Monday, April 29, 2013

අනේ මට කොන්ඳක් දෙන්න....



නිරැවත් වෙලා ලෝකයටම ඇගේ වත...
දෙවියන් පවා බිය වි ඇය ඇතැර ඇත....
වට වී බලා සිටිනා සේ නොම දත්ත....
නොදකින් අපි වගේ කොන්ඳක් නැති හැත්ත...

තිස්තුන් කෝටියක් දෙවිවරු වඩින රටේ...
වංචා දුෂණය බැලු බැලු හතර වටේ...
පෑගෙන එකා පාගාගෙන හැටට හැටේ...
නැගලා පියාබති ලොක්කෝ මොනරු පිටේ....

දුප්පත් එකා මහ උළු ගෙදරට යනවා....
බලේ තියන තැන උන් නිති වැජඹෙනවා...
දෙවියනි කෙසේ නම් අපි තව ඉවසනවා....
රතු ලේ සුදු වෙලා ඇඟතුල නලියනවා....

ඇත්ත දැන දැනම බොරුවට රැවටෙන්න...
ආසාධාරණය දැක දැක තව නිදියන්න....
රට වනසන එවුන් මේ ලෙස අගයන්න...
ඒ වැනි වෙන පවක් නැහැ, බැහැ ඉන් ගැලවෙන්න...

බඩ පොතු ඇලී පිට පොතු එළියට එනවා....
අපි පත්කල එවුන් අපිටම බැට දෙනවා...
අපි කන වේල් තුන එක වේලට කනවා...
අපි කෙට්ටුවට උන් හරහට උස යනවා...

බෙදිලා දෙකට හතරට සහ හය හතට...
ඉන්නා නිසා උන් හරි කැමතියි අපිට...
එකතුව එකා මෙන් දෑතම එකතු කොට...
නැගිටින තුරා නැහැ කිසි සෙත අප රටට...

බලයත් උන්ටමය නිලයත් උන්ගෙමය...
තීරණ උන්ගෙමය උන්හට වාසිමය....
දුරදිග සිතන්නේ බලයට පමණමය....
අපි රට ගැන හිතද්දී උන් හිත උන් ගැනය...

පගා කොමිස් හොර ජාවාරම් හැමත....
නීතිය රකිනෙකා හට මරණය මය නියත...
නියවා විළිස්සා දත්, දිගහැරලා දෙඅත...
එළවා පහර දී එල්ලයි හතර අත...

ඇඳිවත ඉරා පාගාගෙන එකා මෙන....
උරාගෙන ඇගේ සාරය පෙරාගෙන...
කන්නට හදන කල මුන් ඈ මේ ලෙස මරාගෙන..
ඇයි අපි තව තවත් ඉන්නේ බලාගෙන...

ඇස් කන් වසාගෙන හැම දුක ඉවසගෙන...
තව හිටියොතින් නම් නැහැ මරණය මිසක් වෙන...
එකතුව එකා මෙන් එක පෙළ හැදීගෙන....
වරෙව් යමව් මැරෙමුද මුන් මරාගෙන...

14 comments:

  1. නෙද්දකිං... උදේ පාන්දරම ලේ පිච්චුනා බං..

    ReplyDelete
  2. උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ''නිදියන්නේ''

    ReplyDelete
  3. අනේ මේ වගේ උන්ට... &*^&*^&%%$%$^%!!!

    ReplyDelete
  4. මොනව කියන්නද් බොල.... මේව බලාගෙන ඉන්න එකයි ඇත්තෙ?? කටයි පු#යි වහගෙනව.....

    ReplyDelete
  5. මේවා පුදුම වෙන්න දේවල් නෙමෙයි. වෙඩි තියෙන වෙලාවෙත් පොලිසියෝ ලොක්කෝ දුම්න්දගෙ වාහන වල උන්නු කොට.

    ReplyDelete
  6. පව් යකෝ උන්ටත් දරු පවුල් රකින්න තියෙනවා නේ .. අනුකම්පා කරපියව් :D

    ReplyDelete
  7. පෝය දවසෙ කළුතර බෝධිය ලඟ මල් විකුණූ(මල් කිව්වෙ පූජ කරන මල‍්) අට දෙනෙකුට නං අල්ලල නඩු දැම්මලු.
    -රාජ්

    ReplyDelete
  8. අය්යො ඔක මොකද්ද මෙ වෙන අනිත් එවත් එක්ක.

    ReplyDelete
  9. කරුන සහ [අනිකගේ නම මතක් වෙන්නෙත් නැහැ.]එවුන්ට සට සට ගාල අත් කොර වෙනකන් ගහන එකේ,
    බර්ගර් [හැම් බර්ගර් වගේ මුන තිබුනට ඒ බර්ගර් නෙමේ]ජාතික සම්බවයක් තිබෙන සිංහල කතා කරන කෙනකුට,
    දේශයට හිත බන්දු කෙනෙක් ඔහොම වැනුවට මොකද වෙන්නෙ ළමයිනේ.

    ReplyDelete
  10. niyamai machan..digatama liyanna...

    ReplyDelete
  11. අනේ අම්මපල් ලංකාවත් ලෝකෙට විහිලු සපයන රටක් වෙලා නේද?මේවා දැකල දැකල දැන් විහිලු වලට හිනා යන්නෙත් නෑ.මොනවා වුනත් වටිනවා කවි ටික..

    ReplyDelete
  12. ආසියාවේ ASSචර්යය.... සාදු සාදු සාදු....

    ReplyDelete