"ජීවිතය හැරී බලමි" නැවතත් ලියන්න කියලා හිතුනා..... මේ කථාව මුල කොටස් කියවලා නැත්නම් මේ තියන පාර දිගේ ගිහින් ඒවත් කියවලාම එන්න...
ජීවිතය හැරී බලමි - පලමු පැටළුම
ජීවිතය හැරී බලමි - දෙවැනි පැටළුම
ජීවිතය හැරී බලමි - තෙවැනි පැටළුම
-----------------------------------------------------------------
එහෙනම් හෙම උදේ එන්න... වෙනදා වෙලාවටම.... පාලම ලඟ බස් හොල්ට් එකට... හරියටම 8.00 ට මම එන්නම්....
හා... අනේ මට බයයි... හෙට ඉරිදා... රොහාන් එයිද කියලා..
එහෙම නම් කමක් නැහැ... අපි වෙන දවසක යමු...
එපා... අපි හෙට යමු... මට ඔනි ඔයත් එක්ක ඉන්න...
අනු එහෙම කියලා මගේ අත මිරිකගත්තා..
හ්ම්.... තප්පර .. විනාඩි වෙලා කාලය ගෙවුනේ අපිටත් නොදැනිම.... මම හිමීට අනුගේ අත හරවලා වෙලාව බැලුවා....
"අනු...."
හ්ම්.. මෙච්චර වෙලා මගේ උරහිසට තියාගෙන හිටපු ඔලුව උස්සලා.. පියාන හිටපු ඇස් දෙක බාගෙට ඇරලා මගේ දිහා බැලුවේ....
"මට මෙහෙම ඉන්න දෙන්න ජානක... ඔයාගේ උණුහුමට වෙලා ඉන්න ඕනේ මට....."
"7 ට කාලයි.... ඔයාට පරක්කු නැද්ද.. ?..."
"අපි යමු දැන්..... අපි අත් පටලගත්තේ ආයිත් කවදාවත් කාටවත් අපිව වෙන් කරන්න බැරි වෙන තරම් තදින්...."
එදා අනු..ව බොරුල්ලෙන් බස් එකට නග්ගලා ගෙදර ගියේ හීන ගොඩක් හිතේ මවාගෙන.... හෙට දවස ගැන... අපේ අනාගතය ගැන....පුංචි ගෙදරක් ගැන.....
මම හිතනවා වැඩිද මන්දා... වෙලාවකට එහෙමත් හිතුනා......
නින්දත් නොනින්දත් අතර තවත් දිගු රැයක් ගෙවුනේ අලුත් බලාපොරොත්තු හිතේ මැවෙන අතරේ..
---------------------------------------
යාළුවෙකුගෙන් ඉල්ල ගත්ත බයික් එකේ කුරැල්ලා වගේ අන්ව හොයාගෙන ගියා... ඈත තියාම දැක්ක ඈ ඉන්නවා.... බස් නැවතුමේ... තාමත් ආදරෙන් මතක් කරන්න පුලුවන් ඒ මොහොත... ලා කහ පාටට හුරැ බ්ලවුස් එකකුත්... දුඹුරු පාට රුළි වැටුනු දිග සායත් අනුට හොහොම හොඳට ගැලපුනා.... ආව වේගෙටත් වඩා වේගෙන් මම අනු ලඟට පියෑඹුවා.... වේගෙන් ගිහින් ඈ ලඟ නවත්තනකොට අනු බය වෙලා පස්සට පැන්න....
හරි නරකයි ජානු.... මම බය උනා.... මගේ පපුවත් ගැහෙනවා තාම... පලවෙනි වතාවට "අනූ" එහෙම ඇමතුවේ....
කෝ බලන්න... හෙල්මට් එක අන් අතට දෙන ගමන් මම කිව්වා...
දෙනවා පාරක හරිද ? ඕවට ආවොත්... පුංචි එකෙක් වගේ "අනූ" හුරතල් උනා...
"අනූ" වත් දාගත්තු බයිසිකලේ අතුරැ පාරවල් දිගේ ගිහින් නතර උනේ ගම්පහ නයෝමි එක ඉස්සරහා.... අනන්තවත් මේකට ඇවිත් තිබුනත් අද දැනෙන්නේ අමුතු හැඟීමක් කියලා හිතුනා...
කළුවරේම අපි "සෙයිලම" බලන්න පුටුවලට බර උනා... ඉරිදා දවසක් නිසා මුලු බැල්කනියම හිටියේ ජෝඩු... පටන් අරගෙන ටික වෙලාවක් යනකොට ඒ අය ඒ අයගේ ලෝක වල... අපි අපේ ලොකේ තනි උනා...
"අනූ" මගේ උරහිසේ ඔලුව තියාගෙන ඇස් පියාගත්තා..... අපේ අත් පැටලිලා.... මම "අනූ" ගේ කරවටේ අතදාලා තවත් එයාට මගේ ලඟට ලං කරගත්තා....
ජානු.... අපිට හැමදාම මෙහෙම ඉන්න ලැබෙන එකක් නැහැ... රොහාන්ට මගේ වෙනසක් තෙරුන දවසට එයා හොයන්න ගනියි...
ඔයා දන්නවා මට බැහැ එයාට ආදරය පෙන්නන්න...මවා ගත්ත හැඟිමකින් හැසිරෙන්න....
එයා දැන ගත්තොත් අපිට ඉන්න ලැබෙන එකක් නැහැ කවදාවත්ම... අම්මා කැමතියි රොහාන් මහට හරි මාව බඳිනවට... මගේ අකමැත්ත නිසා තමයි මේ තරම් කල් ඉන්නේ...
මේ වගේ දෙයක් ආරංචි උනොත් එයා මගේ නිදහස නැති කරලා දායි.... ඔයාට උනත් කරදරයක් කරන්න බැරි නැහැ ජානු.. එහෙම උනොත් අපි මොකද කරන්නේ ජානු...
උතුතර දෙන්න බැරි ප්‍රශ්ණ පත්තරයක් ඉදිරියේ තියලා අනු මගෙන් උත්තර ඇහැව්වා...
ලෝකේ තියන ඔක්කොම ප්‍රශ්ණ ඔලුවේ තියාගෙන ආදරය කරන්න බෑ "අනූ"... එන විදියට මුන දෙමු.... මම ඔයත් එක්ක ඉන්නවා... මොන දේ උනත්.... මොන ප්‍රශ්නේ ආවත් මම ඔයාව රොහාන්ට උදුර ගන්න දෙන්නේ නැහැ... සත්තයි.... මාව විශ්වාස කරන්න....
මාව තනි කරන්න එපා ජානු..... අනු තවත් මගේ පපුවට තුරුල් උනා... හුස්ම දැනෙන තරමට.....
ඇස් පියාන ඉන්න "අනූ" ගේ නලලත පලමු වතාවට මගේ දෙතොලින් උනුසුම් උනා....
"අනූ" ගේ කඳුලු පිරුනු ඇස් දෙක මගේ මුන ලඟට ආවේ අපේ දෙතොල් එකිනෙකට යාකරමින්.... තව මොහොතකින් මේ ලෝකේ විනාස වෙයි කියලා බයේ අපි දෙතොල් සිපගත්තා....
ඊට පස්සේ තප්පර කීපයක් නිහඬව හිටිය "අනූ" මගේ පපුවේ මුන ඔබාගෙන අඬන්න ගත්තා..... ඉකි ගගහා.... ඔලුව ගැස්සෙන විදිය බලා ඉඳිද්දි මගේ ඇස් බොඳ උනේ මටත් නොදැනීම....
මට මේ උණුහුම හැමදාමත් ඕනේ ජානු... මාව කාටවත් උදුරගන්න දෙන්න එපා.... ඇඬුම් අතරින් "අනූ" කෙඳිරැවා.......
මහා විනාශයක් අත ලඟම... බලාපොරොත්තු වෙන්න....ඉදිරියේ දී....




