Thursday, July 21, 2011

සමතැන

අපි බොහෝ දෙනා අයිතිවාසිකම් ගැන කථාකරනවා...හැබැයි යුතුකම් සහ වගකීම් ගැන කථාකරන්නේ හරිම අඩුවෙන්... අයිතිවාසිකම් ලබාගන්න සටන් කරනවා... ගුරැවරැ පඩි වැඩි කරගන්න සටන් කරනවා... දොස්තරලා කාමර වලට සටන් කරනවා... මහාචාර්යවරැ දීමනාවට සටන් කරනවා....ඔය වාගේ සටන් නම් හැමතැනම... හැබැයි අද කියන්න යන්නේ ඔය සටන් ගැන නමෙයි... කාන්තා අයිතිවාසිකම් ගැන පුංචි කථාවක්....
මේක සිද්ධ වුනේ ලිප්ටන් වට රවුමෙදී.. ලිප්ටන් වටරවුම අපි කාගේත් දුක්ගන්නාරාළ වගේ.... බොහෝ දේ කියන්න අපි රැස්වෙන්නේ ලිප්ටන් වට රවුමටනේ... 
එක්තරා කානතා අයිතිවාසිකම් සංවිධානෙක නෝනල ටිකකටත් ඕනි උනා කාන්තා අයිතිවාසිකම් ගැන උද්ඝෝෂණයක් කරන්න... ප්‍රධාන පාඨය වුනේ "කාන්තාවට සමතැන" කියන එක.. දන්නවනේ ඔය කාන්තා අයිතිවාසිකම් ගැන කථාකරන බොහෝ නෝනලා... ‍එයාලා ඉන්නේ කොන්ඩෙ කණගාවට කපලා.. අර කුර්තා කියන ජාතියේ ඇඳුම ඇඳලා... අවුකණ්නාඩි එහෙම දාගෙනනේ.. අපේ හාදයෙකුටත් මේකට ආරාධනාවක් ලැබිලා තිබුනා... ඉතින් මිනිහත් කියපු වෙලාවට වඩා පැයක් විතර ප්‍රමාද වෙලා ගිහින් තියනවා වට රවුමට.... යනකොටත් නෝනලා කට්ටිය බොහොම අපුරැවට ලෑස්තිවෙලා එහෙම බලාගෙන ඉන්නවළු... අපේ හාදයත් ඔතනට ගිහින් වට පිට බැලුවළු.. තාම පටන්ගන්න පාටක් නැහැ... බැනර් ටිකත් ඔතපු විදියම...
අපේ හාදයා මේකේ ප්‍රධාන සංවිධායක නෝනට කිට්ටු කලාළු..
මොකද මැඩම් වැඩේ පමන් ගන්නේ නැද්ද ?
අනේ පටන් ගන්න ඔනේ මෙයා... 
ඒත් බලන්නකෝ මේ බැනර් ටික දාගන්න කොල්ලෙක් හොයාගන්න නැහැ නේ....
නෝනා ඇඟට නොදැනී කිව්වලු......

Saturday, July 16, 2011

මගේ හෙළුව මට පේන හැටි....

උඹ නම් මහම මහා පට්ට බඩුවක් බං..
ඉන්න හැටි හරියට පත්තිනි අම්මා වගේ....
බය වුනේ නැද්ද කලන්තේ දායි කියලා පෝරැවේ...
උඹට ගානක් නැහැ වගේ...
හරියට මැස්සෙක් වත් වහලා නැති ගානයි...
අර අහිංසකයා දන්නවා නම්...
උඹ නටපු නැටුම්...
මාත් එක්ක....
ඌ මැරෙනවා වෙඩි තියාගෙන....
ඇඳන් කීයක උඹ මාත් එක්ක නිදියගත්ත ද...
මතක නැද්ද උඹට....
උඹ කඩාගෙන කියලා මං දැනගත්තේ උඹෙන්...
මටත් ඕනේවුනේ ඹබන්නම තමයි....
උඹත් පැනලා ආවනේ ඉතිං....
මතකද....මතකද.. පලවෙනි රෑ....
මගේ දිව උඹේ විල කලත්තද්දී...
උඹ නගපු කෙඳිරිය...
තාමත් මගේ කන්දෙකට ඇහෙනවා..
මතකද උඹ මට දනගහලා වැන්ඳ හැටි...
කවදාවත් අයියා මට මෙහෙම කරලා නැහැ කිව්වේ..
තොට මතක නැති වුනාට...
මට තාම මතකයි යකෝ...
ඇයි අපේ හනිමුන් එක...
එදා උඹට ඔසප් හැදිලා නේද....
මඩ වලේ ඉනි හිටෙව්වා මතක නැද්ද...
අරෑ මේවා දන්නවානම්...
ඒත් මං උඹට ආදරේ කලා...
අරෑ වගේම....
උඹට හෑන්ඩ් ෆෝන්...
ගෙදරට ලෑන්ඩ් ෆෝන්....
මතකද අරගෙන දුන්න හැටි.....
පස්සේ උඹ මට සාප කලා....
මං හැමදේටම වැරදිකාරයා උනා...
උන් මාව එල්ලුවා....
උඹ තාමත් මට වෛරකරනවා....
මං තාමත් උඹට ආදරය කරනවා...
අපේ අතීතය මතක් උනා...
කේන්තිය අඩුවුනා....
ඇත්තටම ඒ අතීතය සුන්දරයි...
දැක්කා උඹේ මගුල් පිංතූරේ..
ඒකයි කේන්ති ගියේ...
බැන්නට සමාවෙයන්...
ඒත් උඹ මට එපා....

Wednesday, July 13, 2011

ආඩම්බරකාර තාත්තා....


ලොකු පුතා මාර වැඩක් කලා... ලබන මාසේ ශිෂ්‍යත්ව විභාගේ නිසා එයා මහන්සිවෙලා වැඩ කරනවා.. ඉස්කෝලෙදි පහුගිය ප්‍රශ්ණපත්තර වලට හොඳට ලකුණු අරගෙන තිබුනා...



මං ඇහැව්වා ඔය පොත්වල අග උත්තර තියනවා නේද කියලා... (මොකද මමත් ඔය ඉස්කෝලෙට නේ ගියේ...ඉකෝන් පේපර් එකකේ දි උත්තර පත්තරයක් දීපු එකාගෙන් ගන්න බැරිඋනානේ) 


එයා ඔව් කිව්වා.. මං බිරිඳට කිව්වා ඒ උත්තර තියෙන කොලටික ගලවලා දාන්න කියලා...


මං කථාකරන අතරේ ලොකු පුතා වැඩක්... මං ඇහැව්වා මොනාද කරන්නේ කියලා.
.. නැහැ තාත්ති මං මේ උත්තර තියෙන කොල ටික ස්ටේප්ලර් වලින්ම ගලවනවා කිව්වා... මං නිරැත්තර වුනා.... ටික වෙලාකින් එයා ගියා...බිරිඳ ආවා පුතා උත්තර කොල ටික ගලවලා දුන්නා කියාගෙන....


මට මං ගැන මාර දුකකුත්.... ලොකු පුතා ගැන මාර ආඩම්බරයකුත් ඇතිවුනා...


මේ ඔක්කොම බිරිඳගේ මහන්සියේ ප්‍රථිපල තමයි... මගේ මහන්සිය අපතේ යන එකක් නැහැ කියලා තේරෙනවා...

Thursday, July 7, 2011

ජීවිතය හැරී බලමි

තෙවැනි පැටළුම

ටික දවසක් ලියන්නේ නැතිව හිටියේ ලියන්න තියෙන කම්මැලි කම හින්දා නෙමෙයි... එකින් එක සිදුවීම් මතක් කරනකොට හිතේ ඇතිවෙන වේදනාව හින්ඳයි.. ඇත්තටම ඒ කාලේ මතක් වෙන හැම මොහොතකම හිස් මුදුනෙන් පටන් ගන්න හීනි වේදනාවක් යටිපතුල් දිගේ ගාලාගෙන යනවා දැනෙනවා.. ඒත් මං ලියන්න හිතුවා...කවදාහරි දවසක අනු මේක දකියි... කවදා හරිම දවසක...

පැතිමි මම මනාලිය වන්නට...
ඔබේ සුරතේ එල්ලී...
සොඳුරැ කුටිය වෙත පියමනින..
සියළු අභරන බැඳි වතින්..
සුදු මලින් ගත් වරලසින්..
ඔබමගේ මුහුණ සිඹින කල..
විලියෙන් රතු වු මුහුණින්..
ඔබේ පපුතුරේ දැවටෙන්න..
ඔබ මගේ රැඳි සේළ හිමි හෙමින්..
මුදාලන කල්හී..
ඔබේ තුරැලෙන් මිදී..
විලියෙන් සැඟවයන්නට..
පුරමි පාරමී මං..

අනුගේ සිතුවිලි..මට තාමත් මතකයි අනු ඔය කවිය ලියපු දවස...එදා වගේම...
 ........................................................................
අනු...මට සමාවෙන්න.. ඔයාව රිද්දන්න හිතාගෙන නෙමෙයි මං එහෙම කිව්වේ... අනු කැමති නම් අනුගේ හිතේ තියෙන දුක කියන්න මං අහගෙන ඉන්නම්... මං අනුට කිව්වා...

ඇත්තටම මං ටිකක් හරි සතුටින් ඉන්නේ ජානක.....ඔයත් එක්ක ගෙවන මේ වෙලාව තමයි...ගෙදර අපායක්.. එක පැත්තකින් තාත්තගෙන් ප්‍රශ්ණ... එයා දැන් අපි ඉන්නවද මලාද බලන්නේ නැහැ... අම්මට ඔනේ මාව ඉක්මනට රොහාන්ට බන්ඳලා දෙන්න...වයස විසි දෙකක්කින් මට කසාද ගෑණියෙක් වෙන්න ඕනෙ නැහැ ජානක... රොහාන් අපේ අම්මගෙන් මං ගැන අහලා තිබුනේ මං ඕලෙවල් කරන දවස්වලම.. එයා හොඳ රස්සාවක් කරන්නේ.. අම්මා කියලා තියෙනවා ඕලෙවල් කරනකං ඉන්න කියලා.. ඊට පස්සේ ඉඳලා එයා මං පස්සේන්මයි.. මාව පන්ති එක්කං යනවා... එක්කං එනවා.. මට යන්න ඕන හැම තැනකම මං ගියෙත් මට යන්න සිද්ධවුනෙත් රොහාන් එක්ක...

මං අඳින්නේ මොනාද කියන එක පවා තීරණය කලේ එයා..ඒ දවස් වල මට තේරැනේ නැහැ... මට රොහාන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ව ආශ්‍රය කරන්න ලැබිලා නැහැ..

රොහාන් මට ආදරෙයි....ඒත් ටික ටික ලොකුවෙනකොට මට තේරෙන්න ගත්තා මේ ආදරේ මං බලාපොරොත්තු වෙන දේ නෙමෙයි කියලා...තාත්තා නැති අඩුව රොහාන්ගෙන් පිරිමැහුනා... ඒත් මට මට ඕනේ ජීවිතේ විඳින්න ජානක....

බස් එකේ කර්කශක සද්දේ අතරින් අනුගේ හීන් ඉකිබ්ඳුම මට ඇහුනා...

අඬන්න එපා අනු... ඔයා අඬනවා බලං ඉන්න බැහැ.. මං කැමති නැහැ ඔයා අඬනවට...
මට වෙන මොනාද කරන්න පුළුවන් ජානක.. 
මං හරිම අසරණයි... කව්රැවත්ම මං ගැන තකන්නේ නැහැ... ඒත් හැමෝම මගෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා... කව්රැවත් මට ඔනේ මොනාද කියලා අහන්නේ නැහැ..

මං හරියට සරැංගලයක් වගේ... නූල බුරැල් කලොත් උඩ යනවා...නූල තදකලොත් නවතිනවා....මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්න ජානක... මට වෙලාවකට මැරෙන්න හිතෙනවා...

අනූඌෟෟෟෟෟෟ............................... වටේම ඉන්න අයට ඕනෑ ඔනෑ විදියට තමංගේ ජීවිතේ තීරණ ගන්න ඉඩ තියන්න එපා අනූ...

කව්රැ නැති වුනත් ඔයාට මං ඉන්නවා... මට තවත් මේක හිතේ තියාගෙන ඉන්න බැහැ... එහෙම වුනොත් එක්කෝ මට පිස්සු හැදෙයි.. නැත්තං සිරෝසිස් හැදෙයි....

මං ඔයාට ආදරෙයි අනු..... 

මට පුළුවං ඔයාව දුකක් දෙන්නැතුව බලාගන්න...  හැබැයි මට එහෙම කරන්න එපා කියන්න එපා අනු... ඔයා මට ආදරේ නොකර ඉන්න... ඒත් මට ඔයාට ආදරේ කරන්න එපා කියන්න එපා අනු....

අපි දෙන්නා අතර නිහඬ බව හරියට කල්පයක් වගේ මට දැනුනේ... අනු තාමත් මූණ බිමට බරකරගත්ත ගමන්... ඇස් දෙපැත්තේන් හීනි කඳුළු කැට දෙකක් එලියට පනින්න පොර කනවා....
අනු ඔළුව ඉස්සුවේ කඳුළු වක්කරගෙනම...
ඒ ඇස් දෙක කියන දේ මට තේරැණා...... කර වටේ අතදාලා පපුවට තුරැළු කරගත්තේ බස් එකේ කියලා කිසිම ගානක් නැතිව...

මාව කවදාවත් තනි කරන්න එපා ජානක....

පපුවට තුරැල් උනු අනුගේ හුස්ම ගන්න හඬ මට ඇහුනා...

මට තාමත් මතකයි ඒ දවස....


එක්තරා අවුරැද්දක හරියටම දෙසැම්බර් දහවැනිදාවක්.... එදා සෙනසුරාදාවක්.....මට තාමත් හරියටම ඒ වෙලාව මතකයි... ඔයා ඇඳගෙන හිටියේ කළු පාට රැළි සායකුයි.. කහපාට බ්ලවුස් එකකුයි..ඔයාට මතකද.... හරියමට එදා.... ඔයාගේ සෙරප්පුව කැඩුනා පිටකොටුවෙදී....මගේ ඉස්ඉස්සල්ලම තෑග්ග... කෙහෙල්වත්තේ සපත්තු කඩ අස්සේ රිංගලා සෙරප්පු  ගත්තා.....මං අරං දුන්න කළු පටි සෙරප්පු ජෝඩුව... ඒ හැම දෙයක්ම මට තාමත් මතකයි අනූ....

අනු..... අපි හෙට කොහේ හරි යමුද ?

මට ඔනේ ඔයත් එක්ක නිදහසේ ඉන්න පුළුවන් තැනක්....

යමු රත්තරං.... මං ඔයා කියන් ඕන තැනකට යන්න එන්නං..

ජානක.....

ඇයි පැටියෝ....

මගේ අත රිදෙනවා රත්තරං... ඔයාගේ අතට හිරවෙලා.....

අනේ සොරි අම්මා......

අනේ ජානක මං තරහයි....මීට පස්සේ එහෙම සොරි කිව්වොත්.... මීට පස්සේ කිසිම දේකට සමාව ගන්නවත් ස්තූති කරන්නවත් එපා...

ඇයි අනු ඒ....

සමාව ගන්නෙත්, ස්තූති කරන්නත් ඕනේ අපි දෙන්නා දෙන්නෙක් නම් නේද ? එහෙමනේ ද?

ඔයා ඇයි ඔයාගෙන් සමාව ඉල්ලන්නේ....

කොටුවේ ස්ටේශන් එකේ... හත්වෙනි වේදිකාවේ අන්තිම බංකුවේ ඉඳගෙන ඔයා මට කිව්වා.....

ඔව් රත්තරං අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්...

අනුගේ පුංචි ඇඟිලි ආයිත් මගේ ඇඟිලි වලට මැදිඋනා....

අවනතභාවය

ඹබ යම් කිසිවෙකු වෙනුවෙන් සේවය කරයි නම් “දෙවියන්ගේ නාමයෙන්“ ඔහුට සේවය කරන්න, ඔහුගේ ගුණ කථාකරන්න, ඔහු වෙනුවෙන් මෙන්ම ඔහු නියෝජනය කරනු ලබන ආයතනය වෙනුවෙන්ද කැපවීමෙන් ද අවනතභාවයෙන් යුතුව ක්‍රියා කරන්න.
මොහොතකට හිතන්න, සංසංදනාත්මකව බැලීමේදී අවනතභාවයෙන් එක් අවුන්සයක් දක්ෂතාවයෙන් රාත්තලතට වඩා අගනා වේ.
ඔබගේ ආයතනයට පරිභව කිරීම සහ හෙලාදැකීම කල යුතු නම් ඔබ එතුල දරන්නාවු තනතුරැ වලින් ඉවත් වන්න, නමුත් එම ආයතනය තුල සේවයේ යෙදී සිටින තාක්කල් එය හෙලා නොදකින්න..පරිභව නොකරන්න..එසේ කිරීමෙන් ඔබ සහ ආයතනය අතර ඇති වගකීම් ලිහිල් වෙනවා පමනක් නොව හමන පලමු කුණාටුවෙන්ම ඔබව මූලෝත්පාදනය වන අතර අනතුරැව කුමක් සිදුවේදැයි ඔබ මවිත වනු ඇත..........

(2003 වර්ෂයේ දී නිලාවැලි නාවුක කඳවුරේ පැවති පුහුණු වැඩසටහනක් අතරතුර එහි බිත්ති පුවත් පතින් උපුටා ගන්නා ලදී)

විශේෂයෙන්ම මෙය පල කරන්න හේතු වුනේ “ඩුබායි වට්ටක්කා“ හී මෙම ලිපිය හේතුවෙනි.. එයට කමෙන්ටුවක් දානවාට වඩා මෙම ලිපිය පල කිරීම සුදුසු යයි සිතුන හෙයිනි.