Monday, July 25, 2011

සිරස සුපර් ස්ටාර් සහ මාගේ සුන්දර සහෝදරයා...

සිරස සුපර් ස්ටාර් යනු මෙතෙක් ලංකාවේ බිහි වු රියැලිටි වැඩසටහන් අතර අංක එකේ වැඩසටහන කියලයි මං හිතන්නේ. ‍යමක් කොපි කරන එක උනත් හරියටම කොපි කරනවා කියන එක අමාරැ වැඩක්.. අනිත් නාලිකා එක්ක ගත්තාම කොපිකරන එක හරියටම සිරස ටීවී එක කරනවා කියන එක පැහැදිලියි. ලෝකයත් එක්ක සාපේකෂව ‍විකාශණය වන රියලිටි වැඩසටහන් බැළුවාම ලොකු වෙනසක් තිබුනත් රට තුල සිරස සුපර් ස්ටාර් අංක එකේ තියනවා. 

සිරස සුපර් ස්ටාර් සීසන් එක, දෙක, තුන ගත්තාම එක් එක් වැඩසටහන් ක්‍රම ක්‍රමයෙන් දියුණුවක් ලබපු බව පේන්න තිබුනා සහ ඇඟට දැනුනා. වැඩසටහන් තුනෙන්ම සාර්ථකම වැඩසටහන සීසන් තුන කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ඒ වැඩසටහනෙන් බිහිවුනේ සැබෑම දක්ෂයින් පිරිසක් කියලා අද ගායන ක්ෂේත්‍රය දිහා බලනකොම පේනවා. ඒකට විශේෂයෙන්ම බලපෑවේ වින්ශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරපු චන්ද්‍රකා, අමල්, සමිතා, රාජු වගේම ජගතුත් විශාල සේවයක් කලා. ඒ වගේම වැඩසටහන් සාර්ථකත්වයට එය මෙහෙයවපු කමලුත් බලපාන්න ඇති. (එම වැඩසටහන සඳහා කැපවුනු සියළු දෙනා එහි සාර්ථකත්වයට බලපෑවා, නමුත් මං නම් කීපයක් සඳහන් කලේ මාතෘකාවට අදාල වෙන නිසා)

දැන් වටේගියා ඇති කෙලින්ම කථාවට බහිමු. මං කථාකරන්න යන්නේ සිරස සුපර් ස්ටාර් සීසන් හතර ගැන. ජෙනරේෂන් 4 කියන මහා පෙට්ටියක දාලා, කාටවත් තේරුන් ගන්න බැරි සංකල්පයක් තුල හිරකරලා කරන වැඩසටහනක්. පහුගිය සීසන් එක, දෙක, තුනම රසවිඳපු අපි බලාගෙන හිටියා මහා මැජික් සංදර්ශණය දිහා බලා උන්නා වගේ. මොකක්ද මේ වෙනස කියලා. ගායනයේ දක්ෂයින්, ඉදිරිපත් කිරීම් වල ඇති දුර්වලතා පෙන්වලා එහෙමත් නැත්නම් ඇඳගෙන ඉන්න ඇඳුම සම්බන්ධයෙන් පවතින අඩුපාඩු මත තරඟයෙන් අයින්කරද්දී අපි දුක්උනා. අයියෝ අපරාදේ එයාගේ මරැ වොයිස් එක, එහෙම නැත්නං  ඒකි මරැවට කිව්වා කියන අපේ තීරණය දීලා අපි බලාගෙන හිටියා, අවසානායේ මොකද වෙන්නේ කියලා. තෝරාගන්නා එහෙම නැත්නමි ගායනාකරන ගීතත් වෙනස්. මිල්ටන්ලා, ජෝතිලාගේ ගීත ගායනා කරන්නන් තේමාව හරිහැටි තේරැම් නොගත් තරඟකරැවන් ලෙස තරඟයෙන් ‍ඉවත්උනා.

අද මොකද වෙලා තියෙන්නේ... අද විනිශ්චය මණ්ඩලය ජනතාවට චෝදනා කරනවා නොසිටිය යුතු අයව ඉදිරියට යවනවා කියලා. පැහැදිලි ප්‍රකාශ නිකුත් කරනවා ඹබ ඔතන නොසිටිය යුතු තරඟකරැවෙක් ඹබ නිසා දක්ෂයින්ගේ අවස්ථාව මගහැරීයනවා කියලා. (යකෝ මේක මාර කෙලියක්නේ, එතකොට අපිද අවසාන සීය දක්වා මුන්ව ගෙනාවේ, ඒ දෙකක් දාගෙන මේක බලද්දී හිතෙන විදිහය) තව වෙලාවක එළියට ගිය උන් ඇතුලට ගන්නවා. හැබැයි ඊලඟ වැඩසටහනේ දී කියන්නේ නැවත තරඟයට කැඳවීම ගැන කනගාටු වෙන බව කියනවා. මේ විහිළු කරන්නේ කා සමගදැයි ප්‍රශ්ණයක් ඇත. නිවැරදි තේරීමක් කිරීමට බැරි පුද්ගලයින් විනිශ්චය මණ්ඩලයක සිටිය හැක්කේ කෙසේදැයි ප්‍රශ්ණයක් පැනනගියි. සීසන් තුනෙහි අවසාන දොලොස් දෙනාගේ අහලකින් වත් මෙවර තේරැනු දොලොස්දෙනා තියන්නට බැරියැයි මට සිතේ. 

ඒවගේම මුල් වට වලදී පැරණිගීත ගායනයට තිබු තහංචිය අවසාන වට වලදී දක්නටද නැත. දැන් බොහෝ දවස් වල තේමාවන් පැරණි ගීතය. මෙයින්ද මුල් වට වලදී ඉවත්වූවන්ට බලවත් අසාධාරණයක් වන බව මට හැ‍ඟේ. සරළම උදාහරණය වන්නේ රැක්මනීදේවියගේ ගීත ගායනා කල කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ තරැණියයි. ඇය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අනුගමනය කල ක්‍රියා පිලිවෙල කිසිසේත්ම අනුමත කල නොහැක. ඇය පෙන්වුයේ ඇයගේ උපන් හැකියාවයි. එය ජෙනරේෂන් 4 අච්චුවට නොගැලපේනම්  ඒ හේතුව මත ඇයව ඉවත්කල යුතුව තිබුනේ බොහෝ කලිනි. එස් එම් එස් මගින් ඇය ඉවත්වුවත් ඇගේ ගායනා වලදී ඉදිරිපත් කරන ලද අදහස් ඇයගේ මුළු ජීවිතකාලයම බලපානු ඇත. අවසානයේ දී කීමට ඇත්‍තේ ඔවුනගේම වචනයකි..

මාගේ සුන්දර සහෝදරයා... මෙවර නම් අසාර්ථකයි....

9 comments:

  1. සත්තකින්ම මමත් 100% ක් මේ කතාව සමග එකග වෙනවා... ඉස්සර සිස්න් වලදි මුල් ටික නොබැලුවත් අන්තිම 48 ඉන්නකොටවත් ප්‍රේක්ශකයෝ ඒකත් එක්ක උන්නා... ඒත් දැන් නම් ගොඩාක් දෙනෙක්ට ඒක එපා වෙලා... කමල් කරපු විදිහට ලගටවත් එන්න මේ දෙන්නට බැ..... වින්ශ්ච්ය මන්ඩලය ගැන නම් කතා කරලා වැඩක්ම නැ.... එයාලට වඩා කෙනෙක් නැහැලුනේ...

    ReplyDelete
  2. හපොයි. මේ ගැන කතා කරන්ට තරම් දැනුමක් මට නැති නිසා කට වහගන ඉන්න එක ඇඟට ගුනයි කියලා හිතනවා.

    හැබැයි ඉතින් 'අසාධාරනය' නම් මොනදේකින් හරි, කාට හරි සිදුවෙනවා නම් වැරදිබව තරයේම පිලිගන්නවා.

    ReplyDelete
  3. ඉස්සරනම් මාත් 24න් පස්සේ බලන්න ගත්තා. මේ පාරනම් බලන්නේ ඉදහිට. උද්යෝගයක් නෑ.
    ඔබත් එක්ක එකගයි...

    ReplyDelete
  4. මම නම් ආසාවෙන් බැලුවේ සීසන් 1 එක විතරයි. ඊට පස්සේ එකක්වත් බැලුවේ නෑ. දැන්නම් වැරදිලා වගේ චැනලෙ එක වැටුනාමත් එපා වෙනවා. විනිශ්‍චය මණ්ඩලයේ කට්ටිය විකාර කියවනවා දැක්කම වැඩසටහන නිකම් විහිළුවක් වගේ.

    ReplyDelete
  5. කතාව ඇත්ත. විනිශ්චයේ බරපතල ගැටලූ තිබෙනවා.එක එක අයට එක එක හැඳිවලින් බෙදන බවක් පැහැදිලිවම පේන්න තියෙනවා.
    මේ දවස්වල අර එක තරුණයෙක් අල්ලගෙන නොසෑහෙන්න පහර දෙනවා‍. මොකක් හරි පෞද්ගලික තරහක් පිරිමහනවදෝ කියලත් හිතෙනවා වෙලාවකට. ඒත් සරදමකට වගේ ඒ තරුණයා දවසින් දවස තරගයේ ඉදිරියට යනවා.
    ඔබ කිව්වා ව‍ගේ... ඇත්තටම අසාර්ථකයි!!

    ReplyDelete
  6. මෙහෙමයි සිරස දැන් දැන් අනුකරණයෙන් නව්‍යකරණයට යන්නේ නැතුව අනුකරණයෙන් අනුකරණයටම යනවා...ඒකයි ඕකට හේතුව....ලක්ෂපති හොඳම උදාහරණයක්...

    ReplyDelete
  7. හැමෝටම බොහොමත්ම ස්තුතියි.....

    ReplyDelete
  8. ඕකෙ තෝරන්නෙ තවම ඒස් එම් එස් වලින් නේද? මට නම් ඇත්තටම ඕක බලන්න වෙලාවක් නැහැ.

    එස් එම් එස් වලින් තෝරන එක් සාධාරණද, මට නම් හිතෙන්නෙ එහෙම නැහැ කියලා .......

    ReplyDelete
  9. ඔය මොන මාද්‍ය කොහොම ඕක කලත්...තෙරුන උන් තවම කියන්නෙ අනුංගේ ගීත..රී මිස්‌ කොරල ඕන්...සෝඩ බොතලේ අරිය වගේ තමා...

    ReplyDelete