Wednesday, July 17, 2013

වැරදි නම්.. මට ගල ගහන්න.....



අනේ යකෝ.....
මට ගහන්න ඕනේ තෝ වගේ එකියකට ආ‍දරේ කලාට......
ලැජ්ජා නැති කම... තොට යන්න ඕන්නම් පල.....
තෝ නැහැයි කියලා මම මැරෙන්නේ නැහැ....
උඹ මට ලොකු නැහැ යකෝ.... ‍
ආදරේ කියලා ‍දුන්නා...
විඳින්න කියලා දුන්නා....
ජීවිතේ දුන්නා....
ඒ හැම දේටම උඹ මට දුන්න දේ තමයි මේ....
ඔව් වෛරය.....
මම උඹට වෛර කරනවා.....
ආදරේ කරපු හිතින්ම ආදරේ කරපු තරමටම...
මම උඹට වෛර කරනවා....
තොට ඔන වෙලාවට එන්නයි.....
තොට ඕන වෙලාවට යන්නයි...
මේක හරි කෙළියක්නේ....
උඹට විතරද රිදෙන්නේ...
එතකොට මගේ හිත...
ඒක ගලක්ද ?
හොඳට හිතේ තියාගනින්....
උඹව නැතිකරන්න හිතෙනවා මට....
කුඩුපට්ටම් කරලා දාන්න ම‍ගේ හිතින්.....
ආයි පස්පාගන්න හිතන්නෙපා....
මේ පැත්ත පලාතේ....
යන එකෙක් එක්කම පල...

10 comments:

  1. ඔහ් ....
    ඔන්න මම දැක්කමයි හැඟීම් එක්ක ලියපු දෙයක්...

    ReplyDelete
  2. Basso jeewithe hari balami ko..amathaka welada..

    ReplyDelete
  3. ම්ම්ම් සැර වැඩි නැද්ද? හැබැයි රත්තරන් වටින වචන ටික

    ReplyDelete
  4. ගල ගහන්න ඔයාගේ ගල හොඳට තියනවද. මේවා ගංජා මතයට ලියවෙන බහුබූත මිසක් කිසිදු සාහිත්‍යමය වටිනාකමක් ඇති දෙයක් නොවේ. හැන්දෑවට බීලා පාරේ කුණුහරප කියකියා ගෙදර යන ජාතියේ අයත් සාහිත්‍ය කරුවෝ කිව්වැකි මේවා කවි කියලා කියනවානම්.

    ReplyDelete
  5. බස්ස බූට් එකක්වත් කාලද මන්ද....

    ( බූට් කෑවම තමයි ඔය වචන සෙට් එක පනින්නේ...)

    ReplyDelete
  6. අම්මෝ සැර... ඇත්ත තමයි අපේ හිත් ගල් ද ? එහෙනම් කුඩු කරමු :D

    ReplyDelete
  7. හපොයි...විඳවන්න නෙමෙයි විඳගන්න කීවට මේකත් එක්තරා ආකාරයක විඳවීමක් නෙවෙද? මගෙත් අත්දැකීම ඔය හා සමානයි. හැබැයි මම වෛර කරේ නම් නැතෝ. හිත හදා ගත්තා මාත් එක්ක ඉන්නවට වඩා එයාට එතන හොඳයි නම් කමක් නැතිය කියා...මොනව උනත් නොසඟවා පවසපු අදහස් ටිකක්.

    ReplyDelete
  8. ඕකට ආසන්න අදහසක් කියවෙන ජන කවියක් තියෙනවා .
    මට මේ වෙලාවේ සමහර පද මතක නැහැ.දන්නා කෙනෙක් ඉන්නවානම අඩුව පුරවන්න.

    සාය විතරක් නොවේ මහතුනි
    කවදත් ඔහොමයි මගේ වාහේ
    ............
    .........
    කම් පල නැති මේ දිගේ ආවට
    ..... කපපිය නාහේ

    කම් පල නැති මේ දිගේ ගෙනාවට
    තිගේ නොවෙයි කප මගේ නාහේ.

    ReplyDelete
  9. අදමයි බස්සගෙන් මෙහෙම කවියක් දැක්කෙ . තරහ ගියාම හරි සැරයිනේ .

    ReplyDelete
  10. ඕවා ඔහොම තමයි කෙල්ලෝ හිටියට උන් අපිව දාලා යන්නේ අනේ නොකියම.. උබට සෙට් වෙනකන් හොඳ කෙල්ලෙක් ලගඳිම සින්දුවක් කියලා ඉමු ආතල් එකේ අද.....

    ReplyDelete