සිරාවටම කියන්නේ..
මම ටොයියෙක්වත් බයියෙක්වත් නෙමෙයි...
මහින්ද සිරාවට යුද්දේ කරන කාලේ..
උදේ හවා නිව්ස් බලලා..
යුද්දේ දින්නාම..
අපිත් කොඩි දාලා..
කිරිබත් කාලා සැමරැවා..
මහින්ද දෙවෙනි පාර ඉල්ලනකොටත්..
හතරවරිගෙම එකතු කරලා..
මහින්දටම ගැහැව්වා...
ඒත් ටික කාලයක් යනකොට
මහින්ද වැරදි පාරට වැටෙන කොට...
මහින්දට විරැද්ධව මුලින්ම ලිව්වේ අපි...
අපි දැක්කා මහින්ද යන පාර වැරදියි කියලා..
මහින්දට තුනෙන් දෙක තියන කාලෙත්..
මහින්ද වැරදි වලට අපි විරැද්ධ වුනා...
දින්න යුද්දේ වවාගෙන කනකොටත් අපි..
විරැද්ධ වුනා..
මචං උඹ පවාදීම් ගැන කියනකොට නම්..
මට දෙකොනින් හිනා..
යකෝ උඹ වගේ තමන්ගේ ලොක්කා එක්ක..
එකට ආප්ප කාලා ඇවිත්..
පහුවෙනිදා පාවා දුන්න එක..
ජුදාස් කරපු පාවාදීමත් පරාද කරනවා..
ඒක නිසා ඔය පක්සේ පාවා දෙන සීන් ගැන නම්..
උඹේ ඔය කටින් කථා කරන්න එපා...
මොනවා වුනත් උඹ දැන් අපේ නායකයා..
ටොයියෝ බයියෝ කියන දෙගොල්ලන්ගෙම නායාකයා උඹ...
උඹ පෙනී හිටින්නේ මුලු මහත් ශ්රී ලාංකික ජාතිය වෙනුවෙන්ය කියන එක මතක තියාගනින්..
අපිට ඕනේ..
විවෘත කරන්න..
මළ ගෙදර යන්න...
පීත්ත පටිය කපන්න...
දැන්සැල දෙන්න..
පන්සල් යන්න...
ළමා සමාජේ ශාඛාව හදන්න...
ජනාධිපති කෙනෙක් නෙමෙයි...
හිටපන් කෙලින්....
තව අවුරුදු පහක් යනකන්..
උඹ තමයි මේ රටේ ..
“ජනාධිපති“...
මතක තියා ගනින්..
“ජන අධිපති“ කියන්නේ...
“අග මැතිට“ උඩින්..
ඉන්න චරිතයක් කියලා...
නියමයි!!!!
ReplyDeleteමහින්ද පරාජය කරන්න ඒ වෙලාවේ මේ පාවාදීම හෝ වෙන්වීම හෝ මොන කෙහෙම්මල හෝ වෙන සුදුසු නායකත්වයක් තිබුනේ නැහැ නේද? රනිල්, ෆොන්සේකා, සෝභිත හාමුදුරුවෝ, ෆේල් වෙලා හිටියේ.
ReplyDeleteදැන් මෛත්රී ක්රියාකරන්නේ බම්මන්නාගේ චරිතයට ඇඳලා බව කියන්නම ඕනේ.
වැඩක් නෑ බං. මේ මනුස්සයට ඕක තේරෙන්නේ නෑ.
ReplyDelete