මේ ලොකේ අමාරුම කාරනේ ජිවිතේ අකුරු කරන එක....
හිමිවෙච්ච ආදෙර්ට වැඩිය අහිමි උන ආදරේ ජීවිතේට වද දෙනවා...
හිමි වෙච්ච ආදරේ ගේන පීඩනය...
අහිමි ආදරේ අහිමි වීම ගැන දුක් වේදනා වැඩි කරනවා...
සමහර විට ඒක...
“එයා හිටියා නම් මෙහෙම වෙන එකක් නැහැ වගේ හැඟීමක්“
ආදරේ හැමදාමත් ගුප්තයි...
විවිධයි.. විෂමයි....
අපි හැමදාම අතරමං වෙන්නේ නොලැබිච්ච ආදරේ ලැබුන දේත් එක්ක සංසන්දනය කරන්න ගියාම... අවුරුදු දෙකකට වැඩි කාලයක් පුරාවට නොලැබුනු ආදරේ ගැන කථා කරන හැම මොහොතකම ලැබුනු ආදරේ ජීවිතේ අතරමං වෙනවා...
ඒ නිසාමයි මේ ගැන කථා නොකරන්න හිතුවේ...
ඒත් ආරම්භයක් ඇතොත් අවසානයක් දැකිය යුතුමයි....
ඒ නිසාමයි නැවතත් “ජීවිතය හැරී බලමි“ කථාවේ තවත් කොටසක් ලියන්න හිතුවේ.... අපි පටන් ගත්තේ මෙතැනින්.... ජීවිතේ හැරී බලමි 1 , 2, 3, 4, 5
-----------------------------------
“අනු“ ඈතට ඈතට යනවා දැක්කා.... ඇස් දෙක බොඳකර ගෙන මුන පුරා ගලන වැහි වතුර අතරින්..... ඈතට ඈතට යන්න යන්න බොඳ වෙලා යන “අනූ“ දිහා මම බලාගෙන හිටියා....
“ඒයි වරෙන් යන්න“.... සුදු අක්කාගේ මහත්තයා......
ඒ ආරාධනාව පයිසෙකට මායිම් නොකර වේගෙන් ඇදිලා ආපු බස් එකට අතදැම්මා....
සුපුරුදු නවාතැන.....
ජානක මහත්තයා මොකද මේ ලේ හැමතැනම......
කාණුවක වැටුනා බං....
ගල් කාලයි..බියර් එකයි..... කඩල ඩෙවල් එකයි......
ඇස් දෙක බර වෙන කොට ඇස් කෙවෙනි අතරින් කඳුළු බේරුනේ අද “අනු“ ව දකින අවසාන දවස කියලා හිත පිළිගත්ත හින්දා.....
අනිවාර්යෙන්ම “අනු“ හෙට ඉඳලා වැඩට එන්නේ නැහැ......
මල්ලි යා..... තව ගල් කාලක්.......
මුලු ලොකේම කැරකෙන කොට හිත එක තැනක නතර වෙලා.... “අනූ“...... ජීවිතේ පුරාවට දැනුන ආදරේ..... වින්ඳ ආදරේ....
හැමදාම මතක් වෙන සුවඳ ආදරේ......
------------------------------------------
මම හැමදාම උදේ බත්තරමුල්ලේ අයිටීඑන් හංදියට වෙලා බලාගෙන හිටියේ එක සැරයක් මුන දැකගන්න.....
ඒත් “අනූ“ කවදාවත් අවේ නැහැ... හැමදාම උදේට වැඩය යන්න කලින් බත්තරමුල්ලේ අයිටීඑන් හංදියට යන එක මගේ දිනචරියාවක් බවට පත්උනා.....
කාලේ ගෙවිලා යනවා....
හැමදාමත් වගේ බලාගෙන හිටියා මගේ “අනූ“ එයි කියලා....
එත්... ඒත්....
එයා කවදාවත් අවේ නැහැ.....
මිස්ටර් ජානක.. මේ වැඩේ කරන්න බැහැ...
බලන්න මේ මාසේට ඔයා දවස් 23 ක් හාෆ්ඩේ... කොහේමද මෙහෙම වැඩ කරන්නේ......
තමන්ගේ පෞද්ගිලක ජීවිතෙයි රස්සාවයි පටගලන්න එපා ජානක....
රස්සවාට මුල් තැන දෙන්න...
දන්නවා නේ රස්සවා නැති උනොත් ජීවිතයක් නැහැ......
මට මේ උලව්වෙන් වැඩක් නැහැ මාලි මිස්....
මගෙ ජීවිතේ නැතිවෙලා ඉවරයි....
අපි හීන මැව්වේ එකට.... එකම හීනෙක ජීවත්වෙන්න....
සමාවෙන්න මාලි මිස්....
“අනූ“ නැතිව ජීවිතයක් ගැන හිතන්න බැහැ මට....
ජානක... තරුණ කාලේ ආදරේ ඔහොම තමයි ළමයෝ... ලංවෙනවා... ඈත් වෙනවා.... ඒ හැටි.... එහෙම තියලා ජීවිතේ වරද්දගන්න එපා.....
මම මෙච්චරවත් ඔයා ගැන වද වෙන්නේ මමත් තරුණ කාලේ ආදරේ කරලා තියන නිසා... ඔයාගේ වේදනාව මට දැනෙන නිසා.....
ඒත් ජානක රස්සාවයි ජීවිතෙය් පටලගන්න එපා...
මේ ඔයාට දෙන අනිත්ම අවවාදේ......
--------------------------------------
කාලය කියන්නේ හැම දේටම හොඳම විසඳුම... එත් මගේ ජීවිතේට ඇර...... හැමදාමත් වගේ මම උදේ පාන්දර ජයවඩනගම හන්දියට ගියේ “අනූ“ එයි කියන බලාපොරොත්තුවෙන්.... හැමදාම.. හැම උදේම.....
ඒත් “අනූ“ ආවේ නැහැ.. කවදාවත්......
නැවතිච්ච ජීවිතෙන් ගලා යාමක් හොයන්න තරම් මම මෝඩයෙක් අනේ නැහැ.... ඒ වෙනකොට හදවත හැර අනිත් චලනය වෙන හැම දෙයක්ම නැවතිලා තිබුනේ... අතරමං වෙච්ච හීන අතරේ බොඳු උන බලාපොරොත්තු ජීවිතේ ජීවත කරවයි කියපලා මම හීනෙකින් වත් හිතුවේ නැහැ... බොඳ වෙච්ච හීන කටු අතරේ හිර කරගත්ත ඇස්.. වැහෙන වාරයක් පාසා දැනුනේ මහ කටුක වේදනාවක්... ඒත් ඒ වේදනාවට මම ආදරේ කලා....
ඇඟිලි හිල් කරපු ඉඳිකටු තුඩු වලින් ලිව්වේ අනුගේ ආදරේ අකුරු...
සුදු පාට කොල රතු වෙනකම්ම අනු ගේ ආදරේ අකුරු කලා...
මේ දේ කරන්න බැහැ ජානක...
ඔයාට තීරණයක් ගන්න වෙනවා....
මේ විදයට මට මේක පාලනය කරන්න බැහැ...
එක්කෝ ඔයා හැමදේම අමතක කරලා වැඩ කරන්න ඕනේ...
නැත්තන් අකමැත්තනේ උන්ත ඔයාව අස්කරන්න මට සිද්ධ වෙනවා...
උඹ හිතන්නේ මේ රස්සාවට මම ආදරෙයි කියලාද...
පිස්සෙක් ගෙන් ජීවිතේ හොයන්න හදන්න එපා...
මටග් ජීවිතේට වටිනාකමක් නැති මට...
මේ රස්සාව කොච්චර වටිනවා නියලාද උඹලා හිතන්නේ...
මම දන්නවා...
උඹලට අනුව මම පිස්සෙක්...
මම පිස්සෙක් විදයටම ඉන්නම්....
දෙයියන්ගේ නාමෙට මට ජීවිතේ කියලා දෙන්න හදන්න එපා....
උන්ට රස්සාව තියාගන්න කියලා මම පාරට බැස්සා...





