සෙනහස කඳුළු කර මේ ලෙස දිවි ගෙවමී
නුඹ දිවි සරි කරන්නට මම වෙර දරමී
මා ලඟ නැතත් මම ඔබ ලඟ නිති සිටිමී
ලොකු පුතු මගේ ඔබ මගේ පන වැන්නේය
පොඩි පුතු ඔබට මා මගේ පන දෙන්නේය
දුවනිය නිසා මා ජීවත් වන්නේය
ඔබ හා ගෙවන්නට මට පිං නැත්තේය
නුඔ වැටිලා මම ඇඬුවා මට මතකයි
නුඹ නැගිටිනකොට අත දුන්නා මට මතකයි
ලොකු පුතු මගේ ඔබ අද මගේ හිත ලඟමයි
එන්නට වරම් නැහැ මට හරිම දුකයි
චුටි පුතුගේ දඟ සෙල්ලම් බලන්නට
තුරැල්ලට අරං යහනේ නිදන්නට
ආසයි යලිත් නුඹ පස්සෙන් දුවන්නට
එන්නට හිතෙනවා නෑ ඒ වරම් මට
කිරිකැටි සිනා ලඟ දෝණිගේ කථාවට
දුරසිට බලා හිනැහෙමි ඒ ලතාවට
තුරැලට ගෙන සිපගන්නට මුහුණකට
ආසයි එන්න මුත් නැහැ ඉඩකඩක් මට
පියකුගේ සෙනෙහස කවියට නැගීම කදිමයි...කරුණා රසය මැනවින් විඳගතිමි..
ReplyDeleteතම දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න පියෙක්ගේ සිතේ නෑගෙන සිතුවිලි. හරි අපූරුයි.
ReplyDeleteපියෙකුගේ විරහ වේදනාව.
ReplyDeleteස්තුතියි හැමෝටම....... ඊයේ රෑ ධර්මසිරි ගමගේ මහත්තයා අනුස්මරණය කරපු සංහිඳ වැඩසටහන බලද්දී ඇතිවුන හැඟීමක්... පද වැලකට ගොනු කලා....ලෝකෙට නොපෙනෙන තාත්තලාගේ වේදනාව..(පොඩි මත් බවකුත් තිබුනා... ඒකත් උදවු වෙන්න ඇති)
ReplyDeleteසැමට ජය !!!
ළමයි තුන්දෙනෙක් ගෙ තාත්ත කෙනෙක්...හ්ම්..අපේ තාත්ත වගේමයි.
ReplyDeleteපියෙකුට ලැබෙන උතුම්ම දේ තමා දරුවන්ගෙ ආදරේ ....
ReplyDeleteලස්සන කවි පෙලක් ........
හ්ම්.........
ReplyDeleteවහන් ඉන්න හදවතේ දුක හොඳටම තේරේනවා.