Monday, April 16, 2012

විනය තකා කුමක් කරමුද ?



න්න එන්නම පාසැල් වල විනය පිරිහෙමින් තියන බව පේනවා..... මුනු පොතේ පැය කීපයක් සැරිසැරීම මගින් ඒ පිළිබදව මනා වැටහීමක් ලබා ගන්න පුලුවන් වෙයි.... සමහර දර්ශණ නැරඹීමේදී ඒවා පාසැල් දරැවන්ට වඩා වැඩිහිටියන්ගේ හැසිරීම් රාටවක පිළිබිඹු කරන්නේ... මේ සම්බන්ධයෙන් යමක් කලයුතු කාලය එළඹිලා තියනවාකියන එකයි මගේ පෞද්ගලිකල මතය....  නමුත් මේ පිළිබඳව මේ වනකෙත් කිසිම බලධාරියෙකුගේ ඇස් යොමු වන තත්වයක් පෙනෙන් නම් නැහැ...... 

අපේ පාසැල් අවධියේ දීත් අපි කට්ටි පැනලා තියනවා..... පාසැල් නොයා චිත්‍රපට ශාලා වල රස්තියාදු ගහලා තියනවා... උදේ පාසැල් යන්නට පෙර පෙට්ටි කඩයක් අස්සට ගොස් සිගරට් බීලා තියනවා.... වාර විභාගය අවසනේ කොල්ලන් සමග වතුර ගහගෙන තියනවා ...... පාසැල් කාළයේ ඩෙස් එක යට තියාගෙන සොඳුර, මල්සරා වැනි වැල පත්තර බලලා තියනවා.... ඒත් මේ සියළු ජඩකම් තුල පාසැල් සිසුන් වශයෙන් අප තුල යම් සංවරභායක් තිබුනා..... කොයි දේ කලත් අපි තුල තිබුනා මහා බලාපොරොත්තු... අධ්‍යාපනය සම්බන්ධයෙන්..... හොඳින් ඉගෙන ගන්න....... දෙමව්පියන්ට ගුරුවරැන්ට බයක් වගේම ගරුත්වය තිබුනා....

අපේ කාලේ පාසැල් වල විනයක් තිබුනා... අදට වඩා.... පාරේ හැසිරෙන කොටත් පාසැලේ ගෞරවය ආරක්ෂා කලයුතුයි කියලා අපේ හිතේ තිබුනා.... එකක් පාසැලට තියන ආදරයට... අනිත් එක කව්රු හරි පාසැලට පැමිණිළි කරයි කියලා තියන බිය..... ඒකට හේතු උනේ අපේ කාලේ පාසැල් වල ක්‍රියාත්මක උන දඬුවම්..... අපි කුඩා දැරවන් කාලේ සඳුදා උදේ රැස්වීමේද වැරදි කරපු දඩබ්බර කොල්ලෝ අල්ලලා... වේදිකාවට නග්ගවලා හැමෝගෙම ඉදිරියේ පස්ස පැත්තට වේවැලෙන් තඩි බාන හැටි දැකලා තියන නිසා අපි වැරුද්දට බය උනා.....හැබැයි අපේ ගුරුවරු කවදාවත් කණ් අඩි පුපුරන්නවත්... අතපය උළුක්කු වෙන්නවත් දඬුවම් කලේ නැහැ.... දඬුවම් දීමේ දී ගුරුවරු කේන්තියෙන් නෙමෙයි... ආදරෙන් දඬුවම් කලා..... හොඳ මගට ගැනීමේ චේතනාවෙන්....

මම 2 වැනි ශ්‍රේණියේ දි යම් කිසි කාරණයකට පැසැලේ අප විදුහල්පති තුමා කැඳවු අවස්ථාවේදී එතුමා ගේ කාර්යාල මේසයට බරවෙලා හිටියා කියලා වම් කම්මුලට දුන්නු පාර අදටත් මාව ගුරුවරයෙක් ඉදිරියේ සීරුවෙන් තියන්න තරම් බලවත්.... නමුත් අපි කල්යනකොට හරි වැරුද්ද තේරෙනකොට ඒ ගුරුවරුන්ට දෙවියන්ට වගේ සැලකුවා...ගරු කලා...... නමුත් අද තත්වය එන්න එන්නම පිරිහෙන බවක් තමයි පේන්න තියෙන්නේ... ගුරු ගෞරවය.... පාසැල කෙරෙහි තියන ගෞරවය..... අඩු වෙලා ගිහින්..... පාසැල් පිස්සු කෙළින ස්ථාන බවට පත්වෙලා.....

මේ දේවල් වලට අන්තර්ජාලයත් වගකිව යුතුයි කියලයි මට හිතෙන්නේ..... හොඳ දේ වගේම නරක දේ මේ තුලින් බොහෝ දරුවන් උකහා ගන්නවා...... අපේ කාලේ අපි බොහෝ විට පැසැලෙන් අධ්‍යාපන චාරිකා වල යෙදිලා තියනවා.. නමුත් අද කාලේ බොහෝ විට ඒවා විනෝද චාරිකා.....මෑතකදී දියණියක් පාසැලේ විනෝද චාරිකාවක් අවස්ඡථාවක ගත්ත පිංතූර වගයක් දැක්කා.... ඒ අය බොහෝ දෙනෙක් අපොස සාමාන්‍ය පෙළ වයසේ දරුවෝ.... ඒ බොහෝ පිංතූර වල ඔවුන් “දෙක“ පෙන්නාගෙන සිටින බවක් තමයි මම දැක්කේ...... අතේ ඇඟිලි දෙක මෑත් කරලා “වී“ අකුරේ හැඩෙන් අදහස් කරන්නේ Victory කියන අර්ථය... එහෙමත් නැත්නම් ජයග්‍රහනය සංඛේතවක් කිරීම...... නමුත් බොහෝ දෙනා පිංතූර බුදු පිළිම අසල ගැනිමේ දී පවා නිකම්ම නිකං “දෙක“පෙන්නගෙන ඉන්නවා...... තමන් යමක් අනුකරණය කිරීමේ දී තමන් අනුකරණය කරන දේ අර්ථය වටහා නොගැනීම බරපතල ගැටළුවක්...... මෙය බොහෝ දේ කෙරෙහි බලපානවා... වැරදි අනුකරණය බොහෝ කණගාටුදායක ප්‍රතිඵල ගේනවා...... 

ඒ වගේම පාසැල් කාළයේ දී අපොස සාමාන්‍ය පොළ වගේම උසස් පෙළ අවසානයේ තමන්ගේ යහළු හෙහෙළියන්ගෙන් සමුගන්න අවස්ථාවේ දී ඔවුන්ගේ සමුරු සටහන් අපි ලබාගත්තේ සමරු පොත් එහෙමත් නැත්නම් කැමති පොත් (Favorite Books) වල,  නමුත් අද බොහෝ සිසුන් වගේම සිසුවියන් තමන්ගේ සමරු සමහන් ලබාගන්නේ තමන්ගේ කමිසයේ... එහෙමත් නැතිනම් ගව්මේ... තත්වය කොයි තරම් දරුණුද කියලා තේරෙන්නේ තමන්ගේ යට සායේ සමරු සටහන් ලබාගන්නා සිසුවියන් දැක්කාම...... එතනින් නොනැවති ඒවා අසභ්‍ය වෙබ් අඩවි කරාත් ඇවිල්ලා.....මේවා කොයි තරම් දුරට සාදාචාර සම්පන්නද කියලා හිතලා බලන්න කාලය ඇවිත්.... අපි පාසැලකින් බලාපොරොත්තු වෙන විනය මේකද...?



පහුගිය කාලේ තිබුන පාසැල් මහා ක්‍රිකට් තරඟ වලදී දරුවන් හැසිරුනු ආකාරය කොයි තරම් දුරට විනයගරුකද..? බාලිකා පාසැල් වලට පැනලා පිස්සු කෙළින්න තරම් හයියක් මේ දරුවන්ට ඇති උනේ කොහොමද..? ඔබේ දරුවාත් මගේ දරුවාත් යන්නේ මේ වගේ දේවල් පිරිච්ච ලෝකයකට නම් අපි ඒ ගැන සතුටු වෙනවද...? මේ ගැන සංවාදයක් ගොඩනගන්න කාලය ඇවිත්..... අද අන්තර්ජාපය තුල පිස්සු කෙළින කොළඹ පාසැල් වල දරුවන්ගේ විඩියෝ වගේම මුනු පොතේ පිංතූර වැහි වැහැලා... දෙමව්පියේ මේවා ගැන දැනුවත්ද...... පාසැල් කාලේම තමන්ගේ කන්‍යාභාවය නැති කරගත්ත දියණියෝ අසභ්‍ය වෙබ් අඩිවි වල වැඩිම මනාප ගන්නවා..... එහෙම නැත්නම් හිට් වෙනවා...... මේ ගැන මම වරක් ලියපු උස්සන කලින් මේ ගැනත් හිතන්න කියන පෝස්ට් එකේදිත් කථා කලා...... මේ තමන්ගේ දියණියක් විය නොහැකිද....? 

අපි හැමෝම දරුවන්ට ආදරෙයි...... දරුවෝ තමයි අපේ ජීවිතේ.... ඒ වගේම දරුවෝ තමයි රටේ අනාගතේ...... නොහික්මුනු දරුවන් සමාජයට බාර කිරීම රටේ අනාගතයත් එක්ක කරන සෙල්ලමක් වගේ.... ඒ වගේම ඒ දරුවන්ගේ අනාගතයත් එක්ක....  මේ ගැන මොහොතක් හිතන්න......

(මේ පිංතූරය සහ විඩියෝව සංස්කරණය නොකරම පල කලේ තවමත් මේවා අන්තර්ජාලයේ තියන හින්දා... මේ අයට කිසිම ආකාරයක අවැඩක් සිද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි)

61 comments:

  1. වර්තමානයේ මහා ඛේදවාචකයනම් මෙයයි......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නුතන මානවයා.... මේක හරියට මුහුදේ තියන අයිස් කන්දක් වගේ...... පිටතට පෙන්නේ බොහොම සුලු කොටසයි....

      Delete
    2. මෙහෙමයි මේ සිදුවීම මම දකින්නේ,, ඔයා කියන විදිහටම එ කාලේ ඩෙස්ක් යටට වෙලා වැල පත්තර බලනකොට වැඩිහිටි පරම්පරාව කෑ ගැහුවා සංස්කෘතිය ඉවරයි කියලා... එත් ඔයාලා ඒක නැවැත්තුවෙ නෑ නේද??? අද ඔයාලා දැනුම් තේරුම් තියන අය වෙනකොට කෑ ගහනව අනාගත පරම්පරාව ඉවරයි කියලා...... එදා සිද්ධ වෙච්ච වැරැද්දෙම දිගුවක් පමණය් මේකත්.....

      Delete
  2. මෙවන් දුවරු ලද මව්පියෝ පින්වතයි ..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩ්ඩා....

      Delete
  3. වැඩිහිටියන්ගේ වගකීම්/වගවීම් රහිත බාවය මේ සියල්ලන්ට හේතුව බව මාගේ හැගීමයි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...ඔව් දෙමව්පියන්ට ලොකු වගකීමක් මේ දේවල් සම්බන්ධයෙන්....

      Delete
  4. සහතික ඇත්ත සහෝ. ඒත් එන්න එනනම වලපල්ලට මිසක් හොඳ පැත්තට යන බවක්නම් පේන්න නැහැ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චන්දික... මුකුත්ම නොකර උඩබලාගෙන ඉන්න අපිට ‍ෙ=ඊට වඩා වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අනිවාර්යෙන්ම සහෝ,මේවට කෙලින්ම වග කියන්න ඕන කොන්ද පණ නැති විදුහල්පතිලා සහ ගුරුවරුයි .. ඒ පාසැල තුලදී. බිග් මැච් වල අම්මලා ,අක්කලාගේ හැට්ට,තන පට ,සායවල් ඇදන් නටපු නපුංසක මානසික අසහන කාරයෝන්ටත් දැක්ක තැනදී, කන පැලෙන්න දෙකක් දීල දාන්න, උන්ගේ අම්මල අප්පලට වගේම ඉස්කෝලේ ගුරුවරුන්ටත් පුළුවන්කම තියෙන්න ඕන.. මේ බ්ලොග් අවකාශෙත් එහෙම නපුංසක මානසික අසහන කාරයෙක්ගේ තුප්පහි ෆොටෝ කැලි වගයක් මම ටික දවසකට කලින් දැක්කා , මගේ ගෙදර එකෙක් නම් හතර හන්දි කඩල ලිපේ දානවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බොහොම ස්තූතියි tharaka..... ඔව් පාසැල්වල වගේම නිවසු තුලත් දරුවන් කෙරෙහි අවධානය යොමු වෙන්න ඕනේ කියන එක අනිවාර්යය දෙයක්...ඒවා ගැන තවමත් නිසි අවධානයක් යොමු වෙලා නැහැ....

      Delete
    2. අම්මපා මොරටුවෙත් ඉන්නව පොන්න ප්‍රින්සිපල් කෙනෙක්. කොල්ලො කෙල්ලන්ගෙ ඉස්කෝලවලට පැනලා ප්‍රින්සිපල් සිස්ටර්ගෙ රූම් එකට රතිgngnaaදාන, සිස්ටර්ගෙ ලෝගුවට අත තිබ්බත් මුකුත් නොකරන නපුංසකයෙක්. මට දුකේ බෑ ඒ ලස්සන ඉස්කෝලෙ ගැන

      Delete
  7. ගොඩාක් ස්තුතියි ජනක බස්නායක (බස්සා) අයියෙ. මේ සමාජ ශෝධනය හුඟාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධු.....

      Delete
  8. අන්තර්ජාල, ජංගම දුකතන, සහ පරිගණක නැනී ගෝලීයකරණයේ නව පහසුකම් එක්ක මනස තාම තියෙන්නේ බිම් මට්ටමේ. අපේ පාසල් කාල වලත් කොලුකමට කරපු වැඩ අනන්තවත් තිබුණා. හැබැයි අපිට ඒකාලෙ ලැජ්ජාවයි බයයි , ගෞරවයයි කියල එකකුත් තිබුණා. දැන් එහෙම නෑ.

    සහෝ..උඹ කරන මේ සමාජ ගවේෂණය මම අගය කරනවා. මේවා සාකච්ඡාවට බඳන් විය යුතුම දේවල්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයානන්ද රත්නායක මහත්මයාට....

      Delete
  9. තව ඇතුලේ අත්සන් කරන්න තිබ්බේ...

    අපේ කාලේ මේව නොවුන කියන්න බැහැ. ඒත් මේ තරම් කුජීත වැඩ වුනේ නැහැ. කොල්ලෝ ඉන්න පාසල් වලට වඩා ගන්න දෙයක් නැත්තේ කෙල්ලෝ ඉන්න පාසල් කියලා තහවුරු කරන්ට ඕනෙ නැහැ නොවැ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෑමා..... ඔය බොහෝ තැන් වල සිද්දවෙන දේවල් යහපත් නැහැ.... මේ ක්‍රමය වෙනස් විය යුතුයි....

      Delete
  10. මෙතන කිසිම කේදවාචකයක් නෑ වෙලා තියෙන්නෙ මීඩියා ඇවිල්ල තියෙන එක විතරයි.ඔ ය දාල තියෙන පිංතූරෙ අවුරුදු හතරකට වඩා පරණයි...
    ඉස්සරත් ඔහොමයි..ඒත් ඒව පෙන්නන්න මීඩියා තිබුනෙ නෑ..අනික ගුරුවරු ඉස්සරහ කෙලිං ඉන්න ගුරුවරු කියන දේවල් වලට චැලෙන්ජ් නොකර ඉන්න පුරුදු කරන ගොංපාට්නං නැති උනාට කමක් නෑ..
    දරුවන් අපිට ඉදිරියෙන් යන්න හදන්න නම් දරුවන්ට අවස්ථාව තියෙන්න ඕනි අපිට අභියෝග කරන්න..
    උපන්දා සිට සර්ලට මිස්ලට පිනාලට ඩිමෝලට ලෙකාලට යටවෙලා එලියට යන දරුව කවදාවත් ස්වාධින තීරණ ගන්නෙ නෑ...හැමදාම වැනෙන චරිත විතරයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අමිල චතුරංග..... ඔබ දකින්නේ ඔබ වැඩුනු සමාජය තුල සිද්ධ වෙන දේ පමනයි.... ඉස්සරත මේ වෙස් සිද්ධ උනාමයි කියමු... එහෙම නම් ඇයි ඒ වගේ දේවල් තවත් පරම්පරාවකට බාර කරන්නේ...මෙය නැවැත්විය යුතුයි නේද...?

      අනිත් කාරනේ අධ්‍යාපනය ලබන කාල සීමාව තුල කිසිම දරුවෙක් හෝ ශිෂ්‍යයෙක් ස්වාධින වෙන්නේ නැහැ... ඔහු හෝ ඇයි ඉන්නේ දෙමව්පියන් හෝ භාරකරෙයෙක් යටතේ..... අපි අද මුහුන දෙන බොහෝ ප්‍රශ්ණ වලට හේතු වෙන්නේ බොහෝ දෙනෙක් මෝරන්න කලින් ස්වාධීන වෙන්න ගියාම.... ගුරුවරු කිය දේට චැලෙන්ජ් කරනවා නම් උහු ගුරුවරයෙක් වෙන්නේ නැහැ නේ.... සම්මතය වෙන්නේ ගුරුවරයා සහ ගෝලයා කියන එක... ගුරුවරු දෙන්නෙක් ඉන්න බැහැ....

      Delete
    2. අපිත් ඉස්කෝලෙ සමහර ගුරුවරුන් එක්ක කරට කර වැඩ කරල තියනව්, ගුරුවරුන්ටත් වරදිනවනෙ! ගෙඩි පිටින් ගිලින එක කීකරුකමක් කියන්නත් බෑනේ ! විදිහල්පති එක්කත් කටගහන් ගිහින් තියනව. ඒ ඒ මිනිහට විරුද්දවෙන්න්න හිතන් නෙමෙයි. අඩුම තරමෙ අපි කියන දේ ඒ මිනිහගෙ ඔලුවට දාන්න ඕන නිසා!

      ගුරුවරයා ගෝලයා මිසක් ගුරුවරයා අනුගාමිකයා නෙමෙයිනේ

      Delete
    3. @amila ඔබගේ අදහස් වලට කිසිදු ලෙසකින් එකග විය නොහැක..//.ඔය දාල තියෙන පිංතූරෙ අවුරුදු හතරකට වඩා පරණයි...// ලියුම්කරු ''අද'' කියා භාවිතා කරන්නේ මේ ලිපිය ලියන මොහොත පමනක් නොව ඉදිරියට හා පසුපසට ඒ හා සම්බන්ධ යම් කාලසීමාවක් බව තේරුම්ගන්න..ගැහැණු ලමයා තමයි දවසක අම්මා කෙනෙක් වෙන්නේ..ඒ අනාගත අම්මලාගේ ඉරණම මේකනම් අනාගත ලමයි ගැන තව කුමන කතාද? විශේෂයෙන්ම මිශ්‍ර පාසල් වල මෙවැනි දෑ වාර්තා වීම් බොහෝ දුරට අඩුයි..අද විශාකා මියුසියස් වගේ නමක් ඇහුනත් පොදුවේ නැගෙන අදහස අපෝ බඩු ඉන්න ලෙස් කෙල්ලෝ ඉන්න ඉස්කොලනේ කියන එකනේ...ඒ මට්ටමට ඒ පාසල් වල කීර්ති නාමය ගෙනියෑමට එහි වුන් ගුරුවර ගුරුවරියනුත් වගකියන්න ඕන..බාලිකා පාසල් වගේම තමයි ඉතින් නමගිය පිරිමි පාසලුත් කොළඹ තියෙනවානේ...ප්‍රශ්නය උඩින් පල්ලෙන් බලා නිකම් කමෙන්ට් කරනවාට වඩා මෙහි ඇති බැරූරුම් තත්වය තේරුම් ගැනීමයි වැදගත්..මේ ප්‍රශ්නයට මම හිතන්නේ බාලිකා බාලක පාසල් අහෝසි කොට මිශ්‍ර පාසල් කල යුතුයි..එවිට මේ ගැටලුව බොහෝ දුරට අඩු කරගන්න පුලුවන් කියලා මම හිතනවා..ලියුම්කරු(බස්සා) සමග එකග වේ.....

      Delete
  11. අමිල කියන පොන්න හු--ගෙ පුතාට මේ ටිකත් කියන්න ඕනි. තොගේ දුවෙක් මේ විදිය රෙද්ද උස්සලා දෙන කොට එකෙක් ඒකිට හු-- ලා ගියොත් තෝ මොකද කියන්නේ ? තොපි වගේ හු--ගෙ පුතාලා නිසා තමයි මේ රටට හෙන ගහලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචන් අවුරුදු හතරකට කලිං ගතපු පිංතූරයක් වීඩියෝ එකක් අල්ලගෙන බොලා පේස්බුක් එකේ අතන මෙතන මාර ආතල් එකක් ගන්නවා..ඉතින් අපි වගේ අකලට වැටුන කෙනෙක් මේ වගේ උඹලගෙ ආතල් කඩනකොට බොලාගෙ අහවල් එක රිදෙනවා...
      සොරි මචං...
      මගේ දුවෙක් නේද...මං මගේ දුවට එක එක දේසපාලන වේසිගෙ පුතාලට වඳින්න ඉඩ තියන්නෙ නෑ...සර්ල කියල පොරවල් විදියට ඔලුව විතරක් උස්සන් ඉන්න උන්ට වඳින්න ඉඩ තියන්නෙත් නෑ...අවුරුදු විසි එක විසි දෙක වෙලත් මං කැමති( දෙමාපියන්) සහ අනික් උන් කැමති පොල් බූරුවෙක්ට ලව් කරල බඳින්න කියන්නෙත් නෑ...

      මේක නිරූපනයක් විතරයි..මේ ලමයි තුන්දෙනා ආතල් එකට ගතපු පික් එකක්..ඒ ලමයි ගනිකාවෙ කොරල, වේස ගෑනු කොරල, පස්ට ගොං බඩු කරල දකින්නෙ උඹල...උඹලයි ඇස් වලයි හිත්වලයි තමයි ලොකුම වලත්තය ඉන්නෙ..සමහර විට මේ ගෑනු ලමයි තුන්දෙනා අද සමාජයෙ ලොකු තැනක ඇති..

      මං හිතන්නෙ මෙතන මේක කියවන ගොඩක් අය දකින්න ඇති අද රටේ පලමු පුරවැසියා වෙච්චි ශිරන්ති මැඩම් එදා ඉස්කෝලෙ ඇඳන් ගිය ඇඳුම පිටින් තිබුන පින්තූරෙ...ඒ ගවුම ඉනගාන ඉඳල අගල් කීපයක් විතරයි තියෙන්නෙ.. ඒ හැට ගනන්වල..ඒ කාලෙට වැඩිය අද ගවුම දික්වෙලා...ෆැෂන් උනත් දැන් ඒව දිගට ලස්සනට තියෙනවා...ඒව ගැන හිතන්න එපා මචංලා..එතකොට අද සමාජෙ පස්ට වල් කියන බොලාගෙ හීන මානයෙන් ආතල් ගැනීමට කේස් වෙනවනේ...

      Delete
    2. @ අමිල.... මල්ලිම දක්වලා තියන විදියට මල්ලිගේ වයස අනුව ඔබ හිතන දේ සාධාරණයි.... මේ දරුවෝ තුන්දෙනා හෝ මෝ අන්තර්ජාලේ පුරාම ඉන්න කිසිම දැරවෙක් ‍ගණිකාවක් හෝ බඩුවක් කියන අදහසක් මේ ලිපියෙන් අදහස් වෙන්නේ නැහැ.... එහෙම කියන්න අවශ්‍යත් නැහැ... මට පෙන්වන්න අවශ්‍ය උනේ පාසැල් දරුවන්ගේ තියන පිරිහීම... විනයක නැතිකම....

      අතීතයේ වැරදි කල පලියට වර්ථමානයේදිත් ඒ වැරදි කරනවා කියන එක වර්ථමානයේ ඒ වැරදි සාධරණිකරනය කරන්න හේතු කාරනා නෙමෙයි... අපි වැරදි නිවැරදි කරගත යුතුයි....

      ඔබගේ අදහස් වලට මම ගරු කරනවා.... හැමෝම එකම මතයක් දැරිය යුතු නැහැ.. වෙනස් මත දරන්න පුලුවන්...

      Delete
    3. බොහොම ස්තූතියි මහසෝනා....

      Delete
    4. //මේ දරුවෝ තුන්දෙනා හෝ මෝ අන්තර්ජාලේ පුරාම ඉන්න කිසිම දැරවෙක් ‍ගණිකාවක් හෝ බඩුවක් කියන අදහසක් මේ ලිපියෙන් අදහස් වෙන්නේ නැහැ....//

      මහත්මයා මෙ ෆොටෝ එකේ ඉන්න දරුවො දෙන්නගේ මේ ෆොටෝ එක දාලා සදංචාරය ගැන දේශනාවක් එක්කම මේ පෝස්ට් එක ලිව්වට, මෙ ඉන්න දරුවන්ගෙ අනාගතයට මෙ ෆොටේ එකේන් වෙන්න පුලුවත් (තව දුරටත්) හානිය ගැන නිකමටවත් හිතුනෙ නෑ නේද?

      අඩුම ගානේ මූණ නොපෙන්න විදියට පීන්තූරය එඩිට් කරලවත් දාන්න තිබුනා.

      ඉතිං ඔබතුමා අන්තිමට කරල තියෙන්නෙ, ඔබතුමා අදහස් නොකරපු දේම තමයි.

      Delete
    5. හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා සහෝදරයා....

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. විනය පිරිහීම ගැන නෙමෙයි මේ සිද්දිය ගැන අදහසක් මේක...

    ඉස්කෝලෙන් සමුගන්න දවසේ පොතක අත්සන් ගන්නවට වඩා ඇඳගෙන ඉන්න ඇඳුමේ අත්සන් ගන්න එක නිර්මාණශීලී කියලයි මගේ පුද්ගලික අදහස... මොකද පස්සෙ කාලෙක ආපහු බලද්දී සතුටුවෙන්න පුළුවන්, අත්සන් පිරුණු ඒ ඇඳුම තමයි ඉස්කෝලේ යන අන්තිම දවසේ ඇදගෙන හිටියේ... ලස්සන මතක ගොඩක් මැවෙනවා...

    මේක අලුත් දෙයක් නෙමෙයි මම හිතන්නේ මීට අවුරුදු 10කට විතර කලින් අපි ඉස්කෝලෙන් අයින්වෙද්දිත් තිබුණා... අවුල තියෙන්නේ අන්තිම දවසේ ගෙදර යද්දී ඇදුම පුරාම අකුරු ගහගෙන පොදු වාහන වල යද්දී මිනිස්සු උපහාසෙන් බලනවා... පිරිමි ළමයෙකුට වැඩියෙන් මේ ප්‍රශ්ණේ ගෑණු ළමයෙකුට බලපානවා ඇති... ඒ නිසා මේ යටසායේ සමරු සටහන් ගන්නේ ඔය ප්‍රශ්ණේ හින්දා වෙන්නත් පුළුවන්... ලිංගික හැගීමෙන් ගන්නවා නම් සමරු සටහන් ගන්න ඕනේ පෑන්ටියෙනේ :)

    ReplyDelete
    Replies
    1. බීටල්ගෙ කතාවට මාත් එකගයි.. ඔය හැමෝම කතා කරන විනය කියන එක මට මාර ප්‍රස්නයක්.. විනය කියන්නෙ මොකද්ද... ??

      ස්කෝල හොස්ටල් එකේ බෙල් එකට නැගිටීම ඇතුලු වෙලාවට වැඩ කිරීම
      ස්කෝලෙ.. ඇදුම හැසිරීම පේලියට යාම වගේ දේවල්...
      ඩ්‍රයිව් කරනකොට.. ?
      ග්‍රවුන්ඩ් එකේදී ගෙදරදි.. ?

      එක එක අය එ ඒ තැනට අදාල වෙන්න හදා ගනිපු නීති.. සමහ්‍ර වාලිකා පාසල වල ගවුම දනගිසෙන් පහලට දික් වෙන්න ඕනෑ...

      සමහර ඒවයි බිම දන ගැහුවාම ගවුම අගල් දෙකක උඩට තියෙන විදියට එන්න ඕනෑ..
      මගේ නැගනිය යන බාලිකා පාසලේ ඔවුන්ට යටට ශෝට් ඇදීම තහනම්... යට සායයි යට ඇද්මයි විතරයි.. එහෙම අදගෙන ගියපු එක දවසක ඇය 5 වසරෙදි ගුරුවරියන් පන්තිය ඉස්සරහට ගෙන්නල ඒව ගලවල තිබුනා...

      මේවයින් ඔවුන් බලා පොරොත්තු වෙන්නෙ මොනවද...?? විනය කියන මාතෘකාව විනය නීති පනවන්නන් විසිනම මාහා ප්‍රෙහෙලිකාවක් කරලා... තරුන වයසටකරන වැඩ විනය නිසා වැරදි වැඩ වෙලා...

      මටනං මහා පැටලිලි සහගත මාතෘකාවක් තමයි ඔය විනය..

      Delete
    2. බොහොම ස්තූතියි බීට්ල්..... ඔබ මේ දේ වෙනස් ආකාරයකට දකිනවා වෙන්න පුලුවන්.... මේක අ‍පේ මත වෙනස්... අපි දකින විදිය වෙනස්.... ඔබගේ අත්දැකීම් වෙනස්....

      ඔබ කථා කරන්නේ ගවුමෙන්... යට සායට වෙච්ච පරිවර්ථනය ගැන....
      මම කියන්න හද්නේ සමරු පොතෙන් යට සායට ගිය එක ගැන.... මේ දෙකේ කතියන දුරුස්ථභාවයක් එක්ක දැනෙන පුමාණය වැඩියි.... ගවුමෙන් යට සායටත්... එතනින් එහාටත් යන්න තියන දුර අඩු උනාට.... සමරු පොතෙන් මේ දුර බලද්දී ඒක ගොඩක් දුරයි...

      දැනෙන්නේ ඒකයි....

      Delete
    3. බොහොම ස්තූතියි පොඩි මෑන්.....

      විනය යනු යම් සමුහයක් හෝ සාමාජයක් නිසිමාර්ගයේ ගමන් කිරීමේලා ඔවුනොවුන් විසින් ගොඩගනලද හෝ විශ්වාස කරනු ලබන චර්යාධර්ම සමුහයක් විදියටත් මම පිලීගන්නේ.... උදාරණයක් විදියට අපි වාහනේක යනකොට පිළිපැදිය යුතු නීති රීති... ඒ ඒ නීතිපොත් වල සඳහන් කරලා තියනවා.... ඒ අවස්ථාවේ දී චාරයාධර්ම නිතී මාලාවක් විදියට පවතිනවා....

      පාසැලකදීත් එහෙමයි... පාසැලේ විනය මාලාවක් තියනවා... අපි හැමෝම දන්නවා පාසැලකට යනකොට ‍කොයි විදිවයේ නිළ ඇඳුමක්ද ඇඳගෙන යායුත්තේ කියලා... ඒක පැසැලේ සම්මත ක්‍රමය... කිසියම් කෙමෙන් ඒ ක්‍රමයට එකඟ නැත්නම් ඒ පුද්ගලයාව ඒ ක්‍රමයට එකඟ කරගන්න උත්සහා කරනවා.... නැති උනොත් ක්‍රමයෙන් අයින් කරනවා... එහෙම තමයි සාමාජයක් ගෙනියන්න පුලුවන් වෙන්නේ සහ සමාජයක් පවතින්නේ.....

      අපි එකිනෙකාගේ නිදහස තිරණය වෙන්නේ අනෙකාගේ නිදහස අවහිර නොවීම තෙක් පමනයි...

      සේවක විනය විකිපීඩියා නිර්වචනය මෙහෙමයි....

      "සරලව ගත්විට විනය යනු යහපත් හැසිරිමයි. නැතහොත් ශික්ෂණයි. සේවක විනය යනු "ව්‍යාපාර සංවිධානයක් විධිමත්ව නිත්‍යානූකූලව පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ සම්මත අපේක්ෂිත හැසිරිම්ය." සංවිධානයක අරමුණූ හා පරමාර්ථ ඉටු කරගැනිමට පිහිටුවා ගත් රැකියා කාර්යඵල ප්‍රමිති, ක්‍රියාපටිපාටි, නීතීරීතී ,යනාදියට අනුකූලව සේවකයින්ගේ වැඩ හා චර්යාව පාලනය කිරිම විනය පරිපාලනය වේ. ඕනෑම ආයතනයක මනා ක්‍රියාකාරිත්වය සඳහා සේවක විනය පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය .රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයක අරමුණු සාර්ථකව ඉටූ කිරිම සඳහා එම ආයතනයේ නීතී මාලවකට අනුකූලව ක්‍රියා කළ යුතුය. මෙම ක්‍රියාකාරිත්වය යහපත් විනය පද්ධතියක් තුලින් ඇතිවන අතර ආයතනයේ නිෂ්පාදනය හෝ සේවාව මනා ලෙස හා කාර්යක්ෂම ව පවත්වා ගෙන යාමට විනය පිටුවහලක් වේ.ඕනෑම සේවකයකු සේවා කොන්ත්‍රාත්තුවක් යටතේ ආයතනයට බැඳුණූ පළමු දිනයේ සිට එම ආයතනයේ බලාපොරොත්තු වන විනය මට්ටමට අනුව ක්‍රියාකිරිමට යටත් වේ."

      Delete
    4. @Beetle දැන් යට ඇදුමෙන් පෑන්ටියට නෙමෙයි එතනින් එහාටත් ගොස් හමාරය...ඔබ දකින විදිහට එයත් අලුත් දෙයකි...මමත් අලුත් යෝජනාවක් කරන්නම් ඔය ලියන වැඩේ කෙල්ලන්ගේ යට එකේ ලියන්න කොල්ලන්ට් දෙමු....කොල්ලන්ගේ යට එකේ ලියන්න කෙල්ලන්ට් දෙමු...ඇමරිකාවෙ වගේ ෂෝක් අනේ..... අමිල සහෝදරයා ආතල් එකටත් එක්ක ඒක මරු නේ......

      Delete
  14. හ්ම්ම් ඇත්තටම සතුටුයි මම ඉන්න කාලේ ඔය වගේ දේවල් වෙන්න අපි ඉඩ දුන්නෙම නැහැ අපේ පාසල් වල.

    ReplyDelete
    Replies
    1. මෙන්න පත්තිනි අම්මා කෙනෙක්

      යන්න වර්නා නිකන් පු..... ටෝල්ක් නොදා

      Delete
    2. බෙහොම ස්තුතීය වර්ණා...

      Delete
    3. @ අනෝ...බෙහොම ස්තුතීය කෝ විනය....

      Delete
    4. @ano පුස්සන්ගේ දෙබිඩි පිලිවෙත ඔය තියෙන්නේ....

      Delete
  15. බීටල් සහ අමිලගේ අදහස් වලට එකඟයි! ඔය සිද්ධි එදත් තිබුණා. අදත් තියෙනවා. හැබැයි එදා නොතිබ්බ අද තියෙන එකම දේ අන්තර්ජාලය!

    ReplyDelete
    Replies
    1. බෙහොම ස්තුතියි.. පුසා...

      මලයත් එදා කියන්නේ ගවුමෙන් යට සායට අපු දේ ගැනම වෙන්ටෝනේ..... එහෙම නම් බීට්ල්ටයි... අමිලයටි කිපු ඒවා බැලුවානම් හොඳා වගේ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  16. මගේ අත වැනීමේ නිදහස අනිකාගේ නාසය ළඟින් අවසන් විය යුතුයි. මේවා කරන්න හොඳයි කියා හිතන අය ඒවා කලාට කමක් නෑ සමාජයට තර්ජනයක් නොවන්න. මේ ෆොටෝ වීඩියෝ සංසරණය වෙනවා නම් එය සමාජයට තර්ජනයක් නොවේද?

    ReplyDelete
    Replies
    1. බෙහොම ස්තුතියි ප්‍රියන්ත...

      කිසිම තර්කයක් නැහැ මේවා සමාජයට තර්ජන.... කිසිම අම්මෙක් තාත්තෙක් නැමැති නැහැ තමන්ගේ දුව හෝ පුතා මේ තත්වයට වැටනවට... නමුත් මේ දේවසල් සාධාරණිකරනය කිරීම හෝ අනබල දීම තුලින් සිද්ධවෙන්නේ මේ තත්වයන් තවත් වර්ධනය වීම....

      යට සායෙන් ජංගියටත්.. එතැනින් එ‍හාටත් යන කාලේ වැඩි ඈතක නැහැ....

      Delete
  17. එදත් තිබුණා අදත් තිබුණා කියන එක හරි. නමුත් එදාට වඩා අද වැඩිවෙලා තියෙන එක පේන්න තියෙන දෙයක්. ඔතන කේස් එක ළමයි කියන්නෙ මෙන්න මේ වගේ සුවච කීකරු උදවිය කියල වැඩිහිටියො හිතන එක. ගරුකරන්න පුළුවන් විධියෙ වැඩිහිටියො නැති වුණාම ළමයි පිස්සු කෙලින එකත් එදා ඉඳන් අද දක්වාම තියෙන එකක්.

    එක හේතුවක් තොරතුරුවල අධික බව. අපි අද බලන්නෙ හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපටි. ඒවයෙ තියෙන ජීවන විලාසයන් අනුව ජීවත් වෙන්න යනවා. පුළුවන් හැම වෙලේම. නමුත් අපිව සීමා කරන සමාජය එහෙම එකක් නෙවෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. බෙහොම ස්තුතියි හරේ.....
      ඔව් අපි දකින් දේ බොහෝ විට අපේ හිත් වෙනස් කරනවා....

      Delete
  18. මට නම් ඔය සඳහන් කරපු සමහර දෙයක වැ‍රැද්දක් පේන්නෙ නෑ. මොකද මම තවමත් ඉන්නෙ පාසැල් ගමන නිමා කරලා අවුරුදු 3 ක් විතර ගත වෙන කාලයක.

    ස්කෝලෙ අන්තිම දවසේ ශර්ට් එකේ සමරු සටහන් තියාගත්ත එක අපිත් කළා.

    ඔය බිග් මැච් සංස්කෘතිය නම් ඒවා පටන් ගත්ත කාලෙ ඉඳන්ම තිබුණා. වෙනසකට තියෙන්නෙ අද හැමදෙනාම අත කැමරා තියෙන එකයි. ඒවා නෙට් එකට එකතු වෙන එකයි විතරයි.

    සමහරවිට බස්සාගේ වයසට එනකොට මම වෙන විදියකට හිතාවි.

    ඔය අන්තර්ජාලයේ සංසරණය වෙන ෆොටෝ වල ඉන්න ගෑනු ළමයි නොසෑහෙන්න මානසික වේදනා විඳලා ඇති. ඔය ෆොටෝ දැමීම ගැන නම් මගේ විරුද්ධත්වය.

    ReplyDelete
  19. බොහොම ස්තූතියි විසිතුරු....

    මීට කලින් බීට්ල්ට.... පොඩි මෑන්ට කියපු ටිකම තමයි කියන්න වෙන්නේ...
    හැබැයි එක දෙයක් විසිතුරු ඒහෙම වෙන්න හේතුවත් දන්නවා... ඒකය ඔබේ තියන වෙනස....

    අපේ ආණ්ඩුත් යම් යම් දේවල් වලට කියන්නේ ඔය දේමනේ "අර ආණ්ඩුව කාලෙත් මේවා උනා... ඒත් අන්තර්ජාලේ.. ටීවී චැනල් නැති නිසා ඒවා මිනිස්සු දැනගත්තේ නැහ කියලා"

    ReplyDelete
  20. ඉහළ මට්ටමේ ඇමති වරුයි, රාජ්‍ය නායකයින්ගෙ අනුග්‍රහයයි,විදුහල්පතිවරයයි, ප්‍රධාන ශිෂ්‍ය නායකයයි...ඇතුළු වගකිවයුතු හැමෝම එක්ක නටපු රාජකීය "රෝයල් ස්ටැග් නයිට්" මතකද..?
    විනය ගැන කා එක්කද එතකොට කතාකරන්නෙ...?

    මේකේ අවුල තියෙන්නෙ ලංකාවම "ගමක්" වීම කියන තැනයි. නාගරිකයාට හීනමානයක් නෑ. ඒ හින්දා ඔහු සංස්කෘතිකයි. සංස්කෘතික මිනිසාගෙන් සමාජයට අවැඩක් වෙන්නෙ නෑ.
    නමුත් ගැමියා නිතරම ඉන්නෙ හීනමානයකින්...කිසියම් අඩුවක් තමන්ට තියෙනවයි කියලා ඔහු නිතරම හිතනවා. ඉතින් එවැන්නන් ඉහළම විදියට නාගරික වෙන්න කේන්ද්‍රය හැටියට තෝරාගන්නෙ ශිෂ්ට යුරෝපය නෙවෙයි, අශිෂ්ට ඇමරිකාවයි. ඇමරිකන් මාදිලියේ සංස්කෘතියක් තුළ ඔවැනි සිදුවීම් බලාපොරොත්තු විය යුතුයි.

    ReplyDelete
  21. මේ වගේ දේවල් දකිද්දීනම් ඇත්තටම කලකිරෙනවා.වයස කියක් උනත් කිසිම දෙයක් නොතේරුණත් ගැහැණු ළමයෙක්ට තැන්පත් ගතියක් තියෙන්න ඕනා..පොදුවේ ගත්තොත් පිරිමි ළමයි පවා මේ දේවල් කියවල වෙනසක් ඇති කර ගන්නවානම් ගොඩක් වටිනවා.

    ReplyDelete
  22. බස්සගෙ හිතේ මොන වගේ විසඳුමක්ද මේකට තියෙන්නෙ,

    විනය වර්ධනය ? එහෙමනම් ඒක කරන්නෙ කොහොමද ?

    විනය කියන්නෙ යම්කිසි නිති රාමුවක්ද? එහෙමනම් ඒතනදි වෙන්නෙ හේතුව එහෙම්මම තිබියදී ප්‍රත්‍යයට යම් යම් වාරණ දැමීමක් නෙමෙයිද? වාරණය තියනකල් යටපත් වෙන ප්‍රත්‍යය කිසියම් තැනකදී මතුවෙන්න ඉඩක් නැද්ද?

    එහෙමත් නැත්නම් යම් යම් අය යම් යම් දේවල් දකින ආකාරය ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමක්ද ? උදාහරණයකට තණපයටක් රෙදි කඩක් ඇඳන් ඉන්න දිව්‍යාංගනාවො ඉන්න පන්සලට අත් නැති බ්ලවුස් එකක් ඇඳං දරුවෙක් වඩාගනිපු අම්මකෙනෙක්ට යන්න තහනම් වීම. එතනදි මොකක්ද වැ‍රැද්ද, කොතනද, කගෙද වැ‍රැද්ද ?

    සදාචාරය සංස්කෘතියක සභ්‍යත්වය [තේරුම් පැහැදිලි නෑ] බලහත්කාරයෙන් මිනිස්සු කොට්ඨාශයක් මත පටවන්න පුළුවන්ද? ඊටවඩා නරකද බහුතර කොටසකට නොගැලපෙන දේ ක්‍රමිකව සමාජයෙන් බැහැරෙවීමට ඉඩ හැරියොත්?

    සමාජයක් හදන්න පුළුවන් කියල බස්සා විස්වාස කරන්නෙ මොන කරුණු පදනම් කරගෙනද ?

    ReplyDelete
  23. කවුරුත් කියන සමාජ සභ්‍යත්වය ගැන හෝ ඔය කියන විනය ගැන මටනං කිසිම පැහැදීමක් නෑ.කෙනෙක් අනුන්ට කරදරයක් අපහසුතාවයක් නොවෙන විදිහට මොන දේ කෙරුවත් කාටවත් මොකද? ඔය ෆොටෝ සහ වීඩියෝ අන්තර්ජාලේ සංසරණය වෙන්නේ ඒකේ ඉන්න අයගෙ උවමනාවට නෙමෙයි කියලයි මමනං හිතන්නෙ.සමහර විට ඒ අයගේ අහින්සං දඩබ්බර ක්‍රියාවක් අනිත් කාමුකයන් විසින් කාමුක දෘෂ්ඨිකෝණයකින් සමාජගත කරලා නෙමෙයිද? මොකද ඒ අය ඕක හැමෝටම බලන්න කියලා බල කළේ නෑනෙ.අපි ඒක බලලා අපේ ප්‍රශ්නයක් කරගෙන නෙමෙයිද?මේකත් හරියට අර ගෑනු කෙනාව කරේ තියං ගඟෙන් එගොඩ කරලා ඒක අමතක කරපු හාමුදුරුවොයි ඒක ගැන හිත හිතා හිතේ ඒ ගෑනු කෙනාව උස්සගෙන ගිය හාමුදුරුවන්ගෙයි කතාව වගේ නේද?

    ලිංගික හැඟීම් ඇතිවෙන එක අපරාධයක්ද?

    ReplyDelete
  24. කරුණාකරල මේ ඡායාරූපය ඉවත් කරන්න හෝ එහි ඉන්නා ‘දරුවන්‘ (ඔබතුමාගේ බාෂාවෙන් කිව්වොත්) දෙන්නාගේ මූහුණු අඳුන ගන්න බැරිවෙන්න හරි දාන්න.

    විනය ගැන දේශනාවන් වලදී උනත් අවවාදයට වඩා ආදර්ශය හොඳයි.

    අවංක හැඟීමෙන් ලිවුව දෙයක් නම් මම මේ යෝජනා කල දේ කරන එක ඒ තරම් අවුලක් වෙන්න විදියක් නැහැ.

    හැබැයි මෙ ෆොටේ එක අන්ර්ජාලයට මුදා හැරලා සහ තමන්ගේ සදාචර බන සඳහා යොදාගෙන මේ ‘දරුවන්‘ තිදෙනාට කරල තියෙන හානිය අහවරයි දැන්.

    නිකමට කියන්නෙ, මෙ ළමයිගෙ මේ විදියෙ පින්තූර ගැන සදාචාර කොණයෙන් කමෙන්ට් කරන මහත්වරු නෝනල, කවුරුහරි මීට අන්ත ඇත්තටම සදාචාර විරෝධී විදියට හැසිරෙන හාමුදුරු කෙනෙක්ගෙ ෆොටෝ එකක් මේ විදියට දැම්මොත්, අන්න බුද්ධාගමට අපහාස කරනවා කියල කෑ මොර දෙන්න තිය ගනිවි. දැන් එතකොට මේ ළමයි තුන්දෙනාට කරල තියෙන්නෙ මොන විදියෙ අපහාසයක්ද?

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. අනවබෝධය නිසා
    හෝ චරිතයෙ දුර්වල කම නිසා
    දූ දරුවන්ට අසංවරව හැදෙන්න ඉඩ අරින,
    එහෙම නැත්නම්
    තමන්ගෙ අසංවර කම මත
    උවමනාවෙන්ම
    දූ දරුවන් අසංවරව හදන
    දෙමව්පියන් කරන්නෙ
    තමන්ගෙ දූ දරුවන්
    සල්ලි වලට හෝ
    වෙනත් යමක් උදෙසා
    ගණිකා වෘත්තියට පුහුණු කිරීමයි.

    බලා ඉන්න බැරිවුණාට,
    ඔබට වගේම
    මටත් සමාජය හදන්න බැහැ.

    ඒ වගේම
    මේ නිහීන සමාජය
    තව කොයි තරම් පිරිහුණත්
    ඒ නිහීන සමාජය විදියට
    මම හැදෙන්නෙත් නැහැ.

    මට අනික් දරුවන්
    මම හිතන විදියට
    හදන්න බැහැ.
    මගේ දරුවන් වුණත්
    අසංවර විදියට හැදෙන එකෙන්
    ඔවුන් බේරාගන්න
    මගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරල
    ඔවුන් හැදෙන විදිය බාර ගන්නවා.
    මගෙන් බැහැර වුණාම
    ඔවුන් නොමග ගියොත්
    කම්පා වෙනවට
    දඬුවම් කරනවට එහා
    මට කරන්න දෙයක් නැහැ.

    ඔවුන් රසය පස්සෙ දුවන්නෙ
    කාමඡන්දය නිසා බව
    ඔවුන් දෙන්නම
    න්‍යායක් විදියට දන්නවා.
    අපි මොනව හරි දේකට ආසයි කිව්වම
    "ඔයාට තියෙන්න කාමඡන්ද" කියල
    ඔවුන් අපිටත් කියනවා.
    ප්‍රායෝගිකව
    තමන් පාලනය කරගන්න කලින්
    ඔවුන් මුලින්ම
    ඒ බව දැනගත යුතුයි.

    දරුවන් දැන දැනම
    වැරදි මාර්ග වල ගියොත්
    අපිට කරන්න දෙයක් නැහැ.
    දරුවන්ගෙ ජීවිත
    අපිට අයිති දෙයක් නෙමෙයි.
    ඔවුන්ට ඔවුන්ගෙම ගමනක් තියනවා.
    කිහිල්ලෙ ගහගෙන හදන දරුවො
    හරියට හැදෙන්නෙත් නැහැ.
    ජීවිතෙන් ඉගෙන ගන්නෙත් නැහැ.
    ඔවුන්ට සිහිය නැහැ.
    අයාලෙ යන දරුවන්
    උපේක්ශාව නැති නිසා
    අන්තිමේ ඔවුන්ටත්
    ඔවුන් නැතිවෙනවා..

    සිහියෙන් සහ උපේක්ශාවෙන්
    ජීවත් වෙන්නයි
    ඔවුන් පුරුදු විය යුතු.

    ඒත් දරුවන්ට මග පෙන්වීමෙ වගකීම
    මූලික වශයෙන් තියෙන්නෙ
    දෙමව්පියන්ටයි.

    කෙනෙකුට මග පෙන්වන්න ඉන්න
    හොඳම පුද්ගලයා වන බුදුන් වහන්සෙට
    ඒ වගකීම පාස් කරන තුරු
    ඔවුන්ට බුදුන් වහන්සෙ ගැන
    විශ්වාසය ඇතිවෙන විදියට
    ඔවුන්ට උකහා ගන්න පුලුවන් දේ
    උන්වහන්සෙගෙන් ලබා දීම
    බෞද්ධ දෙමාපියන්ගෙ වගකීමයි.

    තමන්වත් හරි හැටි නොදන්න
    බුදුන් වහන්සෙ
    දරුවන්ට හඳුන්වලා දෙන්න බැරිවීම
    දෙමව්පියන් විසඳා ගතයුතු ප්‍රශ්නයක්.

    බුදුන් වහන්සෙ
    හිරි ඔතප්ප කියන ගුණාංග දෙක
    ශ්‍රද්ධා වීර්ය ප්‍රඥා ගණනට දාලයි
    අගය කරන්නෙ.

    මේ ෆොටෝ එක බැලුවම
    මෙතන හිරි ඔතප් අඩු කම
    පැහැදිලියි.

    හිරි ඔතප් නැති දැරියන්
    තියන ළමයින්ට වඩා
    අනාරක්ශිතයි.

    මේ චර්යාව අගය කරන බොහෝ අය
    මේ පින්තූරෙ
    ප්‍රසිද්ධ වෙනවට
    විරුද්ධ ඇයි.

    ඔවුන් කියන විදියට
    මේ හැසිරීම හොඳ නම්
    මේ පින්තූරය
    ප්‍රසිද්ධ වීම හොඳයිනෙ.
    ඔවුන්ගේ විද්‍යාලයෙ නිදහස
    සංකේතවත් කරන
    පෝස්ටර් එකකට
    මේ පින්තූරය යොදන්න පුලුවනිනෙ.
    මේ චර්යාව අගය කරන අයම
    මේක ප්‍රසිද්ධියෙ තියනවට
    විරුද්ධ ඇයි.
    අනික් දැරියන් ගැන
    කාටවත් ගැටලුවක් නැත්තෙ ඇයි?
    මේ දැරියන්
    තමන්ගේ හැසිරීමෙන්
    ඇති කරන කැළඹිල්ල
    කෑදරකමෙන්
    රස විඳින අයට
    එයින් ඇතිවෙන ප්‍රශ්න
    පෙනෙන්නෙ නැහැ.
    එය රහසිගතව
    විඳින්නයි කැමති.

    සමරු අත්සන යට ඇඳුමෙ ගන්න
    ගවුම උස්සන දැරියක්
    එහෙම හුරු වුණාම
    දවසක
    කවුරු මොන අරමුණෙන් ආවත්
    ගවුම උස්සන එක
    ඇයට ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන්.
    අනික් කෙනාගෙ අරමුණ
    සමරු අත්සන ගහන එක නම්
    ඇයට කරදරයක් වෙන්නෙ නැහැ.
    ඒත් ඊට එහා ගිය
    අරමුණු තියන අය
    සමාජයෙ ඉන්නවා.

    අසංවර විදියට හැදුනාම
    ඒ දරුවන් පසුපස එන්නෙ
    ඔවුන් වගේම අසංවර
    හිත් තියන අයයි.

    දරුවෙක් අමාරුවෙ වැටෙනකොට
    සාධක ගණනාවක් හේතු වෙනවා.
    ඒවායින් විශාල ප්‍රමාණයක්
    දෙමාපියන් අතේ තියනවා.
    හානිකර සාධක
    පුලුවන් තරම් අවම කිරීම තමයි
    දෙමාපියන් කළ යුතු.

    ඒ සාධක
    පුලුවන් තරම්
    උපරිම කිරීම නෙමෙයි.

    ReplyDelete
  27. මේකට පාසල් ගුරුවරුත් වගකියන්න ඕන කියන්න ඕන නේද?????

    ReplyDelete
  28. meke tiyenne liyapu ekakage kuhaka kama witharayi

    ReplyDelete
  29. පාසල් වල විනය හදන්න නම් ගුරුවරුන්ටි ලමින්ටි හමුදා පුහුණුව දෙන්න වෙනවා.

    ReplyDelete
  30. I dnt agree with this post, these things were there in every era, only the way that they presented was different. This only a superficial exploration about the matter. The feeling of doing these things are the same in every era, even the way of doing them become different.

    ReplyDelete