Saturday, April 5, 2014

මාවත් හලාල් කරන්න.. (අග මුල නැති සටහනකි)



ඝානසාර හාමුදුරුවෝ ප්‍රසිද්දියේ ශ්‍රී ලංකා කැබිනෙට් අමාත්තිය වරයෙකුට පත්තර-රේඩියෝ-ටීවී නාලිකා ඉදිරියේ "පරයා,...පරයා...පරයා" කියා ගරු නම්බුව නොහොත් රෙස්පෙක්ට් කිරීම.(ඊයේ පොස්ට් එකේදී ගොඩාක් සිංහල සහෝදරයෝ කියලා තිබුනා සිංහලෙන් පරයා-කියලා කීම වැරදි වචනයක් නොවෙයි කියලා, එක තමයි රෙස්පෙක්ට් කියලා දැම්මේ)1.ලංකාවේ සිංහල-බවුද්ද කැබිනෙට් අමෙතිවරයෙකුට මෙහෙම ගරු කලොත් ප්‍රතිචාරය කෙසේ ඇද්ද?2.ප්‍රභාකරන් මැරෙන්න ඉස්සර ඔහුට පරයා කීමට හැකි මිනිහෙක් ලංකාවේ හිටියද?3. සුළු ජාතීන්ට ප්‍රසිද්දියේ අව නම්බු කිරීමට ලාංකික මහජාති සිංහල බවුද්දයෝ අනුබල දෙනවාද?4.ලෝකයා ඉදිරියේ ලාංකිකයාගේ සිවිලයිස් තත්වේ මොකක්ද?5.ලාංකිකයෝ වශයෙන් අපි හැමදාම මේවගේ එකිනෙකාට පාච්චල් කරගන්නවාද?//මෙම සන්ග්වාදයට සහභාගිවුණු සියලුම සහෝදර-සහෝදරියන්ට ස්තුතියි. අද උදේ වෙනකොට කොමෙන්ට්ස් 107යි, ලයික් 22(කොච්චර ආඩම්බරයක් ද මන්කියන්නේ) අද හවස මේක ඩිලීට් කරනවා, හේතුව මම හවස මක්කම-උම්රා වන්දනාවේ යනවා, විශේෂයෙන් මගේ රටටත් රටේ සියලු ජාති-ආගම් වලට අයිති හැම කෙනාටත් අධි විශේෂයෙන් අපේ ගරු පුජ්ජිය ගලබඩ ඇත්තේ ඝානසාර ස්වාමින් වහන්සේටත් හරි මග පැදේවා, සාමය පැතිරේවා සියලුම සැප සම්පත් හිමිවේවා , මගේ රට ශ්‍රී ලංකා බැබලේවා කියා ප්රාත්තනා කරමි. ඔබට අස්සලාමුඅලයික්කුම්,වනක්කම්, ...ආයු-බෝවන්.////////////////////

ඥාණසාර හාමුදුරුවෝ පරයාකියලා සඳහන් කලේ හකීම් ගැන නම් ඒක වරදක් නැහැ... ප්‍රශ්ණේ වෙලා තියෙන්නේ හකීම්ගේ පරකම දැන දැනම අපේ දේශපාලකයෝ හකීම් එක්ක අතවැල් බැඳගන්න එක.. හකීම්ට කොයිතරම් හයියක් තියනවද කියලා මෑතකදී හකීම් ප්‍රසිද්ධ වේදිකාවක කියලා තිබුන කථාවක්...මේ රටේ ආණ්ඩු පිහිටවන්නේ අපි...
චන්ද්‍රිකා ගෙනාවෙත් අපි...රනිල් නැවත ගෙනාවෙත් අපි...මහින්ද බලයට පත්කලෙත් අපි...අනාගත ආණ්ඩු බිහිකරන්නෙත් අපි...
ඇත්තටම හකීම්ට එහෙම ප්‍රකාශයක් කරන්න තරම් හයියක් ආවේ කොහොමද..?
ලංකාවේ මුලු ජනගහනයෙන් 74.88 ක් ඉන්නේ සිංහල.. මුස්ලිම් ප්‍රජාව මුලු ජනගහනයෙන් 9.2%. එහෙම වතාවරණයක හකීම්ට ඔය කියන ආකාරයේ බලයක් ලැබෙන්නේ කොහොමද..?
උත්තරය බොහොම සරළයි...හකීම් ඇතුලු මුස්ලිම් දේශපාලණය පාවිච්චි කරන්නේ මෝඩ සිංහලයාගේදුර්වලකම්...
අපි ජාතියක් විදියට අවස්ථා කීපයදී හැර එකා වගේ කෙලින් ඉඳලා නැහැ...  නිදහස ලබාගත්ත කාලේ ඉඳලා අපේ පාලකයෝ අපිව පුරුදු කලේ පක්ෂය මුල්කරගත්ත දේශපාලණ ක්‍රියාවලිකට... ආණ්ඩුව මොන දේ කලත් විරුද්ධ පක්ෂයේ කාර්යභාරය උනේ විරුද්ධවෙන එක... වරුද්ධ පක්ෂේ මොන යෝජනාව ගෙනවාත් ආණ්ඩුවේ උත්සහාය ඒක නිෂ්ප්‍රභා කරන එක... මහජනයා තමන්ගේ සිතුම් පැතුම් ගොඩනගාගන්නේ ඒ ඒ පක්ෂ හැසිරෙන ආකාරයත් එක්ක... ආණ්ඩුව අත්තනෝමතික ලෙස ලයිට් බිල වැඩිකරනවට විරුද්ධ වෙන පිරිසක් වගේම ඒකට එකඟ වෙන පිරිසක් ඉන්නවා... මොකද ඒ එකඟ වෙන පිරිසට වෙනම ලැයිට් බිලක් එනවද..? නැහැ එතන තියෙන්නේ දේශපාලනේ... තමන්ට යම් හානියක් වෙන තැනකදී පවා ඒකට විරැද්ධ වෙන්න තරම් අපි සිංහල කියාගන්න ජාතිය තුල සමගියක්.. එකමුතුභාවයක් නැහැ....ඒ දුර්වලකම තමයි හකීම් පාවිච්චි කරන ආයුධය...මුස්ලිම් ජනතාව එකතුවෙන එක තැනක් තියනවා.. ඔවුන් කුමන මතයක්.. කුමන දේශපාලයක්.. දැරුවත් ඔවුන් පල්ලිය තුල එකාවන්ව ඉන්නවා... ඉහල සිට පහලට එකම මතයක් ගලාගෙන යනවා.. ඒ යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්නේ පල්ලිය හරහා...අනිත් කාරනේ දේශපාලකයින්ට දැක්මක් තියනවා.... තමන්ගේ ජාතියට සේවය කරනවාය කියන එක... මොන ආණ්ඩුව බලයට පත්වුනත් ඔවුන් ඒකේ කොටස්කාරයෝ වෙලා තමන්ගේ ජාතියට සලකනවා... අද හකීම් කරන දේම හොදම උදාහණයක්... හකීම් අධිකරණ ඇමති උනාට පස්සේ නීති විද්‍යාලයේ තිබුන ජාතිය අනුව ජනඅනුපාය වෙනස් වෙලා... නැඩිපුර මුස්ලිම් ශිෂ්‍යෙයා් නීති වද්‍යාලයට ඇතලුත් වෙනවා...හකීම් ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනම ආණ්ඩුවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ආණ්ඩුවට විරැද්ධව පෙත්සම් යවනවා... එහෙම අවස්ථාවක පවා අපේ පාලකයින්ට කොන්ඳක් නැහැ හකීම් බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න... වෙන මුකුත් නෙමෙයි බලයට ියන කෑදර කම නිසා... බලය පවත්වාගැනීම උදෙසා තමන්ගේ ජාතිය පාවලා දෙන්න උනත් පාලකයෝ පසුබට වෙන්නේ නැහැ...එහෙම උනත් අනිත් අතින් තමන්ට විරුද්ධව ලියන.. ආණ්ඩුව විවේඡනය කරන මාධ්‍යෙව්ධින් මර්ධණයට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියනවා... තමන්ට විරුද්ධව ප්‍රවෘත්ති පලකරන පුවත්පත් වාරණය කරනවා... වේඩ් අඩවි විාරණය කරනවා..... ඔන්න ඕකයි ආණුඩුවේ තත්වේ....මේ දෙවල් වලට මුස්ලිම් පාලකයින්ට දෙස් තියලා වැඩක් නැහැ... අපේ ජාතියේ වල කපාගන්නේ අපි විසින්මයි...දැන් ඥාණසාර හාමුදුරුවෝ අරගෙන බලමු... උන්වහන්සේ ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්ණ තිබුනත් ඒ මතකරන කරුණු පට්ට ඇත්ත... හලාල් ප්‍රශ්නේ ඇතිවුනේ බොදු බල සේනාව ඒක මතුකරපු නිසා... එහෙම නොවුනා නම් අදටත් අපි නොදැනුවත්ම අපි හලාල් බද්ධක් ගෙවනවා... (දැන් දැන දැනම ගෙවන එක වෙනම කථාවක්)....බෞද්ධ සිද්ධස්ථාන අත්පත්කරගන්න එක... ඒ අවට පල්ලි ඉදිකරන එක ගැන අවධානය යොමු වුනේ බොබොසේ ඒක මතු කලාට පස්සේ.. එහෙම නොකලා නම් තවමත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා....දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඒක ආගමික නිදහස සීමා කිරීමක් එහෙමත් නැත්නම් ඒක ප්‍රජානත්ත්‍රවාදයට විරැද්ධයි කියලා...ඒත් දකුණු මධ්‍යම සහ දකුණු ආසියාතික රටවල ඉතිහාසය ගත්තාමඒ විරුද්ධත්වය එසේ නොතිබුනොත් අපිටත් වෙන්නේ ඒ සංසිද්ධියම තමයි... අද ඇෆ්ගනිස්ථානය 100% මුස්ලිම් රටක් වුනත් ඇෆ්ගනිස්ථානය කියනනේ බෞද්ධ රටක්... බොහොම සිය්මුව ආක්‍රමණය කරලා අද වෙනකොට තිබුන අන්තම බෞද්ධ නටඹුන් වුන බාමියන් බුදු පිළිම පවා විනාශකරලා දැම්මා...

බංගලාදේශය බෞද්ධ සම්බවයක් පැවති රටක්.... අද වෙනකොට බෞද්ධයිනට පාරක යන්න බැරි තරමට රට තුල මුස්ලිම් ආගමික ක්‍රියාකාරකම් වර්ධනය වෙලා තියනවා....මියන්මාරය මුස්ලිම්කරණය වෙමින් පවතිනවා....බුදුන් ඉපදුනු... බුද්ධත්වුනු.. පිරිනිවන්පාපු ඉන්දියාවේ අද බෞද්ධයෝ් නැත්තටම නැති තරම්...මාලදිවයින තනිකරම මුස්ලිම් ආගමිකකරණය වෙලා....අද ආසියා මහද්වීපයේ මහජාතිය බෞද්ධය කියන්න තියන ඉතුරුවෙලා තියෙන එකම රට ලංකාව...අද ඒකත් බොහොම සියුම්ව මුස්ලිම්කරණය වෙමින් පවතිනවා....ලංකාවේ ගමක ගෙවල් 10 ක් 15 ක් මුස්ලිම්වරු පදිංචි වුනොත් ඔවුන් මුලින්ම කරන්නේ එක ගෙදරක තියන ඉඩක තමන්ගේ වන්දනාමාන කරනන් ස්ථායනක් වෙන්කරගන්නවා... හාම සිකුරාදාම කට්ටිය එකතු වෙලා යාඥාකරනවා... වන්දනාමාන කරනවා... පස්සේ එක් පල්ලියක් වෙනවා... ඒ පල්ලිය ආශ්‍රිතව තව තව මුස්ලිම් ප්‍රජාව එකතු වෙනවා.. පසුකාලීනව පල්ලියට ඉතිහාසයක් ඇතිවෙනවා... ගම මුස්ලිම් වෙනවා.... සිංහල අපි මුස්ලිම් උදවියට වැඩිගානට ඉඩම් විකුනලා වෙන වෙන පැතිවල පදිංචියට යනවා... ඔන්න ඒ ගම මුස්ලිම් වෙලා හමාරයි.... අද මුස්ලිම්වරු නැති පලාතක් හොයන්න.. අද වෙනකොට උතුර දකුන නැගෙනහිර බස්නාහිර මධ්‍යම වයඹ සබරගමුව කියන කොයිපලාත ගත්තත් මුස්ලිම්කරණය වෙලා....ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආගමික නිදහස මුස්ලිම් රටවල්වල නැත්තේ ඇයි.... අද අපිට ගිහින් සෞදි ආරාබියේ හරි ජොර්දානේ හරි පන්සලක් විවෘත කරන්න පුලුවන්ද...? අඩුම ගානේ රැකියාවකට ගිහින් ඉන්න බෞද්ධයෙක්ට තමන්ගේ කාමරේ බුදු පිළිමක් තියාගෙන වන්ඳනාමාන කරන්න කිදහසක් තියනවද...? ඇයි එතනදී ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආගමික නිදහස ගැන කථා නොකරන්නේ....

දැන් දැන දැනම අපිත් යන්නේ බංගලාදේශය හෝ අෆ්ගනිස්ථානය යන පාරට නම් ඒකට වගකියන්න ඕනේ අපේ රටේ පාලකයෝ.... සහ සර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව... අද සමහරු මේ ගැන කථා කරන්න පවා බයයි... ඇයි තමන්ගේ ජාතියට වෙන වින්නැහිය කථා කරන කෙනා ජාතිවාදියෙක්යකියලා වටකරගෙන පිරිසක් අපේ රටේ ඉන්නවා... ඒ අයට තියෙන්නේ සර්වාගමික බඩේ අමාරුවක්... අපි හැමෝම එක අම්මාගේ දරුවෝ.... බුද්ධාගමේ කියනනේ සතුරටත් මෛත්‍රිය කරන්න කියලා.... මේක ප්‍රජාතමන්තවාදී රටක්... වගේ කුණුහබ්බ කියලා කථා කරන එකාව පාගලා දානවා....අපේ රට සර්වාගමික රටක් බහුජාතික රටක් නම් ඇයි අන්‍යජාතිකයෝ ඒ විදියට නොහිතන්නේ... ඇයි උන්ට මේ රට ශ්‍රී ලංකාව සහ තමන් ශ්‍රී ලාංකිකයි කියන එක වෙනුවෙන් පෙනී නොසිටින්නේ....ඇයි ක්‍රිකට් මැච් එකක දී පාකිස්ථානෙට හුරේ දාන්නේ....ඇයි තමන් පත් වුනේ තමන්ගේ ජාතියට වැඩ කරන්න කියලා ප්‍රකාශ කරන්නේ....ඇයි තමන්ගේ ජාතියට වෙන ආසාධාරණ කියලා ජීනීවා ගිහින් පෙත්සම් ගහන්නේ...එහෙම කලාම අපහසුතාවයට පත්වෙන්නේ තමන් නියෝජනය කරන තමන් ඉපදුන තමන් ජීවත්නෙව මේ ශ්‍රී ලංකාව කියලා ඇයි උන්ට කැක්කුමක් නැත්තේ....පහුගිය ආසියා ශුරතාවෙදී පකිස්ථානයට ජය පතලා කෑගැහැව්වේ ඇයි...අපේ විකට් එකක් යන යන ගානට රතිඥ්ඥා පත්තු කලේ ඇයි....?
උඹලා උන් පකිස්ථානේ ජීවත් වෙන නිසාද...?
එතකොට කෝ ඔය කියන සර්වාගමික.. බහුජාතික පූට්ටුව....මටත් ඔබතුමාගෙන් යම් ප්‍රශ්ණ කීපයක් අහන්න තියනවා... - හකීම්ට පරයා කියලා ආමන්ත්‍රනය කරපු එකට මේ මහත්මයාට මේ වගේ ප්‍රශ්ණ වැලක් අහන්න පුලුවන්, ඔය මහත්තයා සරුවාගමික බහුජාතික නම් ඇයි මුස්ලිම් සහෝදරයෝ පකිස්ථානෙට චියර්කරපු එක ගැන යමක් කියන්න බැරි උනේ...?
- හකීම් ජීනීවා වලට යැව්ව පෙත්සම ගැන ඇයි ජාතිහිතෛශිව බලන්න බැරීවුනේ..?
- සිංහල මිනිස්සුන්ට නැති මුස්ලිම් වීම මත පදනම් තියන ප්‍රශ්ණ මොනවාද..?
- නැගෙනහිර ජීවත්වන සුළුතරයක් වෙන සිංහල මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ගෙන් වෙන පීඩා ගැන ඔබතුමාට යම් මතයක් ගොඩනගන්න බැරි ඇයි..?
- මම පල්ලි කඩනවා කියලා චෝදනා කරන ඔබතුමා බාමියන් බුදු පිළිම වලට කරපු විනාශය ගැන දරන අදහස කුමක්ද...?
- අවසාන වශයෙන් මට අවශ්‍යනම් මගේ වියදමින් ඉරානේ, ඉරාකේ, ඇෆ්ගනිස්ථානයේ හෝ වෙනත් මුස්ලිම් බහුතරය වෙසෙන රටක පන්සලක් ආරම්භ කරන අවසර ලබාගැනීමට හැකියාවක් තියනවාද... එහෙම තියනවා නම් ඒ ‍කොයි රටේ ද..?

(බුකියේ සංවාද සටහනකින් උපුටා ගැනීමකි)