වට කරගෙන පරපුරම..
සරොම් පහයි..
කමිස තුනයි...
ඇඳ උඩ තෑගි මළු ගොඩයි..
ඒත්...
මුණබුරන්ගේ කථාව..
මිණිබිරීගේ හිනාව...
අද විතරයිනේ කියලා හිතෙනකොට..
දාගෙන යනවා මුළු පපුවම...
හෙට ඉඳන් ආයෙමත්..
පුරැදු බංකුව උඩ...
අඳුරන මුනක් ගේට්ටුව උඩින් පේනකන්..
බලාන ඉන්නවා අවුරැද්දම..
ඊලඟ තාත්තලගේ දවස එනකන්..
ලබන සැරේ එනකොට..
ජීවත් වෙලා හිටියොත්..
සරොම් කමිස නැතිව..
අරගෙන වරෙන්...
ආදරය පොඩි ගානකට..
"මුණබුරන්ගේ කථාව..
ReplyDeleteමිණිබිරීගේ හිනාව...
අද විතරයිනේ කියලා හිතෙනකොට..
දාගෙන යනවා මුළු පපුවම..."
අගෙයි!
@අශෝක.. ස්තුතියි ඔබට...
ReplyDeleteඅඩෝ ලස්සනට ලියලා තියනවා බොල..
ReplyDeleteසිරා හොඳේ... අකූ ගේ සහ ඔබගේ කවිවල සුවිශේෂත්වය මම දකින්නේ ඕන කෙනෙක්ට රසවිඳින්න පුළුවන්.. සමහර අය ලියන කවි තේරෙන්නේ එයාලට විතරයි.. එහෙම අමාරුවෙන් කවි තේරුම් ගන්න මට නම් ඕන නෑ.. මේ වගේ පැහැදිලිව දැනෙන්න ලියන කවි ඇත්තටම ලස්සනයි.. සුභ පැතුම්...
ReplyDelete@රවීන්... ස්තුතියි ඔබට....ඇත්තටම මෙහෙම දිගටම ලියන්න හිතාගෙන නෙමේයි බ්ලොග් එකක් ආරම්භ කලේ... ඒත් ඔයගොල්ලෝ හැමෝගෙන්ම ලැබෙන දිරිගැන්වීම් නිසා තමයි මේවගේ ලියැවෙන්නේ..
ReplyDeleteඅනේ මන්ද...හිතට මොනාද ..උනාවගේ
ReplyDeleteහරිම ලස්සනයි යාළුවා.. හිතට අමුතු හැගීමක් ආවා කියවද්දී..
ReplyDeleteමේ ෆොටෝ එක දැකලා මට සිහි වුනේ පිරවි කියන මලයාලම් චිත්‍රපටිය සහ පුරහඳ කළුවර චිත්‍රපටියයි.
ReplyDeleteලස්සන අදහසක්, දුක හිතෙනවා .......
ReplyDeleteආදරේ අරන් වරෙන් ග්ලොසරි බෑග් එකකට.
ReplyDelete