Thursday, July 7, 2011

අවනතභාවය

ඹබ යම් කිසිවෙකු වෙනුවෙන් සේවය කරයි නම් “දෙවියන්ගේ නාමයෙන්“ ඔහුට සේවය කරන්න, ඔහුගේ ගුණ කථාකරන්න, ඔහු වෙනුවෙන් මෙන්ම ඔහු නියෝජනය කරනු ලබන ආයතනය වෙනුවෙන්ද කැපවීමෙන් ද අවනතභාවයෙන් යුතුව ක්‍රියා කරන්න.
මොහොතකට හිතන්න, සංසංදනාත්මකව බැලීමේදී අවනතභාවයෙන් එක් අවුන්සයක් දක්ෂතාවයෙන් රාත්තලතට වඩා අගනා වේ.
ඔබගේ ආයතනයට පරිභව කිරීම සහ හෙලාදැකීම කල යුතු නම් ඔබ එතුල දරන්නාවු තනතුරැ වලින් ඉවත් වන්න, නමුත් එම ආයතනය තුල සේවයේ යෙදී සිටින තාක්කල් එය හෙලා නොදකින්න..පරිභව නොකරන්න..එසේ කිරීමෙන් ඔබ සහ ආයතනය අතර ඇති වගකීම් ලිහිල් වෙනවා පමනක් නොව හමන පලමු කුණාටුවෙන්ම ඔබව මූලෝත්පාදනය වන අතර අනතුරැව කුමක් සිදුවේදැයි ඔබ මවිත වනු ඇත..........

(2003 වර්ෂයේ දී නිලාවැලි නාවුක කඳවුරේ පැවති පුහුණු වැඩසටහනක් අතරතුර එහි බිත්ති පුවත් පතින් උපුටා ගන්නා ලදී)

විශේෂයෙන්ම මෙය පල කරන්න හේතු වුනේ “ඩුබායි වට්ටක්කා“ හී මෙම ලිපිය හේතුවෙනි.. එයට කමෙන්ටුවක් දානවාට වඩා මෙම ලිපිය පල කිරීම සුදුසු යයි සිතුන හෙයිනි. 

8 comments:

  1. සම්පූර්ණ ඇත්ත.
    අකමැතිනම් එතනින් ඉවත් වන්න ඕන නේද?
    ඉන්නවනම් සේවයේ ඉන්න තුරු හිතවත්ව විවේචනය
    නොකර ඉන්න ඕන.

    ReplyDelete
  2. මම මුකුත් නොකියා ඉන්නම් නේද?

    ReplyDelete
  3. @ ගිම්හානි ස්තුතියි නංගි ඔබට...... තාමත් මගේත් එක්ක ඉන්නවට......

    @ දොස්තරනෝනා...... මං කැමතියි දොස්තර නෝනෙගේ අදහස දැනගන්න.... ස්තූතියි ඔබටත්... තාමත් මගේ නිර්මාණ වලම ඔබතුමියගේ අදහස් පල කරනවට..

    ReplyDelete
  4. දොස්තර නෝනා අදහස් ප්‍රකාශ නොකලේ ඇයගේ ස්පිරිතාල ජීවිතේ .. එහිදී මුහුනදෙන සිදුවීම් වෙනස් නිසා වෙන්ට ඕන. විවේචනය කල යුතු දේ බොහෝ ඇති ඇයට..

    ReplyDelete
  5. මං දකින්නේ මේ වගේ දේවල් සංවාදය කල යුතුයි කියලයි... මේක උපුටාගැනීමක් විතරයි.. අනිත් කාරනය තමයි.. බොහොම සරලව කියනවානම් අපේ අත්තම්මලා එහෙම නැත්නම් දැන් ඉන්න ග්‍රෑන්මාලා කියලා දීපු බොහොම සරල කථාව.....

    “ගෙයි ගිණි පිටට දෙන්න එපා.....පිට ගිණි ගෙට ගන්න එපා“....... කියන කාරණය....

    රටක් විදියටත් මේක වලංගුයි...

    ReplyDelete
  6. අද මට හුඟක් මහන්සි නිසා දිගු විස්තරයක් කිරීම අපහසුයි. නමුත් මම හිතන්නෙ විවේචනය කළ යුතු තැනදි විවේචනය කළ යුතුයි කියලා. එහෙම නැතුව නිශ්ශබ්දව සිටීමෙන් ආයතනයේ දියුණුවක් වෙන්නෙ නෑ. ගිම්හානි කියන කතාව ඇත්ත. මම එහෙම කියන්නෙ මම වැඩ කරන තැනදි අහන්නට දකින්නට වෙන දෙවල් මත පිහිටා. එය සමහරවිට හැමතැනටම නිවැරදි නොවෙන්නට පුළුවනි.
    මගේ ගැටළුව අදාල ආයතනයට සේවය කිරීම නොව, එහි ගුණාගුණ කතා කිරීම. ඇතැම්විට, ගිණි පිටට දීම තුළින් ඒ පිළිබඳව අවබෝධයක් ගොඩ නංවා ආයතනයේත් සමාජයේත් යහපත සැලසිය හැකි වනු ඇත. උදාහරණ ඕනෙනම් දෙන්න පුළුවනි. ඒත් අද මට හුඟක් මහන්සි දවසක්. :(

    ReplyDelete
  7. සහතික ඇත්ත, සමහර උන් ඉන්නවා, අඟේ ඉඳන් කණ කන එවුන්.....

    ReplyDelete
  8. ඔබ හරි බස්සෝ.......... ගිනි නම් ගිනිම තමා. ඒ ගින්නෙන් අනුන්ව අවුලුවන්නෙ නැතිව ඉන්නෙක හොද දෙයක්.

    ReplyDelete