Monday, October 1, 2012
දිවිය ලෝකේ ගිය මගේ පුතාට.. තාත්තගෙන් පණිවිඩයක්...
මගේ පුතේ..
මට සමාවෙයන්...
උඹ ගැන මතක් වෙන මතක් වෙන..
හැම මොහොතකම..
බඩ පපුව දාලා යනවා...
මට තාමත් මතකයි..
උඹ බඩට ආවා කියලා..
දැන ගත්ත මොහොත....
මට...
“රාහුලෝ ජාතෝ..
බන්ධනං ජාතං“..
කියලා නොහිතුනත්..
මගේ පපුව මොහොතකට නතර උනා...
බලාපොරොත්තු නොවෙච්ච මොහොතක..
උඹ ආපු එක ගැන...
අම්මා කොයි තරම් කිව්වත්...
උඹලාගේ ආච්චි අම්මා කැමති උනේ නැහැ...
රස්සාවක් නැති..
හරියට ඉන්න හිටින්න තැනක් නැති..
උඹගේ තාත්තට...
තාත්තෙක් වෙන්න ඉඩ දෙන්න...
අම්මා අඩන කොට...
ඇස් දෙකේ මතුවෙන කඳුළු ගල් කරගෙන...
චුට්ටන් බඩ එක්ක...
කළු විදුරු දාපු කාමරේට ගියේ..
හිතේ කැමැත්තෙන් නෙමෙයි...
මිනිමරු දොස්තරයා...
උඹව එළියට ගත්තේ...
මී පැටියෙක් මරනවටත් වඩා..
පොඩි කරලා...
අනේ මගේ රත්තරන් පුතේ...
උඹ රාහුල උනා නම්...
නැහැ මේ වගේ දුකක් වෙන්නේ....
උඹ සිදුහත් උනත්...
මම දන්නවා උඹ පස් මහ බැළුම් බලන්න..
තරම් මෝරලා නැති බව....
අම්මා ඇඳේ දිගාවෙලා ඉන්නකොට..
දොස්තරටගේ මේසේ යට...
හතරැස් භාජනේ වැතිරිලා හිටපු....
උඹව දැක්කම...
අනේ මගේ පුතේ...
මම කොයි තරම් පවුකාරයෙක්...?
මම කොයි තරම් අවාසනාවන්තයෙක්ද..?
මම කොයි තරම් අසරනයෙක්ද..?
කියලා මට හිතුනා මගේ පුතේ...
දිවිය ලෝකේ ඉන්න උඹට..
මේ පණිවිඩේ ලැබෙන එකක් නැහැ...
උඹට පුලුවන් කමක් තිබුනොත්...
මාව අපායෙන් ගලවපන්...
මගේ පුතේ...
Subscribe to:
Post Comments (Atom)
අපුරු නිර්මානයක් ගොඩක් ලස්සනයි.....
ReplyDeleteකලකට පසු බස්සාගෙන් සංගවේදී ලියමනක්....ගොඩාක් වටිනා දෙයක් ලියවිලා තියෙන්නේ.....
ReplyDeleteThumbs Up
උඩින් අතගාලා බලලා මේ වගේ දෙයක් ගැන කියන්නේ මොනාද ඉතිං....
ReplyDeleteසංවේදී නිර්මාණයක්....
බොක්කටම වැදුනා....
ReplyDeleteනිර්මාණය හොඳයි.
ReplyDeleteඑත් මේ පියා කරපු දේ අනුමත කරන්නේ නැහැ. පුතාගෙන් සමාව ඉල්ලලා වැඩක් නැහැ, කුසට නොකා පුතාව හදාගන්න තරම් දිරියක් නැති එකට ඔහු ලජ්ජා වෙන්න ඕනා. එවන් පියවරු මේ ලොවට කුමටද
ela niyamai
ReplyDeleteමාරයි!
ReplyDelete
ReplyDeleteකියවගෙන යද්දී හදවත සසළ වෙලා ඇස් වලට කඳුළු පිරුනා.ඒ කියන්නේ ඔබේ නිර්මාණය සාර්ථකයි.ඒත් මේ තාත්තාට සමාව දෙන්න පුලුවන්ද......
රිදෙන්නම ලියල . ගොඩක් දුකයි බස්සෝ .
ReplyDeleteසිරා නිර්මාණයක්.ඒත් තාත්තලා අම්මලා පොඩ්ඩක් හිතලා බලලා වැඩ කළානං මෙහෙම නොවෙන්ඩ ඉඩ තිබ්බා.
ReplyDeleteදුක හිතෙන නිර්මාණයක්
ReplyDeleteනියමයි මචන්, ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න විවාහයට බලපාල තියෙන විදිය සියුම්ව පෙන්වල තියෙනවා .... එත් එක තැනක පොඩි වැරද්දක් තිබුනත් Great Job මචන්...
ReplyDeleteහැම තිස්සෙම ගබ්සාවෙදි කථාකරන්නේ අම්මගෙ අසරණ කම, අද තාත්තගෙ පැත්තෙන් කියෙව්වා
ReplyDeleteබොක්කටම වැදුනා...
සෑහෙන්න සංවේදි පද කීපයක්
ReplyDeleteසංවේදී නිර්මානයක්...
ReplyDeleteගබ්සාව සාධරාණීකරනය කරන්න හදනව නෙමෙයි ඒත් යම් අවස්ථා තියෙනවා එය සාධරණී කරණය කර හැකි... ඒත් ඉතින් හොඳම දෙය මොනා කරත් පරිස්සම් වෙන එක... මොකද ජීවයක් නැසීම පවක්.
මොනවා කියන්නද විශිෂ්ඨයි අයියේ
ReplyDeleteහොද නිර්මාණයක්. සුපිරි.
ReplyDeleteසංවේදී නිර්මාණයක් පියෙකුගෙ ඇසින්..!
ReplyDeleteඇත්තටම සංවේදියි.
ReplyDeleteසිරාම සිරා...
ReplyDeleteඔහොම කතාත් ඕනතරං ඇති...
මගේ පපුව මොහොතකට නතර උනා...
ReplyDeleteබලාපොරොත්තු නොවෙච්ච මොහොතක.. :-/
හිතට දැනුනා .....
ReplyDeleteකියවද්දි ඇඟ හිරිවැටිලා ගියා...
ReplyDeleteපියා යනු අෙප් අනාගතෙය් සුභ නිමිත්ත ෙව්.සංෙව්දියි
ReplyDelete