මෑතකදී දෙරණ නාලිකාවේ පැවතුනු දෙරණ "Music video awards 2013" හිදී සෝමරතන් දිසානායකයන් විසින් බොහොම මතබේදාත්මක වගේම විවේචනාත්මක අදහසක් පල කලා.. විශේෂයෙන්ම අද අපේ රටේ බිහිවෙන ගීත සඳහා නිෂ්පාදනය කරන රෑපරචනා සම්බන්ධයෙන්... ඔහුගේ අදහස අනුව එම සම්මාන උළෙල සංගීත රෑප සඳහා සම්මාන දෙන උළෙලක් නම් ලංකාවේ සංගීත රෑප කියන එක ප්‍රශ්ණයක්... ඒ අවස්ථාවේ දී ඒ කථාව අහලා එතනින් අවසන් කලත් අද මම බලපු සංගීත රෑප රචනා කීපයක් දැක්කමා හිතුනා සෝමරත්න දිසානායකයන් ගේ ප්‍රකාශයේ යම් ඇත්තක් තියනවා කියලා....
මගේ මතකයේ හැටියට මේ සංගීත රෑප රචනය කියන සංකල්පය අපේ රටේ බිහිවෙන්නේ අනුව දශකයේ මුල් භාගයේ දී.... ජාතික රෑපවාහිණියේ විකාශය වුනු තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් වුනු “යාත්‍රා“ කියන වැඩසටහනින් තමයි මුල් වරට ගීත සඳහා රෑප රචනය කිරීම අපිට හඳුන්වා දුන්නේ... (මගේ මතකේ වැරදි නම් ඒ ගැන දැනුවත් කරන්න). ඒ තුලින් ඒ කාලේ බිහිවෙච්ච නව ආරේ ගීත පදරචනයන්ට යම් සජීවී බවක් ඇතිවුනා. එදා ඒ ආරම්භ උන සංගීත රෑප රචනය අද අපේ සමාජය තුල වෙනමම කලාවක් දක්වා වර්ධනය වෙලා තියනවා. සංගීත රෑප රචනය වෙනුවෙන්ම බිහි වුනු ආයතන, අධ්‍යක්ෂවරු වගේම නිෂ්පාදකවරුත් අද අපේ රටේ බහුලයි. නමුද අද සංගීත රෑප රචනයයේ භාවිතාව ගැන නැවත සිතා බැලීම වැදගත්.. එදා යාත්‍රා හී අපි නරඹපු රෑප රචනයන්ට වඩා අද රෑප රචනයන් හාත්පසින්ම වෙනස් වෙලා. එදා රෑප රචනයේ දී වැදගත් උනේ ගීතය. ගීතය සජීවිකරණය කරන්න තමයි රෑප රචනය යොදාගත්තේ. නමුත් අද අද බිහිවෙන රෑප රචානා දැක්කමා හිතෙන්නේ මේ රෑප රචනා වලට හරියන්න ගීත ලිව්ව ද කියන හැඟීමක්.
මම සාමාන්‍යෙයන් ප්‍රවෘත්ති ඇරුනාම ලංකාවේ වැඩ සටහනක් බලන්නේ බුකියේ පලවෙන ලින්ක් එකක් ඕස්සේ දකින්න ලැබෙන දෙයක් විතරයි. නමුත් ටික දවසකට උඩදී අතුල සමිතා ගායනා කරපු “ඉවසයිද මන්දා“ කියන ගීතයේ රෑප රචනය බලන්න ලැබුනා.ඒ රෑප රචනාවත් එක්ක ඒ ගැන මගේ හිතේ මැවුනු අදහස මම බොහොම සරළව කිව්වොත්.
“කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ජීවත් වෙනවා. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒක කොල්ලට අහු වෙනවා. කෙල්ල කොල්ලාව දාලා යනවා. දාලා ගිහින් අළුත් කොල්ලත් එක්ක එකට ජීවත් වෙනවා. ටික කාලයක් යනකොට කෙල්ල බලාපොරොත්තු වෙන ආදරේ අළුත් කොල්ලාගෙන් ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් කෙල්ල පරන කොල්ලා ගැන හිතනවා. එක අවස්ථාවක දී අළුතු කොල්ලා කෙල්ලව රවට්ටලා කියලා කෙල්ලට තේරෙනවා. ඒක අහපුවාම අළුත් කොල්ලා කෙල්ලව එළියට දානවා. කෙල්ල සතියකට විතරක් ඇති වෙන්න රෙදි අඩුක්කරපු බෑග් එකත් අරගෙන ගෙදරින් එළියට බහිනවා. කෙල්ල පරණ කොල්ලට කොල් කරනවා. කොල්ලා අන්සර් කරන්නේ නැහැ. පස්සේ කෙල්ල කොල්ලාව හොයාගෙන යනවා. හැබැයි එතකොට පරණ කොල්ලා අළුත් කෙල්ලෙක් එක්ක ජීවත් වෙනවා.“
ඒ රෑප රචනය නැරඹුවාම මට දැනිච්ච කථාව බොහොම සරළව මේ විදියට අකුරු කරන්න පුලුවන්. මේ කාරනා එකින් එක අරගෙන බැළුවොත් මට දැනෙන්නේ මේ කියනනේ අපේ ලංකාව ගැනද කියන එක මට නම් ප්‍රශ්ණයක්. ඔය වගේ දේ ඇමරිකාව වගේ රටවල් වල වෙන්න පුලුවන්. හැබැයි ඒවා වඩාත්ම දකින්නේ ඒ රටවල් වල බිහිවෙන චිත්‍රපටි වල විතරයි. ඇත්ත සමාජේ ගත්තාම ඇඳුම් මාරැ කරනවා වගේ ගෑණු මිනිස්සු මාර් කරන ක්‍රමයක් මේ රටවල් වලත් නැහැ. අනිත් පැත්තෙන් මට දැනෙන්නේ මේ ප්‍රෙමෝට් කරන හදන තියරිය මොකක්ද කියන එක. සාමාන්‍යෙයන් අපේ රටේ පැවතුන පවතින සංස්කෘතික රටාව තුල ගෑණියෙක් මිනිහෙක් එකට ජීවත් වෙනවා කියලා කියන්නේ යම් නිශ්චිත බැඳීමකට යටත්ව සිද්ධ වෙන දෙයක්. එතනදී නීතිමය වශයෙන් හෝ වේවා සමාජීයමය වශයෙන් හෝ වේවා යම් බැඳීමක් තියනවා. හිතෙන හිතෙන වෙලාවට ගෙවල් වලින් එළියට බහින්නවත් ඇතුලට ගන්නවත් අපේ සමාජ ක්‍රමය අනුව හැකියාවක් නැහැ. ඇත්තටම අපිට එහෙම කරන්න අවශ්‍ය උනත් අපි වටා පවතින අපේ සමාජ ක්‍රමය අපේ සමීපතමයන්, දෙම්වපියෝ ඒ දෙවල් අනුමත කරන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ මේ ගීතයෙන් ප්‍රෙමෝට් කරන්න හදන්නේ බටහිර රටවල තියන “Living together"කියන සංකල්පයක ද කියලා මට හිතෙනවා.
අනිත් කාරනේ එකට ජීවත් වීම තුල උනත් එහි යම් අධ්‍යාත්මික වශයෙන් බැඳීමක් තියනවා. අඩුම ගානේ එකිනෙකා තුල ඇතිකරගත්ත අවබෝධයක්. එකිනෙකා වෙනුවෙන් කැපවීමේ එකඟතාවයක්. එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් තියනවා. නමුත් මේ රෑප රචනයේ දී අදාල අධ්‍යක්ෂවරයා ඒ සියළු හැඟීම් සම්බන්ධතා බිඳලා “එකිනෙකාගේ හැඟීම් සංතර්පණය“ කියන බැඳීම පදනම් කරගෙන රෑප රචනය කරලා තියන බව තමයි මට හැඟෙන්නේ. ඒක එසේ නොවෙනවා නම් එක ගෑණියෙක් අත් අරින කොට තව ගෑණියෙක් ගන්නත් එක මිනිහෙක් අත් අරිනකොට තව මිනිහෙක්ගේ ඇඟේ එල්ලෙන්නත් හැකියාවක් නැහැ. මේ ගීතයට වඩත් ගැලපෙන රෑප රචනයක් කරලා තිබුනා කව්දෝ වෙනත් කෙනෙක්. ඔරිජිනල් අධ්‍යක්ෂවරයාට වඩා ගීතය මනා ලෙස තෙරැම් අරගෙන ඔහු ඒ රෑප රචනය කරලා තිබුනා.
ඒ වගේම තවත් බොහොම අපුරු රෑප රචානාවක් අද අහම්බෙන් බලන්න ලැබුනා. ඒ රෑප රචනාව බැළුවාම මට දැනුන දේ බොහොම සරළව මෙහෙමයි..
“මුලු හදින් ඔබ“ කියලා ආරම්භ වෙන ගීතයේ රෑප රචනය ගටන් ගන්නකොටම තියන රෑප රාමුව කෙල්ල දාලා යන අවස්ථාව. කොල්ලයි කෙල්ලයි එකට ජීවත් වෙනවා. ඒ එක්කම කෙල්ලගේ යාළුවෙක් දෙන්නා “දරුකමට“ වගේ හදාගන්න අරගෙන තියනවා. ඒ දරැවා කෙල්ලට වඩා ටිකක් පැහැපත්. කෙල්ලට වඩා විසේ ගතියක් තියනවා. (සමහර විට දරුකටම හදාගත්ත හින්ඳා වෙන්න ඇති) කෙල්ලයි කොල්ලයි යන හැම තැනම දරුවාවත් එක්කගෙන යනවා. කෙල්ල කොල්ලාගේ අතින් ඇල්ලුවත් දරුවාගේ මුන හොඳ නැහැ. කොල්ලා කෙල්ලව ඉම්බොත් අර දරැවා ඈතට යනවා. පස්සේ කොල්ලා ගිහින් අතින් අල්ලා සනසනවා. කේකට ඒ වෙන කිසි දෙයක් ගැන පැහැදිලි වැටහීමක් නැහැ. මෙතනදී මට තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්ණයක් තියනවා. මට නම් දැනෙන්ම මේ කෙල්ලෝ දෙන්නාගේ “ආප්ප“ කේස් එකක් තියනවා කියලා. දරුවා අර කෙල්ලව කොල්ලගෙන ගලවන්න හදන්නේ එක නිසා. කොල්ලා ගේ මොකක්දෝ නපුන්කස ගතියක් තියනවා. කොල්ලට හොඳටම අවස්ථාව තියනවා දෙකම තියාගෙන “රජෙක්“ වගේ ඉන්න. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවා කොල්ලට කොච්චර බැල්ම දැම්මත් කෙල්ලට ගානක් නැහැ. කෙල්ලට කොල්ලාව කොච්චර විශ්වාසයිද කියන්නේ උදේ පාන්දර දරුවා සුටි කොට කලිසමක් ඇඳලා ඉන්න වෙලාවේ අර අහිංසක කොල්ලාව තනියම දාලා යනවා.“
මේ රෑප රචනා දෙකේදිම මම දැක්කේ අර මම මුලින් කියපු ලිවින් ටු ගෙදර් කියන සංකල්පය ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳයා පල නිෂ්පාදනය කරපු දැන්වීම් දෙකක් විදියට. ඊට අමතරව “මුලු හදින් ඔබ“ කියන ගීතයේ විශේෂත්වය තමයි කාලයක් අපේ රටේ තිබිලා වැලලිලා ගිය අයියා මලෝ එක ගෑණි බෙදාගත්ත “එකගෙයි කෑම“ කියන සංකල්පයේ අනිත් අන්තය හෙවත් “චන්නයි කෙල්ලෝ දෙන්නයි“ ක්‍රමය ප්‍රමෝට් කරන්න හදවාද කියන එක. කොහොම නමුත් අනිත් කාරනේ මේ රචනා සඳහා භාවිතා කරන පන්තිය. උදේට මුහුද අයිනේ කැෆේ එකක සෙට් වෙන, හවසට බීච් එකේ ෆන් ගන්න... ක්ලබ් එකකට සෙට් වෙලා බිලියට් ගහන පන්තිය ගැන ප්‍රමෝෂන් එක්ක ද කියලාත් හිතෙනවා....
(මුළු හදින් ගිතය බලන්න මෙතනට කොටන්න)
මේ රෑප රචනා දෙකේදිම මම දැක්කේ අර මම මුලින් කියපු ලිවින් ටු ගෙදර් කියන සංකල්පය ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳයා පල නිෂ්පාදනය කරපු දැන්වීම් දෙකක් විදියට. ඊට අමතරව “මුලු හදින් ඔබ“ කියන ගීතයේ විශේෂත්වය තමයි කාලයක් අපේ රටේ තිබිලා වැලලිලා ගිය අයියා මලෝ එක ගෑණි බෙදාගත්ත “එකගෙයි කෑම“ කියන සංකල්පයේ අනිත් අන්තය හෙවත් “චන්නයි කෙල්ලෝ දෙන්නයි“ ක්‍රමය ප්‍රමෝට් කරන්න හදවාද කියන එක. කොහොම නමුත් අනිත් කාරනේ මේ රචනා සඳහා භාවිතා කරන පන්තිය. උදේට මුහුද අයිනේ කැෆේ එකක සෙට් වෙන, හවසට බීච් එකේ ෆන් ගන්න... ක්ලබ් එකකට සෙට් වෙලා බිලියට් ගහන පන්තිය ගැන ප්‍රමෝෂන් එක්ක ද කියලාත් හිතෙනවා....
(මුළු හදින් ගිතය බලන්න මෙතනට කොටන්න)
මේ මොන දේ කොයි විදියට ප්‍රමෝට් කලත් මේවා ගැන යම් පාලන යාන්ත්‍රනයක් බිහිවෙන්න සුදුසු කාලේ ඇවිත් කියන එකයි මගේ මතය. අද මගේ දරුවන් ඇතුලු මුලු රටේම දරුවන් පොතට වැඩිය යොමුවෙලා තියෙන්නේ රෑපවාහිණියට. උදේ ඉඳලා රෑ වෙනකම් එකක් මාරැ කරන කොට එකක් වශයෙන් තියන චැනල් හැට හුටා මාරේම ප්‍රචාරය වෙන්නේ මේ ගීත. අද ගීයක් මාකට් කරන්නේ ගීතයේ පද රචනාවෙන්වත්, සංගීතයෙන්වත්, ගායකයගේ කටහඬින්වත් නෙමෙයි. “පට්ට කෑල්ලක්“ “හැන්ඩි කොල්ලෙක්“ අරගෙන කෑල්ලට කකුල් දෙක පේන කොට ජංගි කෑල්ලද අන්දලා... කොල්ලා ඉස්සරහා කකුලක් පිට කකුලන් දම්මලා.. කැමරාව කකුලෙන් පටන් අරන් තන් දෙක මැද්දෙන් ගිහින් රවුමක් දාලා... පස්සේ හුලඟට උඩයන ගවුමක් ඇඳගෙන මුහුදු වෙරලට ගිහින් උඩ යන රෙද්ද අතින් අල්ලගන්න හදලා... බුරුත කොට වගේ කලවා කෑලි දෙක එළියට එන්න අල්ප දයන්න වගේ නිදි කරවලා... පොඩි පොඩි විෂුවල් එෆෙක්ට් ටිකක් දැම්මාම අපි ඒකට මියිසික් වීඩියෝ කියලා බලනවා. ඉස්සර අපි රෑපවාහිණිය ඉස්සරහා වාඩි උනාම නයිට් රයිඩර් කෙල්ලගේ කට කන්න යන කොට අපි ඇස්වහලා ඇඟිලි අස්සෙන් බලනවා. අද ළමයි ඇඟිලි අස්සෙන් බැලීම කෙසේ වෙතත් පොඩි කාලේ ඉඳලාම දකින්නේ වැල්ලේ පෙම් කෙළින ඒවයි... ගෑණු දාලා යන සිද්ධියි. මොහොතක් හිතන්න මේවා ළමා මනසට බලපාන්නේ නැහැ කියලා ඔබට දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද..? අද බිහිවෙන තරැණ පරම්පරාව ඇයි වල්මත් වෙන්නේ. ඔවුන් හොයාගෙන යන්නේ අද අපිට උදේ හවා රැපවාහිණියේ පෙන්නන ආතල් ලෝකෙට. අපි ඉස්සර 1.25 ට තෝසේ කෑවට අද තරුණ දරුවෝ චේන්ජ් එකට යන්නේ කේඑෆ්සී... කෙල්ල එක්ක යන්නේ මැක්ඩොනල්ඩ්ස්... මොකටද අයිස් ක්‍රීම් කන්න....
මම මේ දෙවල් වැරදි කියනවා නෙමෙයි... සමහර අයට හිතෙයි මේ ලිං මැඩි ආකල්ප කියලා.... ඒක එහෙම වෙනවා... මොකද හැමදාමත් එක් පරම්පාරවක් තවත් පරම්පරාවක් දිහා සංසන්දනාත්මකව බලනකොට දකින අඩු පාඩු හෝ වැරදි, වැරදි විදියට දකින්න අළුත් පරම්පරාව කැමති නැති නිසා.... ඒත් මේවා ගැන නැවත හිතලා බලන්න.. අද ගැන නෙමෙයි.. හෙට ගැන.. හෙට උපදින දරුවෝ ගැන.... අපේ රටේ මේයාකාරයෙන් සිද්ධවෙන දේ ගැන ලියන්න ගියොත් තව පිටු කීපයක් ලියන්න පුලුවන්.. ඒත් අද මම උත්සහා කලේ අපේ රටේ “මියිසික් වීඩියෝ“ වල “ට්‍රෙන්ඩ්“ එක ගැන මට දැනෙන දේ ඔයාලත් එක්ක බෙදාගන්න.....
අපි මේ හැමදාම සෙල්ලම් කරනේ රටේ අනාගත දරුපරම්පරාවත් එක්ක කියන එක විතරක් මතක තියාගන්න.....
(සංවාදයට ඉඩ)
දෙරන මියුසික් වීඩියෝ ගැන මට විශාල ප්‍රශ්ණාර්තයක් හා විවේචනයක් තියෙනවා. ඒක මම හිතුනොත් වෙන වෙලාවක ලියන්නම්. ඒත් මේ සමිතා හා අතුලගේ ගීතයෙන් කියවෙන කතාව හා නව පරපුරේ ඇඳුම් විලාසිතා ගැන ඔබේ මතයට නම් ඔබම පිළිතුරු දීලා තියෙනවා. ඒක තමයි ළිං මැඩි සංකල්පය කියන්නේ. ඔබ කියන් විදියට දෙදෙනෙක් නොගැලපුනත්, කොතරම් ප්‍රශ්ණ තිබුනත්, ගුටිකෑවත්, පරදාර සේවනය තිබුනත්, පවුල් සංස්ථාව දිගටම ගෙනියන්න ඕන. එතකොට මොකටද නීතියෙන්ම මිනිස්සුන්ට වෙන්වෙන්න අවස්ථාවක් දීලා තියෙන්නේ. එහෙමනම් ෂරියා නීතිය මේ රටේ ස්ථාපනය කලාම හරි. සිංහලයා බොහෝම නිදහස් ලිංගික ජීවිතයක් හා පවුල් ස\ස්ථාවක් ගෙනියපු ජන කොට්ඨාශයක්, ඒක නැති කලේ වික්ටෝරියානු සංස්කෘතිය හඳුන්වාදීමෙන් පසුව. සුද්දට පලු යන්න බනින අය, මේක විතරක් මහා ඉහලින් පිලිගන්නවා. සියාලට වඩා වටින්නේ. මිනිස් නිදහස, පුද්ගල නිදහස.
ReplyDeleteඇඳුම් විලාසිතා ගැන කියන්න තියෙන්නේ. 70 දශකයේ සිංහල චිත්‍රපටියක් බලන්න කියන එක විතරයි. සෝමෙට උනේ එතන පොරක් පොරක් ලෙස සලකලා නොතිබුන එක. සෝමේ ජූරියට දාලා හිටියනම්, සෝමේ තෝරන්නෙත් ජැකා තෝරපුවම තමයි. එක දෙයක් මතක තියාගන්න. මේ අපිට බන කියන සෝමේ, සූරියප්පෙරුම වගේ අයගේ ළමයි ජීවත් වෙන්නෙත් එයාලා විරුද්ධ ක්‍රමේට.
\\\එක දෙයක් මතක තියාගන්න. මේ අපිට බන කියන සෝමේ, සූරියප්පෙරුම වගේ අයගේ ළමයි ජීවත් වෙන්නෙත් එයාලා විරුද්ධ ක්‍රමේට.\\\
Delete\\\ඇඳුම් විලාසිතා ගැන කියන්න තියෙන්නේ. 70 දශකයේ සිංහල චිත්‍රපටියක් බලන්න කියන එක විතරයි.\\\
\\එතකොට මොකටද නීතියෙන්ම මිනිස්සුන්ට වෙන්වෙන්න අවස්ථාවක් දීලා තියෙන්නේ. \\
\\ද්දට පලු යන්න බනින අය, මේක විතරක් මහා ඉහලින් පිලිගන්නවා. \\
මේකට වැටක් ගහලා නිකන් ඉන්නවා ...පෝස්ට් එකේ තියෙන ඒවා ගැන සංවාද කරලා පලක් නැහැ..
++++++++++++++++++++++++++++++++++
බස්සා කියපු පළවෙනි ගීතයේම වැරද්දත් උත්තරෙත් දෙකම තියෙනව කියල මට හිතෙනවා. අච්චර ආදරේ කරපු මනුස්සයෙක්ව දාලා ගියාට ඒ කෙල්ලට දඩුවමක් ලැබුන බව ඒ කෙල්ල ඒ ගැන පසුතැවෙන බව ඒ සින්දුවේ පෙන්වනවා.ඒ නිසා ඒකට වරදක් කියන්න බැහැ.
ReplyDeleteඔය දෙවෙනි සින්දුව නම් ඇහුවෙත් අදමයි.ඒකෙ නම් ගීතමය ගතිය බින්දුවයි.වචනයි රූපයි විතරයි. හැබැයි ඒකෙ වුනත් වුන දේ වැරදි විත්තිය පෙන්වනවා නේද.
මම නම් පුද්ගලිකව “රූප රචනය“ කියනෙකට කැමැති නැහැ. මම වැඩියම සින්දු අහන්නේ දවසේ යන එන පැය තුනකට කිට්ටු ගමනේ බස් එකේදි තමා. සින්දුවක් ඇහෙන කොට රූප රචනය කරන්නෙ මම. මම මගේ හිතේ ඉන්න ඒ ගීතෙටම ගැලපෙන කෙනාව ඒ සඳහා යොදා ගන්නවා.එහෙමත් නැතිනම් මගේ පුද්ගලික සිද්ධියක් ඒ වෙලාවට මතක් වෙනවා. නමුත් රූප රචනයක් කරපු ගීතයක් නම් ඒ සින්දුව කොච්චර ඇහුව්වත් මතක් වෙන්නෙ කවුරු හරි අපිට මවල දීල තියෙන ඒ රූප රචනය.
කොහොම වුනත් අද කාලේ ළමයි අපිට වඩා බොහෝ දේ දකිනවා. බොහොම නිදහසක් බුක්ති විදිනවා.ඒ ගැන මට ඇත්තටම සතුටුයි.මා ගැන මට දුකයි.ඒ වගේම අද ළමයි වයස අවු.දහය දොලහ වෙදද්දි අපි වයස දහඅටේ දි දන්න දේවල් දැන ගෙන ඉවරයි.සමහර විට ජීවිතේ විඳලත් ඉවරයි.විවෘ.ව සමාජය දිහා බලන්න එයාලට පුලුවන් වෙලා. වැඩිහිටියන්ට ගෞරව කරන්නෑ කියනෙක නම් හැමදාමත් තිබ්බ ප්‍රශ්ණයක්...ඇත්තටම එහෙම වෙන්නෙ වැඩිහිටියන්ගෙ හිතේ තියන කුහකකම නිසා නෙමෙයි ද.
විලාසිතා ගැන කියනව නම්, කොටට ඇදපන් කියල තමන්ගෙ දූලට කියන්නේ අම්මල.තමන්ගෙ කෙල්ලට කියන්නේ කොල්ලා. කාලේ වෙනස් තාලේ අලුත්.තියෙන්නේ ඒ දේවල් ප්‍රපාතයකට යන්න යොදා නොගෙන අවබෝධයෙන් භාවිතා කිරීම විතරයි.
බස්ස දැක්කැයි අර බාචි සූසන් කියන අලුත් සින්දුවෙ රූප රචනේ.ඒකට පසුබිම් වෙලා තිබ්බේ දැනට කාලෙකට කලින් සුපිරි පැලැන්තියේ පවුලක වෙච්චි ඛේදවාචකයක්. “ බඹර නාදේ“ ඒකෙ රූප රචනය අපිට හිතන්න දෙයක් ඉතිරි කරනවා.ඒ සිද්ධිය වේච්චි අලුත මිනිස්සු ඒ දිහා බැලුවේ හරියට තිරිසන් ගති තියෙන මිනිස්සු දිහා බැලුව වගේ. ඒත් ටිකෙන් ටික ඒ සමාජ ක්‍රමය සාමාන්‍ය මිනිස්සු අතරටත් දැන් ඇවිත්.ඒ ගීතය නිසා ඒ සිද්ධිය දිහා අලුත් ඇසකින් වෙනස් මානයකින් සංවේදි හදවතකින් බලන්න අපි පෙළඹිලා.
ඒ වගේම ආදරෙන් ඉල්ලන්න කැමැති බස්සගෙන්, වෙනත් රටක ඉදන් අපේ රට තවමත් ළමා සාරි ඇදන් ඉන්නෝනි කියල හිතන්නෙපා කියලා.වැරදි දේ තියෙනවා අනන්තයි අප්‍රමාණයි.ඒත් ඒ දේවල් කෙලින්ම ප්‍රතික්ෂේප නොකර හරි වැරුද්ද තෝරා ගන්න තරම් ආකල්ප දියුණුවක් දරුවන්ගේ සිතේ ඇති කරන එකයි අපි කරන්න ඕනි.
“ඕක එපා ,නරකයි චිහ් “ නොකියා. “ඕක නරක මේක නිසයි.මෙන්න මේකයි හොදයි.ඒ හොද මේක නිසයි“ කියල මිස “ ඉස්සර අපේ කාලේ නම් මෙහෙම නැහැ. දැන් කාලේ වුන ගන්න දෙයක් නෑ කියනෙක නම් කුහකයි.
අද කාලේ ළමයින්ගෙ තියෙන තව දෙයක් තමා ,වැඩිහිටියෙක් වුනාට තුරුවරයෙක් දෙමාපියෙක් වුනාටම ගරු නොකරන එක. එයාල ගරු කරන්නේ ඒ පුද්ගලයන් තුල ඇත්තටම ගරු කරන්න දෙයක් තියේනම් විතරයි.ඉතින් ඒකෙ ඇති වැරද්දකුත් නෑ.වැඩිහිටියන් කරන තරම් නරක වැඩ පොඩි වුන් කරන්නෙත් නෑ.....
හැමදාම හැදුවේ අනාගතේ...ඒත් අපිට තාමත් අනාගතයක් නෑ. අපිව අපිට කලින් කට්ටිය හැදුවෙත් අපි හොද නෑ කිය කිය. දැන් අපිත් අනිත් අයව හදන්න යන්නෙ ඒ විදිහටමයි....
ගරු කළ යුතු ගුරුවරුන්ට වැඩිහියන්ට දරුවෝ නෙමෙයි කවුරුත් ගරු කරනවා. සහතික ඇත්ත..
Delete//ඒ වගේම ආදරෙන් ඉල්ලන්න කැමැති බස්සගෙන්, වෙනත් රටක ඉදන් අපේ රට තවමත් ළමා සාරි ඇදන් ඉන්නෝනි කියල හිතන්නෙපා කියලා.වැරදි දේ තියෙනවා අනන්තයි අප්‍රමාණයි.ඒත් ඒ දේවල් කෙලින්ම ප්‍රතික්ෂේප නොකර හරි වැරුද්ද තෝරා ගන්න තරම් ආකල්ප දියුණුවක් දරුවන්ගේ සිතේ ඇති කරන එකයි අපි කරන්න ඕනි.//
ReplyDeleteමෙතෙන්දී සොසී එක්ක එකඟයි ,
සංස්කෘතිය වේගයෙන් වෙනස් වෙනවා මචං උඹට මට ඒක නවත්තන්න බැහැ. ඕක තමයි ඇත්ත තත්වය.[ හිතපන් අපේ පැරනි සංස්කෘතිය තිබ්බනම් අපි අඳින්නෙ මොනවද, දැන් අපි අඳින්නෙ මොනවද, බලාගෙන යනකොට අපිත් මේකේ කොටස් කාරයෝ.]
ඒත් බස්සා කියලා තියෙන දෙය දිහා ආයෙත් හැරිලා බැලුවම තේරෙනවා, ඔහු කියන්න හදන්නෙ මෙම දේවල් ජනප්‍රිය කරවන්න හදන ක්‍රමය වැරදියි කියලා, ඒ කියන්නෙ යන රැල්ලට, ගලයි , තනෙයි පෙන්නලා මොකක් හෝ කුනු ගොඩක් ජනප්‍රිය කරවීම තමයි රූප රචනා කරුවගේ අරමුන, එයයි හොඳ නැත්තෙ.
දවසක් එනවා මචං ඔය ගලයි තනෙයි පෙන්නල මිනිස්සු රවටන්න බැරි,ඒක තමයි සංස්කෘතික විපර්යාසයේ උච්චතම අවස්ථාව වෙන්නෙ, ඔය දෙක විතරක් නෙමෙයි තව තව දේවල් පෙන්නුවත් මිනිසුන්ට ඒක ගානක් නැතිවෙයි. එදාට තමයි ඔය බංකොලොත් රූප රචනා කාරයොන්ට නිර්මානශීලී වෙන්න වෙන්නේ. එතකන් ඔය රැල්ල තමයි ඉතින්.!!
සමිතා සහ අතුල කියන ගීතය ඒ දෙන්නගේ සෑබැ ජිවිතය කියලා මට හිතෙන්නේ.අද ඇතැම් කලාකරුවන්ගේ ජිවිත ඒ දෙස බැලුවාම ඒයාලට පවුල් ජිවිතය යනු එතරම් වැදගත් දෙයක් නෙමෙයි.වැරදි ආදර්ශයන් බෝහොමයක් සමාජයට කලාකරුවන් විසින් ලබා දෙනවා.අද සමාජය බෝහෝ විට හැඩ ගැසි තියෙන්නේ අනුකරණයට . ඒ නිසා ජනප්‍රිය චරිත අනුකරණය කිරිම බහුලව පවතින කරුණක්.
ReplyDeleteසොමරත්නත් සැහෙන්න අවුල් මනුස්සයෙක් එත් එදා කියපු කතාව 100% හරි.. ! මොකුන් ද දැනේ මේ කලාවේ ඉන්නේ ඇත්තටම භාතිය සන්තුෂ් කියන අයව ඔච්චර උඩට එන්න මොකක් ද ඒගොල්ලන්ගේ ගන්න තියෙන දේවල්... ඒ කාලේ 70 දශකයේ ලියපු කියපු ගීත ඇසෙද්දී අද ඉන්නේ කවුද හරි හමන් ගීතයක් ලියල තියෙන්නේ.... කසුන් කල්හාර යම් දෙයක් දායාද කළා.. ඒ ඇරෙන්න ඔය ඉන්න සකල සියලු දෙන මට නං පෙන්නේ නිකන් ම නිකන් රූකඩ විතරයි..... !!!
ReplyDeleteබොහොම වටින විවාදාත්මක ලිපියක්.. කියන්න දේ තිබ්බත් කොටන්න වෙලාව මදි නිසා නවතිනවා සහෝ...
ReplyDeleteඔයා ලියපු දේ වැදගත් යාලුවා. ඒත් සමහරෙක් ඒක දකින විදිහ අමුතුයි. හඳ පෙන්නුවම බලන්නේ ඇඟිල්ල දිහා. එතකොට ඔය ගොඩක් අය කියන ආකල්ප වෙනස ඇති වෙනවද කියලා ප්‍රශ්නයක් ඇතිවෙනවා මට. කොහොම උනත් මෙහෙම දෙයක් මම හැමතැනදිම දකිනවා. හැම දෙයක් ගැනම ගොඩාක් දෙනා නිහඬ ප්‍රථිපත්ති වලට කැමතියි. ඒත් කවුරු හරි විවේචනය කෙරුවොත් යමක් ආන් ඒ කෙනාව නම් ඔයා තවම ගල් යුගේ කියලා පොඩී කෝචොක් එකක් එකක් දාන එකත් දැන් කාලයේ තාලයක්. ඒත් මට හිතෙන්නේ අපි හැමෝටම මේවා ගැන කාතා කිරීමේ අයිතියක් වගේම වගකීමකුත් තියෙනවා. ඔබ මේ ගැන කතා කලා වගේම මොනව හෝ යෝජනාවකුත් ගෙනාවා නම්........විකල්ප විදිහට
ReplyDeleteපොස්ටුව ගොඩක් වටිනවා.. අකුරු පොඩ්ඩක් ලොකු උනානං කියවන්න ලේසියි
ReplyDeleteසංස්කෘතිය වෙනස් වෙනවා කියන එකත් වෙනස් කරනවා කියන එකත් දෙකක්. මේ ගැන කතාකරනාවන් පොස්ට් දෙක තුනක් දාන්න බලාගෙන කතා කරන්න ඕන. ඔබ හරි උත්සහයක් ගත්ත එකට සතුටුයි
ReplyDeleteමං දැන් දවස් දෙකක් තිස්සේ කල්පනා කරනවා බං බස්සෝ මේකට දාන්නේ මොන වගේ කමෙන්ට් එකක්ද කියලා... එක කමෙන්ට් එකෙන් බේරිලා යන්න නම් “ එහෙයි හාන්දුරුවනේ ” කියලා දාන්න වෙනවා... එහෙම නැත්තම් පැල් බැඳගෙන කතා කරන්න වෙනවා.... මොකද මේක සින්දුවට, කතා වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි අද වෙනකොට....
ReplyDeleteරෑප රචනය ගැන කතා කළොත් මගේ ඒකට ඒතරම් කැමැත්තකුත් නෑ අකමැත්තකුත් නෑ... තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලු... පෞද්ගලිකව මට නම් ගීතයක රෑප රචනය වෙන්නේ මගේ හිත ඇතුලේ... ඒත් ඉඳලා හිටලා සමහර රෑප රචනා වලට කඳුලු එන ජාතියේ ඒවත් තියෙනවා.... කොහොම උනත් ඔය ගීත රූප රචනා අස්සේ ඔබලා තියෙන වෙළඳ දැන්වීම් හොයන එක නම් මගේ විනෝදාංශයක් මේ වෙනෙකාට.... හි හි....
එදා මෙදා තුර සංස්කෘතික වෙනස්කම් ගැන කියනවා නම්, ආදර සම්බන්ධතා පැත්තෙන් ගත්තම,
මගේ අම්මයි තාත්තයි යාලු වෙලා හිටිය කාලේ, ඒ කියන්‌ෙන් 82දි විතර, යාලුවෙලා මාසෙකින් හමාරකින් බන්ඳලා දීලා වැඩේ අහවරක් කරන්න ආච්චිලා කටයුතු කරලා තිබ්බා.... එතකම් දෙන්නට ගෙදරින් එළියට වත් බහින්න දීලා නෑ එකට...
මගේ කාලේ වෙනකොට අපි යාලුවෙලා හිටියා විතරක් නෙවෙයි බස් එකේ කෝච්චියේ එහෙ මෙහෙ ගියා අපි දෙන්නා.. හැබැයි ඉතිං අපිට යන්න කියලා තිබ්බ ලොකුම තැන තමයි Perera n Sons එක... රටේ තත්වෙ හොඳ නැති නිසා එහෙ මෙහෙ රවුන් ගැහිල්ලත් කරන්න බැරි උනා...
අද මගේ මල්ලි කෙල්ලත් එක්ක යන්නේ KFC, Pizza hut.... ත්‍රීවීල් වල ගිය අය දැන් යන්නේ නැනෝ කැබ් වල... ඌ කෙලින්ම කෙල්ලගේ ගෙදරට ගිහින් කෙල්ලවත් බයික් එකේ දාගෙන තමයි පන්ති යන්නේ...
ඒ කොහොම උනත් එදා මගේ අම්මගේ හිතේ තිබ්බෙත්, අද මගේ හිතේ තියෙන්නෙත්, තව ටික කාලෙකින් බඳින්න ඉන්න මල්ලිගේ කෙල්ලගේ හිතේ තියෙන්නෙත් හොඳ, විශ්වාසවන්ත සහකාරයෙක් එක්ක, තමන්ගේ පවුල් ජීවිතේ ලස්සනට, වැදගත්ව, කාටවත් බරක් කරදරයක් නොවී ගත කරන්න තියෙන අවශ්‍යතාව සහ ආසාව විතරයි...
ඒ වෙනුවෙන් එදා මගේ අම්මා රැකියාවකට නොයාම ගෙදර හිටියා... මම රැකියාවක් කරලා නැවතුනා... අර කෙල්ල එයාගේ රැකියාව දිගටම කරන්න අදහස් කරනවා... මේ වෙග් එදා මෙදා තුර පවුල් ජීවිතය වෙනුවෙන් කරන කැප කිරීම් සහ ඒවා කරන විදි වෙනස් වෙන්න පුළුවන්... ඒකට හේතුව ජීවන තත්වය එදාට වඩා වෙනස් වීම මිසක් හිතන පතන දේවල් වෙනස් වීම නෙවෙයි... ඒකේ වැරැද්දකුත් තියෙනවා හරියකුත් තියෙනවා.... ඒත් අපිට ඒක නවත්තන්නවත් ඒකෙන් ගැලවිලා ඉන්නවත් බෑ.... නමුත් ඇත්ත තත්වය නම් අදටත් පවුල් ජීවිතය වෙනුවෙන් හැමෝම ගොඩක් ලොකු කැපකිරීම් කරනවා අපේ සමාජයේ...
මෙච්චර හෑල්ලක් කිව්වේ මේක කියන්නයි... ඔය ගීත රෑප රචනා වගේ මනකල්පිත දේවල් වලින් යමක් ( ක්‍රීම් සෝඩා බෝතලේ නෙවෙයි මම කියන්නේ) මාකට් කරන්න හදනවා කියන එකත්, ඒකට අහුවෙනවා කියන එකත් හරියට Vampier Diaries, Supernatural නැත්තම් Twilight, Underworld බලලා, යකෝ මාරයිනේ... ඒ කියන්නෙ මේ ලෝකේ ඇත්තටම වැම්පයර්ලා වෙයාවුල්ෆ්ලා ඉන්නවා ඇති නේද බං... කියලා කියනවා වගේ කියලා මට හිතෙන්නේ....
//රෑප රචනය ගැන කතා කළොත් මගේ ඒකට ඒතරම් කැමැත්තකුත් නෑ අකමැත්තකුත් නෑ... //
Deleteරූප රචනය විය යුතුයි
හි හි....
හි හි....
හි හි....
[හිනා උනේ අකුරු වල වැරැද්දට නෙමෙයි. පුරුද්දට]
බස්සා ආපහු ගහලා සමාජයටම වදින්න.......
ReplyDeleteවදින්න ඕන තැනට වදීවා!
අගේ ඇති ලිපියක්....!!
ReplyDeleteරූප රචනා ගැන මට තියෙන්නෙත් බරපතල විරෝධාකල්පයක් වගේ ම අපුලක්.
ගීතයට රූප රචනා එකතු උනේ යාත්‍රා වැඩ සටහනට කළින් සිටයි. ඔවුන් ඒව බහුතරයක් කළේ මැදිරි වැඩ සටහන් හැටියටයි.
ඉන් පසු ව පණ්ඩිත් අමරදේවයන්ගෙ සංගීතමය වැඩ සටහනක් සඳහා රූපවාහිනිය බාහිර රූප රචනා සහිත ව වැඩ සටහනක් කළ බව මට මතකයි.
එවන් වැඩසටහන්වලදිත් වැඩි හරියක් සිදු වුනේ නර්තන ශිල්පිණියන් භාවිතයෙන් ගීතයට වෙනත් මානයක් ලබා දීමයි.
|යාත්‍රා එහි දිගුවක්. යාත්‍රා වැඩ සටහන කළ මගේ මිත්‍රයා සෙනේෂ් බණ්ඩාර දිසානායක ඒ සඳහා සම්මතයෙන් බැහැර ව හස්තගත වීඩියෝ කැමරාව භාවිතා කළා.
ඊටත් පස්සෙ රවීන්ද්‍ර මුණසිංහ තමයි ගීතයේ සම්මත අරුතට පිටින් රූප භාවිතා කරමින් අලුත් ආරක් බිහි කළේ.
කට්ටිය ඒක කණපිට ම හැරෙව්ව. ඒ කණපිට හැරවීමට මූලික උනේ සිරස.
අඩු වියදමින් රූප රචනා කරන්න ඔවුන් භාවිතා කළේ හින්දි සහ බටහිර චිත්‍රපට සහ සෝප් ඔපෙරා රූප මාලාවන්.
ඒව ක්ෂණික කට් මගින් වෙනස් ම හැඩ තලයක් පවට පත් කරල ගීතයට බඩ් කළා මිසක් හරය ගැන හිතුවෙ ම නැහැ.
එතැනින් පටන් ගත්තු මළ ඉලව්ව ව්‍යාධියක් වන තරමට ම පැතිරිල ගියා.
Bassage post ekak dakinne harima aduwen. obage post 1k watena thuru balan inna aya wenuwen haki sama witakama post ekak damanna./jeewithaya hari balami / kathawa digatama liyanda.lagadi liuwe na neda...post ekata adala na bassagen karana illeemak...
ReplyDeleteඉතාම වටින ලිපියක් බස්සා.. මේ පිලිබඳව දක්වන්න මට වචන නෑ බං.. උබේ පෝස්ටුවට සම්පූර්නයෙන් එකඟයි..
ReplyDeleteමතක මාවතට ගොඩ වෙලාම යන්න..
http://mathakamawatha.blogspot.com/?m=1
මමත් දැන් පරම්පරාවේ කෙනෙක්.පවතින සමාජ ක්‍රමයත් එක්ක අපි අලුත් වෙන්න ඕන.
ReplyDeleteනමුත් මේ යන විදියට ගියොත් නම් අලුත් වෙන්න සමාජයක් ඉතුරු වෙයිද කියල ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
උදාහරණයක් ගන්නම්,ඉස්සර කාලේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් පවා ඇතිකරගන්න උත්සහ කරන්නේ 12 13 වසර වලදී.එත් දැන් දැන් එක වෙනස් වෙලා 8 වසරේ ඉගෙනගන්න හිච්චි කෙල්ලොත් දැන් කොල්ලෝ එක්ක හුට පට දාගන්නවා.
මේවට මුලික අඩිතාලම වැටෙන්න හේතු සාදකයක් තමයි මේ ටෙලිවිෂන් කෙරුවාව.
වැඩසටහන් අධ්‍යක්ෂවරු සහ රුප රචනා කරන උදවිය මේවා ගැන අවධානය යොදවනවා නම් අපේ අනාගත පරපුර රැකගන්න පුළුවන් වෙයි