Thursday, April 12, 2012

සුනාමියක්....එන්න අපි දුවමු.......

(පිංතූරය රවිඳු දිසානායක)

පෙරවදන

"එක්තරා කැලයක හාවෙක් හිටියා... දවසක් මේ හාවා ගහක් යට නිදියගෙන ඉන්නකොට එකපාරට මහා සද්දයක් ආවා... හාවා හිතුවා අහස කඩා වැටෙනවා තමයි තියලා..... කඩාවැටෙන අහසින් බේරෙන්න එලෝ මෙලෝ සිහියක් නැතිව දුවන්න ගත්තා.... මෙහෙම දුවන හාවට නරියෙක් හම්බ උනා... නිරිය ආහාව්වා ආයි හාවෝ මේ පන කඩාගෙන දුවන් නේ කියලා.... හාවා කිව්වා අහස කඩා වැටනවා... මම ඒකෙන් බේරෙන්න දුවනවා කියලා... නරියත් හාවාට එකතු උනා..... දෙන්න දුවනකොට මීමින්නෙක් හම්බ උනා.... මීමින්නා ඇහැව්වා නරියාගෙන් ඇයි මේ දුවන්නේ කියලා.... නරියා කිව්වා අහස කඩා වැටෙනවා ඒනේ බේරෙන්න දුවනවා කියලා..... මීමින්නත් මේ දෙන්නා පස්සේ දිව්වා...... පස්සේ මුලු කැලේ සත්තු ඔක්කොම දිව්වා... කැලේ පෙරලගෙන... ආත භූත නැතිව... සිහි විකල් වෙලා..... පැටව් අතින් කටින් උස්සගෙන දිව්වා... සිංහයා හම්බ නොවුනා නම් තාමත් දුවනවා......"

-----------------------------------------------

අපිත් මේ වගේ දිව්වා...... මේ පහුගිය 11 වැනිදා..... සුනාමියක් එනවා කියන ආරංචියට අපි දිව්වා.... හොඳ වෙලාවට සුනාමියක් ආවේ නැහැ... අපි දුවන එක නැවැත්තුවා... ආපහු හැරුනා..... ඒත් අන්තිමට හිතන්න බොහෝ දේවල් ඉතිරි උනා..... නැවතත් හිතන්න....

ඇත්තටම අපි සුනාමියක් එනවා කියලා කිව්වාම මොකක්ද කලේ..... දිව්වා...පන බේරගන්න..... මුලු ඇගේම තියන වීරිය කකුල් දෙකට අරගෙන... ළමයි උස්සගෙන.....  අතට අහුවෙන දෙයක් අරගනෙ දිව්වා.... මේකද අපේ ආපදා කළමණාකරන සැලැස්ම.... මේකට ද අපි මේතරම් මුදල් වියදම් කරලා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ.... මෙහෙම දුවන්න නම් ආපාධා කළමණාකරන අමාත්‍යංශය... ආපාදා කඝමණාකරණ මධ්‍යස්ථානය වගේ සුදු අලි ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන්න ඕනේ ද ?

පොලිසිය ක්‍රියාක‍ලේ කුමන සැලැස්මකට අනුවද..... පොලිසියේ එකම අරමුණ උනේ ජනතාව ඉවත් කිරීම පමනයි... නමුත් ඔවුන් කඉවත් කරන්නේ කොහේටද.... කුමනාකාරයේ ආරක්ෂක ස්ථානකටද ? ආරක්ෂක ස්ථාන හඳුනාගෙන තිබුනාද ?... ඒවා සම්බන්ධයෙන් පොලීසිය ඇතුලු අනෙකුත් අදාල අංශ දැනුවත් කර තිබුනාද..? ඔවුන් මෙවැනි සුනාමි අවස්ථාවක ක්‍රියාත්මක කරනු ලබන සැලැස්ම ගැන දැනුවත්ද..... මේවා ප්‍රශ්ණ... මම රෑපවාහිනියේ නරඹපු ආකාරයට එවැනි කිසිම සැලැස්මක් පෙනුනේ නැහැ... එක්තරා අවස්ථාවක මම දුක්කා ගාල්ලේ ‍බස්නැවතුමේ හිටපු ජනාතව ඉවත් කරන් ආකාරය... බස් නැවතුමේ ඉහලා මහලේ හිටපු ජනතාව බස්සලා බස් රථ වල නග්ගනවා.... එකතරා තරුණියක අහනවා මේ බස් එක යන්නේ කොහාටද කියලා.... පොලිස් නිධාරියා උත්තර දෙන්නේ ප්‍රශ්ණ නාහා බස් එක යන තැනට යන්න කියලා..... මේකද සැලැස්ම..... තව ඔහු කියනවා... කිසිම කෙනෙක්ගෙන් ටිකට් ගන්න එපා කියලා.... මේකද ආපදා කළමාණාකර සැලැස්ම කියන්නේ.....

අනෙකුත් අංශ ක්‍රියාකරපු ආකාරය ගැන බලමු.... විදුලි බල මණ්ඩලේ මුලින්ම කලෙ විදුලිය විසන්ංධි කරන එක.... හැබැයි මාධ්‍ය කලේ සුනාමි අනතුර සම්බන්ධයෙන් ජනතාව යාවත්කාලීන කරපු එක... මේ කාරනා දෙක කොයි තරම් පරස්පර විරෝධී ද..... සුනාමි අවධානමක් පවතින ප්‍රදේශ වල විදුලිය විසන්ධි කරලා.... ඒ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ හැකියාව වලක්වලා..... එතකොට මාධ්‍ය මගින් සුනාමි අනතුර සම්බන්ධයෙන් තත්වය යාවත්කාලීන කරන්නේ සුනාමි අනතුරක් නැති ප්‍රදේශවල ජනතාවද....?

කිසියම් අවස්ථාවක සුනාමි තත්වයක් ඇති උනොත් ආරක්ෂක ස්ථානවල ඉන්න ජනතාවට අවශ්‍යකරන ආහාර, පානිය ජලය, අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් සපයාදීම සම්බන්ධයෙන් රජයේ සැලැස්ම කුමක්ද ? අදාල ආරක්ෂක ස්ථාන කරා සහන කණ්ඩායම් ලඟාවන තෙක් එම ස්ථානවල ඉන්න ජනතාවට අවශ්‍ය ආරක්ෂාව පිළිබඳව වගේම ඔවුන්ගේ දේපළ පිළිබඳව ආක්ෂාව ගැන සැලැස්මක් අදාල අංශ සතුද ?

රෝහල් වලින් රෝගීන් ඉවත් කිරීමේ සැළැස්ම කුමක්ද..? ඒ ඒ ප්‍රතිකාර අවශ්‍ය ‍රොගීන් මාරැ කර යවන රෝහල් වල ඔවුනට අවශ්‍ය කරන පහසුකම් තියනවාද..? ප්‍රමාණවත්ද...? සුනාමි තත්වය හේතුවෙන් ඇතුවන අනතුරු හා රෝග තත්වයන්ට ගොදුරු වන රෝගීන් සඳහා රෝහල් සුදානම කෙසේද ? අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ප්‍රමාණවත් මට්ටමකට ගබඩා කර ඇත්ද ?.... එසේත් නැතිනම් ක්ණිකව සපයා ගැනීමේ අවස්ථව කෙබඳුද..?

මෙතරම් තාක්ෂණය දියුණු අවධියක අපි නැවැරදිව සුනාමි තත්වය ඇති වීම හෝ ඇති නොවීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගත නොහැකිද.....? චන්ද්‍රිකා තාක්ෂණය මේ සඳහා භාවිතා කිරීමේ හැකියාවක් නැද්ද...? එසේ නොමැති නම් අඩුම තරමේ යුධ සමයේ එල් ටී ටී ඊ පාලන ප්‍රදේශ වල ඉහල අහසේ සැරිසරමින් හමුදාවන් සඳහා මහත් සේවයක් කල කේලමා නෙහොත් නියමුන් රහිත ඔත්තු බලන යානාවෙන් ප්‍රායෝජනක් ලබාගැනීමේ හැකියාවක් නැත්ද...? 

අපේ රටේ ආපාදාවන් අවස්ථාවන් හීදී කටයුතු  කරන ආයතන ගනනාවක් අපේ රටේ ඇත.... ආපදා කළමණාකරන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, සමාජ සේවා සහ සමාජ සුභ සාධන ආමාත්‍යංශය, දිස්ත්‍රික් ආපදා කළමණාකරන කමිටු, තවත් මෙකී නොකී විවිධ රජයේ සහ ‍රාජ්‍ය නොවන ආයතන ඇතත් ඒ කිසිවක සම්බන්ධීකරණයක් තිබේ දැයි සැකයක් මතුවන්නේ මේ ආයතනයන් හී ක්‍රියාකාරීත්වය කිසිම මාධ්‍යක් මගින් දක්නට නොලැබීම හේතුවෙනි.... රටක හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කිරීමේදී එහි මුලික වගකීම ඇත්තේ පොලියට හමුදාවට නොව ආපදා කළමණාකරන අංශයටය... ඒ වගකීම ඔවුන් නිසි පරිදි වටහාගෙන තිබේ දැයි ගැටළුවක් පැන නගී.

මේවා තවමත් ප්‍රශ්ණය....මේ ගැටළු මගේ හිතට නැගුනේ 2004 ඇතිවු සුනාමි තත්වය හමුවේ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරද්දී අපි මුහුන දුන් ගැටළු මගේ මතකයේ තවමත් පවතින ‍ හෙයිනි..... නමුත් අපේ ජනතාවට වගේම රජයනටත් බොහොම ඉක්මනින් අමතක වෙන තත්වයක් යටතේ 2004 දී මුහුන දුන් අමිහිරි අත්දැකීම නැවතත් විඳීමට සිදුවීම නොඅනුමානය....

13 comments:

  1. මහ මෝදර කියන්නේ දකුණු පලාතේ තියෙන ප්‍රධාන මාතෘ රෝහලක්. සුනාමි තත්ත්වය ආවොත් එහාටත් බලපානවා. ඊයේ ඒ අම්මලාව එක්කරන් ගිහින් තිබ්බේ පන්සලකට. ඊයේ දවස තුලදි බිළිඳුන් තුන් දෙනෙක් ඉපදිලා තියෙනවා. හොඳ සෞඛ්‍ය තත්ත්වයෙනුත් ඉන්නව කියල කීවා.

    ගෙවල් දොරවල් වලින් ඉවත් වුනු ජනතාව කඩේ පිලෙයි වෙනත් ගොඩනැගිලිවල ඉඩ ඇති තැන්වලයි ඉන්න කොට මටත් මේ ප්‍රශ්නෙම ආවා. ඒත් මම හිතුවෙ ඒකටත් පිලියම් යොදල ඇති කියලයි.

    ReplyDelete
  2. උඹ මේ ප්‍රශ්නෙ සෑහෙන්න ඇනලයිස් කරල තියෙනවනෙ. ඔයින් කීපයක් මටත් ආවා හවස ටීවී එක බලද්දි. ඒත් සුනාමි අනතුරක් නෑ කියල දැනගත්තට පස්සෙ මම තවත් ඒ ගැන හොයන්න මහන්සි වුණේ නෑ. මොනව වුණත් උඹ මතු කරන පොයින්ට් ටික විතරක් ගෙඩි පිටින් අරන් බැලුවත් මේ වගේ වෙලාවකදි සැලසුමක් හදාගන්න ඒව සෑහෙන්න වැදගත්.

    ඒත් මම හිතන්නෙ නෑ ආණ්ඩුවට එහෙම සැලසුමක් තියෙනව කියල. කිව්වත් වගේ ඔය ආපදා සම්බන්ධ ආයතන තවත් සුදු අලි විතරයි. ආණ්ඩුවෙ ආයතන ගැන අපි දන්නෙ නැද්ද? බැරි වෙලාවත් සුනාමියක් ආවනං ඒක 2004න් ලොකුවට වෙනස් වෙන එකක් නෑ. ආතක් පාතක් නැතිව දුවපු නිසා මිනිස්සු බේරෙයි. ආණ්ඩුවෙ කට්ටිය ගොඩ යයි.

    වෙරළබඩ මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ යුද්ධෙ කාලෙ උතුරෙ මිනිස්සු හිටිය වගේ බයෙන්. සුමාත්‍රා පැත්ත හෙල්ලුන ගමන් ඒ මිනිස්සුන්ගෙ පපුවෙ ගිණි පත්තු වෙන ඇති.

    ReplyDelete
  3. අපේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙ හැමදේටම රජයට දොස් කියන්න. රජය කියන්නෙ මහින්ද රාජපක්ෂ නෙමෙයිනේ.... DMC වල වැඩ කරන්නෙ අපේම මිනිස්සු තමයි. නැතුව ලොකු ලොක්කො එන්නෙ නෑ. ඒ මිනිස්සු අවුරුද්දට ගෙදර යන එකත් නවත්තල අනිත් මිනිස්සු වෙනුවෙන් කල සේවය වටිනව. CEB එක current කපන්න කලින් සුනාමි ආව නම් මිනිස්සු current වැදිල මැරෙනව. එතකොට නම් ඔය කතා කියන එකක් නෑ කවුරුත්. I think they done their best....

    ReplyDelete
  4. බස්සා... මේක මචන් මම දැක්කේ සාර්තක විදිහටයි...

    රජය සියළු ආරක්ශක හා සෞඛ්‍ය අංශ සීරුවෙන් තිබ්බා... ශබ්ද විකාශන යන්ත්‍ර හා වෙනත් ක්‍රම වලින් ජනතාව දැනුවත් කලා.... අධිවේගය නොමිලේ විවෘත කලා.. දුම් රිය හා බස් සේවා වෙරල තීරය දිගේ අත් හිටෙව්වා.. තව බොහෝ දේවල් කලා... 119 සේවය නිරන්තරව ක්‍රියාත්මක කලා... අතහැර නිවාස ආශ්‍රිතව පොලිස් ජංගම සේවා ක්‍රියාත්මක වුනා.. විදුලියෙ යම් හානියක් වේවි යැයි සිතා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල විදුලිය විසන්දි කලා

    ගිය පාර වෙච්ච හානිය අවම කරගැනීමේ හේතු ගොඩාක් මෙවර ක්‍රියාත්ම කලා....

    හොද දෙයක් විදිහට මම දකිනවා ගිය වරට සාපේක්ෂව.. එක පාරට ඇවිත් හොරු අරන් ගියා වගේ මිනිස් ජීවිත අරන් යන්න දැන් බෑ සුනාමියට මීට පස්සේ කියලා හිතුනා...

    ඒත් උඹ කියපු එක දෙයකට එකඟයි බස්සා... අඉට තව හදාගන්න තැන් ගොඩාක් තියෙනවා මචන්...

    ReplyDelete
  5. ඇත්ත එදා දවල් අපේ අංකලුත් එයාලගේ ගෙදරට කතා කරන්න බැරුව සෑහෙන දැගලුවා.. පස්සේ තමයි දැනගත්තේ ලයිට්,ටෙලිෆොන් වැඩ නෑ කියලා.. එවෙලේ නම් මටත් ඔය කියපු ටිකම නම් හිතුනා..

    ReplyDelete
  6. ඊයේ අහම්බෙන් ෆේස් බූක් එකට ගොඩ වුනාම මගේ යාලුවෙක්ගේ ස්ටේටස් එක වුනේ ඔය වගේ කතාවක්. ඒ වෙලාවේ කොයි තරම් අවුල් වුනාද කියනවා නම් වැඩටත් නොගිහින් මගේ හිතවත් දන්න කියන අය සේෆ් ද කියලා හොයා බැලුවා. ඒ අයට දිගින් දිගට කෝල්ස් දෙමින්. ඒත් මට තේරුනේ< මේ ඈත රටක හිටිය අපි තරම් ඒ අය දැනුවත් වෙලා නෑ කියලා. සමහරවිට පහසුකම් මදිකම වෙන්න ඇති.
    ඒත් අර කිවුවත් වගේ පිස්සු බල්ලෝ වගේ පාර පුරා අරමුණු වලින් තොරව දුවන මිනිස්සු තමයි වැඩියම දකින්න ලැබුනේ. ඊටත් වඩා බොරු කට කතා ජාතික පත්තරවල නිවුස් ලයින් වල යනවා දකින්නත් ලැබුනා. අර මුහුදේ කකුළුවෝ ඇවිත්. රැලි හෙන උසයි වගේ.

    සුනාමි අවදානම් කලාපයක ජීවත් වෙන අපිට මීට වඩා සැලසුමක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්‍යයයි. ඒ විතරක් නෙමෙයි සුනාමි හින්දම අපි ඉගෙන ගනිපු පාඩම්, අද දේශපාලන පුටුවල ඉන්න ලොකු තැන් වල අය වගේම අමතක කරන්න හොඳ නෑ.
    බැරි වෙලා හරි සුනාමි ආවා නම් මනුස්ශකම විකුනන් කන්න තිබුන හොඳම උපායක් නැති උනා.

    ReplyDelete
  7. මේ ලියල තියෙන කරුනු කාරණා ඉතාමත් වැදගත්ම සහ අවධානයට යොමුවිය යුතු කරුණු. හැබැයි අවධානයට යොමුවෙලත් නැත්තෙ මේ කරුණු. මමත් අහන්නෙ මෙහෙම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයක් මොන බම්බුවටද කියල තමයි.

    අනික මෙහෙම නඅතුරු අඟෙව්වාම මිනිස්සු ඵළමු වතාවට, දෙවන වතාවට, ඉන්න තැන්වලින් පැනල පණ බේරගන්න දුවයි. හැබැයි නිසැකවම තුනවන අවස්ථාවේ මේ මිනිස්සු එහෙම කරන්නෙ නෑ. ඔය බොරුවක් ඕක එන්නෙ නෑ කියල එදාට මිනිස්සු ඒ තැන්වලම නවතීවි එතකොට මොකද වෙන්නේ.

    මෙන්න මේවා හදාගත යුතු විසඳා ගත යුතු ගැටලු. මේ ගැන ඔබ අවධානය යොමුකර තිබීමම ඉතාමත් වැදගත්

    ReplyDelete
  8. රජය පැත්තෙන් අමුතුවෙන් කියල කලේ ශබ්ධ විකාශන යන්ත්‍රවලින් විස්තර සැපයීමත් අධිවේගය විවෘත කිරීමත් විතරයි. පොලිසිය හමුදාව එලියට දානඑක මහලොකු දෙයක් නෙවේනේ. කොහොම උනත් කලින් හදුනාගත් ආරක්ෂිත ස්ථානයකට යන්න ජනතාව දන්නව. ඒ කියන්නෙ සුනාමියක් ආවත් කලින් තරම් ජීවිත හාණි සිදු නොවෙයි කියන මට්ටමට එන්න පුළුවන්.
    වේලාසනම ලයිට් කැපිල්ල කියන්නෙ නං මෝඩ වැඩක්. මොකද අපි මේ සියළු විස්තර දැනගන්නෙ ජනමාධ්‍යයෙන්. අනිත් කාරණාව ලංකාවෙ තියන අනතුරු හැගවීමේ පද්ධතිය ක්‍රියාත්මක නොවීම. (මතක විදියට)කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ වෙබ් අඩවිය 2010න් පසු යාවත්කාලීන නොවීම වගේ වැරදි රජය පැත්තෙන් භාරගන්න ඕන.

    ReplyDelete
  9. සුනාමියට නම් අපි බය උනා. අපි බයවුණු විදිය දැකලා යාපනේ මිනිස්සු අපිට හිනා උනා :පි

    ReplyDelete
  10. අනිවා රජයෙන් මෙයිට වඩා පැහැදිලි සහ මනා කළමණාකාරී වැඩ පිළිවෙලක් තියෙන්න ඕනෙ.අර ඇනෝ කියලා තියෙනවා වගේ රජයට බනින්නෙ නැතුව අපි අපිම එකතු වෙලා ඕක කරගන්න තිබ්බනෙ.ඇත්තටම පාරට බැහැලා හයියෙන් මහින්දට බැන්නනං ආරක්ෂක අංශ ඔක්කොම එයි පටස් ගාලා.ලයිට් කපා ගන්නත් ඉතිං මහ ලොකු දෙයක් කරන්න ඕනෙ නෑනෙ අමු පොල් අත්තක් කරන්ට් වයර් උඩට දැම්මනං ආයි ඊළඟ සුනාමිය ආවටත් පස්සෙ තමයි හදන්නෙ.අපේ මිනිස්සුන්ට කොහොමත් අධිවේගෙ තියා මොන ප්‍රවාහන ක්‍රමේකවත් නොමිලේ යන හැටි කියලා දෙන්න ඕනෙ නෑනෙ.ඉතිං ඔය කියන හැටියට ආණ්ඩුවෙන් ඇති වැඩක් නෑ නොවැ.ඒ ඇත්තො කොරලා තියෙන්නෙ මේ අපිටම කොරගන්න පුළුවං ඒවා ටිකක් නොවැ.ආණ්ඩුව විසිරෝලා අපි අපි ගැන බලා ගම්මු.

    ReplyDelete
  11. ආණ්ඩුව සහ රජය දෙකක් නොව එකක්ව පවතින තාක් කල් මෙවන් ගැටළු එලෙසම නැවත නැවත මතුවනු ඇත..

    ReplyDelete
  12. වැදගත් කරුණු හුඟක් මතු කරලා. ආපදා අවස්ථාවකදි සන්නිවේදනය හුඟක් වැදගත් තැනක් ගන්නවා. එතන ඉඳන් අපිට හදාගන්න තැන් තියෙනවා. විදුලිය, දුරකථන විසන්ධි කරනවනම් කොහොමද දැනුවත් කරන්නෙ, කොහොමද තමන්ගෙ අයට පණිවිඩයක් දීගන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්. නමුත් අඩුම ගානෙ 2004ට වඩා අපි සූදානම්. ඒක බොහොම අගය කළ යුතුයි.

    ජනතාවගෙ පැත්තෙන් කළ හැකි දේවල් ගැනත් සිතා බැලිය යුතුයි. උදාහරණයක් විදිහට, අනවශ්‍ය ලෙස දුරකථන ඇමතුම් ලබාගැනීම සීමා කිරීම, හදිසියට ගෙනයන ද්‍රව්‍ය සූදානමින් තබා ගැනීම වගේ දේවල්.

    සුනාමියක් නාවත්, මේ "පෙරහුරුව" නිසා අඩුපාඩු බලා ගන්නට හැකිවීමත් වටිනවා. ඒ වගේම, ආරක්ෂාව පිණිස කරන කියන දේවල්වලට පසුබිම් වන හේතුව පිළිබඳව ජනතාව දැනුවත් කරනවනම්, ඊට විකල්ප සකසනවනම්, මේ දේවල් කරදර විදිහට නොදකිනු ඇති.

    ReplyDelete