Thursday, October 18, 2012

අක්කා පෙන්නා.. නංගීට වැරෙන් පහර දීම....



80 දශකයේ දී ලංකාවේ බොහෝ චිත්‍රපට බිහි උනේ එකම රෙසපියකට.. සිංදු පහයි ෆයිට් 3 යි අඬන කෑලි 3 යි වශයෙන්... අද අපේ බොහේ නාලිකා වල ප්‍රවෘත්ති බැළුවාම මතකෙට එන්නේ 80 දශකයේ චිත්‍රපටිය... ක්‍රයිම් කීපයක්...මිනිමැරිම් දෙකක්.... දේශපාලන කුණුහබ්බ ටිකක්... රජතුමාගේ සීන් දෙකක් තුනක් වගේ රෙසපියක් තමයි හැම නාලිකාවකම තියෙන්නේ....රජයේ වේවා...පෞද්ගලික වේවා මේ හැම නාලිකාවකම රෙසපිය එකක්....


හැබැයි ඊයේ ප්‍රවෘත්ති බලනකොට මම හිතුනේ මම මේ බලන්නේ වෙනත් ග්‍රහලෝකයක ප්‍රවෘත්තද කියලා... ඒ තරමට ඒවයේ කථා කරන දේවල් විකෘතියි... විශමයි... විපරීතයි.... මොනරා ඉන්න නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්තිය ආරම්භ කරන්නේ මෙලෙසිනි...


ආයුබෝවන්.. වෙලාව රාත්‍රි අටයි... මුලු රටේම අය ඇත්ත දැනගන්න තැන.. ලංකාවේ නිව්ස වලින් ෆස්ට් ලියිව් ඇට් එයිට්.... අරඹන්නටයි මේ සුදානම....අපි අදත් මුලින්ම බලමු සිරස්තල....

මෙහිදී ප්‍රධාන සිරස්තලයක් වන්නේ කේ.පි ගැනය... ඒ කේ.පී ට එරෙහිව කිසිම චෝදනාවක් ඉදිරිපත් වී නැත යන්නය.. මේය මහත් ගුජුප්සාජනක මෙන්ම කිසිම ශ්‍රී ලාංකීකයෙක් නොඅදහන තරමේ ප්‍රකාශයකි... නමුත් හාස්‍යට කරුණ වන් නේ මෙසේ ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නොව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක වීමය.... නමුත් මාධ්‍ය ප්‍රවෘත්තිය ආරම්භ කරන්නේ මෙලෙසිනි...

“කේ.පී එහෙමත් නැත්නම් කුමරන් පද්මනාදන් කියන්නේ ප්‍රභාකරන්ගෙන් පස්සේ එල්ටීටී එකේ නායකයා කියලා කියපු කෙනා....ලකාවෙන් පිට ඉඳන් කොටි මෙහෙයවපු කේ.පී අපේ හමුදාවේ අය 2009 අල්ලගෙන අවේ තායිලන්තයේ ඉඳලා....එදා ඉඳලා සැරින් සැරේ එයා ගැන එක එක කථා අහන්න ලැබුනා.... කාලෙකට පස්සේ කේ.පී ගේ නම කරලියට අවේ අළුත් කෙනෙක් විදියට..“


එම ප්‍රවෘත්යට අනුව “කේ.පී යනු කොටි ජාත්‍යාන්තර ජාලය මෙහෙයවපු මොලකාරයාය....ප්‍රභකරන්ගේ මරණින් පස්සේ එයා කොටි සංවිධනයේ නායකයා කියලා අළුත් ගමනක් යන්නත් හැදුවා...ඒත් අපේ හමුදාවේ අය එයා තායිලන්තයේදී අල්ලගෙන ලංකාවට ගෙනාවා....පස්සේ කේ.පී ගොඩක් දේවල් හෙළිදරව් කලා....“ සහ තවත් බොහෝ දේ ගැන එම ප්‍රවෘත්ියේ සඳහන් වේ....

නමුත් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධස්ථානයේ ප්‍රකාශය වෙනම කථාවකි.. ඔවුන්ට අනුව කේ.පී යනු චෝදනා විරහිතව අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකි ය..ඔවුන්ට අනුව මේ වන තෙක් කේ.පී ට විරුද්ධව කවුරුත් චෝදනා කර නැත.......මෙය මහත් තර්කයට තුඩු දෙන මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමුවිය හැකි ප්‍රකාශයකි.. ඔවුන්ට අනුව කේ.පී චෝදනා විරහිත පුද්ගලයෙකි.. එහිදී ජාත්‍යන්තර මාධ්‍යෙව්දියෙකු මෙසේ ප්‍රශ්ණ කරයි....

“අනෙකුත් කොටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටයදී කේ.පි එළියේ ඉන්නේ කෙසේද...?“


මෙහිදී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ උත්තර වන්නේ..

“ඔහුව අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් ලැබිය යුතුයි.... සාක්ෂි තිබිය යුතුයි“ යන්නය..

මෙවැනි ප්‍රකාශ හමුවේ අඬන්ට ද... හිනාසෙන්නටද නොතේරනෙ වාතාරණයක් හමුවේ ගැටළු කිපයක් සඳහා විසඳුම් සොයන්නට වෙහෙසෙමි...

1. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයේ ප්‍රකාශයට අනුව කේ.පිට විරුද්ධව චෝදනාවක් නැතිනම් ඔහුව අත්අඩංගුවට ගත්තේ කිනම් චෝදනාවක් යටතේද....?

2. ඔහුට විරැද්ධව කිසිම චෝදනාවක් නැත්නම් ජාත්‍යන්තර නිතී රීති යටතේ මෙරට සිට තායිලන්තයට ගොස් කේ.පී අත්ඩංවට ගන්නේ කෙසේද..?

3. ඔහු එල්ටීටිඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ මහමොළකරු බව රජය පිළිනොගන්නේද..?

4. එල්ටීටිය ට අවශ්‍ය ආයුධ සපයාගැනීමේ මැදිහත්කරු ඔහු බව රජයේ බුද්ධි අංශ දැනුවත් නැත්ද..?

5. කුමරන් පද්මානාදන් විසින් එල්ටීටිය සඳහා අරමුදල් රැස්කිරීම... ප්‍රචාරය සහ එම අරමුදල් භාකාරයා ලෙස කටයුතු කර නැද්ද...?

6. කේ.පි අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ යටත් එල්ටීටීයේ ජාත්‍යන්තර මුල්‍ය වත්කම් ගිණුම් පැවතුනාද..?

7. එසේ පැවතුනා නම් එම ගිණුම වල වටිනාකම් කෙසේද..?

8. යුද්ධය අවසාන කාලයේ ප්‍රකාශ කල අන්දමට එම මුදල් කෝටි ප්‍රෙකෝටි ගනනින් නම්, එම මුදල් වලට සිදු වුයේ කුමක්ද..?

9. ලංකාවේ නීතිය අනුව මිනිමැරීම, මිනීමැරිමට තැත් කිරීම, සැලසුම් කිරීම සහ ඊට අනුබල දීම දණ්ඩනීති සංග්‍රහය අනුව වරදක් නම් කේ.පී නිරදෝෂි වන්නේ කුමන පදනම යටතේද..?

10.රජයේ මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙන ආකාරයට කේ.පී ට විරැද්ධව චොදනා කල යුත්තේ කුමන පාර්ශවයක්ද...., අරන්තලාවේ භික්ෂුන්ගේ දෙමාපියන් ද... මහ බැංකු බෝම්බයේ වින්දිතයින්ද.... පිටකොටුව බෝම්බයේ වින්දිතයින්ද... ජේඕසී බොම්බයේ වින්දිතයින් ද.... ගලධාරී බොම්බයේ වින්දිතයින්ද... කැබිතිගොල්ලෑව බොම්බයේ වින්දිතයින්ද... එසේත් නැතිනම් වසර 30 යුද්ධයේ දී මිය ගිය කුමන පාර්ශවක්ද..?

මේවා ප්‍රශ්ණය... ලංකාවේ පවත්වන බලන මාධ්‍ය සාකච්ඡා හමුවේ මෙවැනි දේ ගැන ප්‍රශ්ණ නොකරනවාදැයි සැකයක් පවතී... විදේශීය මාධ්‍යකරුවෙකු හමුවේ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශතේ පිලිතුර මුළු මහත් ජාතිය පාවාදීමක් මෙන්ම...යුධ ජයග්‍රහණය උදෙසා ජීවිත කැප කල යුධ විරුවන් හමුවේද....එල්ටීටීයේ ප්‍රහාර හමුවේ මියගිය සියළු සාමාන්‍ය ජනතාවගේද මිනීවලවල් වලවල්වලටද කරන අගෟරවයකි.....

එල්ටීටීය ටී 56 සිට රොකට් ලොන්චරයේද... සෑම් මිසයිලසේ සිට සබ්මැරීනය දක්වාම අයුධ.. සහ යුද්ධෝපකරණ මිලදී ගත්තේ එල්ටීටීයේ ජාත්‍යන්තර අවිගණුදෙනු කරු වන කේ.පී හරහාය....එල්ටීටීමයට ජාත්‍යතන්තර වශයෙන් අරමුදල් රැස්කරනු ලැබුවේද ඔහු මුලික කරගත් ජාත්‍යාන්තර ජාලයයි... මෙය අප සැම හුදෙක් පිළිගන්නා මෙන්ම වරනි වර රජයේ මාධ්‍යද රජයේ මාධ්‍ය ප්‍රකාශකද මතු කරනු ලැබු කාරණයකි....රජයේ මාධ්‍ය ප්‍රකාකශ කෙහෙලිය රඹුක්වැල්ල මහතාට, ඔස්ට්‍රෙලියාවේදී හෝටලයෙන් බිමට වැටීමෙන් පසු “මට කිසි දෙයක් මතක නැතිවී“ නැතනම්, කේ.පී අත්අඩංගුවට ගැනීම හමුවේ ඔහුගේ උදම් ඇනීම නැවතත් ජනාතාවට මතක කර දිය හැකිය....

මෙවැනි දේ හමුවේ හුදුමහත් දේශමාක ජනාවටද කල හැක්කේ එකම දෙයකි....

අතට අසුවන ඕනැම බර දෙයක් ගෙන.... හිස් මුදුනට හත් අට වතාවක් වැරෙන් පහර දි....

“අපිට මුකුත් මතක නැහැ“

කීම පමනකි....

අපි හැමෝමට සුභ අනාගතයක්......

29 comments:

  1. දේශපාලන ලෝකයේ සදාකලික මිතුරන්ද නැත.සදාකාලික සතුරන්ද නැත.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. එක තමා අපරාදේ ප්‍රභාකරන් ගොය්යා විහින් කෙලෝ ගත්තේ , අර සෝල්හයිම්ලා කිව්ව වෙලාවේ එකඟ වුනා නම් මෙලහකට උතුරේ මහ ඇමති

      Delete
  2. 11. මෙතෙක් කල් ශ්‍රි ලංකා රජය කේ.පී වෙනුවෙන් ඉන්ටර්පොල් වරෙන්තුවක් ඉල්ලා සිටියේ ඇයි ?

    ReplyDelete
  3. අතට අසුවන ඕනැම බර දෙයක් ගෙන.... හිස් මුදුනට හත් අට වතාවක් වැරෙන් පහර දි....

    “අපිට මුකුත් මතක නැහැ“

    කීම පමනකි....

    මේක අමුතුවෙන් කරන්න දෙයක් නෑ

    ReplyDelete
  4. මම කම්පනයට ලක් වෙලා ඉන්නේ මේ දවස්වල :ඩී

    ReplyDelete
  5. යුද්ධෙට උදව්කල නිසා කරුණා-පිල්ලෙයාන් නිදහස් කලා. 'සංවර්ධනයට' උදව් කරන නිසා කේපී නිදහස් කලා. හරිම සරළයි.

    6, 7, 8 ප්‍රශ්න වහාම ඉල්ලා අස්කරගනු!

    ReplyDelete
  6. හ්ම්ම්...ආශ්චර්යක්මැයි !!!

    ReplyDelete
  7. මේ බස්ස අයියේ. කවුද ඇත්තටම K.P කියන්නේ. කිසිම දෙයක් මතක නෑනේ

    ReplyDelete
  8. ආසියාවේ ආශ්චර්ර්යනේ බොලව්:)

    ReplyDelete
  9. මමත් ඔය සීන් එක අහගෙන. කේ.පී දැන් මහින්ද සරණ ගිහින් නෙව.

    ReplyDelete
  10. කන්න හිතුනාම කබරයාත් තලගොයා කරගන්නා පඩත්තල දේශපාලකයෝ ඉන්න රටක ඔව්වා සිම්පල්. ඇරත් ප්‍රශ්න කරද්දී කේ.පී කිව්වොත් මට මතක නෑ කියලා?

    ReplyDelete
  11. ඔය ලොකු ප්‍රශ්න හිතන්නැතුව අපි ඇහැක් හැටියට කාලා ඇඳලා ඉම්මු මෙයා...

    ReplyDelete
  12. මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නෙ පිස්සු....

    ReplyDelete
  13. කීර්ති වර්ණකුලසූරියගෙන් ඇහුවනම් හරියට දැනගන්න තිබුනා තත්වේ.

    ReplyDelete
  14. කරන්න දෙයක් නෑ. අපි අපේ අතින්ම අපේ ඔලුවට වැරෙන් ටොක්කක් ඇනගෙන මේ ප්‍රශ්නවලට උත්තර අහමු.

    ReplyDelete
  15. මෙය සම්පුර්ණ විපක්ෂ වාදියෙක් වූ බස්සගේ සිතුවිලිය... තමුන්ගේ අදහස් මුදුන් පත් කර ගැනීමට බ්ලොග් එකක් අටවාගෙන පාලු ගෙදර වලන් බිද බිද ආතල් එකක් ගැනීමකි (ස්වයන් වින්දනයකි)... කඳ පණුවන්ට ඕජස් මිණිය අමුර්තයකි ...

    ReplyDelete
    Replies
    1. ඔහුට සිරස නාලිකාව අමුර්තයකි...

      Delete
  16. මේ ගැන මටත් මොනවහරි කියන්න හිතේ. KP වැරද්දක් ලෙස කර ඇත්තේ LTTE එකට උදව් සැප්යිමකි. ඔහු ශ්‍රමය යොදවා ඇත්තේ LTTE ය වෙනුවෙන් මුදල් සෙවීමටයි. මාගේ අදහස නම් ඔහුව එල්ලුම් ගස් යැවිය යුතු නැත. LTTE යට උදව් කල පමණින් ඔහුව එල්ලුම් ගස් යැවිය යුත්තේ නම් UNP ආණ්ඩුවෙන් තරුණයන් මරපු කාලේ සිටි රනිල් වත් ගස් යැවිය යුතුය. KP යොදා ගෙන යම් කටයුත්තක් කරනු පෙනේ. ඔහු ළඟ ඉතා විශාල මුදලක් තිබුණු බව අපි කවුරුත් දන්නා කරුණකි. එම මුදල ආණ්ඩුව KP යොදවා ගෙන (NGO එකක් ලෙස) උතුරේ සංවර්දන කටයුතු වලට යොදවා ගනු පෙනේ. ඒ අතරම LTTE එකේ රහස් දන ගැනීමටත්, LTTE එක යම් නැගිටීමක් ඇති වීමට ඉඩ නොදීමටද ඔහුව යොදා ගනු පෙනේ. පාට කන්නාඩි ගලවා තම නැණ පමණින් විමසත්වා!.

    ReplyDelete
    Replies
    1. //KP යොදා ගෙන යම් කටයුත්තක් කරනු පෙනේ. ඔහු ළඟ ඉතා විශාල මුදලක් තිබුණු බව අපි කවුරුත් දන්නා කරුණකි. එම මුදල ආණ්ඩුව KP යොදවා ගෙන (NGO එකක් ලෙස) උතුරේ සංවර්දන කටයුතු වලට යොදවා ගනු පෙනේ.//

      මොකේද අයිටීන් එකේද පෙන්නුවේ

      Delete
    2. හේමින්ද//
      ඇත්ත.. කේ.පී. දැන් මැරුව කියල ඇතිවෙන සෙතක් නෑනෙ. පොතේ තියෙන නීතිය හදන්නෙ මිනිස්සු.
      නීති හදන්නෙ මිනිසුන්ට යහපත සිද්ධකරන්න නම් KP ගෙන් රටේ දෙමල මිනිසුන්ට යහපතක් වෙනවනම්....
      අනාගතේ ආයෙත් LTTE නැගිටීමක් යටපත් කරන්න KP යොදාගන්න පුලුවන්නම්...ඒ ටිකම මදෑ...

      Delete
  17. //ඇත්ත.. කේ.පී. දැන් මැරුව කියල ඇතිවෙන සෙතක් නෑනෙ. පොතේ තියෙන නීතිය හදන්නෙ මිනිස්සු.
    නීති හදන්නෙ මිනිසුන්ට යහපත සිද්ධකරන්න නම් KP ගෙන් රටේ දෙමල මිනිසුන්ට යහපතක් වෙනවනම්...//

    ඔය ලොජික් එක අනුව ඕනිම මිනිමරුවෙක් සමාජයට සේවයක් වෙනවාය කියන පදනමෙන් නිදහස් කලාට කමක් නැද්ද ?

    ReplyDelete
  18. නෑ ...ඔනෙම මිනීමරුවෙක් නොවෙයි...විශේෂ ඝනයේ මිනීමරුවන්?....රටේ ප්‍රධානම ප්‍රශනයට.. ජනවාර්ගික ප්‍රශ්නයට කෙලින්ම සම්බන්ධවෙන මිනීමරුවෙක් ?...

    ReplyDelete
    Replies
    1. යුනිවර්සලි ඔය තියරිය හරි ඒ යුද්ධෙකට නොගිහින් ප්‍රභාකරන්ව ඔතනට ගෙන්න පුලුවන් වුනා නම් . ඉතුරු වෙන මුදල් , රටේ ප්‍රතිරූපය දිගු කාලීන සාමය වගේ ප්‍රතිලාභත් එක්ක ප්‍රභාකරන් කරපු වරද වල් අමතක කරන්න තිබුනා . දැන් අපි යුද්ධයක් කරල ඒකෙ එලිපිට තියන වාසී සහ සැඟවුනු අවාසි සියල්ල අත්විඳිමින් ඉන්නේ , දැන් කෙ.පීට විශේෂ වරප්‍රසාද දිය යුතු හේතුවක් මම දකින්නේ නෑ .(පුද්ගලිකව ඒ ඒ අය වාසි ලබා ගන්නවා නම් මිසක )

      Delete
    2. ////යුද්ධෙකට නොගිහින් ප්‍රභාකරන්ව ඔතනට ගෙන්න පුලුවන් වුනා නම් . ඉතුරු වෙන මුදල් , රටේ ප්‍රතිරූපය දිගු කාලීන සාමය වගේ ප්‍රතිලාභත් එක්ක ප්‍රභාකරන් කරපු වරද වල් අමතක කරන්න තිබුනා .////

      හිහිහි.... සිරසේද කිව්වේ?. ප්‍රභාකරන්ට ඕනි තරම් අවස්ථා තිබ්බා සාමයට එන්න. හැම නායකයෙක්ම ඒ සදහා අවස්ථා ලබා දුන්නා. එත් ඒ කාල කන්නියා තමුන්ගේ ජාතිය වෙනුවෙන් ඒ අවස්ථා මග හැර තමුන්ගේ පෞද්ගලික භුක්තිය විතරක් හිතුවා. හැම අවස්ථාවලම යුද්දෙට ගියේ ප්‍රභාමයි. ඇයි ඒවා දැක්කේ නැත්තේ ඒ දවස් වල ඇස්වල පොල් පරාල තිබ්බද?. කොරහෙත් කිබුල්ලු දකින "බුහාවලා" කවදත් දැක්කේ නරක. උන්ව ජීවිතේට හදන්න බැහැ. උන් මේ ආණ්ඩුව පෙරලිලා අලුත් ආණ්ඩුවක් ආවත් උන් කියන්නේ "උබලට ඉස්සර ආණ්ඩුව තියෙද්දී ඕව ඉවසන්න පුළුවන් නම් දැනුත් ඉවසපල්ලා කියල කියයි. "

      Delete
    3. ඇනෝ නිකන් මොකෝ බොරුවට උඩ පනින්නේ ? ප්‍රභාකරන් කරපු මෝඩ කම් වලට කෙලවගෙන ඉවරයි , මම කියල තියෙන්නේ නිමල්ගෙ තර්කයට උත්තරයක් විතරයි . හැබැයි ඉතින් කෙ.පී ට සමාව දෙන කොට අර තිබුනාය කිව්ව නැව් වලට එහෙම මොකද වුනේ කියල අහන්න කෙනෙක්වත් නැති එකයි දුක .

      ප.ලි - මම සිරස බලන්නෙත් නෑ , අයිටි එන් එක බලන්නෙත් නෑ

      Delete
  19. ජීවිතය හැරී බලමි- Is it stoped?

    ReplyDelete
  20. කේපි මරණ්න ඕන නැහැ.එත් විමිසිල්ලෙන් ඉන්න ඕන.ආයෙමත් එවන්නක් කරා යන්න ඔවුන්ට යුධ නායකත්වය පමණයි නැත්තේ.ස
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete