පොලිසිය හෝ පොලිස් නිළධාරියා මහජනතාවත් එක්ක නිතර ගණුදෙනු කරන එහෙමත් නැත්නම් ජනතාවගේ බොහෝ අවශ්‍යතාවන් හීදී උපකාර කරන වගේම.. එදිනෙදා ජීවිතයේ දී වඩාත් අවශ්‍ය කරන පුද්ගලයෙකු හා සේවයක් සේම බොහෝ අවස්ථාවන් හී දී ජනතාව අපහසුතාවයට පත් කරන... ජනතාව පෙළන.. තත්වයක් දක්නට ඇත... එය අතීතයේ සිටම පැවත එන තත්වයකි.. දැන් දැන් මහජනයාට සමීප පොලිස් සේවයක් ගැන කතිකාවක් ගොඩනැගීතිපුනද එය බලු වලිගේ ඇද ඇරීම මෙන් කෙතරම් උත්සහ කලද පෙර තත්වයටම පත්වනු දැකිය හැකිය...
"මහජන මිත්‍රශීලී..වෘත්තීමය.. අභිමානවත් පොලිස් සේවයක් සඳහා" යන්න ශ්‍රී ලංකා පොලීසියේ ආදර්ශ පාඨයයි...
නමුත් මේ ආදර්ශ පාඨයට අනුව කටයුතු කරන පොලිස් නිළධාරීන් සොයාගැනීම "කළු නික" සොයනවාට වඩා අමාරුය... පොලීසිය තුල ඉතාමත් දක්ෂ වගේම කැපවීමෙන් සේවය කරන නිළධාරීන් සිටියද බහුතරය පොලිස් සේවයේ නමට කැලළක් වන.. ආදර්ශ පාඨය තියා තමන්ගෙ මව පියා නොහඳුනන පිරිසකි... ඒ බව කිසි යම් අවශ්‍යතාවයට පොලිසිය වෙත යන මමද ඔබද මොනවට දන්නා කාරණයකි...
බොහො විට පොලිස් නිළධාරීන් වැඩකටයුතු කරන්නේ ඔවුන් නීතියේ එකම භාරකාරයින් එසේත් නැතිනම් එකම හිමිකාරයිනි ලෙසටය..ඒසේ සිතීමේ කිසිම වරදක් නැත... අප රට තුල එය ක්‍රියාක්මක වන්නේ ද එලෙසටය.. ඕනෑම අයෙක් වැරදිකරුවෙකු කරන්නටද ඕනෑම වැරදිකරුවෙක් නිවැරදිකරුවෙක් කරන්නටද පොලීසියට හැකියාවක් ඇත.. එවැනි සිද්ධීන් අප කොතෙකුත් අසා ඇත..
මේ ක්‍රමයට විවිධ ආකාරයෙන් පුද්ගලයින් ගොදුරුවේ... රාජකාරියෙන් බැහැරව සිටින අවස්ථාවේ දී ත්‍රී රෝද රථයේ ගාස්තු අයකලහොත්.. පසුදිනක ගෙවු ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවන්නට සිදු වූ ත්‍රිරෝද රථ රියදුරන් ගැන අසා ඇත්තෙමු... නොමිලේ දොඩම් ලබාදීම ප්‍රතික්ෂේප කල වරදට අත්අඩංගුවට ගෙන පහර දුන් අසරණ පදික වෙළඳුන් ගැන වාර්ථා වී ඇත.. බස් රථයේ මුදල් අයකිරීම හේතුවෙන් පසු දින දඩ ගෙවන්නටද දින කීපයක් උසාවි ගානේ රස්තියාදු වෙන්නටද සිදුවු රියදුරන්.. අනන්තවත් අප අතර ඇත....
අප කොපමන පම්පොරී ගැසුවද පොලිසිය තුලට ගිය විට මටද ඔබටද අත්වන්නේ එකම ඉරණමකි... මේ හේතුවෙන් මහජනතාවත් පොලීසියත් අතර ඇත්තේ මහා හිඩසකි.. දුරස්ථ භාවයකි... “යුනිෆෝම් එක ඇන්ඳට පස්සේ අම්මා තාත්තාවත් විශ්වාස කරන්න එපා” යැයි කියමනක් ද ඇත්තේ ඒ දුරස්ථභාවය නිසා බව මොනවද පැහැදිලිය..
පොලිසියේ ඉහල නිළධාරීන් කොයිතරම් උත්සහ කලද මහජන මිත්‍රශීලී පොලීසියක් ගොඩ නගන්නට නොහැකි වන්නේ ආදර්ශ පාඨ පමනක් වෙනස් වීම තුලින් පුද්ගලාකල්ප වෙනස් නොවන හේතුවෙනි.. එසේත් නොමැතිනම් භෞතික සම්පත් සංවර්ධනය තුලින්.. මහජන මිත්‍රශීලීත්වය බිහි නොවන හෙයිනි.. පොලිස් නිළධාරීන්ගේ විශේෂයෙන්ම මහජනාතාවත් සමග ඍජු සම්බන්ධතා පවත්වන සුළු නිළධාරීන්ගේ ආකල්ප වෙනස් නොවන තාක් පොලිස් සේවා ආදර්ශ පාඨය ආදර්ශ පාඨයක්ම පමනක් වනු ඇත...
යම් අපරාධයකදී පොලිසිය කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් විමසා බලමු... මේ සම්බන්ධයෙන් 1975 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ දක්වා ඇත..
විමර්ශනයක් යනු
යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු ගවේශනය කිරිමයි.
විමර්ශනයක පරමාර්ථ
1. වරදක් සිදුවි තිබේදැයි සොයා බැලීම (වරදක් යනු තත්කාලයේදී ශ්‍රී ලංකාවේ බලපවත්නා යම් නීතියක් මගින් දඬුවම් පැමිණවිය හැකි ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අදහස්වේ).
2. වරද සිදුකළ පුද්ගලයන්ගේ අනන්‍යතාවය සොයා ගැනීම.
3. වරදකරුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනාව සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි රැස් කිරිම.
විමර්ශන ක්‍රියාවලියේදි පොලිස් නිළධාරියාගේ බලතල හා යුතුකම්
1) සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම.
2) සිද්ධිය ගැන කරුණු දන්නා අයගෙන් ප්‍රශ්න කිරිම.
3) පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීම.
4) විශේෂඥ වාර්තා සඳහා පුද්ගලයන්ගේ හිසකෙස්,නියපොතු,අත් අනකුරු,කෙළ,මුත්‍රා වැනි ආදර්ශකයන් ලබාගැනීම.
අදාළ තැනැත්තා මේවා ලබා දීම ප්‍රතික්ෂේප කරයි නම් 123 වගන්තිය යටතේ අධිකරණ නියෝගයක් මත එය සිදුකළ හැකිය.
5) අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව විමර්ශන අවසන් කිරීම.
සැකකරුව පොලිස් අත්අඩංගුවේ තබා ගැනීම
- 37 වගන්තිය අනුව අත්අඩංගුවට ගත් අයෙක් පැය 24 ක කාලයක් ඇතුලත ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ යුතුය.
- 2005 අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත අනුව මහේස්ත්‍රාත් නියෝගයක් මත වැඩිදුර විමර්ශන සඳහා ඵම කාලය පැය 48 ක් දක්වා දීර්ඝ කළ හැකිය.
115 වගන්තිය
පැය 24 ක් තුළ විමර්ශනය අවසන් වී නැත්නම් සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිස් ස්ථානාධිපතිට මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලීමනක් කළ හැකියි.මේ සමඟ එතෙක් වාර්තා කළ ඇති සාක්ෂිවල සාරංශය ඇතුලත් B වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.මෙසේ සැකකරුවකු රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ හැක්කේ දින 15 ක කාලයකට පමණි.
ඉහත කරැණු ගෙනහැර දැකිවීම මගින් පෙන්වා දීමට උත්සහ කරනුයේ පොලිසීයට කිසිමාකාරයක දඬුවම් දීමේ හෝ නියම කිරීමේ බලයක් හො වගකීමක් නොමැති බව දැක්වීටම...
පොලිස් නිළධාරිකුට යම් සැකකරැවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඒ සඳහා විරෝධය පල කලහොත් අවම බලය පාවිච්චි කර සැකකරැව යටත් කරගත හැකිය(1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය 23 වැනි වගන්තිය) ..
නමුත් අත්අඩංගුවට ගෙන ජීප්රථයට නැංවීමේදී හෝ පොලිස් ස්ථානයේදී පහර දීමක් තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි යන්න තේරැම් ගැනීම තරමක් අපහසුය.. බොහෝවිට එසේ සිදුවන්නේ වරද සම්බන්ධයෙන් උසාවියෙන් නියම කරනු ලබන දඬුවම ප්‍රමාණවත් නොවන නිසා බව යම් නිළධාරීන් පෞද්ගලිකව ප්‍රකාශ කර ඇත..
නීතියක් යනු නීතියකි... එය ප්‍රමාණවත් නෙවේ නම් ඒවා සංශෝධණය කර යාවත්කලීන කිරීම මිස එක් එක් පුද්ගලයින්ගේ පරිමාව මත නිතීරීති කඩ කිරීම හෝ දඬුවම් පැමිණවීම රටක නිතියේ ආධිපත්‍ය බිඳ වැටීමට හේතු වනුඇත...
(උපුටා ගැනීම් විකිපීඩියා සහ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියෙනි)