Sunday, October 28, 2012

සුනකෝප්‍රාප්තිය සහ නීතිය....


අවසානයේ මේජර් වැරදිකරැවි විය... ඒ ගුටි කෑමට නොව.. රාජකාරියේ යෙදි සිටියදී පෞද්ලික ආරක්ෂයකු ලෙස සේවය කිරීම වෙනුවෙනි... රාජකාරී ගිණි අවිය පෞද්ගලික කටයුතු උදෙසා භාවිතය වෙනුවෙනි... ව්‍යාජ පැමිණිල්ලක් කර අධිකරණයට අපහාස කිරීම වෙනුවෙනි... දැන් මේජර් ගේ ඔළුව පැලුනේ කෙසේද යන්න හෝ ඒ අවස්ථාවේ සිද්ධ වුනු සිද්ධිය ගැන හාංකවියියක් වත් කිසිවෙකු දන්නේ නැති ගානය.... මේජර් වැරිදි කරු කොට මාලක සිල්වා නිදොස් කොට නිදහස් කිරීම තවත් නාටයක අවසාන ජවනිකාවයි....

මේ බල්ලාට යන්නේ රටේ නීතියයි... හෑල්ලුවට ලක් වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි.. පාගා දමනු බලන්නේ නිතියේ ස්වාධීන්ත්වයයි...අධිකරණ කොමිශන් සභාවේ ලේකම් වරයාට පහර දීම හේතුවෙන් මුලු රටේම විනිශ්චයකාරවරනු සහ නිතිඥයින් වර්ජනයක් ආරම්භ කර තිබේ..තමන්ගේ රැහේ එකෙක්ට කෙළවෙන විට විනිශ්චයකාරවරුද, නිතිඥයන්ද වර්ජනය කරන්නේ තමන්ගේ එකෙක්ට වෙන නස්පැත්තියන් උදෙසාය.. ඒ රටේ නීතිය බල්ලට යාම හෝ ප්‍රජාතන්තවාදයට කෙලවීම නිසා නොව... හුදෙක්ම තමන්ගේ සගයෙකු වෙනුවෙන් රටේ සාමාන්‍ය ජනයා උගසට තැබීමකි.. එසේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කථා කරනාවනම් රටේ ඔනෑ තරම් සිද්ධින් තිබේ... මේජර්වරයාට පහරදීමේ සිද්ධියේ දී අධිකරණය විසින් වීඩියෝ සාක්ෂිය අධ්‍යනය කලාදැයි මෙතෙක් කිසිම ප්‍රකාශයක් පලවී නැත. මේ නිහඬභාවය කියා පාන්නේ එසේ නොවුනු බව නොවේද....  

මෙය අපේ රටේ බොහෝ දෙනෙකුට “කැහැලා ගිල්ලා“ වැනි සරල දෙයකි.. .ඒ මේ සංසිද්ධිය අපට අමුත්තකේ නොවන නියාවෙනි.... නමුත් මෙය හුදෙක් කැහැලා ගිලිය යුතු කාරණාවක් නොවේ... මේ රජ වන්නේ අවනීතියයි... නිවරදිකරැ ට දඬුවම් නියම විමත්... වැරදිකරු නිදොස් වීමත් යනු නීතිය බල්ලාට යාමේ උදාහරණයක් නොව බල්ලෝ පාලනයට එක් වීමේ උදාහරණයකි.... මෙහි වඩාත් විචාරයට භාජනය විය යුතු කාරණය වන්නේ මේ සිද්ධයේ නරකාදර්ශයයි... අනාගතයේ දී ඕනෑම බලය ඇත්තෙකුට හුදෙක් මේ සංසිද්ධිය උදාහරණයට ගත හැකිය.... ඉතා සංවේදී කාරුණා වලදී පවා පසුගිය නඩු වාර්ථා හුවා දක්වන නීති විශාදරයින් හමුවේ මෙය පෙන්වා දෙන්නේ නරකාදර්ශයකි.. මෙයට ගොදුරු වන්නේ හුදෙක් ඇත්තන් නොවේ... බොහෝ දුක් ගැහැට සහිතව ජීවිතය ගොඩනගාගන්නට උත්සහා කරන්නනය....

ඉස්සර අපේ ගමේ සුනිල් අයියා සීල් අරක්කු හොරට විකුනන්නේ කෝටි 3 ක වාහනයක යන්නට නොවේ... ඒ ඔහුගෙන් ජාතක වු දරුවන් රැක බලාගන්නටය... ඒ තිප්පොලට පනින ට්‍රැෆික් රාලහාමී භාගයයි සෝඩා එකයි බයිට් එකයි නොදුනහොත් පසු දින රාත්‍රියේ සහචරයෝ සමග කඩා පනින්නේ සුනිල් අයියගේ තිප්පොල නිසා හුචු මහත් සාමාජයද.. එහි වැසින්යට වන මහා හාණිය හේතුවෙනු... නමුත් මගේ මතය අනුව සුනිල් අයියා කරන්නේ හුදු මහත් සේවකි.... රෑ එකොලහට වැඩ අවසන් කර ගෙදර එන්නෙකුට පොඩි අඩියක් ගසන්ට සුනිල් අයියාගේ සරණ ඇර වෙන සරණක් නැත.... නමුත් අපේ රටේ නීතිය අනුව සුනිල් අයියා වැරදි කරැවෙකි.... ඔහු සමාජය හමුවේ නිවැරදි කරුවෙක් උවද ඔහු නීතියේ වැරදි කරුවෙකි.. .

නමුත් අද නීතීය බෙදන්නේ වෙන වෙනමය...නීතියේ හැඳි වෙනස්ය.... එය තාරාතිරම අනුව වෙනස් වන සුළුය....  අද ප්‍රවෘතියක පලවු මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර විගනාකාධිපතිවරයාගේ සිද්ධිය උදාහණයට ගතහොත් එයට සම්බන්ධ සියළු පාර්ශවයන් සාමාන්‍ය ජනාතාවය.. එසේත් නැත්නම් නිළධාරීන්ය.. ඔවුනට එරෙහිව නීතියේ ආධිපත්‍ය නිසියාකාරව ක්‍රියාත්මක වේ.. වාසනාවකට මෙම සිද්ධිය පසුපස දේශපාළුවෙකු ගෑවී නොමැති හේතුවෙන් අදාල විනිශ්වයකාරවරැන්ට තම හෘද සාක්ෂයට එකඟව නීතිය ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබිණි.. නමුත් මෙහි යම් කොනක දේශපාලකයෙකු යම් පමනකින් හෝ ගෑවී තිබුනේ නම් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ නැත...

මෙම කාරණය අපිට හුදෙක්ම අළුත් කාරණයක් නොවන්නා සේම මෙය කෙතරම් අපි සංවාද කලද අද ද.. හෙට ද... අනාගතයේ දී ... සිදුවන්නේ එකම සංසිද්ධයකි....

ඒ බලය ඇත්තාට නීතිය යනු මෝරැන් අල්ලන දැලක් සේම... 
නැත්තාට එය හාල්මැසි දැලක් වන බවය.....

20 comments:

  1. මට මතක් උනේ අපේ තාත්තා කියපු කතාවක්... දැං මේක කිව්වම කවුරු මොනවා කියයිද දන්නේ නෑ... ඒක නිසා මේ කෑල්ල ඉස්සර වෙලා එකතු කරන්න ඕ‌ෙන්...
    අපේ තාත්තා ඡන්දේ දුන්නේ මහින්ද රාජපක්ෂට... දෙපාරම... මම දන්න තරමට තාත්තගේ දේශපාලනේ එච්චරයි... හැබැයි එහෙමයි කියලා ඇහැ කන පියාගෙන හිටපු කෙනෙක් නෙවෙයි...

    ඔය මර්වින් සිල්වා කියන්නේ රාජපක්ෂට නැතිව බැරි මිනිහෙක්.... ඒක නිසා ඌ මොනවා කළත් කට අරින්නේ නැති එක ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.... මහින්ද කරන්නේ කපන්න බැරි අත ඉඹින එක.... ඒකට හේතුව දන්න මිනිස්සු දන්නවා.....

    ReplyDelete
    Replies
    1. හේතුව දන්නව. ලියන්න බෑ! කරුමෙ!

      Delete
    2. ලිය්නන පුළුවන්.. තාත්තා ඒක කිව්‌ෙව් මෙහෙමයි...

      “ ඔය දෙන්නම එකම ජාතියේ මැරයෝ... අරෑ කරපුවා මූ දන්නවා.. මූ කරපුවා අරෑ දන්නවා... ඒකයි මර්වින්ව තාමත් තියාගෙන ඉන්නේ....”

      Delete
    3. එකම අප්පාගේ පුතාල.. එකයි ඇත්ත..

      Delete
    4. ඔව් ඔව් හිරු ගේ තාත්තා ඕව දන්නේ ඒ දවස්වල හිරුගේ තාත්තා මහින්දට මැර වැඩ කරන්න සපෝට් කලානේ. එකයි ඔච්චර දන්නේ. සුරියකන්ද තවමත් අඩනවා රනිල්ව මතක් කර කර. බස්සෝ පුලුවන්නම් මේකත් delete කරහන්. උබට හෝයියා දාන comment විතරක් තියහන්...

      Delete
    5. රෙදි නැතුව කඩේ යන හින්ද වෙන්නැති නමක් නැත්තේ.. මේ වගේ පනුවෝ හින්ද තම අද අපේ රට මහින්දලා මවින්ලා වගේ බල්ලන්ට ගිහින් තියෙන්නේ..

      Delete
    6. දුශ්; ඔව් උඹ මගේ නම හොයන්නේ මට කෙලවන්න වෙන්න ඇති. කාට කියලද? අර උඹ රෙදි නැතිව කඩේ යන නපුංසකයෝ දෙන්න( රනිල් හරි සෝමවංස) ගෙන් එකෙකුට කියලද?. උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ යකෝ. ඒ විතරක් නෙමෙයි උඹ වගේ නපුන්සකයෙකුටත් කරන්න පුළුවන් දෙයක් නැහැ. බල්ලන්ට යන එක හොදයි ළමයෙක් නැති නපුන්සකයෙකුට රට යනවට වඩා. උඹට චිත්තයකට මොනවා හරි කිව්වම හරි අමාරුයි වගේ . ඕකට හොඳම දේ කඩි ගුලක ඔබාගෙන ඉඳපන්.

      Delete
    7. ගොන් හරකෝ, පවතින ආණ්ඩුවට විරුද්ද වෙනවා කියන්නේ විපක්ෂෙට කඩේ යනවා කියන එක නෙමෙයි.. තොට එක වත් තේරෙන්නේ නැද්ද? ආණ්ඩුවට කරනවට ගෙවනවා නම් ඕව හොයන්නේ මොකටද නේද? තොට ඉන්න රටක් නැති උනාම තේරෙයි..

      Delete
    8. උබල වගේ උන්ට අනුකම්පා කරනවා ඇරෙන්න කෙලවන්න ඕනේ නැ.. උබල වගේ පනුවෝ මොන ආණ්ඩුවකින් වත් මැරුවේ නැ.. එකනේ තොපිල තම හැංගි හැඟී කඩේ යන්නේ.. තොපිල වර්ගය බෝ කරන එක විතරයි තම කරන්නේ.. එකනේ පනුවෝ වැහි වහල ඉන්නේ.. කද පනුවෝ.. මැරියන් රට හරක් තව ළමයි ගැන කතා කරන්නත් එනවා. අහවල් එක විතරයි උබලට කරන්න පුළුවන්, වෙන කරන්න පුළුවන් රෙද්දක් නැ.. අසහන කාරයෝ.. ඔයි මේ මැරිලා ඉපදෙනවා ඊලග ආත්මෙවත් පණුවෙක් නොවෙන්න කියල හිතාගෙන.. කොන්ද කෙලින් තියන එක මිනිහෙක් මේ රටේ කෙලින් හිටගත්තා දවසට තොපි වගේ පණුවන්ට වෙන දේ මට හිත ගන්න බෑ.

      Delete
    9. හිහිහි!... හරි ජාති ආලෙන් වගේ කතාව. උබ මොකෙක්ද බන් මට. උබ හිතන් ඉන්නේ රටේ ආණ්ඩුවට එරෙහිවෙලා ඒක නැති කලාම රටට සෙතක් වෙනවා කියල. තොපි වගේ නපුංසකයෝ තමයි උඩු බුරලල උඩු බුරලල SF ව හිරෙන් නිදහස් කරන දැන් විපක්සේටත් කෙලවන් තියෙන්නේ. තොටනම් ළමයෙක් වත් හදන්න බැහැ. තොට කෙලින් වෙන්නෙත් නැති එකේ. තොපි වගේ එවුන් තමයි අර වික්රමබහුල වෙලා රටම නැති කරන්න උත්සහ කරන්නේ. තොටත් කියන්න තියෙන්නේ එච්චර තමයි. සොමවන්සය වගේ ජාති ආලෙන් රට පැනල දැන් සයිබරයේ පොර ටෝක්ස් දානවා. තෝ ඒ දවස්වල් හිටියේ රෙද්ද අස්සේ හැංගිලා වෙන්න ඇති. නැත්නම් තෝ වගේ එවුන්ට ටයර් සෑයවල තමයි හරියන්නේ.. තොගේ නමත් දුෂ්නේ.. තෝ රටටත් දුෂ්ම තමයි.. තොගේ අම්මා එහෙම දන්නා ඇත්තෙත් තොගේ අම්මට අමාරු කාලේදී තාත්තා කරදර කරලා උඹව බඩට අපු හින්ද වෙන්න ඇති... නපුන්සකයා...

      Delete
    10. අනිවා... අසහන කාරයෙක්.. උබට තියන එකම ප්‍රශ්නේ ඕකනේ.. ඒ උබට තියන බය නිසා.. අනික උබට උබව sure නැති නිසා.. බෙහෙත් ගනින් ඕක ලෙඩක්. sexual dysfunction

      Delete
  2. රටේ ගැටළු ගැන සමානාත්මතාව ගැන කතා කිරීම නවතා දමා ඇත්තෙමි.ඒ පලක් නැති නිසාය.මම හුදු ක්ෂුද්‍ර ප්‍රාණියෙක්මි.මගේ අදහස් දකින්නේ කියවන්නේ අතළොස්සකි.ඒවා මුළු රටටම පේන ලෙස අයි ටී එන් එකෙ පෙන්නන්නේ නැත.පෙන්නුවද මා යනු හුදෙක් සැළකිය යුතු සත්වයෙකු නොවන නිසාවෙන් මාගේ අදහස් මුළු මහ්ත් ලෝකයාම නොසළකා හරිනු ඇත.

    එනිසාවෙන් කෙදිනක හෝ බලවත් තැනැත්තෙකු වීමට හැකි උවහොත් රට හැදීමට තැත් දරනු විනා එතෙක් මමත් මගේ අවට සිටින සමීපතමයින්ද රැකගනුවස් රටින් පිට වීමට තැත් දරමි.

    මම දේශද්‍රෝහියෙකු හෝ බයගුල්ලෙකු නොවෙමි.හුදෙක් ශ්‍රී ලාංකික සිවිල් වැසියෙක්මි.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ශ්‍රී ලාංකික සිවිල් වැසියන් මරලදැම්මම මේ රට හදාගන්න පුලුවන්

      Delete
    2. ඔව් ඒක ලේසියිනේ නේද මචං ලක්ෂ ගාණක් උනත් මරන්ඩ පුළුවං නේ මොකෝ උන්ට ආත්මාරක්ෂාවට කඩුවක්වත් ළඟ තියාගන්ඩ තහනං නේ.උඹලා නිකමටවත් ඔහොම මර්වින්ලව උන්ගේ පුතාලව මරන්ඩ කතා කරන්නෑනේ නේද?

      Delete
  3. Mamath mahinda maama gena lipiyak liyanta gihin wede atha eriya..owwa gena katha karala wedak ne ban..un unmamai..api apimai..wedak nehe machan.. :(

    ReplyDelete
  4. අනේ මංදා කියල හරියන්නෙත් නෑ,
    ඒත්
    අනේ මංදා

    ReplyDelete
  5. අනේ මන්දා හ්ම්ම්ම්ම් :D

    ReplyDelete
  6. හ්ම්ම්... හමුදාවට මෙහෙම නම් අපි ගැන මොන කතාද??

    ReplyDelete
  7. අද දේශපාලනය එක්කෙනෙක් දෙන්නෙක්ගේ ඕනෑ ඒපා කම් වලට සිද්ද වෙන්නේ.කළකිරීම විතරයි.මම නම් මගේ ඡන්දය දෙන්නේ නැ කාටවත්.

    ReplyDelete