Showing posts with label ශ්‍රී ලංකාව. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාව. Show all posts

Tuesday, January 19, 2016

යහපාලනයේ ගීතය..


(පිංතුර අයිතිය ශෙහාන්  ගුනසේකර)


ජනාධිපති-
පුල්ලි ගොනා පුරුදු කාරයා..
මම සිරාකරත්ත කාරයා...
මේකයි මගේ බරබාගේ..
පැයට සැතපුමයි වේගේ..
ඔහෙලා හඳට යන්න හදනවා...


(ටොයියෝ අත්පොලසන් දේ...)


අගමැති-
උඹයි මට කන්න දුන්නේ...
උඹයි මට බොන්න දුන්නේ..
ඒ ගැන මම දිව්රනවා..
ලිඳ ලඟ හරක් ගාලේ..
සෙල්ලම් කෙරුව තාලේ...
අම්මපා පුදුම හිතෙනවා...


ජනාධිපති...
වේගෙන් යන කාර් ලොරි තිබේ..
මගේ පනම් හතර මට ලැබේ...
මේකයි මගේ බරබාගේ...
පැයට සැතපුමයි වේගේ..
ඔහේලා හඳට යන්න හදනවා..


අගමැති සහ අකිල..
පොත් ටික පොඩි කෙලීට..
අරගෙන දෙන්නට මට..
දෙයියා මගේ මුහුන බලනවා..
පාසැල වෙත යන්නට..
මිරිවැඩි සඟලක් මම..
පුතේ නුඹට අරගෙන දෙනවා...


සිංදුව තව කියයි...


බදුල්ලේ සිරිපාල.. නිමල් ලංසා...අජිත් බී පෙරේරා ඇතුලු අනිත් නඩේ..
කව්රුදෝ කවුරුදෝ..
දැන් ලොක්කෝ...
අපිමයි අපිමයි දැන් ලොක්කෝ...
.
.
.
තව දිගටම කියයි..
.
.
ටොයියෝ අත්පොලසන් දේ...
.
.
බයියෝ දෙස් තියයි..
.
.
අපි මහජනයා...?


මචං ජනාධිපති...



සිරාවටම කියන්නේ..
මම ටොයියෙක්වත් බයියෙක්වත් නෙමෙයි...
මහින්ද සිරාවට යුද්දේ කරන කාලේ..
උදේ හවා නිව්ස් බලලා..
යුද්දේ දින්නාම..
අපිත් කොඩි දාලා..
කිරිබත් කාලා සැමරැවා..
මහින්ද දෙවෙනි පාර ඉල්ලනකොටත්..
හතරවරිගෙම එකතු කරලා..
මහින්දටම ගැහැව්වා...
ඒත් ටික කාලයක් යනකොට
මහින්ද වැරදි පාරට වැටෙන කොට...
මහින්දට විරැද්ධව මුලින්ම ලිව්වේ අපි...
අපි දැක්කා මහින්ද යන පාර වැරදියි කියලා..
මහින්දට තුනෙන් දෙක තියන කාලෙත්..
මහින්ද වැරදි වලට අපි විරැද්ධ වුනා...
දින්න යුද්දේ වවාගෙන කනකොටත් අපි..
විරැද්ධ වුනා..
මචං උඹ පවාදීම් ගැන කියනකොට නම්..
මට දෙකොනින් හිනා..
යකෝ උඹ වගේ තමන්ගේ ලොක්කා එක්ක..
එකට ආප්ප කාලා ඇවිත්..
පහුවෙනිදා පාවා දුන්න එක..
ජුදාස් කරපු පාවාදීමත් පරාද කරනවා..
ඒක නිසා ඔය පක්සේ පාවා දෙන සීන් ගැන නම්..
උඹේ ඔය කටින් කථා කරන්න එපා...
මොනවා වුනත් උඹ දැන් අපේ නායකයා..
ටොයියෝ බයියෝ කියන දෙගොල්ලන්ගෙම නායාකයා උඹ...
උඹ පෙනී හිටින්නේ මුලු මහත් ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන්ය කියන එක මතක තියාගනින්..
අපිට ඕනේ..
විවෘත කරන්න..
මළ ගෙදර යන්න...
පීත්ත පටිය කපන්න...
දැන්සැල දෙන්න..
පන්සල් යන්න...
ළමා සමාජේ ශාඛාව හදන්න...
ජනාධිපති කෙනෙක් නෙමෙයි...
හිටපන් කෙලින්....
තව අවුරුදු පහක් යනකන්..
උඹ තමයි මේ රටේ ..
“ජනාධිපති“...
මතක තියා ගනින්..
“ජන අධිපති“ කියන්නේ...
“අග මැතිට“ උඩින්..
ඉන්න චරිතයක් කියලා...

Friday, January 15, 2016

ධනංජයගේ තාත්තා...

මේක බොහොම අපුරු කථාවක්..
උඩින් බැලුවාම පේනවා නොසැලී ඉදිරියට යාමතුලින් ජීවිතේ සාර්ථක කරගන්න ආදර්ශයක්..
ඒක සාමාන්‍ය අදහස නේ..
හැබැයි ඊට යටින් මෙහි නොකියවුනු..
බලන අහස එ පාරට ගම්‍ය නොවන කථාව මට කියන්න හිතුනා...
ඇත්තටම මේ විඩියෝ ක්ලිප් එක බැලුවාම මට දැනුන දේ...

--------------------------------------------------------------
ධනංජය හෙට්ටිආරච්චි උත්සහාවන්ත දරුවෙක්..
එයා ගියේ සාන්ත තෝමස් කියන ඉස්කෝලෙට...
එයාට යාළුවෝ ගොඩක් හිටියා..
එයා හරි සෙල්ලක්කාරයි..
එයාගේ යාළුවොත් ඒ වගේමයි...
ඉගෙන ගන්න වැඩි උනන්දුවක් නැහැ..
එයයි එයාගේ වටේ හිටපු යාළුවොයි..
මෙයාව ගොඩ් සැරයක් පොලිසියෙන් අත්අඩංගුවට අරගන තියනවා..
එයා අපොස උපෙළ එකපාරක් අසමත් වෙනවා...
හැබැයි එයා උත්සහාය අතාරින්නේ නැහැ...
තව සැරයක් කරනවා..
ඒ අතර එයාගේ යාළුවෝ..
ලංකාවේ විභාග කිරිල්ල අතෑරලා..
ලන්ඩන් විභාග කරනවා...
සමහරක් යාළුවෝ...
පිටරට ඉගෙනගන්න යනවා...
(එයාලත් එහේ ගිහින් ඉගෙනගෙන ඇවිත් මේයා වගේ දේශණ කරනවද දන්නෑ ඉතිං)
මෙයාට ඒ මොකක්වත් හරි යන්නේ නැහැ..
මෙයා ආයිත් කරනවා..
ඒත් හරියන්නේ නැහැ..
පස්සේ මෙයා ගෙදරට වෙලා ටීවී බල බල ඉන්නකොට..
මෙයාලාගේ තාත්තා එනවා...
එයා මෙයාට යෝජනාවක් කරනවා...
සිමාකරන්න කියලා...
ගෙදර නිකං ඉන්න එකේ මෙයා ඒකට කැමති වෙනවා...
හැබැයි ඉතිං මෙයාට ඒක හරියන්නෙත් නැහැ...
විභාගෙට යනවා...
අසමත් වෙනවා...
විභාගෙට යනවා..
අසමත් වෙනවා...
විභාගෙට යනවා..
අසමත් වෙනවා...
අන්තිමට බැරිම තැන මෙයා ගෙදරට වෙලා ඉන්නවා...
ඔහොම අන්න දවසක මෙයාගේ අම්මා..
මෙයාගේ කාමරේට එනවා...
ඇවිල්ලා අහනවා...
පුතා ඔයා විභාග පාස් වෙන්න උත්සහා කලානේ..
හරි ගියේ නැහැ නේ..
අපි වෙන වැඩක් කරමු...
අපි නැටුම් පුරුදු වෙමු...
ඉතිං මෙයාට හරි ජොලියක් යනවා..
නැටුම් පන්ති මරු නේ...
ඔන්න ඉතිං මෙයා අම්මත් එක්ක නැටුම් පන්තියට බැදෙන්න යනවා...
නැටුම් පන්තියට ඇතුල් වෙනකොටම..
නැටුම් පන්තියේ ටීචර් මෙයාව දැක්ක ගමන්...
සිදුහත් කුමාරයා දැකලා කරපු උදාන වාක්‍ය වගේ..
උදාන වාක්‍යක් කියනවා...
එයාට කව්රුත් මීට කලින් එහෙම කියලා නැහැ...
ඒක එයාගේ ජිවිතේ වෙනස් කරනවා...
එයා නැටුම් පටන් ගන්නවා...
එක එක වර්ගේ නැටුම්...
එයාගේ ජීවිතේ නැටුම් වෙනවා...
එයා ජීවිතේ ඉලක්කයක් හදාගන්නවා එයා..
බොල් රෑම්ඩාන්සර් කෙනෙක් වෙනවා කියලා...
මාස අටක් කරනවා
කරලා එයා විසිටින් කාඩ් එකකුත් ගහනවා..
එයා පොපෙෂනල් ඩාන්සර්කෙනෙක් කියලා...
නොමිලේ නටන...
ඔහොම යනකොට තාත්තා ආයිත් මෙයාගේ කාමරේට එනවා..
ඇවිත් මෙයා එකදිගට නටන එක ගැන ඇප්රිෂියේට් කරනවා...
තාත්තාගේ බලාපපොරොත්තු ඉටුනොවුනත්..
තාත්තා අහනවා..
ඔයා කැමතිද දැන් වැඩ කරන්න කියලා...
එයා හිතනවා තාත්තා එයාගේ සම්බන්ධතා යොදාගෙන...
ලොකු ආයතනයක..
ලොක්කෙක් ගාව වැඩ කරන්න අවස්ථාව බලාදෙයි කියලා...
ගෑණු ලොක්කියෙක් ගැන මෙයි හීන මවනවා...
.
.
.
.
.
.
ඔය වගේ තව තව දේවල් වෙනවා...
කොහොම හරි අවසානයේ..
මෙයා ලොකු ජාත්‍යන්තර තරඟයක් ජයග්‍රහණය කරනවා..
කරලා ඇමරිකාවට යනවා..
තෑගි ගන්න...
ඒ ගියාම එයාට වතුර බොන්න ගිහින් පොඩි කේස් එකක් වෙනවා...
අන්න එතකොට එයාට තේරෙනවා..
අපේ රටේ වගේ නෙමෙයි..
ඒ රටේ වතුර වර්ග දෙකක් තියනවා කියලා..
(අපේ රටේ එහෙම තිබ්බා මීට අවුරුදු ගානට කලින් නම්, හෝටලයක් ඇතුලට ගිහින් ජෝගුග්ව කිසි බයක් සැකක් නැතිව ජෝග්ගුව උගුරට හලාගන්න... මිනරල්වෝටර් කාරයෝ ඒකත් නැති කලා. ඒත් මෙයාට ඒක දැනේනේ නැහැ... මොද එයා එදා ඉඳලා දැක්කේ එක වතුර් විතරයි නේ)
ඔය ඔක්කොම කරලා..
වෙනස් මනුස්සයෙක් වෙලා ලංකාවට ඇවිත්..
අපිට අපේ ඇතුලේ තියන ශක්තියගැන දේශණ පවත්වනවා...
ධනංජය හොඳ මනුස්සයෙක්...
එයා වාසනාවන්ත මනුස්සයෙක්...
එකක් අසමත් වෙනකොට එකක් කරන්න තරම්..
සල්ලි වියදම් කරන්න තරම් සල්ලි තියන තාත්තා කෙනෙක්ගේ පුතෙක...
මේක අහලා ධනංජය වගේ වෙන්න යන්න එපා...
අපිට තියෙන්නේ එකම එක අවස්ථාවයි..
ඒ මේ රටේ තාමත් නිදහස්කියලා...
පනහට පනහා විකුනන අධ්‍යාපනය...
ඒ නිසා බෙල්ල කඩාගෙන හරි ඉගෙනගනිල්ලා....
එක් අසමත් වෙනකොට තව එකකට යවන්න අපේ තාත්තලට සල්ලි නැහැ...
ඒ නිසා පළවෙනි එකෙන් ගොඩදාගන්න බලපල්ලා...
මොකද..?
ධනංජයගේ තාත්තා වගේ නෙමෙයි..
අපේ තාත්තා....

Sunday, March 2, 2014

“ලොකු බේබිගේ වීර ක්‍රියා“ අංක 1 - කකුල පිච්චු දැරිය..


(ඡායාරෑපය ශෙහාන් ගුනසේකර සහෝදරයාගේ මුනු පොතෙනි)

දැන් දැන් අපට අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත්ය... රජයේ නාළිකා වලින් පමනක් තොරුතුරු දැනගන්නා මහජනයාට අසන්නට දකින්නට ලැබෙන සුරපුරය ලොව අන් කිසි රටකට නොදෙවැනිය... එය ඒ තරමටම ආශ්චර්යමත්ය.... ඊට අමතරව දවසින් දවස “බේබි“ ලාගේ වීර ක්‍රියා ගැනද අසන්නට ලැබේ... මේ වීරයන් අතීතියේ අප අසා ඇති, අපේ රටේ බිහිවු ජාතික වීරයන් යයි සම්මත කොටසට වඩා ප්‍රාතිහාර්යය පාන්නට දක්ෂය... ගලිවර්ට වඩා යෝදය... ටින් ටින් ගේ වීර ක්‍රියා වනට වඩා ඥාණසම්පන්නය.... ෂර්ලොක් හෝල්ම්ස් ගේ රහස් පරීකෂණ වික්‍රමයන්ට වඩා තීක්ෂණය.....මේ වීර ක්‍රියා ගත්කල අතීත වීරයන් කල කී දෑ හී වටිනාකම “පයිසෙට“ වඩා ටිකක් වැඩිය.... 

මේවායිනුත් වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ “ලොකු බේබි“ ගේ වීර ක්‍රියා ය... එක් පසකින් ගත් කල මේවා කථාංගය...... එකිනෙකට සම්බන්ධය....  “කකුල පිච්චු දැරිය“ එහි නවතම කථාංගයයි... එය ෂර්ලොක් හොල්ම්ස් ගේ තීක්ෂණ බුද්ධියට කරන අභියෝගයකි... කථාව සරළව මෙසේය.... ගුරවරයෙක් විසින් සාමාන්‍ය පෙල පන්තියේ දැරවියක මෙහෙකාර සේවයේ නොහොත් “වැඩකාරකමට“ යොදවයි... අපට නොකිව්වත් ඒ තුල අපහරනයක් හෝ කුට්ඨනයක් නොහොත් සුද්ද භාෂාවෙන් “සොර අඹු“ කමට තබාගැනීමක් සිදුවිය හැක... පසුව ඇයට සිදුවන අසීමිත පීඩා හමුවේ ඇය නිවසින් පැනයාමට තීරණය කරයි...  එසේ පැනයන දැරියට ගුරුවරයා විසින් තර්ජනය කරනු බලන්නේ ඇය නැවත කෙසේ හෝ තම නිවසට ගෙන්වන බවට අනතුරු අඟවමිනි.... ඔහුගේ කියමන සනාථ කරමින් ඒ දැරිවියට ඇතිවන යම් කායින හෝ මානසික රෝගී තත්වයක් හමුවේ ඇයව නැවතත් අර ගුරුවරයා ලඟටම ගෙනයාමට සිදුවන්නේ ඇයට යම් ශාන්තිකර්මයක් වැනි යමක් කරවා ගැනීමටය.... මේසේ ගෙනයන දැරිවියට වැහුනු යක්ෂයා පැන්නවීම සඳහා ගුරුවරයා විසින් ඇයලේ දෙපතුල රත්කරන ලද යකඩයකින් පුළුස්සනු ලබයි.... කථාව ඉවර නැත... අවසානයේ යක්ෂයා පැන්නීම කෙසේ වෙතත් දැරිය රෝහල් ගත කිරීමට දෙමව්පියන්ට සිදුවේ... මෙය පැහැදිලිවම ශ්‍රී ලංකාවේ බලාත්මක අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාර වරදකි.... එය එසේ වුවත් ගුරුවරයා සතු යම් ආකාරයක “බලයක්“ හමුවේ නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවේ.... 

(බස මරා අවසන්... මෙතනින් පස්සේ තමයි “පයිට්“ කෑලි පටන් ගන්නේ...)

මේ සිද්දිය අමු අමුවේම ආරංචි වෙනවා මොනරවාහිණියට... මොනරවාහිණියේ රිපෝටර් ඇත්තෝ සිද්ධිය අඩු වැඩියත් සපයලා “ලයිව් ඇට් එයිට්“ එකේ දානවා.... අැත්ත තමයි සිද්ධිය. කෙල්ලගේ කකුල් දෙක පතුරු ගහලා.... ගුරුවරයා පොලිසියේ කට්ටියත් එක්ක සෙට්ලු... ඒක නිසා පොලිසිය නිහඩයි ලු......දවසක් දෙකක් යනවා.... ඔන්න ඔය සිද්ධිය නිසා අපේ ලොකු බේබිගේ ලැම්බෝගිනි යේ සීට් එක රත්වෙනවා.... ලොකු බේබි කෙලින්ම කෙල්ලව හොයගෙන කෙල්ලගේ ගෙදරටම යනවා... කකුල් දෙක පරීක්ෂා කරලා බලලා වහාම රෝහල් ගත කරන්න කියලා දෙමව්පියන්ට උපදෙස් දෙනවා... දොස්තරලා කඩියෝ වගේ වැඩ.... කෙල්ලගේ එක කකුලක් එක දොස්තර කෙනෙක් බලනවා... අනිත් කකුල තව දොස්තර කෙනෙක් බලනවා.... නර්ස් කෙනෙක් කෙල්ලගේ කකුල් දෙක මැද්දෙන් අත තියාගෙන ඉන්නවා... කෙල්ලගේ ගවුම ඉස්සලා අපයෝජනයට ලක්වෙයි කියලා..... දොස්තරලා තීරණය කරනවා වහාම කෙල්ලව කොළඹ මහ රෝහලට යවන්න ඕනේ කියලා... දොස්තර හිතනකොට ඇම්බියුලන්ස් එක වේගෙන් ඇවිත් “කරාස්“ ගාලා බ්රේක් ගහගෙන දොර පඩිය ගාව නවත්වනවා... දොස්තර කෙනෙක් එක්කම කෙල්ලව දාගෙන ඉගිල්ලෙනවා.... (කථාව තාම ඉවර නැහැ)

“ලොකු බේබි“ වහාම පොලිසියට නියෝග කරනවා මේ ගැන පරීක්ෂණ පවත්වලා ගුරුවරයා අත්අඩංගුවට ගන්න කියලා.... ඕඅයිසී ටෙලිෆෝන් එක බිම තියන්න කලින් ජීප් එක දොර ගාව.... යනවා කට්ටයි... ගිහින් ගුරාව කුදලගෙන එනවා.. .එන ගමන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියට කොල් එකක් දාලාම වැඩේ ගැන කියලා.... එයාලා කොළඹින් පිටත් වෙනවා පරීක්ෂණය කරන්න.....  මේ මුලු ක්‍රියාවලියම සිද්ද වෙන්න ගතවෙන්නේ දවසයි... 

දැන් මේ සිද්ධිය ඒ ගමේ මිනිස්සුට ආරංචි වෙනවා... මිනිස්සු ලොකු බේබි ගැන මහා ශ්‍රද්ධාවක් ඇතිකරගන්නවා.... පොඩි මිනිහාගේ වැඩකට ලොකුම තැනින් වෙච්ච මැදිහත් වීම ගැන... අර දැරිවිගේ අම්මයි තාත්තයි බේබිට මල් තියලා වඳිනවා... සමහර විට අර බෙදපු පොතක් එහෙම ඒ දැරවි ගාව තිබ්බා නම් ඒකේ මුල පිටුව කඩලා බුදු පිළිමෙට උඩින් එල්ලාවි.... ගමේ ලිඳ ගාව,  කඩ පිළ ගාව, බණ මඩුවේ බේබිගේ වික්‍රෙම් ගැන කථා කරනවා... අනේ අපේ බේබිට පින් සිද්ධ වෙන්න අර කෙල්ලට බෙහෙතක් හේතක් කරගන්න පුලුවන් උනා... ගුරාව පොලිසි ගෙනිච්චා..... බේබි ට පින් සිද්ධ වෙනවා... වයසක අම්මලා කියනවා.....
---------------------------------------------

මේ අපේ රටේ සබෑ තත්වයයි... පසුගිය වසර කීපයක සිටම මෙවැනි සිද්ධින් ගනනාවක් අපට අසන්නට දකින්නට ලැබිනි... මාස කීපයකට පෙර බෝගම්මර බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලයට නැග උපවාස කරමින් ඉල්ලා සිටියේ “ලොකු බේබිව“ ගෙන්නවා තමන්ගේ ප්‍රශ්ණය විසඳා දෙන ලෙසයි.... රටේ ජනතාව තේරුම්ගත යුතු කරුණක් ඇත... රටේ පාලකයින් යනු කරවන්න් නොව කෙරවීමට අදාල ක්‍රමවේද සකසන්නන්ය.... පොලිසියේ රාජකාරිය නීතය බලාත්මක කිරීමය... අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමය... ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමය.... අදාලා අංශ දැනුවත් කිරීමය.... සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.... අධිකරණයේ වගකීම වන්නේ අදාල කරුණට අනුව පවතින පරිවේශණීය සාක්ෂි හා වාචික ප්‍රකාශ කරුණ තර්ක පදනම් කරගෙන නඩු කටයුත්තට ආදාල පුද්ගලයින් වැරදිකරුවන් යැයි ඔප්පු වුවහොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් පැමිනවීමය... එසේත් නැත්නම් නිදෝස් කොට නිදහස් කිරීමය.... මේ ක්‍රියාවලිය නිිසියාකාරව සිදුවෙනවා දැයි පරික්ෂාකරන්නට වෙනම කණ්ඩායමක් පත්කර ඇත... බේබිලා ඇතුලු ආණ්ඩුව විසින් කල යුත්තේ මේ පවතින පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය... පොලිසියට ස්වාධීන්ව තමන්ගේ රාජකාරීන් ක්‍රියාත්මක කල හැකි පරිසරයක් නිර්මාණය කරදීමය... දේශපාලන අතපෙවීම් වැලක්වීමය.... ස්වාධින අධිකරණ පද්ධතියක් බිහිකිරීමය... කොටින්ම කිව්වොත් පවතින ක්‍රමවේදය නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමය......

අපිට නොතේරෙන්නේ ද  ...  උන් නොකරන්නේ ද ... එයමය...

Sunday, February 23, 2014

බුකියේ පෙන්නන දෙක....


දැන් අලුත්ම රැල්ල නැගිලා තියෙන්නේ බුකිය තහනම් කිරීම ගැන නේ... කාලෙකට පස්සේ මටත් හිතුනා ඒ ගැනම ලියන්න... දැන් නම් මේ ගැන පට්ට ගහලා තියන නිසා ලියන්න තියන දේත් බොහොම සීමිත උනත් මටත් ඒ ගැන යම් මතයක් තියනවා...මම “බුකි තහනම“ දෙආකාරයකින් දකිනවා.... එකක් තමයි එක්තරා කාලයකදී පැය 24 න් තුනෙන් දෙකක් විතර කාලයක් බුකියේ රැඳුනු... බුකියේ ජීවත් වුනු... බුකියේ ආතල් ගත්ත.. ගහගත්ත.. වාද කරගත්ත කෙනෙක් හැටියට...

අනිත් කෝණය තමයි යන්තමට දැළි රැව්ල වැවීගෙන එක... ටික ටික කට හඬ වෙනස් වේගෙන යන..‍ යෞවනයට අත වනමින් ඉන්න කොළු පැටියෙක් ගේ තාත්තෙක් හැටියට..... ඔය දෙකෙන් කොයිකට සාධාරණයක් ඉෂ්ඨ කරන්නද කියලා නොතේරුනත්.. ඔය දෙකෝනේම සාධාරණ විදියට මම දකින දේ ලියන්න බලමු....

බුකියේ ප්‍රශ්ණ තියනවාද...?

ඇත්තටම බුකිය අප්සට් තැනක්ද....?

මේකද කෙනෙක්ට 100%  නිවැරදි පිළිතුරක් තියේය කියලා මම විශ්වාස කරන්නනේ නැහැ... නමුත් මට නැහැ... බුකිය හොඳයි.... අපි බුකිය හොඳයි කියලා දකින්නේ අපි ආශ්‍රය කරන... අපි ගැවසෙන.. අපේ මිතුරු ලැයිස්තුවත් එක්ක සම්බන්ධ පරාසය තුල... නමුත් ඔය කියන පාරාසය මුලු ලෝකය පුරාම ඉන්න බුකිගත වන්නන්ගෙන සීයට කොච්චරක් විතර වෙයිද... ? අපි “හොඳ“ යැයි සම්මතය දකින්නේ අපේ පරාසය ඇතුලේ... අපි දන්නවා බුකිය හරහා වෙන “සත්කාර“ සමාජ මෙහෙවර වගේම බිහිවෙන නිර්මාණ ගැනත්... ඒත් ලංකාව ඇතුලෙම බුකිගත වෙන තව කොටසක් ඉන්නවා උන් බුකිය “කැටපත් පවුරක්“ ද යන්න වත් නොදන්න..... උන් ජීවත් වෙන ලෝකේ වෙනස්...උන්ට තියන ආතල් වෙනස්....

දැන් අහන්න එපා “බස්සා“ කොහොමද ඒ පැත්ත දන්නේ කියලා...

ඔය මටත් තවත් ප්‍රොෆයිල් එකක් හෝ ඊට වැඩි ගනනක් තියනවා....ඒ නිසා මට සහතිකව කියන්න පුලුවන් අපි දකින “බුකියේ“ මේ පැත්ත නොදකින පිරිසක් ඉන්නවා වගේම උන් බුකිය භාවිතා කරන ආකාරය අපි දන්නේ නැහැ...
මේක බොහොම සරළ දෙයක්...
හරියමට අපි ජීවතවෙන සමාජය වගේමයි... අපි දකින අපිට “ඇක්සස්“ තියන කොටස විතරයි අපි දකින්නේ... ඒ තුල තියන හොඳ හෝ නරක අපි විඳිනවා වගේම විඳවනවා... ඒත් අපිට “ඇකසස්“ නැති කොටස ගැන අපිට පැහැදිලි චිත්‍රයක් නැහැ.... කොටන්ම කිව්වොත් බුකිය කියන්නේ අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ එක් පැතිකඩක්.. ඒ තුල “හොඳ“ සහ “නරක‘ කියන කොටස් දෙකම තියනවා.... 

නමුත් තාත්තා කෙනෙක් විදියට මම මගේ පුතාට බුකිය අනුමත කරන්නේ නැහැ... යම් කාලයක් යනකම්... ඒකට හේතු තියනවා... එකක් තමයි මම මීට කලිනුත් කියප අපි “හොඳ“ යැයි දකින සීමාවට එහා තියන කොටස අපේ පාලනයෙන් තොර වීම.. 

අනිත් කාරනේ තමයි බුකිය තුල බොහොම ඉක්මනට “කොපි“ කිරිල්ල සිද්ධ වෙනවා... අනුගමනය කිරීම නෙමෙයි අනුකරණය කරන එක... ඒකේ සිමාවන් නැහැ.. ඇඳුම් පැළඳුම්... වචන භාවිතාව... හැසිරීම... විවිධාකාර මෝස්තර.... කොටින්ම කිව්වොත් මුලු ජීවන රටාවම “කොපි“ කරන්න පෙළඹෙන, පෙළඹවිය හැකි තැනක්....ඒකට හේතු වෙන බොහෝ දේත බුකිය තුල ෂෙයාර් වෙනවා... අපි බොහොමයක් අවස්ථවල දකිනවා බුකියේ තියන පොඩි පොඩි ගෙට්ටු... ගෘප් එකක සෙට් එකක් සෙට් වෙලා තන්න ආතල්... දාන පිංතූර... කේ එෆ සී.. මැක්ඩොක්ල්ඩ්ස්... මුහුදු වෙරළේ ගන්න ආතල්... කෙල්ලෝ කොල්ලෝ යන ට්‍රිප්... හැබැයි කවුරුත් ඔය ආතල් කොටස් ෂෙයාර් කලාට ඒ ඇතුලේ තියන “කුහක“ කෑල්ල් එළියට දාන්නේ නැහැ... ඒත් සමහර වෙලාවට දරාගැනීමේ සීමාව පැන්නාම ඒ පොඩි පොඩි ඒවා එළියට එනවා..... මොකක් උනත් ඔය ගන්න “ආතල්‘ දකින පොඩි පොඩි කොලු කෙලිත්තියෝ ගෙඩිය පිටින්ම මේවා “අනුකරණය“ කරන්න පෙළඹෙනවා....  ඔය යන බොහොම “ට්‍රිප්“ වල පිංතූර බලද්දී අපි දකිනව ඔය සමහර නංගිලා මල්ලිලා “දෙක“ පෙන්නගෙන ඉන්නවා... නිකමට අහලා බලන්න ඇයි ඔය “දෙක“ පෙන්නන්නේ කියලා... බොහෝ විට නිහඬ වෙන්න පුලුවන්.... ඇත්තටම එයාලා ඔය “දෙක“ පෙන්නීම දැකලා තිබ්බාට එහි සැබෑ අරුත “වී“ අකුරු හැබය නොහොත් “වික්ටරි“, එහෙමත් නැත්නම් ජයග්‍රහනය කියන එක නොදන්නවා වෙන්න පුලුවන්... මේ බුකිය තුල “ඇන්ඳීම“ කියන එකට බොහොම සරළ උදාහරයක් විතරයි....

මීට අමතරව බුකිය තුල “හන්ටර්ලා“ නොහොත් දඩයක්කාරයෝ ඉන්නවා...ඔවුන් බුකියට එන්නේ කවි ලියන්නවත් පිංතූර බලන්නවත් එහෙමත් නැත්නම් සංවාද කරන්නවත් නෙමෙයි.. ඔවුන්ගේ මුලික අරමුණ “බිලී බාගැනීම“.. ඔවුන් ඉල්ලන්ගේ “මස්“... ප්‍රශ්නේ තියෙන්නේ ඒ වරිත බුකිය තුල හඳුනාගැනීමේ අපහසුව... ඔවුන එන්නේ විවිධ වෙස් අරගෙන.. බොහෝවිට ඔවුන් එන්නේ රෑපසම්පතියෙන් වැඩි ගෑණු චරිත ඔස්සේ.. එහෙමත් නැත්නම හිත් ඇඳගන්න පිරිම රෑප ඔස්සේ... ඒ වගේ “බිලි බාගැනීම්“ කෙලවර වෙන්නේ එක්කෝ මුලු ජීවත කාලෙම විඳිවන්න සිද්ධ වෙන දේත එක්ක.. එහෙමත් නැත්නම් අවසානය වන්දි ගවෙන්නේ ජීවිතෙන්... අපි බුකිය කියන කොටස දකින්නේ සිංහල කථා කරන, සිංලෙන් කවි ලියන කොටස උනත් බුකිය ඊට එහා ගිය පාලනයෙන් අසීමාන්තික නිදහසක් තියන තැනත් විදියටමයි මම දකින්නේ....

ඒ කියන්නේ “බස්සා“ පුතාට බුකිය තහනම් කරනවද...?

උත්තරය ඔව්.....

 දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් “ඊට වැඩිය හොඳ නැද්ද ඒ තුල ආරක්ෂාකාරීව හැසිරෙන ආකාරය“ කියලා දුන්නා නම් කියලා... 

නැහැ.. මම පිළිගන්න දෙයක් තියනවා... “ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් ප්‍රටෙක්ෂන්‘  කියන එක.. ආරක්ෂා කරනවට වැඩිය වලක්වා ගැනීම හොඳයි.....

ඒ එක පැත්තක්....

නමුත් රජය බුකිය තහනම් කරන්න හදන මුලික කාරණය විදියට ඔය දේ පෙන්නුවත් ඇත්තටම බුකිය තහනම් කරන්න හදන්නේ ඒ නිසා නොවන වග අපි හැමෝම දන්නවා....ලංකාවේ තියන බොහොමයක් අමාත්‍යංශ වල ඉන්න “ඩොකියුමන්ටේෂන් ඔෆිසර්“ කියන චරිතයේ එක රාජකාරියක් තමයි බුකිය ඇතුල අන්තර්ජාලය තුල සිද්ධවෙන දේවල් ගැන අදාල පාර්ශවයන්ට වාර්ථාකරන එක... සමහර විට ඔය කියන අය අපි අතර ඉන්නත් පුලුවන්... අපි කරන සංවාද ගැන වාර්ථා සකස් කරන්නත් පුලුවන්..

මුල් කාලේ බුකිය තුල සිදුවෙන රජයේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල විවේචනයන් ලොකු බලපෑමක් නැති උනාට දැන් දැන් අන්තර්ජාලය ජනප්‍රිය වීම සහ එදිනෙදා ජීවිතයට නැතිවම බැරි.. බොහෝ දෙනෙකට පිවිසිය හැකි තැනක් වීම නිසාම බුකිය තුල ටවෙන සංවාද රජයේ ජනප්‍රියත්යට යම් බලපෑමක් එල්ල කරනවා... කොටන්ම අන්තර්ජාලය සාමාන්‍යකරණය වීම තුල බුකිය තුල සිදුවෙන සංවාද වලින් මේ රජය පිහිටුවීමේ ලා ලොකු බරක් ඇද්ද නිර්ධන පන්තියේ මනැසට යම් බලපෑමක් එල්ල වෙනවා... සමහර විට ඒ බුකිගත වෙන ඔවුන්ගේ දෙවැනි පරම්පරාව නිසා වෙන්න පුලුවන්... අපේ රටේ පාලනය වෙනස් කරන්නේ පිළිගත්ත පක්ෂ වලට වැඩ කරන කොටස නෙමෙයි... අලුතින් එකතුවෙන ඡන්දදායකයෝ සහ පාවෙන ඡන්දදායකයෝ... කැපුවත් කොල හෝ කැපුවත් නිල් කියන කොටසනි කවදාවත් රජයක් පත්වෙන්නේ නැහැ.... මේ තුල වැඩි වශයෙන් ගැවසෙන කොටස බුකිය තුල සිද්ධ වෙන විවිධාකරයේ සංවාද තුල ඇතිකරගන්න ආකල්පය රජයේ පැවැත්ටම බලපාන්න පුලුවන්...

පහුගිය කාලේ සිද්ද උන සිද්ධින් වලින් උනේ “අඬන්න ඉන්න මිහිනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා“ වගේ වැඩක්.... ඒ සිද්ධ වුන සිද්ධින් රජයේ ප්‍රයෝජනය පිණස පාවිච්චි වීමක් තමයි දැන් සිද්ධ වෙන්නේ....
අපේ රටේ සිය දිවි නසාගැනීම් ඇත්තටම ප්‍රශ්ණයක්.... 

ලංකාවේ අවුරුද්දකට අවම වශයෙන් පුද්ගලයින් 100,000 වත් සිය දිවි නසාගනෑමීට උත්සහා කරන බව වාර්ථා වල සඳහන් වෙනවා.... ඒ අතරින් දිනකට පුද්ගලයින් 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් සියි දිවි නසාගන්න පව තමයි වාර්ථා වෙන්නේ... පහුගිය කාලේ ලංකාව ලොකේ සිය දිවි නසාගගැනීමේ වාර්ථාව පවා පිහිටුවලා තිබුනා....  

ආණ්ඩුවට ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන සිය දිවි නසාගැනීම් අවම කරන්න කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියනවා නම් බුකිය තහනම් කිරීම කියන එක එන්නේ ඒ ලැයිස්තුවේ වාටිය හරියට... ඊට කලින් කරන්න බොහෝ දේ තියනවා...  ඉතාම සරළ දේ තමයි අපේ රටේ තියන “සිස්ටම්“ එකේ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් ලබා දෙන්න ඕනේ... උඩ ඉඳන් පහලටට සිස්ටම් එකේ ප්‍රශ්ණ තියනවා.. පහුගිල කාලේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව දරුවනුත් එක්කම ගඟේ පැන්න.. .ආණ්ඩුව මොකද කලේ.. අඩුම ගානේ එ් ගැන නියමිත පරිදි පොලිස් පරීක්ෂණයක් කලාද කියලාවත් සැකයි... ගොවියෝ ණය ගෙවාගන්න බැරිව “මැහි තෙල්“ බිව්වා..... විශ්ව විද්‍යාලේ ළමයි පීඩනය දරාගන්න බැරිව බෙල්ලේ වැල දාගන්නවා.... තමන්ගේ බිරිඳ රට ගියා කියලා සැමියි දරුවනුත් තුරුල් කරගෙන ලිඳට පනිනවා....

මේ දේවල් වලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන රජය ඇයි මේ බුකියේ ප්‍රශ්නෙදී මෙච්චර උනන්දුවක් දක්වන්නේ..... 

මෙතනින් එහාට ලිව්වොත් නැවතත් ලියන්න වෙන්නේ මේ ආණ්ඩුවයි ඒ හා බැඳුන් “කුඩු“.. “බඩු“ සහ “සුදු“ යන තුන් ආකාරික ක්‍රියාවලිය ඇතුලු අනෙකුත් “පජාත“ වැඩ ගැන නිසා ඒ ගැන වැඩි යමක් නොකියා ඉන්නම්... ඡන්දයක් අස්සේ ඕවා ලියලා ආණ්ඩුවට වැටෙන ඡන්ද ටික නවත්වන්නේ මොකටද...? (පුකෙන් මටම හිනා)....
මේක සංවාදිතද නැද්ද යන්න තීරණය කරන්න කියවන ඔබට බාරයි.... හැබැයි මේ ලිව්වේ මගේ පෞද්ගලික මතය... ඒක අප්සට් වගේ නම් මුලු පෝස්ට් එක පුරාම “අපි“ කියලා ලියලා තියන තැන් වලට “මම“ කියලා දාලා කියෙව්වත් කමක් නැහැ....




Wednesday, May 8, 2013

ගල... තන සහ රෑප රචන.....


මෑතකදී දෙරණ නාලිකාවේ පැවතුනු දෙරණ "Music video awards 2013" හිදී සෝමරතන් දිසානායකයන් විසින් බොහොම මතබේදාත්මක වගේම විවේචනාත්මක අදහසක් පල කලා.. විශේෂයෙන්ම අද අපේ රටේ බිහිවෙන ගීත සඳහා නිෂ්පාදනය කරන රෑපරචනා සම්බන්ධයෙන්... ඔහුගේ අදහස අනුව එම සම්මාන උළෙල සංගීත රෑප සඳහා සම්මාන දෙන උළෙලක් නම් ලංකාවේ සංගීත රෑප කියන එක ප්‍රශ්ණයක්... ඒ අවස්ථාවේ දී ඒ කථාව අහලා එතනින් අවසන් කලත් අද මම බලපු සංගීත රෑප රචනා කීපයක් දැක්කමා හිතුනා සෝමරත්න දිසානායකයන් ගේ ප්‍රකාශයේ යම් ඇත්තක් තියනවා කියලා....

මගේ මතකයේ හැටියට මේ සංගීත රෑප රචනය කියන සංකල්පය අපේ රටේ බිහිවෙන්නේ අනුව දශකයේ මුල් භාගයේ දී.... ජාතික රෑපවාහිණියේ විකාශය වුනු තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් වුනු “යාත්‍රා“ කියන වැඩසටහනින් තමයි මුල් වරට ගීත සඳහා රෑප රචනය කිරීම අපිට හඳුන්වා දුන්නේ... (මගේ මතකේ වැරදි නම් ඒ ගැන දැනුවත් කරන්න). ඒ තුලින් ඒ කාලේ බිහිවෙච්ච නව ආරේ ගීත පදරචනයන්ට යම් සජීවී බවක් ඇතිවුනා. එදා ඒ ආරම්භ උන සංගීත රෑප රචනය අද අපේ සමාජය තුල වෙනමම කලාවක් දක්වා වර්ධනය වෙලා තියනවා. සංගීත රෑප රචනය වෙනුවෙන්ම බිහි වුනු ආයතන, අධ්‍යක්ෂවරු වගේම නිෂ්පාදකවරුත් අද අපේ රටේ බහුලයි. නමුද අද සංගීත රෑප රචනයයේ භාවිතාව ගැන නැවත සිතා බැලීම වැදගත්.. එදා යාත්‍රා හී අපි නරඹපු රෑප රචනයන්ට වඩා අද රෑප රචනයන් හාත්පසින්ම වෙනස් වෙලා. එදා රෑප රචනයේ දී වැදගත් උනේ ගීතය. ගීතය සජීවිකරණය කරන්න තමයි රෑප රචනය යොදාගත්තේ. නමුත් අද අද බිහිවෙන රෑප රචානා දැක්කමා හිතෙන්නේ මේ රෑප රචනා වලට හරියන්න ගීත ලිව්ව ද කියන හැඟීමක්.

මම සාමාන්‍යෙයන් ප්‍රවෘත්ති ඇරුනාම ලංකාවේ වැඩ සටහනක් බලන්නේ බුකියේ පලවෙන ලින්ක් එකක් ඕස්සේ දකින්න ලැබෙන දෙයක් විතරයි. නමුත් ටික දවසකට උඩදී අතුල සමිතා ගායනා කරපු “ඉවසයිද මන්දා“ කියන ගීතයේ රෑප රචනය බලන්න ලැබුනා.ඒ රෑප රචනාවත් එක්ක ඒ ගැන මගේ හිතේ මැවුනු අදහස මම බොහොම සරළව කිව්වොත්.

“කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ජීවත් වෙනවා. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒක කොල්ලට අහු වෙනවා. කෙල්ල කොල්ලාව දාලා යනවා. දාලා ගිහින් අළුත් කොල්ලත් එක්ක එකට ජීවත් වෙනවා. ටික කාලයක් යනකොට කෙල්ල බලාපොරොත්තු වෙන ආදරේ අළුත් කොල්ලාගෙන් ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් කෙල්ල පරන කොල්ලා ගැන හිතනවා. එක අවස්ථාවක දී අළුතු කොල්ලා කෙල්ලව රවට්ටලා කියලා කෙල්ලට තේරෙනවා. ඒක අහපුවාම අළුත් කොල්ලා කෙල්ලව එළියට දානවා. කෙල්ල සතියකට විතරක් ඇති වෙන්න රෙදි අඩුක්කරපු බෑග් එකත් අරගෙන ගෙදරින් එළියට බහිනවා.  කෙල්ල පරණ කොල්ලට කොල් කරනවා. කොල්ලා අන්සර් කරන්නේ නැහැ. පස්සේ කෙල්ල කොල්ලාව හොයාගෙන යනවා. හැබැයි එතකොට පරණ කොල්ලා අළුත් කෙල්ලෙක් එක්ක ජීවත් වෙනවා.“

ඒ රෑප රචනය නැරඹුවාම මට දැනිච්ච කථාව බොහොම සරළව මේ විදියට අකුරු කරන්න පුලුවන්. මේ කාරනා එකින් එක අරගෙන බැළුවොත් මට දැනෙන්නේ මේ කියනනේ අපේ ලංකාව ගැනද කියන එක මට නම් ප්‍රශ්ණයක්. ඔය වගේ දේ ඇමරිකාව වගේ රටවල් වල වෙන්න පුලුවන්. හැබැයි ඒවා වඩාත්ම දකින්නේ ඒ රටවල් වල බිහිවෙන චිත්‍රපටි වල විතරයි. ඇත්ත සමාජේ ගත්තාම ඇඳුම් මාරැ කරනවා වගේ ගෑණු මිනිස්සු මාර් කරන ක්‍රමයක් මේ රටවල් වලත් නැහැ. අනිත් පැත්තෙන් මට දැනෙන්නේ මේ ප්‍රෙමෝට් කරන හදන තියරිය මොකක්ද කියන එක. සාමාන්‍යෙයන් අපේ රටේ පැවතුන පවතින සංස්කෘතික රටාව තුල ගෑණියෙක් මිනිහෙක් එකට ජීවත් වෙනවා කියලා කියන්නේ යම් නිශ්චිත බැඳීමකට යටත්ව සිද්ධ වෙන දෙයක්. එතනදී නීතිමය වශයෙන් හෝ වේවා සමාජීයමය වශයෙන් හෝ වේවා යම් බැඳීමක් තියනවා. හිතෙන හිතෙන වෙලාවට ගෙවල් වලින් එළියට බහින්නවත් ඇතුලට ගන්නවත් අපේ සමාජ ක්‍රමය අනුව හැකියාවක් නැහැ. ඇත්තටම අපිට එහෙම කරන්න අවශ්‍ය උනත් අපි වටා පවතින අපේ සමාජ ක්‍රමය අපේ සමීපතමයන්, දෙම්වපියෝ ඒ දෙවල් අනුමත කරන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ මේ ගීතයෙන් ප්‍රෙමෝට් කරන්න හදන්නේ බටහිර රටවල තියන “Living together"කියන සංකල්පයක ද කියලා මට හිතෙනවා.

අනිත් කාරනේ එකට ජීවත් වීම තුල උනත් එහි යම් අධ්‍යාත්මික වශයෙන් බැඳීමක් තියනවා. අඩුම ගානේ එකිනෙකා තුල ඇතිකරගත්ත අවබෝධයක්. එකිනෙකා වෙනුවෙන් කැපවීමේ එකඟතාවයක්. එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් තියනවා. නමුත් මේ රෑප රචනයේ දී අදාල අධ්‍යක්ෂවරයා ඒ සියළු හැඟීම් සම්බන්ධතා බිඳලා “එකිනෙකාගේ හැඟීම් සංතර්පණය“ කියන බැඳීම පදනම් කරගෙන රෑප රචනය කරලා තියන බව තමයි මට හැඟෙන්නේ. ඒක එසේ නොවෙනවා නම් එක ගෑණියෙක් අත් අරින කොට තව ගෑණියෙක් ගන්නත් එක මිනිහෙක් අත් අරිනකොට තව මිනිහෙක්ගේ ඇඟේ එල්ලෙන්නත් හැකියාවක් නැහැ. මේ ගීතයට වඩත් ගැලපෙන රෑප රචනයක් කරලා තිබුනා කව්දෝ වෙනත් කෙනෙක්. ඔරිජිනල් අධ්‍යක්ෂවරයාට වඩා ගීතය මනා ලෙස තෙරැම් අරගෙන ඔහු ඒ රෑප රචනය කරලා තිබුනා.

ඒ වගේම තවත් බොහොම අපුරු රෑප රචානාවක් අද අහම්බෙන් බලන්න ලැබුනා. ඒ රෑප රචනාව බැළුවාම මට දැනුන දේ බොහොම සරළව මෙහෙමයි..

“මුලු හදින් ඔබ“ කියලා ආරම්භ වෙන ගීතයේ රෑප රචනය ගටන් ගන්නකොටම තියන රෑප රාමුව කෙල්ල දාලා යන අවස්ථාව. කොල්ලයි කෙල්ලයි එකට ජීවත් වෙනවා. ඒ එක්කම කෙල්ලගේ යාළුවෙක් දෙන්නා “දරුකමට“ වගේ හදාගන්න අරගෙන තියනවා. ඒ දරැවා කෙල්ලට වඩා ටිකක් පැහැපත්. කෙල්ලට වඩා විසේ ගතියක් තියනවා. (සමහර විට දරුකටම හදාගත්ත හින්ඳා වෙන්න ඇති) කෙල්ලයි කොල්ලයි යන හැම තැනම දරුවාවත් එක්කගෙන යනවා. කෙල්ල කොල්ලාගේ අතින් ඇල්ලුවත් දරුවාගේ මුන හොඳ නැහැ. කොල්ලා කෙල්ලව ඉම්බොත් අර දරැවා ඈතට යනවා. පස්සේ කොල්ලා ගිහින් අතින් අල්ලා සනසනවා. කේකට ඒ වෙන කිසි දෙයක් ගැන පැහැදිලි වැටහීමක් නැහැ. මෙතනදී මට තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්ණයක් තියනවා. මට නම් දැනෙන්ම  මේ කෙල්ලෝ දෙන්නාගේ “ආප්ප“ කේස් එකක් තියනවා කියලා. දරුවා අර කෙල්ලව කොල්ලගෙන ගලවන්න හදන්නේ එක නිසා. කොල්ලා ගේ මොකක්දෝ නපුන්කස ගතියක් තියනවා. කොල්ලට හොඳටම අවස්ථාව තියනවා දෙකම තියාගෙන “රජෙක්“ වගේ ඉන්න. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවා කොල්ලට කොච්චර බැල්ම දැම්මත් කෙල්ලට ගානක් නැහැ. කෙල්ලට කොල්ලාව කොච්චර විශ්වාසයිද කියන්නේ උදේ පාන්දර දරුවා සුටි කොට කලිසමක් ඇඳලා ඉන්න වෙලාවේ අර අහිංසක කොල්ලාව තනියම දාලා යනවා.“

මේ රෑප රචනා දෙකේදිම මම දැක්කේ අර මම මුලින් කියපු ලිවින් ටු ගෙදර් කියන සංකල්පය ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳයා පල නිෂ්පාදනය කරපු දැන්වීම් දෙකක් විදියට. ඊට අමතරව “මුලු හදින් ඔබ“ කියන ගීතයේ විශේෂත්වය තමයි කාලයක් අපේ රටේ තිබිලා වැලලිලා ගිය අයියා මලෝ එක ගෑණි බෙදාගත්ත “එකගෙයි කෑම“ කියන සංකල්පයේ අනිත් අන්තය හෙවත් “චන්නයි කෙල්ලෝ දෙන්නයි“ ක්‍රමය ප්‍රමෝට් කරන්න හදවාද කියන එක. කොහොම නමුත් අනිත් කාරනේ මේ රචනා සඳහා භාවිතා කරන පන්තිය. උදේට මුහුද අයිනේ කැෆේ එකක සෙට් වෙන, හවසට බීච් එකේ ෆන් ගන්න... ක්ලබ් එකකට සෙට් වෙලා බිලියට් ගහන පන්තිය ගැන ප්‍රමෝෂන් එක්ක ද කියලාත් හිතෙනවා....
(මුළු හදින් ගිතය බලන්න මෙතනට කොටන්න)

මේ මොන දේ කොයි විදියට ප්‍රමෝට් කලත් මේවා ගැන යම් පාලන යාන්ත්‍රනයක් බිහිවෙන්න සුදුසු කාලේ ඇවිත් කියන එකයි මගේ මතය. අද මගේ දරුවන් ඇතුලු මුලු රටේම දරුවන් පොතට වැඩිය යොමුවෙලා තියෙන්නේ රෑපවාහිණියට. උදේ ඉඳලා රෑ වෙනකම් එකක් මාරැ කරන කොට එකක් වශයෙන් තියන චැනල් හැට හුටා මාරේම ප්‍රචාරය වෙන්නේ මේ ගීත. අද ගීයක් මාකට් කරන්නේ ගීතයේ පද රචනාවෙන්වත්, සංගීතයෙන්වත්,  ගායකයගේ කටහඬින්වත් නෙමෙයි. “පට්ට කෑල්ලක්“ “හැන්ඩි කොල්ලෙක්“ අරගෙන කෑල්ලට කකුල් දෙක පේන කොට ජංගි කෑල්ලද අන්දලා... කොල්ලා ඉස්සරහා කකුලක් පිට කකුලන් දම්මලා.. කැමරාව කකුලෙන් පටන් අරන් තන් දෙක මැද්දෙන් ගිහින් රවුමක් දාලා... පස්සේ හුලඟට උඩයන ගවුමක් ඇඳගෙන මුහුදු වෙරලට ගිහින් උඩ යන රෙද්ද අතින් අල්ලගන්න හදලා... බුරුත කොට වගේ කලවා කෑලි දෙක එළියට එන්න අල්ප දයන්න වගේ නිදි කරවලා... පොඩි පොඩි විෂුවල් එෆෙක්ට් ටිකක් දැම්මාම අපි ඒකට මියිසික් වීඩියෝ කියලා බලනවා. ඉස්සර අපි රෑපවාහිණිය ඉස්සරහා වාඩි උනාම නයිට් රයිඩර් කෙල්ලගේ කට කන්න යන කොට අපි ඇස්වහලා ඇඟිලි අස්සෙන් බලනවා. අද ළමයි ඇඟිලි අස්සෙන් බැලීම කෙසේ වෙතත් පොඩි කාලේ ඉඳලාම දකින්නේ වැල්ලේ පෙම් කෙළින ඒවයි... ගෑණු දාලා යන සිද්ධියි. මොහොතක් හිතන්න මේවා ළමා මනසට බලපාන්නේ නැහැ කියලා ඔබට දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද..? අද බිහිවෙන තරැණ පරම්පරාව ඇයි වල්මත් වෙන්නේ. ඔවුන් හොයාගෙන යන්නේ අද අපිට උදේ හවා රැපවාහිණියේ පෙන්නන ආතල් ලෝකෙට. අපි ඉස්සර 1.25 ට තෝසේ කෑවට අද තරුණ දරුවෝ චේන්ජ් එකට යන්නේ කේඑෆ්සී... කෙල්ල එක්ක යන්නේ මැක්ඩොනල්ඩ්ස්... මොකටද අයිස් ක්‍රීම් කන්න.... 

මම මේ දෙවල් වැරදි කියනවා නෙමෙයි... සමහර අයට හිතෙයි මේ ලිං මැඩි ආකල්ප කියලා.... ඒක එහෙම වෙනවා... මොකද හැමදාමත් එක් පරම්පාරවක් තවත් පරම්පරාවක් දිහා සංසන්දනාත්මකව බලනකොට දකින අඩු පාඩු හෝ වැරදි, වැරදි විදියට දකින්න අළුත් පරම්පරාව කැමති නැති නිසා.... ඒත් මේවා ගැන නැවත හිතලා බලන්න.. අද ගැන නෙමෙයි.. හෙට ගැන.. හෙට උපදින දරුවෝ ගැන.... අපේ රටේ මේයාකාරයෙන් සිද්ධවෙන දේ ගැන ලියන්න ගියොත් තව පිටු කීපයක් ලියන්න පුලුවන්.. ඒත් අද මම උත්සහා කලේ අපේ රටේ “මියිසික් වීඩියෝ“ වල “ට්‍රෙන්ඩ්“ එක ගැන මට දැනෙන දේ ඔයාලත් එක්ක බෙදාගන්න.....

අපි මේ හැමදාම සෙල්ලම් කරනේ රටේ අනාගත දරුපරම්පරාවත් එක්ක කියන එක විතරක් මතක තියාගන්න.....

(සංවාදයට ඉඩ)

Saturday, April 6, 2013

ඇයව එල්ලා දුෂණය කලවුන්ට අපි ඡන්දය දෙමු.....



ඔන්න කාලෙකින් මමත් ආවා බ්ලොගේ පැත්තේ.. එහෙම නම් හැමෝටම මේ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සුභ එකක් වේවා කියලා පතලම වැඩේ ආරම්භ කරන්නම්....

මේ කාලේ එක එක ජාතියේ රැළි තියනවනේ... සමහර ඒවා ජනතා රැළි... එක එක පාට... එක එක පක්ෂ ජනතාව මැදි කරගෙන ඒ ඒ අයගේ මතය සමාජයට ගෙනියන්න උතසහා කරනවා.... ඒ අතරේ කාලයක් වැස්ස වහින්න කියලා පොල් ගහලා ගහලා පොල් මිලත් වැඩි වෙලා තියනකොට දෙන්න පටන් ගත්ත වැස්ස නිසා දැන් ලංකාව පුරමා වැව් පිරිලා ඒවායෙත් රැළි ඇතිවෙලා තියනවා මම ප්‍රවෘත්ති වල දී නම් දැක්කා... ඔය අතරේ හැමදාම වගේ වැස්සත් නොවැස්සත් ගහන රැල්ල මුහුදු රැල්ලත් දැන් සැරයි කියලා තමයි ආරංචිය... හැබැයි අද මේ කථා කරන්න යන්නෙ ඔය කියන එක රැල්ලක් ගැනවත් නෙමෙයි.... දැන් දැන් බුකියේ වගේම වෙනත් සමාජ ජාලා ඔස්සේ ඇදිලා යන තවත් රැල්ලක් ගැන.... ඒ රැල්ලේ හැටියට ඒ රැල්ල මතු කරන උදවිය කියන දේ තමයි දැන් දැන් අන්තර්ජාල දේශපාලණ මත වැහි වැහැලා කියන එක... එහෙමත් නැත්නම් “සමහරැ යුද්ධ කරන්නේ බුකියේ“ කියලත් කියනවා මම දැකලා තියනවා..... ඒ වගේම සමහරැ කියනවා ඔය බුකියේ, බ්ලෝගේ දේශපාලණ පන්ඩිතකං කථා කරලා රට හදන්න බැහැ යි කියලාත්....ඒ එක්කම තව සමහරැ කියනවා මුං බකපණ්ඩිත සයිබර් දේශපාලකයෝ කියලත්.... 

මේ දේවල් අහගෙන ඇසි කන් පියාගෙන ඉන්න බැරි නිසා මමත් තීරණය කලා මින් මත්තට සයිබරේ දේශපාලනේ ගැන කථා නොකරන්න.... ඒ නිසා අද මම කථා කරන්න යන්නේ ආදරය... විශ්වාසය..... සෙනෙහස.... වගේ දේශපාලනේ නොගෑවිච්ච කාරනා කීපයක් සම්බන්ධයෙන්....

එහෙම කියලා බැළුවට අද දේශපාළණේ සම්බන්ධ නැති දෙයක් හොයාගන්න එක “කළු ණික“ හොයනවට වැඩිය අමාරුයි....ජීවිතේ හැමදේම අලෙවි වෙන කාලේ කථා කරන්න තියන මාතෘකා බොහොම සීමිතයි ... එක්කෝ දේශපාලනේ.. එහෙම නැත්නම් ආදරේ... ඒ එක්කම ගැටෙන ලිංගිකත්වය.. විකිනෙන් සිරැරු..... ආදරේ හොයගෙන යන ගෑණු...... කෙල්ලට පිහියෙන් අනින පිරිමි..... කුණු වෙච්ච අල.... හොරට විකිනෙන බේහෙත්..... දොස්තරලාගේ වැරදි... හම්බයන්ගේ ගනන්.... හාමුදුරුවන්ගේ චන්ඩිකම්... වගේ එකී නොකී බොහෝ දේ ඇරෙන්න ලංකාවේ වෙන දේවල් ගැන කථා කරන්න තියන මාතෘකා බොහොම අඩුයි... මොන පාට දෙකේ නාලිකා වල ප්‍රවෘත්ති ඔක්කොම එකතු කරලා දෙකෙන් බෙදලා.... පහෙන් වැඩිකරලා.... දහයෙන් බෙදලා තමයි පැහැදිලි විස්තරයක් ගැන දැනගන්න වෙන්නේ....
මොනවා නැතත් අද අද එයි මරැ පිං කරගන්නේ කියලා කියනවා වගේ දැන් දැන් රටේ වැඩි වෙන භීෂණේ වගේම විරුදධවාදීන් නිහඬ කරවීමේ ක්‍රියාවලිය දැක්කමා අපි මේ නැවතත් යන්නේ අතීතෙටද කියලා සැකයක් ඇතිවෙනවා....

අද මැදිවිය පහුකරන අපේ දශකේ බොහෝ තරුණ තරුණියෝ භීෂණ දෙකක් අතිවින්දා... 71 දී භීෂණේ වක්‍රාකාරයෙන් අත්වින්ද 83 දී වාර්වාවාදය අත්වින්ඳා...... අපි 88/89 දී කායික සහ මානසික වශයෙන් භීෂණේ අත්වින්ඳා..... ඒකට මුන දුන්නේ අපේ අම්මලා අමතක කරපු දෙවරක් වින්ඳ භිෂණේ... මිනි කඳු... සිටුවා වෙඩි තැබීම්... දෑස් බැඳ ඝාතනයන්... තුන්වරක් වින්ඳ අපේ පරම්පරාවට තාමත් අමතක වෙලා නැතිව ඇති.... පසුකාලීනව ඇතිවෙච්ච මරාගැනීම් සහ මරාදැමිම් හමුවේ මරණය... භීෂණය සහ ඝාතනය අපිට බොහොම සරළ දෙයක් උනා... හැමදාමත් කියකවා වගේ උන්ගේ 30 අපේ 15 ක්, අපිට 10 ක් ලාභයි කියන මානසික උත්තේජනය හමුවේ අපි බොහෝ තෘප්තියක් ලැබුවා... කණුවක එල්ලෙන සිරුරක්.... ජොනී බට්ටෙක්ගෙන් වෙන් උන කකුලක්..... අපිට ගෙනවා නොදැනුන අප්පිරියාවක් වගේම ප්‍රකාශිත සතුටක්.... කෙනෙක්ගේ මරණය යම් ජාතියට සතුටක් ගෙනදීම රටක ජාතිකමය වශයෙන් කොයිතරම් ඛේදනීය තත්වයද යන්න අපිට තාමත් නොතේරීම යම් ප්‍රශ්නයක්.... ඔය දේවල් එක එක දැකගෙන සිරි නරඹගෙන එකකොට මම දැක්කා බොහොම අපුරු පොස්ට් එකක් අපේ රංජිත් සහෝදරයාගේ... මට දැනුන විදියට මම පිළිගන්න දර්ශණේ අනුව ඒක බොහොම වැදගත් කියලා මට හිතුනා.. මගේ බ්ලෝගේ මල සිට අගටම ගත්තොත් මම පිළිගත්ත, මම අදහපු දර්හණයක් තමයි අපේ රටේ ලිංගිකත්වය ගැන දරන ආකල්පය විවෘත්ත නැහැ කියන එක.... අපි හැමදාම හැදුවේ අනුගමනය කලේ වහලා ගහන දර්ශණයක්.... ඒ ගැන වෙන මොනවත්ම අටුවාටිකා නොකියා උදාහණ දෙන්න පුලුවන් දෙයක් මෑතකදී මම මුණු පොතේ දැක්කා...

 ඇත්තටම මේක සත්‍ය සිද්ධියක් නම් අපේ ළමා හෝ තරුණ පරපුර අද ඉන්නේ කොතැනද කියන එක නැවතත් හිතන්න වෙනවා. බොහොම සරළ සහ භෞතික න්‍යායක් වන ගැබ්ගැනීම සම්බන්ධයෙන් අපේ රටේ තරුණ පරපුරගේ දැනුම ගැන නැවතත් අවධානය යොමු කල යුතුයි කියන අදහස මේ තුලින් අතිවෙනවා. පහුගිය වැලන්ටයින් මෙව්වා එකේ දී අර කොළඹ කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් කොන්ඩම් ගැන “වෙළඳ“ ප්‍රචාරණ දැන්වීමක් දැම්මානේ. උන් ඒ ඉංගිරිස් වලින් කියන්න හැදුව දේ කවදාවත් අපේ රටේ බහුතර ග්‍රාමීය ජනතාව අතරට නොයන බවට හොඳම සාක්ෂියක් තමයි මේ කොටස. මම දැකපු විදියට ඒ කොන්ඩම් දැන්වීම හුදෙක්ම සීමා වෙලා තිබුනේ එක්තරා පැලැන්තියතට පමණයි. ඒ අපි උඹලා වගේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අස්සේ හෝ පොලිසියෙන් පනියි කියලා බයේ ආතල් ගන්න තැන් වලට එහා ගිය... බොත්තම මහලා.. කොන්ඩ කට්ට ගහලා පෙම්වතුන්ගේ දිනය සමරණ ආදරවන්තයින්ට නෙමෙයි. උන් කියන්න හදන කථාව ප්‍රධාන බොහොම සරළව විග්‍රහා කලොත් අපේ අම්මා නම් ඉස්සර අපිට කිව්වේ වැස්සේ තෙමෙන්න එපා හෙම්බිරිස්සා උණ හැදෙයි කියලා.... මුන් කියන්න හදන්නේ වැස්සේ තෙමුනට කමක් නැහැ හැබැයි රේන් කෝට් දාලා නම් කියලා... සරළව හිතලා බලන්න අපි හදන්න ඕනේ අකල් වැස්සට තෙමෙන එකද... රේන් කොට් නොදා වැස්සේ තෙමෙන එකද කියලා ගැටළුවක් මට නම් ඇති උනා....

අනෙත් කාරනේ තමයි උන් ඒ දැන්වීම දාන්න තොරගත්ත කාලය.... ඔන්න ඕක “ලෝක ඒඩ්ස් දිනය“ වගේ දිනයකදී ප්‍රචාරය කලා නම් ඒ ගැන යම් එකගතාවයකට එන්න තිබුනා... නමුත් පෙම්වතුන්ගේ දිනයදී ඕක පලකිරීම ගැන නම් නැවත හිතාබලන්න ඕනේ.. ඒක හරියට හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ වැඩක්.... ආදරවන්තයින්ගේ දිනේ දී සංසර්ගේ යෙදෙනවා නම් කොන්ඩම් පාවිච්චි කරන්න වගේ අදහසක් තමයි මට නම් ඇති වෙන්නේ.. අනෙත් අයට වෙනස් වුනාද කියලා මම දන්නේ නැහැ....

ඔන්න ඔය වගේ දේවල් එක එක විදියට ගලාගෙන යනකොට හලාල් ප්‍රශ්ණේ ආවා.... ආණ්ඩුව මත්තලට දින ගනිද්දී අපි කථා කලේ හලාල් ගැන..... ආණ්ඩුවේ නාලිකාවල පලවෙච්ච දැන්වීම් වලට අනුව මත්තල කියන්නේ සිතූ පැතූ සම්පත් ලබාදෙන “කප්රුකක්“ වගේ මෙව්වා එකක්.... එහෙන් ප්ලෙන් බාන කොට මෙහෙන් සල්ලි පැටව් ගහන වගේ දැක්මක් තමයි ඒ දැන්වීම් වල තියෙන්නේ.... දකුනේ ගොයියෝ මත්තල එයාර් පොර්ට් එකට යන පාරවල් අයින් කුරහන් තලප... රොටී.. බඩ ඉරිඟු... කළු දොදොල්.. රැහුණේ මි කිරි තියාගෙන විකුනණ කොට ප්ලෙන් එකෙන් බැහැලා යන සුද්දෝ මගදී ඒවා අරගන්නවා.... උන් ලංකාට බැස්ස ගමන් නිසා උන්ම මෙව්වවායේ ගන්න දන්නේ නැහැ.. එක නිසා කිරි හට්ටිය රුපියල් 1000 දෙදහාට විකුනන් පුලුවන්... ඒවැයින් ගොවියන්ට ලොකු ලාභයක් ලැබෙනවා... ගොයියෝ දවසට කිරි හට්ටි දෙකක් විකුණලා.. එක්ක බඩ ඉරිඟු කරල් පහක් විකුණලා ..... දොදොල් කිලෝ දෙක්ක විකුණලා දවසේ ආදායම හොයාගන්නවා.... ඉතින් රට සංවර්ධනය වෙන එක අහන්නත් දෙයක්ද....?

ඔය අල්ලපනල්ලේ “හලාල්“ හුට පටේ.... මිනිස්සුන්ට මත්තල ඇඩ් බලන්නවත් වෙලාවක් නැහැ වැඩිවෙච්ච ජාත්‍යාලේ පිට කරගන්න විදියක් නැති නිසා.... ඒ නිසා අහුවෙන අහුවෙන තැන් බල බල ඉක්මනට හොල්ලලා දානවා... හැබැයි පැල්ලම් හිටියාම කියන්නේ මගේ ඒවා නෙමෙයි කියලා... ඒකෙත් හැටි.... මේ වගේ ජාතික වීරයෝත් එක්ක යන උන්ට ගහන්න ඕනේ... මුන් ගුණානන්ද හාමුදුරුවන් ව විකුණලා.... සුමංගල හාමුදුරුවන්ව වෙන්දේසි කරනවා.... ඒක හරියට දෙබරටෙ ගල් ගහලා බලා ඉන්නවා වගේ වැඩක්... මොකද උන් ගල් ගැහැව්වේ දෙඹර කූඩෙට මිසක් දෙඹරැන්ට නෙමෙයි නේ.... අපේ මොට්ට මෝල්ලුන්ට තාමත් නොතේරෙන එකම දේ තමයි පාලකයා සහ පාලිතයා අතර වෙනස.... ජනතාවට පාලනය පිළිබඳ ප්‍රශ්ණ අමතක කරන්න හොඳට ආයුධය තමයි ජනතාව බෙදන එක... උන් දෙගොල්ලෝ බෙදිලා “කෙළ“ ගන්නකොට පාලකයෝ “පුකෙන්“ හිනා වෙවී බලාගෙන ඉන්නවා.. පුලුවන් නම් උන් එක එකා මේක අවුලවන්න එක එක ප්‍රකාශ කරනවා.. එකෙක් මිනිස්සුන්ට උඩගෙඩි දෙනකොට අනිකා ඒකට විරුද්ධව කථා කරනවා... එහෙම කරලා ප්‍රසිද්ධියේ කියනවා ඒ අදාල පුද්ගලයාගේ මතය මිස රජයේ මතය නෙමෙයි කියලා... තමන්ගේ නියෝජිතයෝ තමන්ට පාලනය කරන්න බැරි රජයක් රටේ මහජනතාව කොයි තරම් විශ්වාස කරන්න ඕනේද....?

ඔය ඔක්කොම දේවල් අපි ඉවසගෙන ඉන්නේ අපේ රට ආශ්චර්යය කරා වේගයෙන් යන හින්දානේ.... ඒ අතරේ සාපේ ප්‍රතිඵල ඇවිත් සාපේ, කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ තීරණාත්මක කඩඉමක් වගේම අපේ රටේ පවතින අධ්‍යාපන රටාව ගැන මැනිය හැකි තීරණාමත්මක අවස්ථාවක්.... අපි පාසැල් යන කාලේ අපේ පන්තිවල අපිට ඉංග්‍රීසී උගන්නපු ගුරුවරු අපිට ඒක ඉගැන්නුවේ අපිට කවදාවත් ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි වෙන්න.. ඒ තරමට අපිට ඉංග්‍රිසි අප්පිරියා කලා... අපේ රටේ ආශ්චර්යය කියන්නේ අදටත් අපේ රටේ සාපේ ට වාඩි වෙන මුලු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 11,100 ක් වැඩ නවයම අසමත්... 52.22% ඉංග්‍රීසි අසමත්....  ගණිතය විශය 44.65% ක් අසමත්...

හැබැයි අපි තාමත් ආශ්චර්ය්‍ය හොයන්නේ අපේ පාරවල් කොච්චර කාපට් දාලා ද.... උදේට දුවන්න පාක් කීයක් තියනවද.... එයාර් පොර්ට් එකට ප්ලේන් කීයක් බානව ද වගේ සංඛ්‍යාත්මක වටිනාකම් වලින්....  ආශ්චර්ය්‍ය කියන්නේ නයිට් රේස් වත්.... පපුව පැලෙන්න කථා කරලා ඇස් වලට කඳුළු උනන්න පපුවට ගහගන්න එක නෙනෙමයි කියලා අපිට නොතේරනෙ කාත්.... අපිට වෙන්නේ ලිං මැඩියෝ වැගේ ජීවත් වෙන්න.... මට තේරෙන මගේ ජීවිත් කාලේ තුල අත් වින්ඳේ ආණ්ඩු දෙකයි... අපි එදා කෑගැහැව්වේ යූ ඇන් පී කාරයෝ අවුරුදු 17 ක් මේ රට කෑවා කියලා.... එහෙම කියලා උඩ දාලා පත්කරගත්ත මුන් අවුරුදු 18 කට වැඩියි දැන්..... අපේ රටේ ඉතිහාසය අනුව දිර්ඝ කාලීනව පැවතුනු රජයන් පෙරලෙන්න හේතු උනේ ජන අරගල... ඒ වගේම ඒවා මැඩ පැවැත්වුනේ සමුල ඝාතන තුලින්....

(මේක දකින කොට ටිකක් අච්චාරු වගේ ගතියක් දැනෙන්න පුලුවන්.... එහෙම වෙන්න හේතු උනේ එක් එක් කාරනා වලදී මගේ අදහස ලියපු පොස්ට් කිපයක් එකට අමුණපු නිසා..... ඒ නිසා අවසාන කිරීමක් නැත)