නුඹේ අධිකරණය..
විත්තිකරැවෙකු කොට මා නැවතත්..
නීති සහයක් නැතිවම...
නිදහසට කිසිත් නොකියම..
නිහඬවම සිටිමි මම...
නුඹට ඇති පෙම නිසා මා සිත..
රිද්දන්න බැරි නිසා නුඹේ මුදු වත..
දකිනු බැරි නිසා කඳුළු ඔය නෙත.
ඉතින් මා එල්ලන්න..
නුඹට පෙම් කල වරදට..
ඉස්කෝලෙ යනකොට..
පොත් අරන් දුන්න වරදට..
නුඹව රැක ගත්තට..
ඉතින් මා එල්ලන්න..
නුඹට පෙම් කල වරදට..
වරිච්චි බිත්ති.. පොල් අතු හෙවිල්ලපු..
නුඹේ පැලට.. ගොඩවුනු..
වරදට, නුඹව අත් නෑරපු..
ඉතින් මා එල්ලන්න..
නුඹට පෙම් කල වරදට..
මේ තරම් කියද්දි
ReplyDeleteනො එල්ලා ඉනු කොහොම
බාල්කය උස වැඩියි
කඹය ගැට ගහගන්න
හැකිද අවසන් වරට
ඒ ටිකත් කර දෙන්න
ස්තුතියි....Luckey
ReplyDeleteඉතින් මා එල්ලන්න
ReplyDeleteනුඹට පෙම් කල වරදට
දෙසවන් වසාගෙන ඉන්නම්
නොඇසෙන්න නුඹෙ රලු වදන..
ඒත් නුඹම එන්න
තොන්ඩුව අරන් මගෙ ලගට
දෙනෙත් ඇරගෙනම මම ඉන්නම්
මියෙන මොහොතෙදි නුඹ ලග මම..
ස්තුතියි.... Dinesh ඔබට...
ReplyDeleteරෙස්ලින් බලන්න ඔනෑ ද එහෙනම් එන්න http://wrestlingsl.blogspot.com/
ReplyDeleteපේන විදියට විත්තිකරුත් ඔබයි, ජුරියත් ඔබයි, තීන්දුව දීලා තියෙන්නෙත් ඔබයි.
ReplyDeleteඒ හන්දා ඉතින් එල්ලෙන්ට.
අවසානය නොම දැනම
ReplyDeleteආදරන් රැක බලා
කිරි පොවා ඇති කලේ
නාගයෙක් නොවෙද ඔබ?
වරිච්චි බිත්ති.. පොල් අතු හෙවිල්ලපු..
ReplyDeleteනුඹේ පැලට.. ගොඩවුනු..
වරදට, නුඹව අත් නෑරපු..
ඉතින් මා එල්ලන්න..
නුඹට පෙම් කල වරදට..
නියමයි සහෝ..උඹ ගෙ කව් මං අගයන්නේ එහි ඇති අව්‍යාජ ගතිය නිසයි.
@ ගිණි අවි.... මගුලක් කථා කරනවා... හික්ස්..
ReplyDelete@ පොඩි කුමාරිහාමි... තීන්දුව දීලා ඉවරයි.. කොහොමත් එල්ලේන්න තමයි වෙන්නේ..
@ පූසා.. මොනවා කරන්නද ?.. ජීවිතේ හැටි ඔහොම තමයි..
@ කසුන්.. ස්තුතියි උඹට..උඹේ නම කියන හැම වෙලාවකම මං අතීතයට යනවා..සන්නස්ගල සර් ගේ වස්සානයේ සිහිනයට..
මොන මඟුලකටද ඔය තරම් දේවල් කෙරුවෙ දුක් වෙන්න නං, කාට හරි උදව් කලා කියලා හිත හදා ගන්නවා මිසක් ....
ReplyDeleteවිත්තියටයි පැමිණිල්ලටයි දෙන්නටම එකතු වෙලා නීතිඥ මහත්තොරුන්ට නෙලන්න තමයි අන්තිමට වෙන්නේ.
ReplyDeleteනියමයි
ReplyDeleteGood yalu
ReplyDelete