Saturday, November 3, 2012

ඇතුවත් බැරි.. නැතුවත් බැරි.. ගෑණු



මට අවුරුදු ගානතට කලින් අපි සමරැපොත් පාවිච්චි කරන කාලේ මගේ යාළුවෙක් මගේ සමරැ පොතේ ලියපු කවියක් මතක් උනා.... 

“ලෝකය උලා කා මුදෙන් දිප බීපු...
ගැහැණිය උගුලක්ය මහබඹු අටවාපු..“

ඇත්තටම ජීවිතේ වෙන.. වෙච්ච බොහෝ දේවල් දකින කොට තාමත් හිතෙන්නේ මේ කථාව පරම සත්‍යක් කියලා... මේ ලියන කිසිම දෙයන් සමික්ෂණයක් හෝ අන්තර්ජාතික ප්‍රමිතියකට කරමු සංඝණනයක දත්ත නෙමෙයි.. ඒක නිසා කිසි කෙනෙක් තර්ක කරන්න එපා මේ දේවල් ගැන නිශ්චිත නිගමනටන්ට ආවේ කොහොම ද කියන එක... ඒත් මේ මට හිතෙන හැටි....

අපි ලෝකෙට ඉපදුනේ ගැහැණියෙක් නිසා... හැබැයි අමතක කරන්න එපා ඒ ඉපදීමේ එක් කොටසක පිරිමියෙක් ඉන්නාව කියන එක.... අම්මා මම ඉපදෙන මොහොතේ වින්ඳ වේදනාව කිසිම දේකට සම කරන්න බැහැ වගේම මුලු ජීවිතේ කාලේ පුරාම මාව හදන්න වඩන්න උගන්නන්න මගේ තාත්තත් ඒ වගේම දුක් වින්ඳා.... 

නමුත් අම්මා ව දැක්ක පුතෙක් වගේම තාත්තට තේරුම් ගන්න බැරි උන අම්මාවත් මම දැක්කා... සමහර විට අද මේ මම දකින දේ එදා තාත්ත දැක්ක දේ වෙන්න පුලුවන්.... ජීවිතේ කාලයක් ලඟ හිටිය නංගිව තේරුම් ගන්න බැරි විම තුල.... අවුරුදු ගානක් එකට ඉන්න බිරිඳව තේරුම් ගන්න බැරි වීම තුල, ලොකේ කොයි තරම් දියුණ තාක්ෂණයයක් තිබුනත් තාමත් ගැහැණිය තේරුම් ගන්න පුලුවන් ක්‍රමයක් බිහිවෙලා නැද්දෝ කියලා හිත කියනවා...

ඒ තරමටම ගෑණු සංකීර්ණයි... 

ඉහේ තියන කෙස් ගානට ගෑණු ආශ්‍රය කරලා තිබුනත් කවදාවත් උන් බලාපොරොත්තු වෙන දේ, හිතන දේ තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ....කරැමෙට වගේ මම හැමදාම කරගැහැව්වේ ප්‍රශ්ණ... පලවෙනි ප්‍රථම ප්‍රේමය... පාසැල් කාලේ දී... කෙල්ලගේ තාත්තා දාලා ගිහින්.. අම්මා විතරයි... අම්මාගේ හිතවතෙක් ගෙදර යනවා එනවා...  පැහෙන්න කලින් ඉදිච්ච මේ කෙල්ලගේ තිබ්බේ මහ මෝරපු අදහස්.. අද කල්පනා කරනකොට ඒ කාලේ සිද්ධ දේ ගැන මටම ලැජ්ජයි.... මගේ හිතේ තිබ්බ දම්මි සුගත් ප්‍රේමයෙන් එහා ගිය ප්‍රේමයක් හොයාගෙන එයා ගියා.... හැබැයි අදටත් හිතලා විඳින්න පුලුවන් එක මතකයක් තියනවා... මේ දැරිවිගේ උපන් දිනේ දවසේ.. එදා දහම්පාසැල් ශාසනාරක්ෂක මණ්ඩල තරඟ... මට තාමත් මතකයි එදා දවසේ වියදමට අම්මා මගේ අතේ තියපු රුපියල් විස්සෙන් දාහතයි පනහක් වියදම් කරලා පුංචි මුද්දක් ගත්තා... තට්ටු තුනේ බුදු මැදුරේ උඩම තට්ටුවේ ගල් බැම්මට හේත්තු වෙලා සුභ උපන් දිනයක් කියලා මුද්ද ගල් බැම්ම උඩින් තිබ්බේ අතින් අල්ලලා මුද්ද දාන්න තියන ලැජ්ජාවටම එහෙමත් නැත්නම් නපුන්මක කමටද කියලා තාමත් හිතා ගන්න බැරි උනත් කෙල්ල හිතුවේ වෙන විදියකට... වැඩි කාලයක් නොහිට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගියා....

ඊට පස්සේ තනියට හිටියේ කෙල්ලගේ යාළුවා.... පණිවිඩ එහාට මෙහාට අරගෙන ගිහින්ම කෙල්ලට මගේ ගැන ආදරයක් ඇති වෙලා කියලා මුලින්ම කියන්න තරම් කෙල්ල එඩිතර උනා... නිකං හම්බෙන ආදරේ අහක දාන්නේ මොකටද.. මමත් ඔන්නොහේ කැමති උනා... හැබැයි කෙල්ලත් ප්‍රශ්ණ පත්තරයක්... තාත්තා නැතිවෙලා... අම්මා වෙන මගුලක පැටලිලා... හැබැයි බොහොම විවෘත කෙල්ල... කියන්න තියන දේ මුණට කියන ජාතියේ කෙල්ලෙක්.... කොහොමෙන් කොහොමන් හරි අවුරුදු දෙක තුනක් අදගෙන ගියත් හිරියට අහසයි පොළවයි වගේ... මම ප්‍රංශ කථා කරන කොට කෙල්ල කථා කරන්නේ ජර්මන්... ජපන් කථා කරනකොට කෙල්ල කථා කරන්නේ උර්දු... මෙලේ මගුලක් තෙරේන්නේ නැහැ.... ඒ කෙල්ලත් වැඩි කාලයක් හිටියේ නැතිවම නොකියමා සමුගත්තා...

ඔන්න ඔහොම පටන් ගත්ත මගේ ආදර කථා වස්තුව අවසානේ කසාදෙන් කෙලවර වෙයි කියලා හිතුවත් එතනිනැ නැවතුනෙත් නැහැ... මොන කරුමෙකට හෝ වාසනාවකට ඇති හැඩක් වැඩක් නැති මට කෙල්ලන්ගෙන් නම් ගැලවිල්ලක් තිබ්බේ නැහැ... හැබැයි හමුබඋන හැම කෙල්ලගෙම පොදු සාධකයක් තිබුනා... ඒ තාත්තා එක්කෝ මිය ගිහින්... එහෙමත් නැත්නම් දාලා ගිහින්.... ඒක හොඳට වගේම නොහොඳටත් බලපාපු සාධකයක් උනා....

කොහොම නමුත් මම කියගෙන ආපු කථාව දිගටම කිව්වොත් හිතෙන්නේ මම ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක මම හිතන්නේ ගෑණු කියන්නේ මහ සංකීර්ණ නොතේරෙන චරිත විදයට... මේක පොදු මතය නොවෙන්න පුලුවන් නමුත් මේ මට හිතෙන හැටි... කවදාවත් දෙය්ක ගැන කෙලින් කථා කරන්නේ නැහැ... පැහැදිලිව කියන්නේ නැහැ... සමහර දේවල් ගැන අහන කොට දැනෙන්නේ.. “මට ඒක ඕනේ... හැබැයි එපා“ කියන හැඟිමක්.. කොච්චර ආදරෙන් බැඳිලා හිටියත් හිතේ තියන දේ තේරුම් ගන්න පුලුවන් තරම් ශත්කියන අපි කාටවත් නැහැ... හැබැයි අපි සමහර වෙලාවට කාලයක් අශ්‍රය කරන කොට යම් යම් දේ තෙරුම් ගන්න පුලුවන් උනත් හැමදේම තේරුම් ගන්න හැකියාවක් නැහැ.... උදාහරණයක් විදියට කැමති පාට කැමති කෑම අඳින්න කැමති ඇඳුම් වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් උනට කෙලින් නොකිව්වෙත් සමහර දේවල් ගැන තේරුම් ගන්න අවුරුදු ගානක් ගියත් බැහැ.... උදාහරණයක් විදියට.....? අනේ මන්දා ඒවා උදාහරණ කියලා පැහැදිලි කරන්න තරම් වත් තේරුම් ගන්න බැහැ... නමුත් සමහර දේවල් වලදී නොකියන බොහෝ දේ හිතේ තියාගෙන ඉන්නවා..... 

ඇයි ගෑණු සංකීර්ණයි කියලා හිතෙන්නේ කියලා ලියන්න ගත්තට ලියන්නේ කොහොමද කියලා නොහිතෙන තරමටම සංකීර්ණයි...... හැබැයි ඒ සංකීර්ණතාවය ගැන බොහෝ පිරිමි දන්නවා.... මුල කාලේ ඒ ගැන ලොකුවට හිතුවට පසුකාලීනව ඔවුන් විවිධ ක්‍රම හොයාගනන්නවා ඒ සංකීර්ණ බව නැති කරගන්න....

එකක් තමයි නෑසු කන්ව විසීම....මගේ බිරිඳ ඇතුලු බොහෝ කාන්තා පාර්ශවය කියවන්න ගත්තාම කෙලවරක් නැහැ..... කියනවනවා කියනවා ඉවරයක් නැහැ.... ඔය කියවිල්ල අපි කියන ආදරේ කරන කලේ බොහොම සුන්දර උනාට කසාද බැඳලා ආදරේ කරන කාලෙදී නම් මහා වදයක් කියලා හිතෙනවා.... සමහර වෙලාවට අහගෙන ඉන්නවා වගේ ඉන්නවා....අන්තිමේ දෙන්න තියෙන්නේ එකම උත්තරයයි... ඒ “හා“ කියන එක විතරයි.... අර කියවපු ඔක්කොටම අවසානේ තියන එකම උත්තරේ “හා“.....

අනෙක් සිද්ධාන්තේ තමයි නිහඬව සිටීම.... මොන චෝදනාව ගෙනවත්... මොන ප්‍රශ්නේ කථා කලත් නිහඬව ඉන්නතාක් ගැහැණියක් එක්ක සතුටින් ඉන්න පුලුවන්... හැබැයි යමකට එරෙහි උනොත් ඒ මොහොතේ අඩලා දොඩලා ඇයි නිහඬ වෙන්න පුලුවන්... හැබැයි ජීවිතේ යම් දවසක ඒකට වන්දි ගෙවන්න වෙනවා.. එදාට ඒ සිද්ධිය මතක් කරලා දීලා තමයි ගෑණු කථා කරන්නේ.... ඒ නිසා හැකි තාක් දුරට නිහඬ වීම ගැහැණියක් තේරුම් ගැනීමේ එක් කාරණයක්....

අනෙක් කාරනේ තමයි නොදැක්කා වගේ ඉන්න එක....දකින සමහර දේවල් පෙන්නන් ගියෝත් කවදාවත් ගැහැණියක් සතුටු කරන්න ලැබෙන්නේ නැහැ... සමහර වෙලාවට අපි දකින දේ කෙලින් නොකියා ඇයි බලාපොරොත්තු වෙන උත්තර දෙන එක ඇඟට ගුණයි... සමහර වෙලාවට ගෑණු මෙලෝ රහක් නැති ඇඳුමක් එක්කෝ මේක්අප් එකක් දාගෙන ඇවිත් අහනවා මේක කොහොමද කියලා... හැබැයි වැරදිලාවත්. ඒ ගැන දැනෙන ඇතත් කිව්වොත් මුලු ජීවිත කාලේම ඒ ගැන මතක තියාගෙන ඉන්නවා... ඒ නිසා නොදැක්ක ගානට ඉන්න එකත් එක්තරා උපක්‍රමයක්....

තව එක එක ක්‍රමවේදයන් තියනවා.. ඒවා ඔක්කොම මෙතන කිව්වොත් මේවා බලන ගෑණු උදවියගේ පිරිමි උදවිය ගෙන ගැලවිල්ලක් ලැබෙන එකක් නැහැ ඔක්කොම රහස් එළි කලා කියලා....

හැබැයි මේ ලිව්වේ මට දැනෙන විදිය.. වෙනස් විදියට දැනෙන අයත් ඇති.... මොකද අපි කන්නේ එකම හැළියේ නෙමෙයි නේ....

කොච්චර සංකීර්ණද කියනවානම් ලියලා ඉවරවෙලා බලන කොට පොස්ට් එක පවා මහ අච්චාරු විදියටයි මටත් පේන්නේ... ඒත් ඒ ඇත්තම විදිය නිසා වෙනස් නොකර මෙහෙම්ම තියන්න හිතුවා....

අන්තිමේ කථාවක් කියන්නම්....

“ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“

~ සංවාදයට ඉඩ ~

46 comments:

  1. //“ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“ //

    සහතික ඇත්ත !!

    ReplyDelete
  2. ඇත්ත
    ගැහැණියකගේ කංකරච්චලයෙන් බේරෙන්න හොදම උපක්‍රමය ලෙස මුනිවත රැකිම කලත් “ හොර මීයා වගේ කට වහගෙන ඉන්නේ කියනවාකෝ බලන්න “ කියයි
    වැරදිලා හරි වචනයක් පිටවුනොත් ඒ වචනය හරහා අලුත් කරච්චලයක් ඇරඹේවි
    කියලා කවුදෝ කියලා තිබ්බා දැක්කා

    ReplyDelete
  3. කොච්චර කරච්චලේ වුණත්, පරණ මගුල් මතක් කර කර කෑගහුවත් පොඩ්ඩක් තුරුල් වුණාම තියෙන සනීපේ !! එකනේ පිරිමි මුන්ට වහවැටෙන්නේ

    ReplyDelete
  4. කියල තියන ඔක්කොම හරි කියල කියන්නම්කෝ .මේව බලලවත් පිරිමින්ට ගෑනු එපා වේවිද බලන්න ඕනෙ .

    ReplyDelete
    Replies
    1. ඇතුවත් බැරි නැතිවත් බැරි |:) ගෑණු

      Delete
    2. පිස්සුද එහෙම එපාවෙනවාද ?

      Delete
  5. මට බෑ... පිටුවක් විතර ටයිප් කරපු ඔක්කොම ටික ගූගල් බහිරවයා කෑවා.....

    ///“ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“///

    වැරදිලා වෙන දේවල් පැත්තකින් තියමුකෝ.... ඒත් හිතලා කරන දෙවල් වලට නම් අනිවාර්යයෙන්ම රිටන් එක දෙනවා... ඇල්පෙනිත්තකින් ඇන්නම ඇණයක් ඇනුන තරම් රිදෙන්න දෙනවා... මොකද පිරිමි හිතලා කරන වැරදි දේවල් වලින් වැඩිපුර විඳවන්නේ ගෑණු.... හිතාගෙන ඉන්නේ ඇල්පෙනිත්තකින් ඇන්නා කියලා උනාට ඒක ගෑණියෙන්ට ඇණයක් ඇණුනට වැඩිය වේදනාවක් හින්දා...

    ලෝකේ ඉන්නේ හොඳ ගෑණු ජාති දෙකයි... එකක් අවංක , තමන්ගේ හැඟීම් බය නැතුව කියන්න පුළුවන් අය.. අනිත් අය තමන්ගේ හිතේ තියෙන දේ කියාගන්න බැරි කමට හංගගෙන ඉන්න අය.... ඕක තේරුම් ගන්න බැරි ඉතිං කාටද කියලා තේරෙනවනේ...

    තව දෙයක්... ඔය බකමූණු න්‍යාය ඒ තරම් සුබ දායක එකක් නෙවෙයි හොඳේ.. මොකද තමන් කියන දේවල් අහන කෙනෙක් පැත්තට තමන්ගේ ගෑණි හැරැනොත් වැරැද්ද ඔයාගේ අතේ.... හි හි

    ReplyDelete
    Replies
    1. අරක්කු වලට තැබෑරුම් කාරයො හැමදාම සාක්කි.... :P

      Delete
    2. “ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“

      hebei meke amma kenek saha daruvek atharata gelapenne........

      @hiru :-

      වැරදිලා වෙන දේවල් පැත්තකින් තියමුකෝ.... ඒත් හිතලා කරන දෙවල් වලට නම් අනිවාර්යයෙන්ම රිටන් එක දෙනවා... ඇල්පෙනිත්තකින් ඇන්නම ඇණයක් ඇනුන තරම් රිදෙන්න දෙනවා... මොකද පිරිමි හිතලා කරන වැරදි දේවල් වලින් වැඩිපුර විඳවන්නේ ගෑණු.... හිතාගෙන ඉන්නේ ඇල්පෙනිත්තකින් ඇන්නා කියලා උනාට ඒක ගෑණියෙන්ට ඇණයක් ඇණුනට වැඩිය වේදනාවක් හින්දා...

      mekanan ithin ladies lage mind 1 prashnayak ........mokada egollo onama chooti deyak loku kara gena dagalana nisa...............


      ලෝකේ ඉන්නේ හොඳ ගෑණු ජාති දෙකයි... එකක් අවංක , තමන්ගේ හැඟීම් බය නැතුව කියන්න පුළුවන් අය.. අනිත් අය තමන්ගේ හිතේ තියෙන දේ කියාගන්න බැරි කමට හංගගෙන ඉන්න අය.... ඕක තේරුම් ගන්න බැරි ඉතිං කාටද කියලා තේරෙනවනේ...

      Ai kiyanna beri.......kate pittuda.........
      ehema neththan pirimi vage nodekka ganata inna one...........

      Delete
  6. අෆ්ෆේ අනේ මන්දා මේව තාම ඉතින් අපිට බාගෙට නේ මෑ හෙමදේම කවදා හරි අපිටත් දැනෙයි

    ReplyDelete
  7. එකඟ වෙනවා එකෙන්ම

    ReplyDelete
  8. බොහොම ඉස්තූතියි.හිත හදාගන්ඩ උදව් උනාට.

    මේ පහුගිය දවසක අපේ කැන්ටිමේදී කෙල්ලෙක් සහ මා අතර ඇතිවූ සංවාදයක කොටසක්,

    'මොකද මගෙ දිහා මත් වෙලා වගේ බලං ඉන්නේ?'

    'ඔතන තමයි ගෑනුන්ට හැමදාම වරදින තැන.ගෑනු හිතාගෙන ඉන්නේ උංට පුළුවං කියලා පිරිමිංව මත් කරන්ඩ.ඒත් ඒක නැවත නැවතත් වැරදියි කියලා ඔප්පු උන මතයක්.මොකද උංට කවදාවත් බෑ මිනිස්සු බාර් එකට යන එක නවත්තන්ඩ.හැබැයි ගෑනු කවදාවත් ඒක පිළිගන්නෙත් නෑ'

    ReplyDelete
    Replies
    1. මේකටනම් පට්ට ලයික් මචන්

      ඇත්තට ගෑනුන්ට එහෙම කරන්න පුළුවන් වුන දවසකට ... අයියෝ සල්ලි

      Delete
  9. ඉතාමත් හොඳ ලිපියක් සහෝ මේක. ටිකක් දිගට ලියන්න හිතුවත් වෙලාව මදි.ගැහැනියක තේරුම් ගන්න හැකි නම් ඒ තමා ලෝකයම තේරුම් ගත්තාය කියන එක. එයාලා හැමදාම ඉන්නේ දාහක් හින හිත ඇතුළේ හිරකරගෙන. මිනිහෙක් එක්ක දීග එන්නේ ඒ හින හැබැ කරගන්න. ආදරය කරන යුගයේ දී හෝ තරුණ වියේ දි ඇති කරගන්නා හින කසාදයත් එක්ක බොදවෙන්න පටන් ගන්නේ එකළ ඇය විසින්ම රගන ලද චරිතය නිසාමයි.ඇය කවදාවත් උත්සාහ කරන්නේ නෑ හීනය තුළ නොව හැබැව තුළ ඇති ගැටුමට උචිත ලෙස ප්‍රතික්‍රියා දක්වන්න. මේ තත්ත්වයන් යටතේ ඇතිවෙන්නේ කලකිරීම අසහනය වැනි තත්ත්වයන්.
    මම සමකය වටේ (samakaya wate) දුවන එකා

    ReplyDelete
    Replies
    1. ////මම එක දෙයක් අත්දෑකීමෙන් දන්නවා.... ගෑහැණු සුරංගනා ලෝක වල ජීවත් වෙන්න ආසයි... මොකද වැඩි හරියක් පිරිමි සුරංගනා ලෝක වල කතා මවලා පෙන්නලා, ගෙනත් දෙන්නම් කියලා කියන නිසා....

      ඔව් ඔව්...

      “ මට එච්චර සල්ලි නෑ... ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන් වෙයිද දන්නේත් නෑ.. හැබැයි මම ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයාව සතුටින් තියන්න මට පුළුවන් හැම දේම කරනවා ” කියන්නෙත් සුරංගනා කතාවක් තමා... ///

      මේ මම තිස්ස අයියගේ හද ගී පොතේ දාපු කමෙන්ට් එකක්.... නලීන් අයියට මට දෙන්න පුළුවන් හොඳම උතත්රේ මේක තමයි...

      Delete
  10. ගැහැණු කවදාවත් තේරුම් ගන්න බස්සට බැරි වුනා වගේම, සොදුරුටත් කවදාවත් පිරිමි තේරුම් ගන්න බැරි වුනා.

    පිරිමි තේරුම් ගන්න අමාරු එයාල බොහොම අඩුවෙන් කතා කරන නිසා කියලයි මට හිතුනේ.තව වෙලාවකට කියන දේ නෙමෙයි අදහස් කරන්නේ.

    උදාහරණයකට ,
    ගැ:-“ පරක්කු වෙනවා යන්න ඕනි“
    පි:- “ යන්න ඕනි ද? එහෙනම් යන්න “
    ගැ:- ( නොගොස් බලා සිටි )(සමහර විට ඇය හිතන්න ඇත්තේ, යන්නෙපා තව ටිකක් ඉන්න කියා වි කියල කියයි කියල වෙන්නැති)
    පි:- ඉතින් යන්න. මොනාද බලා ඉන්නේ.
    ගැ:- ( කර ගත්ත මෝඩකමක් කියලා හිතලා ඇය යන්න යනවා.ඇත්තම කියනව නම් ඇයටත් ඕනි වුනේ ඉන්න)
    පි:- හරි .. යන්න ගියා එහෙනම් නේ. හොඳයි. බොහොම හොඳයි.

    ඔන්න පිරිමි..........

    තව දෙයක් කියන්නම්. මේකත් ඇත්ත සිද්ධියක්. මම දන්න කෙනෙක් ට වෙච්චි.
    ඇය විවාහකයි. දරුවො දෙන්නයි. හිටි ගමන්ම මහත්තයගේ රැකියාව නැති වෙනවා. ඇය රස්සාවක් කරනවා.දවසක් ඇයට තරහ ගිය වෙලාවක ,මෙහෙම කියනවා.
    “ මොනාද ගෙදෙට්ට වෙලා කකා බිබී ඉන්නේ. තමුසෙත් පිරිමියෙක් නේද.“

    කාලයක් ගත වෙනවා. පිරිමියා රට යනවා. හොඳට හම්බ කරන රැකියාවක් හම්බෙනවා. සල්ලි ඇති තරම් . ස්කයිපෙන් දෙන්නා හැමදාම කතා කරනවා. දවසක් ....
    පි:- ඔයාට මතක ද අද දවස.
    ගැ:- ම්ම්ම්....
    පි:- ඔයා අද වගේ දවසක තමයි මට කීවේ නිකම් කකා බිබී ඉන්නෙ නැතිව රස්සාවකට යන්න කියලා. දැන් ඔයාට ඇති තරම් සල්ලි තියෙනවා නේ.

    ගැහැණිය නිරුත්තරයි.

    වචන නිසා ඇති වෙන හිඩැස්, වචන නිසා ඇති වෙන පරතර ආයේ ජීවිතේට පුරවන්න බැහැ.

    ගැහැණිය තේරම් ගැනීමවත් පිරිමියාව තේරුම් ගැනීමවත් නෙමෙයි අමාරු. තමන්ට තමන් තේරු් ගැනීමයි වඩාත් අමාරු.

    අනික අපි ජීවිත් වෙන්නේ එකිනෙකාව තේරුම් ගන්න කාලය යොදවන්න නෙමෙයි. එකිනෙකා ගැන විස්වාසයෙන් එකට ජීවිතේ ගෙනියන්න.

    බස්සාට ළං වුනු ගැහැණුන්ගේ තාත්තලා නැති එකෙන් තේරුම් ගන්න පුලුවන් එක දෙයක් තියෙනවා.

    බස්සාගේ ආදරය සුරක්ෂිතයි. ආරක්ෂාකාරියී.විස්වාසයි. සෙනෙහෙවන්තයි.. තාත්තල නැති ගැහැණු ළමෝ පිරිමියෙක් ගෙන් බලාපොරොත්තු වෙන හැමදේම බස්සා ගාව තියෙන්න ඇති.

    හරි.........

    දැන් කියන්න බලන්න........

    කවුද මේ අල්ල පනල්ලේ බස්සගෙ හිත රිදෙව්ව ගැහැණිය.......

    “ නෝන මහත්තය ද“

    ReplyDelete
    Replies
    1. සොසීගෙ කොමෙන්ට් එක පුංච් දුක හිතෙන කතාවක් වගේ..
      අර කෙටි දෙබස (දුකයි නේද?)
      //බස්සාට ළං වුනු ගැහැණුන්ගේ තාත්තලා නැති එකෙන් තේරුම් ගන්න පුලුවන් එක දෙයක් තියෙනවා.//
      මොකක්ද ඒ‍....

      Delete
    2. "ගැ:-“ පරක්කු වෙනවා යන්න ඕනි“"

      මට තේරෙන්නෙත් නැත්තේ එක තමා, යන්න ඕනේ නැත්තම් මොන මගුලටද පරක්කු වෙනවා කියන්නේ කියල..?

      Delete
    3. එකේ තේරුම - යන්න ඕන, එත් දාල යන්න හිතෙන්නේ නෑ :)

      Delete
    4. adenawa... therena sinhalen kiuwanam ewarane.. :)

      Delete
    5. බස්සාගේ ආදරය සුරක්ෂිතයි. ආරක්ෂාකාරියී.විස්වාසයි. සෙනෙහෙවන්තයි.. තාත්තල නැති ගැහැණු ළමෝ පිරිමියෙක් ගෙන් බලාපොරොත්තු වෙන හැමදේම බස්සා ගාව තියෙන්න ඇති.

      eth e ekkenekwath bassa ayyawa therum aran nane appa......

      Delete
  11. මේ පෝස්ට් එක ගැන ලියන්න බොහෝ දෙවල් හිතට එනව...මොන දේ මොන පැත්තකින් ලිව්වත් කෙටියෙන් තේරුම් ගන්න තියෙන්නෙ..ගැහැණු පිරිමි බේදයක් නැතුව මිනිසුන් ලෙස උපන්න හැමෝමටම පොදු වූ අතෘප්තිකර ආශාවන් පොදි බැඳගෙන ඉන්න නිසා හැම ජීවිතයක් තුලම ප්‍රශ්න උපදිනව මිසක් කෙනෙක්ව තේරුම් ගන්න බැරි කාරනයක් නොවෙයි මෙහි තියෙන්නෙ...

    ReplyDelete
  12. *වනිතාව සතු උතුම් දායාදය ඇගේ නිර්මල චරිතයයි.-මහම්මද් තුමා-
    *හොඳ කාන්තාව හොඳ පොතක් හා සමාන ය.-මාක්ස් ලෝං-
    *සමහර ස්ත්‍රින් පිරිමින්ටත් වඩා ශ්‍රේෂ්ඨ වෙනවා.ඒ නුවණැති වුත් නැදි මයිලන් දෙවියන් ලෙස සලකන්නා වුත්,පතිවත රකින්නා වුත් ස්ත්‍රීහු ය.එ බඳු වාසනාවන්තියකට ලැබෙන පුත්‍රයා රජකමට පවා සුදුසු වෙනවා-බුදුන් වහන්සේ-
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  13. ඔය හැම දේම කාළය පරිසරය මිළ මුදල් නිදහස පන්තිය කුළය ආගම අනුව වෙනස් වෙනවා ගෑණු පිරිමි බේදයක් නැතුව. ඔය කියන සියළු ගති ලක්ෂණ තියෙන පිරිමිත් ඉන්නවා. ඉතින් කොහොමද අපි ගෑණු අය ගැන විතරක් විවේචනයක් කරන්නේ.

    ReplyDelete
  14. කාලෙකින් ආසාවෙන් කියවපු බ්ලොග් පිටුවක්....

    ReplyDelete
  15. අපිවත් දන්නේ නැ අපිට ඕනේ දේ....dont tell this secret to anyone... :)

    ReplyDelete
  16. අඩේ මම ලියන්න හිතාගෙන හිටිය ටික උඹ කොහොමද බන් දැන ගත්තේ.

    ReplyDelete
  17. ගැහැනු පිරිමි දෙපාර්ශවයම එකයි. ගැහැනියකට පිරිමියා තෙරුම් ගන්නත් පිරිමියෙකුට ගැහැනියක තෙරුම් ගන්නත් ටිකක් අමාරුයි. ඒත් හරියාකාරව ඔය දේ තෙරුම් ගත්ත ගත්තු අය හොඳින් පවුල් කනවා. මේ මගේ අදහස…..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
  18. මේ ප්‍රශ්නේ මෙතනට අදාළ නැති වෙන්න පුළුවන්. ඒත් මට උත්තරයක් දෙන්න. මට අවරුදු 24යි. මම යාලු වෙලා ඉන්න කෙනාට අවරුදු 39යි. අපි දෙන්න බැන්දොත් ඒක ප්‍රශ්නයක් වෙයිද? මට realistic උත්තරයක් දෙන්න.
    wasaguna119@gmail.com

    ReplyDelete
    Replies
    1. තමුසෙට පිස්සුද ඔයි.? මට 28 අපේ නැන්දම්මට 45, ඔහේ කියන්නේ මම අපේ නැන්දම්මා බදිනවා වගේ වැඩක් නේ.. පිස්සු කෙලින්න එපා.. වෙන කරන්න දෙයක් ඇත්තෙම නැත්තම් politics කරපන්.

      Delete
  19. “ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“

    මොකක් නැතත් මේක නම් මම පිළිගන්නවා...

    ReplyDelete
  20. කොමෙන්ට් කරන්න බැරිතරම් මේක සංකීර්ණ ප්‍රස්ණයක් මිත්‍රයා

    ReplyDelete
  21. //“ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“//

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............ එහෙම වුනු අවස්ථා දැකලා තියෙනවා..

    ReplyDelete
  22. මන් මෙහෙම කිව්වා කියලා ගැහැණු කට්ටිය මොනවත් හිතන්න එපා... තාත්තලා අහිමි වෙච්ච හෝ දාල ගිය පවුල් වල ගැහැණු දරුවන්ගේ විවාහ ජිවිත හුගක් දුරට සාර්ථක නැහැ... මමත් මගේ අත් දකිමන් කියන්නේ...

    ReplyDelete
  23. ඔව් ඔයා හරි සොදුරු, ගැහැනියකට පුළුවන් හැම දෙයක්ම ලබා දීලා, සතුටින් තියනවා නම් කවදාවත් ඔවුන් අහක බලන්නේ නැහැ ... ඒ විතරක් නෙමෙයි අදුන ගන්න අමාරුත් නැහැ... එත් එකම එක වැරද්දක් වෙනවා නේද (එය ගැහැනියගේ වැරැද්දෙන් සිදු උනා විය හැක) ... කවදාවත් සමාව නැහැ ... හිතේ පැසව පැසව තව තව දේවල් එකතු කර ගන්නවා ...... කවදාවත් ඒක අයින් කර ගන්නේ නැහැ .... පිරිමියා ඒ වැරැද්දෙන් පසුව සියලුම වැරදි සාදා ගත්තත්, මැරෙන තුරා එය ගැහැණිය අමතක කරන්නේ නැහැ ..... ඒක තමා ඇත්ත...
    එත් ගැහැණු නොදන්නා තව දෙයක් තියෙනවා.... ඒ සමාව නොදීම මතම පිරිමියා නැවත නැවත ඒ වැරැද්ද කරන්න පෙලබෙනවා... මොකද... ඒ වැරැද්ද කලත් නොකලත් එකම සංසිද්දිය වන නිසා...

    ReplyDelete
  24. නියමයි බස්‍සෝ නොදැක්ක පැත්තක් පෙන්නුවට තුති...

    ReplyDelete
  25. 'ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා....'

    බස්සගේ මේ කතාව හරි මට මේ ලගදි සෙට් උනා ගෑණු යාලුවෙක් පොඩි සිං එකකට මම බැනලා ආයේ මම සමාව ඉල්ලුවා මට ටිකකින් අවා sms එක්ක

    "කෙනෙක්ගේ හිත රිද්දන්න ගොඩාක් ලේසිය් නමුත් ඒ රිදුනු හිත හදන්න ගොඩක් අමාරුයි"

    තවමත් මාත් එක්ක එකී තරහය්. කෙල්ලෝ ගොඩාක් බොලදය් මම තාම හිතින් විදවනවා එකට. {වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා....'}

    ReplyDelete
  26. Ela ahhh.. PATTA Bassa..!1!!

    ReplyDelete
  27. ගැහැණියක් තෙරැම් ගැනිම ලොකයේ සංකිර්ණය හොයනවටත් වඩා අමාරැ දෙයක්ලු කියලා මං අහලා තියෙනවා.

    ReplyDelete
  28. හෙහ්... හෙහ්...අල්ලපු රටට ජයවේවා.(ඔබා මාමත් හිටියනම්,,,)

    ReplyDelete
  29. මෙන්න මේ යන්තරෙන් උදව්වක් වෙයි ද බලන්න http://www.youtube.com/watch?v=ezVib_giTFo

    ReplyDelete
  30. parana dewal allagena mathtak kara kara ridawana eka unta athal

    ReplyDelete
  31. mata num kiyanna thiyenne ganu kiyanne antha moda jathiyak..dan kattiya mage ammawa mathak karai..eth atththa eka thama

    ReplyDelete