Saturday, April 6, 2013

ඇයව එල්ලා දුෂණය කලවුන්ට අපි ඡන්දය දෙමු.....



ඔන්න කාලෙකින් මමත් ආවා බ්ලොගේ පැත්තේ.. එහෙම නම් හැමෝටම මේ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සුභ එකක් වේවා කියලා පතලම වැඩේ ආරම්භ කරන්නම්....

මේ කාලේ එක එක ජාතියේ රැළි තියනවනේ... සමහර ඒවා ජනතා රැළි... එක එක පාට... එක එක පක්ෂ ජනතාව මැදි කරගෙන ඒ ඒ අයගේ මතය සමාජයට ගෙනියන්න උතසහා කරනවා.... ඒ අතරේ කාලයක් වැස්ස වහින්න කියලා පොල් ගහලා ගහලා පොල් මිලත් වැඩි වෙලා තියනකොට දෙන්න පටන් ගත්ත වැස්ස නිසා දැන් ලංකාව පුරමා වැව් පිරිලා ඒවායෙත් රැළි ඇතිවෙලා තියනවා මම ප්‍රවෘත්ති වල දී නම් දැක්කා... ඔය අතරේ හැමදාම වගේ වැස්සත් නොවැස්සත් ගහන රැල්ල මුහුදු රැල්ලත් දැන් සැරයි කියලා තමයි ආරංචිය... හැබැයි අද මේ කථා කරන්න යන්නෙ ඔය කියන එක රැල්ලක් ගැනවත් නෙමෙයි.... දැන් දැන් බුකියේ වගේම වෙනත් සමාජ ජාලා ඔස්සේ ඇදිලා යන තවත් රැල්ලක් ගැන.... ඒ රැල්ලේ හැටියට ඒ රැල්ල මතු කරන උදවිය කියන දේ තමයි දැන් දැන් අන්තර්ජාල දේශපාලණ මත වැහි වැහැලා කියන එක... එහෙමත් නැත්නම් “සමහරැ යුද්ධ කරන්නේ බුකියේ“ කියලත් කියනවා මම දැකලා තියනවා..... ඒ වගේම සමහරැ කියනවා ඔය බුකියේ, බ්ලෝගේ දේශපාලණ පන්ඩිතකං කථා කරලා රට හදන්න බැහැ යි කියලාත්....ඒ එක්කම තව සමහරැ කියනවා මුං බකපණ්ඩිත සයිබර් දේශපාලකයෝ කියලත්.... 

මේ දේවල් අහගෙන ඇසි කන් පියාගෙන ඉන්න බැරි නිසා මමත් තීරණය කලා මින් මත්තට සයිබරේ දේශපාලනේ ගැන කථා නොකරන්න.... ඒ නිසා අද මම කථා කරන්න යන්නේ ආදරය... විශ්වාසය..... සෙනෙහස.... වගේ දේශපාලනේ නොගෑවිච්ච කාරනා කීපයක් සම්බන්ධයෙන්....

එහෙම කියලා බැළුවට අද දේශපාළණේ සම්බන්ධ නැති දෙයක් හොයාගන්න එක “කළු ණික“ හොයනවට වැඩිය අමාරුයි....ජීවිතේ හැමදේම අලෙවි වෙන කාලේ කථා කරන්න තියන මාතෘකා බොහොම සීමිතයි ... එක්කෝ දේශපාලනේ.. එහෙම නැත්නම් ආදරේ... ඒ එක්කම ගැටෙන ලිංගිකත්වය.. විකිනෙන් සිරැරු..... ආදරේ හොයගෙන යන ගෑණු...... කෙල්ලට පිහියෙන් අනින පිරිමි..... කුණු වෙච්ච අල.... හොරට විකිනෙන බේහෙත්..... දොස්තරලාගේ වැරදි... හම්බයන්ගේ ගනන්.... හාමුදුරුවන්ගේ චන්ඩිකම්... වගේ එකී නොකී බොහෝ දේ ඇරෙන්න ලංකාවේ වෙන දේවල් ගැන කථා කරන්න තියන මාතෘකා බොහොම අඩුයි... මොන පාට දෙකේ නාලිකා වල ප්‍රවෘත්ති ඔක්කොම එකතු කරලා දෙකෙන් බෙදලා.... පහෙන් වැඩිකරලා.... දහයෙන් බෙදලා තමයි පැහැදිලි විස්තරයක් ගැන දැනගන්න වෙන්නේ....
මොනවා නැතත් අද අද එයි මරැ පිං කරගන්නේ කියලා කියනවා වගේ දැන් දැන් රටේ වැඩි වෙන භීෂණේ වගේම විරුදධවාදීන් නිහඬ කරවීමේ ක්‍රියාවලිය දැක්කමා අපි මේ නැවතත් යන්නේ අතීතෙටද කියලා සැකයක් ඇතිවෙනවා....

අද මැදිවිය පහුකරන අපේ දශකේ බොහෝ තරුණ තරුණියෝ භීෂණ දෙකක් අතිවින්දා... 71 දී භීෂණේ වක්‍රාකාරයෙන් අත්වින්ද 83 දී වාර්වාවාදය අත්වින්ඳා...... අපි 88/89 දී කායික සහ මානසික වශයෙන් භීෂණේ අත්වින්ඳා..... ඒකට මුන දුන්නේ අපේ අම්මලා අමතක කරපු දෙවරක් වින්ඳ භිෂණේ... මිනි කඳු... සිටුවා වෙඩි තැබීම්... දෑස් බැඳ ඝාතනයන්... තුන්වරක් වින්ඳ අපේ පරම්පරාවට තාමත් අමතක වෙලා නැතිව ඇති.... පසුකාලීනව ඇතිවෙච්ච මරාගැනීම් සහ මරාදැමිම් හමුවේ මරණය... භීෂණය සහ ඝාතනය අපිට බොහොම සරළ දෙයක් උනා... හැමදාමත් කියකවා වගේ උන්ගේ 30 අපේ 15 ක්, අපිට 10 ක් ලාභයි කියන මානසික උත්තේජනය හමුවේ අපි බොහෝ තෘප්තියක් ලැබුවා... කණුවක එල්ලෙන සිරුරක්.... ජොනී බට්ටෙක්ගෙන් වෙන් උන කකුලක්..... අපිට ගෙනවා නොදැනුන අප්පිරියාවක් වගේම ප්‍රකාශිත සතුටක්.... කෙනෙක්ගේ මරණය යම් ජාතියට සතුටක් ගෙනදීම රටක ජාතිකමය වශයෙන් කොයිතරම් ඛේදනීය තත්වයද යන්න අපිට තාමත් නොතේරීම යම් ප්‍රශ්නයක්.... ඔය දේවල් එක එක දැකගෙන සිරි නරඹගෙන එකකොට මම දැක්කා බොහොම අපුරු පොස්ට් එකක් අපේ රංජිත් සහෝදරයාගේ... මට දැනුන විදියට මම පිළිගන්න දර්ශණේ අනුව ඒක බොහොම වැදගත් කියලා මට හිතුනා.. මගේ බ්ලෝගේ මල සිට අගටම ගත්තොත් මම පිළිගත්ත, මම අදහපු දර්හණයක් තමයි අපේ රටේ ලිංගිකත්වය ගැන දරන ආකල්පය විවෘත්ත නැහැ කියන එක.... අපි හැමදාම හැදුවේ අනුගමනය කලේ වහලා ගහන දර්ශණයක්.... ඒ ගැන වෙන මොනවත්ම අටුවාටිකා නොකියා උදාහණ දෙන්න පුලුවන් දෙයක් මෑතකදී මම මුණු පොතේ දැක්කා...

 ඇත්තටම මේක සත්‍ය සිද්ධියක් නම් අපේ ළමා හෝ තරුණ පරපුර අද ඉන්නේ කොතැනද කියන එක නැවතත් හිතන්න වෙනවා. බොහොම සරළ සහ භෞතික න්‍යායක් වන ගැබ්ගැනීම සම්බන්ධයෙන් අපේ රටේ තරුණ පරපුරගේ දැනුම ගැන නැවතත් අවධානය යොමු කල යුතුයි කියන අදහස මේ තුලින් අතිවෙනවා. පහුගිය වැලන්ටයින් මෙව්වා එකේ දී අර කොළඹ කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් කොන්ඩම් ගැන “වෙළඳ“ ප්‍රචාරණ දැන්වීමක් දැම්මානේ. උන් ඒ ඉංගිරිස් වලින් කියන්න හැදුව දේ කවදාවත් අපේ රටේ බහුතර ග්‍රාමීය ජනතාව අතරට නොයන බවට හොඳම සාක්ෂියක් තමයි මේ කොටස. මම දැකපු විදියට ඒ කොන්ඩම් දැන්වීම හුදෙක්ම සීමා වෙලා තිබුනේ එක්තරා පැලැන්තියතට පමණයි. ඒ අපි උඹලා වගේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අස්සේ හෝ පොලිසියෙන් පනියි කියලා බයේ ආතල් ගන්න තැන් වලට එහා ගිය... බොත්තම මහලා.. කොන්ඩ කට්ට ගහලා පෙම්වතුන්ගේ දිනය සමරණ ආදරවන්තයින්ට නෙමෙයි. උන් කියන්න හදන කථාව ප්‍රධාන බොහොම සරළව විග්‍රහා කලොත් අපේ අම්මා නම් ඉස්සර අපිට කිව්වේ වැස්සේ තෙමෙන්න එපා හෙම්බිරිස්සා උණ හැදෙයි කියලා.... මුන් කියන්න හදන්නේ වැස්සේ තෙමුනට කමක් නැහැ හැබැයි රේන් කෝට් දාලා නම් කියලා... සරළව හිතලා බලන්න අපි හදන්න ඕනේ අකල් වැස්සට තෙමෙන එකද... රේන් කොට් නොදා වැස්සේ තෙමෙන එකද කියලා ගැටළුවක් මට නම් ඇති උනා....

අනෙත් කාරනේ තමයි උන් ඒ දැන්වීම දාන්න තොරගත්ත කාලය.... ඔන්න ඕක “ලෝක ඒඩ්ස් දිනය“ වගේ දිනයකදී ප්‍රචාරය කලා නම් ඒ ගැන යම් එකගතාවයකට එන්න තිබුනා... නමුත් පෙම්වතුන්ගේ දිනයදී ඕක පලකිරීම ගැන නම් නැවත හිතාබලන්න ඕනේ.. ඒක හරියට හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ වැඩක්.... ආදරවන්තයින්ගේ දිනේ දී සංසර්ගේ යෙදෙනවා නම් කොන්ඩම් පාවිච්චි කරන්න වගේ අදහසක් තමයි මට නම් ඇති වෙන්නේ.. අනෙත් අයට වෙනස් වුනාද කියලා මම දන්නේ නැහැ....

ඔන්න ඔය වගේ දේවල් එක එක විදියට ගලාගෙන යනකොට හලාල් ප්‍රශ්ණේ ආවා.... ආණ්ඩුව මත්තලට දින ගනිද්දී අපි කථා කලේ හලාල් ගැන..... ආණ්ඩුවේ නාලිකාවල පලවෙච්ච දැන්වීම් වලට අනුව මත්තල කියන්නේ සිතූ පැතූ සම්පත් ලබාදෙන “කප්රුකක්“ වගේ මෙව්වා එකක්.... එහෙන් ප්ලෙන් බාන කොට මෙහෙන් සල්ලි පැටව් ගහන වගේ දැක්මක් තමයි ඒ දැන්වීම් වල තියෙන්නේ.... දකුනේ ගොයියෝ මත්තල එයාර් පොර්ට් එකට යන පාරවල් අයින් කුරහන් තලප... රොටී.. බඩ ඉරිඟු... කළු දොදොල්.. රැහුණේ මි කිරි තියාගෙන විකුනණ කොට ප්ලෙන් එකෙන් බැහැලා යන සුද්දෝ මගදී ඒවා අරගන්නවා.... උන් ලංකාට බැස්ස ගමන් නිසා උන්ම මෙව්වවායේ ගන්න දන්නේ නැහැ.. එක නිසා කිරි හට්ටිය රුපියල් 1000 දෙදහාට විකුනන් පුලුවන්... ඒවැයින් ගොවියන්ට ලොකු ලාභයක් ලැබෙනවා... ගොයියෝ දවසට කිරි හට්ටි දෙකක් විකුණලා.. එක්ක බඩ ඉරිඟු කරල් පහක් විකුණලා ..... දොදොල් කිලෝ දෙක්ක විකුණලා දවසේ ආදායම හොයාගන්නවා.... ඉතින් රට සංවර්ධනය වෙන එක අහන්නත් දෙයක්ද....?

ඔය අල්ලපනල්ලේ “හලාල්“ හුට පටේ.... මිනිස්සුන්ට මත්තල ඇඩ් බලන්නවත් වෙලාවක් නැහැ වැඩිවෙච්ච ජාත්‍යාලේ පිට කරගන්න විදියක් නැති නිසා.... ඒ නිසා අහුවෙන අහුවෙන තැන් බල බල ඉක්මනට හොල්ලලා දානවා... හැබැයි පැල්ලම් හිටියාම කියන්නේ මගේ ඒවා නෙමෙයි කියලා... ඒකෙත් හැටි.... මේ වගේ ජාතික වීරයෝත් එක්ක යන උන්ට ගහන්න ඕනේ... මුන් ගුණානන්ද හාමුදුරුවන් ව විකුණලා.... සුමංගල හාමුදුරුවන්ව වෙන්දේසි කරනවා.... ඒක හරියට දෙබරටෙ ගල් ගහලා බලා ඉන්නවා වගේ වැඩක්... මොකද උන් ගල් ගැහැව්වේ දෙඹර කූඩෙට මිසක් දෙඹරැන්ට නෙමෙයි නේ.... අපේ මොට්ට මෝල්ලුන්ට තාමත් නොතේරෙන එකම දේ තමයි පාලකයා සහ පාලිතයා අතර වෙනස.... ජනතාවට පාලනය පිළිබඳ ප්‍රශ්ණ අමතක කරන්න හොඳට ආයුධය තමයි ජනතාව බෙදන එක... උන් දෙගොල්ලෝ බෙදිලා “කෙළ“ ගන්නකොට පාලකයෝ “පුකෙන්“ හිනා වෙවී බලාගෙන ඉන්නවා.. පුලුවන් නම් උන් එක එකා මේක අවුලවන්න එක එක ප්‍රකාශ කරනවා.. එකෙක් මිනිස්සුන්ට උඩගෙඩි දෙනකොට අනිකා ඒකට විරුද්ධව කථා කරනවා... එහෙම කරලා ප්‍රසිද්ධියේ කියනවා ඒ අදාල පුද්ගලයාගේ මතය මිස රජයේ මතය නෙමෙයි කියලා... තමන්ගේ නියෝජිතයෝ තමන්ට පාලනය කරන්න බැරි රජයක් රටේ මහජනතාව කොයි තරම් විශ්වාස කරන්න ඕනේද....?

ඔය ඔක්කොම දේවල් අපි ඉවසගෙන ඉන්නේ අපේ රට ආශ්චර්යය කරා වේගයෙන් යන හින්දානේ.... ඒ අතරේ සාපේ ප්‍රතිඵල ඇවිත් සාපේ, කියන්නේ දරුවෙක්ගේ ජීවිතේ තීරණාත්මක කඩඉමක් වගේම අපේ රටේ පවතින අධ්‍යාපන රටාව ගැන මැනිය හැකි තීරණාමත්මක අවස්ථාවක්.... අපි පාසැල් යන කාලේ අපේ පන්තිවල අපිට ඉංග්‍රීසී උගන්නපු ගුරුවරු අපිට ඒක ඉගැන්නුවේ අපිට කවදාවත් ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි වෙන්න.. ඒ තරමට අපිට ඉංග්‍රිසි අප්පිරියා කලා... අපේ රටේ ආශ්චර්යය කියන්නේ අදටත් අපේ රටේ සාපේ ට වාඩි වෙන මුලු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 11,100 ක් වැඩ නවයම අසමත්... 52.22% ඉංග්‍රීසි අසමත්....  ගණිතය විශය 44.65% ක් අසමත්...

හැබැයි අපි තාමත් ආශ්චර්ය්‍ය හොයන්නේ අපේ පාරවල් කොච්චර කාපට් දාලා ද.... උදේට දුවන්න පාක් කීයක් තියනවද.... එයාර් පොර්ට් එකට ප්ලේන් කීයක් බානව ද වගේ සංඛ්‍යාත්මක වටිනාකම් වලින්....  ආශ්චර්ය්‍ය කියන්නේ නයිට් රේස් වත්.... පපුව පැලෙන්න කථා කරලා ඇස් වලට කඳුළු උනන්න පපුවට ගහගන්න එක නෙනෙමයි කියලා අපිට නොතේරනෙ කාත්.... අපිට වෙන්නේ ලිං මැඩියෝ වැගේ ජීවත් වෙන්න.... මට තේරෙන මගේ ජීවිත් කාලේ තුල අත් වින්ඳේ ආණ්ඩු දෙකයි... අපි එදා කෑගැහැව්වේ යූ ඇන් පී කාරයෝ අවුරුදු 17 ක් මේ රට කෑවා කියලා.... එහෙම කියලා උඩ දාලා පත්කරගත්ත මුන් අවුරුදු 18 කට වැඩියි දැන්..... අපේ රටේ ඉතිහාසය අනුව දිර්ඝ කාලීනව පැවතුනු රජයන් පෙරලෙන්න හේතු උනේ ජන අරගල... ඒ වගේම ඒවා මැඩ පැවැත්වුනේ සමුල ඝාතන තුලින්....

(මේක දකින කොට ටිකක් අච්චාරු වගේ ගතියක් දැනෙන්න පුලුවන්.... එහෙම වෙන්න හේතු උනේ එක් එක් කාරනා වලදී මගේ අදහස ලියපු පොස්ට් කිපයක් එකට අමුණපු නිසා..... ඒ නිසා අවසාන කිරීමක් නැත)

2 comments:

  1. පොස්ට් තුන හතරක ඒවා එක පෝස්ට් එකේ තකහනියෙම ලියල වගේ...

    ReplyDelete
  2. // පපුව පැලෙන්න කථා කරලා ඇස් වලට කඳුළු උනන්න පපුවට ගහගන්න එක නෙනෙමයි කියලා අපිට නොතේරනෙ කාත්.... අපිට වෙන්නේ ලිං මැඩියෝ වැගේ ජීවත් වෙන්න.//

    +++++++++++++++++

    ReplyDelete