මං බ්ලොග් ලියන්න අරගෙන හරියටම අදට මාස 3 යි. පෝස්ට් 22 යි, කමෙන්ට්ස් 144 යි, ෆලෝවර්ස්ලා 48 යි, ඔක්කොම ලිපි කියවපු ගනන 2636 යි. ඇත්තටම සතුටක් තියෙනවා.මං බ්ලොගේ උපයෝගී කරගන්නේ මගේ අදහස් එලියට දාන්න... මෙච්චර කාලයක් ඒකට වේදිකාවක් තිබුනේ නැහැ...අවුරැදු 35 කට පස්සේ හමුවුන වේදිකාව බ්ලෝගේ (ඉස්කෝලේ යනකාලේ නම් පැලෙන්න ලිව්වා) ... මම මට හිතෙන දේ අමුවටම ලියනවා... කමෙන්ට් එකක් වැටුනොත් ලොකු සතුටක්.. ඒ වගේම ලොකු ධෛර්යයක්, නැතත් එහෙමට කියලා ලොකු දුකක් නැහැ.. මොකද කමෙන්ටු නොදැම්මත් ෆලෝකරන සහ කියවන අය ඉන්නවා කියලා හිතෙන නිසා.. බ්ලොග් කලාවේ සීනියර්ස්ලා කීපදෙනෙකුත් ෆලෝවර්ස්ලා වීම පොඩි ආඩම්බරයකුත් වෙනවා... (කොළරය උස්සමින්)
මට බ්ලොග් ලියන්න පාර කියපු බනියවත් ආදරයෙන් මතක් කරනවා.. ඒ වගේම පලවෙනි පෝස්ට් එකට පලවෙනි කමෙන්ටුව දැම්ම සොඳුරැ සිතවත් ඒ පෝස්ට් එකට කමෙන්ට් කරපු දුකා, අසිත, හිම හංසි වගේම දොස්තර නෝනාවත් (නලිනි චන්දිමා) ආදරයෙන් මතක් කරනවා.. දොස්තර නෝනා ගොඩක් උපදෙස් එහෙම දුන්නා.. (දැන්නම් වැඩිය මේ පැත්තේ එන්නේ නැහැ, ඇයි දන්නේ නම් නැහැ).

ඒ අය වගේම පංසල් හංදිය, පුසා, පොඩි කුමාරිහිමි, ගිම්හානි වගේම තවත් නම් නොකිව්වට මට කමෙන්ට් කරපු, දිරිදුන්න වගේම අඩුපාඩු පෙන්නා දුන්න සියළු බ්ලොග්කරැවන්ට බොහොමත්ම ස්තුතියි.
ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවට සහ බ්ලොග්කරැවාට ජයම වේවා !!!!