Wednesday, July 13, 2011

ආඩම්බරකාර තාත්තා....


ලොකු පුතා මාර වැඩක් කලා... ලබන මාසේ ශිෂ්‍යත්ව විභාගේ නිසා එයා මහන්සිවෙලා වැඩ කරනවා.. ඉස්කෝලෙදි පහුගිය ප්‍රශ්ණපත්තර වලට හොඳට ලකුණු අරගෙන තිබුනා...



මං ඇහැව්වා ඔය පොත්වල අග උත්තර තියනවා නේද කියලා... (මොකද මමත් ඔය ඉස්කෝලෙට නේ ගියේ...ඉකෝන් පේපර් එකකේ දි උත්තර පත්තරයක් දීපු එකාගෙන් ගන්න බැරිඋනානේ) 


එයා ඔව් කිව්වා.. මං බිරිඳට කිව්වා ඒ උත්තර තියෙන කොලටික ගලවලා දාන්න කියලා...


මං කථාකරන අතරේ ලොකු පුතා වැඩක්... මං ඇහැව්වා මොනාද කරන්නේ කියලා.
.. නැහැ තාත්ති මං මේ උත්තර තියෙන කොල ටික ස්ටේප්ලර් වලින්ම ගලවනවා කිව්වා... මං නිරැත්තර වුනා.... ටික වෙලාකින් එයා ගියා...බිරිඳ ආවා පුතා උත්තර කොල ටික ගලවලා දුන්නා කියාගෙන....


මට මං ගැන මාර දුකකුත්.... ලොකු පුතා ගැන මාර ආඩම්බරයකුත් ඇතිවුනා...


මේ ඔක්කොම බිරිඳගේ මහන්සියේ ප්‍රථිපල තමයි... මගේ මහන්සිය අපතේ යන එකක් නැහැ කියලා තේරෙනවා...

8 comments:

  1. එහෙම ක්‍රියාවක් අගය කරානම්, පුතා ජීවිත කාලයටම ඒ හැදියාව තියා ගනී; අවංකකම දුර්වලකමක් හැටියට දකින බහුතරය අතර ඔහු එය තාත්තා වගේම ආඩම්බරයක් ලෙස සිතාවි. හොඳ පුතෙක්.

    ReplyDelete
  2. ඔව් පුතා ගැන මගේ හිතේ ලොකු අදෙරයකුත් ගෞරවයකුත් ඇතිවුනා.... එයා හොඳ පුතෙක්....

    ස්තුතියි දොස්තර නෝනේ...

    ඔබට ජය !!

    ReplyDelete
  3. කුඩා කාලයේ සිටම තමන්ගේ සිතට බොරු නොකරන්න ඉගන ගන්න ඕන. කාව රැවටුවත් තමන්ගේ සිත රවටන්න බෑනේ.
    ඔබගේ පුතා හොද දරුවෙක්. අනාගතේ හොද පුරවසියෙක් රටට බිහිවේවි.

    ReplyDelete
  4. ඔව් මගේ පුතා හොඳ ළමයෙක් කියලා මං ආඩම්බරයෙන් කියනවා...

    ස්තුතියි ගිම්හානි..

    ඔබට ජය !!

    ReplyDelete
  5. අවංක දෙමාපියංගෙ දරුවෝ හැදෙන්නෙත් අවංක විදියටලු..හැදෙන ගහ දෙපෙත්තෙන් දෙනේ කිඋවා වගේ කොලුව හොදට හැදේවී....

    ReplyDelete
  6. ස්තුතියි සොඳුරැ මිනිසාට.....

    ReplyDelete
  7. සතුටු වෙන්න පුලුවන් පුතෙක් ඉන්නවා ......

    ReplyDelete
  8. අප්පච්චි වගේම හොඳ පුතෙක්. ඔයා වාසනාවන්ත අප්පච්චි කෙනෙක් වේවි බස්සෝ.

    ReplyDelete