Monday, September 17, 2012

අල්ලෙන් වල්ල වැසීම..... (වේදිකා නාට්‍යකි)

තුන වදී
රෙද්ද උස්සයි
--------------------------------------------------


අරෑ ගේ වැඩ හින්දා අපිට පාරේ බැහැලා යන්න විදියක් නැහැ අයියා...
පාර තාත්තා වෙනුවට පුතා පටන් අරන්...
ඒක ඇත්ත.... ඒත් මේ කා කිව්වට අහන එකක් යැ..
අනිත් එක මුට සැරෙන් කියන්නත් බැහැ..
වැඩක් කරගන්න ඉන්නේ විතරයි..
අනිත් එක ඕකා කට ඇරියොත් අපිට ඉන්න වෙන එකක් නැහැ.....
ඉදහන් මම කථා කරලා බලන්නම්....
--------------------------------------------
මොකද මල්ලී මේ කරන්නේ...
බලන්න දැන් අපි කොහොමද රටට මුන දෙන්නේ....
මොනවද මේ කරන වැඩ....
ඇයි අයියා මොකද ප්රශ්නේ... ඕන දෙයක් කියන්න මම විසඳන්නම්...
ප්රශ්ණේ ඹයාගේ ලොකු පුතා... මිනිහා අර ලොක්කෙක්ට ගහලලු....
මිනිහා දැන් ඉස්පිරිතාලෙලු...
අම්මපා.. මේ කියනකන් මම දන්නේ නැහැ නේ....
මුගේ අඬු කඩන්නෙපායෑ....
මම කියලා බලන්නම් කෝ.. කොහේද ඌටත් මම වගේම වෙන්න ඕන කියනවා නේ...
උඹ වගේ වෙන්න තව කල් ඉන්න කිහයං...
එතකං මේ අපේ එව්වෝ වගේ කාර් එකක් පැදලා.... බෝල ගහලා.. වැල්ලේ නඩුවක් බලව බලව ඉන්න කියපන්....
හරි අයියා මම මොනවා හරි කරන්නම්...
                                                  --------------------------------------------------
සර්.. මම මේ පොලිසියෙන්... සර්ගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න කථා කලේ....
මොක්කද අයිසේ...?
සර්ට පුලුවන් ලොකු බේබිව ටික දවසකට අපි ලඟට එවන්න... 
අපි හොඳට බලාගන්නම්...
හ්ම්... මට ලොක්කත් කථ කලා... 
හරි මම හෙට එවන්නම්... 
පරිස්සමින් බලාගන්න ඕනේ...
මගේන් පස්සේ වැඩ බාරගන්න ඉන්නේ මිනිහා... 
තමුසෙලාටත් හොඳට සලකයි...
හරි සර් අපි හොඳින් බලාගන්නම් බේබිව.... 
බේබි උදේට කන්න කැමති කෑම මොනවද දන්නෑ....
--------------------------------------------------
දවසක් මාර වැඩක් උනානේ....
හොරෙක් අවානේ පොලිසියට.... නිකං නෙමෙයි....
ආනමාළු කැනක් කරේ තියාගෙන....
ඇවිත් කිව්වා ඌ මේ ආනමාළු කැන වත්තකින් කැපවලු....
ඉදෙන්න ඕන්න මෙන්න නිසා වවුල්ලු කයි කියලා කැපුවා කියන්නේ....
කපපු පිහියයි.. කැනයි දෙකම අපිට බාර දුන්නා...
අනේ හරිම හොඳ හොරෙක්...
මට පව් කියලා හිතුනා අනේ....
කව්රුත් පැමිණිලි කරලා තිබ්බේ නැහැ නේ.
අතට සල්ලිත් දීලා ඇරියේ බස් එකට....
ඕන උනොත් එන්නම් කියලාත් කිව්වා....
පව් නේ....
--------------------------------------------------
අපි හැම තැනම හෙව්වා අනේ ඒ හොරාව.....
එක තැනකවත් නැහැ නේ....
හොරා හොරා වගේ හැංගිලා...
අපිට හොයන්න බැරි වෙන්නම....
අපි කොච්චර මහන්සි උනාද හොයන්න...
එයා අපි එනකොට හැංගි මුත්තේ හැංගියෝ කියලා දුවනවා...
එයා පව් අනේ....
අල්ලන්න දුකායි....
අපි එයාට කිව්වා අපි දිනයක් දෙන්නම් ඇවිත් අහුවෙන්න කියලා....
අනේ එයා හරී හොඳයි....
වෙලාවටත් කලින් අවිත් අහුඋනා....
උම්ම්ම්මම්ම්හ්හා එක්ක දෙනන් හිතෙනවා නේද...
-------------------------------------------
ඒ මහත්තයා මට ගැහැව්වද....
මට මතක නැහැ නේ......
මට ලාවට වගේ මතකයි...
ඒ මහත්තයා මගේ ගාවට එනවා.....
ඇවිල්ලා සිගරට් එකක් ඉල්ලනවත් මතකයි.....
මම දුන්නත් මතකයි.....
ඊට පස්සේ මහත්තයා ගින්දර ඉල්ලුවත් මතකයි......
මම ගින්දර නැහැ කිව්වාත් මතකයි......
වැඩේ කියන්නේ ඊට පස්සේ කිසිම දෙයක් මට මතක නැහැ නේ ඕයි.....
හ්ම්... බලමු මතක් කරලා.....
හරි.. හරි මතක් උනා.....
මහත්තයාට දෙන්න ගින්දර නැති උන් හින්දා..
මට ඇති වෙච්ච දුකට
මම.....
මගේම තුවක්කු‍වෙන්...
මගේම අතින්...
මගේම ඔළුවට....
ගහගෙන ගහගෙන ගියා වගේ...
මට යාන්තමට මතකයි.......

රෙද්ද උස්සගෙනම අවසන් වේ.....

31 comments:

  1. ලොල්ම ලොල් සහගතයි..
    අයියූ ASSචර්ය....

    ReplyDelete
  2. no. 01.THAWA LIYANNA.

    ReplyDelete
  3. ලොල්ම ලොල් සහගතයි!
    මම ඒත් බැලුවා මල් පිපිඑයි, පිට කසයි වගේ එන්නෙ මොකටද කියලා!

    ReplyDelete
  4. නියම ටොක්ක. හරිම නිර්මාණශීලීයි

    ReplyDelete
  5. යකෝ මේක සම්භාව්‍ය නාට්ටියක්නේ...

    ReplyDelete
  6. මෙන්න පෝස්ට්.... සුපිරි .. පිරි... ඉතිරි...

    ReplyDelete
  7. රාජ්‍ය සම්මාන ලැබේවිද දන්නේ නෑ. :ඩී
    නියමයි!!

    ReplyDelete
  8. marema maru.....kiyawala nikan yanna hitha hada ganna beri nisa onna phn ekenma comment ekath danawa.

    ReplyDelete
  9. අතගාලම ඇනලා තියෙනේ

    ReplyDelete
  10. මේකට නම් රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා.... සුපිරි Drama 1 ක්...

    ReplyDelete
  11. අල්ලෙන් වහගන්න තරන්වත් ලැජ්ජාවක් මුන්ට නෑ....

    ReplyDelete
  12. හැමදාම ටියුබ් ලයිට් මටත් CFL වගේ තේරුනා...
    නියමෙට කියලා තියෙනවා.....
    ඔය ටික අප්පා මට උදේ පාන්දරම හිතුනා..... පත්තර විස්තර අහද්දි... හි හි...

    ReplyDelete
  13. හිහිහි... සම්මාන පිට සම්මාන දෙන්න වටින නාට්‍යයක්..
    ජය වේවා...!!

    ReplyDelete
  14. හරිම ලොලේ ලොල් සහගතයි.

    ReplyDelete
  15. මේ වගේ නාට්ටියක් මං ජීවිතේට බලලා නෑ...
    හරිම රසවත්....

    ReplyDelete
  16. ඔය දැන් ඇත්ටටම වෙලා තියෙන්නේ....!!! නිර්මාණය නම් super .....!!!

    ReplyDelete
  17. හ්ම්හ්.. රිදෙන්නම දීලා ඈ.... එල

    ReplyDelete
  18. බස්සා කියු දෙයක් වැරදී නැත............

    ReplyDelete
  19. යානෙ අෆොයි එල ඇ අසවෙන් කියෙව්වා.......

    ReplyDelete
  20. හෙහ් හෙහ් හූ,...... :)

    ReplyDelete
  21. ෂා හරිම රසවත්...ගෑණු චරිත නැද්දෝ...??

    ReplyDelete
  22. කාලෙකින් බලපු හොඳම නිර්මාණයක් ...

    ReplyDelete
  23. දැං ඉතිං මේ වෙග් එකක ්බලල හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්නවා ඇරෙන්න වෙන දෙයක් නැහැනෙ.. හ්ම් හම්..

    ReplyDelete
  24. මෙවර හොඳම නාට්‍ය තමා මේක. හැබැයි ඉතින් සම්මාන වෙනුවට යන්නේ ඩොලර් ගණන්. නියම නිර්මාණයක් බස්සා අයියේ.

    ReplyDelete
  25. sarpaya podi unath loku unath visa ekai basso.....

    ReplyDelete
  26. හෆ්ෆේ ලොක්කා දැක්කා නම් වරිගේ නහගන්නවා ෂුවර්, බස්සා අය්යේ... රෙදි ඕන් නෑ ඕං!

    ReplyDelete