Showing posts with label පිස්සු. Show all posts
Showing posts with label පිස්සු. Show all posts

Thursday, March 13, 2014

උක්කුංට ලියමනක්.....



මගේ බ්ලොගේ කියවන බොහෝ දෙනෙක්ට මතකයි නේ “උක්කුං“ ගැන... ඔව් අර ගෑණු නාන තැන හිටපු “උක්කුං“ තමා... කොහොමෙන් කොහොම හරි මේ ගොයියා පෙළවහකුත් කරගත්තා කියමුකෝ.. උක්කුං ගේ පවුල උනේ සඳා.. ඒත් වැඩි කාලයක් පවුල් කන්න ලැබුනේ නැහැ.. සඳාට ඩුබායි යන්න සිද්ධ උනා...  පස්සෙන් පහු ආදර ගණුදෙනුව සිද්ධවුනේ තැපෑලෙන්... උක්කුං වගේම සඳාත් කවියට දස්ස නිසාම මෙයාලාගේ ලියුම් බොහොම රසවත් උනා... 

දැකගන්නට නැති නිසා කලකින් සුදු මුණ...
නිදි නැති කලට මම දකිනවා පෙම් හීන...
තනිවී නිදන නුඹ මට නොපෙනෙන මාන...
අමාවකය මහිතට කෝ හඳ පාන..

ඉන්නට බදා නුඹේ වත උණුහුමට ලයේ...
මහ ලොකු හිතක් මගේ ගාවත් තවම තියේ...
එන්නට හැකි උනොත් මහ රෑ දොලොස් පැයේ..
එනවා නේද ඇවිදිමු අපි අරාබියේ...

තනිවම නිදන නුඹ දැක ඇවිලි සෝක..
සිතමින් හීන දකිනෙමි මම හැම රෑක...
දවසක් ඇවිත් හීනෙන් කළුවර දාක...
මොහොතක් නුඹේ ලඟින් ඇල වුවා මා ද..

උණුසුම් හාදුවක් දෙතොලට දොතොල තියා...
දෙන්නම් තුරුලු කරගෙන මම දෙනෙත පියා...
සීතල හදවතට උණුහුම ගෙනෙන ඔයා...
හිරවී තදකරන් ඉමි මම ඉඩ නොතියා....

සිහිනෙන් මගේ නම කීවා මට ඇසුනා...
මදහස පිපී දෙතොලේ මතු වනු දුටුවා..
නොදැනිම වගේ නෙතඟට කඳුලක් ආවා..
දිලිසෙන පිණි බිඳක් නුඹේ වත මත පිපුනා...

තිසරැන් පොඩි කරන් පොට්ටුව මිරිකන්න...
දෙතනේ උණුහුමේ සැනසුම විඳගන්න...
යන්තම් කණ විකා ලාවට රිද්දන්න...
ආසයි සොඳුරියේ නුඹ  මත සැතපෙන්න...

දෙතොලට දෙතොල තද වෙන ඒ සොඳුරු පැයේ...
වැසෙනා දෙනෙත් තුල නුඹ ගේ රුවම මැවේ...
තව තව තුරුලු වෙමි ලොම් පිරි නුඹේ පපුවේ...
මට ඉඩ දෙන්න ආදර සිත තෙමෙයි මෙහේ...

යංතං මොදු වෙනකොට නුඹේ සෙනෙහේ ලඟ...
තෙමනවා ඉවුරු දන්නවා පෙම් අමා ගඟ..
එය අම රසකි දැනුනේ මට දිවේ අග...
එන්නට හිතයි දැන්මම ලත නොවී මග...


මෝරන පපුව නුඹේ දෙතොලම ඉල්ලනවා...
පොඩිකර මතක්කර මෙට්ටෙට තදවෙනවා...
තද වෙන මොට්ටු හිමි හිමිහිට උල්වෙනවා..
“උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...

වටකුරු දෙතන දෑතට ගෙන එකට බදා...
පෙම් රස වින්ඳ හැටි මතකෙට නැගේ එදා...
පන්සල් පොලේ හඳපානේ තදින් බදා...
උන් හැටි මතක් වෙනකොට මට දුකයි “සඳා“...


රසවිල ඈත් කර ගිණියම් ඇඟිලි වලින්...
යන්තම් මිරිකලා මදටිය ඇටය හිමින්...
නුඹ කලේ වැඩේ “අම්මෝ“ හැම දෙනට හොරෙන්...
තව කොයි කලක් ඉවසන්නද මන්දා ඉතිං...

ඇත්තයි “සඳෝ“ උඹ හැම වැඩදම දස්සී...
මම වහුපැටියා වගෙයි නුඹ එළ වැස්සී...
ඹබාගෙන මුන හිටියට මම ඉස්සි...
උඹ රස වුනේ හරියට වාගෙයි පිස්සී...

අනේ රත්තරනේ මට යන්න වෙනෝ...... 
අපේ “බාබා“ ඇහැරිලා....
ආයිත් ලියන්නම්... 

හරිය.....

(කථාව ඉවර නැහැ)

Sunday, October 28, 2012

සුනකෝප්‍රාප්තිය සහ නීතිය....


අවසානයේ මේජර් වැරදිකරැවි විය... ඒ ගුටි කෑමට නොව.. රාජකාරියේ යෙදි සිටියදී පෞද්ලික ආරක්ෂයකු ලෙස සේවය කිරීම වෙනුවෙනි... රාජකාරී ගිණි අවිය පෞද්ගලික කටයුතු උදෙසා භාවිතය වෙනුවෙනි... ව්‍යාජ පැමිණිල්ලක් කර අධිකරණයට අපහාස කිරීම වෙනුවෙනි... දැන් මේජර් ගේ ඔළුව පැලුනේ කෙසේද යන්න හෝ ඒ අවස්ථාවේ සිද්ධ වුනු සිද්ධිය ගැන හාංකවියියක් වත් කිසිවෙකු දන්නේ නැති ගානය.... මේජර් වැරිදි කරු කොට මාලක සිල්වා නිදොස් කොට නිදහස් කිරීම තවත් නාටයක අවසාන ජවනිකාවයි....

මේ බල්ලාට යන්නේ රටේ නීතියයි... හෑල්ලුවට ලක් වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි.. පාගා දමනු බලන්නේ නිතියේ ස්වාධීන්ත්වයයි...අධිකරණ කොමිශන් සභාවේ ලේකම් වරයාට පහර දීම හේතුවෙන් මුලු රටේම විනිශ්චයකාරවරනු සහ නිතිඥයින් වර්ජනයක් ආරම්භ කර තිබේ..තමන්ගේ රැහේ එකෙක්ට කෙළවෙන විට විනිශ්චයකාරවරුද, නිතිඥයන්ද වර්ජනය කරන්නේ තමන්ගේ එකෙක්ට වෙන නස්පැත්තියන් උදෙසාය.. ඒ රටේ නීතිය බල්ලට යාම හෝ ප්‍රජාතන්තවාදයට කෙලවීම නිසා නොව... හුදෙක්ම තමන්ගේ සගයෙකු වෙනුවෙන් රටේ සාමාන්‍ය ජනයා උගසට තැබීමකි.. එසේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කථා කරනාවනම් රටේ ඔනෑ තරම් සිද්ධින් තිබේ... මේජර්වරයාට පහරදීමේ සිද්ධියේ දී අධිකරණය විසින් වීඩියෝ සාක්ෂිය අධ්‍යනය කලාදැයි මෙතෙක් කිසිම ප්‍රකාශයක් පලවී නැත. මේ නිහඬභාවය කියා පාන්නේ එසේ නොවුනු බව නොවේද....  

මෙය අපේ රටේ බොහෝ දෙනෙකුට “කැහැලා ගිල්ලා“ වැනි සරල දෙයකි.. .ඒ මේ සංසිද්ධිය අපට අමුත්තකේ නොවන නියාවෙනි.... නමුත් මෙය හුදෙක් කැහැලා ගිලිය යුතු කාරණාවක් නොවේ... මේ රජ වන්නේ අවනීතියයි... නිවරදිකරැ ට දඬුවම් නියම විමත්... වැරදිකරු නිදොස් වීමත් යනු නීතිය බල්ලාට යාමේ උදාහරණයක් නොව බල්ලෝ පාලනයට එක් වීමේ උදාහරණයකි.... මෙහි වඩාත් විචාරයට භාජනය විය යුතු කාරණය වන්නේ මේ සිද්ධයේ නරකාදර්ශයයි... අනාගතයේ දී ඕනෑම බලය ඇත්තෙකුට හුදෙක් මේ සංසිද්ධිය උදාහරණයට ගත හැකිය.... ඉතා සංවේදී කාරුණා වලදී පවා පසුගිය නඩු වාර්ථා හුවා දක්වන නීති විශාදරයින් හමුවේ මෙය පෙන්වා දෙන්නේ නරකාදර්ශයකි.. මෙයට ගොදුරු වන්නේ හුදෙක් ඇත්තන් නොවේ... බොහෝ දුක් ගැහැට සහිතව ජීවිතය ගොඩනගාගන්නට උත්සහා කරන්නනය....

ඉස්සර අපේ ගමේ සුනිල් අයියා සීල් අරක්කු හොරට විකුනන්නේ කෝටි 3 ක වාහනයක යන්නට නොවේ... ඒ ඔහුගෙන් ජාතක වු දරුවන් රැක බලාගන්නටය... ඒ තිප්පොලට පනින ට්‍රැෆික් රාලහාමී භාගයයි සෝඩා එකයි බයිට් එකයි නොදුනහොත් පසු දින රාත්‍රියේ සහචරයෝ සමග කඩා පනින්නේ සුනිල් අයියගේ තිප්පොල නිසා හුචු මහත් සාමාජයද.. එහි වැසින්යට වන මහා හාණිය හේතුවෙනු... නමුත් මගේ මතය අනුව සුනිල් අයියා කරන්නේ හුදු මහත් සේවකි.... රෑ එකොලහට වැඩ අවසන් කර ගෙදර එන්නෙකුට පොඩි අඩියක් ගසන්ට සුනිල් අයියාගේ සරණ ඇර වෙන සරණක් නැත.... නමුත් අපේ රටේ නීතිය අනුව සුනිල් අයියා වැරදි කරැවෙකි.... ඔහු සමාජය හමුවේ නිවැරදි කරුවෙක් උවද ඔහු නීතියේ වැරදි කරුවෙකි.. .

නමුත් අද නීතීය බෙදන්නේ වෙන වෙනමය...නීතියේ හැඳි වෙනස්ය.... එය තාරාතිරම අනුව වෙනස් වන සුළුය....  අද ප්‍රවෘතියක පලවු මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර විගනාකාධිපතිවරයාගේ සිද්ධිය උදාහණයට ගතහොත් එයට සම්බන්ධ සියළු පාර්ශවයන් සාමාන්‍ය ජනාතාවය.. එසේත් නැත්නම් නිළධාරීන්ය.. ඔවුනට එරෙහිව නීතියේ ආධිපත්‍ය නිසියාකාරව ක්‍රියාත්මක වේ.. වාසනාවකට මෙම සිද්ධිය පසුපස දේශපාළුවෙකු ගෑවී නොමැති හේතුවෙන් අදාල විනිශ්වයකාරවරැන්ට තම හෘද සාක්ෂයට එකඟව නීතිය ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබිණි.. නමුත් මෙහි යම් කොනක දේශපාලකයෙකු යම් පමනකින් හෝ ගෑවී තිබුනේ නම් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ නැත...

මෙම කාරණය අපිට හුදෙක්ම අළුත් කාරණයක් නොවන්නා සේම මෙය කෙතරම් අපි සංවාද කලද අද ද.. හෙට ද... අනාගතයේ දී ... සිදුවන්නේ එකම සංසිද්ධයකි....

ඒ බලය ඇත්තාට නීතිය යනු මෝරැන් අල්ලන දැලක් සේම... 
නැත්තාට එය හාල්මැසි දැලක් වන බවය.....

Saturday, February 11, 2012

බිත්තරයක් සහ තවත් වාර්ථාවක්....





එක්තරා රටක ජනතාවට ලොකු ප්‍රශ්ණයක් උනා කුකුලන්ගෙන්.. (නෑ නෑ... කුරැළු උණ නෙමෙයි).. මොකක්ද කියනවා නම් බිත්තර වල තැවරිලා තියන කුකුලන්ගේ (ඇත්තමට කිකිලියන්ගේ) මලපහ නිසා බිත්තර ආහාරයට ගන්න ජනතාව ලෙඩ වෙන්නත්... විවිධ ශාරීරික අපහසුතා ඇති‍ වෙන්නත් පටන් ගත්තා..  මේක ඒ රටේ රජයට ලොකුම ලොකු ප්‍රශ්ණයක් උනේ ඒ රටේ ජනතාවට වෙන කිසිම ප්‍රශ්ණයක් නොතිබුන නිසා... ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්ෂණික පියවරක් ගන්න කියලා ඒ රටේ ජනාධිපතිතුමා කුකුල්ලු බාර ඇමතිවරයාට නියෝගයක් නිකුත් කලා.... මේ ඇමතිවරයාට නියෝගය ලැබුනාම ඔහු නැවතත් ජනාධිපතිතුමාට කථා කරලා කිව්වා මේ ප්‍රශ්ණේ වඩාත් සම්බන්ධ වෙන්නේ කිකිළියන්ට... ඒ නිසා කිකිළියෝ භාර ඇමතිවරියට මේක යොමුකරන්න කියලා... ඒ වෙලාවේ නම් ජනාධිපතිතුමාට මල පැන්නලු..

"දෙන්නාගෙන මොකා හරි මට කමක් නැහැ"... වහාම මේ ගැන හොයලා වාර්ථාවක් ලබාදෙන්න... කියලා.......නියෝගයක් දුන්නලු... ඒ විතරක් නෙමෙයි ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙසට මහා බාණ්ඩාගාරේටත් නියෝග කලාලු....

ටික දවසකින් වාර්ථාව මෙන්න මේ විදියට ජනාධිපතිවරයාට බාරදුන්නා....


බිත්තර පරිභෝජනය තුලින් ජනතාවට විය හැකි අනතුරැ අවම කරගැනීමේ උපාය මාර්ගික සැලැස්ම සහ සංක්ෂිප්ත වාර්ථාව


ක්‍රමවේදය 
කුකුළු මළ සහ අපද්‍රව්‍ය අඩංගු බිත්තර පරිභෝජනය තුලින් මහජනතාවට විවිධාකරයේ ගැටළු මතුවීම හේතුවෙන් ඒ පිළබඳව තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම සඳහා සිව්පුද්ගල කමිටුවක් පත්කල අතර ඒ සඳහා මහාචාර්යවරයෙක්, විශේෂඥණ වෛද්‍යයවරයෙක්, සනිපාරක්ෂක තුවා නිෂ්පාදකවරයෙක් සහ කුකුළු ගොවිපොල කළමණාකාරවයෙක් ඇතුලත් විය. මේ පිරිස පුරා මාසයක කාලයක් රට පුරා කුකුළු ලොවිපල 60 ක නියැධියක් ගෙන ඒ එක් එක් කුකුළු ගොවි පොලයන්හී පවතින තත්වයන්ද, කුකුළු කූඩුද පරීක්ෂා කර බලා ඒ ‍ඒ ගොවිපොලයන්හී පොදු කරැණු සැළකිල්ලට ගෙන මෙම වාර්ථාව සකස් කෙරිනි.

නිරීක්ෂණ
1. බොහෝ ගොවිපොල හී කුකුළු කූඩු නිසිපරිද නඩත්තු ‍නොවේ.
2. කිකිළියන් සහ කුකුලන් එකම කුඩුවක වෙසෙයි. 
3. කිකිළියන් බිත්තර දමන අතර කුකුලන් ඒ සඳහා සහායක් නොදක්වයි.
4. ගොවිපොල හිමිකරැවන් කුකුලන්ට සහ කිකිළියන්ට ආහාර සඳහා දෙනු ලබන්නේ සත්ව ආහාර පමනකි.
5. කුකුලන් හෝ කිකිළියන් මළපහ කරන විට කිසිදු සනීපාරක්ෂක කරැණු පිළි නොපදියි.
6. කුකුළු කුඩු වල පොලොව කිසිම ආකාරයක ආවරණයක් කර නොමැත.

පිරිවැය
- ගමන් වියදම්                  - රු. 165,000.00
- සංග්‍රහ වියදම්                 - රු   395,000.00
- ලිපි ද්‍රව්‍ය වියදම්             - රු     95,000.00
- වැටුප් සඳහා වියදම්       - රු    865,000.00
- මුද්‍රණ වියදම්                 - රු    123,500.00
- වෙනත් වියදම්              - රු      35,760.00
                   එකතුව        - රු 1,679,260.00

නිර්දේශ
1. කිකිළියන් සඳහා සනීපාරක්ෂක ක්‍රම හඳුන්වාදීම හා පුහුණුකිරීම.
2. බිත්තර දැමීම සඳහා අදාල ස්ථානයට යාම පෙර කකුල් සෝදා ගැනීම සඳහා වතුර පිරවු භාජන අදාල ස්ථාන  වල ස්ථාපනය කිරීම..
3. කුකුලන් සඳහා පාවහන් (මේස්) වර්ගයක් භාවිතා කිරීම.
4. කුකුළු කූඩු වල බිමට ටයිල් ඇල්ලීම.
5. බිත්තර ප්‍රවාහනය සඳහා  සුදානම් කිරීමට පෙර සේදීම සඳහා ගොවිපල හිමියන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම.
-----------------------------------------

ඉහත සියළු කරුණු කෙරෙහි අවධානය යොමුකල ජනාධිපතිවරයා ඒ සම්බන්ධියන් කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම සඳහා නියෝගයනක් ලබාදුන් අතර අදාල වාර්ථාවද නිර්දේශයන්ද, සිව්පුද්ගල කමිටුවද එතුමාගේ මහත් ප්‍රශංසාවට ලක්විය..

Friday, December 23, 2011

නුඹ සහ මම......



නුඹ

"ජීවිතෙට එළිය දෙන්න පැමිනි සුරියාලෝකය පරදන... ග්‍රහලෝකයන්ගේ එකතුවක් වන... ක්‍ෂිර පථය හා සමාන වුද... නිල්පාට චක්‍රාවාටයන් ගෙන් ගහන වුද... උතත්‍තුංග දේහධාරී මනුෂ්‍ය වර්ගයා විසින් නිර්මාණය කරන ලද... මහාසම්තයන් ගෙන් අසම්මත වු... මොහාන්ධකාරයන්ද... ඉච්චාබංගත්වයද... අහේතුක සත්‍යද... කරපින්නාගත්... අනිත්‍ය වු ද... අනාත්ම වුද... කුඨාප්‍රාප්තියට පැමිනි.. අනාථ වුද... සංකූලතා අතර ව්‍යාකූල වුද.. අනුලොම වශයෙන්ද... ප්‍රතිලෝමාකරව ද... සමමිතක වට පිටාවකු තුල... ඝනකාභයක් හෝ ඝනකයක් සමානුපාතික වශයෙන් බෙදාවෙන්කරනා ලද්දා වුද... සමාජීය ආකල්ප මත පිළිනොගන්නා... ප්‍රජාතන්වාදී රාමුවක් යටතේ අයිතිවාසිකම් දරන්නාවුද... පයිතගරස්ට හෝ විසඳිය නොහැකි ගැටළු නිරිමාණය කිරීමේලා අති මහත් දක්ෂ... රතු.. පාට දිස්නේ දෙන.... පාරජම්භුළ කිරණද... මහා චණ්ඩ මාරැතයද නොදන්නා තරමට දේශපාලණිකරණය කරන ලද සිත්පිත් නැත්තා වු... රෝසපාට සාරි අඳින...අන්තෝ ජටා.. බහි ජටා යයි වනකෙකු අනුමාන කලද... කොයි ජටා වක්වත් නැති.... බාහිරත් නැති පරිබාහරවත් නොමැති උක්තෘෂ්ද ... සත්‍යානුබද්ධ සාමාජතලයන් හී අසමතුලිතා සම්බන්ධයෙන් ඡේදනය නොවී පවතින.. කොලපාට.... මතවාදයන්ගෙන් ගහන වු... ආත්මානුකම්පාවද කම්පාවද එකලු කොටගත්... නීත්‍යානුකූලවම ලබාගත් වරෙන්තුවක්ද... අප්‍රතිහත ධෛර්යෙන් යුක්ත වු.... දම් පැහැ වස්‍ත්‍ර අදින.... කොට ගවුම් නාදින නමුත් දෙපලු කරගත් හිසකෙස් සහිත... මහා බාණ්ඩාණ්ඩාගාරයෙන් නිදහස් කරන ලද වත්කම් හා වගකීම් ඉටුකිරීමෙන්.... අතිකරන්නා ලද විසම්මුතියෙන් බැහැ කරන ලද... ඊනියා ‍මාකට්වාදීන්ගේ... තවත් එක් ගොදුරක් වන්නේය..."

මම 

"පිස්සෙක්...."

Monday, October 17, 2011

ලැජ්ජයි වගේ නම්... කියවන්න එපා......

පොඩ්ඩක් රාමුවෙන් එහාට ගිහින්‍ පොඩි ආතල් කථාවකුත් දාන්න කියලා හිතුවා... මේක අහලා තියනවත් ඇති.. අහලා තියන ආය ආයිත් අහන්න... අහලා නැති අය අහලා තියන අයගෙන් අහගන්න... කථාව මේකයි...

සිරිපාල මුදලාලි කඩේ කැෂියර් එකට වෙලා නිදි කිරා වැටි වැටි ඉන්න කොට තරැණ ගෑණු ළමයෙක් හදිසියේ වගේ ඇවිල්ලා මෙහෙම අහැව්වා...

"මුදලාලි මට "ඊවා" පැකට් එකක් ‍දෙනවද.....?"

අයියෝ නෝනා "ඊවා" ඉවරයිනේ....

එහෙමද ? (ටිකක් වෙලා කල්පනා කරපු ගෑණු ළමයා...)

එහෙනම් මට පාන් භාගයක් දෙන්නකෝ... කිව්වලු..

(පාන් භාගේ දුන්න මුදලාලි... ලොකු කල්පනාවක....)

පැයකට පසු....

ටිකක් මැදිවියේ නෝනා කෙනෙක් කඩේට ඇවිත්...

මුදලාලි.... මට "ඊවා" පැකට් එකක් දෙනවද ?

අයියෝ.... "ඊවා" නම් ඉවරයි නෝනා....

ඕනෙනම් පාන් භාගයක් තියනවා දෙන්නම්...  මුදලාලි කිව්වලු....

Sunday, October 16, 2011

මහජනතාව සහ කොස්තාපල්

ඔන්න එකමත් එක දවසක පොලෝසියේ රාළාමි කෙනෙක් ට්‍රැපික් රාජකාරියට වැටුනලු... කට්ට අව්වේ... දුවිලි කාගෙන පැය ගානක් හිටගෙන ඉඳලා... පොඩි වෙලාවක් වාඩිවුනා..වාඩිවෙන්න ලැබුනේ නැහැ...එතනට ආපු සාජන් මහත්තයා බැන්නා බල්ලෙකුට වගේ... ආ බුරැවො තෝව මෙතනට එව්වේ නිදි වදින්නද ? ඇමතිතුමා යනකොට පාර ක්ලියර් කරලා නොතිබුනොත් තෝව ගෙදර යවනවා... අනේ අසරණ රාළාමි... නැවතත් රාජකාරියට ආවා... කේන්තියයි මහන්සියයි අතරේ දෝලනය වෙමින් ඉන්න රාළාමිට මෙහෙම කල්පනාවක් එනවා... 

ෂික් මේ කොස්තාපල් රස්සාව හරියන්නේ නැහැ... අඩුගානේ සාජන් කෙනෙක්වත් වෙන්න ඕනේ... 

ඒත් වැඩක් නැහැ... සාජන් මහත්තයා ඕඅයිසීට බයයි නේ... රාළාමි හිතුවා... ඕඅයිසී උනත් වැඩක් නැහැ.. ඕඅයිසී මහත්තයා ඒඑස්පී මහත්තයට බයයිනේ... 

ඒ හින්දා ඒඑස්පී කෙනෙක් වෙන්න ඕනේ..ඒ වුනාට... ඒඑස්පී... එස්පී මහත්තයට බයයිනේ.... එස්පී කෙනෙක් වෙන්න ඕනේ....ඒත් වැඩක්වෙන්නේ නැහැ... එස්පී, එස්එස්පී ට බයයිනේ... 

ඩීඅයිජී කෙනෙක් වෙනවා එහෙනම්... එක හරියන්නේ නැහැ... එයා අයිජීපී ට බයයිනේ... අයිජීපී වුනොත් ආරක්සක‍ ලේකම්ට බයේ තමයි ඉන්න වෙන්නේ... ආරක්සක ලේකම් උනොත්... ඒක හරියන්නෙත් නැහැ... එයාට වැඩකරන්නේ ජනාධිපති කියන විදියටනේ.... 

රටේ ජනාධිපතිවෙන්න ඕනේ... ජනාධිපති... ඔව්... මම තමයි ජනාධිපති... එත් කොස්සක් තියනවා... ජනාධිපති මහජනතාවට බයයිනේ...මාත් ඒ මහජනතාවගෙන් එකෙක් වෙනවා...

"මුන්ගේ අම්මලට.....හු........යකෝ කොහෙද යන්නේ... පේන්නේ නැද්ද නවත්තන්න කියලා තියනවා"...... තුං විතරක්.... මුන්ගේ ඇස් පේන්නේ නැහැ....කාළකන්නි හැත්ත...."

මහජනතාව.... උන් කොස්තාපල්ට බයයිනේ.... බලාගෙන ගියාම ජනාධිපති පවා බය උන් මට බයයිනේ... ඔන්න ඔහේ රාළාමි විදියටම ඉන්නවා.....