Monday, March 12, 2012

පට්ට ටීචර්......



එක්තරා පැසැලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්.. (නැහැ මම ගිය ඉස්කෝලේ නෙමෙයි) බොහොම හැඩකාර තරැණ ඇයි ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි (තරණ වයසනේ) මේ ගුරුතුමිය ඇඳන්නේ පළඳින්නේත් බොහොම කැපිලා පේන විදියට...

මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්නපු ඇයට හදිසියේම ආදේශඛයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියකට උගන්නන්න සිද්ධ උනා.. 

ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට එක කොල්ලෙක් අවධානය වෙන අතක... මොනවදෝ කුරුටු ගානවා..... තමන් කිසිම සටහනක් නොදුන්න එකේ මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා ගුරුතුමිය හොයලා බැලුවා....

ඇයට මෙන්න පොතක ලියලා තිබුන ඒ වෙනකොටත් අවසන් නොකරපු මෙන්න මේ කවි පෙල හම්බුනා...

නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ
කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ
මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ
නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ..

මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා
සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා
නොවැදී වැදී යනවිට මා පහුකරලා
නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා..

හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි
ඉස්සී පහත්වී ලියනා විට පේලී
මතුවන දාරයේ ලස්සන හැඩ බේරී
නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී..

රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ
සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ
නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ..

මල් සාරියට නම් ඈ හරි හැඩකාර
නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර
නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර
නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර..

නැමුනා එක වරම ඇය ගුරු මේසයට
වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට
පැත්තට පේන දර්ශණයේ අසිරියට
ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට..

දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න
හැකිනම් මාව ඔය ඔරැවට නග්ගන්න
හබල අලුත් හන්දා බැහැ දුර යන්න
කෙටි පාරකට පුලුවන් නම් හරවන්න..

පින්කර කියනවා මගේ ඇස් දෙක හොඳට
මතකෙට ගනිමි මම මේ පාඩම අදට
නින්දට කලින් සිහිකර මේ ගැන තිතට
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට..

සමාවෙලා මේ දේ කියලා දෙන්න
කවුරුද ඔබව මැව්වේ මට පවසන්න..
ඔබ යන

මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු...
අර ළමයගේ කනින් ඇදගෙන.. පොතත් අරගෙන ගියා විදුහල්පතිතුමා ගාවට...
ගිහින් විස්තරේ කියලා ඔය කවිපෙළත් පෙන්නවලු...
දන්නවද විදුහල්පතිතුමා දුන්න උත්තරේ...
මේ කොල්ලා මොකෝ ටීචර්... ඔයාව දකින කොටත් මටත් හිතුනේ ඔය ටිකමනේ...

57 comments:

  1. කවි පෙල නම් මැක්සා... අපේ ස්කෝලේ හිටිය මිස්ල දෙතුන් දෙනෙක් මතක් උනා...

    ReplyDelete
  2. අපේ ඉස්කෝලේ මැඩම්ලා නම් හැබැයි සංවරව අඳිනවා.. දවසක් ඔය වගේ ඇඳන් Parents meeting ආපු ආපු අම්මා කෙනෙක්ට ප්‍රින්සිපල් වෙන මැඩම් කෙනෙක්ට කියල බන්නවල තිබ්බා....

    කවි ටික නම් මරු, ප්‍රින්සිපල් අරක කිව්වම මැඩම්ට මොනා හිතුනද දන්නේ නෑ ලොල්

    ReplyDelete
  3. නියම කවි ටික.. අපිනම් ඔහොම මිස්ලට කිව්වෙ බුරියානි කියලා...:D

    ReplyDelete
    Replies
    1. බොලාගෙ ඊ‍රිසියාව... මට ආරන්චී ඉස්කෝලෙ කරපුව :)

      Delete
    2. නිසුපගෙ පැහැදිලි ඉරිසියාව හෙහ් හෙ....

      Delete
    3. හිකිස්! අපිත් කිව්වේ බුරියානිල කියලා තමයි! අපේ නම් මික්ස් ස්කූල් එක නිසා ඔහොම ටීචර්ලා මාර විදියට චාටර් කනවා!

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  4. කවි ටිකනම් ඉතිං ආයි කතා කරල වැඩක් නෑ බස්සො... හිනා කාල පන යනව :)

    ReplyDelete
  5. ආ........... සාතන් කියලා නේද ඒ ටික

    ReplyDelete
  6. කවි ටික මරු..... ඉවර කරන්ඩ දීලා නෑනේ..... අපරාදේ

    ReplyDelete
  7. කවි ටික සුපිරියි. මැවිල පේනවා. මටත් ඉස්කෝලෙ කාලෙ මතක් උනා.

    ReplyDelete
  8. රස ගුලාවක් නෙ මේ බ්ලොග් එක...... අතරින් පතර ලිපි ටිකකුත් තියෙව්වා

    ReplyDelete
  9. පිස්සු හැදෙනවනේ බොලේ සම්පූර්ණ දර්ශනයම මවලා පෙන්නලා ඇඬෙනවා හිනා කාලා ප්‍රින්සිපල්ගේ ටෝක් එකට ආයේ ටීචර් ඉස්කෝලේ එයිද මන්දා පට්ටයි....අපේ ඉස්කෝලේ නම් ඔව්වා නෑ අපේ ඉස්කෝලෙට ගුරු මාරුවක් ලැබුනත් එන්නේ එක්කෝ පැන්ෂන් යන්න බලාගෙන ඉන්න අය හරි බබ්බු හම්බුවෙන්න ඉන්න ටීචර්ලා හරි විතරයි....හි හි මේ කාලෙනෙ ඉන්න තිබුනේ අයි ඩෝන්ට් නෝ වයි මැක්සා කයියක්

    ReplyDelete
  10. ලිවිල්ල නම් සුපිරියි අයියෙ පිස්ස අයිය කිව්ව වගේ අතීතෙ මතක් වුනා.......:)

    ReplyDelete
  11. අපේ ආට් සෙක්ශන් එකේ ජැපනීස් උගන්නන්න ආපු මිස් ඔය වගේ.., ඒ කාලේ බයෝ එකෙත් කොල්ලොත් එනවා කෙමිස්ට්‍රි කට් කරලා ජැපනීස් ඉගෙන ගන්න..,
    සුපිරි කවි ටික...!

    ReplyDelete
  12. අපූරැ කවි ටික එක හුස්මට කියෙව්වා....

    ReplyDelete
  13. සිරා බුවෙක්.. මේක ලියලා බිත්තිපුවත්පතේ අලවන්න තිබ්බෙ...

    ReplyDelete
  14. සාරිය සෙක්සි ඇදුමකි ගත සිත ගන්න
    කෙතරම් දිගු වුනත් සාරිය ඇද ගන්න
    ලදකගෙ නාරි රූපයෙ සිරි නරඹන්න
    සාරිය තරම් ඇඳුමක් නැහැ දැන ගන්න

    හංසයො තදින් සිර කර හැට්ටය අස්සේ
    කැපිලා පෙනෙයි පපුවේ රේඛා අස්සේ
    තීරය ඔබේ විතරක් පෙනුනත් අක්කේ
    පුලුලුකුලටයි සාරිය හැඩෙ ඇත්තේ

    සාරිය හිරට ලස්සනට ඇන්දම , ඇඟ බාගයක් එළියෙ දාලා අදිනවට වඩා වෙනස්ම ලුක් එකක් එනව නේද ?

    ReplyDelete
    Replies
    1. අනුමත කරමි.;)

      Delete
    2. හම්මේ............. ඔව් ඒකනම් ඇත්ත අක්කෙ

      Delete
    3. සොඳුරු සිත අක්කියා මේ මං වගේ පොඩි ලමයින්වත් අවුස්සනවද මන්දා

      Delete
    4. සහතික ඇත්ත.... ඒ ගැන ඉතින් මොනවට කියනවද?
      "ලදකගෙ නාරි රූපයෙ සිරි නරඹන්න
      සාරිය තරම් ඇඳුමක් නැහැ දැන ගන්න"

      Delete
    5. pita kapapu hetteta mama hari asai.

      Delete
    6. සාරියෙ වරුණ දැක නැති මහ එකාලා
      සාරිය චාම් බව පවසයි ගොතලා
      චාමෙට වගේ එය අඳිනා එකීලා
      හිනැහෙයි කෙලින් වනු දැක අපෙ එකාලා

      Delete
  15. හරිම ලස්සන කවි ටික.

    ReplyDelete
  16. චුටි ටීචර් ගේ චුටි ටෝච් .....හේග්.....හේග් චුටි ටෝච් එකක් පත්තු වෙලානේ ....

    ReplyDelete
  17. පට්ට පට පට..

    ReplyDelete
  18. පට්ට කවි ටික......... සුපිරි ආයේ දෙකක් නෑ

    ReplyDelete
  19. පට්ට කවි ටික මචෝ! අපිටත් ඔහොම කාලයක් තිබ්බා!මාස දෙක තුනක් විතර :D

    ReplyDelete
  20. කවි ටික නම් හොඳා තමා . බුකියෙදි කියන්නම්කො ඉතුරු ටික :D

    ReplyDelete
  21. කවි ටික හොඳයි. මේක කියෙව්වම මතක් උනේ ලගදී ගියපු උත්සවේකට ගෑනු ළමයි සාරි ඇඳන් ඇවිත් හිටිය හැටි. සාරිය එච්චර ක්‍රම වලට අඳින්න පුළුවන් කියල මම දැනන් හිටියෙ නෑ! :D :D

    ReplyDelete
  22. සුපිරි මචං.. කියන්න වචන නැහැ

    ඉස්කෝලෙ ගණන් කරපු ටීචර්.. සිංහල කරපු ටීචර්.. පස්සෙ කාලෙක බයෝ පන්තියට පිකිස් කරපු ටීචර්.. තව.. හ්මම...

    ReplyDelete
  23. කවි ටික ගැනනම් කියන්න වචන නෑ.. මටත් අපේ ඉස්කෝලේ මිස් කෙනෙක් මතක් උනා.. කවියේ අසම්පූර්ණ පද දෙක මොකද්ද දන්නේ නෑ..

    ReplyDelete
  24. මට මතක් උනේම අපිට සමාජ අද්‍යයනය උගන්නපු රන්මලී ටීච ඉස්සෙල්ලම පන්තියට ආපු දවස . . . කොල්ලො කතා උනේම දෙයියො අපිත් එක්ක තරහට මවල කියල

    ReplyDelete
  25. නියමයි.නියමයි...ටීචර්ට වහ බොන්න හිතෙන්න ඇති මේ කවි දැක්‌කම.

    ReplyDelete
  26. චී නෝටි කොල්ලෙක් අප්පා. බස්සා එහෙම ඔය වගේ නෝටි දේවල් ලියන්නේ නෑ නේද? ;)

    ReplyDelete
  27. මගේ මතකයත් වසර 2ක් ඈතට ගියා.මොකද මම ගමේ ඉස්කෝලෙ යන කාලෙ.අපිට සිංහල උගන් වන්න ආපු අලුත් පුංචි මිස් ටත් මම මීට වඩා බරපතල විදියට කවියෙන් සංග්‍රහ කලා.හැබැයි මාව අහු නොවන විදියට.වැඩේ කියන්නෙ ඉතින් පිනා දැන ගත්ත කවි පෙල දැකපු ගමන් මම තමයි ලියල තියෙන්නෙ කියල.හැබැයි ඉතින් මට නම් දඬුවම විදියට ලැබුනේ සිංහල භාශා තරඟ වලින් පද්‍ය රචනා තරඟය දිනන්න කියන එක තමයි.....හිහ්

    ReplyDelete
  28. අනුභුතියේ සත්‍ය කතාවක්.....

    ReplyDelete
  29. FATTama Kawi tika... ගින්දර

    ReplyDelete
  30. අපේ ඉස්කෝලෙනං එච්චරම අවුලක් තිබ්බෙ නෑ.යකෝ ඒකට කැම්පස් එකේනෙ පිස්සු හැදෙනවා.

    ReplyDelete
  31. කවි ටික ගැන නම් කතා කරන්න දෙයක් නෑ බන් ,මල් හතයි.. සුපිරිම සුපිරියි :)

    ReplyDelete
  32. පට්ට පටපට.....

    ඒ උනාට බුරිය පේන්න ඔසරිය අඳින්න බෑ නේ?

    ReplyDelete
  33. පට්ට පට්ට.....සුපිරි කවි ටික මචන්...සෑහෙන්න දේවල් මතක් වුනා :D

    ReplyDelete
  34. Patta pata pata

    ReplyDelete
  35. අපට ඒ ලෙවල්වලට ජීව විද්‍යාව උගන්වපු “කිඳුරි“ ව මතක් උනා...!!!
    ඒ කාලෙ පහ කර ගත්තු ඒව එකතු කළානං බේරෙ වැව පුරවන්න තිබ්බා...!!!!

    ReplyDelete
  36. අප්පේ..අපි ඉස්කෝලෙන් අයින් වෙන්න කිට්ටු වෙද්දී OL පන්තිවලට අලුතින් ආපු ඔය වගේ මිස්ලා දැකලා අයෙ OL කරන්න හිතුනා!

    ReplyDelete
  37. මරු මරු! අපිටත් තියනවා ඔහොම ස්කූලියෝ ගැන කතා ගොඩක්!

    ReplyDelete
  38. අති ෆට්ටය.. මටත් මගේ ඉස්කෝලෙ යනකාලෙ මතක් වුනා>>>

    ReplyDelete
  39. කවිටික හොඳයි ප්‍රින්සිපල් හොඳා...... යි..

    ReplyDelete
  40. පට්ට පාසල් කාලේ කරපුවා නැවත මතක් වෙනවා අකුරක් නෑර !

    ReplyDelete
  41. @කලාකාරයා
    ඔබතුමා ඒ ලියපු කවි ආයමත් ලියල දාන්න බැරිද?

    ReplyDelete
  42. මටත් ටීචලා 3-4 දෙනෙක් මතක් උනා ^_^

    ReplyDelete
  43. machan ube kavi livilla uprimai!

    ReplyDelete
  44. අපෙත් හිටිය කෘෂිකර්ම මිස් හයියෝ................ සල්ලි

    ReplyDelete