මෑතක දී ඇති වු ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර හේතුවෙන් දුෂකයින්ට මරණ දඬවම බලාදිය යුතු බවට මතයක් සමාජය තුල මතුවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් මත පලකරන්නන් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ වැරදිකරුවන් එල්ලා මැරිය යුතු බවයි. නමුත් බොහෝ දෙනා මෙවැනි ප්‍රකාශ කරනු ලබන්නේ හුදු වෛරී ආකල්ප මත මිස ඒ සම්බන්ධයෙන් නිසි වැටහීමක් නොමැතිව බව මාගේ අදහසයි.
දඩුවමකින් අපරාධ මර්ධනය කල හැකි නම් ලෝකයේ බොහෝ රටවල් අද ඉතා සාමකාමී සහ නිදහස් සමාජ වාතාවරනයක් පැවතිය යුතුය. සරළවම කිවහොත් ඉතාමත් කෘර දැඩි දඩුවම් ලබාදෙන අරාබිකරයේ රටවල ස්ත්‍රී දුෂණ මංකොල්ල කෑම් වලින් තොර සමාජයක් පැවතිය යුතුය. නමුත් එය එසේ නැත. ඒ රටවල පවා තවමත් ස්ත්‍රී දුෂණ සහ කාමාපරාධ සිදුවෙමින් පවතී. එය හෙටත් සිදුවනු ඇත.
එසේ නම් අප මේ සඳහා කල හැක්කේ කුමක්ද යන ගැටළුව ඔබට මතුවනු ඇත.
අප කලයුතු වන්නේ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දෙන සමාජයක් බිහිකිරීමය.. නීතිගරැක නීතියට ගරුකරන සමාජයක් බිහිකිරීමය... එකිනෙකාගේ අදහස් ගරැකරන එකිනෙකාට ආදරය කරන සමාජයක් බිහිකිරීමය....මෙය නීතියක් සම්මතකර දඩුවම් දැඩි කරනවා තරම් පහසු නැත.. ලංකාවේ නීතිය අනුව මනුෂ්‍ය ඝාතකයන්ට දැඩි දඩුවම් නීතිගත කර තිබේ.. ජනාධිපතිවරයාගේ එක් අත්සනකින් ඔවුන්ගේ මරණ දඬුවම ක්‍රියාක්මක කල හැකිය. මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙකුට දිය හැකි දැඩිම දඩුවම එය වුවත්, අදටත් ලංකාවේ වසරකට මනුෂ්‍ය ඝාතන සම්බන්ධ දත්තයන් පහත දැක්වේ.
මේ වාර්ථා අනුව පෙනි යන්නේ දඬුවමකින් අපරාධ පාලනය කල නොහැකි බව මොනවට පැහැදිලි කරමිනි. මෙයින් ගම්‍යවන්නේ යම් පුද්ගලයෙකු වරදකට පෙළඹෙන්නේ ඒ වරදට ලැබෙන දඩුවම ගැන තැකීමකින් නොව ඒ අවස්ථාවේ දී ඔහුගේ සිතේ හටගන්නා චේතනාව හේතුවෙන් බවයි. එසේනොමැති නම් නීතිමය තත්වයන් ගැන අවබෝධයක් සහිතව කරනු බලන අපරාධ සැලසුම් සහගත අපරාධය. ඒවා සිදුකරනු බලන්නේ නීතියේ ඇති අඩු පාඩු හා හිස්තැන් පිළිබ පැහැදිලි අවබෝධයකින් , ඒවායින් රිංගායාමේ අවස්ථාවන් ගැන මනා දැනුමකින්ය.
මේ වාර්ථා අනුව පෙනි යන්නේ දඬුවමකින් අපරාධ පාලනය කල නොහැකි බව මොනවට පැහැදිලි කරමිනි. මෙයින් ගම්‍යවන්නේ යම් පුද්ගලයෙකු වරදකට පෙළඹෙන්නේ ඒ වරදට ලැබෙන දඩුවම ගැන තැකීමකින් නොව ඒ අවස්ථාවේ දී ඔහුගේ සිතේ හටගන්නා චේතනාව හේතුවෙන් බවයි. එසේනොමැති නම් නීතිමය තත්වයන් ගැන අවබෝධයක් සහිතව කරනු බලන අපරාධ සැලසුම් සහගත අපරාධය. ඒවා සිදුකරනු බලන්නේ නීතියේ ඇති අඩු පාඩු හා හිස්තැන් පිළිබ පැහැදිලි අවබෝධයකින් , ඒවායින් රිංගායාමේ අවස්ථාවන් ගැන මනා දැනුමකින්ය.
පාලකයින්ගේ වගකීම වන්නේ පුරවැසියන් වරදට පෙළඹිය හැකි ආකල්ප බැහැර කල හැකි සමාජයක් බිහිකිරීමයි. නීතියේ ආධිපත්‍ය පිහිටුවීමය. නීතිය ස්වාධින කිරීමයි. නිතියේ හිස්තැන්, හිඩස් පිරවීමය. නිතිය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැංවීමය.
නමුත් අප සමාජයත් පාලකයිනුත් බොහෝ කලක් සිට අනුගනමය කලේද, දැනට අනුගමනය කරන්නේ ද “ඔළුවේ අමාරුවට කොට්ටා මරු කිරීමේ“ සංකල්පයකි. සමාජයක ආකල්ප වෙනස් කිරීම පහසු නැත. සමාජයක් නීතිගරුක කිරීම හෝ නිතියේ ස්වාධිනතිවය ආරක්ෂා කිරීම පහසු නැත. නමුත් පහසවෙන් වසාදැමු අපේ තුවාලය මේවන විට ඔඩු දුවා ඇත. දැන් සිදුවී ඇත්තේ ඉතා දරුණු සැත්කමකට යොමුවීමය.
සමාජයක් මනුෂ්‍යත්වයට ගරු නොකරන්නේ ඇයි.? එසේත් නැත්නම් සමාජයක මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැතිවන්නේ ඇයි.? මේ සියල්ල වසර 30 කට අධික කාලයක් අප මුහුන දුන් කුරිරු යුද්ධයේ අතුරුඵලයන්ය. අද අප යුද්ධය දිනා ඇතැයි අප විශ්වාස කරමු, උදම් අනමු, සව්දිය පුරන්නෙමු. නමුත් අප සැබැ යුද්ධයට අද මුහුන දෙමින් පවතී. අප ආයුධ වලින් කරන යුද්ධය ජයගෙන හමාරය. නමුත් ආකල්පමය වශයෙන් අපි තවමත් සිටින්නේ පශ්චාත් යුධ මානසිකත්වකිනි. රජයද අදටත් විකුනන්නේ යුද්ධයයි. කුමන හෝ ගැටළුවකදී, විරෝධයකදී ඉදිරියට ගෙන එන තර්කය නම් වසර 30 ක යුද්ධය අවසන් කරලිමේ පාරට්ටුවයි.
එදා අපි ප්‍රවෘත්ති නැරඹුවෙමු. එහිදි අපි වඩාත් සතුටු උනේ “ඊයේ සිදුවු ගැටුම් වලින් එල් ටී ටී යේ මිනිමරු ත්‍රස්තවාදීන් 25 මිය ගිය අතර යුධ හමුදා වේ වීර සෙබළුන් 15 ක් දිවි පිදුහ“ කියා ඇසෙන විටය. උන්ගේ 25 කි, අපේ 15 කි, අපට 10 ක් ලාබය. අපිට හරි ජොලිය. එදා අපට මනුස්ස ජීවිතයක් යනු ඉලක්කම්ය. අදත් අපට එය එසේමය. නිතර බලන්නට දකින්න ලැබෙන ප්‍රවෘත්ති වලින් කියැවෙන්නේ අද සිදුවු අනතුරින් 3 ක් මලාය, 5 ක් මලාය ලෙසය. අප නොම්මර ගනන් කරමින් සිටිමු. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැති සමාජයක ගැණියෙකුගේ කන්‍යාභාවය මහා කජ්ජක්දැයි කෙනෙකුට තර්ක කල හැකිය.
එදා අපි ප්‍රවෘත්ති නැරඹුවෙමු. එහිදි අපි වඩාත් සතුටු උනේ “ඊයේ සිදුවු ගැටුම් වලින් එල් ටී ටී යේ මිනිමරු ත්‍රස්තවාදීන් 25 මිය ගිය අතර යුධ හමුදා වේ වීර සෙබළුන් 15 ක් දිවි පිදුහ“ කියා ඇසෙන විටය. උන්ගේ 25 කි, අපේ 15 කි, අපට 10 ක් ලාබය. අපිට හරි ජොලිය. එදා අපට මනුස්ස ජීවිතයක් යනු ඉලක්කම්ය. අදත් අපට එය එසේමය. නිතර බලන්නට දකින්න ලැබෙන ප්‍රවෘත්ති වලින් කියැවෙන්නේ අද සිදුවු අනතුරින් 3 ක් මලාය, 5 ක් මලාය ලෙසය. අප නොම්මර ගනන් කරමින් සිටිමු. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකමක් නැති සමාජයක ගැණියෙකුගේ කන්‍යාභාවය මහා කජ්ජක්දැයි කෙනෙකුට තර්ක කල හැකිය.
අනෙක් කාරනය වන්නේ සමාජයේ සමහරැන් හැසිරෙන්නේ මීට පෙර අපේ රටේ ස්ත්‍රී දුෂණ සිදුනොවනු ගානටය. යුද්ධයේ දී කාන්තාවන් දෑත් බැඳ දමා නිරුවත් මරා දැමීම යුද්ධයේ හැටිය, එසේත් නැති නම් ඒවා හමුදාව කර අපහසුතාවට පත්කරක්නට ගොතන ලද කථා ලෙස අපි බැහැර කලෙමු. අපේ හමුදාව විනය ගරුක හමුදාවක් ලෙස අපි පිළිගනිමු. නමුත් මෙකී සිද්ධීන් ඇත්තටම සිදු වුවා නම් එකී සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් අද සිටින්නේ අප සිවිල් සමාජය තුලය. මොවුනගෙන් සමාජයට යම් තර්ජනයක් නැතැයි සහතිකයක් දිය හැක්කේ කාටද ? පහුගිය වකවානුවේ අප දුටු සිද්ධීන් කීපයක් මතක් කරනු කැමැත්තෙමි. පෙම්වතිය අමනාප වීම නිසා හමුදා සෙබලෙකු විසින් සිය රාජකාරී ගිණි අවියෙන් ඇයව ඝාතනය කලේය. උසස් නිළධාරියෙකු නිවාඩු අනුමත නොකීරීම නිසා ඔහුව වෙඩිතබා ඝාතකය කර ඔහුද සිය දිවි නසාගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිධාරියෙකි. ග්‍රාමාරක්ෂක භටයින් සිය ගිණි අවිය මනුෂ්‍ය ඝාතන, සතුන් දඩයම් කිරීම, මංකොල්ලා කෑම් සහ බිය වැද්දීම වෙනුවෙන භාවිතා කරන ලද අවස්ථා අපට මතකය.
අපේ රටේ වසරකට දල වශයෙන් ස්ත්‍රී දුෂණ 1500 ක් පමන සිදුවන බව පහත දත්තයන් සැලකිමේ දී පෙනීයයි.
අපේ රටේ වසරකට දල වශයෙන් ස්ත්‍රී දුෂණ 1500 ක් පමන සිදුවන බව පහත දත්තයන් සැලකිමේ දී පෙනීයයි.
නමුත් අවාසනාවකට කරුණ වන්නේ වසරකට වාර්ථා වන ප්‍රමාණයෙන් වැරදි කරුවන්ට දඬුවම් කිරීමෙන් අවසන් වන්නේ 0.20 තරම් අඩු සංඛාවක් වීමයි. මෙයින් ගම්‍ය වන කාරනය නම් ස්ත්‍රී දුෂණ හෝ ළමා අපචාර සිද්ධින් හී විමර්ශණ කටයුතු වලදී හෝ නඩු කටයුතු වලදී යම් ප්‍රමාදයක් සිදුවන බවය. මෙවැනි අවස්ථාවන් හිදී වින්දිතයාට මුන පෑමට සිදුවන තත්වයන් පිළිබඳව මාවිසින් මීට පෙර ලියන ලද අකැමැති මතක කියන පොස්ටුවේදිත් මා විසින් අත්දකින ලද සිද්ධියක් පෙන්වා දෙන ලදී. ඒ වගේම ස්ත්‍රී දුෂණ ළමා අපදාර සිද්ධින් සම්බන්ධයෙන් අපේ රටේ නඩු කටයුතු සිද්ධ වෙන ආකාරයි පිළිවඳව මා විසින් ලියන ලද මුන් ඔක්කොම එකතුවෙලා මාව දුෂණය කලා කියලා ලියපු උපහාසාත්මක පොස්ටුවෙදිත් මා පෙන්වා දෙන්න උත්සහා කලේ අපේ රටේ නීති පද්ධතිය සහ එය ක්‍රියාත්මක කරන නිළධාරීන් ගේ යම් යම් අතපසුවීම් සහ අඩුපාඩු පිළිබඳවය.
අද අප සමාජය කෘරත්වය කෙරෙහි දක්වන්නේ මහතා ආකර්ෂණයකි. අනතුරකදී විපතකදී එය නැරඹීම අපට මහත් චුන් ය. අනතුරට පත් පුදගලයා වටා රොක්වන අපි අනේ අපොයි කියන්නෙමු. නමුත් සමාජයක් ලෙස අප සතු වගකීම් ගැන අපට අමතකය. පහුගිය වකවානුවේ සිදුවු ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් දැන් වගක් නැත. අපට දැන් ඒවා අමතකය. චුදිතයින් නැවත ඒ ඒ පුටුවලය. සිද්ධිය උණුහුමේ විකුනාගත් පත්තරද, සටන් පාටද දැන් විකිණි අවසානය.
අපට ද සියල්ල අමතකය...
තවමත් අනතුර අප අවටය....
ඊලඟ ගොදුර
ඔබ..
ඔබේ මව..
ඔබේ බිරිඳ...
දියණිය..
විය හැකිය..
මිනිසාගේ අයිතීන් වෙනුවෙන් නැගිහිටින්නට තරම් කොන්ද පන ඇති අය දැන් නැත ....සිටියත් වැඩිකල් ජිවත් වෙන්නේද නැත..සරදියෙල් කෙනක් වීමට ආසාව තිබුනත් මේ සමාජ පසුබිම ඊට ඉඩ දෙන්නේද නැත .. සිද්දිය වුනු අවස්ථාවේ අනේ අපොයි කියන අය ඊට පසුව ළඟ නැත...එකම පැතුම මේ අවස්ථාවාදී කුහක සමාජයේ මා යලි ඉපදෙන්නට එපා
ReplyDeleteස්වයං විනය.....
ReplyDeleteස්වයං විනයක් ඇති වෙන්න තව කොච්චර කල් යාවි ද? රටේ ලොකු ලොකු පුරවැසියොත් කරන්නෙම වංචාව.
හරියට රාජකාරි කරන්න ඉඩක් නැහැ කියලා ප්‍රධාන තනතුරක දෙදෙනෙක් අස්වෙලා තිබ්බා මම අද පුවත්පතක කියෙව්වා.
කතාකරල වැඩක් නැති දෙයක් ගැන කියවිය යුතු ලිපියක්
ReplyDeleteරට යන අත දැන් හොඳටම පැහැදිලිය කාලෙකට පෙට්‍රල් ගැහුවොත් කෙලවෙයි, එකෙන් බේරෙන උන්ට ඊලග වතාවේ ඩිසල් වලින් කෙළවයි ,අතරින් පතර ළමා අපචාර ස්ත්‍රී දුෂණ සහ මිනි මරුම්ය ඉතිරි උන් ටිකෙන් සමහරක් පොලිස් අත්අඩංගුවේදී හදිසියේ මියයයි නැතහොත් ආයුද පෙන්නන්නට ගොස් වෙඩි කයි, ඉතුරු අතලොස්සෙන් ටිකදෙනෙක් වාහනවල හැපී පරලොවයයි .....ඉතුරු උන් ටික ලොකුම පවු කාරයන්ය උන්ට කන්න නැත බොන්න වතුර නැත රෑට ලයිට් නැත හිතට නිදහසක් නැත .........රට යන අත වෙනතක් නොව කෙලින්ම වලපල්ලටය
ReplyDeleteහ්ම්ම්ම්...
ReplyDeleteමහත්තයෝ,සියලු සත්වයෝ දණ්ඩනයට බය වෙති. අපේ රටේ බහුතරයක් මිනිස්සු ඔබ හිතන තරම් මොලය දියුණු අය නෙවෙයි. ඒ මිනිස්සු හික්මවන්න පුළුවන් දණ්ඩනයෙන් විතරයි. ඒ නිසා කෙටිකලකට හෝ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කලයුතුයි.
ReplyDeleteමරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළාය කියමුකෝ.... දැං කොහොමද විශ්වාස කරන්නේ හරියටම ස්ත්‍රී දූෂකයෝ සහ මිනී මරුවෝ මරණයට කැපවෙයි කියලා...? ඊයේ පෙරේදා අහන්න ලැබුන සිද්ධීන් වලට සම්බන්ධ දේශපාලක සහ බලයලත් ඇත්තෝ සම්බන්ධයෙන් ඕවා හරියට ක්‍රියාත්මක වෙයිද....?
ReplyDeleteමේ කතාවත් කියන්න ඕනේ... ආයුධ පුහුණව පමණක් ලබා දීලා හමුදාවට බදව ගත්ත පිරිසක් ඉන්නවා කියන එක රටම දන්න දෙයක්නේ... ඉතිං ඒ අයගේ විනය විරෝධි හැසිරීම් මතු වෙන්න පුළුවන්.... ඒ අය අද සිවිල් සමාජයේ ඉන්නවා..
ස්ත්‍රී දූෂණ විතරක් නෙවෙයි ළමා අපචාර ( පිරිමි දරුවනුත් ඇතුළුව) බොහොමයකට හේතුව දෙමවුපියන් සහ දරුවන් අතර නිසියාකාර අදහස් හුවමාරුවක් සිදු නොවීම.... ළමයි කියන දේ දෙමවුපියෝ අහන්නේ නෑ.. නැත්තම් අහන්න වෙලාවක් නෑ... ළමයි දෙමවුපියන්ට කියන්නේ නෑ, කිව්වොත් යක්ෂාවේෂ වෙලා ගුටි බැට විදින්න වෙන්නේ ළමයට කියලා ළමයි දන්න නිසා.... පොඩි ළමයින්ට සිද්ධ වෙන දේවල් හැම එකක්ම ලොකු අයට තේරෙන විදියට කියන්න බැරි කම නිසාත්, දෙමවුපියන්ගේ දරුවන්ව තේරුම් ගැනීමේ නොහැකියාව නිසාත් ළමයි මේ වගේ තත්ව වලට ගොදුරු වෙනවා වැඩියි කියන එකයි මගේ අදහස....
(මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළාය කියමුකෝ.... දැං කොහොමද විශ්වාස කරන්නේ හරියටම ස්ත්‍රී දූෂකයෝ සහ මිනී මරුවෝ මරණයට කැපවෙයි කියලා...? ඊයේ පෙරේදා අහන්න ලැබුන සිද්ධීන් වලට සම්බන්ධ දේශපාලක සහ බලයලත් ඇත්තෝ සම්බන්ධයෙන් ඕවා හරියට ක්‍රියාත්මක වෙයිද....? )
ReplyDeleteඵහෙමනම් අනික් සියලු දඩුවමුත් අහෝසිකරලා දාමු නේද?මොකද ඵ් දඩුවම් ලබන්නෙත් වෑරදිකරුවෝ විතරක්ම නෙවෙයිනෙ.(අර රාජ්ගෙ බ්ලොග්ඵකේ කොටලා තියන කතාවේ OICමහත්තයා කල වගේ.)
අනික උසාවිය මරණදඩුවම දෙන්නේ දඩගහනවා වගේ නෙවෙයි නේද?
අපි අහලා තියන විදියට මරණදඩුවම දෙන්න කලින් ලොකු ක්‍රියාවලියක් තියනවා නේද?කෙනෙක් අදාල වෑරෑද්ද කරපු බවට 100% ඔප්පුකරගත්තොත් විතරයි නේද මරණදඩුවම දෙන්නේ?
ඔක ඔච්චර සරල කාරනාවක් නෙවෙයි.අපරාදකරුවන් නීතියෙන් පෑනලා යන්නේ නීතියේ අඩුපාඩු නිසා නෙවෙයි නෙ.නීතියට ඉහලින් දේසපාලනය වෑජබෙන නිසානෙ.
තමන් ගත්ත තීරණය හරිද කියනඵක ගෑන රටේ නූගතුන්ට අසීමාන්තිකව දේසපාලන බලය පිරිනමපු ජනතාව දෑන්වත් හෑරිලා බලන්න ඔනෙ.
රටේ විනිසුරුවො උනත් තමුන්ගේ වෘත්තියේ නම්බුව වෙනුවෙන් පෙනී ඉන්න ඔනෙ.
ඵතකොට කාටවත් බෑරිවෙයි නීතිය නටවන්න.
දෑන් වෙලාතියෙන්නේ මිනිස්සුත් අක්‍රීයයි,නඩුකාරයෝ පරඩෑල් වගේ.ඉතින් බලවතුන් නීතිය වනසනඵක අහන්නත්දෙයක්ද?
නීතිය තියෙන්නෙ මිනිස්සුන්ගේ ආරක්ශාවට නෙ.ඉතින් තමුන්ගේඅරක්ශාවට තියනනීතිය ආරක්ශාකරගන්න ඵ්වා අප්ඩේට් කරන්න තමුන්ගේ ආරක්ශාව වෙනුවෙන් නිතිය සක්‍රියව පවත්වගෙන යන්න මිනිස්සු පෙලබෙන්නෑත්නම් නීතිය උනත් වල්වදිනවා තමා.
කොටින්ම 18සශෝදනය නීතියට මරු පහරක්.ඵ්ක දෑකදෑක ජනතාවත්,විනිසුරුවොත් කටපියාගෙන ඵක සම්මතකරගන්න ඉඩදීමෙන් උබලා ඔනමගුලක් කරගනිල්ල අපි පබයො වගේ ඉන්නම් කියන පනිවිඩය ජනතාව දේශපාලකයන්ට දුන්නා.දෑන් ඉතින් දේසපාලකයෝ ජනතාවගේ නිවට කම හොදට දෑනගෙන ඵ්කෙන් ප්‍රයෝජන ගන්නවා කියලයි පේන්නේ.
-පාලිත
මමත් අනුමත කරන්නේ දඬුවම ට වඩා මිනිසුන්ගේ ආකල්පමය වර්ධනයක් කළ යුතු බවයි. ඒ වුණත් අපි ට මරණ දඬුවමත් සම්පූර්ණයෙන් ම බැහැර කරන්න බෑ......
ReplyDeleteමරණ දඩුවම ක්‍රියාත්මක කරනවාට වඩා මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න පුලුවන් නම්.
ReplyDelete"ලංකාවේ නීතිය අනුව මනුෂ්‍ය ඝාතකයන්ට දැඩි දඩුවම් නීතිගත කර තිබේ.. ජනාධිපතිවරයාගේ එක් අත්සනකින් ඔවුන්ගේ මරණ දඬුවම ක්‍රියාක්මක කල හැකිය."
ReplyDeleteහැබෑවට වෙන්නේ ඕකේ අනික් පැත්තනේ බන් . . එක පෑන් පාරින් මිනී මරුවෝ, කුඩු ගෙනවන්නෝ, ස්ත්‍රී දූෂකයෝ . . . .නිදහස් . . .
එතකොට ඉස්සෙල්ලාම වෙනස් කරන්න ඕන කෝකද?
ජනාදිපති පදවියද, දන්ඩනද?
හොඳ අදහසක්, නමුත් වැරදිකරුවෙකු හික්මවීමට යම් දඬුවක් තිබිය යුතුමයි කියලයි මගේ හැඟීම, කායික හෝ මානසික විය හැකියි එය. නමුත් කියන්නෝන එක දෙයක් "රාජා භවතු ධම්මිකෝ" ගාථාව අහලා ඇතිනෙ. පාලකයා ධාර්මිකයි නම් ඉබේ ම වැසියොත් හික්මෙනවා කියන එක. ඒ අනූව අද?
ReplyDeleteආකල්ප වර්ධනය කරන්නේ කොහොමද පාලකයෝ පිස්සු නටන කොට.අපේ මිනිස්සු හරිම ලේ පිපාසිත සහ ප්‍රජා පීඩනයෙන් විකෘති කාමයක් විඳින මිනිස්සු.ඒකයි උන් උන්වම පාලනය කරව ගන්න මර්වින් සිල්වා වගේ උන්ව පත් කරගන්නේ.
ReplyDeleteනීතිය ගැන මගේ හැදෑරූ දැනුමක් නැත. ඒත් නීති තව දැඩිවී මහ එකාගෙ සිට පොඩි එකා දක්වාම යායුතුය යන හැඟීමේ මාසිටිමි
ReplyDelete……මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
WWW.PETTAGAMA.NET
…
දඬුවමත් තියෙන්න ඕනි.මොකද හැම මිනිහ ලඟම උසස් ආකල්ප නෑ.බුදු හාමුදුරුවෝ ජීවත් වෙලා හිටිය කාලේ වුනත් මරණ දඬුවම වගේම වරදිකාරයන්ට වෙනත් දඬුවම් දුන්නනේ රජවරු.
ReplyDeleteබුදු හාමදුරුවෝ වගේම ජේසුස් වහන්සේ ට හදන්න බැරිවුණා මිනිස්සු අපිට කොහොමත් හදන්න බෑ.මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි.තර්කයක් නෑ.එත් හැම මිනිහම එහෙම වෙනස් වෙන්නේ නෑ.හැමෝම එහෙම වෙනස් කරන්නත් බෑ.එහෙම හිතනවානම් එක ලස්සන හීනයක් විතරයි.
ඒ නිසා වැරදිකාරයෝන්ට දඬුවම් දෙන්නම ඕනි.
මම ඔබේ මතයට එකඟයි. මරණිය දණ්ඩනය නියම කළ පමණින් මේ ගැටළු විසඳන්න බැහැ දිර්ඝ කාලින විසඳුම් සෙවිය යුතුයි. ස්ත්‍රී දූෂනයක් සිදුවන විට ඒ සඳහා එක් එක් අයට පුද්ගලිකවන ආකාරයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කල යුතු හැහැ. ඒත් මේ රටේ එවැනි දේ සිදුවෙනවා.
ReplyDeleteදුප්පත් අහිංසක පැල්කොටේක ජීවත්වන යෞවනියක හෝ බාලවයස් කාරියක දූෂණය කිරිමත්, සුපිරි සමාජ ශාලාවක සේවයේ යෙදෙන යෞවනියක ඒ සමාජ හාලාවේදී දූෂණය කිරීමත් යන කාරණා ස්ත්‍රී ශරීරයට එරෙහිව කරන හිංසනික ක්‍රියා වශයෙන් සලකා කටයුතු කිරිම වැදගත්.
මේ හැම එකක් කිරිමට කලින්ම තිස්වසරක යුද්ධයේ යේදි මිනිස් චින්තනය වෙනස් වූහැටි බලපා තියෙනවා. ඒක ලොකු සමාජ ගැටලුවක්. විසඳුම් සෙවිය යුත්තේ මුලුමහත් සමාජ ජාලයම ආවරනය වන අයුරින්.
මරණ දණ්ඩනය යලි ක්‍රියාත්මක කරන්න නම් නීතිය මීට වඩා ශක්තිමත් විය යුතුයි. නීතියේ කන්‍යාවියගේ පිරිසිදුකම දැන් ප්‍රශ්නයක්..ඒ ප්‍රශ්නය මුලින් විසඳගන්න වෙනවා.. නැත්නම් අලි රිංගන කපොලු තියෙද්දි කුඹී යන හිල් වහයි මේ කට්ටිය එකතු වෙලා..
ReplyDeleteමේ සම්බන්ධයෙන් මටත් හිතුනේ ස්වයං පාලනයක්,හික්මීමක් ඇති සාර ධර්ම වලින් පෝසත් සමාජයක් බිහිකරන්න උත්සහ කිරීම හොඳම විසඳුම ලෙසයි.... ආකල්පමය වෙනසක් නැතුව නීතියටම විතරක් පාලනය කරන්න බෑ.....
ReplyDeletehttp://mamagodaya.blogspot.sg/2012/08/blog-post.html
@ Hiru. Ne NE oya monath ona ne , marana daduwama genala wedak ne kiyalane kiyane , ithin ohomama tibichch den oka, balaya thiyana minissu thamange pawle udawiya ekka hondata indii, marana danduwama wedak ne kiyana oya anik hemoma tama ithin anik iranama athwenna one, maran danduwamen 1%k hari akatauththak nawattanna puluwan nam api ekata saha yogaya denna one, netnam mee marana daduwama wedak ne kiyana eka newei.
ReplyDelete