Tuesday, December 1, 2015

නොදුටු අඩ..


 (ඡායාරෑප අයිතිය ෂෙහාන් ගුනසේකර)

අතක් උස්සලා ගැහැව්වත් මම..
අරන් කුළු පොළු දිගුකරන්..
හිතුවේ නැහැ නුඹ හට පෙළන්නට..
ඇසට කඳුලක් එක්කරන්..
මටත් ඉන්නව දුවෙක් නුඹ වගේ..
මගේ දුව මට රත්තරං..
හිතක් තියනව දන්නවද මට..
කාකි නිල ඇඳුමට යටින්..

ලොක්කා කියනවා "පලා පිය ඔළු"..
මුන්ගේ "ලොකු උණ" බහින්න..
නොකෙරුවොත් මම උන්ගේ හැටියට..
වෙන්නේ කරදර විඳින්න...
හවස් වෙනකොට උන්ගේ පාටියේ..
වේටර්ගේ වැඩ කරන්න..
"බයිට්" ඇද ඇද "ඩ්‍රින්ක්ස්" වක්කර..
උන්ට කට රස කරන්න..

නිවාඩුත් නැති වැඩත් අඩු නැති..
පොලිස් වැඩ වල හිරවෙලා..
මාත් මගේ කෙස් හැලිලා යනකං මුංගේ..
විදියට වැඩ කලා..
තවත් අවුරුදු දෙක තුනයි මට..
යන්න මේකෙන් ගැලවිලා..
නොකෙරුවොත් මුන් කියන විදියට..
"පැන්සමට" යයි කෙලවිලා..

ගමෙන් ඇවිදින් කොළඹ රස්නෙට...
පාරවල් වල ඇවිදලා..
මහපොලේ සොච්චචමත් අරගෙන..
වේල දෙක මග හරවලා..
කොහු මෙට්ටේ උඩ කීන් සද්දෙට..
කෑගහන උන් එළවලා...
මමත් දන්නවා විඳින දහදුක..
ඉගෙන ගන්නට වෙහෙසිලා..

උඹලා ඉල්ලුවේ  "ලේ" නොවේ දුව...
ඉගෙන ගන්නට නිදහස...
මුන්ට ඒ ගැන කිසි වගක් නැහැ...
උන්ගේ බලයේ ඝනකම...
මගේ දුවටත් යන්න පාරක්..
හදන්නට මම ලඟදීම..
මේක ගලවලා එන්න හිතනවා..
මැරෙමු අපි මුන් මත්තෙම..

ආයිත් ලියමුද..?



ද වෙනකොට බ්ලොග් ලිවිල්ල නතර කරලා හරියටම අවුරුද්දකුත් මාස 5 ක් වෙනවා. පටන් ගත්ත දවස් වල ඉඳලා අවුරුදු 2 කට වැඩිය වැඩි කාලයක් යනකන් දිගට ලිව්වා. සමහර දවස් වලා එක දවසට ලිපි දෙකක් තුනක් ලියපු අවස්ථාත් තිබුනා. නින්දට යන අතර හිතේ යම් අදහසක් ඇතිවුනාම ආයිමත් නැගිටලා ඒක ලියලා තමයි නින්දට ගියේ. ඒ වගේම කියවන්නත් ප්‍රතිචාර දක්වන්නත් ඒ වගේම පිරිසක් හිටියා. ඒත් අහම්බෙන් වගේ අවුරුදු 4 කට විතර කලින් පටන් ගන්නකොට කිසිම වෙලාවක හිතුවේ නැහැ අවුරුදු ගානක් ලියයි කියලා. ඇත්තටම ලියන්නන්ට ගොඩක් වැදගත් වෙන්නේ කියවන්න පිරිසක් ඉන්න එක. ඒ අය තමයි ලියන්නන්ව දිරිමත් කරන්නේ. ‍හොඳ සහ නරක වශයෙන් පෙන්වලා දීම තුලින් ලියන්නා ගේ ලිවීමේ හැකියාව වැඩි වෙනවා වගේම වෙනත් මානයන් ඔස්සේ හිතන්නත් පෙළ‍ෙඔනවා. 

ලිවිල්ල පටන් ගන්නකොට යම් නිශ්චිත අරමුණක් තිබුනේ නැහැ මොන වගේ දේවල් ලියනවද කියලා. ඇත්තනේම ආරම්භය අහම්බයක්.  අරමුණක් නැතිව අන්තර්ජාලේ සැරිසරනකොට අහම්බෙන් වගේ අපේ "බනී" මල්ලිගේ (ඔව් දැන් අර ‍ඩ්‍රොන් වලින් වැඩ දාන බනියා තමා) බ්ලොගේ කියවලා තමයි ලියන්න ඕනේ කියන හැඟීම ආවේ. එතනින් පටන් අරගත්ත වැඩේ පලවෙනි දෙවැනි ලිපිය ලියද්දී උනන්දුව වැඩි වුනා. පලවෙන හැම සහටහනකට "හොඳ" හෝ "නරක" පෙන්නලා ‍‍දෙන්න ඉදිරිපත් වුනේ "සොඳුරැ සිත" ලියන වත්සලා ටීචර් සහ "සිත් ආර" ලියන නලිනි චන්දිමා දොස්තර නෝනා. ඒ වගේම දුකා, ඕනයා වගේ කාලේ බ්ලොග් ලොකේ ජනප්‍රිය චරිත කීපයක්ම ඇවිත් සහය දුන්නා. මේ අතරට බ්ලොග් නොලියන කෙනක් හිටියා නිතරම ඇවිත් සහයෝගය දෙන. ඒ තමයි අපේ හිතවත් ගිම්හානී නංගි. ඒ වගේම "පංසල් හංදිය" "පොකූ නොහොත් පොඩි කුමාරිහාමී" ඇතුලු බොහෝ දෙනෙක් මේ ලැයිස්තු වේ ඉන්නවා.

මුලින්ම ලියන්න ගත්ත තවමත් ඉවර කරපු නැති "ජීවිතය හැරී බලමී කියලා ලියපු දිග කෙටි කථාවට බොහෝ දෙනෙක් ගේ ප්‍රතිචාර ලැබුනා. එතනදී තමයි බ්ලොග් ලිවීම ගැන ලොකු අදහසක් දුන්නේ වත්සලා ටීචර්. තමන්ගේ අදහස දැනෙන්න ලියන්නේ කොහොමද. ඡේද වෙන් කරන්නේ කොහොමද වගේ දේවලට උපදෙස් නොමිලේම ලැබුනා ඇයගෙන්. ඒ වගේම මුලින්ම අරමුණක් නැතිව ලියන්න ගත්තත් ලිවීම යම් දිශාවකට යොමුකලේ නලිනි චන්දිමා දොස්තර නෝන. එයා තමයි "මානව හිමිකම්" ගැන යමක් ලියන්න කියලා අදහසක් දුන්නේ. ඒ හේතුව නිසා තමයි "ඔබේ අයිතිය සහ වගකීම" කියලා මුලික අයිතිවාසිකම් ගැන ලිපි පෙළ ලියන්න පෙලඹුනේ. ඒ ලිපි පෙළට කමනෙට් වලින් ලොකු ප්‍රතිචාරයක් නොලැබුනත් බොහෝ දෙනා කියවනවා කියලා දැනුන නිසා දිගටම ලිව්වා. විවිධාකාරයෙන් තර්ජන නොතිබුනා නෙමෙයි. සමහරැ ඒක දැක්කේ ලංකාවේ පොලිසියට විරුද්ධව ලියන ලිපි පෙලක් විදියට. (මානව හිමිකම් කිව්වාම විරැද්ධ පදේ පොලිසිය කියන එක මම දැනගෙන හිටියේ නැහැ ඊට කලින්). ඒ ලියන අතර පොඩි විවිධත්වයටත් එක්ක දේශපානය ගැන ලිව්වා. උපහාසාත්මක විවේචන. සමහරැන්ට නම් රිදිලා තිබුන බව ලැබුනු ප්‍රතිචාර වලින්ම පේනවා. පස්සේ කවි (වල් සහ වල් නොවන), නිදැඳැස්, විචාර වගේ ඒවා ලියන්න පෙළඹුනා. මේ හැම දේටම බලපෑවේ කියනවන අයගේ දිරිගැන්වීම් සහ ප්‍රතිචාර. පස්සේ ජීවිතයට බලපාන බොහොම සංවේදී කරුණු ගැන ලියන්න ගත්තා. ආදරය රාගය නිරැවත වගේ දේවල් ගැන ගියපු ලිපි බොහොම සංවාදයට ලක්වුනා වගේම බොහෝ විවේඡනත් එල්ල වුනා.

‍ඔය වගේ අවුරුදු දෙකකුත් මාස ගානක් එක දිගට ලියපු ලිවිල්ල නතර වුනේ හදිසියේම රස්සාව වෙනස් වුන හින්දා. පරන රස්සාවේ තිබුන නිදහස අලුත් රස්සාවට එනකොට අහිමි වුනා. කාරයභහුලත්වය වැඩි වුනා. වාහනයක් ගත්තා. කැමරාවක් ගත්තා. ඒකට ඕන තව තව උපංග මිලට ගත්තා. ගෙවන්න ගත්ත නිසා ඒවා ගෙවන්න සල්ලි හොයන්න වැඩියෙන් වැඩ කරන්න වුනා. එක රස්සාව මදි වුනා. අමතර රස්සාවක් හොයාගන්න වුනා. ඔය පැටලිච්ච පඹ ගාල නිසා බොහොම ඉක්මනටම බ්ලොගේ වහන තැනටම ආවා. ඒත් ඉඩක් ලැබුනු වෙලාවට ඇවිත් බලන හැම වෙලාවකම කීප දෙනෙක් කියවන බව පෙනුනා. කමෙන්ට් කරන බව දැනුනා. කොටින්ම කාලෙකට පස්සේ ඇවිල්ලා මම අවුරුදු දෙක තුනකට කලින් මේ වගේ දේවල් ලියලා තියනවා නේද කියලා හිතන එකත් හිතට සතුටක් ගෙනවා. 

දැන් ඔයාලා බලනවා ඇති "මෙච්චර දේවල් ලියලා දැන් මොකාටද එන්න හදන්නේ කියලා".

ඔව් තිබුන කාර්යභහුලත්වයෙන් ටිකක් ඈත් වෙලා ආයිත් මම ලියන්න යන්නේ...

එන්න අපි කථා කරමු. හොඳ නරක, දැනෙන දේවල්, අදහස් බෙදාගන්න..

නැවතත් අපි පටන් ගමු..

නවත්තපු තැන ඉඳන්..

මම

- බස්සා -

Wednesday, July 2, 2014

අන්තිමවතාව...



සිගරට් බොන්නෙපා ඔය හැටි....
පපුව පිච්චෙයි....
ගිණිගන්න තැනක..
තව මොනවා පිච්චෙන්නද...
බොන්නෙපා ඔය හැටි...
විඳවලා මැරෙන්න වෙයි...
විඳවමින් ජීවත් වෙනවට වැඩිය...
මැරෙන එක සැප නැද්ද...
ඇයි මැරෙන්නම හදන්නේ...
වටිනාකමක් නැති තැන...
ජීවිතයක් තියනවද....
මට ආසයි අන්තිම පාරට මුන බලන්න....
එපා.. එපා...
ඒ ඇයි....
එතකොට මට...
මැරෙන්න හිතෙනෙකක් නැහැ...

Saturday, April 5, 2014

මාවත් හලාල් කරන්න.. (අග මුල නැති සටහනකි)



ඝානසාර හාමුදුරුවෝ ප්‍රසිද්දියේ ශ්‍රී ලංකා කැබිනෙට් අමාත්තිය වරයෙකුට පත්තර-රේඩියෝ-ටීවී නාලිකා ඉදිරියේ "පරයා,...පරයා...පරයා" කියා ගරු නම්බුව නොහොත් රෙස්පෙක්ට් කිරීම.(ඊයේ පොස්ට් එකේදී ගොඩාක් සිංහල සහෝදරයෝ කියලා තිබුනා සිංහලෙන් පරයා-කියලා කීම වැරදි වචනයක් නොවෙයි කියලා, එක තමයි රෙස්පෙක්ට් කියලා දැම්මේ)1.ලංකාවේ සිංහල-බවුද්ද කැබිනෙට් අමෙතිවරයෙකුට මෙහෙම ගරු කලොත් ප්‍රතිචාරය කෙසේ ඇද්ද?2.ප්‍රභාකරන් මැරෙන්න ඉස්සර ඔහුට පරයා කීමට හැකි මිනිහෙක් ලංකාවේ හිටියද?3. සුළු ජාතීන්ට ප්‍රසිද්දියේ අව නම්බු කිරීමට ලාංකික මහජාති සිංහල බවුද්දයෝ අනුබල දෙනවාද?4.ලෝකයා ඉදිරියේ ලාංකිකයාගේ සිවිලයිස් තත්වේ මොකක්ද?5.ලාංකිකයෝ වශයෙන් අපි හැමදාම මේවගේ එකිනෙකාට පාච්චල් කරගන්නවාද?//මෙම සන්ග්වාදයට සහභාගිවුණු සියලුම සහෝදර-සහෝදරියන්ට ස්තුතියි. අද උදේ වෙනකොට කොමෙන්ට්ස් 107යි, ලයික් 22(කොච්චර ආඩම්බරයක් ද මන්කියන්නේ) අද හවස මේක ඩිලීට් කරනවා, හේතුව මම හවස මක්කම-උම්රා වන්දනාවේ යනවා, විශේෂයෙන් මගේ රටටත් රටේ සියලු ජාති-ආගම් වලට අයිති හැම කෙනාටත් අධි විශේෂයෙන් අපේ ගරු පුජ්ජිය ගලබඩ ඇත්තේ ඝානසාර ස්වාමින් වහන්සේටත් හරි මග පැදේවා, සාමය පැතිරේවා සියලුම සැප සම්පත් හිමිවේවා , මගේ රට ශ්‍රී ලංකා බැබලේවා කියා ප්රාත්තනා කරමි. ඔබට අස්සලාමුඅලයික්කුම්,වනක්කම්, ...ආයු-බෝවන්.////////////////////

ඥාණසාර හාමුදුරුවෝ පරයාකියලා සඳහන් කලේ හකීම් ගැන නම් ඒක වරදක් නැහැ... ප්‍රශ්ණේ වෙලා තියෙන්නේ හකීම්ගේ පරකම දැන දැනම අපේ දේශපාලකයෝ හකීම් එක්ක අතවැල් බැඳගන්න එක.. හකීම්ට කොයිතරම් හයියක් තියනවද කියලා මෑතකදී හකීම් ප්‍රසිද්ධ වේදිකාවක කියලා තිබුන කථාවක්...මේ රටේ ආණ්ඩු පිහිටවන්නේ අපි...
චන්ද්‍රිකා ගෙනාවෙත් අපි...රනිල් නැවත ගෙනාවෙත් අපි...මහින්ද බලයට පත්කලෙත් අපි...අනාගත ආණ්ඩු බිහිකරන්නෙත් අපි...
ඇත්තටම හකීම්ට එහෙම ප්‍රකාශයක් කරන්න තරම් හයියක් ආවේ කොහොමද..?
ලංකාවේ මුලු ජනගහනයෙන් 74.88 ක් ඉන්නේ සිංහල.. මුස්ලිම් ප්‍රජාව මුලු ජනගහනයෙන් 9.2%. එහෙම වතාවරණයක හකීම්ට ඔය කියන ආකාරයේ බලයක් ලැබෙන්නේ කොහොමද..?
උත්තරය බොහොම සරළයි...හකීම් ඇතුලු මුස්ලිම් දේශපාලණය පාවිච්චි කරන්නේ මෝඩ සිංහලයාගේදුර්වලකම්...
අපි ජාතියක් විදියට අවස්ථා කීපයදී හැර එකා වගේ කෙලින් ඉඳලා නැහැ...  නිදහස ලබාගත්ත කාලේ ඉඳලා අපේ පාලකයෝ අපිව පුරුදු කලේ පක්ෂය මුල්කරගත්ත දේශපාලණ ක්‍රියාවලිකට... ආණ්ඩුව මොන දේ කලත් විරුද්ධ පක්ෂයේ කාර්යභාරය උනේ විරුද්ධවෙන එක... වරුද්ධ පක්ෂේ මොන යෝජනාව ගෙනවාත් ආණ්ඩුවේ උත්සහාය ඒක නිෂ්ප්‍රභා කරන එක... මහජනයා තමන්ගේ සිතුම් පැතුම් ගොඩනගාගන්නේ ඒ ඒ පක්ෂ හැසිරෙන ආකාරයත් එක්ක... ආණ්ඩුව අත්තනෝමතික ලෙස ලයිට් බිල වැඩිකරනවට විරුද්ධ වෙන පිරිසක් වගේම ඒකට එකඟ වෙන පිරිසක් ඉන්නවා... මොකද ඒ එකඟ වෙන පිරිසට වෙනම ලැයිට් බිලක් එනවද..? නැහැ එතන තියෙන්නේ දේශපාලනේ... තමන්ට යම් හානියක් වෙන තැනකදී පවා ඒකට විරැද්ධ වෙන්න තරම් අපි සිංහල කියාගන්න ජාතිය තුල සමගියක්.. එකමුතුභාවයක් නැහැ....ඒ දුර්වලකම තමයි හකීම් පාවිච්චි කරන ආයුධය...මුස්ලිම් ජනතාව එකතුවෙන එක තැනක් තියනවා.. ඔවුන් කුමන මතයක්.. කුමන දේශපාලයක්.. දැරුවත් ඔවුන් පල්ලිය තුල එකාවන්ව ඉන්නවා... ඉහල සිට පහලට එකම මතයක් ගලාගෙන යනවා.. ඒ යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්නේ පල්ලිය හරහා...අනිත් කාරනේ දේශපාලකයින්ට දැක්මක් තියනවා.... තමන්ගේ ජාතියට සේවය කරනවාය කියන එක... මොන ආණ්ඩුව බලයට පත්වුනත් ඔවුන් ඒකේ කොටස්කාරයෝ වෙලා තමන්ගේ ජාතියට සලකනවා... අද හකීම් කරන දේම හොදම උදාහණයක්... හකීම් අධිකරණ ඇමති උනාට පස්සේ නීති විද්‍යාලයේ තිබුන ජාතිය අනුව ජනඅනුපාය වෙනස් වෙලා... නැඩිපුර මුස්ලිම් ශිෂ්‍යෙයා් නීති වද්‍යාලයට ඇතලුත් වෙනවා...හකීම් ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනම ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ආණ්ඩුවට විරැද්ධව පෙත්සම් යවනවා... එහෙම අවස්ථාවක පවා අපේ පාලකයින්ට කොන්ඳක් නැහැ හකීම් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න... වෙන මුකුත් නෙමෙයි බලයට ියන කෑදර කම නිසා... බලය පවත්වාගැනීම උදෙසා තමන්ගේ ජාතිය පාවලා දෙන්න උනත් පාලකයෝ පසුබට වෙන්නේ නැහැ...එහෙම උනත් අනිත් අතින් තමන්ට විරුද්ධව ලියන.. ආණ්ඩුව විවේඡනය කරන මාධ්‍යෙව්ධින් මර්ධණයට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියනවා... තමන්ට විරුද්ධව ප්‍රවෘත්ති පලකරන පුවත්පත් වාරණය කරනවා... වේඩ් අඩවි විාරණය කරනවා..... ඔන්න ඕකයි ආණුඩුවේ තත්වේ....මේ දෙවල් වලට මුස්ලිම් පාලකයින්ට දෙස් තියලා වැඩක් නැහැ... අපේ ජාතියේ වල කපාගන්නේ අපි විසින්මයි...දැන් ඥාණසාර හාමුදුරුවෝ අරගෙන බලමු... උන්වහන්සේ ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්ණ තිබුනත් ඒ මතකරන කරුණු පට්ට ඇත්ත... හලාල් ප්‍රශ්නේ ඇතිවුනේ බොදු බල සේනාව ඒක මතුකරපු නිසා... එහෙම නොවුනා නම් අදටත් අපි නොදැනුවත්ම අපි හලාල් බද්ධක් ගෙවනවා... (දැන් දැන දැනම ගෙවන එක වෙනම කථාවක්)....බෞද්ධ සිද්ධස්ථාන අත්පත්කරගන්න එක... ඒ අවට පල්ලි ඉදිකරන එක ගැන අවධානය යොමු වුනේ බොබොසේ ඒක මතු කලාට පස්සේ.. එහෙම නොකලා නම් තවමත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා....දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඒක ආගමික නිදහස සීමා කිරීමක් එහෙමත් නැත්නම් ඒක ප්‍රජානත්ත්‍රවාදයට විරැද්ධයි කියලා...ඒත් දකුණු මධ්‍යම සහ දකුණු ආසියාතික රටවල ඉතිහාසය ගත්තාමඒ විරුද්ධත්වය එසේ නොතිබුනොත් අපිටත් වෙන්නේ ඒ සංසිද්ධියම තමයි... අද ඇෆ්ගනිස්ථානය 100% මුස්ලිම් රටක් වුනත් ඇෆ්ගනිස්ථානය කියනනේ බෞද්ධ රටක්... බොහොම සිය්මුව ආක්‍රමණය කරලා අද වෙනකොට තිබුන අන්තම බෞද්ධ නටඹුන් වුන බාමියන් බුදු පිළිම පවා විනාශකරලා දැම්මා...

බංගලාදේශය බෞද්ධ සම්බවයක් පැවති රටක්.... අද වෙනකොට බෞද්ධයිනට පාරක යන්න බැරි තරමට රට තුල මුස්ලිම් ආගමික ක්‍රියාකාරකම් වර්ධනය වෙලා තියනවා....මියන්මාරය මුස්ලිම්කරණය වෙමින් පවතිනවා....බුදුන් ඉපදුනු... බුද්ධත්වුනු.. පිරිනිවන්පාපු ඉන්දියාවේ අද බෞද්ධයෝ් නැත්තටම නැති තරම්...මාලදිවයින තනිකරම මුස්ලිම් ආගමිකකරණය වෙලා....අද ආසියා මහද්වීපයේ මහජාතිය බෞද්ධය කියන්න තියන ඉතුරුවෙලා තියෙන එකම රට ලංකාව...අද ඒකත් බොහොම සියුම්ව මුස්ලිම්කරණය වෙමින් පවතිනවා....ලංකාවේ ගමක ගෙවල් 10 ක් 15 ක් මුස්ලිම්වරු පදිංචි වුනොත් ඔවුන් මුලින්ම කරන්නේ එක ගෙදරක තියන ඉඩක තමන්ගේ වන්දනාමාන කරනන් ස්ථායනක් වෙන්කරගන්නවා... හාම සිකුරාදාම කට්ටිය එකතු වෙලා යාඥාකරනවා... වන්දනාමාන කරනවා... පස්සේ එක් පල්ලියක් වෙනවා... ඒ පල්ලිය ආශ්‍රිතව තව තව මුස්ලිම් ප්‍රජාව එකතු වෙනවා.. පසුකාලීනව පල්ලියට ඉතිහාසයක් ඇතිවෙනවා... ගම මුස්ලිම් වෙනවා.... සිංහල අපි මුස්ලිම් උදවියට වැඩිගානට ඉඩම් විකුනලා වෙන වෙන පැතිවල පදිංචියට යනවා... ඔන්න ඒ ගම මුස්ලිම් වෙලා හමාරයි.... අද මුස්ලිම්වරු නැති පලාතක් හොයන්න.. අද වෙනකොට උතුර දකුන නැගෙනහිර බස්නාහිර මධ්‍යම වයඹ සබරගමුව කියන කොයිපලාත ගත්තත් මුස්ලිම්කරණය වෙලා....ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආගමික නිදහස මුස්ලිම් රටවල්වල නැත්තේ ඇයි.... අද අපිට ගිහින් සෞදි ආරාබියේ හරි ජොර්දානේ හරි පන්සලක් විවෘත කරන්න පුලුවන්ද...? අඩුම ගානේ රැකියාවකට ගිහින් ඉන්න බෞද්ධයෙක්ට තමන්ගේ කාමරේ බුදු පිළිමක් තියාගෙන වන්ඳනාමාන කරන්න කිදහසක් තියනවද...? ඇයි එතනදී ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආගමික නිදහස ගැන කථා නොකරන්නේ....

දැන් දැන දැනම අපිත් යන්නේ බංගලාදේශය හෝ අෆ්ගනිස්ථානය යන පාරට නම් ඒකට වගකියන්න ඕනේ අපේ රටේ පාලකයෝ.... සහ සර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව... අද සමහරු මේ ගැන කථා කරන්න පවා බයයි... ඇයි තමන්ගේ ජාතියට වෙන වින්නැහිය කථා කරන කෙනා ජාතිවාදියෙක්යකියලා වටකරගෙන පිරිසක් අපේ රටේ ඉන්නවා... ඒ අයට තියෙන්නේ සර්වාගමික බඩේ අමාරුවක්... අපි හැමෝම එක අම්මාගේ දරුවෝ.... බුද්ධාගමේ කියනනේ සතුරටත් මෛත්‍රිය කරන්න කියලා.... මේක ප්‍රජාතමන්තවාදී රටක්... වගේ කුණුහබ්බ කියලා කථා කරන එකාව පාගලා දානවා....අපේ රට සර්වාගමික රටක් බහුජාතික රටක් නම් ඇයි අන්‍යජාතිකයෝ ඒ විදියට නොහිතන්නේ... ඇයි උන්ට මේ රට ශ්‍රී ලංකාව සහ තමන් ශ්‍රී ලාංකිකයි කියන එක වෙනුවෙන් පෙනී නොසිටින්නේ....ඇයි ක්‍රිකට් මැච් එකක දී පාකිස්ථානෙට හුරේ දාන්නේ....ඇයි තමන් පත් වුනේ තමන්ගේ ජාතියට වැඩ කරන්න කියලා ප්‍රකාශ කරන්නේ....ඇයි තමන්ගේ ජාතියට වෙන ආසාධාරණ කියලා ජීනීවා ගිහින් පෙත්සම් ගහන්නේ...එහෙම කලාම අපහසුතාවයට පත්වෙන්නේ තමන් නියෝජනය කරන තමන් ඉපදුන තමන් ජීවත්නෙව මේ ශ්‍රී ලංකාව කියලා ඇයි උන්ට කැක්කුමක් නැත්තේ....පහුගිය ආසියා ශුරතාවෙදී පකිස්ථානයට ජය පතලා කෑගැහැව්වේ ඇයි...අපේ විකට් එකක් යන යන ගානට රතිඥ්ඥා පත්තු කලේ ඇයි....?
උඹලා උන් පකිස්ථානේ ජීවත් වෙන නිසාද...?
එතකොට කෝ ඔය කියන සර්වාගමික.. බහුජාතික පූට්ටුව....මටත් ඔබතුමාගෙන් යම් ප්‍රශ්ණ කීපයක් අහන්න තියනවා... - හකීම්ට පරයා කියලා ආමන්ත්‍රනය කරපු එකට මේ මහත්මයාට මේ වගේ ප්‍රශ්ණ වැලක් අහන්න පුලුවන්, ඔය මහත්තයා සරුවාගමික බහුජාතික නම් ඇයි මුස්ලිම් සහෝදරයෝ පකිස්ථානෙට චියර්කරපු එක ගැන යමක් කියන්න බැරි උනේ...?
- හකීම් ජීනීවා වලට යැව්ව පෙත්සම ගැන ඇයි ජාතිහිතෛශිව බලන්න බැරීවුනේ..?
- සිංහල මිනිස්සුන්ට නැති මුස්ලිම් වීම මත පදනම් තියන ප්‍රශ්ණ මොනවාද..?
- නැගෙනහිර ජීවත්වන සුළුතරයක් වෙන සිංහල මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ගෙන් වෙන පීඩා ගැන ඔබතුමාට යම් මතයක් ගොඩනගන්න බැරි ඇයි..?
- මම පල්ලි කඩනවා කියලා චෝදනා කරන ඔබතුමා බාමියන් බුදු පිළිම වලට කරපු විනාශය ගැන දරන අදහස කුමක්ද...?
- අවසාන වශයෙන් මට අවශ්‍යනම් මගේ වියදමින් ඉරානේ, ඉරාකේ, ඇෆ්ගනිස්ථානයේ හෝ වෙනත් මුස්ලිම් බහුතරය වෙසෙන රටක පන්සලක් ආරම්භ කරන අවසර ලබාගැනීමට හැකියාවක් තියනවාද... එහෙම තියනවා නම් ඒ ‍කොයි රටේ ද..?

(බුකියේ සංවාද සටහනකින් උපුටා ගැනීමකි)

Thursday, March 13, 2014

උක්කුංට ලියමනක්.....



මගේ බ්ලොගේ කියවන බොහෝ දෙනෙක්ට මතකයි නේ “උක්කුං“ ගැන... ඔව් අර ගෑණු නාන තැන හිටපු “උක්කුං“ තමා... කොහොමෙන් කොහොම හරි මේ ගොයියා පෙළවහකුත් කරගත්තා කියමුකෝ.. උක්කුං ගේ පවුල උනේ සඳා.. ඒත් වැඩි කාලයක් පවුල් කන්න ලැබුනේ නැහැ.. සඳාට ඩුබායි යන්න සිද්ධ උනා...  පස්සෙන් පහු ආදර ගණුදෙනුව සිද්ධවුනේ තැපෑලෙන්... උක්කුං වගේම සඳාත් කවියට දස්ස නිසාම මෙයාලාගේ ලියුම් බොහොම රසවත් උනා... 

දැකගන්නට නැති නිසා කලකින් සුදු මුණ...
නිදි නැති කලට මම දකිනවා පෙම් හීන...
තනිවී නිදන නුඹ මට නොපෙනෙන මාන...
අමාවකය මහිතට කෝ හඳ පාන..

ඉන්නට බදා නුඹේ වත උණුහුමට ලයේ...
මහ ලොකු හිතක් මගේ ගාවත් තවම තියේ...
එන්නට හැකි උනොත් මහ රෑ දොලොස් පැයේ..
එනවා නේද ඇවිදිමු අපි අරාබියේ...

තනිවම නිදන නුඹ දැක ඇවිලි සෝක..
සිතමින් හීන දකිනෙමි මම හැම රෑක...
දවසක් ඇවිත් හීනෙන් කළුවර දාක...
මොහොතක් නුඹේ ලඟින් ඇල වුවා මා ද..

උණුසුම් හාදුවක් දෙතොලට දොතොල තියා...
දෙන්නම් තුරුලු කරගෙන මම දෙනෙත පියා...
සීතල හදවතට උණුහුම ගෙනෙන ඔයා...
හිරවී තදකරන් ඉමි මම ඉඩ නොතියා....

සිහිනෙන් මගේ නම කීවා මට ඇසුනා...
මදහස පිපී දෙතොලේ මතු වනු දුටුවා..
නොදැනිම වගේ නෙතඟට කඳුලක් ආවා..
දිලිසෙන පිණි බිඳක් නුඹේ වත මත පිපුනා...

තිසරැන් පොඩි කරන් පොට්ටුව මිරිකන්න...
දෙතනේ උණුහුමේ සැනසුම විඳගන්න...
යන්තම් කණ විකා ලාවට රිද්දන්න...
ආසයි සොඳුරියේ නුඹ  මත සැතපෙන්න...

දෙතොලට දෙතොල තද වෙන ඒ සොඳුරු පැයේ...
වැසෙනා දෙනෙත් තුල නුඹ ගේ රුවම මැවේ...
තව තව තුරුලු වෙමි ලොම් පිරි නුඹේ පපුවේ...
මට ඉඩ දෙන්න ආදර සිත තෙමෙයි මෙහේ...

යංතං මොදු වෙනකොට නුඹේ සෙනෙහේ ලඟ...
තෙමනවා ඉවුරු දන්නවා පෙම් අමා ගඟ..
එය අම රසකි දැනුනේ මට දිවේ අග...
එන්නට හිතයි දැන්මම ලත නොවී මග...


මෝරන පපුව නුඹේ දෙතොලම ඉල්ලනවා...
පොඩිකර මතක්කර මෙට්ටෙට තදවෙනවා...
තද වෙන මොට්ටු හිමි හිමිහිට උල්වෙනවා..
“උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...

වටකුරු දෙතන දෑතට ගෙන එකට බදා...
පෙම් රස වින්ඳ හැටි මතකෙට නැගේ එදා...
පන්සල් පොලේ හඳපානේ තදින් බදා...
උන් හැටි මතක් වෙනකොට මට දුකයි “සඳා“...


රසවිල ඈත් කර ගිණියම් ඇඟිලි වලින්...
යන්තම් මිරිකලා මදටිය ඇටය හිමින්...
නුඹ කලේ වැඩේ “අම්මෝ“ හැම දෙනට හොරෙන්...
තව කොයි කලක් ඉවසන්නද මන්දා ඉතිං...

ඇත්තයි “සඳෝ“ උඹ හැම වැඩදම දස්සී...
මම වහුපැටියා වගෙයි නුඹ එළ වැස්සී...
ඹබාගෙන මුන හිටියට මම ඉස්සි...
උඹ රස වුනේ හරියට වාගෙයි පිස්සී...

අනේ රත්තරනේ මට යන්න වෙනෝ...... 
අපේ “බාබා“ ඇහැරිලා....
ආයිත් ලියන්නම්... 

හරිය.....

(කථාව ඉවර නැහැ)