Thursday, December 1, 2011

හේත්තුවයි...සාත්තුවය.... (සුවහසක් ජැක් කරැවන්ට ආදරයෙන් පුදමි...)


ජැක් ගැහීම... බොහොම ජනප්‍රිය වගේම ජනඅප්‍රිය මාතෘතාවක්.... අපේ ජීවිත කාලේ තුල අපි ජැක් ගහලත් තියනවා... අපිට ජැක් වැදිලත් තියනවා... එහෙම නෑ කියනවා නම් ඒක ලෝක බොරැවක්.. සමහර ඒවා අපි දැන්වත්ව... සමහර ඒවා අපි නොදැනුවත්ව..... සමහර විට අහම්බෙන් වෙන දෙයක් පෙළබවීමත් එක්ක ජැක් උනු අවස්ථාත් ඇති.... මේකේ පොඩි ආතල් එකකුත් තියනවා.... සමහර වෙලාට වැස්සේ තෙමීගෙන සිතලේ වේවල වේවුල බස් එකට නැග්ගාම උණුසුමට වදින ජැක් එක හරිම සුන්දරයි වගේම රසයි..... බස්වල කෝච්චි වල ඕන තරම් මේ වගේ සුන්දර ජැක් කථා තියනවා... මම මීට පෙරත් මේ ජැක් පිළිබඳව මගේ කිචිය කුචිය සහ ආතල් කියන පෝස්ට එකේදී කිව්වා... අද මේ වටේ කරකිලා එන්නේ ඒවගේම තවත් අපුරැ ජැක් කථාවක් කියන්න...

මේක සිද්ද උනේ මෙහෙමමයි.....

ඔන්න එක්තරා තරැණ විධායක නිළදාරියෙක්... මොහුගේ කාර්යාල ගමන සිද්ධ උනේ පොදු ප්‍රවාහනේ.. ඒකට මුලිකම හේතුව මෙයා හොඳ ජැකර් කෙනෙක් වීම... බස් එකකට නැග්ග ගමන් බලන්නේ කාටද අද හේත්තු කරන්නේ කියල එක... සාමාන්‍යෙයන් මේ අය ඉඩ තියන බස් වල නගින්නනේ නැහැ... හොඳට හිරවෙන්න පුලුවන් බස් එකක් ඇරෙන්න...

ඔන්න මේ කියන කෙනා දවසක් කාර්යාලෙට යන්න නැග්ගා කොටුවෙන් මොරටුව ෆුල් ලොඩ් බස් එකකට....දැන් වට පිට බලනවා.. කාවද අද අල්ලන්නේ කියලා...දැක්කා බොහොම අපුරැවට ඇදගත්ත ටිකක් මැදි වයසේ කාන්තාවක් ඉන්නවා...දොර කිට්ටුවම තියන සීට් හේත්තුවෙලා මැද තියන පොල්ල අල්ගෙන..... හොඳ පළපුරැද්දක් තියන අපේ මනුස්සයා මුලික අධ්‍යනයෙන්ම දැනගත්තා අද හරි තමයි කියලා.... කිට්ටු උනා ටිකක් සෙනග අතරින් අර කාන්තාව ගාවට..... හිමිහිට කිට්ටු උනා..... දැන් මේ ගොය්යා බස් එක පැද්දෙන විදියට පැද්දෙනවා... ටික ටික කිට්ටු වෙවී..... අර කාන්තාව සැරයක් හැරිලා බාලුවා... මෙයා අහක බලාගෙන.... හැබැයි හැරිලා බැලුවට කාන්තාව ඉන්න තැනින් අඟලක් වත් හෙල්ලුනේ නැහැ... මනුස්සයා ඉවෙන් දැනගත්තා මොකක්ද කියන්නේ කියලා.... තව ටිකක් ලං වුනා..... කාන්වත් හරි බරි ගැහුනා.... දෙන්නාට දෙන්නා තකට තක.... හිරවෙමින් මිරිකෙමින් වැඩේ කරගෙන යනවා.... බස් එකේ අනිත් උන් ගැන වගක් වත් නැතුව...... කාන්තාවත් උපරිම සහයෝගය දෙනවා......

ඔහොම ටික වෙලාවක් ගත උනා..... හදසියේම පියවි සිහියට ආපු මේ විධායක ජනේලෙන් එළිය බැලුවා.... හුටා... තමන් බහින තැන පහුවෙලා හෝල්ට් දෙකක් ගිහින්.... කඩිමුඩියේ බෙල් එක ගහලා.... ආවා දොර කිට්ටුවට.... බහින්න බලාගෙන ඉන්න මෙයාගේ පිටට කව්ද තට්ටු කලා.... හරිලා බලනවත් එක්කම වැදුනා කම්මුල පුපුරන්න.... පාරක් අර කාන්තාවගෙන්..... පස්සේ කාන්තාව මෙහෙම කිව්වා.....

“ඉවර කරන්න බැරි නම්.... පටන් ගන්න එපා“.....

---------------------------------------------

ආතල් එකට පසු සටහනක්.... මෙහි වචනාර්ථය වගේම හරය ගැනත් යමක් හිතන්න කියලා මම ආරාධනා කරනවා.... අපේ ජිවිතේ අපි කොයිතරම් දේවල් අතරමග අතඇරලා තියනවද..... කිසිම සැලැස්මක්.... ඉලක්කයක් නැතිව පටන් ගත්තු දේවල් මග නතර කරලා තියනවද ?.... ඒවායින් අපි කොයිතරම් පාඩු විඳලා තියනව ද ?....දුක් වෙලා තියනවද ?  කියන එකත් කල්පනා කරන්න..... මෙහෙම කියන්න හේතු උනේ මගේ “ඇකේ පුඟිල්ලා“ ලිපිය ගැන බොහෝ දෙනා දැකලා තිබුනේ වචනාර්ථය කියලා හිතුන නිසා... අපි අතර කොයිතරම් ඉන්නවද අනිත් අයට වැරදි විදියට පේන... මහා අප්‍රසන්න... අවිචාර වැඩ කරන... නමුත් තමන් කරන්නේ වැරැද්දක් කියලා තේරැම් නොගන්න උදවිය.... ඔවුන් හිතන්නේ “පුක“ මගේ නම් මම ගහන්නේ මගේ “ඇඟිල්ල“ නම් අනිත් උන්ට මොන බම්බුවද කියලා.... නමුත් ඒ ක්‍රියාව කරන්නේ මුලු මහත් සමාජයක් අපහසුතාවට පත්වෙන... ඔවුන්ගේ ගති පැවතුම් වලට තර්ජනයක් වෙන විදියට නම් මෙවැනි පුද්ගලයින් සමාජයෙන් ඉවත් කිරීම හෝ පුනුරැථාපනය කීරීම සමාජයේ වගකීම බව මතක් කරමි....

Wednesday, November 30, 2011

අවජාතක අතීතය.....


පස් වසක අතීතය..
මතක් විය අහම්බෙන්..
ඔබට මම, මටද ඔබ..
ආදරය කල සමය..
බස්රියේ දුම්රියේ..
මිණි සොහොන් භූමියේ..
පෙම් කලා අපි අපිට..
ලෝකයම අමතකව..
ඔබද අන් අයෙකුගේ..
මමද අන් අයෙකුගේ..
අයිතියක් නැතිව මයි..
අපි අපිට ලං වුනේ..
ලැබුනු හැම දිනයක්ම..
අතීතෙට මුසු කලේ..
දිගු සුසුම් කෙටි සුසුම්..
වා තලේ පා වුනේ..
අසම්මත මධු සමය..
ඔබ හා ගෙවුනු ඒ යාමය..
නිදි නැතිව ගෙවුනු ඒ..
සුන්දර අතීතය..
පපුවට තුරැළු වී..
ඔබ කිව්ව ඒ වදන්..
තාමත් රැව් දෙමින්..
කනට කොඳුරයි මගේ..
හදිසියේ ආ කුණාටුව..
ඔබව අරගෙන ගියා දුර..
මාව අසරණ කලා..
ජීවිතෙන් පැනයන්න..
ලැබුන අරයුම් පතේ..
ඔබේ අකුරැ ලියවිලා..
“ආදරෙයි රත්තරං“..
කියු ඒ මුතු අකුරැ..
එන්නටැයි ඇරයුමක්..
ඔබේ මංග්‍යයය ට..
ටික කලක් ඇවෑමෙන්...
හදිසියේ අහම්බෙන්..
සොහොන් කොත් අද්දරින්..
දැක්ක ඔබේ රැව..
ගැබිණියක් බව ඔබ..
තරම් පස්මසක..
හරියටම අපේ ඒ..
අසම්මත මධුසමය..
කාලයට ලඟයි එය..
දරැ ගැබට..
කියන්නට පුලුවන්ද..
හරියටම ටක්කෙටම..
මේ ඉන්නේ..
මගේ එකාද..
උගේ එකාද..

සුසර කල ජීවිතය.....


සුසර කරන්නට හදන කල....
ජීවිතය... 
නොදී පැන යන්න තනන.. 
නුඹ ගැන දුකයි
මට..
ඇත් නම් වරම් ආසයි.. 
මම..
වයන්නට නුඹව ආදරෙන්.... 
මැදිකරන් උරහිසට... 
තදකරන් නිකටින්... 
පිරිමදිම් ඇඟිල් තුඩු වලින්.... 
නැගෙන්නට මිහිරි...
සෙනෙහසේ විලාපය....

ඡයාරෑපය - සොඳුරැ සිත

Tuesday, November 29, 2011

ස්තූතියි නැවත එන්න....

මම මහා විචාරකයෙකු නොවුනත් මේ ගැන ලියන්නම ඕනෙ කියලා හිතුනා... “ස්තූතියි නැවත එන්න“.... බොහොම කාලෙකට පස්සේ මං දැකපු... මම විශ්වාස කරන හොඳ චිත්‍රපටියක්....


යුධ ජයග්‍රහනය ගැන කොළඹ ඉඳගෙන කොඩි වන වන සතුටු වෙච්ච..... ලක්ෂ ගානක රතිඤ්ඤා පත්තුකරපු මිනිස්සු නොදැක්ක පැත්තක්... වැළිඔය... පදවිය... මොනරවැව...ජනකපුර... ඇතාවැටුනුවැව... කිරිඉබ්බන්වැව... යකාවැව... වගේ යුද්ධයෙනුත්.... පරිසරයෙනුත්.. පීඩාවින්ඳ... ඒත් තමන්ගේ උපන්ගම අතහැරනොගිය... ඒත් වීර පදක්කං නොලැබුන පිරිසක්... කොළඹ ඉඳගෙන යුද්ධය ගැන උදම් අනපු..... යුද්දේ පවතින ලාලේ මැදවච්චියෙන් එහාට පය නොගහපු උන්.....දිනපු යුද්ධය ගැන මහා ඉහලින් කථා කරපු උන් ඇහැක් ඇරලා බැලුවද යුද්ධයෙන් පැරදුනු උන්ගේ පවුල් වලට මොකද උනේ කියලා.... රණවිරැ වැන්දබුවන්ගේ දුක ඇහැනද උන්ට..... 


අන්තිම නිවාඩුවේදී බඩට ආපු දරැවාගේ මුන දකින්න වාසනාවක් නැතිව යුදබිමේදී තමන්ගේ ජිවිතය පුජා කරලා.... කෙසෙල් බඩයක්... එහෙමත් නැත්නම්.... ලී කොටයක් වෙලා පෙට්ටියේ ආපු ස්වාමිපුරැෂයා අහිමි වෙච්ච ගැහුණු විඳින මහා දුක්කන්දරාව ගැන.... ඔවුන්ට සමාජයෙන් විඳින්න වෙන අතරවරයන්.. කුහක කම් ගැන..... පැන්ෂන් එක හදාගන්න යන කොට ග්‍රාම නිළධාරියාගේ පටන්... බැංකු නිළධරියා දක්වා..“කෙළින්න“ බලාගෙන ඉන්න උන් ගෙන් ඇය විඳින්නාවු ගැහැට ගැන සොයා බැලුවද.... තමන්ගේ පුතා නැතිව අසරණ වෙච්ච දෙමව්පියෝ..... බඩම ආපු ගමන්ම තමන්ගේ පියා අහිමි උන කිරිකැටියෝ ගැන....... තමන්ගේ දුව පුතා.... ස්වාමියා... බිරිඳ.... යුධ බිමේ ඉන්නකොට ඒ ගෙදරක ඇවිලෙන  ගින්න.... වාහනයක් නවත්වන වාරයක් වාරක් පාසා ඔවුනගේ සිතේ නැගෙන විළාපය.... මේ බොහෝ දේ කැටිකරගත් ඉතා අපුරැ නිර්මානයක් විදියට මම “ස්තූතියි නැවත එන්න“ දකිනවා....

තවත් පැත්තකින් “අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා“ උපයාගත්ත උපාධිය කොට්ටේ යට තියාගෙන ... තමන්ගේ වෙලාව එනකම්.... ඉල්ලුම් ගත් පුරවන රණ විරැ බිරිඳ.... පෞද්ගලික විශ්ව විද්‍යාල.... මුදලට උපාධි පිරිනමන රටේ   මහන්සියෙන් හම්බකරගත්ත උපාධිය... අතේ තියාගෙන මොන්ටිසෝරි පාඨමාළාව... කරගන්න නොලැබීමට දුක්වෙන රණවිරැ බිරිඳක්....තවත් පැත්තකින්.... ඉරිතැළුන.... තාරැන්‍යට.... හෙටක්...... හොයාගන්න බැරැව ලතවෙන..... තමන් දැනුම නිකම්ම නිකන් දියවෙලායන... පාළු කාන්තාරයක අතරමංවුන.... තරැණ ගුරැවරයෙක්... සහ ගුරැවරියක්....

“හීතලට කන් පැලෙන්න එනකොට හිතෙනවා.. දාඩියට කුණු වෙන එක සැපයි කියලා“....

“කක්කුස්සියට කෝපි අරහං උනාට... හීතලට ගින්දර වගේ“

“බොට අපේ ආකාහේට රෙන්න හුජ්ජකරන්න මතක නැති වෙලා....කොළඹට වහින්නේ පුක හෝදන්නයැ....නුල ඇද්දා බෙට්ට ගියා..“

මෙන්න මෙතනින් ගිහින් බලන්න.... වැය කරන කාලය වටිනවා....

Sunday, November 27, 2011

කට කහනවාට කියපු.. කථා දෙකක් සහ තවත් ටිකක්....

 
අපේ තාත්තා ගැහැව්වේ අතට... අපි පටන් ගන්නකොට ගැහැව්වා අතට...පස්සේ ගැහැව්වේ පුටුවට...ඊටත් පස්සේ ගැහැව්වා බුලත් කොලේට.... මුන් සේරම එක්කහුවෙලා ගැහැව්වේ නැතෑ අපේම "බඩට"....
-බස්සා-
-----------------------------------------------------------------------
මරැ පෝස්ට් දෙකක් දැක්කා.. එකක් ඊයේ රෑ... එකක් අද උදේ.... එකකට වැඩිපුර කමෙන්ටු දාලා තිබුනේ පර දෙමළු ටික මරමු කියලා... ඒකට කමෙන්ටුවක් දාන්න හිතාගෙන ආවේ...දැන් හෙව්වට හමුබඋනේ නැහැ... අයින් කරලද මන්දා...අනිත් එකෙන් කියලා තිබුනේ හම්බයෝ ටික නැති කරලා දාමු තියලා... මරැ ඈ.... දැන් තියෙන්නේ ගෙදර කුස්සියේ තියන මන්නා ටිකයි... මාලු කපන පිහි ටිකයි... තව තියෙයි නම් පොරව, කෙටේරි, වගේ තියන ආයුධ අරගෙන පාරට බැහැලා දෙන්න තියෙන්නේ වැ‍ඩේ... එතකොට... මේ අපි අතර ඉන්න උන්ගෙන් පටන් ගමුෂෝයි නේ... බුකියේ... බ්ලොගේ...වගේම ඔය තියන එක එක ගෘප් වල ඉන්න උන්ගෙන් පටන් ගමු...අහුවෙන දෙමළ පැටියගේ, හම්බ පැටියගේ ඉඳලා කපලා මරමු, ...බඩින්ගෑණුන්ගේ බඩවල් පලලා හමුබුවෙන්න ඉන්න උන් මරමු... අපිත් පෙන්නමු උන්ට විතරක් නෙමෙයි අපිටත් පුලුවන් කියලා.... පවුල් පිටින් කැති ගාන්න....උන් විතරක් නෙමෙයි අපිත් ‍ම්ලේච්ඡයෝ කියලා....කාටද ඕනේ පලවෙනි දෙමළට හරි හම්බයට හරි කොටන්න අවස්ථාව...මේක බොහොම දුර්ලභ අවස්ථාවක්... මොකද ඊට පස්සේ අපි විතරයි... මේ සිංහල අපගේ රටයි.. අපි ඉපදෙන මැරෙන රටයි...
-බස්සා-
----------------------------------------------------------------------
අපි මේ ලෝකෙට එන්නේ අත් මිටි මොලවගෙන...එක අතක යුතුකම්, අනිත් අතේ වගකීම්.... අපි යන්නේ දෑත් දිගහැරගෙන....යුතුකම් ඉටුකරන්න....වගකීම් නිදහස් කරන්න.....එවිට නිදහසේ දෑත් දිගහරින්න ලැබෙයි.....

-බස්සා-
------------------------------------------------------------------------
භාරගන්නෙත් නැහැ....ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ.... මේ දෙක අතර තියන අවකාශය කුමක්ද.... මේ කථාව කාලයක් සීනීබෝල මාධ්‍ය කරැවන්ගේ “බයිට්“ එකත් වෙලා තිබුනා... හැබැයි මේ දෙක අතර යමක් තියනවා.... මම ඒක දකින්නේ “ශූන්‍යක්“ විදියට.....ඇත්තටම එහෙම හැඟීමක් තියනවා......

-බස්සා-
 -----------------------------------------------------------------------
“සිකුරා ලබපු කාලෙකට ගෑණු නිකං සෙක්ස් නිකං දුන්නට, නපුරැ සෙනසුරා ලැබුවම ගෙදර ගෑණිගෙන්වත් සෙක්ස් පිනට ලැබෙන්නේ නැති බව මතක තියාගනිං“
අපේ ආදර කථාව - උපුල් ශාන්ත සංන්නස්ගල-

90 දශකයේ මැද භාගෙදී කොන තෙමන උන ගැනුන තරැණයා සන්දියෙදී මුලින්ම කියවපු සන්නස්ගල ශූරීන්ගේ “වස්සානේ සිහිනය“ තුලින් ඔහුට පෙම්බැන්ද මම.... එදා සිට තවමත් ඒ වස්සානයට පෙම් බඳිමි.... ඔහු මගේ ලෝකයේ වීරයාය.... මල්පත්තරකාරයෙකු ලෙස හංවඩුගසා පාගා පොඩිකර දැම්මද.... සිය රැඩිකල් චින්තනයත් අදහස් ප්‍රකශණයත් තුල දහස් සංඛ්‍යාත තරැණ තරැණියන්ගේ ආදරයේ මුල් පොත් ලියන්නට හේතු භූත වු, නිසි ඇගයීමකට ලක් නොවු මගේ ලෝකයේ වීරයාය ඔහුය.....

-බස්සා-
------------------------------------------------------------------------
දැන් ලැබුනු පුවතක්....

ශ්‍රී පාදස්ථාන මහ නාහිමියන් තේරීමේ ඡන්ද විමසීම රත්නපුරයේ දී පැවැත්වුනා..... එය ඉතාමත් සාමකාමී ඡන්ද විමසීමක් වු අතර.... සංඹයා වහන්සේලා දෙත් පිරිත් දේශණා කරමින් ද.... තවත් තැනක මෛත්‍රී භාවනාව වඩමින්ද මෙම ඡන්දය පැවැත්වුනා.... වැඩි ඡන්ද 36 ක් ලබා ගනිමින් තේරෑ පත් වු මහනාහිමියන් පැමින සිටි සියලු හිමිවරැන්ට පිරිත් පැන් බෙදා දී මෙත් වඩා විසිරි ගියහ..... මේ අතර මෙම ස්ථානයට වැඩම කල ආචාර්ය මැරවින් සිල්වා මහතා ... පැමින සිටි සංඝයා වහන්සේලා පංචසීලයේ පිහිටවුවා..... දහවල් දානයද පුජා කලා.... මීට සහය දුන් පොලිස් නිළධාරින් උන්වහන්සේලාව පසඟ පිහිටුවා ආචර කර තම තමන්ගේ විහාරස්ථාන කරා වැඩමකෙරෙව්වා.... අනේ සාදු......

-බස්සා-
-----------------------------------------------------------------------
අනර්කලීට මහ කැ... වැඩක් උනා... අර ලාංකීය අභිමානයේ ගිය ලයිව් ප්‍රෝගෑම් එකක් මේ දැන්... කව්දෝ ගෑණු කෙනෙක් කථා මුලින් මෙහෙම කිව්වා..

අනේ අපි ඔයාට හරිම ආසයි... අර ඔයා ත්‍රීවිල් එකේ ඉඳගෙන කියලු ඒවා නම් මරැ....

පස්සේ අහපි...

මේ අර දුමින්ද සිල්වාට හොඳ වැඩේ නේද උනේ.... ?

අනර්... අපි දැන් මේ සිංදුවට යමු... හික්ස්....

මරැ ලයිව්.....
 -බස්සා-
------------------------------------------------------------------------
“කොටන කුකුළට මොන කොටුවත් එකයි“......

අනේ ...කේ......ඇමතිතුමා කොටන්න යන හැම තැනකම යන්නේ වටේ ඉන්න වන්දිබට්ටයොයි... ගොට්ටොයි එක්කනේ...අමතක වෙලාද...කුරැලු වාහිනියට කොටන්න ගිහින් කෙළවාගත්ත විදිය....හුජ්ජ නෑව හැටි.....මේ කථා දැක්කාම පුකෙන් හිනා......
 -බස්සා-
-----------------------------------------------------------------------
බල්ලොත් එක්ක බෑ...

http://www.lankahotnews.info/?p=4086#more-4086