Friday, June 22, 2012

ටිකක් හිනා වෙන්න සහ මධුසමය 1 (මේක නම් අනිවාර්යෙන්ම 18 + )

 
ඊයේ පෙරේදා දවසක මගේ පරන සීඩී තැටි වගයක් අවුස්සනකොට මේ කවි ටික හම්බ උනා.... ටිකක් හිනා‍ වෙන්නත් එක්ක මධු සමයට යන දෙන්නෙක් ගැන ලියැවුනු මේ කවි ටික බෙදාගන්න හිතුනා... (වරදවා හිතන්න එපා.... එයා මේකට සම්බන්ධ නැහැ, මේ එයා මධුසමයට ගිය විදිය නෙමෙයි)

කඳුරට බලා අප දෙදෙනා දිවෙන රියේ..
පස පස අසුන ජෝඩුවටම වෙනම තියේ..
සිහිවුවත් රුඟුම් ටිකකින් නටන රැයේ...
රිය කරු නිසා මා නැහැ ඔහු ලඟට ගියේ

කාරෙක දුවන විට නොනැවති හැටට හැටේ..
බැසයන හිරැ එළිය රිය ඇතුලටද වැටේ...
ඇම්ඩන් කෙ‍නෙකු නොවැ ඔහු නම් හරිම රටේ...
ඔහුගේ ඇඟිලි දැන් මගේ දෙවටොරේ ගැටේ..

අකැමැත්තක් නැතත් අකැමැති කියාගෙන..
ඉවතට කලෙමි ඔහුගේ අත ගසා වෙන
රියදුරු ජයට කණ්ණාඩිය හදාගෙන
ඔහු මට කරපු මේ සේරමට බලාගෙන

ඇද්දා මගේ අතින් මේ සුරතලා යස
නෑ මැලි උනේ මා තව ලං උනා මිස
ඔහුගෙන් ඒ වෙලාවට මා පැතූ ලෙස
උණුසුම් හාද්දක් ලැබුනා අමා රස

ඔහුගේ ගෙල වටේ අත්දෙක දමාගෙන
ආදර බරිත විය පෙම්පිඬ බදාගෙන
මගේ මුව එම මුවට ලංකොට තබාගෙන
ඔහුගේ දෙතොල් මම හිටියෙමි හපාගෙන

මා, ඔහුගේ මුහුණ ඉවතට කරනු නොදී
සිටියෙමි බොහෝ වේලාවක් අපි එකට බැඳී
අවසානයෙදී ඔහුගේ මුදු දොතොල රිදී
ඔහුගේ සුදු මුහුන ඉවතට කරන ලදී

පොඩි දරුවෙක් වගේ නොම දත් හය හතර
මොහොතක් එයින් පසු නොම විය ඔහු නතර
දෙවටොර අතර සොයමින් සිටි දෙය අතර
ඔහුගේ අත වැදුනි මගේ පියයුරු අතර

හංකිති කමේ නොඉඳුල් විදුලිය කෙටුනා
මට නොදැන්වම මගේ පියයුරු දෙක නැටුනා
ඔහුගේ ඇඟිලි තුඩු තන පුඩු වල ගැටුනා
අම්මෝ මගේ මුළු සිරුරම හිරි වැටුනා

ඔහුගෙන් මොහොතකට මම එතැනින් මිදුනා
ඔහු අත ඇරියේ නැහැ මගේ ලඟටම ඇදුනා
නියපොතු පවා දඟලන අතරේදි වැදුනා
දෙයියෝ ඇත්තමයි මට නම් හරියට රිදුනා

සමනලයෙක් පරිදි වනමල් පොකුර මත
බඳවට යවා තරකරගත් දකුණු අත
ඔහු ලංකරපු විට නැවතත් වතට වත
මතකයි වැඩ කරපු හැටි මගේ ලපටි සිත

ලැබුමට ඒ තරම් මොහොතක් මිහිර තම
ලැජ්ජාවට  බයට ඉන්නට කරුණු කිම
මිරිකා ගන්න ඉඩදී සිතු පරිදි ලැම
කලිසම් සාක්කුවකට  අත යැවිමි මම

අතගා බලන්නට හොඳ තැන මිනිසෙකුගේ
කෑදර කමක් හිතෙනවා ඉදිරියට නැගේ
පොරකන විට මෙසේ අපි විහිළුවට වගේ
දැනුනා අමුතු තද ගතියක් අතට මගේ

එළියට ඇද දමා මගේ අත බඳට එතී
තදකොට හපාගෙන හිටියා දෙතොල් පෙතී
ඔහු පල කලා පැකිලීමක් හිතුවේ නැතී
පිරිමින්ටත් තිබෙන බව දැනගතිමි කිතී

අත දැම්මොත් ඔබේ ඇඳ රෙදි යටට මෙසේ..
ඇත්තයි පන පෙවෙන බව නම් මදන විසේ
හංකිති කම තිබෙන තුරු ඒ නුමුද් එසේ
නොඉඳුල් කෙල්ලෙකුට ඉවසිය හැකිස මෙසේ

බලමින් බැගෑපත් විදියට ඔහුගේ වත
සිටියෙමි ටිකක් කිකරු විදියට පැවත
කිති වැඩි නිසා අල්ලා පොරයක් නැවත
ඔහුගේ අත රැගෙන දැමුවෙමි මම ඉවත

ලොකු දෙනෙතක් ඔහු මගේ දෙනෙතට හෙළුව
හොඳමට බය උනෙමි මම ඒ බැළුමට බැළුව
වදරට ඔහුගේ සුදු මුදු හදවත තැළුව
ඔහුගේ උකුල මත තැබුවෙමි මම ඔළුව

ඔහු සතු කොට නිහඬ වුයෙමි මගේ දෙහේ
එල්ලී ගෙලේ තැබුනෙමි නාහෙට නාහේ
ඔහුගෙන් ඊට පසු හැම මොහොතක් පාහේ
මා ලත් හාදු ටික දස වසකට සෑහේ

යට කොට ඉදිරියේ රති කෙලියකට හිත
තනිවම තබාගෙන දෙදෙනා වතට වත
නැගෙනා විට "අතක" රස කොල්ලෙකුගේ යස
ඇතිවෙන සුදිය කීමට මට වචන නැත

අත ඔහුගේ නැවත මගේ දුබලම තැනය
දැන් එය පරදවනු ඇත නයෙකුගේ පෙනය
අයියෝ  අත ගෑවුනා පමනකි පොඩි ඇණය
දෙයියෝ ඉබේටම ඇතිවිය තෙතමනය

- තව කවි බර ගානක් තියනවා..ඒවත් දානවද නැද්ද කියලා කල්පනා කරමින් ඉන්නේ.... ඔයාලා මොකද කියන්නේ -

උපුටා ගැනිමකි.... කතෘ අඥාතයි....

Saturday, June 16, 2012

මගේ තාත්තා..... අපේ තාත්තා... ද....?



මට තාත්තා ගැන තියෙන්නේ ඒ තරම් සුන්දර මතකයක් නෙමෙයි... මතක ඇති කාලේ ඉඳලා අම්මා තමයි මගේ ලඟ හිටියේ.... තාත්තා දකින්න වෙන්නේ බොහොම කලාතුරකින්.... අහලා තියන විදියට තාත්තා උදේම වැඩට යනවා... හුඟක් රෑ වෙලා ගෙදර එනවා...... නිවාඩු දවසටත් මම කොයිතරම් ආස උනත් තාත්තගේ තුරුලේ දැවටෙන්න ලැබුනේ නැහැ.... කුඩා කාලේ ඉඳලා අපි මුන දුන්න විවිධ පවුල අශ්‍රිත ගැටළු ඒකට බලපෑවා.... තාත්තා නිවාඩු පොඩි අඩියක් ගහනවා... ඒවෙලාව බලලා තාත්තගේ අම්මා තාත්තව ලඟින් වාඩි කරගෙන මොන මොනවදෝ කියයනවා...ඊට පස්සේ තාත්තා වේගෙන් බෝතලේ හිස් කරනවා..... ඊට පස්සේ තාත්ගේ ඇස් දෙක ගිණි බෝල දෙකක් වගේ..... තාත්තාගේ උකුලේ හුරතල් වෙන්න බලාගෙන හිටිය මට තාත්තා ලඟට ලංවෙන්නවත් බැරි වෙනවා.....තාත්තා කුමක් හෝ දෙයක් වරදිනකන් බලාගෙන ඉන්නවා.... සමහර විට පයිප්පේ ඇරලා තිබ්බ එකට... එහෙමත් නැත්නම් නංගිට කිරි දෙන්න ගිහින් බත රොස් වෙච්ච එකට... ඔය වගේ කුමක් හෝ දෙයක් අල්ලගෙන තාත්තා අම්මා එක්ක රණ්ඩු වෙනවා.... තාත්තාගේ අම්මා තමයි වැඩේට වැඩ්ට ඕන කරන පොර ටික වතුර ටික දානවා... මොකක් හරි දෙයක් නිසා නිස්කාරනේ අම්මට බනිනවා..... අම්මත් දෙවැනි වෙන්න සුදානම් නැහැ..... අම්මත් අම්මාගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා.... කථාව දුර දිග යනවා.... මම මුකුත් නොතේරෙන නංගිව උකුලේ තියාගෙන බලාගෙන ඉන්නවා..... නංගිගේ ඇඬිල්ල නතර කරන්න මගේ ඇඬුම හිරකරගෙන......අවසානය වෙන්නේ අම්මාගෙයි තාත්තාගෙයි වාග් ප්‍රහාරය, ගුටි බැට හුවමාරුවක් දක්වා දිග්ගැස්සෙනවා.... මට මතකයි මම තාත්තාගේ ඇඟේ එල්ලිලා කියනවා තාත්තේ අම්මට ගහන්න එපා කියලා....ප්‍රහාරය අවසන් වෙනවා... අවසාන ප්‍රතිපලය වෙන්නේ අම්මා මගේ අතින් අල්ලගෙන නංගිව උකුලේ ගහගෙන අම්මාගේ මහ ගෙදර යන එක....එහෙදී තාත්තා නිතිඥ සහායක් නැතිවම නඩුවේ චුදිතයා වෙනවා.... සම්පුර්ණ නඩුව අහන ආච්චි අම්මා තාත්තව වැරදිකාරයා කරලා පෝරකේට නියම කරනවා.... ඔය විදියට දින කීපයක් ගතවෙනවා..... තාත්තා අපිව හොයාගෙන එනවා... අපිට කන්න දෙයක් අරගෙන.... ආපු ගමන් අපිව තුරුල් කරගන්නවා..... මෙතුවක් කල් තාත්තා ගැන මගේ හිතේ තිබුන හැඟීම වෙනස් වෙනවා... තාත්තා ගේ තුරුලේ සතුටක්, සනිපයක් දැනෙනවා.....
“තාත්තේ ආයි අම්මට ගහන්න එපා“
මම කියනවා....
මුකුත් නොකියාම තාත්තා මගේ ඔළුව ඉඹිනවා.... අදටත් ඒ දැනුන හැඟිම, සෙනෙහස දැනෙනවා....
ටික දවසක් ආච්චම්මලාගේ ගෙදර ඉන්න අපි තාත්තත් එක්කම තාත්තාගේ ගෙදර යනවා.....
මේ විදියට ටික දවසක් ගත වෙනවා.... අම්මත් තාත්තත් බොහොම සතුටින්.. අම්මා තාත්තා එනකම් මග බලාගෙන ඉන්නවා... තාත්තා වෙනදට වඩා කලින් ගෙදර එනවා....
හැබැයි මේ දේවල් නොරුස්සන කෙනෙක් ගෙයි කොනක ඉන්නවා....
මේ විදියට දවස් කීපයක් ගතවෙනවා....
සමහර දවසට ලොකු අම්මා තාත්තා එනකම් මග බලාගෙන ඉන්නවා... තාත්තා ගෙට ඇතුල උන ගමන් ලඟ තියන පුටුවෙන් වාඩි කරගෙන මොන මොනවදෝ කුටු කුටු ගානවා.... තාත්තා පුටුවෙන් නැගිටින්නේ මාරයාවේශ වෙලා..... තාත්තා කාමරේට එනකොට අපි හාංගෙනවා..... ඉඟියෙන් වගේ අපි දන්නවා මීලඟට වෙන සිද්ධිය... නැවතත් පුරුදු ජීවන චක්‍රය ක්‍රියාත්මක වෙනවා......
පොඩි කාලේ ඉඳලම මේ දේවල් වලට මුහුන දුන්නු මට තාත්තා කෙරෙහි ඇත්වෙන්නේ ද්වේශයක්..... මේ දෙවල් වලට තාත්තාගේ පවුලේ අය දෙන උල්පන්දම් නිසාම ඒ අය කෙරෙහිත් ඇත්වෙන්නේ ද්වේශයක්.....

“නපුරු තාත්තා“

ඒ මට හිතුන හැටි......

මේ විදියට ජිවිතේ ගත වෙනවා... එතනින් මෙතනට.. මෙතනින් එතැනට.... දාම් ලෑල්ලේ ඉත්තෝ වගේ අපි එහාට මෙහාට ඇදෙනවා...... ටිකෙන් ටික අපි ලොකු වෙනවා... තාත්තා කෙරෙහි තියන ආකල්පය එන්න එන්නම දරුණු වෙනවා.... අම්මාත් නැවෙන්න සුදානම් නැහැ... ඇයගේම ස්ථාවරයේ ඉන්නවා.... පුංචි කාලේ ඉඳලාම අපි අම්මාගේ තුරුල්ලට හුරු උන නිසාම ලොකු වෙන කොටත් අපි අම්මාට ලං වෙනවා......

--------------------------------
කාලෙක මමත් තාත්තෙක් වෙනවා...... මගේ පලවෙනි දරැවා මගේ අතට ලැබුන වෙලාවේ මට ඇතිවෙච්ච හැඟීම අපේ තාත්තාටත් ඇතිවෙන්න ඇති නේද මම කියලා කල්පනා කරනවා...... ඒ හැඟිම කිසිම කෙනෙක්ට වචනයට පෙරලන්න බැරි බව මගේ අත්දැකිටමන් මම දන්නවා..... කොයි තරම් කවියෝ උනත් තාත්තෙක් අතට තමන්ගේ දරුවා ලැබෙනකොට දැනෙන හැඟිම විස්තර කරන්න බැහැ.....  ඒ වගේම ඒ එත්තම ඇතිවෙන වගකීම් සහගතබව.... දරුවගේ අනාගතය ගැන හීන මවන හැටි..... මගේ අතට දරුවා දීපු බිරිඳ ගැන හිතේ ඇතිවෙන හැඟීම..... මේ දේවල් කවදාවත් වචනයෙන් විස්තර කරන්න බැරි හැඟිම්.... 

මගේ පුතා ලැබුනු දා ඉඳලා මම තවත් පැය කීපයක් අතිකාල වැඩ කරන්න පුරුදු උනා..., ඒ මම වෙනුවෙන් නෙමෙයි මගේ දරුවා වෙනුවෙන්......

ඒ වෙලාවේ මට හිතුනේ මගේ තාත්තත් මෙහෙම කරන්න ඇති නේද කියලා.....
උදේට යන කොට තොටිල්ලේ සැපට නිදියන පුතාගෙ නලලට නොරිදෙන හාද්දක් දීලා කම්මුල අතගාලා යන මට මතක් උනේ මගේ තාත්තත් උදේම වැඩට යනකොට මටත් මෙහෙම කරන්න ඇති නේද කියලා..... ,

වැඩ ඇරිලා ඇවිත් බලනකොට, ඇඳේ වකුටු වෙලා බිරිඳගේ තනඩුපුවේ එල්ලිලා හීනෙන් කිරි උරන හැටි දැක්කාම ඇතිවෙන හඟිම යටපත් කරගෙන වඩාගන්නේ නැතිව හිටයේ නින්ද කැඩෙයි කියලා..., එහෙම හිතනකොට මගේ තාත්තාත් එහෙම වෙන්න ඇති නිද කියලා හිතෙනවා....

මටත් නොදැනිම මගේ පුතා ලොකු වෙන කොට... හුරතල් බලන්න බැරි වෙන කොට හිත ඇතුලේ කීරි ගහන වේදනාව සමනය කරගත්තේ මේ හැමදේම කරන්නේ එයාගේ අනාගතේ නිසා නේද කියලා හිත සනසගන්නකොට මට හිතුනේ අපේ තාත්තත් එහෙම කරන්න ඇති නේද කියලා....

මම වැඩ ඇරිලා එනකොට අපේ අම්මා මුන දික්කරගෙන බලා ඉන්න හැටි....,අම්මා මාව ලඟට කරගෙන බිරිඳ ගැන නොක්කාඩු කියන හැටි....,
ගෙට ගොඩ වෙනකොටම අහන්න ලැබෙන දේ වලින් මම කුපිත වෙන හැටි....
අපි අතර වෙන ඝට්ටන.... හැල හැප්පීම්.....
අම්මාගේ පැත්ත ගන්නද.... බිරිඳගේ පැත්ත ගන්නද... අම්මාව සනසන්නද... බිරිඳව සනසන්නද කියලා හිතාගන්න බැරිව මම රෑට තනියම අඬන හැටි...... මේ දෙවල් දැනනකොට මට හිතුනේ අපේ තාත්තා කොයි තරම් තනියම අඬන්නඇත්ද කියලා....

මගේ ලොකු පුතා සෙල්ලමට ගිහින් දත් දෙකක් කඩා ගත්ත වෙලාවේ මම දොස්තර ඒවා ගලෝනවා බලාගෙන ඉන්න බැරි තැන එලියට ගිහින් ඇඬුවා වගේ, මගේ අත රතිඥ්ඥා වලට පිච්චිච්ච වෙලාවේ තාත්තා මගේ ලඟ නොඉඳ එලියට ගිහින් අඬන්න ඇති කියලා මට හිතුනා....

ඉස්කෝලේ එක්කගෙන යන්න බැරි උනාට.... පුතා ගේ පොත් බෑගය දිහා බලාගෙන සතුටු මම සතුටු වෙන කොට...අම්මා අරගෙන දුන්න අලුත් සපත්තු දෙක ඇදේ මුල්ලෙන් තියාගෙන නිදාගනන කොට මට ඇතිවෙන සතුට... අපේ තාත්තා මහන්සි වෙලා හම්බකරන දෙයින් අපේ අම්මා අපි අරගෙන දේවල් දිහා බලලා අපේ තාත්තා කොයි තරම් සතුටු වෙන්න ඇද්ද කියලා හිතෙනවා...

තාත්තෙක් වෙනකම් මට තාත්තාගේ ආදරේ දැනුනේ නැහැ... තාත්තෙක් කියන්නේ මහා මේරුව වගේ මහා ආදරයක් හිතේ හංගගෙන..... මදටිය ඇටයක් වගේ කොටසක් විතරක් එලියට පෙන්නන කෙනෙක් කියලා මට තේරුනේ මමත් තාත්තෙක් උනාට පස්සේ........ මගේ තාත්තාට මම වෛර කලා කාලයක්.... ඒත් තාත්තා කොයි තරම් දේවල් උහුලගෙන නොසැලී හිටියද කියලා දැන් මට හිතෙනවා......

හැබැයි කවදාවත් තාත්තෙක් ගෙන් සමාව ඉල්ලන්න එපා......
මොකද.....

තාත්තට කවදාවත් ඔබව වැරදි කාරයෙක් නොවෙන නිසා........

Saturday, June 9, 2012

GNT නොහොත් ගෑණු නාන තොටුපල.... (18 + වගේ)



ඉස්සර අපේ ගම්පලාතේ බොහොම අහිංසක තරුණයෙක් හිටියා.. අපි දැනට එයාට උකුක්ං කියමු.... මිනිහා අහින්සක උනාට හෙන වලත්තයා.. හැබැයි කාටවත් කරදරයක් නැහැ.... මිනිහගේ තිබ්බ එකම වැරැද්ද නාන ලිං අස්සේ... ගෑණු නාන තැන් අස්සේ... ලිං පැත්තේ කැරකෙන එක... හැබැයි කාටවත් කරදරයක් නැහැ උක්කුං ගෙන්... මිනිහා කවියට දස්සයා.... දවසක් මිනිහා ගෑණු නාන ලිඳක් කිට්ටුව තිබුන කුඹුක් ගහක් උඩ ඉඳගෙන ඉන්නකොට මිනිහට අපුරු කවි සිතිවිලි පහල උනා.... අපි මෙතන ඉඳලා ඒ ගැන කවියෙන් අහමු.....

ගහ මුදුනේ උස අත්තක වාඩි වෙලා..
මම හිටියා ගස් දෙබලක් මැදට වෙලා...
රුව ඇති ලඳුන් තිදෙනෙක් දෙස බැළුම් හෙලා..
දුවන මුවන් දැක කුමකට නෙළු පලා....

කමලයි කුසුමා සහ ඩිංගිරි රන් මැණිකා...
දිය නාගන්න ආවා ලිඳ ලඟ පොරකා...
වෙන්නට යන විනාසය ගැන නොම සලකා...
ගස් දෙබලට මුවා උනි මගේ ඇඟ මිරිකා...

විලිසංගයක් නැහැ නොවැ මුන් තිදෙනාගේ...
සිව් බිත්තයක් මැද දඟලන මෙරු වාගේ...
හැට්ටය ලිහා එල්ලා ඇති ඇණ බාගේ...
ඇදගත් තරම දිය රෙදි ඔසරිය වාගේ.....

කමලා දෙකට නැමුනා ගෙන බාල්දිය....
රෙද්ද ටිකක් පපු මැද්දෙන් ලිහිල් විය...
ගලනා වතුර සෝදා ගෙන පිරැණු කය...
ගහ උඩ සිටිය මගේ මයිනා කෙලින් විය...

සුමනා දැම්මා රෙදි ටික කළු ගල පල්ලේ...
රෙද්ද ගසා ගත්තා ගෙන තුම්මුල්ලේ...
උස්සා ගසන විට රෙදි ටික හැම කල්ලේ..
ගස්වල තියන වළු රන් තැඹිලිද හෙල්ලේ...

මැණිකා ගත්තා ඇඟ අපුලන ගල අතට..
රෙද්ද බුරුල් කෙරුවා කමලා මැදට...
අත යන අතට වැල ගෙඩි වැනෙනා කලට...
නොබලා ඉනු කෙලෙස මේ දෑ මක්කකට...

ගාලා සුවඳ සැවැන්දරා සබන් පෙන....
උලනා කලට කලවා මැද නැමීගෙන...
පෙනෙනා තිරුවානා කැට ගැන දැකීමෙන...
කිරි ගරුඬයෙන් කල දෙව් රුව මතක් වින...

කෙල්ලක් අනෙකාගෙ තනයක් මිරිකන්නී...
අල්ලා පනල්ලේ කිතියෙන් දඟලන්නී...
මොන මොනවදෝ හිමි හිමිහිට කොඳුරන්නී...
හිනා කටින් ඇයි සතුටින් හිනැහෙන්නි....

අල්ලාගෙන රෙද්ද එක අතකින් අත නෑර
උස්සා කකුල ලිං බැම්මේ තැබු වාර..
උස්සා බාල්දිය ගස්සා ගෙන නහර....
ගැසුවා තුන් හතර සැරයක් දිය පාර...

මයිනා සැනසුනා ගහ උඩ අත මත්තේ...
තුන් වැල අතර කොස් පොලොස්ද ගැට ඇත්තේ...
මේ හැම එකට දකිනට පිංකර ඇත්තේ...
ලැබුවා නොනිම් සුව ගස් දෙබලක් මත්තේ...

සුමනා අපුලන කලට රෙදි පෙරලා ගලක...
රන් මැණිකා අතුල්ලනවා පිට බිත්තියක....
බාගෙට පැහුනු දෙල් ගෙඩි වැටෙනා ලෙසක...
දැනුනා හිතට දෙල් රස, ඇති බව නොසැක...

කෙල්ලන් තුන් දෙනා තරඟෙට නාන්නේ.....
කොයි දෙස බලා ඉන්නට හිත නැහැ දෙන්නේ...
ඇඟටම ඇළුනු දිය රෙදි හැඩ පෙනෙන්නේ....
මේ දෙස බලා හිත කොහොමද සනසන්නේ....

ගත්තා බාල්දියඇය ඉහලට ඔසවා....
හැළුවා ජල කඳක් යන්නට ඇඟ නලවා...
වතුරේ සැරට ගන්නට බැහැ තව දිරවා...
වැටුනා රෙද්ද පය පාමුල ඇඟ සොලවා...

ක්රස්.. කරාස්... දෝබොස්.....චපාස්ස්ස්ස්ස්ස්ස්ස්......

කෙල්ලන් නාන තොට ලඟ හොල්මන් මොක්කුං...
දුර සිට බලා සැනසුනු හැටි දැක කුක්කුං...
තොට හොඳ වැඩේ ගස් උඩ නැග කර දස්කං...
වෙදරාලට කියලා පත්තුව බැඳගං උක්කුං..

ගහ උඩ අත්ත කඩාගෙන වැටුනු උක්කුංට........නනා හිටපු කෙල්ලෙක් එහෙම කිව්වලු....

Friday, June 1, 2012

කුවේණිගේ...... අහවල් එක.......



“නිරුවත“ යනු ඕනෑම දෙයක් අලෙවි කරණයෙහිලා යොදාගත හැකි හොඳම මාධ්‍යයයි.. වාණජකරණය වෙන සමාජයක් අලෙවිකරණය කරන හොඳ වෙළඳ භාණ්කය බවට පත්වන්නේ නිරුවතයි..... එහි සීමාවන් නොමැත... නිරුවතට ජාතියක්... ආගමක්....දේශයක් නොමැත....අලවි කල හැකි සියළු කාර්යයන් හිදී බොහෝ විට අලෙවි සංකල්පය ලෙස භාවිතා වන්නේ නිරුවතයි..... ලංකාවේද එය අළුත් සංකල්පයක් නොවේ....

චිත්‍රපට කර්මාන්තය ආරම්භයේ සිටම එක එක ආකාරයට හෙළුව ප්‍රදර්ශණය කිරීම තුලින් තමන්ගේ මාකට් එක හදාගන්නට වෙළෙන්ඳන් පුරුදු වෙලා හිටියා.. ඒක අදත් එදත් අපිට දකින්න පුලුවන් දෙයක්.... වෙනස් තියෙන්නේ එදා දැක්ක නිරුවතයි අද දකින නිරැවතෙහි සීමාවන් පුළුල් වීම පමනයි....

මේ දිනවල වෙබ් අඩවි වල මහා ඉහලින් අලෙවි වන මාතෘකාව වෙලා තියෙන්නේ “කුවේණියේ රෝස පාට ජංගිය“..... ලොකේ පුරා ක්‍රියාත්මක වෙන.... ක්ලික් එකකින් සල්ලි හම්බකරන වෙබ් අඩිවි හැම එකක්ම පාහේ සීග්‍රයෙන් අලෙවි වෙන විකිනෙන මාතෘකාව වෙලා තියෙන්නේ කුවේණිගේ රෝස පාට ජංගිය.....

එයින් ප්‍රෙයෝජනය ගන්නේ වෙබ් අඩවිකාරයෝ විතරක් නෙමෙයි..... ඔය කියන චිත්‍රපටියේ නිෂ්පාදක වරයාටත් මේක පුර්ව ප්‍රචාරක දැනවීමක්... මේ සිද්ධිය තුල ඔහු ඉන්නවා දැයි පැහැදිලිව කිව හැකි නමුත්... මේ චිත්‍රපිටය බලන්න සෙනග පෝලිමේ එන්න මේ පුර්ව ප්‍රචාරය බලපානවා..... 

ඒ වගේම තමයි මේ කුවේණියට රඟපාන නිළියගේ මෙතක් තිරගත නොවුනු අනෙක් චිත්‍රපටිය... “සංගිලි“.... පුර්ව ප්‍රචාරක දැන්වීම වලින් මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සන..... සංගිලි ගල් දෙක එළියේ දාගෙන.... තට්ටම් නටව නටව ඉන්න කොටස් පුර්ව ප්‍රචාරක දැන්වීම් වල පල කරමින් ප්‍රචාරය ලබාදෙන මේ චිත්‍රපටිය බලන්න කොල්ලෝ කුරුට්ටෝ විතරක නෙමෙයි වයසක සීයලා පවා මග බලාගෙන ඉන්නවා කියන එක ප්‍රසිද්දධ රහසක්...

මේක අපේ රටේ විතරක් නෙමෙයි ලොකේ බොහෝ රටවල් වල විවිධ ආකාරයේ නිෂ්පාදකයින් තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා භාවිතා කරන්නේ නිරැවත.... මට මතකයි මීට වසර කීපයකට කලින් ලංකාවේ එක්තරා කේෂාලේපනයක් සඳහා වෙළඳ දැන්වීමක් නිෂ්පාදනය කලා.... ඒ වෙළඳ දැන්වීම අවසන් වෙනතාක් හිතාගන්න බැහැ ඒ දැන්වීම ප්‍රචාරය කරන්නේ කුමත් වෙනුවෙන්ද කියලා... ඒ තරමටම ඒ දැන්වීමේ පෙන්නනේ රඟපාන නිළියගේ කකුල් දෙක... ඒ කාලේ අපි ඇස් දෙකින් විදින... දකුනතින් සැනසෙන තරැණයෝ..... ගෙදර මොන මුල්ලේ හිටියත් මේ දැන්වීමේ සද්දේ ඇහෙනකොට ඇවිත් නතර වෙන්නේ රූපවාහිනිය ඉස්සරහා.... කේෂ කලාපය කෙසේ වෙතත් කෙල්ලගේ සුදු ගල් දෙක බලාගන්න......
මේක දැකලා කී දෙනක් ඒ කේෂාලේපනය මිලදී ගත්තද දන්නේ නැහැ... කෙසේ වෙතත් ඒක ඇස් ඇදගන්න වෙළඳ දැනවීමක්.....

අනෙත් කාරනේ තමයි කෘමි නාශක.... මීට කලෙකට කලින් වෙළඳ දැනවීමක් තිබුනා.... රෙද්ද ඇදලා වල් ඉහිනවා.... හැබැයි ගල් එලියේ... සම්පුර්නෙන්ම නෙමෙයි... පේන නොපෙනෙන ගානට..... අපි ඒකාලේ හිතෙන් බනිනවා...... එක්කෝ හිතෙන් කියනවා... තව පොඩ්ඩක් නැමියන්... එහෙම නැත්නම් තව ටිකක් හයියෙන් හුලං වරෙන් කියලා..... ඒ කාලේ අපිට මේ වල් නාශකයේ නම මතක හිටින්නේ ඒ බෝතලේ ගැන මතක් වෙලා නෙමෙයි... අක්කගේ ගල මතක් වෙලා.....

මේක අපේ රටේ විතරක් තියන රැල්ලක් නෙමෙයි.... අන්තර්ජාලයේ කොයි මුල්ලක ගත්තත් වැඩියෙන්ම අලෙවි වෙන සාධකය තමයි නිරුවත.. විශේෂයෙන්ම ගෑණු නිරුවත..... මීට කලින් පොස්ට් එකකත් මම කිව්ව විදියට මේ ලොකේ දි අපි කොයිතරම් දැක්කත්... විඳලා තිබුනත් අපි දකින හැම මොහොතකම බලන දේවල් තුනක් තියනවා...

1. ගුවන් යානා.... අපි කොයිතරම් ගුවන් යානා දැකලා තිබුනත්.. ඒවායේ ගිහින් තිබුනත් ගුවන් යානයක ශබ්දයක් දැනුනු වහාම අපි කරන්නේ අහස දිහා බලන එක...
2. නැව්..... අපි කොයිතරම් නැව් දැකලා තිබුනත් මුහුද ලඟින් යන හැම අවස්ථාවකම නැවක් දැක්කොත් අපි   ඒ දිහා විමසිල්ලෙන් බලනවා...(හැබැයි ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා එනකොට ගොල් ෆේස් පිට්ටනිය පහුකරන කොට මමනම් බලන්නේ මුහුද දිහා නෙමෙයි..... මම හරි ආසයි පිට්ටනියේ අයිනට වෙන්න තියන කුඩ ගාන ගනන් කරන්න)
3. නිරුවත.... මේක ගෑණු පිරිමි කියලා භේදයක් නැති ව හැම කෙනාම දකින්න කැමති දෙයක්..... කොයි තරම් දැක්කත් එපා වෙන්නේ නැති දෙයක්.....

සරළව හිතන්න.... වෙළඳ දැන්වීමක්..... පුර්ව ප්‍රචාරණ පටයක්.... ක්‍රිකට් තරඟයක්....... වගේ මෙකී නොකී බොහෝ තැන්වල අද අලෙවි වෙන්නේ නිරුවත..... මම මෑතකදී දැක්කා තේනුවරයන් බොහොම අපුරු ළමා චිත්‍ර සටහනක් මුනු පොතේ බෙදා ගෙන තිබුනා.... ක්‍රිකට් තරඟ පිටියක් කුඩා දරැවෙක් දැක්ක ආකාරය... ඒකේ එක් කොනක තිබුනේ කට්ටිය තරඟේ නරඹනවා... මැද කණ්ඩායම් දෙක තරඟ කරනවා... අනෙක් කොන් තුනේම “අක්කලා නටනවා“ කියලා තමයි ඒ කුඩා දරුවා දැකපු ක්‍රිකට් තරඟේ රූප සටහන තිබුනේ...

ඒ විතරක් නෙමෙයි අද මංගල ඡායාරෑපකරණය ගන්න.....බොහෝ විට ඒවා “පුර්ව සංසර්ග“  පිංතූර විදියට තමයි එළි දකින්නේ.... විවිධ ශිල්පින් තමන්ගේ මාක්ට එක හදාගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා... එයින් එකක් තමයි මනාල යුවලට කාමරේ ඇත්ලෙදී කරන්න හිතෙන දේවල් පිංතූරයට නගන එක.... කොයි වෙලාවේ සුරේ වතුරේ දාගන්නද කියලා හිතලෙන ඉන්න මනමාලයත් මනමාලිත් අර පොටෝ කාරයගේ මාකටින් උගුලට අහු වෙනවා...... 

තවත් දෙයක් තමයි පංකාවේ රියලිටි වැඩසටහන්..... තමන්ගේ රේටින් එක වැඩිකරගන්න ඔවුන් කරන්නේ තමන්ගේ වැඩසටහන් වලට සහභාගීවෙන තරුණියන්ගේ ඇඳුම ගලවන එක.... මේක තේරුම් නොගත්ත අපේ අම්මලා තාත්තලා.... තමන්ගේ දුවගේ රෙද්ද ඉනට අඟල් කීපයක් උඩින් උස්සලා... ලස්සනට අන්ඳලා තරඟෙට යවනවා..... දැන් දැන් රෑප රාජිනියන්ගේ තරඟවල වැඩි කාලයක් දෙන්නේ බිකිනි විලාසිතාවන්ට......... පොරව පාර මැද්දට යට අඳුමක් අන්දලා.. විලි වැහෙන්න තුනී රෙද්දක් එල්ලා..... හතර අතට වන වන යන අපේ ගෑණුළමයි දැක්කාම නාළිකාවේ රේටින් ඉහල ගිහින් පීක් එකේදී බෙල්ට් එකේ තප්පරේක වටිනාකම ඉහල යන බව කට ඇරගෙන... අනේ අපේ දුවගේ ලස්සන කියලා මේවා දිහා බලාගෙන ඉන්න අම්මලා තාත්තලා නිකමටවත් හිතනවද....?

වෙන මොනව ද  අපිට විකුණන්න පුලුවන්..... හැම දේම විකිනෙන ලොකේ ඔය ......................... විකිනෙණ එක මොන ........................... ක් ද......?

Wednesday, May 23, 2012

රෙද්ද උස්සා Who කියමු...ද...?




ව්‍යාපෘතියක් යනු යම් නිශ්චිත අරමුනක් ඉටුකරගනු වස්, නිශ්චිත කාලයක් යටතේ සිදුකරන්නා වු මානව, මුල්‍ය සහ භෞතික සම්පත් මෙහෙයවීමක් ලෙස ඉතා සරලව හැඳින්විය හැක...මෙහිදී ප්‍රධාන පියවරයන් කීයපක් ක්‍රියාත්මක වේ...

1. Need Assessment (අවශ්‍යතා හඳුනාගැනීම)
2. Objectives, Goal (අරමුණ, ඉකක්කය)
3. Plan (සැලැස්ම)
4. Implement (ක්‍රියාත්මක කිරීම) 
5. Monitoring (අධීක්ෂණය)
5. Evaluation (ඇගයීම)

රටක් මෙහෙය වීම යනු එක්තරා ආකාරයක ව්‍යපෘතියක් මෙහෙය වීමකි... එහී දී එම ව්‍යාපෘතිය මෙහෙය වන්නන්ට වඩාත් වගකීමකින් කටයුතු කල යුතු වන්නේ එහි විපාක මුලු මහත් ජාතියක් කෙරෙහිමය බලපාන හෙයිනි... 

රටක නිතී රීති සහ ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ ඒ රටේ පවතින ප්‍රායෝගික තත්වයන්.... පරිසරය... ජනතාව... ආදී බොහෝ කරැණු සැලකිල්ලට ගෙනය... එහිදී සත්‍ය වශයෙන්ම පවතින තත්වයන් අවබෝධ කරගැනීම, බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කය සාර්ථක කර ගැනීමට මහත් රැකුලකි... එසේ නොමැති වීම ඉහත කී මානව, මුල්‍ය සහ භෞතික සම්පක් කාබාසිනියා කිරීමක් ලෙස හැඳීන්විය හැකිය... 

රටක සංවර්ධනයේ මුලික අඩිතාලම වන්නේ දිගු කාලීන ප්‍රතිපත්තිමය මානව සහ භෞතික සංවර්ධණ කළමනාකරණ කාර්යයන්ය... එය අධ්‍යාපනය... සෞබ්‍ය.... ආරක්ෂණය... ආදී වශයෙන් ප්‍රධාන කාරණ ගනනාවක් යටතේ ලැයිස්තු ගත කලහැකිය.... අද  අපේ රටේ නැත්තේද දිගු කාලීන සැලසුස් සහගත ප්‍රතිපත්තීන්ය.... 

අධ්‍යාපනය පිරිහිලාය..... අධ්‍යාපන ඇමති චක්‍රලේඛ, ගැසට් නිවේදන නිකුත් කරන්නේ හංදියේ කඩේ මුදලාලි අප්ප බානවාටත් වඩා වේගයෙනි..... උසස් අධ්‍යාපන ඇමති ඊට හපන්ය... ඔහුට රටේ අධ්‍යාපනය යනු දාම් ලෑල්ලකි.... කපන්න ඕන එක කොයි මුල්ලේ හිටියත් ඔහු ගේ ඉත්තා ඕන තැන තියා කපන්නට ඔහු දක්ෂය...ඒ සඳහා කුමන හෝ වටිනාකමක් ගෙවන්ට ඔහු පසුබට වෙන්නේ නැත....  ඔහුට අවශ්‍ය නම් සිසුන්, ආචාර්යවරු පමනක් නොව මහාචාර්යවරුක් පවා කනෙන් අල්ලා එලියට දමා තමාගේ නියමය ක්‍රියාත්මක කිරීමට තරම් ඔහු දක්ෂය..... අධ්‍යාපන ඇමති අද අන්දරේටත් වඩා විකටයෙකි... උසස් පෙළ ප්‍රථිපල නිකුත් කිරීමේද කෙළවාගත්තේ රටේ දරුවන්ගේ විභාග ප්‍රථිපල බිල්ලට දීමෙනි.... වරෙකි ඔහු ඔහුගේ ආර්ථික විද්‍යාත්මක ටිකිරි මොළයෙන් කල්පනා කර රු.2500.00 න් නොමැරී ජීවත් විය හැකි බව කියයි... අළුත්ම කාරණය වනනේ ලංකාවේ අධ්‍යාපනය සඳහා පහල භාලංශයේ සිට උසස් පෙල... සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සත පහක්වත් අය නොකරන බවට පාර්ලිමේන්තුවේදී කට මැත දෙඩීමය.... මු හිනෙන් කථා කරනවා දැයි සැකයක් පවති.... උසස් පාසැලකට දරුවෙකු ඇතුලත් කිරීමට ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂ 1 සිට ලක්ෂ 5, 6,7 දක්වා ගෙවන්නට දෙම්ව්පියන්ට සිදුවන්නේ සෑම දෙම්ව්පියෙක්ම තම දරුවා “හොඳ“ පාසැලකට ඇතුලත් කරගැනීමට ඇති ඇම්ම හෙයිනි.... එතනින් නොනවතින මෙම ගසාකෑම පහසුකම් සේවා ගාස්තු (මෙය රජයේ අනුමත ගාස්තුවක් වන අතර රුලියල් දෙතුන් සීයයක් වන බවට සැකයක් නැත), පාසැල් සංවර්ධන අරමුදල්, ආරක්ෂක අරමුදල්, සනීපාකරක්ෂක අරමුදල් ආදී වශයෙන් විවීධ අරමුදල් ද, තින්ත ගෑම... විවිධ උත්සව..., බුදු මැදුරු ඉදිකිරීම... පිහිනුම් තටාක ඉදිරිකිරීම... ක්‍රිඩා තරඟ..., විවිධ ප්‍රසංග ආදී මෙකී නොකී විවීද ආකාරයේ දේ වෙනුවෙන් දෙමව්පියන් මුදල් වියදම් කරද්දී අධ්‍යාපන ඇමති පාර්ලිමෙන්තුවේ බෙරිහන් දෙන්නේ “සත පහක් වත නොගෙන“ රටේ දරැවන්ට “නිදහස් අධ්‍යාපනය“ නොමිලේ ලබා දෙන බවයි....

අනෙකුත් අංශද එසේමය..... පාරිභෝගික භාණ්ඩ ගැන කථා කරන්නට දෙයක් නැත.... පසුගිය දිනෙක එක්තරා ගුවන් විදුලි නාලිකාවක් මගින් ප්‍රචාරය උන වැඩසටහනක් අතරතුර පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා පැවසුයේ යම් යම් භාණ්ඩ වල මිල අධික උවද හාල්.... පරප්පු.. සීනි, එළවළු වැනි අත්‍යාවශ්‍ය භාණ්බ වල මිල පහල ගොස් ඇති බවයි.... හාල් මිල පහල ගියද හාල් අමුවෙන් ආහාරයට ගක හැකිද... සීනි විතරක අනුභව කර ජීවත් විය හැකිද... ? හැමදාම මිනිස්සුන්ට එළවළු සළාද පමනක් ආහාරයට ගෙන ජීවත් විය හැකිද යන්න පිලිබඳව මේ  ගොන් වහන්සේලාට නොතේරෙන්නේ ඔවුන් මන්දබුද්ධිකද රටේ පරිපාලනයට ගැත්තන් පත්කරන උන් පාර්ලිමේන්තුවට යවන අපි මන්දබුද්ධිකද යන්න ගැන නැවතත් සිතිමට පොළබවමිනි.... 

පසුගිය දිනෙක බොහොම අපුරු නිතියක් සම්මත කලේය.... ඒ ත්‍රී රෝද රථයක රියදුරු ඇතුලු තිදෙනෙකුට වඩා ගෙන යා නොහැකි ලෙසටය...මොවුන් සිතන්නේ එක ත්‍රී රෝද රථයක පස් හය දෙනෙකු යන්නේ ආතල් එකට කියාය... දැන් පවුලේ දෙමව්පියන් සහ දරුවන් දෙදෙනෙකු සිටින අවස්ථාවක කිලෝ මීටර් දෙකක ගමනක් යන්නට ත්‍රී රෝද රථ දෙකක් අවශ්‍යය.... කලින් මේ ගමනට වියදම් උනේ රුපියල් 50 නම් දැන් රුපියල් 100 ක් වියදම් වේ..... ඒකෙන්ද කෙළවෙන්නේ දුප්පත් ජනතාවටය... දැන් ඒ ගමනට ත්‍රිවීල් දෙකක් ගත යුතුය... එවිට ඉනධන පරිභෝජනය වැඩිය.... ත්‍රීවිල් කාරයන් ඇතුලු සියළු ගසාකන්නන්ට මෙය ඉල්ලමකි.... සත්‍ය වශයෙන්ම ගැටළුව කුමක්ද...? විනයක් නැති රථ ධාවනයය... මාර්ග නිතී උල්ලංඝන... එහෙමත් නැත්නම් නිසි නඩත්තුවක් නොමැතිකමය.. ප්‍රශ්ණය බොහොම ලේසියෙන් විසඳන්නට ප්‍රවාහන බලධාරීන් ක්‍රියා කලේ දුප්පතාගේ බඩටම කෙලලාය....

අධි වේගී මාර්ග... අධි වෙගි දුම්රිය මාර්ග ගැන උදම් අනන අපේ රටේ තවමත් වෙලාවට වැඩ කරන බස් සේවයක් නැත... වෙලාවට වැඩ කරන දුම්රිය සේවයක් නැත... දුම්රිය කාල සටහනේ හරියටම පැය 5.43 ට දුම්රියක් එන බව දක්වා තිබුනද මුලු මහත් ජීවිත කාලයමට ඒ නියමිත වෙලාවට දුම්රියක් එන්නේ නැත.... බස් රථ කාලසටහන් හොයාගන්නට වත් බැරි තරම්ය.... ඒවා කාල නැතත් සටහන් ලෙස බෝඩ් වලට සීම වී ඇත.. නමුත් අපි උදම් අනන්නේ අධි වේගය ගැනය.... පොදු ප්‍රවාහනය මොන ආකාරයකට අඝාධයකට ඇද වැටුනද අපේ පාලකයන්ට අධි වේගය මාර ආතල්ය... ඒ උන්දැලාට එකෙන් පැය කීයපක් තුල ආතල් ගන්න තැන් වලට යන්න පුලුවන් වෙන නිසාදැයි අපි නොදනිමු... නමුත් ඒක මාර ආතල්ය.... ගාල්ල මාතර අධිවේගී දුමරිය මාර්ගයේ අදාල වේගයට දුම්රිය ධාවනය වුයේ විවෘත කිරීමේදී පමනය.... එදාට පසුව ඒ මාර්ගයේ පැයට කිලෝ මීටර් 100 ක වේගයෙන් දුම්රියක් ධා වනය වන්නේ නැත.... මාර්ග සංඥා.... අනාරක්ෂිත මාර්ග ආදී මෙකී නොකී විවිධ හේතු හේතුවෙන් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකල මුදලේ නිසි ප්‍රථිපල ජනතාවට නොලැබී ඇත..... මෙම අධි වේගි දුම්රිය මාර්ගය හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවන බව මහා මාර්ග ඇමතිවරයෙක් ප්‍රකාශයක් කල බව මතකය... (ඒ මොකක් භාර කෙනාද නම් පැහැදිලි නැත... දැන් පවතින තත්වය අනුව ඉදිරියේ  වම් රේල් පීල්ල භාර ඇමති වරයෙකුත් දකුණු රේල් පීල්ල භාර ඇමති වරයෙකුත් පත්වන්ටද බැරි නැත).

මෙකී නොකී බොහෝ දේ මේ පවතින තත්වයන් හමුවේ පෙන්වා දිය හැකි උවත් මෙම ලිපියේ අදහස වනනේ රජයට මඩ ගැසීම හෝ රජය අපහසුතාවට පත්කිරීම නොවේ... පවතින තත්වයන් හමුවේ මේ තත්වයන් හට ගැනීමට මුලික හේතු කාරනා ගැන දැකිවීමය..... රටේ බොහෝ ගැටළු වලට හේතුව වන්නේ අපේ රටට නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීමය.... අතීතයේ සිටම අපේ රටේ ක්‍රියාත්මක වු තට්ටු මාරු දේශපාලනයේ වැරදි පුර්වාදර්ශ වලින් අගතියනට පත්වන්නෙ රටත් ජනතාවත්ය.... පාට මාරු වෙන හැම අවස්ථාවකම වෙනස්වෙන ප්‍රතිපත්තීන් හමුවේ රටකට දිගු කාලීන සංවර්ධන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කල හැකිදැයි සැකයක් පවතී.... අධ්‍යාපන ඇමති වෙනස් වෙන විට වෙනස් වන ප්‍රතිපත්තීන් නොව දීර්ඝ කාලීන ඉලක්ක යටතේ ක්‍රියාත්මක කලයුතු ප්‍රතිපත්තීන් රටට අවශ්‍යය.... ඒවා සකස් කිරීමේදී නිසි පරිදි අවශ්‍යතා හා අඩුපාඩු හඳුනාගත යුතුයි.... ඒවා මග හරවා ගෙන දීර්ඝ ගමනක් සඳහා ප්‍රතිපත්ති සැලසුම් කලයුතුය...  


අපි අපේ පවතින මුල්‍ය ප්‍රතිපත්තීන් වල දුර්වලතා, කළමණාකරණ දුර්වලතා.... අදී වශයෙන් අපේ අඩුපාඩු අපි අවබෝධ කරගත යුතුය... එය දේශපාලණ වාසි තකා යටගැසීම යනු රටේ ඉදිරි ගමනට කරන බලවත් අසාධාරණයකි... සරළවම කියතොත් රටේ බඩු මිල වැඩි බව රජය පිළිනොගන්නාතාක් ඒ සඳහා නිසි විසඳුමක් ක්‍රියාත්මක කල නොහැක... අධ්‍යාපනයේ බිඳ වැටීම තේරුම් නොගන්නාත්කා රටේ අනාගත දරුවන්ට සෙතක් සැලසිය නොහැක...... 

තමන්ට වැරදී ඇති බව පිලිනොගන්නා පුද්ගලයා.. අවසානයේ ඔහුත් සාමාජයත් විනාශ මුඛයට ගෙන යනු ලබන බව නොරහසකි.....අවසාන වශයෙන් කිවහැක්කේද එයයි..... 

අපිට සුභ අනාගතයක්.....


(විචාරයට ඉඩ)