Saturday, July 23, 2011

ගෑණුන්ට බැරි වැඩ...

බයවෙන්න එපා... මේ කියන්න හදන්නේ ගෑණුන්ට බැරි වැඩ ගැන නෙමෙයි... මේක අපි ජාත්‍යන්තර කාන්තා දිනයක කරපු ප්‍රවර්ධන වැඩසටහනක (campaign)  එකක තේමාවක්. අපි මේකෙන් උත්සහ කලේ සමාජය තුල කාන්තාවන්ට කල හැකි මෙන්ම කාන්තාවන් කල යුතුයි යැයි පිළිගන්නා කාර්යයන් මොනවාද කියන එක පිළිබඳව අදහස් විමසීමක් කරන්න. මෙහිදී වැඩි ප්‍රතිශතයකගේ අදහස උනේ කාන්තාවකට ඕනෑම වෘත්තියක නිරතවිය හැකි බවයි.


ඒක ඇත්තක්ද ?


එහෙමත් නැත්නම් කාන්තාවන්  සහ පිරිමින් කලයුතු කාර්යයන් තිබේද ?

එසේ නම් එම කාර්යයන් තීරණය කරන්නේ කව්රැන්ද


මෙම කාර්යයන් බෙදාවෙන්කිරීම කරන්නේ අපි පුංචි කාලෙමයි...  අ‍පේ හෝඩි පොතේ පළවෙනි පාඩම පටන් ගන්නේ අම්මා බත් උයයි.. තාත්තා පත්තරය බලයි... ඔන්න ඔය වගේ අදහසක් අපි පොඩි කාලෙම ඔළුවට දානවා... එදා ඉඳන් පටන් ගන්නවා වැඩ බෙදීම... අයියා මේක කලාට කමක් නැහැ ඔයා ඒවා කරන්න එපා... ගෑණු ළමයි ගස් නගින්න හොඳ නැහැ...ඒවා පිරිමි කරනව වැඩ... ඔය වගේ බෙදීම්... ඔය වගේ රාමු අපි විසින්ම හදාගන්නවා..අපි හරිම අකමැතියි මේ කියන රාමුවෙන් පිට පනින්න. අපි බලමු කාන්තාව කලයුතු යයි සලකන වැඩ කීපයක්...

සරළම උදාහරණය බත් උයන එක....නමුත් අද ලංකාවේ තියෙන තරැ පන්තියේ හෝටල් වල ප්‍රධාන කෝකියෝ විදියට වැඩ කරන්නේ කව්ද ? කාන්තාවන් කී දෙනෙක් මේ වෘත්තියේ නියැලෙනවාද ? බත් ඉවිල්ල කාන්තාවට අයත් කාර්යයක් නම් පිරිමියෙකුට ප්‍රධාන සුප‍වේදියෙකු වීමේ අවස්ථාව ලැබුනේ කෙසේද ? ඒ ඔහු ලද දැණුමත් පුහුණුවත්  ආකල්පමය වර්ධනයත් තුලිනි.
හිතලා බලන්න අද ලෝකයේ කාන්තාව අද අපේ රටේ කාන්තාව ඉන්න තැන අතර තියෙන පරතරය. බටහිර රටවල කාන්තාවන් පිරිමින් හරි හරියට වැඩ කරන නිසා ඒ රටවල් සීග්‍ර සංවර්ධන ගමනක් යනවා. අපේ රටේ කාන්තාවන් ගෙන් බහුතරයක් නිරතවෙලා ඉන්නේ සාම්ප්‍රදායික රැකියාවන්වල. රටේ මුළු ජන ගහනයෙන් 50% කට වඩා වැඩිවන කාන්තාවන්ගේ ප්‍රතිශතයෙන් බහුතරය වෙළඳ කලාප අශ්‍රිතවද වැඩි තවත් කොටසක් ගොවිතැන සහ තවත් සාම්ප්‍රදායික රැකියාවන් හී නිරතව සිටිනවා.
දැන් කාට හරි හිතෙන්න පුළුවන් ඉතිං හැමෝම යම් කාර්යයක් කරනවානම් මොකක්ද කියෙන ප්‍රශ්ණෙ කියලා... එන්න අපි මේ ගැන කථාකරමු.............

10 comments:

  1. //බටහිර රටවල කාන්තාවන් පිරිමින් හරි හරියට වැඩ කරන නිසා ඒ රටවල් සීග්‍ර සංවර්ධන ගමනක් යනවා//

    මේ කතාවට නම් සම්පුර්නයෙන් එකඟයි. අපි පුරුදුවෙලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන් අපේ වැඩ අපිම කරගන්ට. කාර් එලවීම, ටයර් මාරු කිරීම, තව මෙකී, නොකී බොහෝදේ සඳහා පිරිමින්ගේ සහාය අවශ‍ය වන්නේ නෑ. අවශ්‍ය සේවයක් තිබුනොත්, (අපි ඒ සඳහා පුහුනු නොවී සිටීම නිසා ) අපි මුදල් ගෙවා ඒ සේවය ලබාගන්නවා.

    හොඳම කෝකියෝ පිරිමි බව අනිවාර්යෙන්ම පිලිගන්නවා. එයාලා අපට උයලා දෙනකල් තමා අපිත් මේ බලා ඉන්නේ...:D

    ReplyDelete
  2. මමත් ඉන්නේ කාන්තාවන්ටත් පුරුෂන්ටවගේම ඕනෙම වෘත්තියක නිරත වෙන්න පුළුවන් කියන එක..
    ඒත් "කාන්තාවන්ට සමතැනක්" දීම ගැන අපි මෙතන ඉඳන් කතා කළාට ඈත ගම්මාන වල තාමන් ඉන්නවා තමන්ගේ යුතුකම සැමියට කෑම ටික හදලා දීලා ළමයි බලා කියාගෙන සැමියා කියන විදිහට ඉන්න එක කියලා හිතාගෙන ඉන්න ගැහැණු අය ඕන තරම්.

    ReplyDelete
  3. උපන් දවසෙ සිට හිතට ඇතුළු කරන ආකල්ප හා ගැහැණු/ පිරිමි මෙසේ විය යුතුය, හැටි මෙහෙමය, යනාදී රූපයක් සිත තුළ ඇති කිරීම තමයි ඔය ගැටළුවට මුල. (ඕක විතරක් නෙවෙයි, තව හුඟක් දේට) කරන රැකියාව/ වෙනත් කාර්යයන් කොච්චර හොඳට කළත්, අර විදිහෙ රූපයක් හිතෙන් හදාගෙන ගෑණුන්ට මේ වැඩේ බැරිය, පිරිමින්ට මේ වැඩ බැරිය කියන රාමුව තුළ හිර වෙලා.
    බස්සා කියනවා වගේ පාඩම් පොතෙන්, කතන්දර පොතෙන් හා ගෙදර වටාපිටාවෙන් පටන් ගන්න දේ, රූපවාහිනියෙන්, පත්තරවලින් ආදියෙනුත් තව තව තහවුරු කරනවා. කාන්තා වැඩ සටහන් සහ ඉන්දීය නාට්‍ය කියන නාමයෙන් කරන්නෙම ඔය ආකල්පය බලෙන්ම ඔලුවට රිංගවීම.
    අනික, ඔය දේ වැඩිපුරම ඔලුවෙ පුරෝගෙන ඉන්නෙ මධ්‍යම පන්තිය කියලයි මම හිතන්නෙ- අනෙකුත් "සංස්කෘතික" ලක්ෂණ වගේම.

    ReplyDelete
  4. මටනම් හිතෙන්නේ පුරුදු පුහුණු උනත් කරන්න පුලුවන් රැකියා තියනවා වගෙම පුහුණු උනත් කරන්න බැරි ඒවත් තියනවා කියලා. උදා:-
    1. ධීවර කරමාන්තය,පතල් කර්මාන්තය,නාට්ටාමි වැඩ.
    මේව පුහුණු උනත් ප්‍රායොගිකව කරන්න යැමෙදී ගැටලු මතුවෙනවා. ශාරීරික ශක්තිය අතින් පිරිමින්ට වඩා ගැහැනිය දුර්වලයි. දිගටම මෙවැනි රැකියාවල නිරත වීමට ඇයට අමාරුයි. අනිත් එක තමා ආරක්ෂාව.පිටරටවල වගේ නෙමේ ලංකාවෙදී ඒ අතින් නිසි ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.
    පසුගිය කාලයේ කාන්තා කොන්දොස්තර වරියන් බදවා ගත්තා නමුත් සාර්ථක උනේ නෑ.පිරිමි කරන රැකියාවල් කරන්නටනම් හොද ආරක්ෂාවක් ඇයට  සැපයිය යුතුයි. බොහෝ පිරිමින් කැමතිත් නෑ මේ පිරිමි කරන රැකියාවල් කරන්න තම බිරිද , දියනිය සහෝදරියන් යවන්න.

    පිරිමිනම් හොද කෝකියෝ තමා.ඒත් ඉතින් ගෙදර කෝකි වැඩේනම් දිගටම කරන්න ලංකාවේ පිරිමිනම් කැමති නෑ. ඒ කාර්ය ඉතින් සුපුරුදු පරිදි අපිටම තමා බාර වෙන්නේ.

    ReplyDelete
  5. @ පොඩි කුමාරිහාමි......ස්තුතියි ඔබට...ඔව් මං විශ්වාස කරන්නේ අපේ රටේ කාන්තාව ආකල්පමය වශයෙන් ශක්තිමත් කලයුතුයි. ඒක තමයි ප්‍රධානම කාර්යය විය යුත්තේ. මං දැකලා තියෙනවා ත්‍රිරෝද රථ පදවන කාන්තාවන්, ඒ වගේම එක් අවස්ථාවක දැක්කා පිරිමියෙකුට රැයදුරැ පුහුණුව ලබාදෙන කාන්තාවක්, කැකිරාව ප්‍රාද්ශයේදී. මුලින්ම කාන්තාව පිලිගත යුතුයි තමන්ට ඔනෑම වෘත්තියක නියැලීමේ හැකියාවක් තිබෙව බව.ඒ ආත්ම විශ්වාසය ගොඩනැගිය යුතුයි.

    @ පුසා......ස්තුතියි ඔබට... ඇත්තමට සංතෝශයි ඔබ ඔය වගේ මතයක සිටීම ගැන. හැබැයි මං මේ කථාකරන්නේ ඔය "සම තැන" කියන දේ ගැන ‍නෙමෙයි...

    @ දොස්තර නෝනා..... සහතික ඇත්ත... ඔය ඉන්දියනු පකඩ නාට්‍ය වලින් පැහැදිලිවම අපිට අපේ හැදියාවන්ට අපේ සංස්කෘතියට පැහැදිලි බලපෑමක් එල්ලවෙනවා. කරැමේ කියන්නේ අපේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති එකයි. හොඳම උදාහණය, ඉස්සර වගේම දැනුත් අ‍පි දෙමව්පියන්ට වඳින්නේ දණ ගහලා. ඒත් දැන් ළමයි වඳින්ටනේ කොහොද ? ඉන්දියන් ක්‍රමේට..කසාද ඉන්දියන් ක්‍රමේට.. දන්නෙම නැතුව ඉන්දියානු සංස්කෘතිය අපිව ආක්‍රමණය කරලා..
    අන්තිමට අහන්න තියෙන්නේ එක දෙයයි..

    මොළගෙඩි වලට හෙණ ගහලද සිංහළුනේ...

    @ ගිම්හානි... මේක දිහා බොහොම පටු විදියට බලන්න එපා නංගි.. ‍‍මේක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..මෙතනදි කාන්තාව විතරක් නෙමෙයි, සමාජය වශයෙනුත් ආකල්පමය වෙනසක් ගොඩනගන්න ඕනේ.. ඒ වගේම ආරක්ෂාකරී පරිසරයක් අතිකරන්න ඔනේ.. ඔය මුකුත් කරන්නේ නැතුව කිනම්ම කාන්තාවන් ට්කම් මැෂිම අතට දීලා බස් එකට නාග්ගුවාම ඔයිට වැඩි ප්‍රථිපලයක් බලාපොරොත්තු වෙන්න බැහැ..

    ReplyDelete
  6. අපේ සමාජ ක්‍රමය හැදුවොත් වෙනසක් කරන්න පුලුවන් .....

    ReplyDelete
  7. බටහිර සමාජයේ තමා ගැන තමා බාලා ගත යුතුය.බටහිර සංකල්පය එයය්.අවු 15 පිරුනු දුව ද පුතද වයසට ගිය මවු දෙමවු පියන්ද එයට අයත්ය.ලාංකික සමාජයේ දියනිය පිය විසින් පණ දෙවිනි කර රකි.සහෝදරිය සොහොදරය විසින් රකින්නේ එලෙසමය බිරිය-සැමියා, මව-පුතා. ඔය ආකාරයට ගැහැනිය නම් වස්තුව ‍රැකිම පිරිමියගේ වගකීම ලෙස සලකීම වරදක් ලෙස මට නොපෙනේ.ඇයට පවරුනේ ගැනියගේ ජිවිය වගකිම වන දරුවන් බිහි කිරිම හා ගේදොර කටයුතු වැනි අධි වෙහෙසකර නොවන දෑය. අධි වෙහෙසකර දෑය පිරිමියා විසින් කර දෙනලදි.සොබාදහම විසින් ශක්තිමත් ශරිරයක් දී බර වැඩ නියම කල පිරිමියා විසින් කල බර වැඩ සියුමලි ශරිරයයක් දි සොදුරු සියුමැලි වැඩ නියම වු ගැහනිය පිරිමි කරන රලු වැඩ කරන පරිසරයක් හා එවැනි සමජයක් ඇති කිරිම කන්තා විමුක්තිය ලෙස මට නොපෙනේ.
    කාන්තාවන් සහ පිරිමින් කලයුතු කාර්යයන් තිබේද ? එසේ නම් එම කාර්යයන් තීරණය කරන්නේ කව්රැන්ද ? ප්‍රශ්ණයක් පැමිණ ඇත. මම කියන්නේ ස්වභාධර්මය දෙසට හැරෙන ලෙසයි.ගැහැනු පිරිමි වගකීම් හා ශරිර දෙස බැලූ විට බෙදිම අපුරුවට කරගත හැක.
    පවුලේ ආරක්ෂාව පිරිමියටත් පවුලේ ආදරය හා පැවැත්ම ගැහනියටත්, ශිෂ්ඨචාරයක ඉදිරයට යෑම පිරිමියටත් ජීවයේ ඉදිරයට යෑම ගැහැනියටත් බාරදෙමු.ඉන් බාහිරව කටයුතු කරන හැමවිටම සමාජයේ හා පවුල් ප්‍රශ්න අතිවිම වලක්වීය නොහැකි දෙයකි

    ReplyDelete
    Replies
    1. දරුවන් හැදීම ලෝකයේ අන් කොයි දේටත් වඩා බර වැඩකි. එයට තරම් ශාරිරික හා මානසික දරා ගැනීමේ හැකියාවක් වෙනත් දේකට අවශ්‍ය නැත. ඔබේ කතාව විහිලුවක්.

      පිරිමින්ට වඩා හොඳට පිරිමි යැයි සම්මත් රැකියා කරන ගැහැනු සිටිති. බොහෝ රටවල machine operator වැනි රැකියා බහුලව කරන්නනේ කාන්තාවන්. ගැහැනු ඔබ කියන ආකාරයට ලමයි හදන මැශින් වුනා නම් ලෝකයට අහිමි වන දේ බොහෝය. එවිට ශිෂ්ටාචාරය යන්නේ ආපස්සටය. අද රටේ ශ්‍රම බලකායෙන් කාන්තාවන් ඉවත් කලොත් රට ඉබේම කඩා වැටෙන හැටි දැකගත හැක.

      අවසාන වශය්න් කිව යුත්තේ කෙනෙකු කල යුතු දේ තිරනය විය යුතු ඔහුගේ හෝ ඇයගේ හැකියාව මත මිස ස්ත්‍රී පුරුෂ භාවය මත නොවන බවයි. ලොව දියුනු වන්නේ එවිටය. ඔබ නම් තවම ගල් යුගයේ සිටින අයෙකු බව පෙනේ.

      Delete
    2. ශාරිරික හා මානසික දරා ගැනීමේ හැකියාව අතින් ගැහැනු ඉදිරියෙන්නම් ලෝකයේ පිරිමි සහ කන්තා ලෙස ක්‍රිඩා ඉසව් වෙන් නොකරන්නේ මන්ද? තනි පිරිම්යෙක් අතින් උන ස්ත්‍රි දුෂණ ගනන වැඩිය.එසෙනම් පිරිමියා හා සටන්කර එම අවස්තා වල කාන්තවට බෙරිමට බැරිඋනෙ මන්ද? කනගා‍ටුව නම් ඔබ හරිහැට් කරුනු නොදැන කතාකිරිමය්.මම දන්නා පරිදි නම් කන්තවට ඔය ඔබ කියන දරුවන්බිහිකිරිමට අවශ්‍යය ශාරිරික හා මානසික දරා ගැනීමේ හැකියාවට හේතුව හෝමෝනමය ක්‍රියා කාරිත්වයකි.එය හැමදාම පවතින දෙයක් නොව ගර්භනි සමයේ ඇති වෙන දෙයකි.


      රට කඩා වැටෙන්නේ පිරිමි කලයුතු වැඩ කන්තවන්ට කිරිම්ට සිදුවිම නිසාය.පවුල් ඒකක බිඳ වැටිම තුලය.ඔබ රට ඊහලට යනවා කියන්නේ කාසි ලැබීමනම් මම තර්ක කරනේ නැත.බල්ලෝ මරා හරි සල්ලි ලැබෙනවා නම් කමක් නැත්නම් මට කිමට දෙයක් නැත.


      ඔවු සමහර විට ඔබ කියන ලෙස මම තවම ගල් යුගයේ සිටින අයෙකු විය හැක.නමුත් දියුණුවේ නාමයෙන් කරන විනාශ වලට ඔබ එකඟ නම්,කාන්තාව විකුනා හෝ සල්ලි ලැබෙනවනම් කමක්නැ යැයි ඔබ කියනවාන්ම් මම ගල් යුගයේ වීම ගැන මම සතු‍ටු වෙමි.

      Delete
    3. ශාරිරික හා මානසික දරා ගැනීමේ හැකියාව අතින් ගැහැනු ඉදිරියෙන්නම් ලෝකයේ පිරිමි සහ කන්තා ලෙස ක්‍රිඩා ඉසව් වෙන් කරන්නේ මන්ද? තනි පිරිම්යෙක් අතින් උන ස්ත්‍රි දුෂණ ගනන වැඩිය.එසෙනම් පිරිමියා හා සටන්කර එම අවස්තා වල කාන්තවට බෙරිමට බැරිඋනෙ මන්ද? කනගා‍ටුව නම් ඔබ හරිහැට් කරුනු නොදැන කතාකිරිමය්.මම දන්නා පරිදි නම් කන්තවට ඔය ඔබ කියන දරුවන්බිහිකිරිමට අවශ්‍යය ශාරිරික හා මානසික දරා ගැනීමේ හැකියාවට හේතුව හෝමෝනමය ක්‍රියා කාරිත්වයකි.එය හැමදාම පවතින දෙයක් නොව ගර්භනි සමයේ ඇති වෙන දෙයකි.


      රට කඩා වැටෙන්නේ පිරිමි කලයුතු වැඩ කන්තවන්ට කිරිම්ට සිදුවිම නිසාය.පවුල් ඒකක බිඳ වැටිම තුලය.ඔබ රට ඊහලට යනවා කියන්නේ කාසි ලැබීමනම් මම තර්ක කරනේ නැත.බල්ලෝ මරා හරි සල්ලි ලැබෙනවා නම් කමක් නැත්නම් මට කිමට දෙයක් නැත.


      ඔවු සමහර විට ඔබ කියන ලෙස මම තවම ගල් යුගයේ සිටින අයෙකු විය හැක.නමුත් දියුණුවේ නාමයෙන් කරන විනාශ වලට ඔබ එකඟ නම්,කාන්තාව විකුනා හෝ සල්ලි ලැබෙනවනම් කමක්නැ යැයි ඔබ කියනවාන්ම් මම ගල් යුගයේ වීම ගැන මම සතු‍ටු වෙමි.

      Delete