Saturday, July 30, 2011

තුංමාසේ........

මං බ්ලොග් ලියන්න අරගෙන හරියටම අද‍ට මාස 3 යි. පෝස්ට් 22 යි, කමෙන්ට්ස් 144 යි, ෆලෝවර්ස්ලා 48 යි, ඔක්කොම ලිපි කියවපු ගනන 2636 යි. ඇත්තටම සතුටක් තියෙනවා.

මං බ්ලොගේ උපයෝගී කරගන්නේ මගේ අදහස් එලියට දාන්න... මෙච්චර කාලයක් ඒකට වේදිකාවක් තිබුනේ නැහැ...අවුරැදු 35 කට පස්සේ හමුවුන වේදිකාව බ්ලෝගේ (ඉස්කෝලේ යනකාලේ නම් පැලෙන්න ලිව්වා) ... මම මට හිතෙන දේ අමුවටම ලියනවා... කමෙන්ට් එකක් වැටුනොත් ලොකු සතුටක්.. ඒ වගේම ලොකු ධෛර්යයක්, නැතත් එහෙමට කියලා ලොකු දුකක් නැහැ.. මොකද කමෙන්ටු නොදැම්මත් ෆලෝකරන සහ කියවන අය ඉන්නවා කියලා හිතෙන නිසා.. බ්ලොග් කලාවේ සීනියර්ස්ලා කීපදෙනෙකුත් ෆලෝවර්ස්ලා වීම පොඩි ආඩම්බරයකුත් වෙනවා... (කොළරය උස්සමින්)

මට බ්ලොග් ලියන්න පාර කියපු බනියවත් ආදරයෙන් මතක් කරනවා.. ඒ වගේම පලවෙනි පෝස්ට් එකට පලවෙනි කමෙන්ටුව දැම්ම සොඳුරැ සිතවත් ඒ පෝස්ට් එකට කමෙන්ට් කරපු  දුකා, අසිත, හිම හංසි වගේම දොස්තර නෝනාවත් (නලිනි චන්දිමා) ආදරයෙන් මතක් කරනවා.. දොස්තර නෝනා ගොඩක් උපදෙස් එහෙම දුන්නා.. (දැන්නම් වැඩිය මේ පැත්තේ එන්නේ නැහැ, ඇයි දන්නේ නම් නැහැ).  

ඒ අය වගේම පංසල් හංදිය, පුසා,  පොඩි කුමාරිහිමි, ගිම්හානි වගේම  තවත් නම් නොකිව්වට මට කමෙන්ට් කරපු, දිරිදුන්න වගේම අඩුපාඩු පෙන්නා දුන්න සියළු ‍බ්ලොග්කරැවන්ට බොහොමත්ම ස්තුතියි.

ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවට සහ බ්ලොග්කරැවාට ජයම වේවා !!!!

14 comments:

  1. උණුසුම් සුබ පැතුම් බස්සා! ජය වේවා!

    ReplyDelete
  2. සුබ පැතුම්!!!..

    මා ඔබව හදුනා ගත්තේ සිත් ආර හරහා. මා නිතරම යන බ්ලොග්ස් 3 තියනවා. වෙදෙගෙදෙර, සිත් ආර හා සොදුරු සුව අසපුව. ඒ තුන්දෙනා ඉන්න බ්ලොග්ස් බොහෝමයක මාත් ඉන්නව. මට බ්ලොග් එකක් නෑ. ඔබගේ නිර්මාන ඉතා ඉහලයි.

    ජය!!!!!!

    ReplyDelete
  3. නිතරම අප අතරට එන "දුකා" ගොඩාක් කලකින් දැක්කේ නෑ. පොඩ්ඩක් සොයා බලන්න මොනාද උනේ කියලා බස්සෝ..

    ReplyDelete
  4. හදවතින්ම සුභ පැතුම්....

    ReplyDelete
  5. මගෙත් සුබ පැතුම්...තව දිගට ලියන්ට. අපි බලාගන ඉන්නවා....:D

    ReplyDelete
  6. ලියන්න ලියන්න.. අපි කියවනව.. සමහර වැඩ වැඩි වෙලාවට නම් කමෙන්ට් එකක් දමන්න වෙලාවක් නැති උනත් අනිවා.. කියවනව..සුභ පැතුම් !

    ReplyDelete
  7. බොහොමත්ම ස්තුතියි හැමෝටම... මේ දෙන ධෛර්යය ගොඩක් අගය කරනවා.. දිගටම ලියන්න හොඳ තල්ලුවක්...

    හැමෝමට ජය !!!!

    ReplyDelete
  8. @ ගිම්හානි... ඇත්ත කථාව.. දුකා ටික කාලෙකින් දැක්කේ නැහැ තමයි...

    ReplyDelete
  9. තුන් මස් සැපිරුමට මගේ හෘදයාංගම සුභ පැතුම්, බස්සෝ. වෙනස් වෙනස් නිර්මාණ තුළින් සිංහල බ්ලොග් අවකාශය පුරවන්නට, දැනුමත් විනෝදයත් බෙදාලන්නට, තවත් දිගු ගමනකට වාසනා.

    මේ පැත්තෙ නොඑනවා නෙවෙයි. ටිකක් වැඩ වැඩි වෙනකොට, පෝස්ට් එකක් දැම්ම දවසෙම බලන්නට/ කමෙන්ට් කිරීමට අතපසු වෙනවා. පෝස්ට් එක කියවලා කමෙන්ට් නොකර යනවා සමහර වෙලාවට- එක්කො වැඩ ගොඩ ගැහුණු දවසට හිතේ විවේකයක් නැතිකමින්; එහෙමත් නැත්නම් සමහර මාතෘකා යටතේ කෙරුණු නිර්මාණවලට කමෙන්ට් කිරීමට ඇති නොහැකියාව/ දැණුම නැතිකම/ අකමැත්ත නිසා. එහෙමත් නැත්නම් ලියාගන්නට දෙයක් හිතා ගන්නට බැරිව. කොහොම වුණත් නොකියවා ඉන්නෙනම් නැහැ. මං වගේ තව හුඟ දෙනෙක් ඇති, ඉඩ ලද විටෙක ඇවිත් අතපහු වුණු පෝස්ට් තියෙනවද කියලා හොය හොය කියවන, වරක් කියවූ ඒවත් නැවත නැවත කියවන, නමුත් ඇතැම්විට කමෙන්ට් නොකර හැරී යන.

    දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  10. මාත් ඔහේගේ පෝස්ට් කීපයක්ම ආසාවෙන් බැලුවා.
    අර නලිනි කියලා තියෙන කතාවම තමයි මටත් කියන්න තියෙන්නේ.

    ReplyDelete
  11. මගේ අල්ලලා ගිය පොරක් තමා බස්සා කියන්නෙ, එහෙම කිව්වට තරහ නැහැ නේද .........

    ඔන්න අද මම බස්සව මගේ බ්ලොග් රෝල් එකට දැම්මා .....

    ReplyDelete
  12. @ පන්සල් හංදිය... ස්තුතියි... (කොළරය උස්සම්)... දිගටම ලියන්න ශක්තියක්..

    ReplyDelete
  13. මටත් ස්තුතියක් තියේ . අදයි දැක්කේ... අවංක හැඟීම් ලියන එකට ගරු කරනව බස්සෝ.

    ReplyDelete
  14. Bravo foг http://wωw.bloggeг.com, I fοund by searching for " TV " into Google,
    if you want to know аll my news, that iѕ :
    httр://www.nabila-allo.cοm/ . A vіԁeo аs a gift waiting for you on the homepage .
    Ѕee уοu soon . u003c 3 Roger

    ReplyDelete