Thursday, October 6, 2011

අසම්මත ප්‍රේමය...............

හමුවුනත් ආදරය
තුරැල්ලට ලංකරන්
සුන්දරව විඳගන්න
ඉඩක්වත් නොමැති''''

හිතේ දුක මුදා හැර
ඇස කඳුළු පිටකරලා
කෑගසා හඬන්නට
ඉඩක්වත් නොමැති''''''


තුරැල්ලට යන කලට
ඔහු විඩා නිවන්නට
ඔබව වළකාලන්න
ඉඩක්වත් නොමැති.....


අසම්මත පෙම්වතා 
මමමයි...

මිය ගියද මා දිනෙක
සමුදෙන්න මා හට
කඳුලක් හෙළන්නට
ඉඩක්වත් නොමැති....


ගිලන් කල යහන ලඟ
හිඳ මහිස පිරිමාද
දිත සතපවාලන්න
ඉඩක්වත් නොමැති....

සිතේ ඇති පෙම් හැඟුම්
නිදහසේ හෙළන්නට
පෙම්වදන් මුමුනන්න
ඉඩක්වත් නොමැති....

අසම්මත පෙම්වතිය
ඔබමය...

7 comments:

  1. සෑම දේකටම තහංචි දමන ලෝකයට,
    හදවත බැඳ සිරකරලන්නට නොහැකි වූ කල ඇලවූ ලේබලයයි,
    අසම්මත ප්‍රේමය..........
    නැත්තං ප්‍රේමය කොහොමද අසම්මත වෙන්නෙ,?

    ReplyDelete
  2. මට මේකෙ අකුරු කියවන්න බෑනෙ. මෙච්චරකල් බස්සා ලිව්ව අකුරු මට පෙනුණා. මේකෙ පේන්නෙ අමුතු සංකේත ජාතියක්. :(

    ReplyDelete
  3. I can't read this post!

    ReplyDelete
  4. කවිය හරිම අපූරුයි බස්සා... මේ යුනිකෝඩ් එක කොහෙන්ද හොයා ගත්තේ???

    ReplyDelete
  5. @ රැහිරැ.... ස්තූතියි ඔබට...

    @ ‍නලිනි චන්දිමා... දොස්තර නෝනා කාලෙකින්.... සමාවෙන්න.. මං වෙන "ෆොන්ට්" එකක් පාවිච්චි කරලා බැලුවා.... ඔන්න හදලා දැම්මා.... ස්තූතියි ඔබට ...

    @ විසිතුරැ ....ස්තූතියි ඔබට...

    @ දිනේෂ්.... ස්තූතියි ඔබට...මේක මචං යුනිකෝඩ් නෙමෙයි... මං නිකමට වගේ වර්ඩ් ‍ඩොක් එකක් විදියට ටයිප් කරලා ගෙනල්ලා ‍පේස්ට් කලා.. හැබැයි ෆොන්ට් එක නැති අයට බලන්න බැහැ..

    ReplyDelete
  6. ලස්සන පද වැල් ටික ......
    නියමෙට ලියලා තියනවා ........

    ReplyDelete
  7. හරිම වේදනාවක්..... ඒත් වේදනාව ත් මිහිරක් ගේනවා.

    ReplyDelete