Thursday, July 21, 2011

සමතැන

අපි බොහෝ දෙනා අයිතිවාසිකම් ගැන කථාකරනවා...හැබැයි යුතුකම් සහ වගකීම් ගැන කථාකරන්නේ හරිම අඩුවෙන්... අයිතිවාසිකම් ලබාගන්න සටන් කරනවා... ගුරැවරැ පඩි වැඩි කරගන්න සටන් කරනවා... දොස්තරලා කාමර වලට සටන් කරනවා... මහාචාර්යවරැ දීමනාවට සටන් කරනවා....ඔය වාගේ සටන් නම් හැමතැනම... හැබැයි අද කියන්න යන්නේ ඔය සටන් ගැන නමෙයි... කාන්තා අයිතිවාසිකම් ගැන පුංචි කථාවක්....
මේක සිද්ධ වුනේ ලිප්ටන් වට රවුමෙදී.. ලිප්ටන් වටරවුම අපි කාගේත් දුක්ගන්නාරාළ වගේ.... බොහෝ දේ කියන්න අපි රැස්වෙන්නේ ලිප්ටන් වට රවුමටනේ... 
එක්තරා කානතා අයිතිවාසිකම් සංවිධානෙක නෝනල ටිකකටත් ඕනි උනා කාන්තා අයිතිවාසිකම් ගැන උද්ඝෝෂණයක් කරන්න... ප්‍රධාන පාඨය වුනේ "කාන්තාවට සමතැන" කියන එක.. දන්නවනේ ඔය කාන්තා අයිතිවාසිකම් ගැන කථාකරන බොහෝ නෝනලා... ‍එයාලා ඉන්නේ කොන්ඩෙ කණගාවට කපලා.. අර කුර්තා කියන ජාතියේ ඇඳුම ඇඳලා... අවුකණ්නාඩි එහෙම දාගෙනනේ.. අපේ හාදයෙකුටත් මේකට ආරාධනාවක් ලැබිලා තිබුනා... ඉතින් මිනිහත් කියපු වෙලාවට වඩා පැයක් විතර ප්‍රමාද වෙලා ගිහින් තියනවා වට රවුමට.... යනකොටත් නෝනලා කට්ටිය බොහොම අපුරැවට ලෑස්තිවෙලා එහෙම බලාගෙන ඉන්නවළු... අපේ හාදයත් ඔතනට ගිහින් වට පිට බැලුවළු.. තාම පටන්ගන්න පාටක් නැහැ... බැනර් ටිකත් ඔතපු විදියම...
අපේ හාදයා මේකේ ප්‍රධාන සංවිධායක නෝනට කිට්ටු කලාළු..
මොකද මැඩම් වැඩේ පමන් ගන්නේ නැද්ද ?
අනේ පටන් ගන්න ඔනේ මෙයා... 
ඒත් බලන්නකෝ මේ බැනර් ටික දාගන්න කොල්ලෙක් හොයාගන්න නැහැ නේ....
නෝනා ඇඟට නොදැනී කිව්වලු......

9 comments:

  1. අපූරු කතාව...ඒකත් හරියට ඉතින්, උයලා ඉවරවෙනකල් ගෙදර එක්කෙනා ටීවී බලනවට දෙවෙනි නෑ....:)

    ReplyDelete
  2. හික්. මට වැඩිපුර හිනා ගියෙ අර සංවිධානවල කාන්තාවන්ගෙ පොදු පින්තූරෙට.

    ReplyDelete
  3. @ පොඩී බොහොම ස්තුතියි ඔබට.... ඔව් කථාව ඇත්ත....

    @ දොස්තර නෝනා.. කාලෙකින් දැක්කේ දැන් හරි "බිසී" වගේ...ඔව් මට ඕනේ කලේ මේ දේවල් උපහාහාත්මකව පෙන්නා දෙන්න... මෙවගේ සිද්ධීන් තව කියන්න පුළුවන්...බලමු ඉස්සරහට...
    ස්තුතියි ඔබට ...

    ReplyDelete
  4. හික්ස් . මරු කතාව.
    අපෝ මමනම් සම තැන ඉල්ලන්නේ නෑ කවදාවත්.
    වැඩිය ඕන නැ ගෙදර බල්බ් එකක් පිච්චුනාම අපිට පුලුවන්ද
    උඩ නැගල දාගන්න. කොහොම උනත් පිලිගන්න ඕන පිරිමි
    කියන්නේ අපිට වඩා උසස් අය....

    ReplyDelete
  5. @ගිම්හානි,

    ඔයා ඔය කතා කරන්නේ උස අය ගැන වෙන්ට ඕනි. ඇයි ඔයාලගේ ගෙදර පුටු නැද්ද?...:D

    ReplyDelete
  6. @ ගිම්හානි.. හැබැයි නංගිගේ කථාවට මං එකඟ නැහැ... ඕක ආකල්පමය ගැටළුවක්...අපි පොඩිකාගේ ඉඳලම අපේ ඇත්වෙන්නෙත් ඇතිකරන්නෙත් ඔය වගේ ආකල්පයක්... මං විශ්වාස කරන්නේ ගෑණුත් පිරිමිත් වෙනස්‍වෙන්නේ ලිංගිකත්වය මත පමනක් බවයි.. එහෙම නැතුව කරන වෙන වෙනසක් මං දකින්නේ නැහැ...බොහොම සරලම උදාහරණයක් විදියට ඔයා ඔය කියපු බල්බ් එකක් මාරැ කරන එක පවා... අපි පොඩි කාලේ ඉඳලම දැක්කේ තාත්තා එක්කෝ අයියා කරන කාර්යයක් විදියට.. නමුත් ඔයා උත්සහ කරලා බැලුවොත් කරන්න බැරිද... ඕනෑම කාන්තාවකට නිසි අධ්‍යාපනයක් සහ පුහූණුවක් ලබාදුන්නත් ඕනෑම වෘත්තියක් කලහැකි බව මං විශ්වාස කරනවා...මේ සම්බන්ධයෙන් උදාහරන සහිතව වෙනමම පෝස්ට් එකක් දැමිමොත් හොඳයි වගේ...
    හැමෝටම බොහොම ස්තුතියි....

    @ පොඩී... මෙන්න තරැ ********

    ReplyDelete
  7. බල්බ් කතාවටනම් මම එකග වෙනවා. ඇත්තම කියන්වනම් මම
    කරන්ට් එකට පුදුම බයයි. මොකද මට හරියට කරන්ට් එකට සන්වේදී බව වැඩි. සම තැන කතාවටනම් එකග නෑ. මොකද ප්‍රයෝගිකව එක කරන්න ගියොත් අපි එරෙනවා. ඒක තමයි ඇත්ත.
    එහෙම කරන්න පුලුවන්නම් මේ වෙනකොටත් ඒක කරල අපේ ගෑනු.
    හැම දේකටම පිරිමියෙක් හා අපිට සම වෙන්න බෑ.

    ReplyDelete
  8. මං කියන්නේ සම තැන කියන එක ගැන නෙමෙයි... ඒක බොහොම පරන තර්කයක්.. ඒක දැන් නිසි තැන කියලා වෙනස් වෙලා තියෙන්නේ.. මං කියන්නේ හැකියාවන් නොහැකියාවන් ගැන.. ඕනෑම කාන්තාවකට නිසි පුහුණුවක්, අධ්‍යාපනයක් ලබාදීම තුලින් ඕනෑම කාර්යයක් වෘත්තියක් කලහැකි බවයි..

    ReplyDelete
  9. සම තැන නොව නිසි තැන ලබා දිය යුතුය ......

    ReplyDelete