Sunday, March 2, 2014

“ලොකු බේබිගේ වීර ක්‍රියා“ අංක 1 - කකුල පිච්චු දැරිය..


(ඡායාරෑපය ශෙහාන් ගුනසේකර සහෝදරයාගේ මුනු පොතෙනි)

දැන් දැන් අපට අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත්ය... රජයේ නාළිකා වලින් පමනක් තොරුතුරු දැනගන්නා මහජනයාට අසන්නට දකින්නට ලැබෙන සුරපුරය ලොව අන් කිසි රටකට නොදෙවැනිය... එය ඒ තරමටම ආශ්චර්යමත්ය.... ඊට අමතරව දවසින් දවස “බේබි“ ලාගේ වීර ක්‍රියා ගැනද අසන්නට ලැබේ... මේ වීරයන් අතීතියේ අප අසා ඇති, අපේ රටේ බිහිවු ජාතික වීරයන් යයි සම්මත කොටසට වඩා ප්‍රාතිහාර්යය පාන්නට දක්ෂය... ගලිවර්ට වඩා යෝදය... ටින් ටින් ගේ වීර ක්‍රියා වනට වඩා ඥාණසම්පන්නය.... ෂර්ලොක් හෝල්ම්ස් ගේ රහස් පරීකෂණ වික්‍රමයන්ට වඩා තීක්ෂණය.....මේ වීර ක්‍රියා ගත්කල අතීත වීරයන් කල කී දෑ හී වටිනාකම “පයිසෙට“ වඩා ටිකක් වැඩිය.... 

මේවායිනුත් වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ “ලොකු බේබි“ ගේ වීර ක්‍රියා ය... එක් පසකින් ගත් කල මේවා කථාංගය...... එකිනෙකට සම්බන්ධය....  “කකුල පිච්චු දැරිය“ එහි නවතම කථාංගයයි... එය ෂර්ලොක් හොල්ම්ස් ගේ තීක්ෂණ බුද්ධියට කරන අභියෝගයකි... කථාව සරළව මෙසේය.... ගුරවරයෙක් විසින් සාමාන්‍ය පෙල පන්තියේ දැරවියක මෙහෙකාර සේවයේ නොහොත් “වැඩකාරකමට“ යොදවයි... අපට නොකිව්වත් ඒ තුල අපහරනයක් හෝ කුට්ඨනයක් නොහොත් සුද්ද භාෂාවෙන් “සොර අඹු“ කමට තබාගැනීමක් සිදුවිය හැක... පසුව ඇයට සිදුවන අසීමිත පීඩා හමුවේ ඇය නිවසින් පැනයාමට තීරණය කරයි...  එසේ පැනයන දැරියට ගුරුවරයා විසින් තර්ජනය කරනු බලන්නේ ඇය නැවත කෙසේ හෝ තම නිවසට ගෙන්වන බවට අනතුරු අඟවමිනි.... ඔහුගේ කියමන සනාථ කරමින් ඒ දැරිවියට ඇතිවන යම් කායින හෝ මානසික රෝගී තත්වයක් හමුවේ ඇයව නැවතත් අර ගුරුවරයා ලඟටම ගෙනයාමට සිදුවන්නේ ඇයට යම් ශාන්තිකර්මයක් වැනි යමක් කරවා ගැනීමටය.... මේසේ ගෙනයන දැරිවියට වැහුනු යක්ෂයා පැන්නවීම සඳහා ගුරුවරයා විසින් ඇයලේ දෙපතුල රත්කරන ලද යකඩයකින් පුළුස්සනු ලබයි.... කථාව ඉවර නැත... අවසානයේ යක්ෂයා පැන්නීම කෙසේ වෙතත් දැරිය රෝහල් ගත කිරීමට දෙමව්පියන්ට සිදුවේ... මෙය පැහැදිලිවම ශ්‍රී ලංකාවේ බලාත්මක අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාර වරදකි.... එය එසේ වුවත් ගුරුවරයා සතු යම් ආකාරයක “බලයක්“ හමුවේ නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවේ.... 

(බස මරා අවසන්... මෙතනින් පස්සේ තමයි “පයිට්“ කෑලි පටන් ගන්නේ...)

මේ සිද්දිය අමු අමුවේම ආරංචි වෙනවා මොනරවාහිණියට... මොනරවාහිණියේ රිපෝටර් ඇත්තෝ සිද්ධිය අඩු වැඩියත් සපයලා “ලයිව් ඇට් එයිට්“ එකේ දානවා.... අැත්ත තමයි සිද්ධිය. කෙල්ලගේ කකුල් දෙක පතුරු ගහලා.... ගුරුවරයා පොලිසියේ කට්ටියත් එක්ක සෙට්ලු... ඒක නිසා පොලිසිය නිහඩයි ලු......දවසක් දෙකක් යනවා.... ඔන්න ඔය සිද්ධිය නිසා අපේ ලොකු බේබිගේ ලැම්බෝගිනි යේ සීට් එක රත්වෙනවා.... ලොකු බේබි කෙලින්ම කෙල්ලව හොයගෙන කෙල්ලගේ ගෙදරටම යනවා... කකුල් දෙක පරීක්ෂා කරලා බලලා වහාම රෝහල් ගත කරන්න කියලා දෙමව්පියන්ට උපදෙස් දෙනවා... දොස්තරලා කඩියෝ වගේ වැඩ.... කෙල්ලගේ එක කකුලක් එක දොස්තර කෙනෙක් බලනවා... අනිත් කකුල තව දොස්තර කෙනෙක් බලනවා.... නර්ස් කෙනෙක් කෙල්ලගේ කකුල් දෙක මැද්දෙන් අත තියාගෙන ඉන්නවා... කෙල්ලගේ ගවුම ඉස්සලා අපයෝජනයට ලක්වෙයි කියලා..... දොස්තරලා තීරණය කරනවා වහාම කෙල්ලව කොළඹ මහ රෝහලට යවන්න ඕනේ කියලා... දොස්තර හිතනකොට ඇම්බියුලන්ස් එක වේගෙන් ඇවිත් “කරාස්“ ගාලා බ්රේක් ගහගෙන දොර පඩිය ගාව නවත්වනවා... දොස්තර කෙනෙක් එක්කම කෙල්ලව දාගෙන ඉගිල්ලෙනවා.... (කථාව තාම ඉවර නැහැ)

“ලොකු බේබි“ වහාම පොලිසියට නියෝග කරනවා මේ ගැන පරීක්ෂණ පවත්වලා ගුරුවරයා අත්අඩංගුවට ගන්න කියලා.... ඕඅයිසී ටෙලිෆෝන් එක බිම තියන්න කලින් ජීප් එක දොර ගාව.... යනවා කට්ටයි... ගිහින් ගුරාව කුදලගෙන එනවා.. .එන ගමන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියට කොල් එකක් දාලාම වැඩේ ගැන කියලා.... එයාලා කොළඹින් පිටත් වෙනවා පරීක්ෂණය කරන්න.....  මේ මුලු ක්‍රියාවලියම සිද්ද වෙන්න ගතවෙන්නේ දවසයි... 

දැන් මේ සිද්ධිය ඒ ගමේ මිනිස්සුට ආරංචි වෙනවා... මිනිස්සු ලොකු බේබි ගැන මහා ශ්‍රද්ධාවක් ඇතිකරගන්නවා.... පොඩි මිනිහාගේ වැඩකට ලොකුම තැනින් වෙච්ච මැදිහත් වීම ගැන... අර දැරිවිගේ අම්මයි තාත්තයි බේබිට මල් තියලා වඳිනවා... සමහර විට අර බෙදපු පොතක් එහෙම ඒ දැරවි ගාව තිබ්බා නම් ඒකේ මුල පිටුව කඩලා බුදු පිළිමෙට උඩින් එල්ලාවි.... ගමේ ලිඳ ගාව,  කඩ පිළ ගාව, බණ මඩුවේ බේබිගේ වික්‍රෙම් ගැන කථා කරනවා... අනේ අපේ බේබිට පින් සිද්ධ වෙන්න අර කෙල්ලට බෙහෙතක් හේතක් කරගන්න පුලුවන් උනා... ගුරාව පොලිසි ගෙනිච්චා..... බේබි ට පින් සිද්ධ වෙනවා... වයසක අම්මලා කියනවා.....
---------------------------------------------

මේ අපේ රටේ සබෑ තත්වයයි... පසුගිය වසර කීපයක සිටම මෙවැනි සිද්ධින් ගනනාවක් අපට අසන්නට දකින්නට ලැබිනි... මාස කීපයකට පෙර බෝගම්මර බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලයට නැග උපවාස කරමින් ඉල්ලා සිටියේ “ලොකු බේබිව“ ගෙන්නවා තමන්ගේ ප්‍රශ්ණය විසඳා දෙන ලෙසයි.... රටේ ජනතාව තේරුම්ගත යුතු කරුණක් ඇත... රටේ පාලකයින් යනු කරවන්න් නොව කෙරවීමට අදාල ක්‍රමවේද සකසන්නන්ය.... පොලිසියේ රාජකාරිය නීතය බලාත්මක කිරීමය... අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමය... ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමය.... අදාලා අංශ දැනුවත් කිරීමය.... සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.... අධිකරණයේ වගකීම වන්නේ අදාල කරුණට අනුව පවතින පරිවේශණීය සාක්ෂි හා වාචික ප්‍රකාශ කරුණ තර්ක පදනම් කරගෙන නඩු කටයුත්තට ආදාල පුද්ගලයින් වැරදිකරුවන් යැයි ඔප්පු වුවහොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් පැමිනවීමය... එසේත් නැත්නම් නිදෝස් කොට නිදහස් කිරීමය.... මේ ක්‍රියාවලිය නිිසියාකාරව සිදුවෙනවා දැයි පරික්ෂාකරන්නට වෙනම කණ්ඩායමක් පත්කර ඇත... බේබිලා ඇතුලු ආණ්ඩුව විසින් කල යුත්තේ මේ පවතින පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය... පොලිසියට ස්වාධීන්ව තමන්ගේ රාජකාරීන් ක්‍රියාත්මක කල හැකි පරිසරයක් නිර්මාණය කරදීමය... දේශපාලන අතපෙවීම් වැලක්වීමය.... ස්වාධින අධිකරණ පද්ධතියක් බිහිකිරීමය... කොටින්ම කිව්වොත් පවතින ක්‍රමවේදය නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමය......

අපිට නොතේරෙන්නේ ද  ...  උන් නොකරන්නේ ද ... එයමය...

Sunday, February 23, 2014

බුකියේ පෙන්නන දෙක....


දැන් අලුත්ම රැල්ල නැගිලා තියෙන්නේ බුකිය තහනම් කිරීම ගැන නේ... කාලෙකට පස්සේ මටත් හිතුනා ඒ ගැනම ලියන්න... දැන් නම් මේ ගැන පට්ට ගහලා තියන නිසා ලියන්න තියන දේත් බොහොම සීමිත උනත් මටත් ඒ ගැන යම් මතයක් තියනවා...මම “බුකි තහනම“ දෙආකාරයකින් දකිනවා.... එකක් තමයි එක්තරා කාලයකදී පැය 24 න් තුනෙන් දෙකක් විතර කාලයක් බුකියේ රැඳුනු... බුකියේ ජීවත් වුනු... බුකියේ ආතල් ගත්ත.. ගහගත්ත.. වාද කරගත්ත කෙනෙක් හැටියට...

අනිත් කෝණය තමයි යන්තමට දැළි රැව්ල වැවීගෙන එක... ටික ටික කට හඬ වෙනස් වේගෙන යන..‍ යෞවනයට අත වනමින් ඉන්න කොළු පැටියෙක් ගේ තාත්තෙක් හැටියට..... ඔය දෙකෙන් කොයිකට සාධාරණයක් ඉෂ්ඨ කරන්නද කියලා නොතේරුනත්.. ඔය දෙකෝනේම සාධාරණ විදියට මම දකින දේ ලියන්න බලමු....

බුකියේ ප්‍රශ්ණ තියනවාද...?

ඇත්තටම බුකිය අප්සට් තැනක්ද....?

මේකද කෙනෙක්ට 100%  නිවැරදි පිළිතුරක් තියේය කියලා මම විශ්වාස කරන්නනේ නැහැ... නමුත් මට නැහැ... බුකිය හොඳයි.... අපි බුකිය හොඳයි කියලා දකින්නේ අපි ආශ්‍රය කරන... අපි ගැවසෙන.. අපේ මිතුරු ලැයිස්තුවත් එක්ක සම්බන්ධ පරාසය තුල... නමුත් ඔය කියන පාරාසය මුලු ලෝකය පුරාම ඉන්න බුකිගත වන්නන්ගෙන සීයට කොච්චරක් විතර වෙයිද... ? අපි “හොඳ“ යැයි සම්මතය දකින්නේ අපේ පරාසය ඇතුලේ... අපි දන්නවා බුකිය හරහා වෙන “සත්කාර“ සමාජ මෙහෙවර වගේම බිහිවෙන නිර්මාණ ගැනත්... ඒත් ලංකාව ඇතුලෙම බුකිගත වෙන තව කොටසක් ඉන්නවා උන් බුකිය “කැටපත් පවුරක්“ ද යන්න වත් නොදන්න..... උන් ජීවත් වෙන ලෝකේ වෙනස්...උන්ට තියන ආතල් වෙනස්....

දැන් අහන්න එපා “බස්සා“ කොහොමද ඒ පැත්ත දන්නේ කියලා...

ඔය මටත් තවත් ප්‍රොෆයිල් එකක් හෝ ඊට වැඩි ගනනක් තියනවා....ඒ නිසා මට සහතිකව කියන්න පුලුවන් අපි දකින “බුකියේ“ මේ පැත්ත නොදකින පිරිසක් ඉන්නවා වගේම උන් බුකිය භාවිතා කරන ආකාරය අපි දන්නේ නැහැ...
මේක බොහොම සරළ දෙයක්...
හරියමට අපි ජීවතවෙන සමාජය වගේමයි... අපි දකින අපිට “ඇක්සස්“ තියන කොටස විතරයි අපි දකින්නේ... ඒ තුල තියන හොඳ හෝ නරක අපි විඳිනවා වගේම විඳවනවා... ඒත් අපිට “ඇකසස්“ නැති කොටස ගැන අපිට පැහැදිලි චිත්‍රයක් නැහැ.... කොටන්ම කිව්වොත් බුකිය කියන්නේ අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ එක් පැතිකඩක්.. ඒ තුල “හොඳ“ සහ “නරක‘ කියන කොටස් දෙකම තියනවා.... 

නමුත් තාත්තා කෙනෙක් විදියට මම මගේ පුතාට බුකිය අනුමත කරන්නේ නැහැ... යම් කාලයක් යනකම්... ඒකට හේතු තියනවා... එකක් තමයි මම මීට කලිනුත් කියප අපි “හොඳ“ යැයි දකින සීමාවට එහා තියන කොටස අපේ පාලනයෙන් තොර වීම.. 

අනිත් කාරනේ තමයි බුකිය තුල බොහොම ඉක්මනට “කොපි“ කිරිල්ල සිද්ධ වෙනවා... අනුගමනය කිරීම නෙමෙයි අනුකරණය කරන එක... ඒකේ සිමාවන් නැහැ.. ඇඳුම් පැළඳුම්... වචන භාවිතාව... හැසිරීම... විවිධාකාර මෝස්තර.... කොටින්ම කිව්වොත් මුලු ජීවන රටාවම “කොපි“ කරන්න පෙළඹෙන, පෙළඹවිය හැකි තැනක්....ඒකට හේතු වෙන බොහෝ දේත බුකිය තුල ෂෙයාර් වෙනවා... අපි බොහොමයක් අවස්ථවල දකිනවා බුකියේ තියන පොඩි පොඩි ගෙට්ටු... ගෘප් එකක සෙට් එකක් සෙට් වෙලා තන්න ආතල්... දාන පිංතූර... කේ එෆ සී.. මැක්ඩොක්ල්ඩ්ස්... මුහුදු වෙරළේ ගන්න ආතල්... කෙල්ලෝ කොල්ලෝ යන ට්‍රිප්... හැබැයි කවුරුත් ඔය ආතල් කොටස් ෂෙයාර් කලාට ඒ ඇතුලේ තියන “කුහක“ කෑල්ල් එළියට දාන්නේ නැහැ... ඒත් සමහර වෙලාවට දරාගැනීමේ සීමාව පැන්නාම ඒ පොඩි පොඩි ඒවා එළියට එනවා..... මොකක් උනත් ඔය ගන්න “ආතල්‘ දකින පොඩි පොඩි කොලු කෙලිත්තියෝ ගෙඩිය පිටින්ම මේවා “අනුකරණය“ කරන්න පෙළඹෙනවා....  ඔය යන බොහොම “ට්‍රිප්“ වල පිංතූර බලද්දී අපි දකිනව ඔය සමහර නංගිලා මල්ලිලා “දෙක“ පෙන්නගෙන ඉන්නවා... නිකමට අහලා බලන්න ඇයි ඔය “දෙක“ පෙන්නන්නේ කියලා... බොහෝ විට නිහඬ වෙන්න පුලුවන්.... ඇත්තටම එයාලා ඔය “දෙක“ පෙන්නීම දැකලා තිබ්බාට එහි සැබෑ අරුත “වී“ අකුරු හැබය නොහොත් “වික්ටරි“, එහෙමත් නැත්නම් ජයග්‍රහනය කියන එක නොදන්නවා වෙන්න පුලුවන්... මේ බුකිය තුල “ඇන්ඳීම“ කියන එකට බොහොම සරළ උදාහරයක් විතරයි....

මීට අමතරව බුකිය තුල “හන්ටර්ලා“ නොහොත් දඩයක්කාරයෝ ඉන්නවා...ඔවුන් බුකියට එන්නේ කවි ලියන්නවත් පිංතූර බලන්නවත් එහෙමත් නැත්නම් සංවාද කරන්නවත් නෙමෙයි.. ඔවුන්ගේ මුලික අරමුණ “බිලී බාගැනීම“.. ඔවුන් ඉල්ලන්ගේ “මස්“... ප්‍රශ්නේ තියෙන්නේ ඒ වරිත බුකිය තුල හඳුනාගැනීමේ අපහසුව... ඔවුන එන්නේ විවිධ වෙස් අරගෙන.. බොහෝවිට ඔවුන් එන්නේ රෑපසම්පතියෙන් වැඩි ගෑණු චරිත ඔස්සේ.. එහෙමත් නැත්නම හිත් ඇඳගන්න පිරිම රෑප ඔස්සේ... ඒ වගේ “බිලි බාගැනීම්“ කෙලවර වෙන්නේ එක්කෝ මුලු ජීවත කාලෙම විඳිවන්න සිද්ධ වෙන දේත එක්ක.. එහෙමත් නැත්නම් අවසානය වන්දි ගවෙන්නේ ජීවිතෙන්... අපි බුකිය කියන කොටස දකින්නේ සිංහල කථා කරන, සිංලෙන් කවි ලියන කොටස උනත් බුකිය ඊට එහා ගිය පාලනයෙන් අසීමාන්තික නිදහසක් තියන තැනත් විදියටමයි මම දකින්නේ....

ඒ කියන්නේ “බස්සා“ පුතාට බුකිය තහනම් කරනවද...?

උත්තරය ඔව්.....

 දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් “ඊට වැඩිය හොඳ නැද්ද ඒ තුල ආරක්ෂාකාරීව හැසිරෙන ආකාරය“ කියලා දුන්නා නම් කියලා... 

නැහැ.. මම පිළිගන්න දෙයක් තියනවා... “ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් ප්‍රටෙක්ෂන්‘  කියන එක.. ආරක්ෂා කරනවට වැඩිය වලක්වා ගැනීම හොඳයි.....

ඒ එක පැත්තක්....

නමුත් රජය බුකිය තහනම් කරන්න හදන මුලික කාරණය විදියට ඔය දේ පෙන්නුවත් ඇත්තටම බුකිය තහනම් කරන්න හදන්නේ ඒ නිසා නොවන වග අපි හැමෝම දන්නවා....ලංකාවේ තියන බොහොමයක් අමාත්‍යංශ වල ඉන්න “ඩොකියුමන්ටේෂන් ඔෆිසර්“ කියන චරිතයේ එක රාජකාරියක් තමයි බුකිය ඇතුල අන්තර්ජාලය තුල සිද්ධවෙන දේවල් ගැන අදාල පාර්ශවයන්ට වාර්ථාකරන එක... සමහර විට ඔය කියන අය අපි අතර ඉන්නත් පුලුවන්... අපි කරන සංවාද ගැන වාර්ථා සකස් කරන්නත් පුලුවන්..

මුල් කාලේ බුකිය තුල සිදුවෙන රජයේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල විවේචනයන් ලොකු බලපෑමක් නැති උනාට දැන් දැන් අන්තර්ජාලය ජනප්‍රිය වීම සහ එදිනෙදා ජීවිතයට නැතිවම බැරි.. බොහෝ දෙනෙකට පිවිසිය හැකි තැනක් වීම නිසාම බුකිය තුල ටවෙන සංවාද රජයේ ජනප්‍රියත්යට යම් බලපෑමක් එල්ල කරනවා... කොටන්ම අන්තර්ජාලය සාමාන්‍යකරණය වීම තුල බුකිය තුල සිදුවෙන සංවාද වලින් මේ රජය පිහිටුවීමේ ලා ලොකු බරක් ඇද්ද නිර්ධන පන්තියේ මනැසට යම් බලපෑමක් එල්ල වෙනවා... සමහර විට ඒ බුකිගත වෙන ඔවුන්ගේ දෙවැනි පරම්පරාව නිසා වෙන්න පුලුවන්... අපේ රටේ පාලනය වෙනස් කරන්නේ පිළිගත්ත පක්ෂ වලට වැඩ කරන කොටස නෙමෙයි... අලුතින් එකතුවෙන ඡන්දදායකයෝ සහ පාවෙන ඡන්දදායකයෝ... කැපුවත් කොල හෝ කැපුවත් නිල් කියන කොටසනි කවදාවත් රජයක් පත්වෙන්නේ නැහැ.... මේ තුල වැඩි වශයෙන් ගැවසෙන කොටස බුකිය තුල සිද්ධ වෙන විවිධාකරයේ සංවාද තුල ඇතිකරගන්න ආකල්පය රජයේ පැවැත්ටම බලපාන්න පුලුවන්...

පහුගිය කාලේ සිද්ද උන සිද්ධින් වලින් උනේ “අඬන්න ඉන්න මිහිනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා“ වගේ වැඩක්.... ඒ සිද්ධ වුන සිද්ධින් රජයේ ප්‍රයෝජනය පිණස පාවිච්චි වීමක් තමයි දැන් සිද්ධ වෙන්නේ....
අපේ රටේ සිය දිවි නසාගැනීම් ඇත්තටම ප්‍රශ්ණයක්.... 

ලංකාවේ අවුරුද්දකට අවම වශයෙන් පුද්ගලයින් 100,000 වත් සිය දිවි නසාගනෑමීට උත්සහා කරන බව වාර්ථා වල සඳහන් වෙනවා.... ඒ අතරින් දිනකට පුද්ගලයින් 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් සියි දිවි නසාගන්න පව තමයි වාර්ථා වෙන්නේ... පහුගිය කාලේ ලංකාව ලොකේ සිය දිවි නසාගගැනීමේ වාර්ථාව පවා පිහිටුවලා තිබුනා....  

ආණ්ඩුවට ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන සිය දිවි නසාගැනීම් අවම කරන්න කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියනවා නම් බුකිය තහනම් කිරීම කියන එක එන්නේ ඒ ලැයිස්තුවේ වාටිය හරියට... ඊට කලින් කරන්න බොහෝ දේ තියනවා...  ඉතාම සරළ දේ තමයි අපේ රටේ තියන “සිස්ටම්“ එකේ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් ලබා දෙන්න ඕනේ... උඩ ඉඳන් පහලටට සිස්ටම් එකේ ප්‍රශ්ණ තියනවා.. පහුගිල කාලේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව දරුවනුත් එක්කම ගඟේ පැන්න.. .ආණ්ඩුව මොකද කලේ.. අඩුම ගානේ එ් ගැන නියමිත පරිදි පොලිස් පරීක්ෂණයක් කලාද කියලාවත් සැකයි... ගොවියෝ ණය ගෙවාගන්න බැරිව “මැහි තෙල්“ බිව්වා..... විශ්ව විද්‍යාලේ ළමයි පීඩනය දරාගන්න බැරිව බෙල්ලේ වැල දාගන්නවා.... තමන්ගේ බිරිඳ රට ගියා කියලා සැමියි දරුවනුත් තුරුල් කරගෙන ලිඳට පනිනවා....

මේ දේවල් වලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන රජය ඇයි මේ බුකියේ ප්‍රශ්නෙදී මෙච්චර උනන්දුවක් දක්වන්නේ..... 

මෙතනින් එහාට ලිව්වොත් නැවතත් ලියන්න වෙන්නේ මේ ආණ්ඩුවයි ඒ හා බැඳුන් “කුඩු“.. “බඩු“ සහ “සුදු“ යන තුන් ආකාරික ක්‍රියාවලිය ඇතුලු අනෙකුත් “පජාත“ වැඩ ගැන නිසා ඒ ගැන වැඩි යමක් නොකියා ඉන්නම්... ඡන්දයක් අස්සේ ඕවා ලියලා ආණ්ඩුවට වැටෙන ඡන්ද ටික නවත්වන්නේ මොකටද...? (පුකෙන් මටම හිනා)....
මේක සංවාදිතද නැද්ද යන්න තීරණය කරන්න කියවන ඔබට බාරයි.... හැබැයි මේ ලිව්වේ මගේ පෞද්ගලික මතය... ඒක අප්සට් වගේ නම් මුලු පෝස්ට් එක පුරාම “අපි“ කියලා ලියලා තියන තැන් වලට “මම“ කියලා දාලා කියෙව්වත් කමක් නැහැ....




Tuesday, September 10, 2013

රතුපස්වල නැවත කියවීම (කෙටි සටහනකි)


පසුගිය දින කීපය පුරා බුකියේ බොහෝ දෙනාගේ එකම මාතෘකාව වුයේ "රතුපස්වල" සිද්ධියයි... එක එක අය එම සිද්ධියට විවිධාකාරයේ අර්ථකථනයන් ලබා දී තිබුනි.... ඒ බොහෝ ‍දෙනා තුල ඇත්තේද මා තුල ඇත්තා වු වෛරයමය... බීමට වතුර ඉල්ලු විට ලැබුනු වෙඩි උණ්ඩ සහ ගුටි බැට ගැන ගැන මා තුල නැගුනු තවමත් පිට නොකල වෛරමය... හිතේ කැකෑරෙන... ඇස් වලින් ගලන වෛරයමය... තව දින කීපයකින් ඒ වෛරය පහව යනු ඇත.. මීට පෙර සිදුවු වෙළඳ කළාප සොහොයුරාගේ ඝාතනය, මෙතෙක් නොවිසඳුනු විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායක දෙපලගේ අනතුරද, මීට පෙර කීප වතාවක් සිදුවු පොලිස් සිර මැදිරි තුල සිදුවු ගෙල වැල ලා ගැනීම ඇතුලු බොහේ දේ මෙන්ම මෙම සිද්ධියද මතකයෙන් පහව ගොස් හෝ පහව යමින් පවතින බව දැනෙනුයේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් පෙර තිබු කථිකාවත මෙන්ම ලෙළදුන් කළු කොඩි ද ගැලවී යන බවක් දක්නට ලැබෙන හෙයිනි...

නමුත් මෙම සිද්ධිය හුදෙක් එසේ ලේසියෙන් මතකයෙන් පහ කල යුතු කාරණයක් නොවේ... ඒ මෙම සිද්ධිය හුදෙක් තවත් එක් සිද්ධියක් ලෙස ගනන් ගැනුනන ද මෙය තවත් මෙවැනි සිදුවීම් වැලක, එසේත් නැත්නම් ක්‍රමවේදාත්මක මර්ධණකාරී වැඩ පිළිවෙලක ආරම්භක සටහන විය හැකි බැවිනි.. අද අප මේ භුත්ති විඳිනුයේ අප විසින්ම රෝපණය කර.. සාත්තු කර... පල දරා රස විඳි පලදාවේ අතුරු ඵලයයි...  එදා යම් ‍කිසි කොටසක්ගේ පරාජය හෝ මරණය වෙනුවෙන් ජය ඝෝශා කල අපි.... රතිඥ්ඥා දල්වා ප්‍රීති උන අපි.... පන්සල්  පල්ලි කෝවිල් පුරා සෙත්පැතීම් ආශිර්වාද පුජා කල අපි විසින්ම අද ඒ විරුවන් හෙලා දකිමින් සිටිමු.... එදා දන් දුන් ලෙය අද අපි නැවත් ඉල්ලමින් සිටිමු.... මෙය නැවත සිතා බැලිය යුතු කාරණයකි... එදා මෙන්ම අද ද ඔවුන් කලේ පාලකයන් ගේ "අණ" ක්‍රියාකරීමය.... එය ඔවුන් විසින් කල යුතු මෙන්ම කරවිය යුතු රාජකාරියකි.... ඔවුනට වැටුපක් ලැබෙන්නේ එම රාජකාරිය හේතුවෙනි....

පසුගිය දශක දෙක තුල හමුදා පුහුණුව ලබන සාමාන්‍ය සෙබළුන්ට මුලිකවම ලබා දුන්නේ "පොයින්ට් ඇන්ඩ් ශුට්" පුහුණුවයි.. ඊට අමතරව "ලෝ ඇන්ඩ් ඕඩර්" කොටසට වැඩි අවධානයක් යොමුකර තිබුනේ උසස් නිළධාරීන් ගේ අණ නොපමාව නොසිතා පිළිපැදීමටත්ය... එමෙන්ම පසුගිය යුධ සමයේ ඇතිවු හා සිදුවුයේ යැයි උපකල්පණය කල හැකි බොහෝ සිද්ධීන් හමුවේ හමුදාව ක්‍රියාකල ආකාරය ඉහල අණ පිළිපැදීමට එහා ගිය ආකාරයක් පෙන්නුම් කරවයි... එය යම් ආකාරයක නිදහසක් අයුතු ලෙස භුක්ති විඳීමක් ලෙසද සිතිය හැක.... එදා අප කොතෙක් සාධාරණිකරණය කලද, අ‍ප හමුදාවන් ඉතා විනය ගරුක නීති ගරුක ලෙස උදම් ඇනුව කටවල් වලින් අද වනවිට අපට අසන්නට ලැබෙනුයේ "අද අපිට මෙහෙමෙ කරනවා නම්, මුන් එදා කොහොම කරන්න ඇතිද.?" යන්නය....

හමුදාව පුහුණු කරන්නේ යුද්ධය සඳහාය... ඔවුන්ට ඇති රාජකාරිය සතුරා විනාශ කිරීමය.... ඒ ඉහලින් ලැබෙන අණ ක්‍රියාත්මක කිරීමක් මෙන්ම ලද පුහුණුව ක්‍රියාවේ යෙදවීමකි.... යම් ලෙකින් ලැබෙන අණ නිසි පරිදි තෝරාබේරා ගැනීමේ හැකියාවක් හෝ අපැහැදිලිතාවක්... අපහසුවක් ඇති අවස්ථාවකදී හමුදාව ක්‍රියාකරන්නේ "ලද පුහුණුව" ආකාරයටය.... එය පාලකයින්ට පහසුවකි.... අවසානයේ දී ඔවුනට අවශ්‍ය මර්ධනය ක්‍රියාකරවීම "ලොක්කාගේ ඕඩර් එකක්" නොමැතිව වුවද සිදුවන බැවිනි.... මේ සිදුවීමද එසෙය... දැන් හමුදා පරීක්ෂන කරනුයේ අදාල තුවක්කුව පත්තු කල පුද්ගලයා හෝ පුද්ගලයින් සොයන්නනටය... සිවිල් ජනතා උද්ගෝශණයක් මර්දනය හෝ පාලනය කිරිම සඳහා හමුදාව හෙදාගැනීමට නියෝගය ලබදී ඇත්තේ බොදු බල සේනාවය....එය එසේම වී නම් එයටද වගකිව යුත්තේ අපය... එදා හම්බයන් මර්ධණය කරන විට... "අපේ හාමුදුරුවන්ට" සේනා සැපයුයේද.., අනුබල දුන්නේද අපය... 
 
තවත් කාරණය නම් තවමත් පහව නොගිය පශ්චාත් යුධ මානසිකත්වයයි... පවතින රජයට එරෙහි ඕනෑම ක්‍රියාවලයකදී හෝ විවේඡනයදී රජය අනුගමනය කරනු ලබන්නේද යුද ජයග්‍රහනය විකුණාගෙන කෑමේ පිළිවෙතයි. එයින් ගම්‍ය වන කාරණය නම් නැවත නැවත යුද්ධය සිහිගැන්වීම තුලින් ඔවුන ලබන තෘප්තිය නොව අපට තවත් දශක ගනනකට යුද්ධය අමතක කරලිය නොහැකි බවයි. එමෙන්ම වසර 30 පුරා යුද්ධය විඳි අප මෙන්ම වසර ගනක් පුරා යුධ ක්‍රියාවිතතයන් හී නියැළුනු හමුදාවෝ වසර කීපයක් තුල ඒ මානසිකත්වයෙන් මුදවාලීය හැකිදැයි නැවත සිතිය යුතු කාලය මෙයයි... අප එල් ටී ටී ඊ සාමාජිකයින් පුනුරුත්ථපනය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලද.... හමුදා සාමාජිකයින් පුනුරැත්ථාපනය කරන වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා දැයි අසා නැත.... ‍පසුගිය කාලය පුරාවටම අපට අසන්නට ත්‍රිවිධ හමුදා පොලිස් සිවිල් ආරක්ෂක සාමාජිකයින් සම්බන්ධ ඝාතන වලින් මෙය වඩාත් පැහැදිලි වනු ඇත.... තම පෙම්වතිය හැරයාම.... වැටේ මායිම වෙනස් වීම.... උසස් නිළධාරීන් ගේ අණ....අධික කළකිරීම වැන අවස්ථාවලදි පවා ඔවුන් පිළිතුර සොයන්නට උත්සහා කලේ තුවක්කුවෙන් සහ උණ්ඩයෙනි.... මෙවැනි සිද්ධින් විට සිදුවුවද... මංකොල්ලා කෑම්... සොරකම් වැනි නිති විරෝධි ක්‍රියාවන්ටට... අවසාන වශයෙන් කුලියට මිණිමැරීම දක්වා ද මෙම ක්‍රියාවලිය වර්ධණය වී තිබුනද තවමත් "ආරක්ෂක අංශ" සාමාජිකයින් යුධ මානසිකත්වයෙන් සිවිල් මානසිකත්වය වෙත යොමුකිරීමේ ක්‍රියාවළියක් නැත... 

එල්ටීටීඊ සාමාජිකයින් පුනුරුත්ථාපනය කරනු ලබන්නේ ඔවුන් ජීවත් වු පරිසරය සහ ඔවුන් ලද පුහුණුවත් ඔවුන්ට දෙනු ලැබුවාවු මානසික පරිකල්පන සිතුවිලි වලින් ඔවුන් මුදවා ගෙන යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණු කරගෙනය... 80 දශකයේ මුල් භාගයෙන් පසු උපත ලද උතුරුකරයේ එල්ටීටීඊ පාලන ප්‍රෙද්ශයන් හී ජීවත් වු දරැවන් පසුකාලීනය යුද්ධය එකම අරමුණ කරගෙන සටනට පිවිසියේ ඔවුන් කුඩා ලක සිටම ලද අත්දැකීම යුද්ධයම වන හෙයිනි.. එහිදි ඔවුන සිංහලයා සහ සිංහල හමුදාව දුටුවේද ඔවුනට නිර්වචනය කරනු ලැබුයේද තමන් මරා දැමීමටත් තම නිජබිම අත්පත් කරගැනීමටත්  මාන බලනා කොටසක් ලෙසටය... එම කාරණය සනාථ කිරීමට උදාහරණ අවශ්‍ය නොවුයේ එදා සිට යුද්ධය අවසානය දක්වාම ඔවුන් විඳි පරිසරයයි... යලිත් යුද්ධයක් කෙරෙහි යොමු නොවීම උදෙසා එවැනි පිරිසක් සමාජගතකිරීමෙහි ලා මනා සැළසුම් සහගත පුනුරුත්ථාපන වැඩපිළිවෙලත් අනුගමනය කිරීම වැදගත් වේ.

අනෙක් කාරණය වන්නේ මෙවැනි මිනිස් උවමනාකම් උදෙසා කරන ලබන සටන් මර්ධණය කිරීමේලා යොදවන්නේද යෙදවෙන්නේද පීඩිතයින්ගේ පන්තියේ උන්ම වීමය.... මෙය හුදෙක් අපේ රටේ පවතින දේශපාණයයි.... පහල ස්ථරයන් තුල ගැටුම් ඇතිකිරීම තුල තමන්ගේ බලය සනාථ කරගැනීම නිර්ලජ්ජිත උවමනාවයි... එය අද එක් එක් ආකාරයෙන් එළිබසිමින් තිබේ... ආගමික සහජීවනය පළුදු කරමින් සහ එකිනෙකා අතර වෛරය පතුරවමින් මේ එළියට එන්නේ ඔවුන්ගේ පැලැන්තියේ පැවැත්ම උදෙසා ක්‍රියාත්මක කරන්නා වු සැලැස්මේ පියවරයන් බව තේරුම් ගැනීම වැදගත්වේ... නමුත් පහල ස්ථරය තුල අමතක වීම බොහොම භයානක රෝගයක්ව පවතින හෙයින් පාලකයින්ට තම පදනම රැක ගැනීම ඒ තරම් අමාරු නොවේ... නිදහසින් පසුද... නිදහසට පෙරද අපේ රටේ බලය අත්පත්කරගත්තේ කපටින් අතරින් වඩාත්ම කපටියා වීම මහත් විශ්මයට කාරනාවකි.... එදා සිට අද දක්වාම මේ පෙරළියේ ඉත්තන් වන්නේ පීඩිත පන්තියයි....

මෙම සිද්ධියෙන් පාලකයින් අපට උගන්වන්නට උත්සහා කරන හෝ අප ඉගෙනගත යුතු පාඩම් බොහොමකි...
නමුත් අවසානයේ අපට යලිත් මතක් කරදෙනු ලබන්නේ එකම කාරණයකි....

එදා ජර්මනියේ නාසිවාදීහු..
පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
මම නිහඬව සිටියෙමි..
මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..
ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..
මා කුමක් කියම්ද..
මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..
ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..
මා නිකං බලා සිටියෙමි..
මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..
ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..
මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..
ඔවුන් අවසානයේදී..
මා සොයා පැමිනියේය...
එවිම මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..

 (මාටින් තිමලෝර් පියතුමා - ජර්මනියේ සිරගෙදරකදී)

එය අපටද යම් දිනයක් එක සේ විඳිය හැකි බවයි....

Wednesday, July 17, 2013

වැරදි නම්.. මට ගල ගහන්න.....



අනේ යකෝ.....
මට ගහන්න ඕනේ තෝ වගේ එකියකට ආ‍දරේ කලාට......
ලැජ්ජා නැති කම... තොට යන්න ඕන්නම් පල.....
තෝ නැහැයි කියලා මම මැරෙන්නේ නැහැ....
උඹ මට ලොකු නැහැ යකෝ.... ‍
ආදරේ කියලා ‍දුන්නා...
විඳින්න කියලා දුන්නා....
ජීවිතේ දුන්නා....
ඒ හැම දේටම උඹ මට දුන්න දේ තමයි මේ....
ඔව් වෛරය.....
මම උඹට වෛර කරනවා.....
ආදරේ කරපු හිතින්ම ආදරේ කරපු තරමටම...
මම උඹට වෛර කරනවා....
තොට ඔන වෙලාවට එන්නයි.....
තොට ඕන වෙලාවට යන්නයි...
මේක හරි කෙළියක්නේ....
උඹට විතරද රිදෙන්නේ...
එතකොට මගේ හිත...
ඒක ගලක්ද ?
හොඳට හිතේ තියාගනින්....
උඹව නැතිකරන්න හිතෙනවා මට....
කුඩුපට්ටම් කරලා දාන්න ම‍ගේ හිතින්.....
ආයි පස්පාගන්න හිතන්නෙපා....
මේ පැත්ත පලාතේ....
යන එකෙක් එක්කම පල...

Wednesday, May 8, 2013

ගල... තන සහ රෑප රචන.....


මෑතකදී දෙරණ නාලිකාවේ පැවතුනු දෙරණ "Music video awards 2013" හිදී සෝමරතන් දිසානායකයන් විසින් බොහොම මතබේදාත්මක වගේම විවේචනාත්මක අදහසක් පල කලා.. විශේෂයෙන්ම අද අපේ රටේ බිහිවෙන ගීත සඳහා නිෂ්පාදනය කරන රෑපරචනා සම්බන්ධයෙන්... ඔහුගේ අදහස අනුව එම සම්මාන උළෙල සංගීත රෑප සඳහා සම්මාන දෙන උළෙලක් නම් ලංකාවේ සංගීත රෑප කියන එක ප්‍රශ්ණයක්... ඒ අවස්ථාවේ දී ඒ කථාව අහලා එතනින් අවසන් කලත් අද මම බලපු සංගීත රෑප රචනා කීපයක් දැක්කමා හිතුනා සෝමරත්න දිසානායකයන් ගේ ප්‍රකාශයේ යම් ඇත්තක් තියනවා කියලා....

මගේ මතකයේ හැටියට මේ සංගීත රෑප රචනය කියන සංකල්පය අපේ රටේ බිහිවෙන්නේ අනුව දශකයේ මුල් භාගයේ දී.... ජාතික රෑපවාහිණියේ විකාශය වුනු තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් වුනු “යාත්‍රා“ කියන වැඩසටහනින් තමයි මුල් වරට ගීත සඳහා රෑප රචනය කිරීම අපිට හඳුන්වා දුන්නේ... (මගේ මතකේ වැරදි නම් ඒ ගැන දැනුවත් කරන්න). ඒ තුලින් ඒ කාලේ බිහිවෙච්ච නව ආරේ ගීත පදරචනයන්ට යම් සජීවී බවක් ඇතිවුනා. එදා ඒ ආරම්භ උන සංගීත රෑප රචනය අද අපේ සමාජය තුල වෙනමම කලාවක් දක්වා වර්ධනය වෙලා තියනවා. සංගීත රෑප රචනය වෙනුවෙන්ම බිහි වුනු ආයතන, අධ්‍යක්ෂවරු වගේම නිෂ්පාදකවරුත් අද අපේ රටේ බහුලයි. නමුද අද සංගීත රෑප රචනයයේ භාවිතාව ගැන නැවත සිතා බැලීම වැදගත්.. එදා යාත්‍රා හී අපි නරඹපු රෑප රචනයන්ට වඩා අද රෑප රචනයන් හාත්පසින්ම වෙනස් වෙලා. එදා රෑප රචනයේ දී වැදගත් උනේ ගීතය. ගීතය සජීවිකරණය කරන්න තමයි රෑප රචනය යොදාගත්තේ. නමුත් අද අද බිහිවෙන රෑප රචානා දැක්කමා හිතෙන්නේ මේ රෑප රචනා වලට හරියන්න ගීත ලිව්ව ද කියන හැඟීමක්.

මම සාමාන්‍යෙයන් ප්‍රවෘත්ති ඇරුනාම ලංකාවේ වැඩ සටහනක් බලන්නේ බුකියේ පලවෙන ලින්ක් එකක් ඕස්සේ දකින්න ලැබෙන දෙයක් විතරයි. නමුත් ටික දවසකට උඩදී අතුල සමිතා ගායනා කරපු “ඉවසයිද මන්දා“ කියන ගීතයේ රෑප රචනය බලන්න ලැබුනා.ඒ රෑප රචනාවත් එක්ක ඒ ගැන මගේ හිතේ මැවුනු අදහස මම බොහොම සරළව කිව්වොත්.

“කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ජීවත් වෙනවා. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒක කොල්ලට අහු වෙනවා. කෙල්ල කොල්ලාව දාලා යනවා. දාලා ගිහින් අළුත් කොල්ලත් එක්ක එකට ජීවත් වෙනවා. ටික කාලයක් යනකොට කෙල්ල බලාපොරොත්තු වෙන ආදරේ අළුත් කොල්ලාගෙන් ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් කෙල්ල පරන කොල්ලා ගැන හිතනවා. එක අවස්ථාවක දී අළුතු කොල්ලා කෙල්ලව රවට්ටලා කියලා කෙල්ලට තේරෙනවා. ඒක අහපුවාම අළුත් කොල්ලා කෙල්ලව එළියට දානවා. කෙල්ල සතියකට විතරක් ඇති වෙන්න රෙදි අඩුක්කරපු බෑග් එකත් අරගෙන ගෙදරින් එළියට බහිනවා.  කෙල්ල පරණ කොල්ලට කොල් කරනවා. කොල්ලා අන්සර් කරන්නේ නැහැ. පස්සේ කෙල්ල කොල්ලාව හොයාගෙන යනවා. හැබැයි එතකොට පරණ කොල්ලා අළුත් කෙල්ලෙක් එක්ක ජීවත් වෙනවා.“

ඒ රෑප රචනය නැරඹුවාම මට දැනිච්ච කථාව බොහොම සරළව මේ විදියට අකුරු කරන්න පුලුවන්. මේ කාරනා එකින් එක අරගෙන බැළුවොත් මට දැනෙන්නේ මේ කියනනේ අපේ ලංකාව ගැනද කියන එක මට නම් ප්‍රශ්ණයක්. ඔය වගේ දේ ඇමරිකාව වගේ රටවල් වල වෙන්න පුලුවන්. හැබැයි ඒවා වඩාත්ම දකින්නේ ඒ රටවල් වල බිහිවෙන චිත්‍රපටි වල විතරයි. ඇත්ත සමාජේ ගත්තාම ඇඳුම් මාරැ කරනවා වගේ ගෑණු මිනිස්සු මාර් කරන ක්‍රමයක් මේ රටවල් වලත් නැහැ. අනිත් පැත්තෙන් මට දැනෙන්නේ මේ ප්‍රෙමෝට් කරන හදන තියරිය මොකක්ද කියන එක. සාමාන්‍යෙයන් අපේ රටේ පැවතුන පවතින සංස්කෘතික රටාව තුල ගෑණියෙක් මිනිහෙක් එකට ජීවත් වෙනවා කියලා කියන්නේ යම් නිශ්චිත බැඳීමකට යටත්ව සිද්ධ වෙන දෙයක්. එතනදී නීතිමය වශයෙන් හෝ වේවා සමාජීයමය වශයෙන් හෝ වේවා යම් බැඳීමක් තියනවා. හිතෙන හිතෙන වෙලාවට ගෙවල් වලින් එළියට බහින්නවත් ඇතුලට ගන්නවත් අපේ සමාජ ක්‍රමය අනුව හැකියාවක් නැහැ. ඇත්තටම අපිට එහෙම කරන්න අවශ්‍ය උනත් අපි වටා පවතින අපේ සමාජ ක්‍රමය අපේ සමීපතමයන්, දෙම්වපියෝ ඒ දෙවල් අනුමත කරන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ මේ ගීතයෙන් ප්‍රෙමෝට් කරන්න හදන්නේ බටහිර රටවල තියන “Living together"කියන සංකල්පයක ද කියලා මට හිතෙනවා.

අනිත් කාරනේ එකට ජීවත් වීම තුල උනත් එහි යම් අධ්‍යාත්මික වශයෙන් බැඳීමක් තියනවා. අඩුම ගානේ එකිනෙකා තුල ඇතිකරගත්ත අවබෝධයක්. එකිනෙකා වෙනුවෙන් කැපවීමේ එකඟතාවයක්. එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් තියනවා. නමුත් මේ රෑප රචනයේ දී අදාල අධ්‍යක්ෂවරයා ඒ සියළු හැඟීම් සම්බන්ධතා බිඳලා “එකිනෙකාගේ හැඟීම් සංතර්පණය“ කියන බැඳීම පදනම් කරගෙන රෑප රචනය කරලා තියන බව තමයි මට හැඟෙන්නේ. ඒක එසේ නොවෙනවා නම් එක ගෑණියෙක් අත් අරින කොට තව ගෑණියෙක් ගන්නත් එක මිනිහෙක් අත් අරිනකොට තව මිනිහෙක්ගේ ඇඟේ එල්ලෙන්නත් හැකියාවක් නැහැ. මේ ගීතයට වඩත් ගැලපෙන රෑප රචනයක් කරලා තිබුනා කව්දෝ වෙනත් කෙනෙක්. ඔරිජිනල් අධ්‍යක්ෂවරයාට වඩා ගීතය මනා ලෙස තෙරැම් අරගෙන ඔහු ඒ රෑප රචනය කරලා තිබුනා.

ඒ වගේම තවත් බොහොම අපුරු රෑප රචානාවක් අද අහම්බෙන් බලන්න ලැබුනා. ඒ රෑප රචනාව බැළුවාම මට දැනුන දේ බොහොම සරළව මෙහෙමයි..

“මුලු හදින් ඔබ“ කියලා ආරම්භ වෙන ගීතයේ රෑප රචනය ගටන් ගන්නකොටම තියන රෑප රාමුව කෙල්ල දාලා යන අවස්ථාව. කොල්ලයි කෙල්ලයි එකට ජීවත් වෙනවා. ඒ එක්කම කෙල්ලගේ යාළුවෙක් දෙන්නා “දරුකමට“ වගේ හදාගන්න අරගෙන තියනවා. ඒ දරැවා කෙල්ලට වඩා ටිකක් පැහැපත්. කෙල්ලට වඩා විසේ ගතියක් තියනවා. (සමහර විට දරුකටම හදාගත්ත හින්ඳා වෙන්න ඇති) කෙල්ලයි කොල්ලයි යන හැම තැනම දරුවාවත් එක්කගෙන යනවා. කෙල්ල කොල්ලාගේ අතින් ඇල්ලුවත් දරුවාගේ මුන හොඳ නැහැ. කොල්ලා කෙල්ලව ඉම්බොත් අර දරැවා ඈතට යනවා. පස්සේ කොල්ලා ගිහින් අතින් අල්ලා සනසනවා. කේකට ඒ වෙන කිසි දෙයක් ගැන පැහැදිලි වැටහීමක් නැහැ. මෙතනදී මට තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්ණයක් තියනවා. මට නම් දැනෙන්ම  මේ කෙල්ලෝ දෙන්නාගේ “ආප්ප“ කේස් එකක් තියනවා කියලා. දරුවා අර කෙල්ලව කොල්ලගෙන ගලවන්න හදන්නේ එක නිසා. කොල්ලා ගේ මොකක්දෝ නපුන්කස ගතියක් තියනවා. කොල්ලට හොඳටම අවස්ථාව තියනවා දෙකම තියාගෙන “රජෙක්“ වගේ ඉන්න. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවා කොල්ලට කොච්චර බැල්ම දැම්මත් කෙල්ලට ගානක් නැහැ. කෙල්ලට කොල්ලාව කොච්චර විශ්වාසයිද කියන්නේ උදේ පාන්දර දරුවා සුටි කොට කලිසමක් ඇඳලා ඉන්න වෙලාවේ අර අහිංසක කොල්ලාව තනියම දාලා යනවා.“

මේ රෑප රචනා දෙකේදිම මම දැක්කේ අර මම මුලින් කියපු ලිවින් ටු ගෙදර් කියන සංකල්පය ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳයා පල නිෂ්පාදනය කරපු දැන්වීම් දෙකක් විදියට. ඊට අමතරව “මුලු හදින් ඔබ“ කියන ගීතයේ විශේෂත්වය තමයි කාලයක් අපේ රටේ තිබිලා වැලලිලා ගිය අයියා මලෝ එක ගෑණි බෙදාගත්ත “එකගෙයි කෑම“ කියන සංකල්පයේ අනිත් අන්තය හෙවත් “චන්නයි කෙල්ලෝ දෙන්නයි“ ක්‍රමය ප්‍රමෝට් කරන්න හදවාද කියන එක. කොහොම නමුත් අනිත් කාරනේ මේ රචනා සඳහා භාවිතා කරන පන්තිය. උදේට මුහුද අයිනේ කැෆේ එකක සෙට් වෙන, හවසට බීච් එකේ ෆන් ගන්න... ක්ලබ් එකකට සෙට් වෙලා බිලියට් ගහන පන්තිය ගැන ප්‍රමෝෂන් එක්ක ද කියලාත් හිතෙනවා....
(මුළු හදින් ගිතය බලන්න මෙතනට කොටන්න)

මේ මොන දේ කොයි විදියට ප්‍රමෝට් කලත් මේවා ගැන යම් පාලන යාන්ත්‍රනයක් බිහිවෙන්න සුදුසු කාලේ ඇවිත් කියන එකයි මගේ මතය. අද මගේ දරුවන් ඇතුලු මුලු රටේම දරුවන් පොතට වැඩිය යොමුවෙලා තියෙන්නේ රෑපවාහිණියට. උදේ ඉඳලා රෑ වෙනකම් එකක් මාරැ කරන කොට එකක් වශයෙන් තියන චැනල් හැට හුටා මාරේම ප්‍රචාරය වෙන්නේ මේ ගීත. අද ගීයක් මාකට් කරන්නේ ගීතයේ පද රචනාවෙන්වත්, සංගීතයෙන්වත්,  ගායකයගේ කටහඬින්වත් නෙමෙයි. “පට්ට කෑල්ලක්“ “හැන්ඩි කොල්ලෙක්“ අරගෙන කෑල්ලට කකුල් දෙක පේන කොට ජංගි කෑල්ලද අන්දලා... කොල්ලා ඉස්සරහා කකුලක් පිට කකුලන් දම්මලා.. කැමරාව කකුලෙන් පටන් අරන් තන් දෙක මැද්දෙන් ගිහින් රවුමක් දාලා... පස්සේ හුලඟට උඩයන ගවුමක් ඇඳගෙන මුහුදු වෙරලට ගිහින් උඩ යන රෙද්ද අතින් අල්ලගන්න හදලා... බුරුත කොට වගේ කලවා කෑලි දෙක එළියට එන්න අල්ප දයන්න වගේ නිදි කරවලා... පොඩි පොඩි විෂුවල් එෆෙක්ට් ටිකක් දැම්මාම අපි ඒකට මියිසික් වීඩියෝ කියලා බලනවා. ඉස්සර අපි රෑපවාහිණිය ඉස්සරහා වාඩි උනාම නයිට් රයිඩර් කෙල්ලගේ කට කන්න යන කොට අපි ඇස්වහලා ඇඟිලි අස්සෙන් බලනවා. අද ළමයි ඇඟිලි අස්සෙන් බැලීම කෙසේ වෙතත් පොඩි කාලේ ඉඳලාම දකින්නේ වැල්ලේ පෙම් කෙළින ඒවයි... ගෑණු දාලා යන සිද්ධියි. මොහොතක් හිතන්න මේවා ළමා මනසට බලපාන්නේ නැහැ කියලා ඔබට දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද..? අද බිහිවෙන තරැණ පරම්පරාව ඇයි වල්මත් වෙන්නේ. ඔවුන් හොයාගෙන යන්නේ අද අපිට උදේ හවා රැපවාහිණියේ පෙන්නන ආතල් ලෝකෙට. අපි ඉස්සර 1.25 ට තෝසේ කෑවට අද තරුණ දරුවෝ චේන්ජ් එකට යන්නේ කේඑෆ්සී... කෙල්ල එක්ක යන්නේ මැක්ඩොනල්ඩ්ස්... මොකටද අයිස් ක්‍රීම් කන්න.... 

මම මේ දෙවල් වැරදි කියනවා නෙමෙයි... සමහර අයට හිතෙයි මේ ලිං මැඩි ආකල්ප කියලා.... ඒක එහෙම වෙනවා... මොකද හැමදාමත් එක් පරම්පාරවක් තවත් පරම්පරාවක් දිහා සංසන්දනාත්මකව බලනකොට දකින අඩු පාඩු හෝ වැරදි, වැරදි විදියට දකින්න අළුත් පරම්පරාව කැමති නැති නිසා.... ඒත් මේවා ගැන නැවත හිතලා බලන්න.. අද ගැන නෙමෙයි.. හෙට ගැන.. හෙට උපදින දරුවෝ ගැන.... අපේ රටේ මේයාකාරයෙන් සිද්ධවෙන දේ ගැන ලියන්න ගියොත් තව පිටු කීපයක් ලියන්න පුලුවන්.. ඒත් අද මම උත්සහා කලේ අපේ රටේ “මියිසික් වීඩියෝ“ වල “ට්‍රෙන්ඩ්“ එක ගැන මට දැනෙන දේ ඔයාලත් එක්ක බෙදාගන්න.....

අපි මේ හැමදාම සෙල්ලම් කරනේ රටේ අනාගත දරුපරම්පරාවත් එක්ක කියන එක විතරක් මතක තියාගන්න.....

(සංවාදයට ඉඩ)