කඳුළු කැට දෙකක් සටස් ගාලා එළියට පැන්නේ ඉස්මොල්ලේ ගිය නිසා ද එහෙමත් නැත්නම් දැක්ක දේ නිසා ද කියලා හරියටම කියන්න බැරි උනත් වැටෙන්න නොදී හංගගත්තේ අක්කා පෙන්නේ නැති වෙන්න.“මට තව සිගරට් එකක්“... අක්කා මගේ දිහාට හැරැනා... මොකද අද කවදාවත් නැතුව......මං හිනා උනා...
මට පිස්සු,.... මං මටම කොඳුර ගත්තා... මං මොකද කාගේවත් කෙල්ලෙක් ගැන තැවෙන්නේ...එකම එක දවසක් විතරක් දැකපු... වචන 10 කට වඩා කථා නෙකරපු කෙල්ලෙක් ගැන ඇයි මං මේ තරං හිතන්නේ..
රේස් එකට ආපු කොටුව බස් එක අනුවයි එයාගේ කොල්ලවයි අරගෙන ඉගිල්ලුනා.... මහා මූසල පාලුවක් දැනුනා.. බුද්ධිය මොනවා කිව්වත්... හිත ඇතුලේ කියාලන්න බැරි මොකක්දෝ හැඟීමක්... සියුම් ඊරිසියාවක් දැනෙනවා..
අනූ.....
බාගෙට බීපු සිගරට් එක බිම දාලා පෑගුවේ කේන්තියට ද දුකට ද දන්නේ නැහැ..
පාරෙන් පැනපු ගමන් අපු බස් එකේ එල්ලුනා... තුඩැල්ල එකයි.. මං කොන්ඳා අතට සල්ලි දුන්නා.
මං බස් එක ඇතුලේ හිටියට හිත පිස්සු බල්ලෙක් වගේ දුවනවා.
ඉස්සරහා බහිනවා..කොන්ඳා මගේ මුණ දිහා බැළුවේ මගින් බැස්සට සල්ලි නම් දෙන්නේ නැහැ වගේ බැල්මක්..
තියාගනින් උඹේ සල්ලි.. හැමදාම පුරැදුමේසේම වාඩි උනා..
ආ... ජානක මහත්තයා කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ..
බියර් එකයි.. ගල් කාලයි... ඔම්ලට් එකයි.. ගොල්ඩ්ලීෆ් පහයි..
ඇයි මේ..... වීදුරැ දෙක තුනක් ඉවර වෙනකොට හැමදේම හරියයි.. මං හිතට බොරැවක් කිව්වා..
.................................................................................
“Good Morning” මිස්ටර් ජානක.... කියාගෙන අනූ කාමරේට ඇතුල්උනා.. “Good Morning” කොහොමද ඉතිං..
අපි දැක්කා ඊයේ අන්ධ ජෝඩුවක් යනවා bus halt එකේ දි..අනූගේ මුණ රතු උනා..
එයා හිනාවුනා මුකුත් නොවුන ගානට.. පොත අත්සන් කරලා යන්නම් කියාගෙන ගියා..
ආයිත් අර මූසල හැඟීම.. ඒ පාළුව ඉතිරි උනා කාමරය පුරාම..
මං ආයිත් හිර උනා ලිපිගොනුත් එක්ක.. වෙලාව ගියා දන්නෙම නැහැ...
ජානක සර් මොනාද සැරින් සැරේ ඔළුව උස්ස උස්ස බලන්නේ... මාලි මැඩම්ටත් ඕනෙ නැති බම්බුවක් නැහැ.. මං මටම කියාගත්තා..
මුකුත් නැහැ මැඩම්.. මං හිනා උනා..
මට ඊයේ Production ටික ගේන්න..
මං file මිටියත් උස්සගෙන කාමරේට ගියා...
මං කාමරේට යනකොට මාලි මැඩම් phone තිබ්බා..
ජානක දැන් floor එක ටිකක් ඉක්මන් කරගන්න වෙනවා.. මොකද නැත්තම් අපිට වෙලාවට මේ order එන දෙන්න බැරිවෙයි...
Excuse me කියාගෙන අනූ ත් ඇතුල් උනා කාමරේට..
හිත ආයිත් නැවතුනා... මාලි මැඩම් මොන මොනවදෝ කියනවා.. එක දෙයක්වත් ඔළුවට වැටෙන්නේම නැහැ..
ජානක සර් අපි කවදද අනිත් order එක ලයින් එකට දාන්නේ..
ලබන සුමානේ විතර දාන්න පුළුවන් වෙයි මැඩම්.. එහෙම තමයි target හදලා තියෙන්නේ..
.................................................................................
ඔය විදියට දින සති මාස ගතවුනා..අපි ගොඩක් වෙලාවට එකට වැඩ කලා.. හොඳ යාළුවො උනා...
අපිට වෙලාව ලැබුනා කථාකරන්න... tea time එකේ දි lunch time එකේ දි..
අපි බොහෝ දේවල් කථා කලා...campus එක ගැන... ඒ කාලේ කොයි තරම් සුන්දරද... අනු හරි ආසාවෙන් campus එකේ දි මුණ දීපු අත්දැකීම් ගැන අහගෙන හිටියා....
ඔයා දන්නවද අනූ ඒ කාලේ අපේ බැචෙක් හිටියා.. කෙල්ලෙක්.. හරියට ඔයා වගේමයි.. ඒකිට නම දාලා තිබ්බේ “යංකෝතකෝ“ කියලා... ඔයාටත් හැබැයි ඒ නම ගැලපෙනවා... බ්රේක් නැති කටින් එළියට පන්නා..
කිව්වට පස්සෙයි කියපු දේ බරපතලකම තේරැනේ..
ඇයි එයාට ජපන් කමක් දාලා තියෙන්නේ... එයා ජපන් කෙනෙක් වගේ ද..
මේකි tube light එකක්නේ.. මං යනවා... බායි... කියාගෙන මං කාමරේට ආවා...
මට තනියම හිනා... ඔයා හරිම නරකයි ජානක... මං තරහම තරහයි... අනූ මූණ රතු කරගෙන ඇවිත් කියලා ගියා..
එදා හවස තේ බොන්න ආවෙත් නැහැ....
මට සමාවෙන්න හිත රිද්දන්න හිතාගෙන එහෙම කිව්වා නෙමෙයි...
ඔයාට තේරෙන්නේ නැහැ ජානක... මං උඩින් හිනාවෙලා හිටියට හිත ඇතුලෙන් ගොඩක් වේදනා විඳින කෙනෙක්... අපේ ගෙදර අයත් හැමතිස්සෙම මගේ හිත පාරනවා.. මං ටිකක් හරි සතුටින් ඉන්නේ ඔයා එක්ක ඉන්න ටික වෙලාව විතරයි..මට මේවා කියන්න කව්රැවත්ම නැහැ..
මං තනිවෙච්ච කෙල්ලෙක්..
ඇයි රොහාන්..
එයා හරිම වෙනස් චරිතයක්... එයා මට වැඩිය අවුරැදු 15 ක් විතර වැඩිමල්.. එයාට මං බලාපොරොත්තු වෙන ආදරේ දෙන්න බැහැ... මං කැමතියි ජීවිතේ විඳින්න... විඳවන්න නෙමෙයි.. එයා මට ආදරෙයි.. ඒත් එක හරියට තාත්තා කෙනෙක් එයාගේ දුවට තියෙන ආදරේ වගේ.. මං බලාපොරොත්තු වෙන්නේ එහෙම ආදරයක් නෙමෙයි.. එයා නරක කෙනෙක් නෙමෙයි.. ඒත් එයා මගේ හිත හොයන කෙනා නෙමෙයි ජානක..
.
අනේ මංදා... මං මටම කියාගත්තා...
හීනි දුකකුත්... කාළකන්ණි සතුටකුත් හිතේ ඇතිවුනා....
අනූ ව මට අයිතිකරගන්න පුළුවන් වෙයි ද.......?