Friday, March 8, 2013

හෑන්ඩ් ටු හෑන්ඩ්... (අත සම්බන්ධ ගණුදෙනුවකි)

 
 
කෝ නිම්මි ඕක අල්ලන්න මම දාන්න...
මොකක්ද අනේ..
අත අනේ අත...
මම බැලුව මොකක්ද කියලා..
මොකක්ද මේ..
අද කාන්තා දිනේ නේ..
අපේ සංගමෙන් කාන්තා දිනේ වෙනුවෙන් රබර් පටි ගැහැවුවා..
අතේ බඳින්න...
ඔව් දකුනතේ බඳින්න...
මොකක්ද මේ ලියලා තියෙන්නේ....
මොනවා ලියලා තිබ්බත් මම කැමති මේ පාටට....
ලස්සනයි අනේ....
රෝසයි... ලා නිලුයි....

මේ සංවාදය අහගෙන හිටපු මටත් මේකට හොට දාන්න හිතුනා....

කෝ මිස් අපිට නැත්ද රබර් පටි අතේ දාන්න...
එහෙම කොහොමද අද කාන්තා දිනේ මිසක් පිරිමින්ගේ දිනේ නෙමෙයි නේ..
එතකොට කාන්තා දිනේ බලපාන්නේ කාන්තාවන්ට විතරද..
ඔව් ඇයි එක වැරදිද..
අපි අද හවස කාන්තාවන් දෙනුවත් කිරීමේ වැඩසටහනක් කරනවා...
මොනවා සම්බන්ධයෙන්ද...
ගෘහස්ත හිංසනය සහ ලිංගික අපයෝජනය සම්බන්දයෙන්...
මරු ඈ....
 
(හිටුකෝ හෙට වෙනකම්... තොපිට තියෙන්නේ එක දවසයිනේ.. .අනිත් දවස් 364 ම අයිති අපිටනේ)

(සත්‍ය සිද්ධියක් ඇසුරින්...)
 
විචාරයක් ලියනවද නැද්ද කියලා මේ කල්පනා කලේ..... එක්කෝ නොලියා ඉන්නවා කියලා හිතුවා... මොකද  හැමදාම අපි ගෑණුන්ගේ ආකල්ප ගැන සාකච්ඡා කරන කොට උන් කියන්නේ “උඹලා අපිට නැගිටින්න දෙන්නේ නැහැ“ එක්කෝ “අපේ ගමනට අකුල් හෙළනවා“ කියලා.... මේ සංවාදය ගැන මට දැනුන දේ නම් බොහොමයි... ඒවා එක්කවත් නොකියා මම කැමතියි අපේ සහෘදයන්ට මේ ගැන කථා කරන්න ඉඩ දීලා මේක පොස්ට් කරන්න....

අපි බලමු.....

එහෙම නොවුනොත් අපි ආයෙත් ඒ ගැන කථා කරමු....

13 comments:

  1. කාන්තා දිනයක් අවශ්‍යද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පැහැදිලි සංවාදයක් ගොඩනැගියි යුතුයි ගයනි වඩුගේ...ඒ සම්බන්ධයෙන් ඔබ දරන මතය ගෙනහැර දැක්වුවොත් ඒ ගැන සාකච්ඡා කරන්න වේදිකාවක් වෙයි මේක....

      Delete
  2. අපූරුවට හිටපු ගෑණුන් ව ගොනාට ඇන්දුවෙ ම කාන්තාව හා මොකක්ද එන්ජීඕ එකේ වේසියො සහ( ඒකෙ ලොක්කි මගේ නෑනා..!!)ජඩ ඇඩ්වටයිසිං කාරයොනෙ..!!

    ReplyDelete
  3. කාන්තාවන්ට දිනයක් තියෙන එක හොදයි....එතකොට කාන්තා නිදහස ගැන ලොකු ලොකු කතාන්දර ඇතිවෙනවා..ඇගේ වෛරය වගේ කාන්තා නිදහස ගැන තියෙන පිල්ම් බලන්න මමත් ආසයි...

    ReplyDelete
  4. හේ හේ මට කියන්න බැරුව හිටපු දේ සෝර් කිව්වා.....Young Asia Television එකේ බණ දේශනා කොරනවා දකිනකොට ඉතින්.............................

    එව්වා මොනවා උනත් මෙහෙම දෙයක් කරගෙන,මේ වගේ දවසක් දාගෙන ගොනාට ඇන්දේ ගෑනුම තමයි!

    බස්සෝ කියන්න වෙන්නේ අර කිව්වත් වගේ එකම දෙයයි....
    ''හිපල්ලකෝ එක දවසනේ උබලගේ ඉතුරු 364 ම අපෙනේ ''

    හික්...... හික්..............

    ReplyDelete
  5. කාන්තා හිංසනය සහ ගෘහස්ථ ප්‍රචන්ඩත්වය.
    එතකොට පිරිමි හිංසනය? දාහක් ප්‍රශ්ණ මැද්දේ මැරීගෙන ගෙදරට කරන ගමන් ගෙදර මායියගෙ කන්කෙදිය අහන් ඉන්නෙක. (පිරිමින්ට ඒක හිංසාවක් නෙමෙයි ද?)

    පිරිමි පවු බොල. කොච්චර කැප කිරීම් , කොච්චර දුක් මහන්සි වෙනව ද. යුතුකම් වගකීම් කරට අරන් ක්‍රියා කරන්නේ පිරිමි.එහෙම නොකරන අය ඉන්නව නම් ඒ ඉතාම අතලොස්සයි.

    දැන් කාලේ නම් බීගෙන ඇවිත් ගෙදර ගෑණිට තඩිබාන පිරිමි හරිම අඩුයි.බොන්න සල්ලි නෑ.ගෑණි ගෙදර නෑ.ඒ නිසා වෙන්න ඇති බීගෙන ඇවිත් තඩිබාන සද්ද රණ්ඩු වෙන සද්ද නැහැ දැන්.

    ඒත් වගකීම් යුතුකම් අතර හිර වෙච්චි පිරිමි...හිතට මනසට වත් සැනසීම් වචනයක් නැතිව තැවෙන පිරිමි දවසින් දවස වැඩි වෙනවා.යුතුකම් වගකීම් කැපකිරීම් පිරිමි අය ඉටු කරන්නේ හරිම කැමැත්තෙන්.ඒත් සැනසීමක් නැති වෙන එක පිරිමින්ට උහුලන්න අමාරු දෙයක්.

    ඉතින් ගෑණු අපිට මොන ප්‍රශ්ණද. දෙන දෙයක් කාලා. වෙන දෙයක් බලන් , පිරිමියට ආදරේ ඇබින්දකුත් දීලා සතුටින් ඉන්නයි තියෙන්නේ.

    හා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙත් ඉතින් ගත යුත්තක් තියනවා.:D

      Delete
  6. කාන්තා දිනය විතරක් නෙවෙයි ඔය තියෙන හුඟක් දිනයන් වැදගත් වෙන්නේ වෙළෙන්දන්ට තමයි. ඊයේ ටීවී එකේ පෙන්නපු එක කාන්තා දින වැඩසටහනක් වත් මම හිතන්නේ නෑ උදවු ලැබිය යුතු කාන්තාවන් වෙනුවෙන් පවත්තපු ඒවා කියල.නිකං සෝබනේ විතරයි

    ReplyDelete
  7. අනේ මන්ද බං.

    කාන්තා කියල වෙනසක් නැතුව දැන් හිංසනය සිද්දවෙනවා.

    බලපං කාටද දැන් නිදහස් මත දැරීමේ නිදහස තියෙන්නේ ?

    ReplyDelete
  8. කාන්තා දිනයක් වෙන්නම ඕනෙද ඔය හිංසනය ගැන කතා කරන්න????

    ReplyDelete
  9. අවන්ත ආටිගල මහත්තයා නිදහස් දිනේට කාටුන් එකක් ඇන්දා... 1948දි ජාතික ඇඳුම ගහගත්තු දේසපාළුවෙක් අඩියක් විතර ගැඹුරු වලක් ඇතුලෙ ඉඳන් කෑ ගහනවා 'සුද්ද අපිව වලට දැම්මා' කියලා. අවුරුදු 60කට පස්සෙත් නිදහස් දිනේදි තවත් ‍ජාතික ඇඳුම් කාරයෙක් වලක් ඇතුලෙ ඉඳන් ඒ විධියටම කෑ ගහනවා. හැබැයි එතකොට වල අඩි 5ක් විතර ගැඹුරුයි.

    කාන්තාවොත් එහෙම තමයි! ;-)

    ReplyDelete
  10. වෙළද මාෆියාවේ තවත් වැඩක්

    ReplyDelete
  11. කාන්තාව ගැන වැඩියෙන්ම කතා කරන්නෙ නාගරික සමාජයේ හැදුන කාන්තාවන්. ඒත් ග්‍රාමිය කාන්තාවන් ඔය මොන අයිතිවාසිකමක් ගැනවත් දන්නෙ නැ.එය මොන දිනයක් ගැනවත් දන්නෙ නැ.ඒ අයට එහෙම දැනගන්න ඕනෙත් නෑ. තුන්වේලටම බත්හැලියක් තම්බලා ගෙදර මනුස්සයාටත්, ළමයින්ටත් කන්න දීලා ඉතිරියක් තිබුනොත් ඇයත් කනවා.

    70% ක් විතර ගම්බද කාන්තාවන් එහෙමයි. ඒත් නාගරික සමාජයේ කලවසය එළමුනාම කසාදයක් බැඳගන්නවා, ටික කලින් ඩිවෝස් වෙනවා, අයෙ බදිනවා, ආයෙමත් ලිහනවා, ඒ විදියට අන්තිමේදි කාන්තා සංගම් පිහිටවාගෙන අයිතිවාසිකම් කතා කරනවා. මේක සමාජ දෙකක්. රටටත් වැඩක් නැත් අපටත් වැඩක් නැති කලාවක්. එහෙමත් නැත්නම් ෆැන්ටසියක්

    ReplyDelete