Thursday, January 21, 2016

ඇය බැන්ඳාට පසු නුඹ..



ඇය බැන්ඳාය..
නුඹ ඇය හට පසු බැන්ඳා..
නුඹලට පෙම්කරපු වරදට..
මම දුක් වින්ඳා..
කලකට පස්සේ ඇවිඳින්..
ගිය හින්ඳා..
වැලලී තිබුන දුක් හිත..
එළියට ඇද්දා..

බඳීනවා කියලා..
දැන දැන ආදරේ කලේ..
උඹමයි එහෙම ඉන්න තරමට ..
මට ආස කලේ...
යන්නම ඕන කිව්ව නිසයි..
ඈත් කලේ..
හදිසියේ ඇවිත් හිත පාරලා...
මොකද කලේ..

සැමියා ඇවිත් මහ රෑ..
ගුටි දෙනවාද...
සැමියාගේ අම්මා දවල්ට..
වද දෙනවාද...
දරැවන් එක්ක නුඹ..
එය ඉවසනවාද...
ඉස්සර වගේ තනියම..
නුඹ අඬනවද..

දැන් උඹ දුරයි ඇවිදින්..
දුක කිව්වාට..
සැමියයි දරුවෝ දෙන්නයි..
උරුමයි නුඹට...
ඉවසා සියළු දුක සතුටින්..
නොගොස් පිට..
ඉන්නට ලැබේවා පතනමි..

දෙවි පිහිට...

Tuesday, January 19, 2016

යහපාලනයේ ගීතය..


(පිංතුර අයිතිය ශෙහාන්  ගුනසේකර)


ජනාධිපති-
පුල්ලි ගොනා පුරුදු කාරයා..
මම සිරාකරත්ත කාරයා...
මේකයි මගේ බරබාගේ..
පැයට සැතපුමයි වේගේ..
ඔහෙලා හඳට යන්න හදනවා...


(ටොයියෝ අත්පොලසන් දේ...)


අගමැති-
උඹයි මට කන්න දුන්නේ...
උඹයි මට බොන්න දුන්නේ..
ඒ ගැන මම දිව්රනවා..
ලිඳ ලඟ හරක් ගාලේ..
සෙල්ලම් කෙරුව තාලේ...
අම්මපා පුදුම හිතෙනවා...


ජනාධිපති...
වේගෙන් යන කාර් ලොරි තිබේ..
මගේ පනම් හතර මට ලැබේ...
මේකයි මගේ බරබාගේ...
පැයට සැතපුමයි වේගේ..
ඔහේලා හඳට යන්න හදනවා..


අගමැති සහ අකිල..
පොත් ටික පොඩි කෙලීට..
අරගෙන දෙන්නට මට..
දෙයියා මගේ මුහුන බලනවා..
පාසැල වෙත යන්නට..
මිරිවැඩි සඟලක් මම..
පුතේ නුඹට අරගෙන දෙනවා...


සිංදුව තව කියයි...


බදුල්ලේ සිරිපාල.. නිමල් ලංසා...අජිත් බී පෙරේරා ඇතුලු අනිත් නඩේ..
කව්රුදෝ කවුරුදෝ..
දැන් ලොක්කෝ...
අපිමයි අපිමයි දැන් ලොක්කෝ...
.
.
.
තව දිගටම කියයි..
.
.
ටොයියෝ අත්පොලසන් දේ...
.
.
බයියෝ දෙස් තියයි..
.
.
අපි මහජනයා...?


රාළහාමි මම..

(පිංතූරය අන්තර්ජාලයෙනි)

බෝම්බෙකට මිනිහා මැරුන..
කන වැන්දුම් ගෑණි...
පැන්සොන් එක මගේ නමට...
හදාගන්න අාවේ..
වරුගනනක් ඉඳලා ඉඳලා පෝලිමේ..
වාරටෙ මම ආවේ...
ඇයි මට තවත් ටිකක් ඉන්න..
කියලා රාළහාමි කීවේ...
පැය තුන හතරින් පස්සේ..
රාළහාමි අවේ...
පහු වෙනිදාම ඔපිස් එකට..
එන්න කියලා කීවේ..
කිව්ව නිසයි මම තනියම..
ඔපිස් එකට ආවේ...
ඇතුලට එනකොටම ඇයිද..
මගේ පුක මිරිකෙව්වේ...
කැමැත්කින් නෙමෙයි..
දරුවෝ හින්දයි ඉවසෙව්වේ...
මිනිහා මලේ මගේ කරුමෙට..
දරැවෝ නිසයි ආවේ..
මිරිකුවේ මගේ පුකමනෙමෙයි..

ආත්මයම මාගේ..

මචං ජනාධිපති...



සිරාවටම කියන්නේ..
මම ටොයියෙක්වත් බයියෙක්වත් නෙමෙයි...
මහින්ද සිරාවට යුද්දේ කරන කාලේ..
උදේ හවා නිව්ස් බලලා..
යුද්දේ දින්නාම..
අපිත් කොඩි දාලා..
කිරිබත් කාලා සැමරැවා..
මහින්ද දෙවෙනි පාර ඉල්ලනකොටත්..
හතරවරිගෙම එකතු කරලා..
මහින්දටම ගැහැව්වා...
ඒත් ටික කාලයක් යනකොට
මහින්ද වැරදි පාරට වැටෙන කොට...
මහින්දට විරැද්ධව මුලින්ම ලිව්වේ අපි...
අපි දැක්කා මහින්ද යන පාර වැරදියි කියලා..
මහින්දට තුනෙන් දෙක තියන කාලෙත්..
මහින්ද වැරදි වලට අපි විරැද්ධ වුනා...
දින්න යුද්දේ වවාගෙන කනකොටත් අපි..
විරැද්ධ වුනා..
මචං උඹ පවාදීම් ගැන කියනකොට නම්..
මට දෙකොනින් හිනා..
යකෝ උඹ වගේ තමන්ගේ ලොක්කා එක්ක..
එකට ආප්ප කාලා ඇවිත්..
පහුවෙනිදා පාවා දුන්න එක..
ජුදාස් කරපු පාවාදීමත් පරාද කරනවා..
ඒක නිසා ඔය පක්සේ පාවා දෙන සීන් ගැන නම්..
උඹේ ඔය කටින් කථා කරන්න එපා...
මොනවා වුනත් උඹ දැන් අපේ නායකයා..
ටොයියෝ බයියෝ කියන දෙගොල්ලන්ගෙම නායාකයා උඹ...
උඹ පෙනී හිටින්නේ මුලු මහත් ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්ය කියන එක මතක තියාගනින්..
අපිට ඕනේ..
විවෘත කරන්න..
මළ ගෙදර යන්න...
පීත්ත පටිය කපන්න...
දැන්සැල දෙන්න..
පන්සල් යන්න...
ළමා සමාජේ ශාඛාව හදන්න...
ජනාධිපති කෙනෙක් නෙමෙයි...
හිටපන් කෙලින්....
තව අවුරුදු පහක් යනකන්..
උඹ තමයි මේ රටේ ..
“ජනාධිපති“...
මතක තියා ගනින්..
“ජන අධිපති“ කියන්නේ...
“අග මැතිට“ උඩින්..
ඉන්න චරිතයක් කියලා...

Friday, January 15, 2016

මතකය සුවඳ..



හැම ගැහැණියකටම ඇයට ආවේණික සුවඳක් තියනවා.. ජීවිතේ යම් දවසක ඒ සුවඳ හදවතින් වින්දොත් ඒ සුවඳ ජීවිත කාලය පුරාම හදවතේ රැඳිලා තියනවා.. මුලු ජීවිත කාලය පුරාම.. යම් දවස ඒ සුවඳ දැනුනොත් වියපත් වෙච්ච හදවත ජිවිතේ මුලට ගෙනියන ඒ සුන්දර මතකයන් අවදි කරනවා..
ඒත් ඒ මතයන් අවදවීම තවත් කෙනෙක්ගේ සතුටට බාධාවක් නම්...
නිහඬවම ඒ අවදි වුනු මතකයන් විඳගැනීම තමයි වටින්නේ..
ඒකයි ආදරේ සැබෑ අරුත..

කාලෙකින් දැක්ක ඔබට..
...................................
දවසක හවස් වරුවක යනවිට බසයේ...
ලැබුනා ඉඩක් ජනේලයක් ලඟ රථයේ...
විඳිමින් අවට බලමින් යනවිට රිසියේ...
සුපුරුදු සුවඳිකින් හදවත ඉපිල ගියේ...

යන්තම් වියපත්ය ඇස් මත දෙනෙතක්ය...
උඩුකර බැන්ඳ කෙස් මිට යන්තම් සුදුය...
ඇස්යට කළුය කම්මුල් දෙක වියපත්ය...
එනමුත් සුවඳ එකමය වෙනසක් නැතිය...

විසිවසරකුත් තව මාසයකුත් ගෙවිලා...
අන්තිම දිනට පසු නැත තවමත් මම දැකලා...
කරළට ගෙතු කෙස් මිට දැන් නම් හැළිලා...
එනමුදු සුවඳ තවමත් ඇත හද රැඳිලා..

ලඟ උන් ලඳ දිහා එක එල්ලෙම නොබලා..
හිමිහිට ඇස් කොනින් බැලුවා නොම හැරිලා...
අඩකව නලළ ඇස් කොන් අග නතර වෙලා...
නොදැනිම දෑස තෙමුනා ඔබ මතක් වෙලා...

සුන්දර සුකුමාල වත අද වැරහැළිය...
දියණිය උකුලේ උකුලේ ලොකු දුව ලඟ හිටගෙනය...
වයසට වඩා ඇය වියපත් වුනු හැඩය...
මාතින් වුනි ද වරදක් මට නම් සැකය...

ලොකු දුව හරි උසයි අම්මගේ කරට වඩා..
මගේ හිත පොඩි වැඩියි හිත උණුහුමට වඩා...
දොඩනට සිතත් ඔබ හා ඉන්නෙමි නොදොඩා...
දැන් අපි ගොඩක් වයසයි ඉස්සරට වඩා..

පොඩි දුව උකුලේ උන් පපුවට තුරුල් වෙලා...
ඉස්සර නුඹේ වත ඇය හට උරුම වෙලා...
නින්ඳත් නොනින්දක හිටි ඇය දෙනෙත වසා..
නුඹ මා අසල වැතිර උන් දින යලි මෙනෙහි කලා..

ඊලඟ නැවතුමෙන් ඈ බැස යන්නට හදනා..
මොහොතක හදවතින් යලි පැනයක් අසනා..
කරමුද කථා නොකරම් දැයි නොම හැඟෙනා...
යට ගිය ප්‍රේමයට අවසන් තිත තියනා..

දැන් ඇය ළඳක් ඇය වෙන කෙනෙකුට හිමිය...
ඇය ගැන පසුතැවෙනු කිම ඇය හට හිමි සැපය...
දරැවන් බලාගෙන යහතිනු ඉනු මැනය...
සුසුමක් හෙලා වැසුවෙමි මම ජනේලය....

ධනංජයගේ තාත්තා...

මේක බොහොම අපුරු කථාවක්..
උඩින් බැලුවාම පේනවා නොසැලී ඉදිරියට යාමතුලින් ජීවිතේ සාර්ථක කරගන්න ආදර්ශයක්..
ඒක සාමාන්‍ය අදහස නේ..
හැබැයි ඊට යටින් මෙහි නොකියවුනු..
බලන අහස එ පාරට ගම්‍ය නොවන කථාව මට කියන්න හිතුනා...
ඇත්තටම මේ විඩියෝ ක්ලිප් එක බැලුවාම මට දැනුන දේ...

--------------------------------------------------------------
ධනංජය හෙට්ටිආරච්චි උත්සහාවන්ත දරුවෙක්..
එයා ගියේ සාන්ත තෝමස් කියන ඉස්කෝලෙට...
එයාට යාළුවෝ ගොඩක් හිටියා..
එයා හරි සෙල්ලක්කාරයි..
එයාගේ යාළුවොත් ඒ වගේමයි...
ඉගෙන ගන්න වැඩි උනන්දුවක් නැහැ..
එයයි එයාගේ වටේ හිටපු යාළුවොයි..
මෙයාව ගොඩ් සැරයක් පොලිසියෙන් අත්අඩංගුවට අරගන තියනවා..
එයා අපොස උපෙළ එකපාරක් අසමත් වෙනවා...
හැබැයි එයා උත්සහාය අතාරින්නේ නැහැ...
තව සැරයක් කරනවා..
ඒ අතර එයාගේ යාළුවෝ..
ලංකාවේ විභාග කිරිල්ල අතෑරලා..
ලන්ඩන් විභාග කරනවා...
සමහරක් යාළුවෝ...
පිටරට ඉගෙනගන්න යනවා...
(එයාලත් එහේ ගිහින් ඉගෙනගෙන ඇවිත් මේයා වගේ දේශණ කරනවද දන්නෑ ඉතිං)
මෙයාට ඒ මොකක්වත් හරි යන්නේ නැහැ..
මෙයා ආයිත් කරනවා..
ඒත් හරියන්නේ නැහැ..
පස්සේ මෙයා ගෙදරට වෙලා ටීවී බල බල ඉන්නකොට..
මෙයාලාගේ තාත්තා එනවා...
එයා මෙයාට යෝජනාවක් කරනවා...
සිමාකරන්න කියලා...
ගෙදර නිකං ඉන්න එකේ මෙයා ඒකට කැමති වෙනවා...
හැබැයි ඉතිං මෙයාට ඒක හරියන්නෙත් නැහැ...
විභාගෙට යනවා...
අසමත් වෙනවා...
විභාගෙට යනවා..
අසමත් වෙනවා...
විභාගෙට යනවා..
අසමත් වෙනවා...
අන්තිමට බැරිම තැන මෙයා ගෙදරට වෙලා ඉන්නවා...
ඔහොම අන්න දවසක මෙයාගේ අම්මා..
මෙයාගේ කාමරේට එනවා...
ඇවිල්ලා අහනවා...
පුතා ඔයා විභාග පාස් වෙන්න උත්සහා කලානේ..
හරි ගියේ නැහැ නේ..
අපි වෙන වැඩක් කරමු...
අපි නැටුම් පුරුදු වෙමු...
ඉතිං මෙයාට හරි ජොලියක් යනවා..
නැටුම් පන්ති මරු නේ...
ඔන්න ඉතිං මෙයා අම්මත් එක්ක නැටුම් පන්තියට බැදෙන්න යනවා...
නැටුම් පන්තියට ඇතුල් වෙනකොටම..
නැටුම් පන්තියේ ටීචර් මෙයාව දැක්ක ගමන්...
සිදුහත් කුමාරයා දැකලා කරපු උදාන වාක්‍ය වගේ..
උදාන වාක්‍යක් කියනවා...
එයාට කව්රුත් මීට කලින් එහෙම කියලා නැහැ...
ඒක එයාගේ ජිවිතේ වෙනස් කරනවා...
එයා නැටුම් පටන් ගන්නවා...
එක එක වර්ගේ නැටුම්...
එයාගේ ජීවිතේ නැටුම් වෙනවා...
එයා ජීවිතේ ඉලක්කයක් හදාගන්නවා එයා..
බොල් රෑම්ඩාන්සර් කෙනෙක් වෙනවා කියලා...
මාස අටක් කරනවා
කරලා එයා විසිටින් කාඩ් එකකුත් ගහනවා..
එයා පොපෙෂනල් ඩාන්සර්කෙනෙක් කියලා...
නොමිලේ නටන...
ඔහොම යනකොට තාත්තා ආයිත් මෙයාගේ කාමරේට එනවා..
ඇවිත් මෙයා එකදිගට නටන එක ගැන ඇප්රිෂියේට් කරනවා...
තාත්තාගේ බලාපපොරොත්තු ඉටුනොවුනත්..
තාත්තා අහනවා..
ඔයා කැමතිද දැන් වැඩ කරන්න කියලා...
එයා හිතනවා තාත්තා එයාගේ සම්බන්ධතා යොදාගෙන...
ලොකු ආයතනයක..
ලොක්කෙක් ගාව වැඩ කරන්න අවස්ථාව බලාදෙයි කියලා...
ගෑණු ලොක්කියෙක් ගැන මෙයි හීන මවනවා...
.
.
.
.
.
.
ඔය වගේ තව තව දේවල් වෙනවා...
කොහොම හරි අවසානයේ..
මෙයා ලොකු ජාත්‍යන්තර තරඟයක් ජයග්‍රහණය කරනවා..
කරලා ඇමරිකාවට යනවා..
තෑගි ගන්න...
ඒ ගියාම එයාට වතුර බොන්න ගිහින් පොඩි කේස් එකක් වෙනවා...
අන්න එතකොට එයාට තේරෙනවා..
අපේ රටේ වගේ නෙමෙයි..
ඒ රටේ වතුර වර්ග දෙකක් තියනවා කියලා..
(අපේ රටේ එහෙම තිබ්බා මීට අවුරුදු ගානට කලින් නම්, හෝටලයක් ඇතුලට ගිහින් ජෝගුග්ව කිසි බයක් සැකක් නැතිව ජෝග්ගුව උගුරට හලාගන්න... මිනරල්වෝටර් කාරයෝ ඒකත් නැති කලා. ඒත් මෙයාට ඒක දැනේනේ නැහැ... මොද එයා එදා ඉඳලා දැක්කේ එක වතුර් විතරයි නේ)
ඔය ඔක්කොම කරලා..
වෙනස් මනුස්සයෙක් වෙලා ලංකාවට ඇවිත්..
අපිට අපේ ඇතුලේ තියන ශක්තියගැන දේශණ පවත්වනවා...
ධනංජය හොඳ මනුස්සයෙක්...
එයා වාසනාවන්ත මනුස්සයෙක්...
එකක් අසමත් වෙනකොට එකක් කරන්න තරම්..
සල්ලි වියදම් කරන්න තරම් සල්ලි තියන තාත්තා කෙනෙක්ගේ පුතෙක...
මේක අහලා ධනංජය වගේ වෙන්න යන්න එපා...
අපිට තියෙන්නේ එකම එක අවස්ථාවයි..
ඒ මේ රටේ තාමත් නිදහස්කියලා...
පනහට පනහා විකුනන අධ්‍යාපනය...
ඒ නිසා බෙල්ල කඩාගෙන හරි ඉගෙනගනිල්ලා....
එක් අසමත් වෙනකොට තව එකකට යවන්න අපේ තාත්තලට සල්ලි නැහැ...
ඒ නිසා පළවෙනි එකෙන් ගොඩදාගන්න බලපල්ලා...
මොකද..?
ධනංජයගේ තාත්තා වගේ නෙමෙයි..
අපේ තාත්තා....