Tuesday, November 13, 2012

ඊරියක් සමග රැයක්.....



ජීවිතය යනු මහා ගැටළුවකි.. එහි හැලහැප්පීම්ද.. විවිධ මතිමතාන්තරද... සතුට ද.. අසතුටද... ආදී අටලෝ දහමේ විවිධ ආකාරයන් හමුවේ ජීවිතය ගෙවන්නට මිනිසුන් දරන්නේ මහා වෙහෙසකි...
විටෙක එක මුලු මහත් ලොවම කම්පා කරවන තරම් සුසුමකි...
අද දකින්නට අහන්නට ලැබෙන්නේද අමාරුවෙන් උපයාගත් ජීවිතය එපා කරවන්නා වු සිද්ධීන්ය...
ආසන්නතම සිද්ධිය වනාහී “වැළිකඩ“ බන්ධනාගාර ඛේදාවාචකයයි....
“සිරකරුවන් මනුෂ්‍යයන්ය“..
එය සැබෑ සත්‍යකි....
මනුෂ්‍යයන් තිරිසනුන් කරන්නේද.. තිරිසනුන් මනුෂ්‍යයන් කරන්නේ ද රට කරවන්නන් සහ එහි නීති පද්ධතියයි....
සිව්පාවෙකි කෙරෙහි බලපවත්නා වු සුළු කරුණක් උසෙදා නීතියේ ඇති මන්දාගාමීත්වය මනුෂ්‍යය ජීවිතයක් කෙරෙහි කෙසේ බලපානු ඇද්ද....
වරදක් සිදුව ඇත....
වරද කාගෙදැයි තවමත් හිස්තැනකි...
වරදට යුක්තිය දඬුවමය...
එය යම් තැනක නීතිප්‍රකාරව සිදුවිය යුතු කරුණකි...
නීතිය එකත්පස්ය...
එය වින්ඳිතයාට සහනය සැපයිමේ ක්‍රමවේදයකි....
චුදිතයාගේ නිර්දෝෂීභාවය හෝ පෙළඹවිමේ සාධක විග්‍රහ කෙරෙන්නේ නැත...
මනුෂ්‍යෙයෝ වරදට භය ය...
වරද සාමාන්‍යීකරණය වීම වැරදි ඉහලයාම කෙරෙහි බලපාන්නා වු බරපතල සාධකයකි...
කාට වැරදුනි දැයි කිව නොහැක්කා සේම වරද කාගෙදැයි තවමත් හඳුනාගත නොහැකි තත්වයක්...


--------------------------------------

මෙතැන් සිට නාටකය ආරම්භ වේ....
 
බස්සා මුල් පුටුවේය.....
 
සාක්ෂි සටහන ඇරඹේ....
 
පැමිණිල්ලේ සාක්ෂිය (නීතිඥ මහතා)

කුඩා කල සිට ඇති දැඩි කරන ලද පැමිණිළිකැරගේ ඊරිය විත්තිකාර පාර්ෂයව විසින් අයිතකරගෙන සිටී.. ඒ හේතුවෙන් මා හට ආර්ථික වශයෙන් මහත් අලාභයක් සිදුවන හෙයින් මා හට සාධාරණයක් ඉටුකරදෙන මෙන් මෙම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි...

විත්තියේ සාක්ෂිය (නීතිඥ මහතා)

ගරු ස්වාමිණි... පැමිණිලලේ සාක්ෂිය හුදෙක්ම ගෙතන ලද්දකි....  මෙම ඊරිය ගේ සැබෑ හිමිකරුවන් වන්නේ විත්ති පාර්ෂවයයි.... කුඩා කල සිට ඇති දැඩි කර ආහර සපයා දී ලෙඩට දුකට බෙහෙත් කර ඇති දැඩි කරන ලද විත්ති පාර්ෂවයට අයත් ඊරිය බලෙන් රඳවාගෙන පැමිනිලි පාර්ශවයේ පුද්ගලයින් මෙම ගොනු කරනු ලබන චෝදනවා හුදෙක්ම බොරැ චෝදනාවක් ගරු ස්වාමිණි....

මුල් පුටුව....

මෙම ඊරියට අයිතිවාසිකම් කියන දෙපාර්ශයට ප්‍රශ්ණයක් යොමුකරමි....

මෙම ඊරියට අයිතිවාසිකම් කියන ලබන්නේ කුමක් සඳහා ද...?
සුරතලයට ඇති කිරීම ටද...?
දරුකමට හදා වඩා ගැනිමටද....?
මස් පිණිසද...?

දෙපාර්ශවයම.....

මස් පිණිස ස්වාමීණි....

දැනට මේ ඊරියගේ වටිනාකම කුමක්ද...?

රුපියල් 8,000 යි ස්වාමීණි....

කවා පොවා ඇති දැඩි කලහොත් තව වසර 3 ක දී ඊරියගේ වටිනාකම කෙසේ විය හැකිද...?

රුපියල් 20,000 ක් පමන විය හැකියි ස්වාමිණි....

අවුරුදු 3 ක් නඩු කීමට නඩු ගාස්තු කොපමන විහ හැකිද...?

වසරකට 4 වරක් බැගින් වසර 3 ක් කල් ගියොත් දෙපාර්ශවයට 24 වතාවක් සඳහා වරකට රුපියල් 1000 බැගින් රුපියල් 24,000 ක් පමන වැය වනු ඇත ස්වාමිණි....

නඩුකාර බස්සා...

මොකද කියන්නේ....
සතා රුපියල් 8000 කට විකුණලා රුපියල් 4000 හා 4000 හා බෙදාගන්නවද...?

අවුරුදු තුනක් නඩු කියලා එක් පාර්ශවයක් සතාව අයිතිකර ගන්නවද....?

තීරණය ඔබට බාරය.....

නාටකය අවසන් වේ....

--------------------------------------------

ඔබ ඔය සිනාසෙන්නේ රටේ පවත්නා වු නීති පද්ධතියටය....දශක ගනනාවක් පැරණි වු නීති පද්ධයක තුල අනුගත වෙමින් සිදුකරන්නාවු ද සිදුවන්නාවු ද සිද්ධිදාමයකට... රටක් සංවර්ධනය යනු අහස උසට ඉදිවන ගොඩනැගිලි හෝ මංමාවත් නොවේ.. රටේ පවත්නා වු පාලන තන්ත්‍රෙය් සිදුවන සංවර්ධනයයි... අහසට ගොඩනැගිලි.. මාමාවත් යනු ඔනෑම රටක සිදුවන හුදු ගොඩ වැඩි වීම නොව රටේ සිදුවන ආධ්‍යාත්මික වෙනස් වීමයි.... 
රටේ ජනාතාවගේ මානසික සංවර්ධනයයි....
ලැබෙන වැටුපට සරිලන ජීවන රටාවක් ගතකිරීමට ඇති හැකියාවයි...
ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහලා යාමයි....
දරිද්‍රතාවය අවමවීමයි....
සාක්ෂරතාවය ඉහලයාමයි....
අධ්‍යාපනයට ඇති ඉඩප්‍රස්ථා පුලුල් වීමයි....
බිළිඳු මරණ සංඛ්‍යාව පහල යාමයි...
සේවා වියුක්තිය අවම වීමයි...
කොටස් වෙළඳ පොලේ වර්ධනයයි...
සර්ව සාධාරණ වු නිති පද්ධතිය හා එයි ආධිප්‍යයයි...
 
මේසා වු මහත් දර්ශක හමුවේ අපේ රටේ සංවර්ධනය තීරණය වන්නේ මීට හාත්පසින්ම වෙනස් වු දර්ශක හා  මිනුම් දඬු හමුවේ අපේ රටේ සංවර්ධනය මනිනු බලන්නේ හුදෙක් ඉදිවන අධි වේගී මහා මාර්ග... කාපට් පාරවල්...ගුවන් තොටු පොල.... ක්‍රිකට් තරඟ.... කාර් රේස්.... ගුවන් පාලම් ආදී වු වැඩි වැඩි මිලක් ගෙවා සුළු කොටසකට සෙත සැලසීමේ දර්ශකයන් හමුවේ වීම කණගාටුවට කරුණකි...

අපිට සුභ අනාගතයක්.....

23 comments:

  1. පට්ට ලිපියකි... නමුත් එක දෙයක් පමණක් සඳහන් කිරීමට කැමැත්තෙමි. රටක් සංවර්ධනය කිරීමට පෙර එහි යටිතල පහසුකම් සපයා තිබිය යුතුය. ඒ අතින් බලන කළ මහා මාර්ග ඉඳිකිරීම, වරාය හා ගුවන් තොටුපොල ඉඳිකිරීම, වරාය පුළුල් කිරීම වැනි දෑ අත්‍යාවශ්‍ය කරුණුවේ. එහෙත් ප්‍රශ්ණය වන්නේ, නීතියක් හැදියාවක් නැති උදේ හවා මිනී මරණ, කප්පම් කරුවන් පිරි, ළෝකයේ වැඩිම විදුලි බිල තියෙන රටකට ව්‍යවසාකයන් පැමිනේද යන්නයි.

    ReplyDelete
    Replies
    1. හිතවත් මාතලං.. ප්‍රතිපත්තියක් ලෙස මා විරුද්ධ අදහස් හෝ මත අභියෝගයට ලක් කරන්නේ නැත.. .ඒ මම ලියන්නේද පල කරන්නේද මගේ අදහස පමනක්ම වන හෙයිනි.. .එයට එකඟ වන්නට හෝ විරුද්ධ වන්නට කියවන්නාට අයිතිය ගරු කොට සලකන හෙයිනි... යමක් මා ලිවීමේ අරමුණ වන්නේ යම් කරුණක් සම්බන්ධයෙන් මා දකින ආකාරය මිස එය පිළිගනැනීම හෝ නොපිළිගැනීම කියනවන්නාට ඉතිරි කරමිනි.... නමුත් මා ඔබ විසින් ඉදිරිපත් කරන ලද කරැණට යමක් එක් කරනු කැමැත්තෙමි...
      ඔබ විසින් මතු කරන ලද කාරණය නිවැරදිය....
      රටක සංවර්ධණය නොව නිවසක සංවර්ධණයද රඳා පවතින්නේ ඒ නිවස තුල බිහිවන්නා වු ප්‍රාග්ධණ සංවර්ධණය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධණය මතය...
      නමුත් රටටම ණය වී.. පොළියට මුදල් ගෙන නිවසේ භෞතික සම්පත් සංවර්ධණය කරන්නාවු දෙමව්පියන් මිය ගිය පසුද ඒ දෙමව්පියනට දොස් පවරණ දරුවන් අප දැක ඇත... ඒ ඒ දරුවන් රටට ලෝකයට ණය කාරයින් කර ඇති නිසාවෙනි...
      අද අප රටේද සිදුවන්නේ එවැනි කටයුත්තකි... රට පුරා පාරවල්ද... බිං ගෙවල්ද තැනුවද ඒ සියල්ලම දීර්ඝ කාලීන ණය වශයෙන් ලබාගත් මුදල්ය.. සමහර ගිවිසුම් අනුව අපේ රටට ප්‍රතිලාභ ලැබෙන්නේ පරම්පරා කීපයකට පසුය.... ඒ සියල්ය රටේ යටිතල පහසුකම් ගිණුමට බැර කිරීම කොයි තරම් දුරට ණුවනක්කාරකක් දැයි නැවතත් සිතිය යුතුය....

      Delete
  2. මම බස්සාගේ යාලුවෙක් උනත් නොකියා ඉන්නම බැරි තැන කතා කරමි... ඊරියගෙ කතා පුවතත් දැන් පිටු ගණන් කතා කරන මාතෘකාවක් වී හමාරය... එය ජනපති මහින්දටත්, ජනරාල් ෆොන්සේකාටත් පින් සිදුවන්නටය.... රට රට වල සැප(සැප විඳිමින් දුක) විඳ එන මහත්වරුන්ට/ මහත්මින්ට යුද්දය නැති රටක් සාදා දීමට ඉහත සදහන් කල අය මෙන්ම මාද රට වෙනුවෙන් කාර්ය භාරයක් කොට ඇත... කෙසේ නමුත් බස්සගේ සැම අදහසක්ම ආණ්ඩුව කොයික කලත් වැරදියි යන න්‍යායෙන් සනිටුහන් වන බව පෙනේ.. එහි un -balanced බවක් පෙනෙයි... ඔබ ඔබගේ අදහස සාධාරණ ලෙස පෙන්වුවත් තව කෙනෙකුට එය අසාධාරණ අදහස ලෙස දකිනු ඇත... 100% ජනතාව හිටිය ජනරාල්ට දැන් 10% වත් නැති විමෙන් එය මනාව ඔප්පු වේ ... ඔබද දිගින් දිගටම එය සිදු කිරීමෙන් වන්නේ අර්ජුන, ටිරාන් SF හැර ගියා සේ ඔබ වටා සිටින්නන් අනාගතයේදී ඔබවද ප්‍රතික්ෂේප කරනු ඇත...

    ReplyDelete
    Replies
    1. මා මෙහි දී “ඊරිය“ මාතෘකා කරගත්තේ හුදෙක් රටේ පවතින්නා වු නීති පද්ධතිය ගැන අවධානය යොමුකරවීම උදෙසාය.... වැරදි දේ වැරදි ලෙස දැකීම ද ඒ ගැන මා දරණ මතය ප්‍රකාශ කිරීමද මට ඇති අයිතියක් බව මම පිළිගනිමි.. එසේම එය පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම පාඨකයා සතු අයිතියකි...
      ප්‍රතික්ෂේප වීම හෝ පිළිගැනීම ගැන සලකා මා දරණ මතය ප්‍රකාශ නොකර සිටීමට තරම් මා පසුබට නොවන්නේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේපය මත මා රඳා නොපවතින හෙයිනි... බොහෝ විට මේ පිළිබඳව සැලකිය යුතු වන්නේ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේපය මත අනාගතය තීරණය වන්නන් මිස මා වැනි මහන්සියෙන් උපයාගෙන කන්නන් නොවන බව මිතුරෙක් උවද ඔබට මතක් කරණු කැමැත්තෙමි..

      Delete
    2. උබගේ දේශපාලන මතය ගැන වැටහුණි... අන්තිම ටික නොතේරුණත්, මහන්සි වෙලා උපයන් කන උබට ස්තුතියි!

      Delete
  3. ඇත්තමයි අපිට සුබ අනාගතයක්

    ReplyDelete
  4. සුපිරිම ලිපියකි . මාද මාතලං ගේ මතයට එකඟය.

    ReplyDelete
  5. ආණ්ඩුව කරන හැමදේම වැරදියි කියන විපක්ෂයක් මේ රටේ එදා ( නිදහස් උන දවසේ..? ) ඉඳලා තිබුණේ.. ඒ වගේම එක පක්ෂයක් බලයෙන් ඉවත් වෙලා වෙනත් පක්ෂයක් බලයට ආවාම කලින් රජය කරපු හැමදේම නවත්තලා ( එක්කෝ කඩලා, නැත්තම් ගරාවැටෙන්න ඇරලා ) අළුතින් ණය අරන් අලුතින් ප්‍රොජෙක්ට් පටන් ගන්න එකත් කළා.. කවදාවත් ණය නැතුව කරපු ප්‍රොජෙක්ට් එකක් නම් ඇතියි කියලා මම හිතන්නේ නෑ... අඩු ගානේ ගම්සභා පාරක්වත් ණය නැතුව හදලා නෑ.. හරියට නිකම් නැන්දම්මයි ලේලියි වගේ... ඒක නිසා ඕක පරණ තර්කයක් බස්සෝ...

    මම නම් හිතන්නේ අලුත් තර්කයක් ගේන්න කාලේ හරි කියලා... අඩුම ගානේ තමන්ගේ බඩ වඩා ගන්න එකට වඩා කලින්, මේ රටට හොඳක් කරන්න හිතන එකම දේශපාලකයෙක්වත් හොයා ගන්න තියා හදාගන්න වත් පුළුවන් කමක් තව ශතවර්ෂෙකට වත් පේන්නේ නැති නිසා ඉන්න එවුන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තර්කයක් හදන්න කාටවත් බැරිද... පවතින රජයක් පෙරළන්න උත්සාහ කරන එකට වඩා පවතින රජයකින් අපිට( මහජනයාට) පුළුවන් උපරිම විදියෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ක්‍රමයකුයි මේ රටට ඕනේ...

    නැත්තම් ඔය පරණ තර්කේ ගහනකම් ( පවතින රජයක වැරදිම දැක දැක උන්ට බැන බැන ඉන්න එක) අපිට ( සාමාන්‍ය මහජනයා) හිතෙන්නේ “ උනුත් කෑවා, මුනුත් කෑවා... අපි උලා කෑවා... එදත් එහෙමයි අපි, අදත් එහෙමයි අපි.. හෙටත් එහෙමම කරමු අපි .... වෙන මොනව කියලා කරන්නද..” කියලා... පාන් ගෙඩියෙනුයි, පරිප්පු කිලෝ එකෙනුයි ආණ්ඩු පෙරළ පෙරළ ඉන්න එක විතරයි වෙන්නෙ.... කොන්ද පණ නැති විපක්ෂයක් සහ කොන්ද පණ නැති මාධ්‍ය ඉන්නකම් අපිට මේ ටික එදත් උනා... අදත් වෙනවා... ( දැං කවුරුහරි සුදු වෑන් ගැන කිවවොත් ඒකටත් උත්තරේ දෙන්නම්.. සුදු වෑන් අද ඊයේ ආපු එකක් නෙවෙයි... ඒකත් එදත් තිබ්බ එකක්.. )

    යටිතල පහසුකම් කියන එක හැම දේකටම වැදගත්.. මගේ මහත්තයා වැඩ කරන ෆීල්ඩ් එකේදි මම ඒක හොඳට දැක්කේ.. හයිවේ එක ගත්තොත්, දුර ඈත පළාත් වල අලුතින් පටන් ගාමන්ට් වල ( ගාමන්ට් වල තියෙන්නේ ජුකී මැෂින් විතරක් නෙවෙයි.. තව රැකියා අවස්ථා මහ ගොඩක් තියෙනවා..) බඩු වෙනදට දවස් දෙකක් තුනක් තිස්සේ පාරවල් බ්ලොක් කරගෙන කොළඹ ආවට දැං එක රැයින් කොළඹ... ඉස්සර හම්බන්තොට වැඩකට යන්න උනාම අඩුම ගානේ රුපියල් 3500 ක බිල් වැටෙනවා දවස් දෙකක නවාතැන් , කෑම බීම වෙනුවට.. දැන් 1500න් වැඩේ ඉවරයි.. එක දවසකුත් ඉතුරුයි.. ( වෙලාව කියන්නේ මුදල් කියන එක අපේ රටේ අය දන්නෙ නෑ නේ..)

    අද ණය අරගෙන හදනවා.. කාලයක් ණය ගෙවනවා... ( ගන්න සල්ලි වලින් බාගයක් කට්ටියගේ සාක්කුවලට ගියත් අපි ( මහජනයා) ඔක්කෝම ණය ගෙවන එක වෙනම කතාවක්..ඒක එදත් කළා, අදත් කරනවා, හෙටත් කරයි.. ) නඩත්තු කටයුතු ටික හරියට කරගත්තොත් කන්ට්‍රැක්ට් අවුරුදු 10කින් ඉවර නම්, අඩු ගානේ අවුරුදු 25ක් වත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතුවොත්.. මේකෙන් අ‌ෙප් රටට දෙයක් ඉතුරු වෙන්නෙ නැද්ද... අඩුම ගානේ අපි කරගන්න වැඩ ටික වත් අපිට ඉතුරු නැද්ද.... නමුත් මේක මඟ නතර උනොත් මේ වියදම් කරපු ටිකත් අපරාදේ.. අපිට( මහජනයාට) නිකම් ණය ගෙවන්න වෙනවා... මොකද අලුතෙන් එන එවුන් මුලින්ම කරන්නේ මේක නවතතලා දාන එක නේ..

    දැං ඉන්නේ යකෙක් නම් යකා බැඳගන්න අපි( මහජනයා) දැන ගන්න ඕනේ... නැතුව යකා හොද නෑ අපි මහසෝනා ගේමු කියලා ගෙනාවත් ඌව ස්ටඩි කරලා බැඳ ගන්න යන කාලේ වැඩියි...

    ReplyDelete
    Replies
    1. හිරු, මම මේ මසුරන් ටිකක් හොයනවා ඔයාගේ කටේ දාන්න... නියමයි කියන්නේ නියමම නියමයි... ඔය වගේ අදහස් තියෙන 75% ක් වත් ඕනි නගෝ මේ රට ගොඩ නගන්න... මට හරි සතුටක් දැනුනා අපේ රට වෙනුවෙන් ඒ නගපු හඬට... GREAT ... ඔය ටික තේරුනත් අපේ හුගක් අයගේ ඇස් නිලංකාර වෙලා, එක්කෝ තමුන් බලාපොරොත්තු වෙන පක්ෂෙන් වාසි ගන්න, එහෙමත් නැත්නම් තමුන්ට උන අසාධාරණයකට පාලි ගන්න... අපි පිරිමියෙක්ගේ හඬට වඩා ඔය හඬට කන් දෙන්න පුලුවන්නම්... මොකද ගැහැණියෙක්ට තේරෙන දේ(දේශපාලනයේදී ) පිරිමි බහුතරයකට නොතේරෙන එක ගැන රට ගැන හිතල කණගාටුයි..

      Delete
    2. මෙන්න පහක් නෙමෙයි දහයක්ම...

      Delete
    3. මේ දැන් ඉන්න බක පණ්ඩිත සයිබර් දේශපාලන විචාරකයෝ කතා කරන්නේ අපි බබාලා කියල හිතලා. වැඩක් ඉවර කරන එක තමා වැරදි. නමුත් හැමදාම ආණ්ඩුවක් මාරු වෙන සරයක් ගානෙ සැලසුම් හද හද ශක්‍යතා අධ්‍යයන කර කර සල්ලි විනාස කරන එක ගැන කතා කරන්නෙ නෑ. දැන් ඔය ඉවර කරන්නේ කවද පටන් ගත්තු වැඩද?

      කටුනායක අධිවේගී මාර්ගය හදන්න පටන් අරන් අවුරුදු 40කට වැඩියි.
      දක්ෂිණ අධිවේගි මාර්ගය යූ.ඇන්.පී. ආණ්ඩුව කාලෙත් හැදුවා (පාලම් කඩන් වැටී කොල්ලෙක් මැරුණේ ඒ කාලේ හදපු පාලමකි. ඒ ගැන විපස්සය සද්ද වහගත්තේ ඒ බැවිණි. )
      හම්බන්තොට වරාය දැන් අවුරුදු ගානක ඉඳන් කියවන එකකි.
      ගම්පහ, ඔරුගොඩවත්ත ගුවන් පාලම් හදන්න පටන් ගෙන අවුරුදු දහයකට වැඩිය.
      රනිල් ද වැල්ලවායට ගුවන් තොටුපලක් දෙන්න හැදුවේය. ඒක හැදුවානම් බිබිලේ බණ්ඩක්කා සිංගප්පූරු පොලේ විකුණා හවසට ප්ලේන් එකේ ගෙදර එන්න පුළුවන් බවද කිව්වේය.

      ප්‍රශ්නය වී ඇත්තේ මේවා හදන පුද්ගලයා රුස්සන්නේ නැති වීමයි. උන්ගේ ආණ්ඩුවකින් හැදුවාට කම් නැත. එවිට කොමිස් මුදල උන්ටය. ක්‍රෙඩිට් එක උන්ටය. කිඹුලා කනවා ඉවසුවත් අනුන්ට ක්‍රෙඩිට් එක යනවා ඉවසන්න බැරිය.

      පටන් ගත්තු එකා හදලා ඉවර කලේ නැත්තම් මේවා තව කල්පයකට ඉවර වෙන්නෙ නැත. එහෙම වුනොත් 2105 දිත් තිබ්බෙන්නේ 2005 තිබූ ලංකාමය.

      Delete
  6. මෙය මහසෝනාගේ Hubby වගේනේ කතාව.. හේ හේ.. නරක නෑ, නංගි ඔහොම යමු හොදේ..
    ප.ලි. : -) බැදලා ඉන්න එකට දෙය්යන්ගේම පිහිටයි..

    ReplyDelete
  7. ///හිරු, මම මේ මසුරන් ටිකක් හොයනවා ඔයාගේ කටේ දාන්න... නියමයි කියන්නේ නියමම නියමයි... ඔය වගේ අදහස් තියෙන 75% ක් වත් ඕනි නගෝ මේ රට ගොඩ නගන්න... මට හරි සතුටක් දැනුනා අපේ රට වෙනුවෙන් ඒ නගපු හඬට... GREAT ... ඔය ටික තේරුනත් අපේ හුගක් අයගේ ඇස් නිලංකාර වෙලා, එක්කෝ තමුන් බලාපොරොත්තු වෙන පක්ෂෙන් වාසි ගන්න, එහෙමත් නැත්නම් තමුන්ට උන අසාධාරණයකට පාලි ගන්න... අපි පිරිමියෙක්ගේ හඬට වඩා ඔය හඬට කන් දෙන්න පුලුවන්නම්... මොකද ගැහැණියෙක්ට තේරෙන දේ(දේශපාලනයේදී ) පිරිමි බහුතරයකට නොතේරෙන එක ගැන රට ගැන හිතල කණගාටුයි..////
    ආයේ පාරක් "හිරු" ගේ comment එක කියවන්න... ඔබට තේරෙයි ඒ අනාගතය...

    ReplyDelete
    Replies
    1. ඹ කරදර වෙන්න එපා මචං,හිරුගේ මහත්තයා රුපියල් දෙකේ කාසි අහුරක් වත් කටේ දමයි.

      Delete
    2. මහත්තය දාන රුපියල් වගේ නෙමෙයි බන් මගේ මසුරන්!

      Delete
  8. මට තේරෙන්නේ නැත්තේ කොහොමද මේ ඉන්න යකාගෙන් මිනිස්සුන්ට වැඩක් ගන්න විදිහේ ක්‍රමයක් හදන්නේ කියලා.

    ReplyDelete
  9. ශ්‍රී ලංකාව කියන්නෙ ආශ්චර්යයකට යන රටක්නෙ. දැන් දැන් අපිට පෙනෙන්න පටන් අරන් තියෙන්නෙ ඒ ආශ්චර්ය තමයි.

    අහෝ පාර මැද්දෙ මිනිස්සු මරලා දානකොට, ගෙවල් වලට මහ දවල් මිනිස්සු මරා දමද්දි... අපේ මහ තැන්වලට ගාණක් නෑ...
    එයාලට හරියට වැඩ...
    දෝෂාභියෝග,
    13,
    නව ඡන්ද ක්‍රමය,

    පව් අනේ එයාලා...
    එයාලට හරියට වැඩ...

    ReplyDelete
    Replies
    1. මනාප ක්‍රමේ නිසා හොරකම් වැඩි වෙනව කිව්වෙත් උඹලම නේද? දැන් ඒක වෙනස් කරනකොට රෙදි නැතුව ඒකටත් බනිනවා. කන්න ඕන උනාම....! එදා වේලට පාන් බාගෙට ආණ්ඩු පෙරලන ජාතියේ අයට මෙන්න නියම උදාහරණයක්.

      Delete