Showing posts with label රැල්ල. Show all posts
Showing posts with label රැල්ල. Show all posts

Tuesday, November 13, 2012

ඊරියක් සමග රැයක්.....



ජීවිතය යනු මහා ගැටළුවකි.. එහි හැලහැප්පීම්ද.. විවිධ මතිමතාන්තරද... සතුට ද.. අසතුටද... ආදී අටලෝ දහමේ විවිධ ආකාරයන් හමුවේ ජීවිතය ගෙවන්නට මිනිසුන් දරන්නේ මහා වෙහෙසකි...
විටෙක එක මුලු මහත් ලොවම කම්පා කරවන තරම් සුසුමකි...
අද දකින්නට අහන්නට ලැබෙන්නේද අමාරුවෙන් උපයාගත් ජීවිතය එපා කරවන්නා වු සිද්ධීන්ය...
ආසන්නතම සිද්ධිය වනාහී “වැළිකඩ“ බන්ධනාගාර ඛේදාවාචකයයි....
“සිරකරුවන් මනුෂ්‍යයන්ය“..
එය සැබෑ සත්‍යකි....
මනුෂ්‍යයන් තිරිසනුන් කරන්නේද.. තිරිසනුන් මනුෂ්‍යයන් කරන්නේ ද රට කරවන්නන් සහ එහි නීති පද්ධතියයි....
සිව්පාවෙකි කෙරෙහි බලපවත්නා වු සුළු කරුණක් උසෙදා නීතියේ ඇති මන්දාගාමීත්වය මනුෂ්‍යය ජීවිතයක් කෙරෙහි කෙසේ බලපානු ඇද්ද....
වරදක් සිදුව ඇත....
වරද කාගෙදැයි තවමත් හිස්තැනකි...
වරදට යුක්තිය දඬුවමය...
එය යම් තැනක නීතිප්‍රකාරව සිදුවිය යුතු කරුණකි...
නීතිය එකත්පස්ය...
එය වින්ඳිතයාට සහනය සැපයිමේ ක්‍රමවේදයකි....
චුදිතයාගේ නිර්දෝෂීභාවය හෝ පෙළඹවිමේ සාධක විග්‍රහ කෙරෙන්නේ නැත...
මනුෂ්‍යෙයෝ වරදට භය ය...
වරද සාමාන්‍යීකරණය වීම වැරදි ඉහලයාම කෙරෙහි බලපාන්නා වු බරපතල සාධකයකි...
කාට වැරදුනි දැයි කිව නොහැක්කා සේම වරද කාගෙදැයි තවමත් හඳුනාගත නොහැකි තත්වයක්...


--------------------------------------

මෙතැන් සිට නාටකය ආරම්භ වේ....
 
බස්සා මුල් පුටුවේය.....
 
සාක්ෂි සටහන ඇරඹේ....
 
පැමිණිල්ලේ සාක්ෂිය (නීතිඥ මහතා)

කුඩා කල සිට ඇති දැඩි කරන ලද පැමිණිළිකැරගේ ඊරිය විත්තිකාර පාර්ෂයව විසින් අයිතකරගෙන සිටී.. ඒ හේතුවෙන් මා හට ආර්ථික වශයෙන් මහත් අලාභයක් සිදුවන හෙයින් මා හට සාධාරණයක් ඉටුකරදෙන මෙන් මෙම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි...

විත්තියේ සාක්ෂිය (නීතිඥ මහතා)

ගරු ස්වාමිණි... පැමිණිලලේ සාක්ෂිය හුදෙක්ම ගෙතන ලද්දකි....  මෙම ඊරිය ගේ සැබෑ හිමිකරුවන් වන්නේ විත්ති පාර්ෂවයයි.... කුඩා කල සිට ඇති දැඩි කර ආහර සපයා දී ලෙඩට දුකට බෙහෙත් කර ඇති දැඩි කරන ලද විත්ති පාර්ෂවයට අයත් ඊරිය බලෙන් රඳවාගෙන පැමිනිලි පාර්ශවයේ පුද්ගලයින් මෙම ගොනු කරනු ලබන චෝදනවා හුදෙක්ම බොරැ චෝදනාවක් ගරු ස්වාමිණි....

මුල් පුටුව....

මෙම ඊරියට අයිතිවාසිකම් කියන දෙපාර්ශයට ප්‍රශ්ණයක් යොමුකරමි....

මෙම ඊරියට අයිතිවාසිකම් කියන ලබන්නේ කුමක් සඳහා ද...?
සුරතලයට ඇති කිරීම ටද...?
දරුකමට හදා වඩා ගැනිමටද....?
මස් පිණිසද...?

දෙපාර්ශවයම.....

මස් පිණිස ස්වාමීණි....

දැනට මේ ඊරියගේ වටිනාකම කුමක්ද...?

රුපියල් 8,000 යි ස්වාමීණි....

කවා පොවා ඇති දැඩි කලහොත් තව වසර 3 ක දී ඊරියගේ වටිනාකම කෙසේ විය හැකිද...?

රුපියල් 20,000 ක් පමන විය හැකියි ස්වාමිණි....

අවුරුදු 3 ක් නඩු කීමට නඩු ගාස්තු කොපමන විහ හැකිද...?

වසරකට 4 වරක් බැගින් වසර 3 ක් කල් ගියොත් දෙපාර්ශවයට 24 වතාවක් සඳහා වරකට රුපියල් 1000 බැගින් රුපියල් 24,000 ක් පමන වැය වනු ඇත ස්වාමිණි....

නඩුකාර බස්සා...

මොකද කියන්නේ....
සතා රුපියල් 8000 කට විකුණලා රුපියල් 4000 හා 4000 හා බෙදාගන්නවද...?

අවුරුදු තුනක් නඩු කියලා එක් පාර්ශවයක් සතාව අයිතිකර ගන්නවද....?

තීරණය ඔබට බාරය.....

නාටකය අවසන් වේ....

--------------------------------------------

ඔබ ඔය සිනාසෙන්නේ රටේ පවත්නා වු නීති පද්ධතියටය....දශක ගනනාවක් පැරණි වු නීති පද්ධයක තුල අනුගත වෙමින් සිදුකරන්නාවු ද සිදුවන්නාවු ද සිද්ධිදාමයකට... රටක් සංවර්ධනය යනු අහස උසට ඉදිවන ගොඩනැගිලි හෝ මංමාවත් නොවේ.. රටේ පවත්නා වු පාලන තන්ත්‍රෙය් සිදුවන සංවර්ධනයයි... අහසට ගොඩනැගිලි.. මාමාවත් යනු ඔනෑම රටක සිදුවන හුදු ගොඩ වැඩි වීම නොව රටේ සිදුවන ආධ්‍යාත්මික වෙනස් වීමයි.... 
රටේ ජනාතාවගේ මානසික සංවර්ධනයයි....
ලැබෙන වැටුපට සරිලන ජීවන රටාවක් ගතකිරීමට ඇති හැකියාවයි...
ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහලා යාමයි....
දරිද්‍රතාවය අවමවීමයි....
සාක්ෂරතාවය ඉහලයාමයි....
අධ්‍යාපනයට ඇති ඉඩප්‍රස්ථා පුලුල් වීමයි....
බිළිඳු මරණ සංඛ්‍යාව පහල යාමයි...
සේවා වියුක්තිය අවම වීමයි...
කොටස් වෙළඳ පොලේ වර්ධනයයි...
සර්ව සාධාරණ වු නිති පද්ධතිය හා එයි ආධිප්‍යයයි...
 
මේසා වු මහත් දර්ශක හමුවේ අපේ රටේ සංවර්ධනය තීරණය වන්නේ මීට හාත්පසින්ම වෙනස් වු දර්ශක හා  මිනුම් දඬු හමුවේ අපේ රටේ සංවර්ධනය මනිනු බලන්නේ හුදෙක් ඉදිවන අධි වේගී මහා මාර්ග... කාපට් පාරවල්...ගුවන් තොටු පොල.... ක්‍රිකට් තරඟ.... කාර් රේස්.... ගුවන් පාලම් ආදී වු වැඩි වැඩි මිලක් ගෙවා සුළු කොටසකට සෙත සැලසීමේ දර්ශකයන් හමුවේ වීම කණගාටුවට කරුණකි...

අපිට සුභ අනාගතයක්.....

Monday, October 17, 2011

ලැජ්ජයි වගේ නම්... කියවන්න එපා......

පොඩ්ඩක් රාමුවෙන් එහාට ගිහින්‍ පොඩි ආතල් කථාවකුත් දාන්න කියලා හිතුවා... මේක අහලා තියනවත් ඇති.. අහලා තියන ආය ආයිත් අහන්න... අහලා නැති අය අහලා තියන අයගෙන් අහගන්න... කථාව මේකයි...

සිරිපාල මුදලාලි කඩේ කැෂියර් එකට වෙලා නිදි කිරා වැටි වැටි ඉන්න කොට තරැණ ගෑණු ළමයෙක් හදිසියේ වගේ ඇවිල්ලා මෙහෙම අහැව්වා...

"මුදලාලි මට "ඊවා" පැකට් එකක් ‍දෙනවද.....?"

අයියෝ නෝනා "ඊවා" ඉවරයිනේ....

එහෙමද ? (ටිකක් වෙලා කල්පනා කරපු ගෑණු ළමයා...)

එහෙනම් මට පාන් භාගයක් දෙන්නකෝ... කිව්වලු..

(පාන් භාගේ දුන්න මුදලාලි... ලොකු කල්පනාවක....)

පැයකට පසු....

ටිකක් මැදිවියේ නෝනා කෙනෙක් කඩේට ඇවිත්...

මුදලාලි.... මට "ඊවා" පැකට් එකක් දෙනවද ?

අයියෝ.... "ඊවා" නම් ඉවරයි නෝනා....

ඕනෙනම් පාන් භාගයක් තියනවා දෙන්නම්...  මුදලාලි කිව්වලු....