වටිනාකමක් නැති මට...
මේ රස්සාව කොච්චර වටිනවා නියලාද උඹලා හිතන්නේ...
මම දන්නවා...
උඹලට අනුව මම පිස්සෙක්...
මම පිස්සෙක් විදයටම ඉන්නම්....

දෙයියන්ගේ නාමෙට මට ජීවිතේ කියලා දෙන්න හදන්න එපා....

උන්ට රස්සාව තියාගන්න කියලා මම පාරට බැස්සා...

Thursday, July 19, 2012

අත්තම්මා සහ දොඩං.....

ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ලිලී කියලා..
ලිලීට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ..
නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ලිලී කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ…
ඔහොම යනකොට එක දවසක් පොලිසියෙන් පැනලා ඇල්ලුවා ගණිකාවෝ සෙට් එකක්ම… අපේ පොලිසිය වගේ තමයි ඉතින්, උන් අල්ලන්නේත් අර ස්ව්‍යං රැකියාවක් කරගෙන ඉන්න අහිංසක කෙල්ලෝ විතරයි. ඇයි උන්ව අල්ලන්න ලේසියි… ෆොන් කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ.. පබ්ලිසිටි එක වැඩියි..
හොරු අල්ලන්න, ග්‍රීස් යක්කු අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන.. ඒ උනාට කිසිම වැදගැම්මක් නැති නිවුස් එකක් නේ ඒක…
ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලෝ සෙට් එකක්ම එක තැනකින් අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ලා පෝලිමට හිටෙව්වා.. ලිලීත් ඉන්නවා දැන් පෝලිමේ..
ඔහොම ඉන්න ගමන් ලිලීගේ ආත්තම්මා පාරේ යනකොට දැක්කා තමන්ගේ මිණිබිරිය ඉන්නවා පාරේ අනිත් පැත්තේ පෝලිමක…
ආත්තම්මත් ඉතින් ගියා ලිලී ලඟට මොකද මේ කියලා අහන්ඩ.
ආත්තම්මා වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිව්වා මෙන්න මෙහෙම..
“ආ..මේ..අද පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා මම මේ පෝලිමේ ඉන්නේ ඒවා ගන්ඩ.. ආත්තම්මා යන්ඩ ගෙදර.. මම එන්නම් .. ”
ඒක අහපු ආත්තම්මා, “අනේ දුවේ එහෙනම් මාත් දොඩම් ගන්න ඉන්නං පෝලිමේ..” කියලා පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු..
ඒත් එක්කම ආපු පොලිස් කාරයෙක් පෝලිම දිගට එක එක්කෙනාගේ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමටම ආවලු මේ ආත්තම්ම ගාවට.
පෝලිමේ අන්තිමටම ඉන්න මේ වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට විශ්මය, කේන්තිය, එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු…
“හහ්.. වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නේ.. කොහොමද තමුන් ඔය වයසට ඕවා කරන්නේ..” කියලා ටිකක් තදින් ඇහුවලු..
ආත්තම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු..
“අනේ පුතේ.. ඕක කරන එක ඒ හැටි දෙයක්  නෙවෙයි මට.. මම මගේ දත් කුට්ටම පැත්තකින් තියලා. ඉස්සරහා හක්කෙන් පොත්ත පස්සට ඇදලා ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ….”
මේක අහපු පොලිස් කාරයා ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ගියාලු යන්න..
මේක කියවපු කවුරු හරි , ” ඊර්යා… මෙන්න මෙයා කුණුහරුප ලියනවා” කියලා හිතනවානම් ආත්තම්මා කෙනෙක් දොඩං කන හැටි වෙන විදියකට හිතා ගත්තු පොලිස් කාරයාටත් වඩා වල් හිතක් තියෙන උන් වෙන්ඩ ඕන.. 
 
 - ඊයක් ඇසුරින් උපුටාගැනීමකි -

Thursday, February 16, 2012

ඹබ එනවා නම්.. හීනයක් වෙලාවත්.....



ආ... මහත්තයා බොමු ප්ලෙන්ට්යක්....

ඔහු මෙතෙක් බිමට බර වෙලා තිබුන මුණ උඩ ඔසවලා මගේ අතේ තිබුන අසෝක වීදුරැව අතට ගත්තා.

මීට අවුරුදු 17 කට පෙර මුල් වරට මට ඔහුව හමුවෙනකොට තිබුන තාරැණ්‍ය ඔහුගෙන් ඈත් වෙලා... දුර්වරණ වෙච්ච දත් පෙලත්... කළුපැහැ ගැන්වුන තොල් දෙකෙත්... බර වෙච්ච ඇස් දෙකත් ඔහුගේ වියපත් බව කියාපානවා...

හැම අවුරුද්දකම ඔහු අද වගේ දවසක මෙතනට එනවා.... හැමදාමත් වගේ මා එක්ක දොඩමළු වෙනවා...

 මේ කනත්තේ මගේ අවුරුදු 35 හේ සේවාකාලය තුල හමුවුන අපුරුම පුද්ගලයා ඔහු.... බොහොම සංවේදීම පුද්ගලයා..

හැම දාම වගේ ඔහුගේ ජීවිත කථාව මා ඉදිරියේ දිග හරිනවා..

වෘත්තියෙන් විධායක නිළධාරියෙක්....

ඇයි මහත්තයා දැන්වත් මේ වැඩේ අතඇරලා දාන්න බැරිද ?

බැහැ සිරිදාස අයියා... කවදාහරි එයා එනවා.....

ඉතිං මහත්තයා හොයලා බලන්න තිබුනානේ...

එහෙම උනොත් එයාට කරදරයක්... එයා හොඳින් ඉන්නවා නම්... හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා නම්... එකට බාධාවක් වෙනවා...

එහෙනම් ඇයි මේ තරම් බලාගෙන ඉන්නේ.... ඇයි මේ තරැණ ජීවීතේ විහින් නාස්ති කරගන්නේ...

ජීවිතේ..... කෝ සිරිදාස අයියා ජීවීතේ... කොහේද තියෙන්නේ....මම ජිවීතේ සැළසුම් කලේ එයත් එක්ක... හීන මැව්වේ එකත් එක්ක... ඒ හැම දෙයක්ම ද්වීපාර්ශවීය හීන.... කොහොමද මට විතරක් ජීවිතය ගැන හිතන්නේ...

ඔය මහාප්‍රාණ මට තේරෙන්නේ නැහැ මහත්තයා.... ඒත් මහත්තයා හොඳ පපුවක් තියන.. හොඳ මොලයක් තියන මනුස්සයෙක්... ඇයි මේ විහින් නාස්තිවෙන්න හදන්නේ....

එයාට මම පොරොන්දුවක් උනා... හරියටම මෙන්න මෙතනදි....

එදා අපි මිල්ටන් ගේ ස්මාරකේ තියන සිංදු කියව කියවා හිටියේ.....

“කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා.... මගේ මුවින් මම ලොවට කියා ඇත... ඔබ ගුනවත් කියලා..“

මට ඔයාව දාලා යන්න උනොත් ඔයත් මෙහෙම කියනවද ?

ඔයා මාව දාලා යන්නේ නැහැ නේ....?

නැහැ මම කියන්නේ ..... නිකමට හරි... එහෙම උනොත්....

ඔයාට බැහැ මාව දාලා යන්න....

මේ ලෝකේ අපිට ඕන දේම විතරක් වෙනවා නම් මේ ලෝකේ කොයි තරම්     සුන්දර ද ?

මම අහන්නේ එහෙම දෙයක් උනොත් ඔයා මට වෛරකරනවද ?

නැහැ... කවදාවත්ම නැහැ....

මම හැමදාමත් ඔයා එනකම් බලාගෙන ඉන්නවා... නැවතුන තැනම ඉඳගෙන....

එහෙම උනොත් ඔයා සතුටින් ඉන්න..... මම තරහා නැහැ.... ඒත් කවදා හරි දවසක ඔයා තනි උනොත්...  ඔයාට කරදරයක් උනොත්..... ඔයා එන්න.....

ඒත් එදාට... මට ඔයාව හොයාගන්න බැරි උනොත්...

ලෝකේ කොහේ හිටියත් මම අද වගේ දවසට මෙතනට එන්නම්... අන්න එදාට ඔයා මෙතන හිටියොත්.....
එදාටත් අපි අද වගේම මිල්ටන්ගේ සිංදු කියමු....

ඔය ඇත්තම ද ?

සත්තයි..... මම ඉන්නවා.... ඔයා එන්න....

මම මගේ පොරොන්දුව කරනවා සිරිදාස අයියා.....
එයා එන්නේ නැහැ කියලා කියන්නේ ඔයා හොඳින් කියන එක.... ඒක මගේ හිතට සතුටක්... ඒත් මට එයාව අමතක කරන්න බැහැ... එයා මගේ ජීවිතේ..... ඒ තරමට මම එයාට බැඳිලා.....

බීලා ඉවර උන සිගරට් කොට ගොඩ උඩට තවත් සිගරට්ටුවක් එකතු කරලා.. අලුත් ඒකක් මුවේ රඳවා ගත්ත ඔහු දිග සුසුමක් හෙළුවා.....

ඔහු ගේ මේ කථාව මට හොඳට හුරුයි..... පහුගිය අවුරුදු 17 පුරාවටම ඔහු මා එක්ක මේ කථාව කියලා තියනවා.... ඒ කථාව අහපු එකම කෙනාත් මම....

හවස පිච්චෙන්න දාපු මෘත ශරීරයෙන් නැගෙන හීන වීගෙන යන දුමාරයත් එක්ක බටහිර අහස කළු කරගෙන එනවා....

යන්නම් සිරිදාස අයියේ......

මහත්තයා හිත හදාගන්න.... ලබන අවුරුද්දේ දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

කොහොමත් කවදාහරි දවසක අන්තිමට එන්න වෙන්නේ සිරිදාස අයියා ලඟට තමයි....

යන්නම්.....

පාළු මාවත දිගේ ඔහු හීන වී ගෙන ගියා... 
අනිවාර්යෙන්ම ඊලඟ අවුරුද්දෙත් ඔහු ඒවි......

Thursday, December 15, 2011

ඔබ වෙනුවෙන්.....



මිලිමීටර් වලින්..
බලාපොරොත්තු තියාගෙන..
සෙන්ටි මීටර් වලින්..
හිතට දැනෙන..
කිලෝ මීටර් වලට..
වඩා දිග..
නුඹට ඇති ප්‍රේමය..
ආ දුර...
අවසාන වෙළඳාම..
ඔබ අත ඉතිරි කලේ..
මිලි ග්‍රෑම් සතුටකුත්..
ග්‍රෑමයක මතකයනුත්..
කිලෝ ග්‍රෑම්..
දුකකකුත්.. 
පමනමයි..

Tuesday, December 6, 2011

අපායාචාර්ය.......

අපායේ කථා දෙකක් ගැන කියන්න හිතුවා... දැන් වගේ නෙමෙයි ඉස්සර අපායට යන ලංකාවේ ඇමතිවරැන්ට හොඳ පිළිගැනීමක් තිබුනා.....  ජීවත් වෙලා ඉන්නකොට තරම් නැති උනත් අපායට පිළිගන්නේ පොඩි ආතල් එකක් එහෙම දීලා.... අපාය ව‍ටේ පොඩි සවාරියක් එක්කගෙන ගිහින්... පෙන්නලා... දඬුවම් දෙන තැන්... කටු ඉඹුල.... ‍අර අල්ලලා දෙකට ඉරන කෑල්ල... ලෝදිය හැලිය..... වගේ එක එක දඬුවම් දෙන සෙක්ෂන් වලට එක්ක ගෙන ගිහිල්ලා පොඩි පැහැදිලි කිරීමක් කරනවා.... .ඒ වගේම තමන්ට කැමති දඬුවමක් තෝරගන්නත්... අවස්ථාවක් ලබා දීලා තිබුනා... 

ඔන්න දවසක් අපේ ඇමතිවරයෙක් මිය පරලොව ගියාට පස්සේ ගියා අපායට...‍ අපායේ කට්ටියත් බොහාම සාදරයෙන් ඇමතිතුමා පිළි අරගෙනඑක්කගෙන ගියා අපාය පෙන්නන්න..... මෙහෙම දැන් එක එක සෙක්ෂන් බල බල යන ඇමතිතුමා පිවිසුනා ලොකු වලවල් සමුහයක් තියන තැන්‍නකට... 

ඒ මොකක්ද කියලා ටුවර් ගයිඩ් ගෙන් ඇහැව්වාම 

ඒ ඒක එක රටවල් වල නඩු පෙන්ඩින් තියන කට්ටිය... තීන්දු දෙනකම් වලවල් වලට දාලා තියනවා කියලා... 

මේ හැම වලක්ම මුර කරන්න මුර කාරයෝ දෙන්නෙක් බැගින් දාලා තිබුනා....මෙහෙම දැන් එක එක රටවල් වලවල් පහුකරගෙන යනවා... ඇමරිකාව, ඉන්දියාව, ජපානය වගේ රටවල් පහු කරගෙන ගිය ඇමතිතුමා ආවා ලංකාවේ වලට... ඒ එක්කම මෙතුමා දැක්කා ‍අනෙත් හැම රටක වලකටම මුර කා‍රයෝ හිටියට ලංකාවේ වලේ එහේම මුරකාරයො නැති බව.... 


ඇමතිතුමා බොහොම සංතෝස උනා අපේ ජාතිය කොයි කරම් අවංකද.. කොයිතරම් නිති ගරැකද.. අඩුම ගානේ අපායේ වත් මුර කාරෙයෙක් නැහැ කියලා... හැබැයි වැඩේ කන්ෆර්ම් කරගන්නත් එක්ක ටුවර් ගයිඩ්ගෙන් මෙහෙම ඇහැව්වා...

“ඇයි මේ ශ්‍රී ලංකාවේ වලට මුරකාරයෝ යොදලා නැත්තේ එයාලා ඒ තරමටම අවංක.. නීතිගරැක නිසාද කියලා?“

"බම්බුව... මේක ඉන්න එකෙන් හරි පැනලා යන්න හැදුවොත් ඇතුලේ ඉන්න එකෙක් කකුලෙන් ඇදලා ආයිත් වලට දානවා.. ඒක නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ" 


කියලා උත්තර දුන්නා....

------------------------------------------------------

ඉතින් ඔන්න ඒ උත්තරෙත් අහගෙන ඇමතිතුම ගියා අපාය වටේ..... මෙහෙම ඇවිදගෙන යනකොට අනිතිම හරියෙදී දැක්කා කට්ටියක් වලක කරවටක් බැහැගෙන සිගරට් ‍එහෙම බිගෙන ඉන්නවා... ඇමතිතුමා ඇහැව්වවා 

"මේ මොකක්ද කියලා"....

ආ.. මේකත් දඬුවමක් තමයි... මේ අපායේ අසුචි වල ඒකේ බැහැලා ඉන්න තමයි තියෙන්නේ කියලා...

ඇමතිතුමාට මාර ආතල්.... ෂැක්...දැන් අපායෙත් ආශ්චරියනේ.... හරි එහෙනම් මම මේක තෝරගන්නම්....

ආචාර්ය ඇමතිතුමා.. කණ්නාඩිදෙක නලලට දාගෙන සරම කැහැපට ගාගෙන.... සිගරට් එකකුත් පත්තු කරගෙන වලට අසුචි වලට බැස්සා..... ෂා මේක මරැනේ....

ටික වෙලාවක් යනකොට සිනුවක් නාද උනා...

හිටපු ගාඩ් කෙනෙක් මෙහෙම කිව්වා....

හරි දැන් පලයව් ඇතුලට.....

ඇමතිතුමා ඒ මොකද ?  කියලා ඇහැව්වා...

ආ.. දැන් තව විනාඩි 45 ක් ඔලුව ඔබාගෙන ඉඳලා විනාඩි 15 වේ ඉන්ටර්වල් එකට එළියට වරනේ... 

දැන් යමන් ඇතුලට.. 

ගාඩ් කොල්ලා කෑගැහැව්වා....

Monday, December 5, 2011

විප්ලවවාදියා මරා දැමීම නොහොත් යථාවබෝධය.......



ක්රාස්ග්.... තුප්ප්... තොප්ස්....

සිරිදාස කාරා ගැසු කෙල පාර තමන් ඇස් ඉදිරියේම බිම පතිත උනා..... දනිස් දෙකට බරදීලා වාඩිවෙලා හිටපු සිරිදාස  ඒ දිහා බලාගෙන තමනුත් හරියට මේ කෙල පිඩ වගේ නේද කියලා මෙනෙහි කරමින්... කාලයක් සමාජයත් එක්ක හරිහරියට ගැටිච්ච තමන් අද මුලු සමාජයෙන්මෙ කොන් වෙච්ච පුද්ගලයෙක් වෙලා නේද කියලා හිතෙනකොට ඇති වෙච්ච වේදනාව සුසුමකට පෙරලලා වාතලයට මුදා හැරියා.... කණේ තිබුන ඉතුරැවෙච්ච බීඩි කොටේ පත්තු කරගත්තේ තමන් බිඩිය වගේ ටිකෙන් ටික අලු වෙලා පිච්චිලා යන තමන්ගේ ජිවිතය ගැන මෙනෙහි කරන්න...සිරිදාස අතීතයට ගියා....

හැමදාම මහා විද්‍යාලෙට යන පාරේ හි හම්බුවෙන මුනු... දකින හිනා.... ඇහෙන සුභ පැතුම්....., ඒ විදියට හමුවුන තමන්ගේ මිත්‍රයා මේතරම් තමන්ගේ ජිවිතය වෙනස් කරයි කියන එක කවදාවත්ම හිතෙන්න නැතිව ඇති.... හැමදාම දැකලා.. හිනා වෙලා.... සුභ පතලා ආරම්භ වුන මිත්‍රකම.... කෙළවර උනේ කොතනින්ද..... ඒ මිත්‍රකම සිරිදාස උන්නැහේව හැමදාම පහුකරගෙන ආපු විශ්ව විද්‍යාලේ ඇතුලට ඇදගෙන ගියා.... විවිධ මිත්‍රයෝ මුනගැහුනා... විවිධාකාර.... අමුතු කථා බහ.... විප්ලවය.... පන්ති සටන... අරගලය...මාක්ස්.... වගේ විවධ අපුරැ වචන හරහා ඒ ඔවුන් තරැණ සිරිදාසට ලං උනා...සිරිදාසගේ ජවිතේ විරයෝ වෙන්න මොවුන්ට වැඩි කාලයක් ගියේ නැහැ... සමාජය ගැන වෙනස් විදියට බලන්න... දකින්න සිරිදාස හුරැ උනේ මේ මිත්‍රයන්ගේ සංවාද වලට බොහොම උනනදුවෙන් ඇහුන්කන් දීමෙන් ලබාගත්ත දැනුමෙන්...ටිකෙන් ටික උත්සහ කලා මේ ඇහුන දේ සමාජයේ පවතින තත්වයත් එක්ක ගලපන්න....මොනවද මේ කියන්නේ..... මේ සමාජය තුල තියන මේ කියන අසාධාරණයන් මොනවදා.....පන්ති බේදය මොකක්ද..... 

පාසැල් වයසේ පසුවෙච්ච සිරිදාස අධ්‍යාපනය...ආදරය...පැත්තකට දාලා විප්ලවය ගත්තා....විශ්ව විද්‍යාලේ හිටපු උන්ට වඩා අඩුවයස් කාරයෙක් වෙච්ච සිරිදාස තමන්ගේ තියන උනන්දුව කැපවීම නිසා පාසැල් ගමන අතඇරලා දාලා පුර්ණ විප්ලවාදියෙක් වෙන්න උත්සහ කලා....

නිර්ධණ පන්ති සටනට ජයවේවා !!!.... පලමුව මව්බිම.. දෙවනුව ඉගෙනුම.....!!!!.... පාලකයින් බංඝවේවා..,!!!

මේ විප්ලවය තුල සිරිදාසට පැවරැනේ.... පොස්ටර් අංශයේ වැඩ.... කොල කපන්න..... පසුබිම පාට කරන්න.... පාප්ප හදන්න..... රෑ නිදිමරාගෙන ඒවා වලින් තාප්ප පුරවන්න.... දවල්ට ගිහින් මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න.... ඔයා වගේ තාප්පත්.. පාප්පත් එකක් කරන විප්ලවයක් තමයි සිරිදාසගේ මුලික රාජකාරිය උනේ.....ඒත් සිරිදාසට මේවා බොහොම ක්‍රියාන්විත රාජකාරීන් උනා.... පොලිසිය එනවද කියලා බල බල තාප්ප පුරා පෝස්ටර් අලවන්න සිරිදාස බොහොම ආස කලා.... විශ්ව විද්‍යාලේ සිරිදාසගේ පුර්ණ නවාතැන් පොල බවට පත්වුනේ ඔහුටත් නොදැනෙන්මයි.... මේ අතර මහ රෑ මත්වෙච්ච විශ්ව විශ්ව විද්‍යාල පන්ති සගයිනගේ මනදොල පිනවන්නත් සිරිදාසට සිද්ධඋනේ විප්ලවයේ තවත් එක් රාජකාරියක් හැටියට. අප්‍රසන්න බව පැත්තකින් තියලා මේ හැමදෙයක්ම කලේ සිරිදාසගේ හිතේ තිබුන විප්ලවීය ගතියත්... තමන්ට ඇහුන දේ තුල තමන් විසින් හදාගත්ත රාමුවක තමන් කරන සියලු දේ විප්ලවය උදෙසාය කියන තමන්ගේ මුල් බැහැගත්ත විප්ලවීය අදහස නිසා....
මේ විදියට විප්ලවය වෙනුවෙන් කැපවුන සිරිදාසට උසස් වීමක් ලැබුනේ විප්ලවයේ උච්ඡතම අවස්ථාවේදී....

ඒයි සිරා... මෙහෙ වරෙන්... පොඩි වැඩක් තියනවා අද රෑට..... ලෑස්ති වෙලා හිටපන්.....
රෑ වෙනකොට එළියට ආපු පිරිස යන්නේ කොහේ ද කුමක් සදහාද කියලා මෙලෝ සසරක් නොදැන උනත් සිරිදාස උන් පස්සේ වැටුනේ අපායට ගියත් මම උඹලත් එක්ක කියන අධිෂ්ධානයෙන්....මෙහෙම ගිය කණ්ඩායම නතර උනේ පරණ නටඹුන් වෙච්ච වලව්වක් ඉස්සරහා.... 

සිරා ඔහොම ඉඳහන්.. .ආ මේක අතේ තියාගනින්.... 

හැමදාම පාප්ප බාල්දියයි... බුරැසුවයි අතට ලැබුනු සිරිදාසගේ අතට ලැබුනු කොටන තුවක්කුවෙන් සිරිදාසගේ හිත සතුටින් පිරැනා.... කරැවලේම වත්ත ඇතුලෙන් නොපෙනී ගිය අනිත් සගයෝ එනතෙක් ඇස් අයාන බලා හිටපු සිරිදාසගේ ඉවසීම ටික ටික අඩු වෙලා ගියා.... පොලොවට හොරෙන් අනිත් උන් ගිය දිහාට සිරිදාස පය එසෙව්වේ චිත්‍රපටියේ ත්‍රාසජනකම කොටස නරඹන්න බලාගෙන ඉන්න පිච්චර් පිස්සෙක්ගේ කුතුහලයකින්....

බුදු අම්මෝ.... මගේ බුදු තාත්තේ......

හිමින් හිමින් ගිය සිරිදාසගේව එක තැනම නතර උනේ එකවරම ඇහුනු කන් බීරි වෙන කෑගැහිල්ලෙන්....ඒත් එක්කම වට පිට ගෙවල් වල විදුලි ආලොක පත්තු උනෙත්.... කීප දෙනෙක් එළියට දුවගෙන ආවෙත් තප්පර ගානත් ඇතුලත.....හැංගෙන්න තියා හිතන්වත් බැරි වේගෙකින් කීප දෙනෙක් සිරිදාස ඉදිරියේ..... තුවක්කුවක් අතේ තියාගෙන හිටපු සිරිදාසගේ බෙල්ලෙන් අල්ල ගත්ත එකෙක්...

කාළකණ්ණි හු...... පුතා....

මුනට වැදුන පාර සිරිදාසව කරකවලා අත ඇරියා.....

යකෝ තෝ දන්නවද ?... තොපි මේ අමු අමුවේ මරලා දැම්මේ කව්ද කියලා.... මේ ගමේ අහිංසක දරැවන්ගේ ඇස් පාදපු දෙවිකෙනෙක් ව....

හතර අතෙන් වදින පාරවල් එක්ක... ලාවට වගේ සිරිදාසට ඇහුනා.....

සිහිය එනකොට සිරිදාස හිටියේ රෝහලේ.... ඇඳක් කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා දැනෙන එක එක විදියේ වේදනා වලට වඩා සිරිදාසගේ හිත හොඳටෝම රිදුම් දුන්නා... තමන්ගේ සගයෝ ගැන..... කකුල හොල්ලන බැරි උනේ වේදනාව නිසා ද විලංගුව නිසාද කියලා සිරා ට තේරැම් ගන්න හැකියාවක් තිබුනේ නැහැ...
සිරා සනීප උනා... කෙලින්ම ගියේ බන්ධනාගාරෙට..... පාසැලේ උපවිදුහල්පතිතුමාගේ ඝාතනයට ප්‍රධාන සැකකරැවන් සොයාගත නොහැකි උනත් එම ඝාතනය සැලසුම් කිරීම... අනුබලදීම කියන වැරදි යටතේ සිරා ට වසර 10 ක සිර දඬුවම් නියම උනා.. පන්ති සගයෝ හොයාගන්නවත් නැති විදයට අතුරැදහන් වෙලා... ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා නොදන්නා තරටමට....

සිරිදාස නිදහස් උනා..... තනිවෙච්ච පුද්ගලයෙක් විදියට..... යන්න එන්න තැනක් නැති විප්ලවකාරයෙක් විදියට.... නොදන්නා විප්ලවය විසින් ගිලගත්ත තවත් අසරණයෙක් විදියට....

සිරිදාස බීඩියේ අන්තිම උගුරත් උරලා.... කාරලා කෙල ගහලා....බැලුවේ... ඈතින් පේන “ඉල් මහ විරැ සමරැ“ පලකය දිහා.....