Sunday, July 24, 2011

මට නුඹ ගැන දුකයි.......

ඉස්සර නම් උඹ පට්ටයිළු
මචං..මරැ බඩුවළු
එළ පාරළු
කියනවා මට ඇහිලා තියෙනවා

උඹ එක්ක නං
කොයි තරම් රවුං
ගැහැව්වද මං
මතකයි තාමත් මට නං

දෙන්නා දාලා පැද්දත්
උඹට නැහැ ගානක්
තව එකෙක් තද කලොත්
නැගෙයි පොඩි කෙඳිරියක්

දන්න සෙල්ලං දාලා
උඹගේ උඩ නැගලා
උස්සලා පද්දලා
සිහිව ඇත හිත රිදිලා

දැන් උඹ බෝර්ළු
රිංග්සුත් ගිහිංළු
වැඩ අරං වැඩියිළු
පැත්තකට දාමුළු

මගේ ‍”හොන්ඩා චැලියේ”
දැන් උඹ එළියේ
මතක් උන කලයේ..
කඳුළු කැටයක් ඇසට නැගඒ..

8 comments:

  1. දැන් එතකොට මේ හොන්ඩා චැලිය ගැනද කිව්වෙ ????

    ReplyDelete
  2. @ ‍Weni ඔව්...ඔව්...ඇයි මොකක් කියලයි හිතුනේ.....

    ReplyDelete
  3. තේරුම් දෙකක් එන විදියට ලියන්ට බස්සා හරිම දක්ෂයි නේ. අපි දන්නවා කතා කරන්නේ බයික් එක ගැන බව.

    හැබෑට සමහර පිරිමි ගෑනුන්ට වඩා එයාලගේ 'බයික්' එකට ආසයි කියන්නේ ඇත්තක්ද?...:)

    ReplyDelete
  4. මට හිතුනෙ වෙන දෙයක්, පින්තූරෙයි කියවගෙන යනකොටයි තමා වැඩේ තේරුනේ ........

    නියම වදන් ටික .........

    ReplyDelete
  5. හික්ස් නියමයි. ඊලගට මොකක්ද පදින්න බලාපොරොත්තුව???

    ReplyDelete
  6. හි හි පට්ටයි ආ

    ReplyDelete
  7. @ පොඩි බොහොම ස්තුතියි....ඔව් ඒ කථාව ඇත්ත වෙන්න පුළුවන්... මමත් ඉස්සර හරිම ආදරෙයි රතු පාට චැලියට... ඉස්සර අපේ වාහනේ...

    @ පංසල් හංදිය... කැතයි හො‍‍‍ඳේ.... හික්ස්..

    @ ගිම්හානි... දැන් නම් මුකුත්ය නැහැ... දෙපා සහ පොදු ප්‍රවාහනේ ඇර... ස්තුතියි නංගිගග

    @ කිඩෝ... බොහොම ස්තුතියි මචං....

    ReplyDelete
  8. මම දැකල තියෙන සමහර චැලි ලගින් ගියත් පිට ගැස්ම හැදෙනවා.ඒත් තවමත් වැඩ, ඒව අදින තරම් බරක් , ලොරියක් වත් අදින්නෙ නැතිව ඇති...දුප්පතාගේ වාහනේ..

    ReplyDelete