Sunday, October 14, 2012

කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....



නිදාගන්න හදලත් ආයේ ලියලම නිදාගන්නවා කියලා හිතලා ටිකක් “වලත්ත“ උනත් හිතට දැනිච්ච දෙයක් කියන්න කියලා හිතුනා... අද වගේ නෙමෙයි අපේ කාලේ “ගලක්“ , “බෝක්කුවක්“ කියන්නේ ටිකක් අමාරැවෙන් බලාගන්න, දකින්න වෙන දෙයක්... සාමාන්‍යෙයෙන් දණිස්සෙන් අඟල් කීපයක් උඩට ඇඳපු කකුලක් දකිනවට වැඩයි මාර ආතල් විළුඹ ලඟට ඇඳපු එකක දනිස්සට පහලින් පේන එක.. හැංගිච්ච දේ අගේ වැඩියි කියනවනේ....අපේ කාලේ නම් එහෙමයි....දැන් නම් ඉතිං ඕකේ මහ ගානක් නැහැ.... මොකද වැඩි හරියක් යන්නේ තොංගලේ මුල්ලට කිට්ටුවට වෙන්න ඇරලා නිසා.... හැබැයි ඔය වැහිල්ලේ රහ දන්න එකා හැමදාම කැමති යන්තමට පේන එකට...වහලා තියන දෙයක් හොරෙන් බැලුවට... ඇරලා තියන දේවල් බලන්න ඒ තරම් උනන්දුවක් නැහැ.... වටේ යනවා වැඩියි වගේ... කියන්න ආපු කථාව කියලා ඉවර කරමු...

අපේ දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය.... ළමයි හැමෝම ගජරාමෙට වැඩ... කොටසක් සැරසිළි කරන්න සැලසුම් කරනවා.. තව කොටසක් වේදිකාව හදන්න... තව කොටසක් අමුත්තෝ පිළිගන්න... තවත් කොටමක් තෑගි සුදානම් කරන්න වගේ විවිධ වැඩ... ඒ අතරේ තව කොටසක් විවිධ ප්‍රසංගයට සුදානම් වෙනවා... අපේ පන්තියෙත් කීප දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා හිටපු නිසා මමත් දහම් පාසැල් වෙලාවෙන් පස්සේ නැවතුනා... පන්තියේ ගැණුළමයි කීපදෙනෙක් නැටුමක් පුරුදු වෙනවා.... පිළිගැනීමේ නැටුම.... 
තෙයියත්.... තෙයියත්... තෙයියත්... තා.... 

මේ අතරේ අපි කීපදෙනෙක් පන්සලේ දංගෙට ගියේ හාමුදුරුවන්ගේ දානේ ඉතුරු බුතුරු වලට වගකියන්න... අපි දෙතුන් දෙනා පොඩි පුටු දෙක තුනක වාඩි වෙලා දවල් දානේ ඉතුරුවට වගකියන කොට අපේ එකෙක් දංගෙයි ලෑල්ලකට ඇහැ තියාගෙන ඉන්නවා....

මොනවද බං බලන්නේ.... කන්නේ නැද්ද...

කෑනොහා හිටු....

කෝ මටත් දීපන්කෝ බලන්න....

කෝ දියන්කෝ බං... අයින් වෙයන් යකෝ...

අමාරුවෙන් මමත් ඇහැ තියා ගත්තා...

හුටා... නැටුම් කණ්ඩායමේ කෙල්ලක් දණ නවාගෙන තෙයියත් තා... කියනවා...

නැවිච්ච දණ අස්සෙන් බෝකුක්ව පේනවා...

දැන් අපි දෙතුන් දෙනා පොර කකා ලෑලි හිලෙන් මේක බලනවා....

දැන් ඇති බන් දැන් මම....

තප්පර කීපයකින් අනිත් එකා අදිනවා....

කෝ දියන්කෝ....

මොන ...... බං ටිකක් හිටහන්කෝ.....

ඉන්න දියන් කෝ... මට මේකට අයින්න හිතෙනවා බං....

බෙල්ල අතෑරපන්කෝ.....

හිටං යකෝ.....

අතෑරපන් .......තෝ බෙල්ල...... මට මේක බලන්න දීලා......

මම ඇහැ අහකට ගත්තා...

කහ පාට සිවුර පොරවපු අතක් මගේ බෙල්ල අල්ලගෙන හිටියා.....

--------------------------------------------

මේක තවත් බෝක්කු කථාවක්.....

අපොස උසස් පෙළ කියන්නේ අපේ කාගෙත් ජීවීතේ හොඳම කාලේ නේ... මගේ ජීවිතෙත් එහෙමයි.... ඉස්කෝලේ යනට වැඩිය උනන්දුවෙන් යන්නේ පන්තියට.... ලෑලි බංකු පේලියේ වාඩි වෙලා, ඉස්සරහා ඉන්න කෙල්ලගේ කකුල් පාගන්න.. කෙල්ලන්ව බයිට් කරන්න..... වගේ දහසක් වැඩ එක්ක වෙලාවක් තිබුනොත් ඉගෙන ගන්නනනේ ඔය පන්ති වලට යන්නේ... කොහොම හරි ඔය පන්ති යන කාලේ වෙච්ච සිද්ධියක් තමයි මේකත්... අපේ ලන්තියේ හිටියා ටිකක් “මොඩ්“ කෑල්ලක්... මේකිට කිව්වේ “අඟර“ කියලා.... අපේ ගෙවල් පැත්තෙමයි හිටියේ..... සාමාන්‍යෙයන් මෙයා අපි යන බස් එකේ නොගියත් දවසක් දවසක් මේ “අඟර“  අහම්බෙන් අපි යන බස් එකට නැග්ගා..... අපි කීප දෙනා ඉස්සරහාම සීට් එක බදු අරගෙන හිටියා.. මේකි වාඩි උනේ අනිතම පේලියේ මැද සීට් එකේ..... දැන් බස් එක හැටට හැටේ යනවා... අපි කට්ටිය එක එක විකාර කර කර යන අතර තුර මටග් ඇහැ ගියා “අඟර“ ගේ කකුල් දෙක අතරට.. මේකිට නොදැනිම කකුල් දෙක ඈත් වෙලා... මැද්දෙන් එළියේ....

මචං අරක බලපන්...

අඩෝ ..... රි  ගල නේද.....?

දැන් එක එක හොරෙන් හොරෙන් බලනවා...

ඒකි තව එකියක් එක්ක ලොකු කථාවක්....

බස් එක යන වේගෙට වලවල් වල වැටෙන වැටෙන සැරේට කකුල් තව තව ඈත් වෙනවා..... ලං වෙනවා....

තව තව වලවල් වල වැටියන්....

හිත කියනවා....

ඔහොම අපි අවසන් නැවතුම කිට්ටුවට ආවා....

අපේ එකෙක් අවසාන නැවතුමට එක හෝල්ට් එක්ක කලින් බහිනවා....

මු බහින්න ගියා පස්සේ දොරට.....

අන්තිම පඩියෙදී මු කියපි....

ඒයි රංජිනි අන්න අරන් ඔයාගේ “බෝක්කුව“ බලනවා.....

Monday, October 1, 2012

දිවිය ලෝකේ ගිය මගේ පුතාට.. තාත්තගෙන් පණිවිඩයක්...


මගේ පුතේ..
මට සමාවෙයන්...
උඹ ගැන මතක් වෙන මතක් වෙන..
හැම මොහොතකම..
බඩ පපුව දාලා යනවා...
මට තාමත් මතකයි..
උඹ බඩට ආවා කියලා..
දැන ගත්ත මොහොත....
මට...
“රාහුලෝ ජාතෝ..
බන්ධනං ජාතං“..
කියලා නොහිතුනත්..
මගේ පපුව මොහොතකට නතර උනා...
බලාපොරොත්තු නොවෙච්ච මොහොතක..
උඹ ආපු එක ගැන...
අම්මා කොයි තරම් කිව්වත්...
උඹලාගේ ආච්චි අම්මා කැමති උනේ නැහැ...
රස්සාවක් නැති..
හරියට ඉන්න හිටින්න තැනක් නැති..
උඹගේ තාත්තට...
තාත්තෙක් වෙන්න ඉඩ දෙන්න...
අම්මා අඩන කොට...
ඇස් දෙකේ මතුවෙන කඳුළු ගල් කරගෙන...
චුට්ටන් බඩ එක්ක...
කළු විදුරු දාපු කාමරේට ගියේ..
හිතේ කැමැත්තෙන් නෙමෙයි...
මිනිමරු දොස්තරයා...
උඹව එළියට ගත්තේ...
මී පැටියෙක් මරනවටත් වඩා..
පොඩි කරලා...
අනේ මගේ රත්තරන් පුතේ...
උඹ රාහුල උනා නම්...
නැහැ මේ වගේ දුකක් වෙන්නේ....
උඹ සිදුහත් උනත්...
මම දන්නවා උඹ පස් මහ බැළුම් බලන්න..
තරම් මෝරලා නැති බව....
අම්මා ඇඳේ දිගාවෙලා ඉන්නකොට..
දොස්තරටගේ මේසේ යට...
හතරැස් භාජනේ වැතිරිලා හිටපු....
උඹව දැක්කම...
අනේ මගේ පුතේ...
මම කොයි තරම් පවුකාරයෙක්...?
මම කොයි තරම් අවාසනාවන්තයෙක්ද..?
මම කොයි තරම් අසරනයෙක්ද..?
කියලා මට හිතුනා මගේ පුතේ...
දිවිය ලෝකේ ඉන්න උඹට..
මේ පණිවිඩේ ලැබෙන එකක් නැහැ...
උඹට පුලුවන් කමක් තිබුනොත්...
මාව අපායෙන් ගලවපන්...
මගේ පුතේ...

Wednesday, September 26, 2012

භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත)


 මාගේ ආදරණිය භාර්යාව වෙතය,

පසුගිය අවුරුද්ද තුල මම ඔයා එක්ක කායික සම්බන්ධතා ඇතිකරගැනීමට තුන්සිය හැටපස් වාරයක් (සාමාන්‍යයෙන් දිනකට එක් වරක් බැගින්) උත්සහා ගත් බව ඔයා හොඳාකාරවම දන්නා දෙයකි. එම අවස්ථාවන් මග හැරීමට ඔයා ඉදිරිපත් කල නිදහසට කාරනා ලැයිස්තුව පහත සඳහන් කරමි.

1. අද හොඳ නෑ (නරක දවස්)                        - දින 36
2. කොන්ඳ රිදෙනවා                                   - දින 28
3. ඔලුව කකියනවා                                     - දින 25
4. ඔයාට පිස්සුද මේ මහ දවල්                        - දින 16
5. බඩ රිදෙනවා                                         - දින 27
6. දතක් කකියනවා                                    - දින 04
7. අද නම හරිම මහන්සියි අනේ                     - දින 30
8. මෙහෙම දාඩිය දානකොට පුලුවන් ද            - දින 09
9. සොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ      - දින 16
10. පොඩි එකා ඇහැරෙයි                             - දින 18
11. අල්ලපු කාමරේ ඉන්න නෑදෑයන්ට ඇහැරෙයි - දින 18
12. පෙති ඉවරයි ගෙන්න අමතක උනා             - දින 05
13. අද හරියට රෑ උනා වැඩියි                         - දින 06
14. හෙට පාන්දර නැගිටින්න තියනවා              - දින 04
15. බොරුවට නිදාගෙන වගේ සිටීම                - දින 44
16. පෙත්ත ගන්න අමතක උනා                      - දින 05
17. ඇයි වදේ ඔයාට ඕකම විතරක්ද ඕනේ හැබෑට - දින 67
                                                              ------------
                                                               දින 358
අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන්              - දින   07
                                                              ------------
                                    එකතුව              - දින 365
                                                             ========
ඉහත සඳහන් කරුණූ ගැන මනා සංයමයකින් කල්පනා කොට අසරණ මා වෙත මේ අවුරුද්දේ වත් මෙම වැඩපිළිවෙල සාර්කත ලෙස කරගෙන යාමට සහයෝගය ලබාදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

මෙයට ඔබේ ආදරණිය
ස්වාමී පුරුෂයා

ප.ලි :-
ගොඩක් වෙලාවට ඔයා ඔයාගේ ඉල්ලීම් ඉල්ලන්න පාවිච්චි කරන්නේ ඇඳ.. මම ඇඳට එන්නේ එකතුවෙන්න බලාගෙන.. ඔය බලාගෙන ඉන්නේ එකතු කරගන්න... එහෙමත් නැතනම් මොකක් හරි පැමිණිල්ලක්.. සැකයක් විසඳගන්න... 
මතකද.. එදා මගදී ඔයා මගේ ඇහැව්වා...
ඇයි ඔෆිස් ගිහින් මට කථා නොකලේ කියලා.... ඇයි දෙයියනේ ඔයාට ඒ වෙලාවටවත් බැරිද මා ගැන තියන සැකේ අතෑරලා හිතන්න.... දෙයියන්ගේ නාමෙට බුදියගන්න එකවත් සැකයක් නැතිව බුදියගන්න..එක්කෝ ඇඳට එනකොටම ඔයා කියන්නේ අපේ අම්මාගේ වැරැද්දක්.. එක්කෝ අඩුපාඩුවක්... ආදරේ කරන්න නෙමෙයි මුලු පවුල් ජීවිතේම එපා වෙනවා ඒ වෙලාවට නම්...

ඔයා දන්නවා මම කොයිතරම් ඇකැමැතිද කියලා ඔයා වහලේ උළු ගනින එකට.. කොච්චර කිව්වත් ඔයා අහන්නේ නැහැ නේ... ඇත්තමයි මට වෙලාවකට මේ දේවල් එපා වෙනවා...

බලන්න ඔයා ඉස්සර කොච්චර ලස්සනට අඳිනව.. හැඩයිද.... දැන ඔයාගේ හැටි... ලබ්බට කොටු ගහලා වගේ.. මුලු ඇඟම බැළුම් බෝලයක් මැදින් නුලක් ගැටගහලා වගේ හැඩයි... 

උදේට දකින්නෙත් හවසට දකින්නෙත් පපුව බඩේ තියාගෙන ඉන්න ඔයාව... ඇයි ඔයාටත් බැරි අර අල්ලපු ගෙදර සීතා වගේ ලස්සනට ඇඳලා කරලා ඉන්න.. .ඔයාට කිවවාම ඔයා කියන්නේ “ඇයි දෙයියනේ තමුසටෙ ඒක විතරද පේන්නේ.. උදේ ඉඳලා රෑ වෙනකම් ළමයි එක්ක මහන්සිවෙන එක තේරෙන්නේ නැද්ද ?“ කියලා... මට තේරෙනවා... ඒත් මමත් කැමතියි මගේ ගෑණි ලස්සට පිළිවෙලට ඉන්නවා දකින්න... මමත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක්..

(ඊයක් සහ තවත් ටිකක්)
(අත්දැකීම් බෙදාගන්න ඉඩ)

Monday, September 17, 2012

අල්ලෙන් වල්ල වැසීම..... (වේදිකා නාට්‍යකි)

තුන වදී
රෙද්ද උස්සයි
--------------------------------------------------


අරෑ ගේ වැඩ හින්දා අපිට පාරේ බැහැලා යන්න විදියක් නැහැ අයියා...
පාර තාත්තා වෙනුවට පුතා පටන් අරන්...
ඒක ඇත්ත.... ඒත් මේ කා කිව්වට අහන එකක් යැ..
අනිත් එක මුට සැරෙන් කියන්නත් බැහැ..
වැඩක් කරගන්න ඉන්නේ විතරයි..
අනිත් එක ඕකා කට ඇරියොත් අපිට ඉන්න වෙන එකක් නැහැ.....
ඉදහන් මම කථා කරලා බලන්නම්....
--------------------------------------------
මොකද මල්ලී මේ කරන්නේ...
බලන්න දැන් අපි කොහොමද රටට මුන දෙන්නේ....
මොනවද මේ කරන වැඩ....
ඇයි අයියා මොකද ප්රශ්නේ... ඕන දෙයක් කියන්න මම විසඳන්නම්...
ප්රශ්ණේ ඹයාගේ ලොකු පුතා... මිනිහා අර ලොක්කෙක්ට ගහලලු....
මිනිහා දැන් ඉස්පිරිතාලෙලු...
අම්මපා.. මේ කියනකන් මම දන්නේ නැහැ නේ....
මුගේ අඬු කඩන්නෙපායෑ....
මම කියලා බලන්නම් කෝ.. කොහේද ඌටත් මම වගේම වෙන්න ඕන කියනවා නේ...
උඹ වගේ වෙන්න තව කල් ඉන්න කිහයං...
එතකං මේ අපේ එව්වෝ වගේ කාර් එකක් පැදලා.... බෝල ගහලා.. වැල්ලේ නඩුවක් බලව බලව ඉන්න කියපන්....
හරි අයියා මම මොනවා හරි කරන්නම්...
                                                  --------------------------------------------------
සර්.. මම මේ පොලිසියෙන්... සර්ගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න කථා කලේ....
මොක්කද අයිසේ...?
සර්ට පුලුවන් ලොකු බේබිව ටික දවසකට අපි ලඟට එවන්න... 
අපි හොඳට බලාගන්නම්...
හ්ම්... මට ලොක්කත් කථ කලා... 
හරි මම හෙට එවන්නම්... 
පරිස්සමින් බලාගන්න ඕනේ...
මගේන් පස්සේ වැඩ බාරගන්න ඉන්නේ මිනිහා... 
තමුසෙලාටත් හොඳට සලකයි...
හරි සර් අපි හොඳින් බලාගන්නම් බේබිව.... 
බේබි උදේට කන්න කැමති කෑම මොනවද දන්නෑ....
--------------------------------------------------
දවසක් මාර වැඩක් උනානේ....
හොරෙක් අවානේ පොලිසියට.... නිකං නෙමෙයි....
ආනමාළු කැනක් කරේ තියාගෙන....
ඇවිත් කිව්වා ඌ මේ ආනමාළු කැන වත්තකින් කැපවලු....
ඉදෙන්න ඕන්න මෙන්න නිසා වවුල්ලු කයි කියලා කැපුවා කියන්නේ....
කපපු පිහියයි.. කැනයි දෙකම අපිට බාර දුන්නා...
අනේ හරිම හොඳ හොරෙක්...
මට පව් කියලා හිතුනා අනේ....
කව්රුත් පැමිණිලි කරලා තිබ්බේ නැහැ නේ.
අතට සල්ලිත් දීලා ඇරියේ බස් එකට....
ඕන උනොත් එන්නම් කියලාත් කිව්වා....
පව් නේ....
--------------------------------------------------
අපි හැම තැනම හෙව්වා අනේ ඒ හොරාව.....
එක තැනකවත් නැහැ නේ....
හොරා හොරා වගේ හැංගිලා...
අපිට හොයන්න බැරි වෙන්නම....
අපි කොච්චර මහන්සි උනාද හොයන්න...
එයා අපි එනකොට හැංගි මුත්තේ හැංගියෝ කියලා දුවනවා...
එයා පව් අනේ....
අල්ලන්න දුකායි....
අපි එයාට කිව්වා අපි දිනයක් දෙන්නම් ඇවිත් අහුවෙන්න කියලා....
අනේ එයා හරී හොඳයි....
වෙලාවටත් කලින් අවිත් අහුඋනා....
උම්ම්ම්මම්ම්හ්හා එක්ක දෙනන් හිතෙනවා නේද...
-------------------------------------------
ඒ මහත්තයා මට ගැහැව්වද....
මට මතක නැහැ නේ......
මට ලාවට වගේ මතකයි...
ඒ මහත්තයා මගේ ගාවට එනවා.....
ඇවිල්ලා සිගරට් එකක් ඉල්ලනවත් මතකයි.....
මම දුන්නත් මතකයි.....
ඊට පස්සේ මහත්තයා ගින්දර ඉල්ලුවත් මතකයි......
මම ගින්දර නැහැ කිව්වාත් මතකයි......
වැඩේ කියන්නේ ඊට පස්සේ කිසිම දෙයක් මට මතක නැහැ නේ ඕයි.....
හ්ම්... බලමු මතක් කරලා.....
හරි.. හරි මතක් උනා.....
මහත්තයාට දෙන්න ගින්දර නැති උන් හින්දා..
මට ඇති වෙච්ච දුකට
මම.....
මගේම තුවක්කු‍වෙන්...
මගේම අතින්...
මගේම ඔළුවට....
ගහගෙන ගහගෙන ගියා වගේ...
මට යාන්තමට මතකයි.......

රෙද්ද උස්සගෙනම අවසන් වේ.....

Sunday, September 2, 2012

ඇරඹුමම කඳුලක් වෙලා.......


විවාහයක් කියන්නේ කෙනෙකුගේ ජීවිතේ දෙවන ඉපදීම.... ජීවිත කලේ පුරාම් අම්මා තාත්තා එක්ක ගෙවපු කාලේ වෙනස් වෙලා ජීවිතේ මගදී හඳුනගත්ත කෙනෙක් එක්ක ඉතිරි කාලේ ගෙවන්න සුදානම් වෙන හැමෝම මුලින්ම මුහුන දෙන ගැටළුක් තමයි, විවාහ වෙනකම් තමන් ගෙවපු ජීවිතෙන් මිදීමේ අපහසුතාව.. එහෙමත් නැත්නම් සමහර බැඳීම් අතහැරීම....

මේකෙදී අපට මුලිකව හමුවෙන බැඳීම් කිපයක් තියනවා... එකක් තමයි දෙමපිය බැඳීම... ඉපදුන දවසේ ඉඳලා හැදුනු වැඩුනු අම්මා තාත්තගේ රැකවරණය සෙනෙහස අහිමිවිම....
අනෙක තමයි සහෝදර සහෝරියන්ගෙන් ආදරයි....
අනෙක නෑදෑයින්ගෙන්....
විශේෂිතම කොටස තමයි යාළු මිත්‍රාදීන්ගෙන් වෙන්වීම....
ඔය දේ කොහොම උනත් අපේ තියන යම් යම් ආර්ථික අපහසුතා නිසා අපිට යම් සීමාවක් තුල ජීවත් වෙන්න සිද්ධවෙනවා.... සමහර විට පෙම්වතුන් අවධියේ මැව්ව හීන විවාහයෙන් පස්සේ බොඳවෙලා යන්නේ සැබෑ ජීවිතේම මුන දෙන යතාර්ථය නිසා..... අපි කොයි තරම් හීන මවාගෙන හිටියත් අපේ හීන වලින් කීයෙන් කියද හැබෑ වෙන්නේ... හීන වලට ලංවෙන්න දුරු වැඩි වෙනකොට... කාලෙත් එක්ක වයසට යනකොට හීන ඇතෑරලා හැබෑ ජීවිතේට ලංවෙන්න අපිට හිතෙනවා... ඒ විදියට විවාහ වුනු යුවලකගේ ජීවිතේ යථාර්ථය දැක්කේ මේ විදියට.......

ආවේ වැඩ ඇරී හොඳටම පමා වෙලා...
මැ එනතුරු බලා සිටියා ඇය මගට වෙලා....
එනවිට අපි දෙදෙන ඇතුලුට තුරුළු වෙලා...
අම්මා හිටියේ ඇස් කොනකින් බැළුම් හෙලා....

කසාද බැන්ඳේ මුල කාලේ තරුණවියේ....
අම්මයි තාත්තයි මා ලඟමයි සිටියේ....
අම්මා මාවෙතම අවධානෙන් සිටියේ...
දෙන්නා මැද ඈ නිතරම එන සැටියේ....

ඉඳිනෙමි බලාගෙන සැම නිදයන තුරැම....
නිකමට නැහැ ඉඩක් ඉන්නට තිනිතනිව...
සාලේ රෑපවාහිනියේ හඬ අඩුව...
තිබුනත් බලන්නට බැහැ කිසිවක් හිත දැඩිව....

ලේට් නයිට් චිත්තර පටි බලන කල...
අම්මා ඇවිත් කැරකෙයි නිරතුරු අසල....
නොනිදා ඉන්නේ, නිවාඩු දැයි අසන කල.....
උත්තර දෙන්න නැහැ කට නැත දොඩමළුව....

අවේ පමා වී ඇති වැඩ නිමකරලා....
ඇඟපත සොදලා සරමක් ගෙන ඇඳලා...
දාගෙන පොඩි එකක් මම සැන් පව්ඩර් ගාලා....
එන විට ඉඳී මා එනතුරු ඇඳට වෙලා.....

තුරුළුව එකිනෙකා ඇගටම එකට ඇලී....
සිටිනා කලට ගත සිත තව යයි ඉපිලී....
දානා කලට මම එක එක වැඩ කෑලී....
කට තදකරන් හිටියත් ගෑවෙයි කෙඳිරී....

මට බැහැ තවත් නම් ඉන්නට මෙය ඉවසා....
අදට මේ ඇතිය ඇය කිව්වා පවසා.....
මෙය නම් නවත්වනු බැහැ තව ඉවසනු කෙලෙසා....
අම්මා ඇහැරිලා  ඉන්නට ඇයිබැරි ඉවසා....

දාගෙන කකුල ඇඟ වෙත ඇය ගේ මත්තේ....
පෙරළුනි හිරකරන් පපුවට ඇය මත්තේ....
තෙරපෙන කරට ගත සිත අවදිව ඇත්තේ....
ඉවසා දරාගෙන ඉනු බැහැ මේ තත්තේ....

මගේ ස්පර්ශයට ඇය ටික ටික මත්වෙන්නේ....
කෙඳිරිය ඇගේ දැන් ටික ටික වැඩි වෙන්නේ....
කට තද කරන් හිටියත් නැහැ අඩු වෙන්නේ....
“ලොකු පුතා“ මොකද... ඇයි ඔය කෙඳිරිගාන්නේ....

කිව්වම අහලා මේ දේ අපි නවතමුද....
අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්ද.....
කියනා සිංහලේ තේරෙන්නේ නැද්ද....
අරගෙන වෙන ගෙයක් යන්න බැරි ඇයිද....

ගන්නට ගෙයක් පුලුවන් නම් මට හෙටම....
නොගෙන ඉඳියි කියලා ඔබ හිතවද....
නිදහස අපට කොයි තරමට වටිනවද....
පුලුවන් කමක් තිබුනා නම් නොකරයිද....

මහා රෑ ජාමේ ඇහැරුනු එලාම් තියලා....
ඇයි මේ වදේ නිදිනැද්දයි ඇය ඇසුවා....
අවදිවු හැඟුම් තවමත් සැනසුනේ නැතුවා....
නවතමු තැනින් අරඹමු දැයි මම ඇසුවා...

නිදිගැට කඩා හැර මා හට තුරුළු වෙලා...
ඇය මා මත් කලා පපුවට තුරුළු වෙලා....
පමා නොවී යන්නට පෙම ඉහ වහලා....
අල්ලා හිර කලා යන්නට බැමි බිඳලා....

කරස් කරස් සද්දෙන් ඇඳ හෙලවෙනවා....
ඔංචිලි වාරම වගේ එය දැන් පැද්දෙනවා....
නවතනු හිතක් නැහැ තව ඉක්මන් වෙනවා....
හොලවන පාරකට දෙවරක් හෙලවෙනවා....

ආසාව ද සතුට එක ලෙස දෝර ගලා....
බැඳි බැමි ලිහිල් කොට මැද්දෙන් ගමන් කලා....
අවසන් මොහොත ලං වෙනකොට අකුල් හෙලා....
“දඩාස්“ අපිටම හොරෙන් එක කකුලක් බුරුල් වෙලා....

දෙදෙනා කඩා වැටුනා මහා සද්දෙන් බිමට.....
ඇඳ පළු මෙට්ටේ හරහට කැඩිලා දෙකට.....
මොනවද ළමයිනේ මහ රෑ මහ හඬට....
අම්මා අසන විට උත්තර නැහැ අපට....


කසාදයක් බඳිනවා නම් අනිවාර්යෙන්ම අඩු ම තරමින් ජීවිතේ මුල කාලේ වෙනම ගෙවන්න පුලුවන් නම් විතරක් කසාද බඳින්න.... එහෙම නැත්නම අඩුම ගානේ කුලියට ගෙයක් අරගෙන වෙනම ජීවත් වෙන්න... එහෙම නොවුනොත් “ඇරඹුමක කඳුකල් වෙලා“ වගේ ජීවිතේ පටන්ගන්න කොටම ජීවිතේ අවුල් වෙයි..... විවාහ “ජීවිතේ දකින්න... විඳවන්න නොව... විඳගන්න....“