Thursday, May 10, 2012

අම්මලගේ රෙද්ද උස්සන අධ්‍යාපනේ.....





අධ්‍යාපනය යනු රටේ ජීවනාලියයි.... පාසැලක ආරම්භය සිරගෙවල් කීපයක් වසා දැමීම බව ප්‍රකට කථාවකි.... කරැමයක මහත... අතීතයේ සිට අද දක්වා මේ මහා ශ්‍රී ලංකාද්වීපය තුල සිදුවුවේද... දැනට සිදුවන්නේ ද..... ඉදිරියටත් විය හැක්කේද සිරගෙවල් විවෘත වන තත්වයකි..... රටක මතු පරපුරේ අනාතගය තීරණය කරන ප්‍රබලම සාධකය රටේ අධ්‍යාපයනයයි... එයින් තොර සංවර්ධනයක්... බුද්ධිමත් ජාතියක්.. නව නිමැවුමක් ගැන සිතිය නොහැකිය....  අද අපි කොතැනකද ? සරල කාරණා කිහිපයක් ගැන කල්පනා කරමු...

රටේ පාසැල් පද්ධතිය එන්න එන්නම අගාධයය යමින් පවත්න බව කාටත් නොරහසකි... අද පාසලක් හොඳ හෝ නරකය යන්න තීරනය කරන්නෙ බාහිර සාධක පදනම් කරගෙනය...පාසැල සතු ගොඩනැගිලි ප්‍රමාණය... ක්‍රීඩා පිට්ටනියේ ප්‍රමානය.... පිහිනුම් තටාක ආදී නොයෙක් වු බාහිර සාධකයන්, තුලින් පාසැලක් මහා, මධ්‍ය හෝ කනිෂ්ඨ පාසැලක් යන්නට තීරනය කරනු ලබයි....
ගුරැවරැ පඩි වැඩි කරන්නයි උද්ඝෝශනය කරති... අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි උපවාස කරති.... ගුරැවරයාගේ මුලික වගකීමද ප්‍රධාන අරමුණද දරැවාට නිසි අධ්‍යාපනයක් ලබාදීමයි... අමුත් අපේ රටේ නොවන්නේද..... මෙයමය.... ගුරැවරන්ට ඊට වඩා හිතන්නද බොහෝ දේ ඇත...තමන්ගේ පවුලේ පොෂණය.. දරැවන් රැකබලා ගැනීම... තමුනගේ අයිතීන් දිනා ගැනීම... තමන්ගේ සේවයට සරිලන වැටුපක් ලබා ගැනීම ආදී මෙකී නොකී බොහෝ දේ ගුරුවරැන් හට කල්පනා කරන්න සිදුවී තිබේ...

මේ සියළු කාරනා හමුවේ නැවතත් දරැවන් පාසැලට ඇතුලත් කරගැනීමේ මහා තරගය බොහොම මෑතකදී ආරම්භ කිරීමට නියමිතව තිබේ... අද දෙමවිපියන් මුහුන දෙන ඉතාමත් බරපතල ගැටළුවක් සම්බන්ධයෙන් යම් විග්‍රහයක නිරත වීම් මෙම ලිපියේ අරමුණ වේ.....


අපේ රටේ සෑම දෙමව්පියෙකුගේම අරමුණ වන්නේ තමන්ගේ පුතා හෝ දුව රටේ යහපත් පුරවැසියෙකු වීම දැකිමයි... ඒ සඳහා ඔවුනට අවශ්‍ය නිසි අධ්‍යාපනය බලා දීම බොහෝ දෙමව්පියන්ගේ ඒකායන පරමාර්ථයයි... ඒ සඳහා ඔවුන් තම දරැවන් ජනප්‍රිය... සුපිරි ජාතික පාසැලකට ඇතුලත් කිරීමට පෙළඹෙන්නේ නිරායාසයෙන්..... තමන්ගේ දරුවා උසස් පාසැලක අධ්‍යාපනය ලබනු දැකීම සෑම දෙමව්පියෙකුගේම සිහිනයක් බවට පත් වී තිබේ... ඒ හෙයින් මේ සඳහා බොහෝ දෙමව්පියෝ අකැමැත්තෙන් හෝ වේවා විවිධ වංචාසහගත උපක්‍රම අනුගමනය කිරීමට පෙලඹිම නොවැලැක්විය හැකි කාරනයකි....දරැවෙකු පාසැලකට ඇතුලත් කිරීමේදී ඒ සඳහා ඒ ඒ සුදුසුකම් මට්ටම මැන බැලීම සඳහා විවිධ ගණ (Category) අධ්‍යාපන අමාත්‍යංශය විසින් හඳුන්වා දී තිබේ.... 


1. ප්‍රාදේශිය පදනම
2. ආදි ශිෂ්‍ය පදනම
3. සහෝදර පදනම
4. ආරක්ෂක සේවා පදනම 


ආදී වශයෙන් මෙම සාධන මට්ටම් ක්‍රියාත්මක වේ......දරුවාගේ උපතේ සිට දෙමවිපියන් උත්සහා කරන්නේ මේ ගණ අතරින් කුමන හෝ ගණයකට තමන්ගේ දරැවා ඇතුලත් කර ජනප්‍රිය පාසැලක අධ්‍යාපනය ලබාදීමටයි... මෙහිදී දෙමව්පියන් විවිධ උපක්‍රම අනගමනය කරනු ලබයි....


ප්‍රාදේශිය පදනම සඳහා සුදුසුකම් ලැබීම උදෙසා විවිධාකාරයේ උපක්‍රම ක්‍රියාත්මක වේ... ඉන් එකක් වනුයේ දරුවා කොළඹ හෝ තදාසන්න රෝහලක් ජාතක කිරීමයි... ඒ සඳහා බොහෝවිට කොලඹ ප්‍රධාන රෝහල් කරා දෙමව්පියන් ඇදෙනු දක්නට ලැබේ... මෙහි අනෙක් කාරණය වන්නේ කොළඹ හෝ ඒ ආසන්න ප්‍රෙද්ශයක ලිපියක් ලබා ගැනීමයි... එය කොළඹ ආසන්න විශේෂයෙන්ම කොල්ළුපිටිය.. බම්බලපිටිය... හා ඒ හා සමාන ප්‍රෙදේශයන් හී පදිංචිකරුවන්ට ජැක්පොට් දිනුමක් ලැබුනා හා සමාන වරප්‍රසාදයකි.... බොහෝ විට විවිධ තැරුව් කරුවන් මාර්ගයෙන් ඔවුන් තමන් පදිංචි ස්ථනයේ ලිපිනය අලෙවි කරනු ලබන අතර අදාල දෙමවිපියන්ගේ නම් ඡන්දනාම ලේඛනය ඇතුලත් කිරීම ඇතුලු අවශ්‍ය සියළු ලිපි ලේඛණ සැකසීම සිදුවේ....ඒ සඳහා බලාපොරොත්තු වෙන් පාසැලේ ජනප්‍රියත්වය අනුව මුදල නියම වේ... එය රු. 50,000 සිට 200,000 හෝ අවශ්‍යතාවය සහ ඉල්ලුම අනුව වැඩි වෙන අවස්ථා ඇත...  යමෙක් එසේ නොවන්නේ යැයි තර්ක කල හොත් ඒ සඳහා හොදම උදාහරණය කොළඹ අවට පැසැල් වලට පිට පලාත් වලින් දිනක් තුල එනු ලබන පැසැල් ලමුන් ප්‍රමාහනය කරන වෑන් රථ පිළිබඳව සංඝනනයක් කිරීම මගින් අවබෝධයක් ලබාගත හැකිය.... වෙන්නප්පුව... නිට්ටඹුව... අවිස්සාවේල්ල... කළුතර ආදී, අදාල ප්‍රතිසාදන මට්ටම ඉහවහා ගිය ප්‍රෙදේශ වල සිට පවා කොළඹ පාසැල් සඳහා දිනකට එනු ලබන පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ ප්‍රමාණය ගැන සිතීමේදී පාසැල් වලින් 80% කට වඩා වැඩි ලමුන් සංඛ්‍යාවක් පිට පලාත්වල දරැවන් බව වටහා ගැනීම අපහසු කරැණක් නොවනු ඇත....


ඊට අමතරව විවිධ නිළතල දරන්නන්ද තමන්ගේ නිළ බලය පාවිච්චි කර ලමුන් ජනප්‍රිය පාසැල් සඳහා ඇතුල් කර දීමේ ව්‍යාපාරයක නිරත වේ... එහි වටිනාකමද අදාල පාසැලේ ජනප්‍රියත්වය අනුව රු 200,000 සිට 500,00 හෝ ඊටත් එහා යන අවස්ථාද නැතුවා නොවේ... ඒ වටිනාකම තීරණය වීමට බලය පාවිච්චි කරන පුද්ගලයා සතු බල ප්‍රමාණයද බලපානු ලබයි..බොහෝ දේශපාලඥයින්... අධ්‍යාපන බලධාරීන්..ඇතුළු බලය හා සම්බන්ධ විවිධ පුද්ගලයින් ගේ මුදල් හම්බකරගැනීමේ අවස්ථාව උදා වීමට තව ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකි.... ඒ එළබෙන ජුනි මස මුල 2013 වර්ෂය සඳහා දරුවන් පාසැල්වලට ඇතුලත් කරගැනීම ආරම්භ වන බැවිනි....


මෙහි අනෙක් බොහොම කාළකණ්නි තත්වය වන්නේ ලිංගික අල්ලස් ලබා ගැනීමයි.... අදාල සුදුසුකම් සම්පුර්ණ කර තිබුනද කුමන හෝ කාරණයක් මවා පෙන්වා දෙමව්පියන් බියගන්වා විවිධා කරයෙන් ලිංගික අල්ලස් ලබාගැනීමේ ක්‍රමයක් කාලයක් තිස්සේ ක්‍රියාත්මකව තිබෙන් බව පසුගියදා කොළඹ ප්‍රධාන පැසැලක ඇතිවු සිද්ධියෙන් මොනවට පැහැදිලි වේ... මේ තවත් එක් සිද්ධියක් පමනක් උවද මෙය කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන.. මනා සංවිධානාත්මක කටයුත්තක් බව මොනවට පැහැදිලිය... සාමාන්‍යෙයන් ලංකාවේ අධ්‍යාපන පිළිවෙත අනුව එක් පංතියක සිටිය යුතු උපරිම සිසුන් ප්‍රමාණය 40 කි.. නමුත් බොහෝ පැසැල් වල මෙම 40 හේ සීමාව ඉක්මවා ගොස් පන්තියක ළමුන් 50 දක්වා බඳවා ගන්නා අවස්ථාවන් තිබේ... දේ අමතර ළමුන් 10 දෙනා බොහෝ විට පන්තියට එකතු වන්නේ පාසැල් වාරය ආරම්භ කර මාසයක් හෝ දෙකකින් පසුවය... නැතහොත් පලමු පාසැල් වාරයේ අවසානයේ දීය... පාසැලක් සඳහා ලමුන් බඳවා ගැනීමේ නිශිචිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නම් එසේ පාසැල් වාරය අතරතුර ලමුන් බඳවාගන්නේ කෙසේද යන්න ගැටළුවකි.....රජයේ පාසැලකට ඇතුලත් කරගන්න සියළු සිසුන් පිළිබඳ වාර්ථ අධ්‍යාපන බලධාරීන් හමුවට ඉදිරිපත් කලයුතු බැවින් මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැටළුසහගත තත්වයකි....


තවද දරැවෙකු පාසැලට ඇතුලත් කිරීමේ සිට විවිධ ආකාරයෙන් පාසැලේ විවිධ කටයුතු සඳහා මුදල් එකතුකිරීම් දැකිය හැකිය.. .එය පාසැලේ ඩෙස් බංකු පිංතාරැවෙන් ආරම්භ වෙන අතර.... පොත්පත්..... නඩත්තු කටයුතු..... සනිපාරක්ෂක කටයුතු..... වැසිකිළි කැසිකිළි පහසුකම් පුළුල් කිරීම්.... ආරක්ෂක කටයුතු.....ආගමික කටයුතු.... විවිධ ප්‍රසංග.... විභාග ගාස්තු.... ක්‍රීඩා තරඟ... පාසැල් සංවර්ධන අරමුදල ආදී මෙකී නොකී විවිධ කටයුතු සඳහා දෙමව්පියන්ගෙන් මුදල් අයකරනු ලබයි... මෙවැනි අවස්ථාවදී බොහෝ දෙමවිපියන් අසරණ වන නමුදු තමන්ගේ දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය උදෙසා අමාරුකම් මධ්‍යයේ උවද කිසිදු ප්‍රශ්ණ කිරීමකින් තොරව මුදල් වියදම් කරයි.... මගේ පාසැල් අවධියේ වාර අවසානයේ දී ගුරුවරැනු වෙත බුලත් හුරුල්ලක් දී දණ නමා වැඳ ආචාර කලා මතකය..... එකල හැකිවක් ඇති අයෙකු වෙතොත් බිස්කට් පැකටුටුවක්.. එසේත් නැතිනම් කුඩයක්... සාරියකදී ගුරුවරියට කෘත ගුණ සැලකීමක් වශයෙන් පරිත්‍යාග කලා මතකය... නමුත් අද ක්‍රියාත්මක වන්නේ මාෆියාවක් වැනි තත්වයකි... පලමු වදර හෝ දෙවැනි වසර පන්ති වල දී ගුරුවරියට උදව්වක් වශයෙන් අම්මාකෙනෙකු පන්ති කාමරයේ රඳවා ගැනීමේ ක්‍රමය යටතේ පන්තියට එක්වෙන් අම්මා ගුරුවරිය සමග අතිකරගන්නා වු සුහදත්වය තුල ඇය හා බැඳුනු තවත් ඒ පන්තියේ පිරිසක් වාර අවසානයේ ගුරුවරියට පරිත්‍යාග කරන්නට පෙළඹෙන්නේ මුදල් වවුචරයකි.... පන්තියේ එක් සිසුවෙකු හෝ සිසුවියකගෙන් රු.1000 ක් බැගින් අයකරගන්නා මේ තුටු පඬුරට අමාර්වෙන් හෝ දෙමවිපියන් මුදල් ලබාදෙන්නේ, එසේ මුදල් ලබා නොදුන හොත් තමන්ගේ දරුවාට යම් අසාධාරණයක් වේයැයි ඇති සැකය හේතුවෙනි....


ආදි ශිෂ්‍ය පදනමේ හෙළුව මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.....

14 comments:

  1. හැබෑම තත්වෙ පෙන්වල දීල තියෙනව
    ඒත් මේවට විසදුම් නෑ
    කවදත් ඇති එකා නැති එකාව යටකරන් තමන්ගෙ ඕනෑ එපාකම් කරගත්තා

    ReplyDelete
  2. මෙම ලිපිය කියවූ මා හට මගේ පාසැල් අවධියද, මගේම දරුවන් රටවල් 3ක පාසල් වලට බැඳවූ හැටිද මතකයට එයි. මම පාසැල් ගියේ බම්බලපිටියේ ප්‍රසිද්ධ පිරිමි පාසලකට. 1970 වසරේ සිට 1983 තෙක් එම පාසලේම අ.පො.ස. සා/පෙ සහ උ/පෙ විභාග වලට පෙනී සිටියෙමි. 5 වසරේ ශිෂ්‍යත්වයක් දිනුවත්, එම පාසැලේම ඉන්න සිතා ගත්තෙමි.

    අපි ජීවත් වන්නේ අරුම පුදුම කාලෙයක බව ඇත්ත. යන පාසැල වැදගත් වන අවස්ථා බොහෝය. ආධි ශිෂ්‍ය පදනම හින්ද අතදුන් අය බොහෝය. ඉංග්‍රීසියෙන් මෙයට හොඳ කියමනක් ඇත. 'It's not What you know, but whom you know'. සිංහලෙන් කිව්වොත්, වටින්නේ ඔබ දන්නා දේ නොව, දන්නා අය බවයි.

    මගේ දරුවන් මුලින්ම පාසල් ගියේ ඇමරිකාවේ. එයට හේතුව, මම එහි රැකියාවක නියුක්තව සිටීමයි. Public school system එකට අයත් පාසලක දරුවන් ඉගෙනුම ලබද්දී, එයට සතයක්වත් වියදම් කරන්න උවමනා වුනේ නැහැ. පොත්පත් පැන්සල් හිටන් ආණ්ඩුවෙන්. ඉතින් අවුරුද්දේ අන්තීමට ගුරුවරයාට හෝ ගුරුවරියට අපේ දරුවන් කරුණාවෙන් බලාගෙන, හොඳට පාඩම් ඉගැන්නුවට ස්තුතියක් වශයෙන් Gift Certificate එකක් අරන් දුන්න. නමුත් public school system එකේ ආගම ධර්මය උගන්වන්න තහනම් නිසා, අපි නැවතත් පෙරලා කැනඩාවට පැමිණියා. Ontario ප්‍රාන්තයේ Separate School Board හි පාසලකට අපේ දරුවන් දෙදෙනා ඇතුලත් කලා. එම පාසල් වලටත් සතයක් වත් වියදම් කලේ නැහැ. ආගම ධර්මය පමණක් නොව, දරුවන්ව දිරි ගැන්වීමත්, ඉතා හොඳ අධ්‍යාපනයකුත් ලැබුන.

    ලංකාවට ආ විගස තිබුනේ වෙනම සිද්ධියක්. පාසල් වල ඉගැන්වීමේ වෙනස් කම නිසා, දරුවන්ට යන්නට වුනේ ඔය හැම හන්දියක් ගානේ තියෙන International වර්ගයේ පාසලකටයි. මූලික හේතුව වෙන කුමක් වත් නෙවෙයි, දරුවන් දෙදෙනාටම සිංහල කතා කිරීමට අපහසු වීමයි. ඒකට වැරදි කාරයා මම. මෙම පාසල්, ඉගැන්වීමේ මධ්‍යස්ථාන නොව, බිස්නස් ම්ධ්‍යස්තානයි. මාස 3ක් වැනි සුළු කාලයට රුපියල් 35,000 සිට ලක්ෂයක් පමණ ගාස්තු වශයෙන් ඉල්ලා සිටිනවා. තවද පාසලට ඇතුල් කිරීමට ලක්ස 2-3 ඉල්ලු අවස්ථාද බොහෝය. කතාවෙන් මට තේරෙන්නේ ජාතික/ ආණ්ඩුවේ පාසල් වලත් මීට දෙවැනි නැති වගයි.

    ReplyDelete
  3. ල0කාව දෑන්නම් පට්ට කක්කුස්සිවලක් වෙලා තියෙන්නේ.කොහොමත් මේ යන දනවාදී ක්‍රමය තුල අනිවාර්ය ප්‍රතිපල ඔවා තමයි.මිනිස්සුත් තමන්ගේ පටු වාසිතකා බලය තියන අමනයන්ට කඩේයනවා.ඵ් අමනයන් ඉතින් මේවගේ තෑනකට ඈවිත් අමන වෑඩ ඈරෙන්න මොනවා කරන්නද???????
    මේකට වගකියන්න ඔනෙ මේ පාහර වෑඩ දෑකදක නිහඩව සිටිමින් වක්‍රව ඵ්වා අනුමත කරවන නිවට මහජනයා කියලයි මමනම් කියන්නේ.

    මේයන විදියට අද අම්මලාට රෙද්ද උස්සන්න වගේම හෙට අනිද්දාට ඉස්කෝලේට ඈතුලත්වෙන්න දුවලාටත් රෙදි ගලවන්න වේවි.
    තූ නොදකින් මේ පින්බර වෙසක් කාලේත් අපිට මේවගේ නීච කතාත් අහන්න වෙනවනේ අහන්නවෙනවනේ.අම්බයොන්ගේ පල්ලි කඩන්න යන වීරයෝ මේවගේ පාහර බල්ලන්ගෙන් අපේම සි0හල අම්මලාව බේරගන්න ඉදිරිපත්වෙන්නේ නෑත්තේ අයි?????????????????????
    -නුවන් චාමර.

    ReplyDelete
  4. ඔන්න මමත් join උනා

    ReplyDelete
    Replies
    1. අහවල් එකටද ජෝන් අයියේ !

      Delete
  5. මහලොකු නිදහස් අධ්‍යාපන ක්‍රමයක්ලු නේද ලංකාවේ තියෙන්නේ.. කෝ එහෙම එකක් තියෙනවද? uniform ටිකයි පොත් ටිකයි විතරයි නොමිලේ හම්බෙන්නේ. එකෙනිත් uniform ටිකට විදලා කඩවල්වල වෙනම විකුනනවා. නිදහස් අධ්‍යාපනය බල්ලෝ කාලා,,,

    ReplyDelete
  6. මේ කතා වල ඇත්තක් නැතුව නෙමේ යාලුවනේ.. ඒත්.....! ජය..!

    ReplyDelete
  7. //පාසැල් වලින් 80% කට වඩා වැඩි ලමුන් සංඛ්‍යාවක් පිට පලාත්වල දරැවන් බව වටහා ගැනීම අපහසු කරැණක් නොවනු ඇත//

    කොළඹ ජනප්‍රිය පාසැල් ගත්තොත් ඔය 80%න් අති බහුතරය ශිෂ්‍යත්වය/සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වෙලා එන ළමයි. එතකොට ඇතුළත් වීමෙදි දුර බලන්නෙ නෑනෙ?

    බාලාංශ පන්ති ගත්තොත් බස්සා කියන කතාව සහතික ඇත්ත!

    ReplyDelete
  8. 100% එකගයි කතාවට...

    ReplyDelete
    Replies
    1. රෙද්ද උස්සන එකටද එකග ;)

      Delete
  9. මලේ,
    ඔබේ කතාවට මම එකඟයි. හැබැයි මේ ටිකත් කියන්න වෙනව. තාමත් අපේ ගමේ පාසල් වල දරුවො බුලත් කොළ දෙකක් විතරයි වඳින්න අරගෙන එන්නෙ. එක එක දීල දෙන්නෙකුට වැඳල අනෙක් අයට වඳින්න ඒ දෙක ආයෙත් ඉල්ල ගන්නව. අපේ ගුරුවරු උන්ගෙ ඔළුව ආදරෙන් අතගාල බුලත් කොලේ ආපහු දෙනව.
    උදේටත් කන්න නැතුව දවල්ටත් කන්න නැතුව හවස පන්ති වලට ඉන්න බැරි පුංචි එවුන්ට සමහර ගුරුවරු පරිප්පු පන්සීයක් ගෙනල්ල ලඟ ගෙදරකට හොදි හදන්න දීල පාසල ඇරුනම පාන්ගෙඩි හතරක් පහක් ගෙනැල්ල ඒව කපල පරිප්පුත් එක්ක උන්ට කන්න දීල හවසට පන්ති කරනව සත දහයක්වත් ගන්නෙ නැතුව.
    සල්ලි නැති නිසා ටියුෂන් පන්ති නොයන පුංචි එවුන්ට ඒ වගේ උගන්නපු ගුරුවරු උන්ගෙ ප්‍රතිඵල ලේඛනය දැකල සතුට දරාගන්න බැරුව සාරිපොට තෙමෙනකන් අඬනව මම දැකල තියෙනව.
    මේ පානුයි පරිප්පුයි අතේ වියදමෙන් ගෙනල්ල පුංචි එවුන්ට කන්න දෙන ගුරුවරයට වාර්ෂික වැටුප් වර්ධකයවත් ගෙවාගන්න මේ පජාති ආණ්ඩුවට බැරි වෙලා තියෙනව.(මමත් මේකට ඡන්දෙ දීපු එකෙක්)සමහර ගුරුවරුන්ට රු.ලක්ෂ දෙක තුන හිඟ වැටුප් තියෙනව. ඒක ගෙවන්න තාමත් මේ අධ්‍යක්ෂ වරු කියන බූරුවන්ට බැරි වෙලා තියෙනව.
    මල්ලි මේව සහතික ඇත්ත ඒත් බොහෝ දෙනෙක් දන්නෙ නෑ. මේ හැම දෙයක්ම විඳගෙනත් මේ ගුරු දෙවිවරු දරුවන්ගෙ කඳුලු පිහදාල ඔළුව අතගාල ආදරෙන් උන්ට උගන්නනව. තව ලියන්න ගියොත් මේක පෝස්ට එකක් වේවි. මම හිස නමනව මේ ගුරු දෙවිවරුන්ට එයාලගේ දරුවන්ට.

    ReplyDelete
  10. බස්ස දැන් පිස්සුවෙන් වගේ ලියනව නොවැ..

    මාත් අකැමැති මචං පාසල්වල උද්ගෝෂන වලට ලමයිව ඉස්සරහට දාලා පාරට බස්සනවාට.

    හැබැයි 10-11 වසරෙදි අපිත් පාරට බැස්ස. ඒ ආවේගෙට. ඒත් ඒව වැරදියි. ඒත් අපි දින්නා. ඒක වෙන්න තිබ්බ විදිහ වෙනස් කියල දැන් හිතෙනව. අපි එලියට නොබැහැ දෙමව්පියෝ ගුරුවරු කරන්න තිබ්බ වැඩක් ඒක..

    ජය !

    ReplyDelete
  11. පවත්නා තත්වය නියමටම විග්‍රහ කරලා තියෙනවා
    දැන් ඇත්තටම නිදහස් අද්‍යාපනය බල්ලට ගිහින් තියෙන්නේ හරියට බැලුවොත් වේස ගෑනි වෙලා තියෙන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති එක එකාට කඩේ යන ගොන්නු රැලක් මේ වගේ තනතුරු වල ඉද්දි කොහොමද රටක අද්‍යාපනය ගොඩගන්නේ ? අර කලින් කමන්ට් එකක කිව්වා වගේ තව කල් යනකොට අම්මලට නෙමෙය් දුවලටත් රෙද්ද උස්සන්න වේවි වගේ .ගුරුවරුන් පිදිය යුතුයි නමුත් සල්ලි එකතු කරලා දීම අන්තිම පහත වැඩක් මට මතක විදියට ඕක තහනම්කලා චක්‍රලේකයක් මගින් නමුත් දැන් ආයෙත් ඒ සෙල්ලම පටන් අරන් තියෙනවා දුප්පත් දෙමව්පියෝන්ගේ ළමයි කොහොමද මේවට මුහුණ දෙන්නේ ? දුප්පත් දෙමව්පියෝ හිටයටින් හඩා වැටෙනවා මේවා නිසා ..........

    ReplyDelete
  12. රටේ නිදහස් අධ්‍යාපනය වලපල්ලට ඇරලා කාට කාටත් කුට්ටිය කඩා ගන්න පුළුවං අධ්‍යාපන ක්‍රමයක් බිහිකරන්ඩ තමයි මේ ආණ්ඩුව දත කන්නෙ.උසස් අධ්‍යාපන ඇමති කියන්වනං පුද්ගලික විශ්ව විද්‍යාල හදන එක එයාලගෙ ප්‍රතිපත්තිය කියලා අධ්‍යාපන ඇමතිත් නොකියා කියන්නෙ ඒකම නෙමෙයිද?

    අධ්‍යාපනය කාබාසිනියා කරලා අමන රැළක් බිහිකරලා පාළනය කරන්ඩ ලේසි මෝඩ ජනතාවක් බිහි කිරීමේ ඇමරිකානු චින්තනය තමයි මේ ක්‍රියාත්මක වෙන්නෙ.

    අපේ පැත්තේ ඉස්කෝලයක් තියෙනවා.ඒකෙ උගන්නන්නෙ ගමේම ගුරුවරු.මේ යක්කු විවේක වෙලාවට ගෙදර ගිහිං කාලා බල්ලන්ට එහෙමත් කන්ඩ දාලා පොඩි නින්දකුත් දාල තමයි ආයෙ ඉස්කෝලෙට එන්නෙ.විදුහල්පතිත් එක එක ගෑනු එක්ක නට නටා ඉන්නවා මිසක් ඒ ගැන හොයන්නෑ.බලධාරීන්ටත් නෑ ඕවා ගැන හොයන්ඩ වෙලාවක්.

    ReplyDelete