Monday, September 12, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 5 (ගුටි නොකා සිටීමේ අයිතිය)

පසුගිය ලිපි තුනකදිම අපි කථාකලේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 11 වන වගන්තිය ගැන.. අද අපි ඒ වගන්තියේ එන අවසාන පැහැදිලි කිරීම කරලා මේ සම්බන්ධයෙන් බලපාන නීති පද්ධතිය ගැන දැනගමු. 

අවමන් සහගත සැළකීම.... කියන්නේ මොකක්ද... මේක අපි මුලින් කථා කරපු පහරදීම් වලට වඩා බොහොම දරැණු තත්වයක්.. නමුත් අපි ගනන් ගන්නේ නැහැ.. මේ කියන්නේ මානසික වශයෙන් අපිට කරන නින්දා කිරීම්, එහෙමත් නැතිනම් බැනුම් වගේම පහත් කොට සැළකීම් වගේ දේවල් ගැන. මෙතනදිත් මේ වචනය සම්බන්ධයෙන් පැහැදිලි අර්ථකථනයක් නීති පොත්වල නැතත් විවිධ නඩු තීන්දු වලදී මේ අවමන් සහගත සැළකීම ගැන පැහැදිලි කිරීම් කරලා තියනවා..


පොඩි උදාහරණයක් කියන්නම්. මේ සිද්ධිය කෑගල්ල පැත්තේ වෙච්ච එකක්. කෑගල්ල පැත්තේ පෙර පැසැල් ගුරැවරියක් යම්කිසි කාරණයකට ගියා කෑගල්ලේ පොලිසියේ ඕඅයිසී මහත්තයා හම්බුවෙන්න. ඕඅයිසී මහත්තයා හිටියේ නැති නිසා රිසව් එකේ රාළහාමි මේ නෝනව ඕඅයිසී මහත්තයාගේ කාමරෙන් වාඩිකරවලා තිබ්බා. ඕඅයිසී  මහත්තයා එනවලු පොලිසිය ඇතුලට. මේ රාළහාමි එකපාරටම කිව්වලු “ සර් මරැ බඩුවක් ඉන්නවා ඇතුලේ සෙල්ලම් කරනවානම් කියලා”.. (සෙල්ලම් කියන්නේ කැරම්,දාම් වගේ දෙයක් වෙන්න‍‍‍ ඇති) දන්නවනේ ඔය රාළහාමිලගේ කටවල්. වටේම ඉන්න මිනිස්සු ඔක්කොටම මේක ඇහුනලු. අර මහත්තයත් අර කථාව අහගෙනම ගිහින් අර ගුරැවරියගේ අවශ්‍යතාව ඉටුකරලා දුන්නලු. ‍කොහොම හරි මේ ගුරැවරියගේ හිත‍වතෙක් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ගුරැවරියට දැනුම්දුන්නා. හැබැයි ගුරැවරිය දැනගෙන නිකම් හිටියේ නැහැ. ඇය ගරැ ශ්‍රේෂ්ඨාධිකරනගේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකලා තමන්ට කරපු අපහාසයට විරැද්ධව 11 වැනි වගන්තිය යටතේ. එහි දී ගරැ ශ්‍රෙෂ්ඨාධිකරණය ඇයගේ මූලික අයිතාවාසිකම් උල්ලංඝනය වෙලා තියනවා තියලා තීරණය කරලා වන්දියකුත් ගෙවන්න නියම කලා. අනිතිමට අර ඕඅයිසී මහත්තයට සෙල්ලම් නොකරම වන්දි ගෙවන්නත් සිද්ධඋනා.

මේ වගේ බොහොම සිද්ධීන් තියනවා, හිතන්න අපි යම් පැමිණිල්ලත් කරන්න පොලිසියට යනවා කියලා. අපිට කොයිවගේ තැනකද පැමිණිල්ල කරන්න තියෙන්නේ. කිසිම පෞදිගලිකත්වයක් නැහැ. වටේටම මිනිස්සු. ඒ මදිවට අහන ප්‍රශ්ණ.  එකම සිද්ධිය වරින වර ඇසීමේ පොඩි ආශාවක් තියනවා සමහර පොලිස් නිළධාරීන්ට.  මේ  සම්බන්ධයෙන් බොහොම සංවේදී කථාවක් තියනවා. මේක කාන්තා හා ළමා කටයුතු සම්බන්ධ රජයේ නීතිඥ මහත්‍තයෙත් මුහුන දීපු අත්දැකීමක්.  සිද්ධිය මේහෙමයි.

එක්කරා බාලවයස්කාර ගැහැණු ළමයෙක් දුෂණය කිරීම සම්බන්ධයෙන් අවසාන නඩු විභාගය. (දන්නවනේ මේ නඩු වසර කීපයක් යනවා., සටහර අවස්ථ තියනවා ස්ත්‍රී දුෂණ නඩුවේ පැමිණිළිකාරියයි, විත්තිකාරයයි විවාහ වෙලා නඩුවට ආපු අවස්ථාත් තියෙනවා)  විනිශ්චයකාරවරිය අර ගැහැණු දරැවගෙන් ඇහැවුවලු මොකද උනේ කියලා. මේ ගැහැණු ළමයා ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියලු. නැවතත් විනිශ්චයකාරවරිය ඇහැව්වලු මොකද උනේ කියලා.. මේ ළමයා එක පාරටම කිව්වලු "මුකුත් උනේ නැහැ" කියලා. නීතිඥතුමා ටිකක් කලබල වුනාලු. නිශ්චයකාරවරිය ගෙන් ටික වෙලාවක් ඉල්ලගෙන මේ ළමයත් එක්ක කථා කලාලු.  මේ ළමයා දීපු උත්තරේ මම ඒ විදියටම කියන්නම් 

“සර් මම මේ කථාව 44 වතාවක් කියලා කියනවා ‍. සර්ට ඕනේ 45 වැනි වතාවටත් මේක අහන්නද ?”

කථාව සම්පුර්ණ ඇත්ත... හිතන්න අපි පැමිණිල්ලක් කරන්න පොලිසියට යනවා.. අපි පොලිසියට ඇතුල්වෙන කොටම ඉස්සලම ගේට්ටුවේ ඉන්නේ පොලිස්පතිතුමා... එතුමගෙන් අවසර ගන්න ඔනේ....ඈ.... මොකද බය උනාද ? නැහැ මං කිව්වේ.... එතන ඉන්න සිවිල් ආරක්ෂක නිළධාරිය හැසිරෙන්නේ ‍පොලිස්පති වගේ නේ ... එයාට සිද්ධිය කියන්න ඕනේ... ඉතිං එයා මේක රස කර කර අහනවා...ඇත්තද... කොහෙමද කලේ... කකුල ඉස්සුවද... අත්දෙක හිර කරගත්තද... ගවුම ඉරැනේ කොහොමද? ඔය වගේ දේවල්... ඊට පස්සේ රිසව් එකේ රළහාමිට කියන්න ඔනේ සිද්ධිය... එ‍යා මේක අහලා දානවා ඕඅයිසී ගාවට, ඕඅයිසී අහනවා සිද්ධිය... මේක ක්‍රයිම් කේස් එකක්... දානවා ක්‍රයිම් එකට... ක්‍රයිම් ඕඅයිසී අහනවා විස්තරේ... වයස කීයද ? ඕ... බාල වයස්කාර නේද? මේක සී ඇන්ඩ් ඩබ්ලියු (Child & Women) එකක්... දානවා කාන්තා හා ළමා අංශයට... කාන්තා අං‍ශේ නිළධාරීන්ට ආයිත් මුල ඉඳලා විස්තරේ කියන්න ඕනේ... ඊට පස්සේ ඉස්පිරිතාලේ.. ජේඑම්ඕ... රෝහල් පොලීසිය... නිතිඥයෝ...... මොහොතක් හිතන්න.... මේක හරියට සමුහයක් එකතුවෙලා දුෂණය කරනවා වගේ වැඩක් නේද?  මේ ඔබ... ඔබේ සහෝදරිය..විය හැකියි.....

අපි දැන් බලමු වධහිංසාව පිළිබඳ නීති පද්ධතිය සකස් වී ඇත්තේ කෙසේ ද යන වග. 

ලෝකයේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන ප්‍රථම ලේඛණය බිහිවන්නේ 1948 දීය (මීට කලින් විවිධ ගිවිසුම්... ලේඛණ බිහිවෙලා තියෙනවා, නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් බිහිවෙන පලමු ලේඛණය වෙන්නේ මේක) .. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශයයි.. මෙය ගිවිසුමකි.. එහි වධහිංසාව ලක් නොවී ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කර ඇත. නමුත් අප රට තුල වධ හිංසාව සම්බන්ධයෙන් මුලින්ම ලිඛිත ගිවිසුමක සඳහන් වන්නේ 1815 දී අත්සන් කරන ලද කන්ඳ උඩරට ගිවිසුමේය. එහි 6 වැනි වගන්තියෙන් වධ හිංසාව වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත.

කන්ඳ උඩරට ගිවිසුම -  6 වැනි වගන්තිය


 ඒ කාලෙත් සුද්දෝ වධහිංසාව කරලා තියනවා...

1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහා පනත

28 වන වගන්තිය
"සිර භාරයට ගනු ලැබූ තැනැත්තෙකු ඔහු පැනයාම වැලැක්වීමෙහිලා අවශ්‍ය ප්‍රමානයට වැඩි මැඩ පැවත්වීමක් ඔහු සම්බන්ධයෙන් නොකල යුතුය."

38 වන වගන්තිය
"වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයකු පිළිබඳව පොලිස් ස්ථාන භාර නිලධාරි විසින් අදාල මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්ථා කළ යුතුය." මේ මගින් සිරභාරයට පත් පුද්ගලයින්ට පොලිසිය හෝ අනෙක් සාම නිලධාරින් අතින් වන වධ බන්ධන වලින් වැලැක්වීමට කටයුතු කරයි.

අද මේ වගන්තීන් ක්‍රියාතමක් වීම පිළිබඳ ගැටළුවක් තිබේ.. අත්අඩංගුවට ගෙන මංචු දැමීමෙන් පසු පහරදෙයි.. ජීප් රථයට දමන්නේද පහර දීමෙන් පසුවය.. ගැටළුව ඇත්තේ 28 වන වගන්තියේ සඳහන් “අවශ්‍ය ප්‍රමණය” තේරැම් නොගැනීමයි. මේ අවශ්‍ය ප්‍රමාණය මරණය දක්වා ගිය සිද්ධීන් අප රට තුල ඕනෑ තරම් ඇත. මීට වසර කීපයකට ඉහතදී පුද්ගලයෙකු පොලිස් සිර මැදිරියකදී ගෙල වැළලාගෙන මිය ගියේය. මගේ මතකය හරි නම් ඒ මොරගහහේන පොලිස් ස්ථානයයි. ඒ ආසන්නම කාලයකදී තවත් පුද්ගලයෙකු පොලිස් මුරපොලකදී මිය ගියේය... ඒ සියළු මරණ අභිරහසිගතය... මා දන්නා තරමට තවමත් ඒවා එසේය..

38 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි මහේස්ත්‍රාත් අධිරණය වෙත වාර්ථා කලයුතු කාළය උපරිමය පැය 24 කට පෙර විය යුතුය.. එයින් අදහස් වන්නේ ඊට ‍වඩා අඩු කාළයකින් මහේස්ත්‍රාත් අධිරණය හෝ මහේස්ත්‍රාත්තුමා වෙත (මහේස්ත්‍රාත් නිළ නිවසට) ඉදිරිපත් කල හැකි අවස්ථාවක එසේ නොකර සිටීමද මෙම වගන්තිය උල්ලංඝනය කිරීමකි. (‍සෙනසුරාදා ඉරිදා දිනයන්හී දී අත්අඩංගුවට ගන්නා විටද මෙය එසේමය.. මහේස්ත්‍රාත් නිළ නිවසක් රජය විසින් ලබා දී ඇත්තේ ඒ සදහාය, මහේස්ත්‍රාත් නොමැති අවස්ථාවක වැඩ බලන මහේස්ත්‍රාත් වරයෙකු පත් කල යුතුය)  මේ උපරිම කාළය පැය 48 දක්වා දීර්ඝ කිරීමට රජය විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් පසුගියදා ගෙන ආවේය. එය පොලිසිය හොදය, ඕනෑම දෙයක් කීරීමට කාළය ඇත.. සැකකාරයන්ට අපලය... අඩුම වශයෙන් රෑ දෙකක් පොලිස් නිළධාරීන්ගේ බයිට්  එක විය යුතුය.. බලන්න එන හිතවතුන් දින 2 ක්  රිසව් එකේ රාළහාමිට තේ ඇදිය යුතුය.. ෆොටෝ කොපි ගසා දිය යුතුය... සමහර අවස්ථාවල ‍ඇප කොළය ලියන්නට පෑන නැත.. පෑන් ‍අරන් දිය යුතුය...  

1994 අංක 22 වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත

ශ්‍රි ලංකාව, එක්සත් ජාතින් විසින් සම්මත කළ වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුතිය 1984 දී අත්සන් කිරීම හා පසුව එයි ප්‍රතිපාදනයන් ආශ්‍රයෙන් 1994 අංක 22 හරහා ඉහත පනත ලංකාව තුල වධ හිංසාව වැලැක්විම උදෙසා ප්‍රතිපාදන සැලැස්වීය.එහි 2 වන වගන්තිය වධ දෙන,වධ දීමට තැත්කරන,වධ අනුබල දෙන හෝ වධ දීමට කුමන්ත්‍රනය කරන අයෙකු "මෙම පනත යටතේ වරදකරුවකු වන අතර වසර 7ක සිර දඩුවමකට ලක්වන්නේය”.
පනත යටතේ වධ හිංසාවට වරදකරුවකු වීමට එම වධ හිංසාව පහත අයුරින් සිදුකල තිබිය යුතුය.
  • අදාල පුද්ගලයා පිලිබද හෝ තුන්වැනි පාර්ශවය පිළිබද තොරතුරක් හෝ පාපොච්චාරනයක් ලබා ගැනීම.
  • අදාල පුද්ගලයා හෝ තුන්වැනි පාර්ශවය විසින් කළ ක්‍රියාවට දඩුවම් කිරීම.
  • අදාල පුද්ගලයාට හෝ තුන්වැනි පාර්ශවීය පුද්ගලයකු තර්ජනය කර බිය වැද්දිමෙන් එකඟ කර ගැනීම සදහා
මෙම පනත මගින්ද තොරතුරැ ලබාගැනීම සඳහා කරනු ලබන වධහිංසාවන්ද දඬුවම් වශයෙන් කරන්නාවු වධහිංසනයද බියවැද්දීමට හෝ එකඟ කර ගැනීමට කරනු ලබන හිංසනයද තහනම් කර තිබේ... මේ හේතුවෙන් අපේ රටේ කිසිම ආකාරයක වධ හිංසාවක් සිදුවන්නේ නැත. පුතා අත්අඩංගුවට ගත නොහැකි තැන අම්මාව අත්අඩංගුවට ගන්නේ නැත,  අත්අඩංගුවට පත්වන්නගේ පවුල් වලට කරදර කරනබව කියමින් තර්ජනය කරන්නේ නැත, ස්වාමිපුරැෂයා අත්අඩංගුවට ගත් පසු බිරින්දෑවරැන්ට ඕඅයිසී මහත්වරැ අයුතු බලපෑම් කරන්නේ නැත. ඒක මාර හොඳ තත්වයකි..

1996 අංක 21 දරණ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත

මෙම පනත යටතේ වධ හිංසාවක් සිදු වූ හෝ සිදු වීමට අත්‍යාසන්න තත්ත්වයක් පිළිබඳ විමර්ශනය කොට ඒ පිළිබඳ නිර්දේශ නිකුත් කිරිමට බලය ඇත.පනත යටතේ ,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හෝ හදිසි රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගයන් හා එකී පුද්ගලයන්ගේ රැදවුම් ස්ථානමාරු කිරිම පීළිබද පැය 48 ඇතුලත ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැන් විය යුතුයැයි (28 වන වගන්තිය) ප්‍රතිපාදන සලසා ඇත.
එසේම කොමිෂන් සභා පනත තුල බලතල යටතේ බලයලත් නිලධරීන්ට පොලිසිය,බන්ධනාගාර ඇතුළු රැදවුම් ස්ථාන පරීක්‍ෂා කිරීමට හා එකී කරුණු පරීක්‍ෂා කර ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිම උදෙසා ප්‍රතිපාදන සලසා ඇත.මෙම ප්‍රතිපාදන හරහා අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට සිදුකරනු ලබන වධ හිංසාවන් නීතිය මගින් තුරන් කිරිමට කටයුතු කර ඇත.

මේක මරැය... සියළුම දෙනා මානව හිමිකම් කොමිශන් සභාවෙන් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කරති. සියළුදෙනා හොඳින් වැඩකරති... උදේට එති... තේ බොති.... කති... නිදති..... තේ බොති... යති.... ජකතාව ගුටි කති.. වැනිය...

පොලිස් ආඥා පනත

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වධ හිංසාවට ලක් වීම වැලැක්විම උදෙසා පියවර ගෙන ඇත.එනම් පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසි මගින් රැදවියන්ට සැළකිය යුතු ආකාරය හා උප සේවා නියෝග මගින් ද දක්වා ඇත්තේ රැදවියන් පිළිබද නිරන්තරයෙන් පරීක්‍ෂා කළ යුතු බවත්,ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සැලකිය යුතු බවත්ය.

මෙයි ගැටළුව ඇත්තේ පොලිස් ආඥා පනත කියවන පොලිස් නිළධාරියෙකු සොයා ගැනීමය ඇති අපහසුතාවයයි.. කියවන්න අවශ්‍ය වුවත්, පොලිස් ආඥා පනතෙහි පිටපතක් හොයා ගැනීම ඊටත් වඩා අමාරැ කාර්යකි.. 

2001 අංක 11 දරණ අධ්‍යාපන චක්‍ර ලේඛනය
 
මෙම චක්‍ර ලේඛනය මගින් පාසැල් තුල සිදුකරන ශාරීරික දඩුවම් දීම සම්පූර්නයෙන් තහනම් කරන ලදි.

මේ ගැන මා කථා කරන්නට සුදානම් නැත... මාද හොඳට ගුටිකා ඇත.. ගුරැවරයෙකු ඉදිරියේ සිරැවෙන් නොසිටීම හේතුවෙනු වැදුනු කම්මුල්පාර වසර 30 ගතවුවත් තවමත් මා ගුරැවරයෙකු ඉදිරියේ සීරැවෙන් තබයි.. නමුත් ඒ ගුරැ දෙවිවරැ කර්ණ පටලයට හානියක් කලේ නැත, පුටු කකුල් වලින් තඩි බෑවේද නැත...



මේ සමගම  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 11 වන වගන්තිය ගැන සාකච්ඡාව අවසන් කරමු... මී ල ලිපිය අත්අඩංගුවට ගැනීම පිළිබවය... මේ ලිපි මාලාව සම්බන්ධයෙන් ඔබ දක්වන අදහස් මීල ලිපි සදහා ඉතා වැදගත් වනු ඇත..

(උපුටා ගැනීම් විකිපීඩියා.....)

7 comments:

  1. මේ නීති රීති ක්‍රියාත්මක කරව ගන්න ලෝයර්ස්ලට දෙන්න සල්ලි නැති දුප්පත් අහිංසකයො ඊයෙත් ගුටි කෑවා.. අදත් ගුටි කනවා.. හෙටත් ගුටි කාවි.. බස්සා.. නිදහස් නීතිඥ සේවයේ දුප්පත් කියන නිර්නායක මැනීම නම් වෙනස් විය යුතුයි..රු 20,000ක් ගත්තත් පඩිය අද බොහෝ පවුල් දුප්පත්..
    වැදගත්ම ලිපි පෙලක්.. මම ලෝ ඉගෙන ගන්න ගොඩාක් අයට කිව්ව මේ ලිපි ටික බලන්න කියල..

    ReplyDelete
  2. ඉතා අවධානයෙන් ඔබේ ලිපි පෙලම කියෙව්වා. ඔබෙන් ගත හැකි ප්‍රයෝජනය නියම ආකාරයෙන් නොගැනීම ගැන කණගාටුවක් ඇතිවුනා..මේ ලිපි පෙළ හරහා සංවාදයක් ගොඩනැගුනා නම් ඉතා අගනා බව හැඟේ..අපි උත්සාහ කරමු.
    ඔබේ ලිපි Facebook share කිරීම ගැන හෝ මේ ලින්ක් එක වෙනත් අය වෙත ලැබීමට සැලැස්වීම ගැන ගැටළුවක් නැහැ නේද ?

    ReplyDelete
  3. @ වෙනී....නීහඬව සිටීම තුල කිසිවක් වෙනස් වෙන්නේ නැහැ සහෝදරයා... බොහොම ස්තූතියි... ඔබගේ අදහස් වලට... සහ හඳුන්වාදීමට...

    @ ලකී.... බොහොම ස්තූතියි ඔබට... මේ දේවල් මං ලබාගත්තේ නිදහස් අධ්‍යාපනයෙනුත්‍‍‍... සමාජයෙන් සහ මා ලද අත්දැකීමි තුලින්... මේව අයිති සමාජයට... දෙන්න හැකි තරම් දෙන්න... කියවන්න... උපුටාගන්න... කිසිම ගැටළුවක් නැහැ... මගේ බලාපො‍රොත්තුවත් එයමයි..

    ReplyDelete
  4. මම රීඩරේ හරහා මේ ලිපි කියෙව්වාත් කොමන්ට් කරලා නෑ වෙන්න ඕනේ.

    හරිම වැදගත්. කොටින්ම මේ වගේ නීති ලංකාවේ තියෙනවද කියලාවත් නොදැන මම හිටියේ...

    මට එක දවසක් පොලිසියට යන්න උනා. මගේ වාහනේ වෙන එකෙක් හප්පලා....
    (එදා නම් මම පොලීසියේ අයට කියා දුන්නා ඕවයින් ටිකක්... ඊට පස්සේ බලන්න එපැයි මට තිබ්බ සැලකිලි.... )

    ReplyDelete
  5. ලිපිය කියෙව්වා. බොහොම ස්තුතියි දැනුවත් කලාට. ඇත්තටම කාල වේලා මදිකම නිසා සාකඡ්ඡාවට එන්න අමාරුයි..නැත්නම් එනවා

    ReplyDelete
  6. @ Il Mondo di Una Povera Pazza... බොහොම ස්තූතියි ඔබට.. මේ සම්බන්ධයෙන් උනන්දු වීම ගැන.. අපේ මිනිස්සු අඩුවෙන්ම උනන්දු වෙන විෂයන් තමයි නීතිය කියන්නේ.. ‍පොඩි කාරණයක් අහන්න හිතුනා.. මේ නමේ තේරැම මොකක්ද ?

    @ ගිම්හානි... හුඟ දවසකින් දැක්කේ නැහැ..බොහොම ස්තූතියි නංගි ඔබට... වෙලාවක් තිබුනොත් ඇවිත් යන්න...

    ReplyDelete
  7. සෑහෙන්න වැදගත් ලිපියක් ....
    තව පාරක් කියවලා ආයිත් මේ පැත්තෙ එන්නම් ......

    ReplyDelete