බෝඩිමේ දී.
මචං මාලි,
මචං කියලාම උඹට ආමාන්ත්‍රණය කලේ මගේ හිතේ ඇත්තටම උඹ ගැන තියන හිතවත්කම සහ කැමැත්ත නිසා... ඇත්තටම උඹ මහ දක්ෂ එකෙක්. මම දන්නවා මේ දවස්වල උඹ ඉන්නේ ඒ තරම් සංතෝසෙන් නෙමෙයි කියලා. උඹගේ හිතේ කළකිරීම් වලින් පිරිලා කියලා. උඹගේ හිතේ තෙරපෙන වේදනාව කියා ගන්න බැරිව උඹ තැවෙනවා කියලාත් මම දන්නවා. උඹටත් උනේ අර නන්දා මාලනියගේ සිංදුවේ කියන වැඩේමයි නේද..? “පුජාසනයේ ඔබ හිඳුවා.. ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...“ ඒ සිංදුව ලිව්වේ අජන්තා රණසිහයන් හෝ සුනිල් අරියරත්නයන් විය යුතුයි. ඔවුන්ගෙන් ඒ වගේ ගීතයක් නිර්මාණය වෙන්න හේතු වෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ ක්‍රියාකාලාපය ඔවුන් බොහොම හොඳින් වටහාගෙන තියන නිසා. කාලයක් උඹව සිංහයෙක් කරලා, උඹේ කේස විලාසය සිංහ කේසර වලට සමාන කරලා පිංතූර හදලා දාලා තිබුන මුණු පොතේ උඹගේ මුන දාලා හදාපු බල්ලෙක්ගේ පිංතූරයක් දැක්කා. ඇත්තමයි මාලි... මටත් නොදැනීම මගේ ඇස් වලට කඳුළු ආවා.. උඹ ගැන නෙමයි අපේ රටේ මිනිස්සු ගැන. ඇත්තටම යම් සිද්ධියක් ගැන කිසිම විමසා බැලීමකින් තොරව උඹව වැරදි කාරයා කරලා එල්ලන්න තරම් අපේ මිනිස්සුන්ගේ මනුස්සකං වලට පල්ලට වැටිලාද කියලා හිතිලා. ඔය උඹට චෝදනා කරපු එක මාධ්‍යකාරයෙක් වත් නිකමට උඹගෙන් ඇහැව්වද ඇයි මාලි එදා ඒ වගේ හැසිරුනේ කියලා.. එහෙමත් නැත්නම් උඹට උඹ වෙනුවෙන් කථා කරන්න එක අවස්ථාවක් දුන්නද..?
කෙනෙක් මල ගෙයක ගිහින් එක කොට ඒ මනිස්සයගේ අපි කවදාවක් අහන්නේ නැහැ නේ මරනේ ගැන. ඒ මනුස්සයාගේ හිතේ ඇතිවෙලා තියන හැඟීම ගැන. ඒ වගේ තමයි උඹ එදා එළියට අවේ කේන්තියෙන් වෙන්න ඇති. උඹගේ ඒ කේන්තිය තවත් වැඩි වෙන්න ඇත්තේ පාලක මණ්ඩලේ සෙට් එක අතර වෙච්ච කථා බහ ප්‍රසිද්ධියේ කථා කරන්න එපා කියලා උඹලට දැම්ම තහනම හින්ඳා වෙන්න ඇති. ඒක අසාධාරණයි තමයි. උඹලගේ ගෙවීම් කප්පදු කරලා. තිබුන සහන අඩු කරලා ඒ ගැන උඹලගේ අදහස් පිට කරන්න තියන අයිතියත් උදුරගන්න එක වැරදියි. මම කියන්නේ නැහැ උඹ එදා හැසිරුණු විදිය හරි කියලා. මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් නිකම්ම නිකං වැරදි කාරයා නොකර උඹටත් අවස්ථාවක් දෙන්න තිබුනා කථා කරන්න. අනිත් එක අපේ රටේ වෙන දේවල් හැටියට උඹ ඒ මාධ්‍යකාරයාට කථාකරපු විදිය මොන රෙද්දදක්ද. ඔය ඔන තරම් මාධ්‍යකාරයෝ අතුරුදහන් වෙලා ඉන්නේ. කෝ අද වෙනකම් උන් ගැන තියන විරෝධතා ඇර උන්ට මොකද උනේ කියලා අපේ රටේ එක ලොක්කෙක් හොයලා බැළුවද..? සිරසට ගිහින් කොච්චර අලාභ්‍යක් කලාද.. ගල් ගහලා තර්ජනය කලා.. සමහර මාධ්‍ය ආයතන ගිණි තිබ්බ්බා... මේ මෑතකදී තව මාධ්‍යවේදියෙක්ට වෙඩි තිබ්බා. කෝ මේවා ගැන රටේ මිනිස්සුන්ගේ විරෝධය. එහෙම නම් රෑපවාණියට ගහපු මර්වින් සිල්වාට කොයිතරම් දෙයක් වෙන්න ඔනේද..? උඹට දැන් තියන විරෝධය එක්ක ගත්තාම ඌව ගොල්පේස් පිට්ටනියේ හෙළුවෙන් තියලා ගල් ගහන්න තරම් මිනිස්සු එකතුවෙන්න එපෑ. කොයි එකත් පොඩි එකාට තමයි බං. උඹ දුප්පත් එකා. කව්දෝ කියලා තිබ්බා උඹ රස්තියාදුකාරයා කියලාත්. උඹ අවේ පොඩි තැනින්. උඹගේ පිටිපස්සේ ලොකු ඉස්කෝල තිබුනේ නැහැ. උඹ ආවේ උඹේ හයියෙන්. උඹේ හැකියාවෙන්. මේ ලඟදී උඹ ගොඩක් වටින කාර් එකක් ගත්තා. උඹට රේස් පදින්න යනවා කියලත් ආරංචියි. මම නම් මගේ මුලු හිතින්ම සතුටු උනා. උඹ කාර් එකක් ගත්තේ උඹේ දක්ෂකමින්. උඹේ හැකියාවෙන්. වෙන ගොබ්බයන්ට වගේ උඹට රේසින් කාර් අහසින් පාත් උනේ නැහැ. උඹේ කට ටිකක් හොඳ නැති උනාට උම හිත හොඳ එකා කියලා මම අහලා තියනවා. මිනිස්සුන්ගේ පැහැදිලි කුහකකම. උඹ නොදන්නවා උනාට ඇතුලේත් ඇති උඹව කපන, උඹට වින කටින එවුන්. ඒක නිසා මින් මත්තටවත් කට ටිකක් පරිස්සන් කරගනින්.
උඹට ගෙවන පඩියි වැඩියි කියලා කෑගහන මිනිස්සු රස්සාවකට ගියාම උන්ගේ වටිනාකම තීරණය කරන්නේ කොහොමද දන්නෑ..? සමහර විට උන් ගන්න පුලුවන් තරම් උපරිම පඩියට වඩා වැඩියෙන් පඩි ඉල්ලන්නේ නැතිව ඇති. අනේ හුකේ.. සමාවෙයන් හිතේ ආපු කෙන්තියට කුණුහරුපයක් කියවුනෙත් (උඹත් දවසක් කණුහරුප වැලක් කිව්වා නේද ප්‍රසිද්ධියේම.. හැකිස්) මට මතක හැටියට උඹයි මැතිව්සුයි 10 වෙනි විකට් එකට ගහලා ඔස්ට්‍රේලියා මැච් එක දිනලා දුන්න දවසේ උඹේ බැට් එක මිස්ප්ලේස් වෙලා තමයි උඹ එහෙම කිව්වේ. අපේ මිනිස්සුන්ට මතක තියෙන්නේ උඹට කරන්න බැරී උන මැච් විතරයි. උඹ හොඳට කරපු මැච් එකක්වත් දැන් අපේ උන්ට මතක නැහැ. එදා වර්ල්ඩ් කප් ෆයිනල් එකේදී මමත් උඹට බැන්නා තමයි. සුදු කොඩි දැම්මා ගමයි. ඒ අපේ හිතේ තිබුන බලාපොරොත්තු කඩ උන වේදනාවට. ඒත් උඹලා අනුශුරයෝ උන එක ගැන සහ උඹලගේ තිබුන වීරත්වය, අවසාන මොහොත වෙනකම් මැච් එක අත අරියේ නැති එක, උඹලගේ තිබුන එකමුතුකම වගේම උඹලගේ තිබුන ක්‍රීඩාශිලීත්වය ගැනත් මම ආඩම්බර උනා.
උඹට ඔය දොස් කියල උඹව බල්ලට දාලා කථා කරන එවුන් දන්නේ නැහැ ලොකේ අපේ රට ගැන දැනගත්තේ ක්‍රිකට් වලින් කියලා. අපි වගේ ලංකාවෙන් පිට ඉන්න එවුන්ට නම් ඒක තේරෙනවා. මෑතකදී මට කල්ලෙක් හම්බඋනා. දකුණු අප්‍රිකාවේ එකෙක්. ඌත් එක්ක කථා කර කර ඉන්නකොට ඌ මගේ විස්තර ඇහැව්වාම මම කිව්වා මම ශ්‍රී ලංකාවෙන් කියලා. ඌ කිව්වේ “ඕ මාලිංග... මම කැමතිම ප්ලේයර් ඌ තමයි කියලා..“ කවදා හරි ඌට ලංකාව අමතක උනත් උඹව අමතක වෙන එකක් නැහැ. ඒ තරමට උඹ ලෝක පුජිතයි. ඒ උඹ උඹ නිසා නෙමෙයි. උඹේ දක්ෂකම් නිසා. උඹ කොන්ඩේ ගස්ස ගස්ස දුවගෙන එනකොට ඊලඟට වෙන දේ තාමත් කාටවත් හිතාගන්න බැහැ. උඹ යෝකර් එකක් දායිද.. බවුන්සර් එකක්ද එහෙමත් නැත්නම් ස්ලෝ බොල් එකක්ද කියලා තාමත් හිතාගන්න බැරි තරමට උඹ සුවිශේෂයි. උඹ වගේම අපේ සංගා, මහි වගේ දක්ෂ (මන් උන්ට ජේෂ්ඨ කියලා කියන්න කැමති නැහැ.. මොකද එහෙම උනොත් උනුත් අපේ රටේ ජේෂ්ඨ ඇමතිවරු ගොඩට වැටෙන නිසා..) ලෝක පුජිත ක්‍රීඩකයෝ. බන්දියවේ නම් තෙන්ඩුල්කර් ලාට මල් තියලා වැන්ඳට උන් මැච් එක්ක පැරදුනාම ගෙවල් ගිණි තියලා විනාස කරනවා. මම හිතුවේ නැහැ පේ රටේ මිනිස්සු ඒ තත්වෙට වැටෙයි කියලා. ඒක එහෙම නොවුනත් මුන් උඹේ මුලු ප්‍රතිරෑපෙම ගිණි තියලා විනාස කරනවා.
අනික උඹ කථා කරන්නේ උඹ වෙනුවෙන් විතරක් නෙමෙයි. අනිත් කාරනේ තමයි අපි හැමෝටම වටිනාකමක් මිලක් නියම වෙලා තියනවා. වෙන කෙනෙක් උඹට යම් මිලක් ගෙවනවා නම් ඒ මිල තමයි උඹේ වටිනාකම. අද උඹට විකිනෙන්න එපා කියලා කියන උන් එකෙක්වත් උඹ තව අවුරුදු 10 කින් ක්‍රිකට් ගැහැල්ල නැවැත්තුවාම උඹට කන්න දෙයිද? එහෙමත් නැතන්ම උඹේ පවුල ගැන බලයිද. තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්චගත්ත එක තමයි හැම එකාම කලේ. ඔය මුල් පුටුවේ ඉන්න ගොයියත් උඹ වගේම බොහොම පොඩි තැනකින් ආපු එකෙක්. (දැන් ඌට එක අමතක උනාට) උන්ට පුලුවන් කාලෙත් උන් කලේ ඔය දේම තමයි. මොකද උන් මණ්ඩලේ පාඩු වෙයි කියලා උන්ගේ පඩි අඩුකරන්න කිව්වද. අනික් උන්ට ලැබුනු කෝටිගානක සල්ලි අනිත් උන්ට බෙදලා දුන්නද? අඩුම ගානේ දැන් සනත්, දැන් පාලක මංඩලේ වැටිලා තියෙන්නේ, ඒ නිසා මට සභාපති පඩිය එපා, අපි ක්‍රීඩකයින්ගේ පඩි අඩුකරන්නේ ඒ නිසා කියලාවත් කිව්වද. මොකද දැන් සනත්ට මොනවැයින් කියලා අඩුද? බාර්ද කාර්ද මංත්‍රී පට්ටම්ද එක්ක අයින් කරනකොට එකක් බඳින්න තරම් ගෑණුද? අනේ අම්මපා මොනවැයින් කියලා අඩුද? අනික පාලක මණ්ඩලේ බංකොලොත් කලේ උඹලා නෙමෙයි නේ. හොර ගිවිසුම් ගහලා. විකාශණ අයිතිය හොරට විකුණලා. ලක්ෂ ගණන් පාටි වලට වියදම් කරලා. කොටි ගනන් වටින වාහන පාවිච්චි කරලා කව්ද පාලක මණ්ඩලේ බංකොලොත් කලේ. උඹලා නිසා තමයි පාලක මණ්ඩලේට විකුණන්න පුලුවන් ක්‍රිකට් තියෙන්නේ.
අනික බං පේ රටේ බංකොලොත් වෙලා තියෙන්නේ පාලක මංඩලේ විතරද? මොන තරම් රාජ්‍ය ආයතන බංකොලොත් වෙලාද? ඒවා ගැන හොයන්න එක බල්ලෙක්වත් නැහැ. විදුලිබල මණ්ඩලේ ගසාකන්නේ කෝටි ගනන්. තෙල් සංස්ථාව බොරතෙල් ටැංකි ගනන් ගසාකනවා. විදේශ අමාත්‍යංශේ ඉන්න එවුන් ලෝකේ පුරාම රවුම් ගහනකොට උඹලගේ දක්ෂකම් බලන්න උඹලගේ පවුලේ උන්ට යන්න තියන එකම අවස්ථාව නැති කරන එක කොයි තරම් අසාධාරණද? බලපන් ප්‍රවාහනේ. ලංගමට බඩු ගෙන්නේ ලංගම තිරැබදු රහිත බලපත්‍රෙට. හැබැයි ඒවා ලංගමට විකුනන්නේ ඇමතිගේ අයියගේ කොම්පැණියෙන්. ඔය වගේ තියන හුට්ටපර කියන්න ගියොත් මේක දේශපාලණ ලියුමක් වෙනවා.
අන්තිමටම උඹට කියන්නේ. උඹ වටින එකෙක්. උඹට මිලක් තියනවා. උඹ වෙන්දේසි කලොත් ලොකේ ගොඩක් රටවල් අපේ රටේ ගෙවන ගානට වගේ දෙගුණයක් දීලා උනත් උඹව ගන්න බලාගෙන ඉන්නවා. කිසි ප්‍රශ්ණයක් නැතිව උඹට ඒ රටක පුරවැසිකම පවා ගන්න පුලුවන්. උඹට සල්ලිත් ලැබෙයි. හැබැයි මචං උඹ එතනට යන්න එපා. අපි උඹට ආදරෙයි. උඹ වෙනුවෙන් කථා කරන්න පිරිසක් ඉන්නවා. උන් තමයි සැබෑ ක්‍රිඩාලෝලියෝ. උන්ට උඹව ඕනේ. අපේ රටට උඹව ඕනේ.
අන්තිමටම උඹට කියන්නේ. උඹ වටින එකෙක්. උඹට මිලක් තියනවා. උඹ වෙන්දේසි කලොත් ලොකේ ගොඩක් රටවල් අපේ රටේ ගෙවන ගානට වගේ දෙගුණයක් දීලා උනත් උඹව ගන්න බලාගෙන ඉන්නවා. කිසි ප්‍රශ්ණයක් නැතිව උඹට ඒ රටක පුරවැසිකම පවා ගන්න පුලුවන්. උඹට සල්ලිත් ලැබෙයි. හැබැයි මචං උඹ එතනට යන්න එපා. අපි උඹට ආදරෙයි. උඹ වෙනුවෙන් කථා කරන්න පිරිසක් ඉන්නවා. උන් තමයි සැබෑ ක්‍රිඩාලෝලියෝ. උන්ට උඹව ඕනේ. අපේ රටට උඹව ඕනේ.
උඹට සුභ අනාගතයක්....,(ලොක්කගේ එක නෙමෙයි හොඳේ....)
මීට හිතවත්..
මීට හිතවත්..
බස්සා.
තරහින් හිටපු මටත් මාලි ගැන දුකක් ඇති වුනා
ReplyDeleteනියම කතාව බස්සා....
ReplyDeleteඅපේ මි හරක්ට ඕක තේරෙන්නේ නෑ...
මාලි ගැන මට ආමාරුවක් නෑ...
නමුත් අපේ සමහර උන් හැසිරෙන හැටි දැක්කහම ඇතිවෙන්නේ දුකක්...
අපේම එකෙක්ටනේ මෙහෙම කරන්නේ කියලා...
මාලියා ''මනුස්සයෝ'' කියලා කිව්වට ඔහොමනම් අර දියවන්නාවේ ඉන්න මැටි හරක් කියන දේවල් වලට උන්ට ගහන්න ඕනේ සෙරෙප්පුවෙන්....
එදා ඔය කතාව මාලි නැතුව වෙන එකෙක් කිව්වනම් මෙච්චර මාධ්‍ය හෙන්චයියලා ඕක උලුප්පගෙන දගලන්නේ නෑ....වැඩේ මේක මාලිංගයා කියපු එකයි....
කිය්ව්වත් වගේ දුක හිතෙන්නේ අපේ රටේ මෝඩ මිනිස්සු ගැන...
අපිට තියන ලොකුම ප්‍රශ්නේ මාලි මනුස්සයෝ කියපු එකද...
මේ වගේ මි හරක්නේ ෆේස්බුක් එකේ ඉන්නේ....
සිරාවට... ඔය පුකවල් උඩ දාගෙන කෑගහන හැම එකාගෙම තියෙන්නෙ කුහකකම තමයි... මාලිංගට (සහ අනික් ක්‍රිකටර්ස්ලට) අපේ බදු සල්ලි වලින් පඩි ගෙව්ව නම් තව කමක් නැහැ...
ReplyDeleteනියමෙටම ලියල තියෙනව...
ReplyDeleteමේ රට ඇතුලෙදි මිනිහෙක් තමන්ට කරගන්න ලොකුම වැරැද්ද හොඳ/වීර චරිතයක් විදිහට තමන්ගෙ ප්‍රතිරෑපය ගොඩනැගෙන්න ඉඩඅරින එක...
බස්සා උබේ කතාවෙ ඇත්ත....
ReplyDeleteකතාව ඇත්ත, මිනිස්සු කාලෙන් කාලෙට ගල් ගහන්න එක එක අය හොයාගන්නවා. හැබැයි හරියටම ගල් වදින්න ඕනි උන් ගැන් සද්දයක්වත් නෑ..එක අතකට අර කියනවා වගේ මෙයාල සල්ලි හම්බ කරන්නේ එයාලගෙ දක්ෂතාවෙන්, ඒත් ඔය දේශපාලනය කරන උන් හම්බ කරන්නෙ නිකන් අනිත් මිනිස්සුන්ගේ සල්ලි වලින් කාල, උන්ටම බදු ගහල හම්බවෙන ඒවගෙන්,.
ReplyDeleteකියන්න ඕනෙ ටික බස්සා අඩුවක් නැතිව කියල තියනවා . ඔබත් එක්ක එකඟයි බස්සෝ .
ReplyDeleteමොනවා කරන්නද බං..ලංකාවේ අපේ උන්ගේ සිරිත කවුරු හරි චරිතයක් දේවත්වයෙන් වගේ අදහන එකනේ...
ReplyDeleteමලිංගගේ පෞද්ගලිකත්වයට පහරගැසීම අනුමත නොකරන අතරම්. ඔහුගේ හැසිරීමද අනුමත නොකරමි. මාලිංග තව දුරටත් සාමාන්‍ය වැසියෙක් නොවේ. කන්ඩායමක උප නායකයෙකි. රට ජාත්‍යන්තරයේ නියෝජනය කරන්නෙකි.
ReplyDeleteක්‍රීඩක වන්දනාව නොකරන කෙනෙක් විදියට මම නම් කිසිම දෙයක් දන්නෙ නෑ මේ ගැන... සෙල්ලම් කරනවද, හොඳද නරකද.. ආ එයා සෙල්ලම් කරන විදියට, එයා පිට්ටනියෙදි හැසිරෙන විදියට මම ආසයි/ ආස නෑ කියනවා ඇරෙන්න වෙන දෙයක් මං නම් හිතන්‌ෙන් නෑ...
ReplyDeleteඒත් එක දෙයක් තියෙනවා... යමක්, යම් දෙයක් නියෝජනය කරනවා කියන්නෙ වගකීමක්... එතනදි පෞද්ගලිකත්වය සීමා වෙනවා... ඒක දැනගෙන ජීවත් වෙන එක තමන්ගේ සෞඛ්‍යයට හොදයි විතරක් නෙවෙයි තමන් නියෝජනය කරන දේටත් ලොකු ගෞරවයක්...
අමතක උනා.. මකුළු දැල් කඩපු එක ගැන සන්තෝසයි.. ඊටත් වඩා බස්සගේ ලිවිල්ල ගැන සන්තෝසයි... නියමයි...
Deleteමගේ කමෙන්ට් එක මෙතන
ReplyDeleteමාලිංග යනු ජාත්‍යන්තරය තුළ අපේ කම සනිටුහන් කළ සංකේතයකි. එවැන්නෙක් මෙයිට වඩා වචන සංවර කර ගත යුතුව තිබිණි.
ReplyDeleteබස්සා නියම පොස්ට් 1.ඇත්තටම ඇත්ත කතාව.අපි හැමදාමත් මාලිංග එක්ක ඉන්නවා.
ReplyDeleteඋඹහරි මචං....!
ReplyDeleteතරහක් තිබුනත් ඒක නැතිවෙලා ගියා.
+++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteමාලි කතා කරපු විදිහට මටත් හිත රිදුනා තමා...
ඒත් පස්සේ තේරුනා මාධ්‍යත් වැරදියි කියලා..
උං හොදින්ම දන්නවා ප්‍රකාෂයක් කරන්න තහනං කියලා.. ඒ දැන දැනත් ඔහොම ප්‍රශ්ණ කරන්නේ ඔහොම වචනයක් දොට්ට පනියි කියලා බලාපොරොත්තුවෙං තමා...
නිහතමානිව හිනා වෙලා අහපු දේට පිළිතුරු දෙන්න පුළුවන් ආකාරයට මනස ශක්තිමත් කර ගත යුතුය.දේශපාලනය කුමක් වුවත් මාලිංග යනු රටට ක්‍රිර්තියකි. ඒ නිසා ජනතාව ඔහුට ආදරය කරයි.ඒ නිසා එවන් ආදරයකට ලක් වන්නෙකු මේ ආකාරයට හැසිරිය යුතු නැත.ඔහුට කියන්නට යමක් තිබුණ නම් ඕනෑ තරම් ජන මධ්‍ය ඔහුට ඉඩකඩ සලසා දෙයි.අසාධාරණයක් සිදු වුවානම් එය පවසන්න ඕනෑ තරම් අවස්ථා ඇත.හරි විදියට අසාධාරණය කථා කරා නම් මාලිංග එක්ක රටම ඉඳිවි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
බස්සා සුපිරියටම ලියලා තියෙන්නේ. මමත් එකක් ලියුවා ඕක ගැන
ReplyDeleteමේන්න මම ලියපු පොස්ටුව ඕක ගැන
හරියට හරි බන්.. උන්ට ගෙවන්නේ උන් ක්‍රිකට් ගහලා හොයපු සල්ලි වලින් මිසක් බදු මුදල් වලින් නෙමෙයි නේ. ක්‍රිකට් බෝඩ් එක දුවන්නේට් ඒ සල්ලි වලින්.
ReplyDeleteඑහෙම එකේ බේබිලාට රගර් ගහන්න මුන්ගේ පඩිය කපලා හරි යනවද?
මේක කියවලා මගේ ඇඟේ හිරිකඩු ත් පිපුනා.
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
සිරා කතාව බස්සා සුපිරි අපේ සමහරක්ට මේක තේරෙන්නේ නෑ
ReplyDeletetrue
ReplyDelete