Wednesday, May 23, 2012

කුණුහරැප කවි.....ද..?

 (චිත්‍ර නිර්මාණය ආලෝක කොඩිතුවක්කු- අන්තර්ජාලය)

1. පිස්සු පකේ බිජු එළියට ඇදලා
රාමා සුමනා පකාගෙන
තිත්ත තිබ්බටු පකාද ගනිමින්
මහපක ඇතුලේ ඔබාගෙන
ඇස්ස වසා උණු අළුවේ තම්බා
මහපක මිරිකා යුෂ රැගෙන
දස්ස ලෙසින් දත මුල තැබුවෝතින්
දත්ත රෝග දුරු වෙයි සැනිනා

2. අම්මත් දුවත් එක නැකතෙයි උපන්නේ
අම්මට වඩා දුව වැඩිමල් කියන්නේ
උම්මට උණු කරපු පැන් දුව නාන්නේ
මෙතුන් පදේ තෝරාලයි බත් කන්නේ

3. පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර
වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර
හොල්ල දෙතුන් විටයක් ඉද ඇද්ද වර
පොල්ල අගින් එතකොට වෑහේ වතුර

4. ලන්ඩ ලන්ඩ ටික ටික උඩ එයි දන්ඩ
දන්ඪ මැදින් කලලේ වැල් ලා ගන්ඩ
පැදුරේ වැටුනු විට පණ නැති වෙයි දන්ඩ
මෙතුන් පදේ නුවනින් තෝරා දෙන්ඩ

5. රෙද්ද උනාලා පැදුර එළාලා
දනකිඩ ගහලා ඉද ගන්නේ
දමන හිලක් ඇත මැද ඇණයක් ඇත
දැම්මොත් ලෙලි ඇරිලයි එන්නේ
උඩින් එකෙක් ඇත යටින් එකෙක් ඇත
උඩින් එකාමයි දගලන්නේ
ගජ හපනෙකි මෙය තෝරා දෙන අය
මෙතුන් පදේ තෝරා දෙන්නේ

6. වනේ එකෙක් ඇත කඳ මිස පණ නැත
පණ නැති දෙන්නෙක් එක් වෙන්නේ
ගුණේ කොහෙත් නැති එකෙක් ඇවිල්ලා
බැඳ පෙරළා ගෙන ගුටි දෙන්නේ
වදේ බැරිව ඔහු අඬයි විටින් විට
නඩුකටත් නැත පවසන්නේ
අනේ මේක තෝරලා බැලූවොත්
ඉතාම කදිමයි පද සන්නේ

7. අපේ රටේ හොර ගෑණු සියල්ලම 
ගස්උඩ නැගිලාමයි ඉන්නේ
ඔපේ කොහෙත් නැති ලින අප්පුලා 
ගෑණු තුරුල්ලේමයි ඉන්නේ
සැපේ නොදන්නා හොර මිනිසුන් රෑ 
ගෑණු බදාගෙන ගෙට එන්නේ
අපේ ගෙදර හිමි දවල් දිනේ ගොස් 
ගෑණු සමඟ කදිමට එන්නේ

8. ඇස් දසයකි අට බැල්මකි දෙකක් කණා
පය දහසකි අට පයකින් ගමන් යනා
මෙපස් දෙනෙකි පණ සතරකි සැරිසරනා
තේරු කෙනෙක් මේ පද තිරිදුනි හපනා

පුලුවන් නම් තොරගන්න.... කව්ද බලමු හපනා.....

උපුටා ගැනීම...
හෙළ ජන ගී සංග්‍රහය

එම්.ජී කුමාරපාල

19 comments:

  1. මෙව්ව තෝරන්න සිංහල වෙදකම දන්න ‍අයට පුලුවන් වෙයි මගේ හිතේ...

    ReplyDelete
  2. හෑ...
    ඕ...
    මම උගුරට හොරා බේයි බීලා එන්නම්

    ReplyDelete
  3. වෙද ගැට නේද?

    ReplyDelete
  4. mewa thoranna kalpana karanakota wena wena ewa enawane.

    ReplyDelete
  5. අනේ මන්ද , මගේ හිත මහා වල් ... , හොඳ වෙලාවට වෙද කමට ගියේ නැත්තේ :)

    ReplyDelete
  6. මදැයි වැඩට යන්න කලින් උදේම බ්ලොගක් බැලුවා..

    ජයෙන් ජය..

    කල්පනා කරන්න වෙලාවක් නැහැ. උබම උත්තර ටික දාපං. සිරා ආහ් !

    ReplyDelete
  7. 5 - හිතුනෙ නම් කුරහන් ගල කියලා.
    8 - මේකනම් දන්නවානෙ.අන්දරේගෙ තේරවිල්ලක් නේද? මිනියක් හතර දෙනෙක් උස්සන් යනවා.

    අනික්වානම් තාම මීටර් නෑ.

    ReplyDelete
  8. තුංවෙනි එකට උත්තරේනං ආඬියා ළිඳ.අටවෙනි එකටත් උත්තරේ දීලා තියෙන්නෙ.අනික්වානං දන්නෙ නැතෝ..

    ReplyDelete
  9. හෆ්ෆා මාව නිකන් මොනාද උනා වගේ.. :)

    ReplyDelete
  10. 1- අත්තන ගෙඩියේ ඇට අස්කර පෙරුම්කායම් කෝමාරිකා සහ තිත්ත තිබ්බටු ඇතුල්කොට උණු අළුවෙන් තම්බා යුෂ ගෙන දත මුල තබන්න දන්ත රෝග සුව වේ.

    ReplyDelete
  11. 2-පෙරටත් සිරිත් ලෙස දෙන්නම පවතිනවා
    දැනුත් එදත් ලොව සැමතැන පසු වෙනවා
    කතත් බොතත් උන් පළමුව ගෙට එනවා
    රාත් අරක්කුත් දෙවගේ නම යනවා

    ReplyDelete
  12. හැමොටම බොහොම ස්තූතියි... බලමු එහෙනම් උත්තර ටික...

    1. සොඳුරු කියලා නේ...
    2. සොදුරු ඒකටත් උත්තරේ දීලානේ...
    3. දිනුක කිව්ව උත්තරේ හරි නේ මේකට..
    4. තරාදිය
    5. නිසුපාට හිතුන උත්තරේ හරි..
    6. බෙරය
    7. හෙරළි..(කොස්)
    8. නිසුපා කියල උත්තරේ තමයි

    ReplyDelete
  13. අනේ මන්ද කමෙන්ට් බලනකන් නිකමටවත් හිතුන් නෑ
    මේව මේ තේරවිලි කියලා..
    එල ආ

    ReplyDelete
  14. Machan ube ganu nana thotupale kawi tika mama mage page eke pala karannada ...mata massage ekak daapan....ube blog eke namath dala mama dannam..
    nissh7@gmail.com

    ReplyDelete
  15. ඇත්ත නේන්නං මෙහෙමත් තේරවිලි.... මටත් නිකං තේරුණා මේක නං මහ කුණු හරුපයක් වගේ... මොනව වුනත් යංතං අද කාලෙ මේව කියන්න ගියොත් වෙදාට ගුටි කන්න තමයි වෙන්නෙ..... උඹටනං මොකෑ... හා...

    ReplyDelete
  16. O.o අන්ද මන්ද වෙලා ආයේ මන්ද අන්ද වුනා කොල්ලෝ !!!

    ReplyDelete
  17. මෙව්වා තේරුම් ගන්න යේ සිංහල පන්තියකටවත් යන්න වෙයි වගේ....

    ReplyDelete